1. 10. 33. සද්ධම්මන්රධාපන සූත්‍රය
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස්කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.
1. 10. 34-42. අධම්මදීපන සූත්‍ර ආදිය
මහණෙනි, යම් ඒ භික්ෂූහු ධර්මය අධර්මය යැයි පවසත් ද, -පෙ- අවිනය විනය යැයි පවසත් ද -පෙ- විනය අවිනය යැයි පවසත් ද -පෙ- තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්ද වදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- වදාරන ලද්ද නොවදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- අනාචිණ්ණ දේ ආචිණ්ණ යැයි පවසත් ද -පෙ- ආචිණ්ණ දේ අනාචිණ්ණ යැයි පවසත් ද -පෙ- අපඤ්ඤත්ත දේ පඤ්ඤත්ත යැයි පවසත් ද -පෙ- පඤ්ඤත්ත දේ අපඤ්ඤත්ත යැයි පවසත් ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල් ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.
දසවෙනි වර්ගය නිමි.
11. අධර්ම වර්ගය
1. 11. 1. අධම්මහාපන සූත්‍රය
[සැවැත් නුවර නිදානයයි]
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.
1. 11. 2-10. ධම්මදීපන සූත්‍ර ආදිය
මහණෙනි, යම් ඒ භික්ෂූහු ධර්මය ධර්මය යැයි පවසත් ද -පෙ- අවිනය අවිනය යැයි පවසත් ද -පෙ- විනය විනය යැයි පවසත් ද -පෙ- තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්ද නොවදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- වදාරන ලද්ද වදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- අනාචිණ්ණ දේ අනාචිණ්ණ යැයි පවසත් ද -පෙ- ආචිණ්ණ දේ ආචිණ්ණ යැයි පවසත් ද -පෙ- අපඤ්ඤත්ත දේ අපඤ්ඤත්ත යැයි පවසත් ද -පෙ- පඤ්ඤත්ත දේ පඤ්ඤත්ත යැයි පවසත් ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ වූ පිණක් ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.
එකොළොස්වන වර්ගයයි.