1. 10. 34-42. අධම්මදීපන සූත්ර ආදිය
මහණෙනි, යම් ඒ භික්ෂූහු ධර්මය අධර්මය යැයි පවසත් ද, -පෙ- අවිනය විනය යැයි පවසත් ද -පෙ- විනය අවිනය යැයි පවසත් ද -පෙ- තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්ද වදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- වදාරන ලද්ද නොවදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- අනාචිණ්ණ දේ ආචිණ්ණ යැයි පවසත් ද -පෙ- ආචිණ්ණ දේ අනාචිණ්ණ යැයි පවසත් ද -පෙ- අපඤ්ඤත්ත දේ පඤ්ඤත්ත යැයි පවසත් ද -පෙ- පඤ්ඤත්ත දේ අපඤ්ඤත්ත යැයි පවසත් ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල් ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.
දසවෙනි වර්ගය නිමි.
11. අධර්ම වර්ගය
1. 11. 1. අධම්මහාපන සූත්රය
[සැවැත් නුවර නිදානයයි]
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.
1. 11. 2-10. ධම්මදීපන සූත්ර ආදිය
මහණෙනි, යම් ඒ භික්ෂූහු ධර්මය ධර්මය යැයි පවසත් ද -පෙ- අවිනය අවිනය යැයි පවසත් ද -පෙ- විනය විනය යැයි පවසත් ද -පෙ- තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්ද නොවදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- වදාරන ලද්ද වදාරන ලද්දක් යැයි පවසත් ද -පෙ- අනාචිණ්ණ දේ අනාචිණ්ණ යැයි පවසත් ද -පෙ- ආචිණ්ණ දේ ආචිණ්ණ යැයි පවසත් ද -පෙ- අපඤ්ඤත්ත දේ අපඤ්ඤත්ත යැයි පවසත් ද -පෙ- පඤ්ඤත්ත දේ පඤ්ඤත්ත යැයි පවසත් ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ වූ පිණක් ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.
එකොළොස්වන වර්ගයයි.
12. අනාපත්ති වර්ගය
1. 12. 1-10.
[සාවත්ථි නිදානයි]
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ඇවැත් නොවූ දේ ඇවත යයි දක්වත්ද, ඇවැත් වූ දේ ඇවැත් නොවේයයි දක්වත්ද, සැහැල්ලු ඇවත ගරු ඇවතයයි දක්වත්ද, ගරු ඇවත ලුහු ඇවතයයි දක්වත්ද, දෝෂබහුල වූ ඇවත දෝෂ බහුල නොවූ ඇවත යයි දක්වත්ද, දෝෂ බහුල නොවූ ඇවත දෝෂ බහුල ඇවත යයි දක්වත්ද, සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) අනවසෙසාපත්තියයි (ඉතුරු නුවූ ඇවත) යයි දක්වත්ද, අනවසෙසාපත්තිය සාවසෙසාපත්තියයි දක්වත්ද, ප්රතිකර්ම සහිත ඇවත ප්රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද, ප්රතිකර්ම රහිත ඇවත ප්රතිකර්ම සහිත ඇවතයයි දක්වත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස්කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.
1. 12. 11-20.
මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ඇවැත් නොවූදේ ඇවත නුවූයයි දක්වත්ද, ඇවැත්වූදේ ඇවැත් වූදේයයි දක්වත්ද, ලඝු ඇවත ලඝු ඇවතයයි දක්වත්ද, ගරු ඇවත ගරු ඇවතයයි දක්වත්ද, දෝෂ බහුලවූ ඇවත දෝෂ බහුලවූ ඇවතයයි දක්වත්ද, දෝෂ බහුලනුවූ ඇවත දෝෂ බහුලනුවූ ඇවත යයි දක්වත්ද, සාවසෙසාපත්තිය සාවසෙසා පත්තියයි දක්වත්ද, අනවසෙසාපත්තිය අනවසෙසාපත්තියයි දක්වත්ද, ප්රතිකර්ම කළහැකි ඇවත පිළියම් කළහැකි ඇවතයයි දක්වත්ද, ප්රතිකර්ම රහිත ඇවත ප්රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද, මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.
දොළොස්වන වර්ගයයි.
13. එකපුග්ගල වර්ගය
1. 13. 1.
[සාවත්ථි නිදානයි]
මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.