| 10. පුරාභෙදසුත්තනිද්දෙසො | 10. පුරාභෙද සූත්‍ර නිර්දෙශය |
|
83
කථංදස්සී
තං මෙ ගොතම පබ්‍රූහි, පුච්ඡිතො උත්තමං නරං.
කථංදස්සී කථංසීලො, උපසන්තොති වුච්චතීති.
කථංදස්සීති කීදිසෙන දස්සනෙන සමන්නාගතො, කිංසණ්ඨිතෙන, කිංපකාරෙන, කිංපටිභාගෙනාති - කථංදස්සී.
කථංසීලොති කීදිසෙන සීලෙන සමන්නාගතො, කිංසණ්ඨිතෙන, කිංපකාරෙන, කිංපටිභාගෙනාති - කථංදස්සී කථංසීලො.
උපසන්තොති වුච්චතීති සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිපස්සද්ධොති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපීයති වොහරීයති. කථංදස්සීති අධිපඤ්ඤං පුච්ඡති, කථංසීලොති අධිසීලං පුච්ඡති, උපසන්තොති අධිචිත්තං පුච්ඡතීති - කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති.
තං මෙ ගොතම පබ්‍රූහීති.
තන්ති යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි.
ගොතමාති සො නිම්මිතො බුද්ධං භගවන්තං ගොත්තෙන ආලපති.
පබ්‍රූහීති
පුච්ඡිතො උත්තමං නරන්ති.
පුච්ඡිතොති පුට්ඨො පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො.
උත්තමං නරන්ති අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං නරන්ති - පුච්ඡිතො උත්තමං නරං.
තෙනාහ
‘‘කථංදස්සී කථංසීලො, උපසන්තොති වුච්චති;
තං මෙ ගොතම පබ්‍රූහි, පුච්ඡිතො උත්තමං නර’’න්ති.
|
83
(10 - 1)
1 “කෙසේ දකින්නා කෙබඳු ස්වභාවයක් ඇත්තා උපශාන්තයා යයි කියනු ලැබේද” කෙසේ දකින්නා යන්නෙහි කවර බඳු දර්ශනයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්‍රකාරයකින් කවර වැටහීමකින් යනුයි.
“කෙබඳු ස්වභාවයක් ඇත්තා” කවර ශීලයකින් යුක්තවූයේ කවර පිහිටීමකින් කවර ප්‍රකාරයකින් කවර වැටහීමකින් යනුයි.
2 “උපශාන්තයායයි කියනු ලැබේද යනු ශාන්තවූයේ උපශාන්තවූයේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සංසිඳුනේයයි කියයි. ප්‍රකාශ කරයි. කෙසේ දකින්නා යනු අධි ප්‍රඥාව විචාරයි.
3 “කෙබඳු ස්වභාව ඇත්තේ” යනු අධිශීලය කියයි. උපසාන්තයනු අධිචිත්තය විචාරයි. “ගෞතමයෙනි, එය මට කියනු” යන්නෙහි එය යනු යමක් විචාරමි. යමක් ඉල්ලමි යමක් බලාපොරොත්තු වෙමි. යමක් පහදවමි යනුයි. ගෞතම, යනු හෙතෙම නිර්මිත බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට ගොත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි.
4 “කියනු” යනු කියනු මැනවි. ප්‍රකාශ කරණු මැනවි. පනවනු මැනවි. තබනු මැනවි. විවෘත කරණු මැනවි, බෙදනු මැනවි. ප්‍රකට කරණු මැනවි. ප්‍රකාශ කරණු මැනවි. යනුයි.
5 “උතුම් මනුෂ්‍යයා අතින් විචාරණ ලද්දේ ඉල්ලන ලද්දේ බලාපොරොත්තුවන ලද්දේ පහදින ලද්දේ යනුයි. “උතුම් මිනිසාගෙන්” යනු අග්‍රවූ ශ්‍රේෂ්ඨවූ ප්‍රමුඛවූ උතුම්වූ මිනිසා යනුයි.
|
|
84
වීතතණ්හො
පුබ්බමන්තමනිස්සිතො;
වෙමජ්ඣෙ නුපසඞ්ඛෙය්‍යො,
තස්ස නත්ථි පුරක්ඛතං.
වීතතණ්හො පුරාභෙදාති. පුරා කායස්ස භෙදා, පුරා අත්තභාවස්ස භෙදා, පුරා කළෙවරස්ස නික්ඛෙපා, පුරා ජීවිතින්ද්‍රියස්ස උපච්ඡෙදා වීතතණ්හො විගතතණ්හො චත්තතණ්හො වන්තතණ්හො මුත්තතණ්හො පහීනතණ්හො පටිනිස්සට්ඨතණ්හො, වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො, නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරති.
භගවාති ගාරවාධිවචනං. අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගතණ්හොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි
පුබ්බමන්තමනිස්සිතොති
වෙමජ්ඣෙ නුපසඞ්ඛෙය්‍යොති. වෙමජ්ඣං වුච්චති පච්චුප්පන්නො අද්ධා. පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ තණ්හා පහීනා, දිට්ඨි පටිනිස්සට්ඨා
තස්ස නත්ථි පුරක්ඛතන්ති.
තස්සාති අරහතො ඛීණාසවස්ස.
පුරෙක්ඛාරාති ද්වෙ පුරෙක්ඛාරා - තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච...පෙ.... අයං තණ්හාපුරෙක්ඛාරො...පෙ.... අයං දිට්ඨිපුරෙක්ඛාරො. තස්ස තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො. තණ්හාපුරෙක්ඛාරස්ස පහීනත්තා, දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති, න තණ්හාධජො න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්‍යො, න දිට්ඨිධජො න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්‍යො, න තණ්හාය
තෙනාහ භගවා -
‘‘වීතතණ්හො පුරාභෙදා, [ඉති භගවා]
පුබ්බමන්තමනිස්සිතො;
වෙමජ්ඣෙ නුපසඞ්ඛෙය්‍යො,
තස්ස නත්ථි පුරක්ඛත’’න්ති.
|
84
(10 - 2)
1 “මරණයෙන් පෙර තෘෂ්ණා රහිතවූයේ” යන්නෙහි කායයාගේ බිදීමෙන් පෙර ආත්ම භාවයාගේ බිඳීමෙන් පෙර සිඳීමෙන් පෙර අත්හළ තෘෂ්ණා ඇත්තේ මිදූ රාගය ඇත්තේ ප්‍රහීණ රාග ඇත්තේ සංසිඳුන රාග ඇත්තේ තෘෂ්ණාවෙන් වෙන්වූයේ, නිවුනේ, සිහිල්වූයේ සැපවිඳින්නේ බ්‍රහ්මයා බඳු ආත්මභාවයෙන් වාසය කරයි.
2 “භාග්‍යවතුන් වහන්සේ යනු ගෞරව වචනයකි. (7-2) 1 ඡේදයේ භාග්‍යවතුන් වහන්සේ යනතැන සිට “අල්ප ශබ්ද ඇති” යන තැනට යොදාගත යුතුයි.
3 “පෙරවූ අන්තය ඇසුරු නොකෙළේ” යන්නෙහි ‘පෙරවූ අන්තය’ යයි ඈත අතීතකාලයට කියයි. ඈත අතීතය පටන්කොට තෘෂ්ණාව ප්‍රහීනවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුණේය. තෘෂ්ණාව දුරුකළ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකෙළේ වෙයි. යලිදු හෝ අතීතකාලයෙහි මෙසේවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. මෙසේ වේදනාවෙන් යුක්තවීමි. මෙසේ සංඥාවෙන් යුක්තවීමි. මෙසේ සංස්කාරයෙන් යුක්තවීමි. අතීත කාලයෙහි මෙසේ විඤ්ඤාණයෙන් යුක්තවීමි. එහි බැඳීමට නොපැමිණෙයි. යලිදු හෝ අතීත කාලයෙහි ඇස මෙසේ වීය. රූපයෝ මෙසේයයි එහි විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුනේ නොවෙයි. එහි විඤ්ඤාණය ඡන්ද රාගයෙන් නොබැඳුන බැවින් එහි සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේවෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ කණ විය මෙසේ ශබ්දයෝ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ නාසය විය. මෙසේ ගන්ධයෝ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ දිව විය. මෙසේ රශයෝ වූහ. අතීත කාලයෙහි මාගේ ශරීරය මෙසේ විය. ස්පර්ශයෝ මෙසේ වූහ. අතීත කාලයෙහි මෙසේ මාගේ මනස විය, මෙසේ ධර්මයෝ වූහයි එය විඤ්ඤාණය ඡන්දරාගයට බැඳුනේ නොවෙයි, විඤ්ඤාණයාගේ ඡන්දරාගයට නොබැඳුන බැවින් එය සතුටු නොවෙයි, එය සතුටු නොවන්නේ මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේ වෙයි, යලිදු හෝ පෙර යම් ස්ත්‍රියක් සමග සිනහවූ කථා කළ ක්‍රීඩාකළ සැටි සිතා එය ආශ්වාදයද (රසවිඳීම) නොකරයි. එය ආශා නොකරයි. එහි ප්‍රීතියට නොපැමිණෙයි. මෙසේද පූර්වාන්තය ආශ්‍රය නොකළේ වෙයි.
4 “වර්තමානයෙහිද කියයුතුබවට නොයන්නේය.” වර්තමාන යන්නෙහි වර්තමානයයි පවත්නා කාලයට කියයි. පවත්නා කාලයේ පටන් තෘෂ්ණාව ප්‍රහීණවූයේ වෙයි. දෘෂ්ටිය සංසිඳුනේය. තෘෂ්ණාව ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය සංසිඳුන බැවින් රාගයෙන් යුක්තයෙකැයි ගණනට නොයන්නේය. ද්වේෂයෙන් යුක්තයෙකැයි ගණයට නොයන්නේය. බැඳුන තැනැත්තේයයි ගණනට නොයන්නේය. පරාමර්ශ කළ තැනැත්තේයයි ගණනට නොයන්නේය. මුලාවට ගිය තැනැත්තේ යයි ගණනට නොයන්නේය. අනිටු බවට ගියේ යයි ගණනට නොයන්නේය. ථාමගතයෙකැයි ගණනට නොයන්නේය. ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයහ. අභිසංස්කාරයන් ප්‍රහීනවූ බැවින් නිරයට පැමිණියෙක කියා හෝ තිරිසන් යොනියට පැමිණියෙක කියා හෝ ප්‍රෙත විෂයට පැමිණියෙක කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපියෙක කියා හෝ අරූපියෙක කියා හෝ සඤ්ඤියෙක කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤීයෙක කියා හෝ ගතියෙහි ගණයට නොයන්නේය. එබඳු හේතුවක් නැත ප්‍රත්‍යයක් නැත. යමකින් ගණනට යන්නේයයි කාරණයක් නැත.
5 “ඔහුට පෙරටුවූවක් නැත” යන්නෙහි යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. “පෙරටු වූවක් යනු ඉදිරිපත් කිරීම් දෙකකි. තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද, දෘෂ්ටිය ඉදිරිපත්කිරීම්ද යනුයි. (2-6) 1 (ii) (iii) මමත්වය යන්න ඉදිරිපත් කිරීමයයි වෙනස්කොට යොදාගත යුතුයි.
ඔහුගේ තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්‍රහීණය, දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සංසිඳුනේය. තෘෂ්ණාව ඉදිරිපත්කිරීම ප්‍රහීණවූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නොහැසිරෙයි, තෘෂ්ණාව ධජයක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව කොඩියක් කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව අධිපති නොවූයේ දෘෂ්ටිය ධ්වජයක් කොට නොහැසිරෙන්නේ දෘෂ්ටිය කොඩියක්කොට නොහැසිරෙන්නේ තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පිරිවරා නොහැසිරෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. යලිදු හෝ අනාගත කාලයෙහි මෙසේ රූපයක් ඇත්තෙක් වන්නෙමියි එහි, ආශාවට නොපැමිණෙයි. මෙසේ වේදනා ඇත්තෙක් වන්නෙමි. මෙසේ සඤ්ඤා ඇත්තෙක් වන්නෙමි අනාගත කාලයෙහි මෙසේ විඤ්ඤාණයක් ඇත්තෙක් වන්නෙමියි එහි තෘෂ්ණාවෙන් බැඳීමට නොපැමිණෙයි, මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත. මෙසේ අනාගත කාලයෙහි මාගේ කණ මෙසේ වන්නේය. ශබ්දයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ නාසය මෙසේ වන්නේයයි ගන්ධයෝ මෙසේයයි අනාගත කාලයෙහි මාගේ දිව මෙසේ වන්නේයයි රශයෝ මෙසේ වන්නේයයි අනාගත කාලයෙහි මාගේ කය මෙසේ වන්නේයයි ස්පර්ශය මෙසේයයි අනාගත කාලයෙහි මාගේ මනස මෙසේ වන්නේයයි ධර්මයෝ මෙසේයයි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදවයි. සිත නොයෙදවූ බැවින් මෙහි සතුටු නොවෙයි එහි සතුටු නොවන්නේ මෙසේද එහි ඉදිරිපත් කිරීමක් නැත. යලිදු හෝ මම මේ ශීලයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්ම චරියාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’යි නොලැබූ දෙයක් ලැබීම පිණිස සිත නොයොදයි. සිත නොයෙදූ හේතුවෙන් එහි සතුටු නොවන්නේ මෙසේද ඔහුට ඉදිරිපත් කිරීමක් නැත
|
|
85
අක්කොධනො
මන්තභාණී අනුද්ධතො, ස වෙ වාචායතො මුනි.
අක්කොධනො අසන්තාසීති.
අක්කොධනොති යඤ්හි ඛො වුත්තං. අපි ච කොධො තාව වත්තබ්බො. දසහාකාරෙහි කොධො ජායති - ‘‘අනත්ථං මෙ අචරී’’ති කොධො ජායති, ‘‘අනත්ථං මෙ චරතී’’ති කොධො ජායති, ‘‘අනත්ථං මෙ චරිස්සතී’’ති කොධො ජායති, ‘‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි... අනත්ථං චරති... අනත්ථං චරිස්සතී’’ති කොධො ජායති, ‘‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි... අත්ථං චරති... අත්ථං චරිස්සතී’’ති කොධො ජායති, අට්ඨානෙ වා පන කොධො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො, පටිඝං පටිවිරොධො, කොපො පකොපො සම්පකොපො, දොසො පදොසො සම්පදොසො, චිත්තස්ස බ්‍යාපත්ති මනොපදොසො
අපි
අසන්තාසීති ඉධෙකච්චො තාසී හොති උත්තාසී පරිත්තාසී, සො
ඉධ
අවිකත්ථී අකුක්කුචොති. ඉධෙකච්චො කත්ථී හොති විකත්ථී, සො කත්ථති විකත්ථති - අහමස්මි සීලසම්පන්නොති වා වතසම්පන්නොති වා සීලබ්බතසම්පන්නොති වා ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය
අකුක්කුචොති.
කුක්කුච්චන්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං, පාදකුක්කුච්චම්පි කුක්කුච්චං, හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං, අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා, විකාලෙ කාලසඤ්ඤිතා කාලෙ විකාලසඤ්ඤිතා, අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා; යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො - ඉදං වුච්චති කුක්කුච්චං.
අපි
අථ වා ‘‘සීලෙසුම්හි න පරිපූරකාරී’’ති - උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො; ‘‘ඉන්ද්‍රියෙසුම්හි අගුත්තද්වාරො’’ති... ‘‘භොජනෙ අමත්තඤ්ඤුම්හී’’ති... ‘‘ජාගරියං අනනුයුත්තොම්හී’’ති... ‘‘න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හී’’ති... ‘‘අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානා’’ති... ‘‘අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානා’’ති... ‘‘අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදා’’ති... ‘‘අභාවිතානි මෙ පඤ්චින්ද්‍රියානී’’ති... ‘‘අභාවිතානි මෙ පඤ්ච බලානී’’ති... ‘‘අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගා’’ති... ‘‘අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’’ති... ‘‘දුක්ඛං මෙ අපරිඤ්ඤාත’’න්ති... ‘‘සමුදයො මෙ අප්පහීනො’’ති... ‘‘මග්ගො මෙ අභාවිතො’’ති... ‘‘නිරොධො මෙ අසච්ඡිකතො’’ති - උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. යස්සෙතං කුක්කුච්චං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිපස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අකුක්කුච්චොති - අවිකත්ථී අකුක්කුචො.
මන්තභාණී අනුද්ධතොති. මන්තා වුච්චති පඤ්ඤා. යා පඤ්ඤා පජානනා...පෙ.... අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. මන්තාය පරිග්ගහෙත්වා පරිග්ගහෙත්වා වාචං භාසති බහුම්පි කථෙන්තො බහුම්පි
ස වෙ වාචායතො මුනීති. ඉධ භික්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති - ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති - යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති - කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. චතූහි වචීසුචරිතෙහි සමන්නාගතො චතුද්දොසාපගතං වාචං භාසති, බාත්තිංසාය තිරච්ඡානකථාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන චෙතසා විහරති.
දස කථාවත්ථූනි කථෙසි, සෙය්‍යථිදං - අප්පිච්ඡකථං කථෙති, සන්තුට්ඨීකථං
තෙනාහ භගවා -
‘‘අක්කොධනො අසන්තාසී, අවිකත්ථී අකුක්කුචො;
මන්තභාණී අනුද්ධතො, ස වෙ වාචායතො මුනී’’ති.
|
85
(10 - 3)
1 “ක්‍රොධ නොකරන්නේ, තැති නොගන්නේ” යන්නෙහි ක්‍රොධ නොකරන්නේ යනු කියන ලදී. යලිදු ක්‍රෝධය පළමු කොට කිය යුතුයි. කරුණු දහයකින් ක්‍රෝධය ඇතිවෙයි. මට අවැඩක් කළේයයි ක්‍රෝධය උපදියි. මට අවැඩක් දැන් කරන්නේයයි ක්‍රෝධය උපදියි. මට අනාගතයෙහි අවැඩක් කරනවා ඇතැයි ක්‍රෝධය උපදියි. මාගේ හිතවතාට අවැඩක් කළේයයි, මගේ හිතවතාට දැන් අවැඩක් කරන්නේයයි, මගේ හිතවතාට මතු අවැඩක් කරණවා ඇතැයි ක්‍රෝධය උපදියි මාගේ අහිතවතාට වැඩක් කළේය. වැඩක් දැන් කරන්නේය. මතු ඔහුට වැඩක් කරණවා ඇතැයි ක්‍රෝධය උපදියි. අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදියි මෙසේ සිතේ හැපීමක් නැවත නැවත හැපීමක් ක්‍රෝධයක් ප්‍රතිවිරොධයක් කොපයක් ප්‍රකොපයක් සම්ප්‍රකෝපයක් තරහක් කිපීමක් කිපීම් බවක් ද්වේෂයක් දූෂ්‍යවීමක් ව්‍යාපාදයක් විරොධයක් ප්‍රතිවිරොධයක් චණ්ඩ ගතියක් අමනාපයක් සිතේ නොසතුටු කමක් වේද මෙය, ක්‍රෝධයයි කියයි. යලිදු ක්‍රෝධයාගේ ඉතා ස්වල්ප බව දතයුතුයි. (ii) කිසි කලෙක ක්‍රෝධය සිත අවුල් කිරීම පමණක් වෙයි. ඒතාක් මුඛය අවුල් කිරීම පමණක්වත් නොවෙයි. (i) සමහර කලෙක ක්‍රෝධය මුඛය අවුල් කිරීම් මාත්‍රයක් පමණක් වෙයි. ඒතාක් කපොලයන් (කම්මුල්) වෙවුලීම් නොවෙයි සමහර කලෙක ක්‍රෝධය කපොලයන් වෙවිලීම් පමණක් කරයි. ඒතාක් නපුරු වචන පිට නොකිරීම වෙයි. සමහර කලෙක ක්‍රෝධය නපුරු වචන පිටකිරීම පමණකට වෙයි ඒතාක් දිශා විදිශාවන් බැලීම පමණක් වෙයි. සමහර කලෙක ක්‍රෝධය දිශාවන් බැලීමට පමණක් වෙයි. ඒතාක් දඬු ආයුධ අතගෑම නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය දඬු හා ආයුධ අතගෑමට පමණක් වෙයි. ඒතාක් දඬු හා ආයුධ එසවීම නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය දඬු හා ආයුධ එසවීමට පමණක් වෙයි. ඒතාක් දඬු ආයුධයන් ගෙන් ගැසීම නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය දඬු ආයුධයන්ගෙන් ගැසීමට පමණක් වෙයි. ඒතාක් සුනු විසුනු කිරීම නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය සුනු විසුනු කිරීම පමණක් වෙයි. ඒතාක් බිඳීම් පැලීම් නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය බිඳීම් පැලීම් පමණක් වෙයි. ඒතාක් අංගප්‍රත්‍යංගයන් කැඩීම නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය අංගප්‍රත්‍යංගයන් බිඳීම් කැඩීම් පමණකට වෙයි. ඒතාක් දිවි තොර නොකිරීම වෙයි. සමහර කලෙක ක්‍රෝධය දිවි තොර කිරීම් පමණකට වෙයි. ඒතාක් සියලු දේ වීසී කීරීම් බවට නොපැමිණෙයි. යම් හෙයකින් ක්‍රෝධය අන්‍යයා මරා තමාද මරා ගනියි. මෙපමණකින් ක්‍රෝධය ඉතා උසස් බවට පැමිණියේ මහත් බවට පැමිණියේ වෙයි, යමෙකුගේ ඒ ක්‍රෝධය ප්‍රහීණවූයේද මුලින් සින්දේද ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුයේද හෙතෙම ක්‍රොධ නොකරන්නායයි කියයි. ක්‍රෝධය ප්‍රහීණවූ බැවින් ක්‍රොධ නොකරන්නා නම් ක්‍රොධ වස්තූන් දැනගත් බැවින් අක්කොධන නම් ක්‍රොධ හේතු සිඳ දැමූ බැවින් ක්‍රොධ නොකරන්නා නමි.
2 “තැති නොගන්නේ යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් තැති ගැන්ම ඇත්තේ වෙයි. හෙතෙම තැතිගනියි. බිය වෙයි. සන්ත්‍රාසයට පැමිණෙයි. කුලය හෝ නොලබමි ගණයා හෝ නොලබමි. ආවාසය හෝ නොලබමි. ලාභය හෝ නොලබමි. යසස හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපය හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනසුන් හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ නොලබමි. ගිලානුපස්ථානය හෝ නොලබමි. ප්‍රකටනොවූයේ වෙමියි තැති ගනියි, බියවෙයි සන්ත්‍රාසයට පැමිණෙයි මේ ශාසනයෙහි මහණ තෙම තැති නොගත්තේ වේද, සන්ත්‍රාසයට නොපැමිණියේ වේද, හෙතෙම ත්‍රස්ත නොවෙයි බිය නොවෙයි. කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. ආවාසය හෝ නොලබමි. ලාභය හෝ නොලබමි. කීර්තිය හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපත හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනසුන් හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ ගිලානුපස්ථායක කෙනෙකු හෝ නොලබමි. අප්‍රකට වෙමියි ත්‍රස්ත නොවෙයි බියනොවෙයි සන්ත්‍රාසයට නොපැමිණෙයි.
3 “තමන් වර්ණනා නොකරන්නේ පසුතැවිලි නොවන්නේ” යන්නෙහි මෙහි ඇතැම් පුද්ගලයෙක් පුරසාරම් දොඩන්නේ වෙයි. (මෙහි (3-3) 5 ඡේදයේ ‘කියයි’ යන්න ‘පුරසාරම් දොඩයි’ කියා වෙනස්කොට ‘මම ශිලසම්පන්නයෙක් වෙමි’ යන තැන සිට ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය’ යන තැනට යොදාගත යුතුයි) යනුයි. මෙසේ පුරසාරම් දෙඩීමක් නැත. පුරසාරම් දෙඩීමෙන් ඈත්ය, දුරය, වෙන්වුනේය, නික්මුනේය, වෙන්වුනේය, සීමා නොකරණ ලද සිතින් පුරසාරම් නොදොඩන තැනැත්තේ වාසය කරයි.
4 “පසු තැවෙන්නේ” යන්නෙහි (i) අත පිළිබඳ කුකුසද කුකුසය, පය පිළිබඳ කුකුසද කුකුසය, අත්පා දෙක පිළිබඳ කුකුසද කුකුසය, අකැප දෙයෙහි කැපය යන සංඥාව, කාලයෙහි කාලය යන සංඥාව විකාලයෙහි කාලය යන සංඥාව කාලයෙහි විකාලයයන සංඥාව නිවැරදිදෙයෙහි වැරදිය යන සංඥාව වැරදි දෙයෙහි නිවැරදිය යන සංඥාව මෙබඳුවූ යම් කුකුසක් කුකුස් කිරීමක් සිත පිළිබඳ පසුතැවීමක් ඇද්ද මෙය කුකුසයි නැවතද කරුණු දෙකකින් සිතේ පසුතැවීම් කුකුස ඇති වෙයි. කළ බැවින්ද නොකළ බැවින්ද යනුයි. (මෙහි (2-7) 7 “නින්දා කරයි” යන්න “කුකුස උපදවයි” කියා වෙනස් කොට “කෙසේ කරණලද බැවින්ද” යන තැන සිට “නිරෝධය මවිසින්” යන තැනට යොදාගත යුතුයි.) යමෙකුට මේ කුකුස ප්‍රහීණද මුලින් සිඳුනේද ශාන්තද සංසිඳුනේද ඉපදීමට නුසුදුසුවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කුකුස් නැති තැනැත්තේයයි කියනු ලැබේ
6 මන්ත්‍රයෙන් (නුවණින්) දොඩන්නේ උඩඟු නැත්තේ යන්නෙහි “මන්ත්‍රයයි ප්‍රඥාවට කියයි යම් ප්‍රඥාවක් පජානන නම් වේද, (3-1 (iii) යම් ප්‍රඥාවක් යන තැන සිට යොදාගත යුතුයි) අමෝහයයිද ධම්ම විචයයිද සම්මාදිට්ඨියයි නම්වේද, එබඳු නුවණින් පිරිවරා වටකොට වචන කියයි බොහෝසේ කියන්නේ බොහොසේ ප්‍රකාශ කරන්නේ බොහෝසේ ව්‍යවහාර කරන්නේ නපුරුසේ කියනලද නපුරුසේ කථා කරණ ලද වචන නොකියානුයී මන්තභාණී නමි. “උඩඟු නොවූයේ” යන්නෙහි එහි උද්ධච්චය කවරේද සිතේ යම් විසුරුණ බවක් නොසන්සුන්කමක්, නොසන්සිඳීමක් චිත්තයාගේ වික්ෂෙපයක් භ්‍රාන්තගතියක් වේද එය උද්ධච්ච යයි කියයි. යමෙකුගේ මේ “උඩඟුබව” ප්‍රහීණවූයේද මුලින් සිඳුනේද ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍ය වූයේද ඥානය නැමැති ගින්නෙන් දැවුනේද හෙතෙම උද්ධච්චය නැති තැනැත්තේයයි කියයි”
7 “හෙතෙම ඒකාන්තයෙන් වචනයෙන් හික්මුණු බැවින් මුනි නම්වේ” යනුවෙන් මෙහි මහණතෙම මුසාවාදය අත්හැර මුසාවාදයෙන් වෙන්වූයේවෙයි. සැබෑ බස් කියන්නේ ඇදහිය හැකි වචන කියන්නේ සත්‍යවූ වචන කියන්නේ ලෝකයාට බොරු නොකියන්නේ වේද කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වෙන්වූයේ වෙයි. මොවුන්ගේ භෙදය පිණිස මේතනින් අසා අතන නොකියන්නේ වෙයි. අර අයගේ භෙදය පිණිස අතනින් හෝ අසා මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳුන අයගේ ගැලපීම පිණිස සමගිවූවන්ට අනුබලදීම පිණිස, සමගි බවෙහි යෙදුනේ, සමගි බවෙහි ඇළුනේ සමගි බවෙහි බැඳුනේ සමගි බව ඇති කරන්නාවූ වචන කියන ලද්දේවෙයි. නපුරු වචන අත්හැර නපුරු වචනයෙන් වෙන්වූයේ වෙයි. යම් ඒ වචනයක් කෙළතොලු නොවේද, කණට සැප ඇත්තේද ප්‍රේමණීයද හෘදයංගමද පුරවැසි වචනයෙන් යුක්තවූයේද බොහෝ දෙනාගේ සිත් අලවන, බොහෝ දෙනාට ප්‍රියමනාපවූ එබඳු වචන කියන ලද්දේ වෙයි. හිස් වචන කීමෙන් දුරුකොට හිස් වචන කීමෙන් වෙන්වූයේ වෙයි. සුදුසු කාලයෙහි කියන්නාවූ ඇතිදේ කියන්නාවූ අර්ථයෙන් යුත්දෙය කියන්නාවූ ධර්මවාදීවූ විනය වාදීවූ තැන්පත් වචන කියන ලද්දේ වෙයි. සුදුසු කාලයෙහිවූ කරුණු සහිත කෙළවරක් ඇති අර්ථයෙන් යුත් සතර වාග් සුචරිතයන්ගෙන් යුක්තවූ දෝෂ සතරකින් වෙන්වූ වචන කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් වෙන්වූයේය. වෙන්වූයේ නික්මුනේ සීමා නොකරණ ලද සිතින් වාසය කරයි. දශ කථා වස්තූන් කියයි.
8 අල්පෙච්ඡ භාවය පිළිබඳ කථා කියයි. සන්තොෂය පිළිබඳ කථා කියයි. උතුම් විවේකය පිළිබඳ අසංසර්ගය පිළිබඳ වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ශීලය පිළිබඳ සමාධිය පිළිබඳ ප්‍රඥාව පිළිබඳ, විමුක්තිය පිළිබඳ විමුක්තිඥාන දර්ශනය පිළිබඳ කථා සතිපට්ඨාන කථා සම්‍යක් ප්‍රධාන කථා ඍද්ධි පාද කථා ඉන්ද්‍රිය කථා බල කථා බොජ්ඣංග කථා මාර්ග කථා ඵල කථා නිර්වාණ කථා කියයි. වචනයෙන් හික්මුණු ආරක්ෂාවූ ආරක්ෂා කරණලද ශාන්තභාවයෙන් යුක්තවූයේය. මුනි යනු මොනයයි ඥානයට කියයි. යම් ප්‍රඥාවක් පජානන නම් වේද ((3-4) (iii) යම් ප්‍රඥා යන තැන සිට යොදාගත යුතුයි) අමෝහ නම් වේද ධම්මවිචය නම්වේද සම්මාදිට්ඨි නම් වේද තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේනුයි හෙතෙම මුනි නමි.
|
|
86
නිරාසත්ති
විවෙකදස්සී ඵස්සෙසු, දිට්ඨීසු ච න නීයති.
නිරාසත්ති අනාගතෙති.
ආසත්ති වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා ආසත්ති තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති. එවම්පි නිරාසත්ති අනාගතෙ. අථ වා ‘‘එවංරූපො සියං අනාගතමද්ධාන’’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති, ‘‘එවංවෙදනො සියං... එවංසඤ්ඤො සියං... එවංසඞ්ඛාරො සියං... එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති. එවම්පි නිරාසත්ති අනාගතෙ. අථ වා ‘‘ඉති මෙ චක්ඛු සියා අනාගතමද්ධානං - ඉති රූපා’’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති
අතීතං නානුසොචතීති. විපරිණතං වා වත්ථුං න සොචති, විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති, ‘‘චක්ඛු මෙ විපරිණත’’න්ති න සොචති, ‘‘සොතං මෙ... ඝානං මෙ... ජිව්හා මෙ... කායො මෙ... රූපා මෙ... සද්දා මෙ... ගන්ධා මෙ... රසා මෙ... ඵොට්ඨබ්බා මෙ... කුලං මෙ... ගණො මෙ... ආවාසො මෙ... ලාභො මෙ... යසො මෙ... පසංසා මෙ... සුඛං මෙ... චීවරං මෙ... පිණ්ඩපාතො මෙ... සෙනාසනං මෙ... ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො මෙ... මාතා මෙ... පිතා මෙ... භාතා මෙ... භගිනී මෙ... පුත්තො මෙ... ධීතා මෙ... මිත්තා මෙ... අමච්චා මෙ... ඤාතකා මෙ... සාලොහිතා මෙ විපරිණතා’’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතීති - අතීතං නානුසොචති.
විවෙකදස්සී
විවෙකදස්සී ඵස්සෙසූති. චක්ඛුසම්ඵස්සං විවිත්තං පස්සති අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා, සොතසම්ඵස්සං විවිත්තං
අථ වා අතීතං ඵස්සං අනාගතෙහි ච පච්චුප්පන්නෙහි ච ඵස්සෙහි
දිට්ඨීසු ච න නීයතීති. තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිපස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. සො දිට්ඨියා න
තෙනාහ
‘‘නිරාසත්ති
විවෙකදස්සී ඵස්සෙසු, දිට්ඨීසු ච න නීයතී’’ති.
|
86
(10 - 4)
1 “මත්තට ඇල්මක් නැත්තේ” යන්නෙහි “ඇල්ම” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ඇද්ද, ලෝභයක් ඇද්ද, අකුසල මූලයක් ඇද්ද, එයයි. යමෙකුට මේ ඇලීම නම් තෘෂ්ණාව ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේවේද, මෙසේද අනාගතයෙහි නොඇලුනේවේ. යලිදු හෝ අනාගතයෙහි මෙබඳු රූපයක් වන්නෙමි. (9-10) 9 ඡේදයේ මෙබඳු රූපයක් යන තැන සිට විඤ්ඤාණයක් යන තැනට යොදාගත යුතුයි) මෙසේද අනාගතයෙහි නොඇලුනේ වෙයි.
2 “පසුගිය දෙයට දුක් නොවේ,” යනු වෙනසට පැමිණෙන වස්තුවෙහි හෝ ශෝක නොකරයි. ඒ වස්තුව වෙනස් වීමෙහි හෝ ශොක නොකරයි. මාගේ ඇස වෙනස් වූයේයයි ශොක නොකරයි. මාගේ කණ, මාගේ නාසය, මාගේ දිව, මාගේ ශරීරය, මාගේ රූපයෝ, මාගේ ශබ්දයෝ, මාගේ ගන්ධයෝ, මාගේ රසයෝ, මාගේ ස්පර්ශයෝ, මාගේ කුලය, මාගේ ගණය, මාගේ ආවාසය, මාගේ ලාභය, මාගේ කීර්තිය, මාගේ ප්‍රශංසාව, මාගේ සැපය, මාගේ සිවුර, මාගේ පිණ්ඩපාතය, මාගේ සේනාසනය, මාගේ ගිලන්පස බෙහෙත් පිරිකර, මාගේ මව, මාගේ පියා, මාගේ සහෝදරයා, මාගේ සහෝදරීය, මාගේ පුත්‍රයා, මාගේ දුව, මාගේ මිත්‍රයෝ, මාගේ යහළුවෝ, මාගේ නෑයෝ, මාගේ සහලේ නෑයෝ, වෙනස් වූයේ යයි ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවළපියි. ලෙහි අතගසා නොඅඬයි. සිහි මුලාබවට නොපැමිණෙයි. යනුයි.
3 “ස්පර්ශයන්හි විවේකය දක්නේ” යන්නෙහි ස්පර්ශය නම් ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය, කාමයේ ස්පර්ශය, ක්‍රෝධයේ ස්පර්ශය, සැප වේදනාවෙන් යුතු ස්පර්ශය, දුක්ඛ වේදනාවෙන් යුතු ස්පර්ශය, සැප හා දුකින් යුත් වේදනාවෙන් යුතු ස්පර්ශය, කුශලවූ ස්පර්ශය, අකුශලවූ ස්පර්ශය, අව්‍යක්ත (කොටසකට අයත්) ස්පර්ශය, කාමාවචර ස්පර්ශය, රූපාවචර ස්පර්ශය, අරූපාවචර ස්පර්ශය, ලෞකික ස්පර්ශය, තමා විසින් හෝ තමා කෙරෙහි හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවීම් වශයෙන් හෝ බලයි. යලිදු හෝ අතීතවූ ස්පර්ශය, අනාගත හා පවත්නා කල්හිවූ ස්පර්ශයන්ගෙන් වෙන්කොට බලයි. අනාශතවූ ස්පර්ශය අතීතවූද පවත්නා කල්හිවූද, ස්පර්ශයන්ගෙන් වෙන් කොට බලයි. පවන්නා කල්හිවූ ස්පර්ශය අතීතවූද පවත්නා කල්හිවූද ස්පර්ශයන්ගෙන් වෙන්කොට බලයි. යලිදු හෝ යම් ඒ ස්පර්ශයෝ ආර්‍ය්‍යද අනාශ්‍රවද, ලොකොත්තරද ශුන්‍යතාවෙන් යුක්තද ඒ ස්පර්ශයන් වෙන්ව බලයි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ක්‍රෝධයෙන් උපනාහයෙන්, මක්ඛයෙන්, පලාසයෙන් ඊර්‍ෂ්‍යාවෙන් මසුරුකමින්, මායාවෙන්, කෛරාටිකකමින්, තදගතියෙන් එකට එක කිරීමෙන්, මානයෙන්, අතිමානයෙන්, මදයෙන්, ප්‍රමාදයෙන් සියලු ක්ලේශයන්ගෙන්, සියලු ආශ්චර්‍ය්‍යයන්ගෙන්, සියලු පීඩාවලින්, සියලු දාහවලින්, සියලු තැවිලි වලින්, සියලු අකුශල රැස්කිරීම් වලින් වෙන්ව බලයි යනුයි.
4 “දෘෂ්ටීන්ටද, නො පමුණුවයි.” යනු ඔහුගේ දෙසැට දෘෂ්ටි ගැනීම් ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තවීය. සංසිඳුනේය ඉපදීමට අයොග්‍යය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය. හෙතෙම දෘෂ්ටියෙන් නොයයි, බැහැර නොයයි, පා නොවෙයි, එක් තැන් නොකරයි. ඒ දෘෂ්ටි ගැන්ම සාර වශයෙන් ඉදිරිපත් නොකරයි. ආපසු නොයයි යනුයි.
|
|
87
පතිලීනො අකුහකො, අපිහාලු අමච්ඡරී;
අප්පගබ්භො අජෙගුච්ඡො, පෙසුණෙය්‍යෙ ච නො යුතො.
පතිලීනො අකුහකොති.
පතිලීනොති රාගස්ස පහීනත්තා පතිලීනො, දොසස්ස පහීනත්තා පතිලීනො, මොහස්ස පහීනත්තා පතිලීනො, කොධස්ස... උපනාහස්ස
අකුහකොති තීණි කුහනවත්ථූනි - පච්චයපටිසෙවනසඞ්ඛාතං කුහනවත්ථු, ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු, සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
කතමං පච්චයපටිසෙවනසඞ්ඛාතං කුහනවත්ථු? ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො පාපිච්ඡො ඉච්ඡාපකතො අත්ථිකො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං භිය්‍යොකම්‍යතං උපාදාය චීවරං පච්චක්ඛාති, පිණ්ඩපාතං පච්චක්ඛාති, සෙනාසනං පච්චක්ඛාති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ - ‘‘කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන! එතං සාරුප්පං යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කත්වා ධාරෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන
කතමං
කතමං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො, ‘‘එවං මං ජනො සම්භාවෙස්සතී’’ති, අරියධම්මසන්නිස්සිතං වාචං භාසති. ‘‘යො එවරූපං චීවරං ධාරෙති සො සමණො මහෙසක්ඛො’’ති භණති; ‘‘යො එවරූපං පත්තං ධාරෙති... ලොහථාලකං ධාරෙති... ධම්මකරණං ධාරෙති... පරිසාවනං ධාරෙති... කුඤ්චිකං ධාරෙති... උපාහනං ධාරෙති... කායබන්ධනං ධාරෙති... ආයොගං ධාරෙති සො සමණො
අථ වා කොරජිකකොරජිකො
(කොරඤ්ජිකකොරඤ්ජිකො (සී.)) භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසම්භාවිකො, ‘‘අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තීනං ලාභී’’ති තාදිසං ගම්භීරං ගූළ්හං නිපුණං පටිච්ඡන්නං ලොකුත්තරං සුඤ්ඤතාපටිසංයුත්තං
අපිහාලු අමච්ඡරීති. පිහා වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා පිහා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අපිහාලු. සො රූපෙ න පිහෙති, සද්දෙ... ගන්ධෙ... රසෙ... ඵොට්ඨබ්බෙ... කුලං... ගණං... ආවාසං... ලාභං... යසං... පසංසං... සුඛං... චීවරං... පිණ්ඩපාතං... සෙනාසනං... ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං... කාමධාතුං... රූපධාතුං... අරූපධාතුං... කාමභවං... රූපභවං... අරූපභවං... සඤ්ඤාභවං... අසඤ්ඤාභවං
අප්පගබ්භො
කථං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තීකාරකතො
කථං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තීකාරකතො ථෙරානං භික්ඛූනං අනුපාහනානං චඞ්කමන්තානං සඋපාහනො චඞ්කමති, නීචෙ චඞ්කමෙ චඞ්කමන්තානං උච්චෙ චඞ්කමෙ චඞ්කමති, ඡමාය චඞ්කමන්තානං චඞ්කමෙ චඞ්කමති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වා නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති.
කථං භොජනසාලායං කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො භොජනසාලායං අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදති, නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වාපි නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි
කථං
කථං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො උදකතිත්ථෙ අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ඔතරති, පුරතොපි ඔතරති, ඝට්ටයන්තොපි න්හායති
(නහායති (සී.)), පුරතොපි න්හායති
කථං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිසන්තො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ගච්ඡති, පුරතොපි ගච්ඡති, වොක්කම්මාපි ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡති. එවං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති.
කථං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො, ‘‘න පවිස
(පවිසථ (සී.) එවමඤ්ඤෙසු පදද්වයෙසුපි), භන්තෙ’’ති වුච්චමානො පවිසති, ‘‘න තිට්ඨ, භන්තෙ’’ති වුච්චමානො තිට්ඨති, ‘‘න නිසීද, භන්තෙ’’ති වුච්චමානො නිසීදති, අනොකාසම්පි පවිසති, අනොකාසෙපි තිට්ඨති, අනොකාසෙපි නිසීදති, යානිපි තානි හොන්ති කුලානං ඔවරකානි ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. යත්ථ කුලිත්ථියො කුලධීතරො කුලසුණ්හායො කුලකුමාරියො නිසීදන්ති, තත්ථපි සහසා පවිසති කුමාරකස්සපි සිරං පරාමසති. එවං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති - ඉදං කායිකං පාගබ්භියං දස්සෙති.
කතමං
කථං
කථං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡං වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති, පඤ්හං විසජ්ජෙති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. ආරාමගතානං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ධම්මං භණති, පඤ්හං විසජ්ජෙති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
කථං
කතමං
අජෙගුච්ඡොති
කතමො ච පුග්ගලො අජෙගුච්ඡො? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො
පෙසුණෙය්‍යෙ ච නො යුතොති. පෙසුඤ්ඤන්ති ඉධෙකච්චො පිසුණවාචො හොති, ඉතො සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා
අපි ච ද්වීහි කාරණෙහි පෙසුඤ්ඤං උපසංහරති - පියකම්‍යතාය වා, භෙදාධිප්පායෙන
(භෙදාධිප්පායො (බහූසු)) වා. කථං පියකම්‍යතාය පෙසුඤ්ඤං උපසංහරති? ඉමස්ස පියො භවිස්සාමි, මනාපො භවිස්සාමි, විස්සාසිකො භවිස්සාමි, අබ්භන්තරිකො භවිස්සාමි, සුහදයො භවිස්සාමීති. එවං පියකම්‍යතාය පෙසුඤ්ඤං උපසංහරති. කථං භෙදාධිප්පායෙන පෙසුඤ්ඤං උපසංහරති? ‘‘කථං ඉමෙ නානා අස්සු විනා අස්සු වග්ගා අස්සු ද්වෙධා අස්සු ද්වෙජ්ඣා අස්සු ද්වෙ පක්ඛා අස්සු භිජ්ජෙය්‍යුං න සමාගච්ඡෙය්‍යුං දුක්ඛං න ඵාසු
(අඵාසුං (සී.)) විහරෙය්‍යු’’න්ති. එවං
තෙනාහ
‘‘පතිලීනො අකුහකො, අපිහාලු අමච්ඡරී;
අප්පගබ්භො අජෙගුච්ඡො, පෙසුණෙය්‍යෙ ච නො යුතො’’ති.
|
87
(10 - 5)
1 “පතිලීනවූයේ, කුහක නොවූයේ” යන්නෙහි රාගය ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. ද්වේෂය, මෝහය ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. ක්‍රෝධය, උපනාහය, ගුණමකුකම, අනුන්ගේ දොස්කීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටික කම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය යන මොවුන් ප්‍රහීණවූ බැවින් පතිලීන නමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනාකරණ ලද්දේමය. “මහණෙනි, භික්ෂුව කෙසේනම් පතිලීනවූයේවේද, මහණෙනි, මේ මහණහුගේ අස්මි මානය ප්‍රහීනවූයේවේද, මුලින් සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත නූපදීම වශයෙන් අභාවයට පමුණුවනලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම පතිලීන වූයේ වෙයී
2 “කුහක නොවූයේ” යන්නෙහි (ii) කුහක වස්තු තුනකි. ප්‍රත්‍යය සෙවීම නම්වූ කුහන වස්තුව, ඉරියාපථ නම්වූ කුහන වස්තුව, සාමන්ත ජප්පන (කෙලින් නොකියා කිට්ටු වචන වලින් කීමේ කුහන වස්තුව යනුයි. ප්‍රත්‍යය සෙවීම නම් වූ කුහන වස්තුව කවරේද? මෙහි ගෘහපතිකයෝ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරවලින් භික්ෂුවකට ආරාධනා කරත්. ලාමක ආශා ඇත්තේ ආශාවෙන් මඩනාලද්දේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ඕනෑකම ඇත්තේ වැඩියෙන් ලැබීම පිණිස සිවුරු ප්‍රතික්ෂෙප කරයි. ගිලන්පස බෙහෙත් පිරිකර ප්‍රතික්ෂෙප කරයි. හෙතෙම මෙසේ කියයි. භික්ෂුවට ‘බොහෝ සිවුරු කුමටද, භික්ෂුතෙම සොහොනින් හෝ කසලගොඩින් හෝ එකතුකරගත් රෙදි කැබලිවලින් සඟල සිවුරුකොට දරන්නේය, මෙය හොබනේය. භික්ෂුවට බොහෝ පිණ්ඩපාතයෙන් කවර ප්‍රයෝජනද? ආහාර ටික ටික එකතුකිරීමේ හැසිරීම වූ පිණ්ඩාහාරයෙන් හැසිරෙන්නේය. භික්ෂුවට වටිනා සෙනාසනවලින් කවර ප්‍රයෝජනද? ශ්‍රමණතෙම රුක්ඛමූලික හෝ වන්නේය. සොහොනෙහි හෝ වසන්නේය. එලිමහන් විවේක ස්ථානයක හෝ වසන්නේය. මෙය සුදුසුයි භික්ෂුවට වටිනා ගිලන්පස බෙහෙත් පිරිකරවලින් කවර ප්‍රයෝජනද, ශ්‍රමණතෙම ගෝමුත්‍රයෙහි බහාලනලද අරළුවලින් හෝ අරළු කැබලිවලින් හෝ බෙහෙත් කරන්නේය යනුයි. එතැන් පටන් රූක්ෂවූ සිවුරු දරයි. රූක්ෂවූ පිණ්ඩපාත පරිභොග කරයි. රූක්ෂවූ සේනාසන සේවනය කරයි. රූක්ෂවූ ගිලන්පස බෙහෙත් පිරිකර සේවනය කරයි. ගෘහපතිකයෝ ඒ ඔහු ගැන මෙසේ සිතත්. මේ ශ්‍රමණතෙම අල්පවූ ආශා ඇත්තෙක. සන්තොෂයෙන් යුක්තයෙක. ගිහීන් හා සංසර්ග නොවන්නෙක. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙක. ධුතාංග වාදියෙකැයි සිවුරු පිණ්ඩපාත ගිලන්පස බෙහෙත් පිරිකරවලින් වැඩිවැඩියෙන් ආරාධනා කරයි.’ හෙතෙම මෙසේ කියයි. ‘තුන්දෙනෙකුගේ හමුවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. එනම් ශ්‍රද්ධාව ඉදිරිපත් වීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. දියයුතුදේ ලැබීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. දක්ෂිණාර්හයන් (දීමට සුදුස්සන්) හමුවීමෙන් ශ්‍රද්ධාවත් කුල පුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. යුෂ්මතුන්ට ශ්‍රද්ධාවද ඇත දියයුතුදේද ඇත. මම ප්‍රතිග්‍රාහක (පිළිගන්නා) වෙමි. ඉදින් මම් නොපිළිගනිම් නම් මෙසේ යුෂ්මත්හු පිනෙන් වෙන්වූවෝ වන්නාහ. මට මෙයින් වැඩක් නැත එසේ නමුදු යුෂ්මතුන්ට අනුකම්පා පිණිස පිළිගන්නෙමි. එතැන් පටන් බොහෝ සිවුරු පිළිගනියි. බොහෝ පිණ්ඩපාතය පිළිගනියි. බොහෝ සේනාසන පිළිගනියි. බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනියි. යම්බඳු මේ බැම හකුළුවන කුහක කමක් වේද, මෙය ප්‍රත්‍යය සෙවීම නම් වූ කුහන වස්තුවයි. ඉරියාපථ නම්වූ කුහන වස්තුව කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් පාපීවූ ආශා ඇත්තේ ආශාවෙන් මඩනාලද්දේ ගරු සැලකිලි බලාපොරොත්තු වන්නේ මෙසේ මට ජනයා ගරුකරන්නේ යයි ගමන මනාසේ කරයි’ වාඩි වීම මනාසේ කරයි. බලාපොරොත්තු ඇතුව යයි. බලාපොරොත්තු ඇතිව සිටියි. බලාපොරොත්තු ඇතිව හිඳගනියි. බලාපොරොත්තු ඇතුව සයනය කරයි. හික්මුන අයෙකු මෙන් යයි සිටියි’ හිඳගනියි, නිදයි, ධ්‍යානයට පැමිණියකු මෙන් බලයි’ කටයුතු කරයි. ඉදිරි ලැබීමක් ගැන සිතන්නේ වෙයි. මෙබඳු ඉරියව්වල යම් තැබීමක් ඇද්ද, බැම හැකිලීමක් ඇද්ද, කුහක කමක් ඇද්ද, මේ ඉරියාපථ නම්වූ කුහකවස්තුවයි. සාමන්ත ජප්පන නම්වූ (කෙලින් නොකියා සඟවා කීමේ) කුහන වස්තුව කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් පාපීවූ ආශාඇත්තේ, ආශාවෙන් මඩනාලද්දේ ගරු සැලකිලි බලාපොරොත්තු වන්නේ මෙසේ ජනයා මට සලකන්නේයයි ආර්‍ය්‍ය ධර්මයෙන් යුක්තවූ වචන කියයි යමෙක් මෙබඳු සිවුරු දරාද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයෙකැයි කියයි. යමෙක් මෙබඳු පාත්‍රයක් දරාද, ලොහෝ තලියක් දරාද, ඩබරාවක් දරාද, පටියක් පෙරහනක් දරාද යතුරක් දරාද වහන් සඟලක් දරාද, පාත්‍ර පසුම්බියක් දරාද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයා යයි කියයි. යමෙකුට මෙබඳු ආචාර්‍ය්‍යවරයෙක් වෙද, මෙබඳු සමාන උපාධ්‍යායයෝ වෙත්ද, සමානාචාර්‍ය්‍යවරයෝ වෙද්ද, මෙබඳු මිත්‍රයෝ වෙද්ද, දැක හැඳිනගත් යහලුවෝ වෙත්ද, ඒ ශ්‍රමණතෙම මහෙශාක්‍යයයි කියයි. යමෙක් මෙබඳු විහාරයෙහි වාසය කෙරේද, හෙතෙම මහෙශාක්‍ය ශ්‍රමණයායයි කියයි. යමෙක් ගුරුළු පියාපත් වැනි වහලක් ඇති ගෙයක වෙසේද, ප්‍රාසාදයක වෙසේද, උසස් ප්‍රාසාදයක වෙසේද, ගුහාවක වෙසේද, ලෙනක වෙසේද, කුටියක වෙසේද, කූටාගාරයක වෙසේද, මැස්සක වෙසේද, රවුම් ගෙයක වෙසේද උද්දණ්ඩනම් තැනක වෙසේද, උපස්ථාන ශාලාවක වෙසේද, මණ්ඩපයෙහි වෙසේද, රුක්මූලක වෙසේද, ඒ ශ්‍රමණයා මහෙශාක්‍යයයි කියයි. යලිදු හෝ රැවටිල්ලෙන් යුක්තවූ බැම හකුළුවන ගතියෙන් යුතු කුහක පැවතුම් ඇති, චාටු කථාවෙන් යුතු කටින් ගරුකම අඟවන්නාවූ මේ ශ්‍රමණතෙම මෙබඳු ශාන්තවූ විවේකවූ විහාර ලැබුයේ යයි එබඳුවූ ගැඹුරුවූ අර්ථය සඟවන්නාවූ නිපුණවූ වැසුනාවූ ලොකොත්තර තත්වයෙන් හිස්වූ කථා කියයි. ඒ බැම හකුලුවන්නාවූ කුහක බවක් ඇද්ද, මෙය සඟවා කථාකිරීමේ කුහන වස්තුව නමි. යමෙකුගේ මේ තුන් කුහන වස්තූන් ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, ශාන්තවූයේද, සන්සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම අකුහනයයි කියයි
3 “ආශා නැත්තේ මසුරු නොවූයේ යන්නෙහි, “ආශා” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇත්ද, ඇලීමක් ඇත්ද (මෙහි (1-3) 4 ඡේදයේ යම් ලංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) දැඩි ලෝභයක් ඇත්ද, ලෝභයක් ඇත්ද, අකුසල මූලයක් ඇත්ද එයයි. යමෙකුට මේ ආශාව තෘෂ්ණාව ප්‍රහීණද ශාන්තද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම අපිහාලු යයි කියයි. හෙතෙම රූපයෙහි ආශා නොකරයි. ශබ්දයෙහි, ගන්ධයෙහි රශයෙහි, ස්පර්ශයෙහි ආශා නොකරයි. කුලය, ගණය, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය, චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර, කාමධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, කාමභවය, රූපභවය, අරූප භවය, සඤ්ඤා භවය, අසඤ්ඤාභවය, නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර භවය, චතුවොකාර භවය, පඤ්චවොකාර භවය, අතීතය, අනාගතය, පවත්නා කලය, යනමෙහි දැකි ඇසූ ඉන්ද්‍රිය තූනකින් දැනගත් දෙයෙහි, දතයුතු ධර්මයන්හි ආශා නොකරයි. කැමති නොවෙයි. රසවිඳීම නොකරයි. ප්‍රාර්ථනා නොකරයි. බලාපොරොත්තු නොවෙයි. එබැවින් “අපිහාලු” නමි
4 “මසුරු නොවූයේ” යනු මසුරුකම් පසෙකි. ආවාස මච්ඡරිය, කුලමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ලාභ මච්ඡරිය, ධම්ම මච්ඡරිය, යනුයි. යමෙකුට මෙබඳුවූ මසුරු කමක් මසුරු කමට යාමක් මසුරු තත්වයක් බලවත් ආශාවක් තද මසුරුකමක් සිතේ බලවත් බන්ධනයක් ගැනීමක් ඇද්ද, මෙය මසුරු කමයයි කියත්. යලිදු ස්කන්ධයන්හි මසුරුකමද මසුරු කමකි. ධාතූන්හි මසුරු කමද මසුරු කමකි. ආයතනයන්හි මසුරු කමද මසුරු කමකි. ගැනීමකි, මෙයද මසුරු කමයයි කියත්. යමෙකු ගේ මේ මසුරුකම ප්‍රහීණවූයේද, සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අමච්ඡරී (මසුරු නැත්තේය කියයි.)
5 “ආඩම්බර නැත්තේ පිළිකුල් නොවන්නේ” යන්නෙහි ආඩම්බර යනු උඩඟු හෝ නොනැමෙනගති තුනකි. එනම් කයේ උඩඟුකම වචනයේ උඩඟුකම, සිතේ උඩඟුකම යනුයි. කයේ උඩඟුකම කෙසේ දක්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේ ගරු කිරීමක් නොකළේ ස්ථවිර භික්ෂූන් හා හැපෙමින්ද සිටියි. ගැටෙමින්ද හිඳගනියි. මුලින්ද සිටියි. පෙරටුවද හිඳගනියි. උස් ආසනයෙහිද හිඳගනියි. හිස පටන් වසා හිඳගනියි. සිටි වනම කථාකරයි. අත් වනමින්ද කථා කරයි. මෙසේ සඟ මැදට ගියේ කායික උඩඟුකම අඟවයි. කෙසේ සමූහයා මැදට ගියේ කායික උඩඟුකම දක්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් සමූහයා මැදට ගියේ ගරුකිරීමක් නැතිවූයේ සක්මන් කරණ වහන් නොපයලු ස්ථවිර භික්ෂූන් සමග වහන් පයලා සක්මන් කරයි. ස්ථවිර භික්ෂූන් පහත් සක්මන්හි සක්මන් කරද්දී උස්වූ සක්මන්හි සක්මන් කරයි. ස්ථවිර භික්ෂූන් (සක්මන් මලුව නැති) බිම සක්මන් කරද්දී සක්මනෙහි සක්මන් කරයි. ගැටෙන්නේද සිටියි. පෙරටුවද හිඳියි. උස් අසුනෙහි හිඳියි. හිසපටන් පොරවාද හිඳියි. සිටිවනම කථාකරයි. අත්වනමින්ද කථාකරයි. මෙසේ සමූහයා මැදට ගියේ කායික උඩඟුකම පෙන්වයි. භොජනශාලාවෙහි කායික උඩඟුකම කෙසේ දක්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් භොජන ශාලාවෙහි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා හැපී හිඳ ගනියි. නවක භික්ෂූන් අසුනෙන් වළක්වයි. ගැටෙමින් සිටියි. ගැටෙමින් හිඳියි. පෙරටුවද සිටියි. පෙරටුවද හිඳියි උස් අසුනෙහිද හිඳියි. හිසපටන් පොරවාද හිඳියි. සිටි වනම කථා කරයි. අත වනමින්ද කථා කරයි. මෙසේ භොජන ශාලාවෙහි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ ගිනිහල්ගෙයි කායික උඩඟුකම පෙන්වයිද, මෙහි ඇතැම් පුද්ගලයෙක් ගිනිහල්ගෙයි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා ගැටෙමින් සිටියි. ගැටෙමින් හිඳියි. පෙරටුවද සිටියි. පෙරටුවද හිඳියි. උස් අසුනෙහිද හිඳියි. නොඅසා නොකියාම දර ඉවත් කරයි. දොරද වසයි. අත්වනමින්ද කථාකරයි. මෙසේ ගිනිහල්ගෙයි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ (නාන) තොටෙහි කායික උඩඟුකම පෙන්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් නාන තොටෙහි ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් හා ගැටෙමින් දියට බසියි. පෙරටුවද බසියි. ගැටෙන්නේද නායි, පෙරටුවද නායි, මත්තෙහිද නායි. ගැටෙන්නේද ගොඩනගියි. පෙරටුවද ගොඩ නගියි. මත්තෙන්ද ගොඩ නගියි. මෙසේ නාන තොටෙහි කායික උඩඟුකම පෙන්වයි. කෙසේ ඇතුළු ගමට පිවිසෙන්නේ කායික උඩඟුකම දක්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇතුළු ගමට පිවිසෙන්නේ ‘ස්වාමීනි, ඇතුළු නොවන්නයයි’ කියමින් ඇතුළුවෙයි. ‘ස්වාමීනි, නොසිටින්නයයි’ කියමින් නැගිට සිටියි. ස්වාමීනි, හිඳ නොගන්නයයි කියමින් හිඳ ගනියි ඉඩ නැති කොටද සිටියි. ඉඩ නැතිකොටද හිඳ ගනියි. ඉඩනැති තැනද හිඳ ගනියි. යම් ඒ ගෙදරවල වැසුන රහසිගත කාමර වෙත්ද, යම් තැනක කුල ස්ත්‍රීවරු දූ වරු කුලකුමාරිකාවරු හිඳගනිත්ද එහි වේගයෙන් පිවිසෙයි. කුමරුවන්ගේද හිස අතගායි. මෙසේ ඇතුළු ගමට හෝ (ගෙට) පිවිසියහුගේ කායික උඩඟුකම පෙන්වයි.
6 “කෙසේ වචනයේ උඩඟුකම පෙන්වයිද” මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේද වචනයේ උඩඟුකම පෙන්වයි. ගණයා මැදට ගියේද වචනයේ උඩඟුකම පෙන්වයි. ඇතුළු ගමට පිවිසියේද වචනයේ උඩඟුකම පෙන්වයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් සංඝයා මැදට ගියේ ස්ථවිර භික්ෂූන් නොවිචාරා හෝ ආරාධනා නොකොට හෝ බණ කියයි. ප්‍රශ්න විසඳයි. ප්‍රාතිමොක්ෂය දේශනා කරයි. සිටිවනම කියයි. අත් වනමින් කථාකරයි. මෙසේ සඟ මැදට ගියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
7 ගණයා මැදට ගියේ කෙසේ වචනයේ උඩඟුකම පෙන්වයිද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ගණයා මැදට ගියේ ගරුත්වයක් නැත්තේ ස්ථවිර භික්ෂූන් නොවිචාරා හෝ ආරාධනා නොකොට හෝ ආරාමයට ගිය භික්ෂූන්ට බණ කියයි. ප්‍රශ්න විසඳයි සිටිවනම කියයි. අතවනමින්ද කථා කරයි. ආරාමගතවූ භික්ෂූණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට බණ කියයි. ප්‍රශ්න විසඳයි, සිටිවනම කියයි. අතවනමින්ද කථාකරයි. මෙසේ ගණයා මැදට ගියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
8 කෙසේ ඇතුළු ගමට පිවිසියේ කායික උඩඟුකම වෙන්වෙයිද මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇතුළු ගමට පිවිසියේ ස්ත්‍රියකට හෝ කුමාරියකට හෝ මෙසේ කියයි. මෙබඳු නම් ඇත්තිය, මෙබඳු ගොත්‍ර ඇත්තිය, කුමක් තිබේද? කැඳ තිබේද, බත් තිබේද, කන දෙයක් තිබේද කවරක් බොමුද, කවරක් කමුද, කුමක් ඇත්තේද කවරක් මට පෙන්වන්නෙහිදැයි’ නන්දොඩවයි. යම් මෙබඳුවූ වචනයක් හිස් කථාවක්, නන්දෙඩීමක් නැලවිලි කථාවක් වේද, මෙසේ ඇතුළුගමට පිවිසියේ වචනයේ උඩඟුකම පෙන්වයි.
චෛතසික උඩඟුකම කෙසේද’ මෙහි ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයකින් පැවිදි නොවූයේ උසස් කුලයකින් පැවිදිවූවකු සමග තමා සමානව සිතින් පිළිගනියි. මහා කුලයකින් පැවිදිනුවූයේ මහා කුලයකින් පැවිදිවූවකු සමග තමා සමානව සිතින් පිළිගනියි. මහා භොග කුලයකින් පැවිදිනුවූයේ මහාභොග කුලයකින් පැවිදිවූවකු සමග සිතින් තමා පිළිගනියි. මහත්වූ භොග ඇති කුලයකින් පැවිදිනුවූයේ මහත්වූ භොග ඇති කුලයකින් පැවිදිවූවකු සමග සිතින් තමා පිළිගනියි. සූත්‍රාන්තිකයෙකු නොවූයේ සූත්‍රාන්තිකයක් සමග තමා සිතින් පිළිගනියි. විනය ධරයෙක් නොවූයේ ධර්ම කථිකයෙක් නොවූයේ. ආරඤ්ඤිකයෙක් නොවූයේ පිණ්ඩපාතිකයෙක් නොවූයේ, පාංශුකූලිකයෙක් නොවූයේ, තෙචීවරිකයෙක් නොවූයේ, සපදානචාරික නොවූයේ, ඛලුපච්ඡා භත්තිකනොවූයේ, නෙසජ්ජික නොවූයේ, යථාසන්තතික නොවූයේ, ප්‍රථමධ්‍යානය නොලැබූයේ ප්‍රථමධ්‍යානය ලැබූවකු සමග සිතින් තමා පිළිගනියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති ලාභීනොවූයේ නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති ලාභියකු සමග තමා සිතින් පිළිගනියි. මේ චෛතසික උඩඟුකමයි. යමෙකුගේ මේ තුන් (උඩඟුකම) නොහික්මීම් ප්‍රහීණවූවාහුද මුලින් සිඳුනාහුද ශාන්තද, සංසිඳුනාහුද ඉපදීමට අයොග්‍යවූවාහුද ඥානය නමැති ගින්නෙන් දැවුනාහුද හෙතෙම උඩඟු නැති (හික්මුන) පුද්ගලයායයි කියයි.
9 පිළිකුල් නොවන්නේ යනු පිළිකුල් කටයුතු පුද්ගලයෙක් ඇත. පිළිකුල් නොකටයුතු පුද්ගලයෙක් ඇත. පිළිකුල් කටයුතු පුද්ගලයා කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද පාපධර්ම ඇත්තේද, කැතකුණු පිරුණු තැනක් බඳුවූයේ රහසෙහි කරණ වැඩ ඇත්තේ අශ්‍රමණව ශ්‍රමණයයි අඟවන්නේ අබ්‍රහ්මචාරීව බ්‍රහ්මචාරීයයි අඟවන්නේ, ඇතුළත කුණුව වැගිරෙණ කසල ඇත්තේද, මේ පුද්ගල තෙම පිළිකුල් කටයුතුයයි කියයි. යලිදු හෝ බලවත් සිත්තැවුල් ඇත්තේ ක්‍රොධ ඇත්තේ වේද, ටිකක් කථා කළේ, කිපේද, තරහ ඇතිකෙරේද, කොපයද ද්වේෂයද නොසතුටද පහළ කරයි. මේ පිළිකුල් කටයුතු පුද්ගලයා වෙයි. යලිදු හෝ ක්‍රොධ ඇත්තේද, බද්ධ වෛර ඇත්තේද, ගුණමකු බව ඇත්තේද, අනුන් දොස් සොයන්නේද, ඊෂ්‍යා ඇත්තේද, මසුරු ඇත්තේද, කපටිකම් ඇත්තේද, රැවටිල්ලෙන් යුක්තද, තද ගති ඇත්තේද, අතිමානයෙන් යුක්තද, පාපීවූ ආශා ඇත්තේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේද, මෙලොව බලාපොරොත්තු වන්නේද, අමාරුවෙන් බැහැර කටයුතු දැඩිව අල්වා ගැනීම් ඇත්තේද, මේ පිළිකුල් කටයුතු පුද්ගලයා වෙයි. පිළිකුල් නොකටයුතු පුද්ගලයා කවරේද? මෙහි භික්ෂුතෙම සිල් ඇත්තේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් හික්මුනේ වාසය කෙරේද, ආචාරයෙන් ගෝචරයෙන් යුක්තවූයේ ස්වල්පවූ වරදෙහිද භය දකිමින් වාසය කරන්නේ ශික්ෂා පදයන් සමාදන්ව හික්මේද, මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයා යයි කියයි. යලිදු හෝ සිත් තැවීම් බහුලකොට නැත්තේ ක්‍රොධ නැත්තේවේද, බොහෝ දේ කීවේද නොකීවේද තරහ නොවේද, කෝපයද ද්වේෂයද නොසතුටද ඇති නොකෙරේද, මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයායයි කියයි. යලිදු හෝ ක්‍රොධ නැත්තේවේද, බද්ධ වෛර නැත්තේ වේද, ගුණමකු නොවූයේවේද, අනුන් දොස් නොසොයන්නේ වේද, ඊෂ්‍යා නැත්තේවේද මසුරු නැත්තේවේද, කෛරාටික නුවුයේවේද, රැවටිලි නැත්තේ වේද, තද ගති නැත්තේ වේද, අතිමානය නැත්තේවේද, පාපීවූ ආශා නැත්තේ වේද, මිථ්‍යාදෘෂ්ටි නොවේද, මෙලොව ආශාව බලවත් නොවේද, දැඩිව අල්වා නොගන්නේ පහසුවෙන් බැහැර කළ හැක්කේවේද මේ පිළිකුල් නොකටයුතු පුද්ගලයායයි කියයි. සියලු බාල පෘථග්ජනයෝ පිළිකුල් කටයුත්තෝය. කළ්‍යාණ පෘථග්ජනයාගේ පටන් අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝ පිළිකුල් නොකටයුත්තෝය යනුයි.
10 “කේලාම් කීමෙහිද නොයෙදුණේ” යන්නෙහි “කේලාම් කීමක්” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් කේලාම් කියන්නේවේද, මොවුන්ගේ භෙදය පිණිස මෙතනින් අසා අසවල් තැන කියන්නේවේද, අර අයගේ භෙදය පිණිස එතන්හි අසා මොවුන්ට කියන්නේද මෙසේ සමගිවූවන්ගේ භෙදය පිණිස බිඳුනවුන් තවත් බිඳීම පිණිස යෙදෙන්නේ භෙද කිරීමෙහි ඇලෙන්නේ භෙද කරණ වචන කියන්නේ වෙයි. මෙය “කේලම” යයි කියයි නැවතද, කරුණු දෙකකින් කේලම ඇතිකරයි. ප්‍රිය කරගැණීම පිණිස හෝ බිඳීමේ බලාපොරොත්තුවෙන් හෝ යනුයී. ප්‍රියකර ගැණීම පිණිස කෙසේ කේලම ඇතිකරයිද, මොහුට ප්‍රිය වන්නෙමි. මනාප වන්නෙමි. විශ්වාස වන්නෙමි. අභ්‍යන්තරික වන්නෙමි. යහලුවන්නෙමියි’ මෙසේ ප්‍රියකර ගැණීමේ හේතුවෙන් කේලම ඇතිකරයි. බිඳීමේ අදහසින් කෙසේ කේලම ඇති කරයිද, මොවුහු කෙසේ නොයෙක් කොටස්වලට බෙදෙන්නාහුද, වෙන් වන්නාහුද, වර්ග වන්නාහුද, දෙකට බෙදෙන්නාහුද, දෙපක්ෂයක් වන්නාහුද, බිඳෙන්නාහුද, සමාගම නොවන්නාහුද, දුක්වූ අඵාසු විහරණයක් කරන්නාහුදැයි මෙසේ බිඳීමේ අදහසින් කේලම ඇති කරයි. යමෙකුගේ මේ කේලම ප්‍රහීණවූයේද මුලින් සින්දේද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍ය වූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කේලමින් යුක්ත නොවූයේය, නොයෙදුනේය යනුයි.
|
|
88
සාතියෙසු අනස්සාවී, අතිමානෙ ච නො යුතො;
සණ්හො ච පටිභානවා, න සද්ධො න විරජ්ජති.
සාතියෙසු අනස්සාවීති.
සාතියා වුච්චන්ති පඤ්ච කාමගුණා. කිංකාරණා සාතියා වුච්චන්ති පඤ්ච කාමගුණා? යෙභුය්‍යෙන දෙවමනුස්සා පඤ්ච කාමගුණෙ ඉච්ඡන්ති සාතියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති, තංකාරණා සාතියා වුච්චන්ති පඤ්ච කාමගුණා. යෙසං එසා සාතියා තණ්හා අප්පහීනා තෙසං චක්ඛුතො රූපතණ්හා සවති ආසවති
(පසවති (ස්‍යා.)) සන්දති පවත්තති, සොතතො සද්දතණ්හා... ඝානතො ගන්ධතණ්හා... ජිව්හාතො රසතණ්හා... කායතො ඵොට්ඨබ්බතණ්හා... මනතො ධම්මතණ්හා සවති ආසවති සන්දති පවත්තති. යෙසං එසා සාතියා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා තෙසං චක්ඛුතො රූපතණ්හා න සවති නාසවති
(න පසවති (ස්‍යා.)) න සන්දති න පවත්තති
අතිමානෙ ච නො යුතොති. කතමො අතිමානො? ඉධෙකච්චො පරං
සණ්හො ච පටිභානවාති.
සණ්හොති සණ්හෙන කායකම්මෙන සමන්නාගතොති සණ්හො, සණ්හෙන වචීකම්මෙන... සණ්හෙන මනොකම්මෙන සමන්නාගතොති සණ්හො, සණ්හෙහි සතිපට්ඨානෙහි සමන්නාගතොති සණ්හො, සණ්හෙහි සම්මප්පධානෙහි... සණ්හෙහි ඉද්ධිපාදෙහි... සණ්හෙහි ඉන්ද්‍රියෙහි... සණ්හෙහි බලෙහි... සණ්හෙහි බොජ්ඣඞ්ගෙහි සමන්නාගතොති සණ්හො, සණ්හෙන අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතොති - සණ්හො.
පටිභානවාති
න සද්ධො න විරජ්ජතීති.
න සද්ධොති සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මං න කස්සචි සද්දහති අඤ්ඤස්ස සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා දෙවස්ස වා මාරස්ස වා බ්‍රහ්මුනො වා. ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති සාමං සයං අභිඤ්ඤාතං...පෙ....
වුත්තඤ්හෙතං භගවතා - ‘‘සද්දහසි ත්වං, සාරිපුත්ත, සද්ධින්ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං
‘‘න ඛ්වාහං එත්ථ, භන්තෙ, භගවතො සද්ධාය ගච්ඡාමි සද්ධින්ද්‍රියං... වීරියින්ද්‍රියං... සතින්ද්‍රියං... සමාධින්ද්‍රියං... පඤ්ඤින්ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. යෙසං නූනෙතං, භන්තෙ
‘‘සාධු සාධු, සාරිපුත්ත! යෙසඤ්හෙතං, සාරිපුත්ත, අඤ්ඤාතං අස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය, තෙ තත්ථ පරෙසං සද්ධාය ගච්ඡෙය්‍යුං සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං
‘‘අස්සද්ධො අකතඤ්ඤූ ච, සන්ධිච්ඡෙදො ච යො නරො;
හතාවකාසො වන්තාසො, ස වෙ උත්තමපොරිසො’’ති.
න සද්ධො න විරජ්ජතීති. සබ්බෙ බාලපුථුජ්ජනා රජ්ජන්ති, පුථුජ්ජනකල්‍යාණකං උපාදාය සත්ත සෙක්ඛා විරජ්ජන්ති. අරහා නෙව රජ්ජති නො විරජ්ජති, විරත්තො සො ඛයා රාගස්ස වීතරාගත්තා ඛයා දොසස්ස වීතදොසත්තා, ඛයා මොහස්ස වීතමොහත්තා. සො වුට්ඨවාසො චිණ්ණචරණො...පෙ.... ජාතිමරණසංසාරො නත්ථි
තෙනාහ
‘‘සාතියෙසු අනස්සාවී, අතිමානෙ ච නො යුතො;
සණ්හො ච පටිභානවා, න සද්ධො න විරජ්ජතී’’ති.
|
88
(10 - 6)
1 “ඇලුම් කටයුතු දේවල නොඇලෙන්නේ” යන්නෙහි “ඇලුම් කටයුතු” යනු පංචකාම ගුණයන්ට කියත්. බොහෝ සෙයින් දිව්‍ය මනුෂයෝ පංචකාම ගුණයන් කැමති වෙත්. රස විඳිත්. බලාපොරොත්තු වෙත්. ආශා කරත්. ඇලෙත්. ඒ කාරණයෙන් පංචකාම ගුණයෝ “ඇලුම් කටයුතු” යයි කියත්. යම් කෙනෙකුන්ගේ මේ “ඇලුම් කටයුතු” නම් තෘෂ්ණාව ප්‍රහීණ නුවූයේද, ඔවුන්ගේ ඇසින් රූප තෘෂ්ණාව වැගිරෙයිත ගලයි, පවතියි. කණින් ශබ්ද තෘෂ්ණාව, නාසයෙන් ගන්ධ තෘෂ්ණාව, දිවෙන් රශ තෘෂ්ණාව, කයින් ස්පර්ශ තෘෂ්ණාව, සිතින් ධර්ම තෘෂ්ණාව වැගිරෙයි, ගලයි, පවතියි, යම් කෙනෙකුන්ගේ මේ “ සාතියා” නම් තෘෂ්ණාව ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, ශාන්තවූයේද, ඉපදීමට අයොග්‍ය වූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, ඔවුන්ගේ ඇසින් රූප තෘෂ්ණාව (iv) නොවැගිරෙයි. නොගලයි. නොපවතියි. (v) කනින් ශබ්ද තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) නාසයෙන් ගන්ධ තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) දිවෙන් රස තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) කයින් ස්පර්ශ තෘෂ්ණාව (මෙහි (iv) යෙදිය යුතුයි.) සිතින් ධර්ම තෘෂ්ණාව නොවැගිරෙයි, නොගලයි, නොපවතියී.
2 “අතිමානයේද නොයෙදුණේ” යන්නෙහි අතිමානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙක් (ii) ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ ශරීර පැහැයෙන් හෝ ධනයෙන් හෝ වෙනින් අනික් දෙයකින් හෝ අන්‍යයා පහත් කොට සිතයි (iii) යම්බඳු සිතේ මේ බඳුවූ මානයක් සිතීමක් උසස් කමක් උඩට ඔසවා ගත් ධජයක් සේ ගැන්මක් කොඩියක් සේ කිරීමක් ඇද්ද, මෙය අතිමාන යයි කියයි. යමෙකුගේ මේ අතිමානය, ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද සංසිඳුනේද, ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අතිමානයෙහි නොයෙදුනේය යනුයි.
3 “තීක්ෂණවූයේ, වැටහීම් ඇත්තේ” යන්නෙහි “තීක්ෂණ” යනු මෘදු යනුයි. මෘදුවූ වාග් කර්මයෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ මනො කර්මයෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ සිහිය පිහිටුවීමෙන් යුක්තනුයි සණ්හ නමි. මෘදුවූ සම්‍යක් ප්‍රධානයන්ගෙන් යුක්තනුයි “තීක්ෂණ” නමි. මෘදුවූ ඍද්ධි පාදයන්ගෙන් යුක්තනුයි. මෘදුවූ ඉන්ද්‍රිය යන්ගෙන් මෘදුවූ බලයන්ගෙන් මෘදුවූ බොධ්‍යංගයන්ගෙන් මෘදුවූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තනුයි තීක්ෂණ නමි. “වැටහීම් ඇත්තේ” යනු ප්‍රතිභානවත්හු තිදෙනෙකි. පරියත්ති ප්‍රතිභානය ඇත්තා, පරිපුච්ඡා ප්‍රතිභානය ඇත්තා, අධිගම ප්‍රතිභානය ඇත්තා යනුයි. පරියත්ති ප්‍රතිභානය ඇත්තා කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙකුට (ii) සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණ, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මයන්ගේ දැනීම ප්‍රකෘතියෙන්ම ඇත්තේ වෙයි. ඔහුට පර්යාප්ති ආශ්‍රයෙන් වැටහෙයි. මේ පර්යාප්ති වැටහීමයි. පරිපුච්ඡා ප්‍රතිභානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙක්, ආත්මාර්ථයෙහිද, ඥානාර්ථයෙහිද, ලක්ෂණයෙහිද, කාරණයෙහිද, ස්ථානස්ථානයෙහිද ප්‍රශ්න කිරීම වෙයි. ඔහුට ඒ විචාරීම ආශ්‍රයයෙන් ඇතිවෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභානයයි. අධිගම ප්‍රතිභානය කවරේද, මෙහි ඇතැම් පුද්ගලයෙකුට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, සතර ආර්‍ය්‍ය මාර්ගයෝ සතර සාමඤ්ඤ ඵල, සතර ප්‍රතිසම්භිදාවෝ, ෂඞ් අභිඥාවෝ, දැන ගත්තාහු වෙත්. ඔහුට අර්ථය ප්‍රකටය, ධර්මය ප්‍රකටය, නිරුක්තිය ප්‍රකටය, අර්ථය ප්‍රකට කල්හි අර්ථය වැටහෙයි. ධර්මය ප්‍රකට කල්හි ධර්මය වැටහෙයි. නිරුක්තිය ප්‍රකට කල්හි නිරුක්තිය වැටහෙයි. මේ තුන් ඥානයන්හි ඥානය ඇතිවීම පටිභාන පටිසම්භිදා නමි. මේ ප්‍රතිභාන ප්‍රති සම්භිදාවෙන් යුක්තවූයේද, හෙතෙම ප්‍රතිභානයෙන් යුක්තයයි කියයි. යමෙකුට පර්‍ය්‍යාප්තිය නැද්ද, පරිපුච්ඡාව නැද්ද, අධිගමය නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේද, යනුයි.
4 “අදහන්නේ නොවේ. කලකිරෙන්නේ නොවේ.” (ඇදහීම නැත්තේ ඇලීමෙන් තොරනොවේ) යනු ස්වකීය ඥානයෙන් දන්නාලද (i) තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය අන්‍යවූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ප්‍රත්‍යක්ෂ නොවෙයි. (ii) සියලු සංස්කාරයෝ අනිත්‍යයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නා ලද 4 (i) ඡේදය යෙදිය යුතුයි.) සියලු සංස්කාරයෝ දුක්යයි 4 (i) ඡේදය යෙදිය යුතුයී) සියලු ධර්මයෝ අනාත්මයයි 4 (i) ඡේදය යෙදිය යුතුයී) අවිද්‍යා හේතුවෙන් සංස්කාරයෝ (රැස්කිරීම්) ඇතිවේයයි 4 (i) ඡේදය යෙදිය යුතුයි) ජාති හේතුවෙන් ජරා මරණ වේයයි ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේයයි මෙය දුක්යයි (4 (i) ඡේදය යෙදිය යුතුයි) මේ දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි මේ කෙලෙස්යයි (4 (ii) ඡේදය යෙදිය යුතුයි) මේ කෙලෙස් නැතිකිරීමට ගමන් කිරීමේ ප්‍රතිපදාවයයි මේ ධර්මයෝ දැනගතයුතුයයි (4 (ii) ඡේදය යෙදිය යුතුයි.) ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කටයුතුයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලද (4 (i) ඡේදය යෙදිය යුතුයි.) සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ (iii) ඇතිවීමද නැතිවීමද රශවිඳීමද නික්මයාමද පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමද (4 (iii) යොදාගන්න.) සතරමහා භූතයන්ගේ ඇතිවීමද නැතිවීමද රශවිඳීමද ආදීනවයද නික්මීමද 4 (i) ඡේදය යෙදිය යුතුයි) තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලදී යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි තෙමේ ස්වකීය ඥානයෙන් දන්නාලදී. තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය අනික් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණකුට හෝ දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට ප්‍රත්‍යක්ෂ නොවේයයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ශාරීපුත්‍රය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනලද්දේ බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැස ගත්තේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි. නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි යනු ඔබ අදහන්නෙහිද වීරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය පුරුදු කරණ ලද්දේ බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ අවසන්කොට ඇත්තේ වෙයි යනුයි. ස්වාමීනි මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් යම් එනම් ශ්‍රද්ධාඉන්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. යන මේ කරුණෙහිය. ස්වාමීනි, මෙය යමෙකුට සිත් නොගන්නා ලද්දේ නොදක්නා ලද්දේද ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේද ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරණ ලද්දේද එහි ඔවුහු අනුන්ගේ ඇදහීමෙන් යන්නාහුය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේද බහුල වශයෙන් පුරුදුකරණ ලද්දේද නිවණට බැස ගත්තේ වෙයි නිවණ පිහිටකොට ඇත්තේය. නිවණ කෙළවරකොට ඇත්තේය. විරියන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැසගත්තේ වෙයි. නිවණ පිහිට කොට ඇත්තේ වෙයි. නිවණ කෙළවර කොට ඇත්තේ වෙයි. ස්වාමීනි, යම් කෙනෙකුන් විසින් මෙය ප්‍රඥාවෙන් දන්නා ලදද දකින ලදද ප්‍රත්‍යක්ෂ කරණ ලදද, ස්පර්ශ කරණ ලදද, ඔවුහු එහි සැක නැත්තාහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිර්වාණයට බැසගත්තේ වෙයි නිර්වාණය පිහිටකොට ඇත්තේ වෙයි. නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිර්වාණයට බැස ගත්තේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි ස්වාමීනි, මවිසින්ද මේ ධර්මය නුවණින් දන්නා ලද්දේය. දකින ලද්දේය, ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේය ස්පර්ශ කරණ ලද්දේය.
මම එහි සැක නැත්තෙක් වෙමි (i) ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරණ ලද්දේ වෙද, නිවණට බැස ගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. සාධු! සාධූ!! ශාරීපුත්‍රය, යම් කෙනෙකුන් විසින් නුවණින් මෙය නොදන්නා ලදද නොදක්නා ලදද ප්‍රත්‍යක්ෂ නොකරණ ලදද ඔවුහු එහි අනුන්ගේ ඇදහීමෙන් යන්නාහුය. එනම්, ශ්‍රද්ධාඉන්ද්‍රිය (මෙහි (i) යොදාගන්න) පඤ්ඤින්ද්‍රිය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ නිවණට බැස ගත්තේ වෙයි. නිවණ පිහිටකොට ඇත්තේ වෙයි. නිවණ කෙළවර කොට ඇත්තේ වෙයි. යනුවෙනි.
5 “යම් මිනිසෙක් අශ්‍රද්ධාවද කළගුණ නොදන්නා බවද ගෘහසන්ධි බිඳීමද යන මෙයට ඇති ඉඩ නැතිකෙළේ ආශාව දුරු කළේ වේද, හෙතෙම උතුම් පුරුෂයා යයි කියයි” සියලු බාල පෘථග්ජනයෝ ඇලෙති. කල්‍යාණ පෘථග්ජනයා පටන් සප්තශෛක්ෂයෝ නො ඇලෙත් රහතුන් වහන්සේ නොම ඇලේමය. නොඇලුනාවූ හෙතෙම රාගය ක්ෂය කිරීමෙන් වීතරාගවූ බැවින් ද්වේෂය ක්ෂය කිරීමෙන් වීත දෝෂ වූ බැවින් මෝහය ක්ෂය කිරීමෙන් වීත මොහවූ බැවින් හෙතෙම වැස නිමවූයේ පුරුදු කළ හැසිරීම් ඇත්තේ ඔහුට ඉපදීම් මරණ ඇති සංසාරයක් නැත, නැවත ඉපදීමක් නැත.
|
|
89
ලාභකම්‍යා න සික්ඛති, අලාභෙ ච න කුප්පති;
අවිරුද්ධො ච තණ්හාය, රසෙසු
(රසෙ ච (සී. ස්‍යා.))
නානුගිජ්ඣති.
ලාභකම්‍යා න සික්ඛති, අලාභෙ ච න කුප්පතීති. කථං ලාභකම්‍යා සික්ඛති? ඉධ, භික්ඛවෙ, භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති - ‘‘කෙන නු
අථ වා
අථ වා භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති - ‘‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’’න්ති? තස්ස එවං හොති - ‘‘අයං ඛො ආයස්මා ආරඤ්ඤිකො... පිණ්ඩපාතිකො... පංසුකූලිකො... තෙචීවරිකො... සපදානචාරිකො... ඛලුපච්ඡාභත්තිකො... නෙසජ්ජිකො... යථාසන්ථතිකො, තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා
කථං න ලාභකම්‍යා සික්ඛති? ඉධ භික්ඛු න ලාභහෙතු, න ලාභපච්චයා, න ලාභකාරණා, න ලාභාභිනිබ්බත්තියා, න ලාභං පරිපාචෙන්තො, යාවදෙව අත්තදමත්ථාය අත්තසමත්ථාය අත්තපරිනිබ්බාපනත්ථාය සුත්තන්තං පරියාපුණාති, විනයං පරියාපුණාති, අභිධම්මං පරියාපුණාති. එවම්පි න ලාභකම්‍යා සික්ඛති.
අථ
අලාභෙ
කථං අලාභෙ න කුප්පති? ඉධ භික්ඛු ‘‘කුලං වා න ලභාමි ගණං වා න ලභාමි...පෙ.... අප්පඤ්ඤාතොම්හී’’ති න කුප්පති න බ්‍යාපජ්ජති න පතිට්ඨීයති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. එවං අලාභෙ න කුප්පතීති - ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති.
අවිරුද්ධො
යථා
තෙනාහ
‘‘ලාභකම්‍යා
අවිරුද්ධො ච තණ්හාය, රසෙසු නානුගිජ්ඣතී’’ති.
|
89
(10 - 7)
1 “ලාභ කැමැත්තෙන් නොහික්මෙයි. අලාභයෙහිදීද නොකිපෙයි. ලාභය කැමැත්තෙන් නොහික්මෙයි. අලාභයෙහිද නොකිපෙයි” යන්නෙහි කෙසේ ලාභය කැමැත්තෙන් හික්මේද? “මහණෙනි, මෙහි මහණතෙම ලාභය ඇති, සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන භික්ෂුවක් දකියි. ඔහුට මේ අදහස වෙයි. මේ ආයුෂ්මත්තෙම කවර හේතුවකින් සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක්වීද, යනුයි. ඔහුට මේ අදහස වෙයි.
(ii) මේ ආයුෂ්මත්තෙම සූත්‍ර පිටකය උගත් කෙනෙක. එබැවින් මේ ආයුෂ්මත්තෙම (iii) සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. හෙතෙම ලාභය හේතුවෙන් ලාභය ඉපදීමේ බලාපොරොත්තුවෙන් ලාභය දියුණුකරන්නේ සූත්‍ර පිටකය ඉගෙණගනියි. මෙසේද ලාභය කැමැත්තෙන් හික්මෙයි (iv) ඔහුට මේ අදහස වෙයි. මේ ආයුෂ්මත්තෙම විනය උගත් කෙනෙක මෙහි (ii) (iii) යෙදිය යුතුහි ධර්ම කථිකයෙක. අභිධර්මය උගත් කෙනෙක. මෙහි (ii) (iii) යෙදිය යුතුයි.
ඔහුට මේ අදහසවෙයි. මේ ආයුෂ්මත්තෙම් ආරඤ්ඤීකයෙක. පිණ්ඩපාතිකයෙක, පංශුකූලිකයෙක, තෙචීවරිකයෙක, සපදාන චාරිකයෙක ඛලුපච්ඡාභත්තිකයෙක, නෙසජිජිකයෙක යථාසන්තතිකයෙක, එබැවින් මේ ආයුෂ්මත් තෙම සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. (සිතා) හෙතෙම ලාභ හේතුවෙන් ලාභය ඉපදීම පිණිස ලාභය දියුණුකරන්නේ ආරඤ්ඤිකයෙක් වෙයි (7-4) 1 (v) ඡේදයේ “ප්‍රථමධ්‍යානය” යන තැන් දක්වා යෙදිය යුතුයි) මෙසේද ලාභය කැමැත්තෙන් හික්මෙයි. කෙසේ ලාභය නොකැමැත්තේ හික්මේද? මෙහි මහණතෙම ලාභාශාවෙන් තොරව ලාභය නූපදවන්නේ ලාභය දියුණු නොකරන්නේ යම්තාක් ආත්ම දමනය පිණිස ආත්මය තැන්පත්වීම පිණිස ආත්මය නිවීම පිණිස සූත්‍ර පිටකය ඉගෙණ ගනියි. විනය ඉගෙණ ගනියි අභිධර්මය ඉගෙණ ගනියි මෙසේද ලාභය නොකැමැත්තෙන් හික්මෙයි.
2 “අලාභයෙහිද නොකිපෙයි” යනු මෙසේ අලාභයෙහි නොකිපේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් මම කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. ආවාස හෝ නොලබමි. (ii) ලාභය හෝ නොලබමි. කීර්තිය හෝ නොලබමි. ප්‍රශංසාව හෝ නොලබමි. සැපය හෝ නොලබමි. සිවුරු හෝ නොලබමි. පිණ්ඩපාතය හෝ නොලබමි. සෙනාසනය හෝ නොලබමි. ගිලන්පස බෙහෙත් පිරිකර හෝ නොලබමි. ගිලානුපස්ථානයකු හෝ නොලබමි. (iii) ප්‍රකට නොවීමියි කිපෙයි. කෝපයද තරහද නොසතුටද ඇතිකරයි. මෙසේ අලාභයෙහි කිපෙයි. කෙසේ අලාභයෙහි නොකිපේද? මෙහි මහණතෙම කුලය හෝ නොලබමි. ගණයා හෝ නොලබමි. මෙහි (ii) යෙදිය යුතුයි. ප්‍රකට නොවීමියි නොකිපෙයි. කෝපයද තරහද නොසතුටද ඇති නොකරයි. මෙසේ අලාභයෙහි නොකිපෙයි යනුයි.
3 “කෝපය නැත්තේ තෘෂ්ණාවෙහිද රශයෙහිද නො ඇලෙයි” යනු යම් සිතේ ක්‍රෝධයක් ප්‍රතිවිරොධයක් කෝපයක් ප්‍රකෝපයක් සම්ප්‍රකෝපයක් අමනාපයක් කඳුලු හෙලීමක් නොසතුටුබවක් ඇද්ද, මේ විරොධයයි. යමෙකුගේ මේ විරොධය නම් තෘෂ්ණාව ප්‍රහීණද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අවිරුද්ධ හෙවත් කෝපය නැත්තෙකැයි කියයි. “තෘෂ්ණා” යනු රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා ධර්ම තෘෂ්ණා යනුයි.
4 “රශ” නම් මූල රශය, කඳේ රශය, පොත්තේ රශය, කොළ රශය, මල් රශය, ගෙඩි රශය, ඇඹුල් රශය, මිහිරි රශය, තික්ත රශය, කටුක රශය, ලුණු රශය, කසට මිහිරි, අමිහිරි ශීත උෂ්ණ යනුයි. රශයෙහි ගිජුවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත. ඔවුහු දිව අගින් අග්‍ර රශයන් සොයන්නාහු ඇවිදිත්. ඔවුහු ඇඹුල් ලැබ ඇඹුල් නැති දේ සොයත්. ඇඹුල් නැති දේ ලැබ ඇඹුල් සොයත්. මිහිරිදේ ලැබ අමිහිරි දේ සොයත්. තික්ත දේ ලැබ තික්ත නැතිදේ සොයත්. තික්ත නැති දේ ලැබ තික්ත දේ සොයත්. කටුක දේ ලැබ කටුක නැති දේ සොයත්. කටුක නැති දේ ලැබ කටුක දේ සොයත්. ලුණු ඇති දේ ලැබ ලුණු නැති දේ සොයත්. ලුණු නැති දේ ලැබ ලුණු ඇති දේ සොයත්. කර රශ දේ ලැබ කර රශ නැති දේ සොයත්. කර රශ නැති දේ ලැබ කර රශ ඇති දේ සොයත්. කසට රශ නැති දේ ලැබ කසට දේ සොයත්. කසට දේ ලැබ කසට නැති දේ සොයත්, මිහිරි දේ ලැබ අමිහිරි දේ සොයත්. අමිහිරි දේ ලැබ මිහිරිදේ සොයත් මිහිරි දේ ලැබ අමිහිරි දේ සොයත්. ශීතය ලැබ උෂ්ණය සොයත්. උෂ්ණය ලැබ ශීතය සොයත්. ඔවුහු යම් යම්දෙයක් ලැබ ඒ ඒ දෙයින් සන්තොෂ නොවෙත්. අනික් අනික් දේ සොයත්. මනවඩන රශයන්හි ඇලුනාවූ ගිජුවුනාවූ ගැටුනාවූ, මුලාවුනාවූ බැස ගත්තාවූ ලැගුනාවූ ගැලුනාවූ යනුයි. යමෙකුගේ මේ රශ තෘෂ්ණාව මුලින් සිඳුනේද, ශාන්තවූයේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම නුවණින් මෙනෙහිකොට ආහාරය සොයයි. ක්‍රීඩාව පිණිස නොවේ. තරුණමදය පිණිස නොවේ. අලංකාර පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස බඩසාදුක හරණ පිණිස බඹසර රක්නා පිණිස වේ. මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි. අළුත් වේදනාව නූපදවන්නෙමි. මාගේ සතර ඉරියව්හි පැවැත්මද නිවරද බැව්ද යෙහෙන් විසීමද වන්නේය. යම්සේ ගස් සිටුවීම පිණිස කැළයක් ගිනි තබන්නේද යම්සේ බර තරණය කිරීම පිණිස රථ රෝද සම්බන්ධ කරණ අලවංගුව තෙල් ගා උලාද යම්සේ කාන්තාරය තරණය කිරීම පිණිස පුත්‍ර මාංශාහාරය ගන්නේද එපරිද්දෙන්ම භික්ෂුතෙම නුවණින් මෙනෙහි කොට ආහාරය වළඳයි රශ තෘෂ්ණාව දුරුකරයි. සන්සිඳුවයි. අභාවයට පමුණුවයි. (මෙහි (10-7) 4 ඡේදය යෙදිය යුතුයි) රශ තෘෂ්ණාවෙන් දුරුවූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුනෙක් වන්නේය. සීමා රහිත සිතින් වාසය කරයි යනුයි.
|
|
90
උපෙක්ඛකො සදා සතො, න ලොකෙ මඤ්ඤතෙ සමං;
න විසෙසී න නීචෙය්‍යො, තස්ස නො සන්ති උස්සදා.
උපෙක්ඛකො සදා සතොති.
උපෙක්ඛකොති ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතො. චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. චක්ඛුනා රූපං දිස්වා මනාපං නාභිගිජ්ඣති නාභිහංසති
(නාභිහසති (සී. ස්‍යා.)) න රාගං ජනෙති, තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. චක්ඛුනා
චක්ඛුනා රූපං දිස්වා මනාපාමනාපෙසු රූපෙසු තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. සොතෙන සද්දං සුත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය මනාපාමනාපෙසු ධම්මෙසු තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං.
චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ න රජ්ජති, දුස්සනීයෙ
(දොසනීයෙ (බහූසු)) න දුස්සති, මොහනීයෙ න මුය්හති, කොපනීයෙ න කුප්පති, මදනීයෙ න මජ්ජති, කිලෙසනීයෙ න කිලිස්සති. සොතෙන සද්දං සුත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය රජනීයෙ න රජ්ජති දුස්සනීයෙ න දුස්සති, මොහනීයෙ න මුය්හති, කොපනීයෙ න කුප්පති, මදනීයෙ න මජ්ජති, කිලෙසනීයෙ න කිලිස්සති. දිට්ඨෙ
සංවිජ්ජති අරහතො චක්ඛු, පස්සති අරහා චක්ඛුනා රූපං. ඡන්දරාගො
චක්ඛු රූපාරාමං රූපරතං රූපසම්මුදිතං, තං අරහතො දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං, තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. සොතං සද්දාරාමං...පෙ.... ඝානං ගන්ධාරාමං... ජිව්හා රසාරාමා රසරතා රසසම්මුදිතා, සා අරහතො දන්තා ගුත්තා රක්ඛිතා සංවුතා, තස්සා ච සංවරාය ධම්මං දෙසෙති. කායො ඵොට්ඨබ්බාරාමො...පෙ.... මනො ධම්මාරාමො ධම්මරතො ධම්මසම්මුදිතො, සො අරහතො දන්තො ගුත්තො රක්ඛිතො සංවුතො, තස්ස ච සංවරාය ධම්මං දෙසෙති.
‘‘දන්තං නයන්ති සමිතිං, දන්තං රාජාභිරූහති;
දන්තො සෙට්ඨො මනුස්සෙසු, යොතිවාක්‍යං තිතික්ඛති.
‘‘වරමස්සතරා
කුඤ්ජරා ච මහානාගා, අත්තදන්තො තතො වරං.
‘‘න හි එතෙහි යානෙහි, ගච්ඡෙය්‍ය අගතං දිසං;
යථාත්තනා සුදන්තෙන, දන්තො දන්තෙන ගච්ඡති.
‘‘විධාසු
දන්තභූමිමනුප්පත්තා, තෙ ලොකෙ විජිතාවිනො.
‘‘යස්සින්ද්‍රියානි
නිබ්බිජ්ඣ ඉමං
(නිබ්බිජ්ඣිමං (ස්‍යා.), නිබ්බිජ්ජ ඉමං (ක.)) පරඤ්ච ලොකං, කාලං කඞ්ඛති භාවිතො ස දන්තො’’ති.
උපෙක්ඛකො සදාති. සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං...පෙ.... පච්ඡිමෙ වයොඛන්ධෙ.
සතොති චතූහි කාරණෙහි සතො - කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු... චිත්තෙ... ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො...පෙ.... සො වුච්චති සතොති - උපෙක්ඛකො සදා සතො.
න ලොකෙ මඤ්ඤතෙ සමන්ති. ‘‘සදිසොහමස්මී’’ති මානං න ජනෙති ජාතියා වා ගොත්තෙන වා...පෙ.... අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති - න ලොකෙ මඤ්ඤතෙ සමං.
න විසෙසී න නීචෙය්‍යොති. ‘‘සෙය්‍යොහමස්මී’’ති අතිමානං න ජනෙති ජාතියා වා ගොත්තෙන වා...පෙ.... අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා
තස්ස නො සන්ති උස්සදාති.
තස්සාති අරහතො ඛීණාසවස්ස.
උස්සදාති සත්තුස්සදා - රාගුස්සදො දොසුස්සදො මොහුස්සදො මානුස්සදො දිට්ඨුස්සදො කිලෙසුස්සදො කම්මුස්සදො. තස්සිමෙ උස්සදා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - තස්ස නො සන්ති උස්සදා.
තෙනාහ භගවා -
‘‘උපෙක්ඛකො සදා සතො, න ලොකෙ මඤ්ඤතෙ සමං;
න විසෙසී න නීචෙය්‍යො, තස්ස නො සන්ති උස්සදා’’ති.
|
90
(10 - 8)
1 “උපෙක්ෂා ඇත්තේ හැමකල්හි සිහි ඇත්තේ වෙයි” යන්නෙහි උපෙක්ෂා ඇත්තේ යනු අංග සයකින් යුක්තවූ උපෙක්ෂා ඇත්තේ යනුයි. (ii) ඇසින් රූපය දැක සතුටු නොවෙයි, නොසතුටු නොවෙයි. සිහි ඇත්තේ මනා නුවණැත්තේ මධ්‍යස්ථව වාසය කරයි. (iii) කණින් ශබ්දය අසා (මෙහි (ii) යෙදිය යුතුයි) නාසයෙන් ගඳසුවඳක් දැන (මෙහි (ii) යෙදිය යුතුයි) දිවෙන් රසයක් විඳ (මෙහි (ii) යෙදිය යුතුයි) කයින් ස්පර්ශයක් කොට (මෙහි (ii) යෙදිය යුතුයි) සිතින් ධර්මය දැන (මෙහි (ii) යෙදිය යුතුයි.) ඇසින් රූපයක් දැක මනාපව නොඇලෙයි. සිනහ නොවෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය තැන්පත් වූයේ වෙයි. සිත තැන්පත්වූයේ වෙයි, අධ්‍යාත්මය යහපත්ව පිහිටියේය. මනාව මිදුනේය, ඇසින් රූපය දැක අමනාපයක් හැකුළුණ බවක් ඇති නොකරයි. තැන්පත් සිත් ඇත්තේ වෙයි, නොඇලුන සිත් ඇත්තේ වෙයි, නොවෙනස් සිත්ඇත්තේ වෙයි, ඔහුගේ කය තැන්පත්වූ පරිදිම වෙයි. සිත තැන්පත්ය, අධ්‍යාත්මය මනාව පිහිටියේය, මනාව මිදුනේය, කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රශ විඳ, කයින් ස්පර්ශ කොට, සිතින් ධර්මය දැන මනාපයෙහි නොඇලෙයි. සතුටු නොවෙයි, රාගය නූපදවයි ඔහුගේ කය තැන්පත් පරිදිම වෙයි, සිත තැන්පත්ය. අධ්‍යාත්මය මනාව පිහිටියේය. මනාකොට මිදුනේය. සිතින් වනාහි ධර්මය දැන අමනාපයක් හැකිලීමක් නොවේ. තැන්පත් නොවූ සිතැත්තෙක් නොවේ, නොහික්මුන සිතැත්තෙක් නොවේ. විසුරුණ සිතැත්තෙක් නොවේ. සිත හික්මුනේය, අධ්‍යාත්මය මනාව පිහිටියේය. මනාව මිදුනේය, ඇසින් රූපය දැක (vi) මනාප අමනාප රූපයන් කෙරෙහි ඔහුගේ කය තැන්පත් වූයේමවේ. සිත තැන්පත්ය, අධ්‍යාත්මය, මනාකොට පිහිටියේය, මනාකොට මිදුනේය. (v) කණින් ශබ්දය අසා, (මෙහි (iv) යෙදිය යුතුයි) නාසයෙන් ගඳ සුවඳක් විඳ (මෙහි (iv) යෙදිය යුතුයි) දිවෙන් රසයක් විඳ (මෙහි (iv) යෙදිය යුතුයි.) කයින් ස්පර්ශයක් කොට (මෙහි (iv) යෙදිය යුතුයි) සිතින් ධර්මය දැන මනාප අමනාප ධර්මයන්හි ඔහුගේ කය තැන්පත් වූයේම වෙයි. සිත තැන්පත්ය, අධ්‍යාත්මය, මනාකොට පිහිටියේය, මනාකොට මිදුනේය, ඇසින් රූපය දැක ඇලිය යුත්තෙහි නොඇලෙයි. තරහ කටයුත්තෙහි තරහ නොවෙයි, මුලාවිය යුත්තෙහි මුලා නොවෙයි, කෝපවිය යුත්තෙහි කෝප නොවෙයි, කිලුටු විය යුත්තෙහි කිලුටු නොවෙයි, මත්විය යුත්තෙහි මත් නොවෙයි, දැකි දෙයෙහි දැකි පරිදිම වෙයි, ඇසීමෙහි ඇසූ පරිදිම වෙයි, ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි ඒ පරිදිම වෙයි, දැනගත් දෙයෙහි දැනගත් පරිදිම වෙයි.
2 දැකි දෙයෙහි නොඇලෙයි, ඇසූ දෙයෙහි නොඇලෙයි, ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි නොඇලෙයි, දැකි දෙයෙහි ආශානුවූයේ නොඇළුණේ වෙයි, නොබැඳුනේ වෙන්වූයේ සීමා රහිත සිතින් වාසය කරයි. ඇසූ දෙයෙහි ඉන්ද්‍රිය තුනකින් දැනගත් දෙයෙහි ඇලීම් නැත්තේ ආශානැත්තේ නොබැඳුනේ වෙන්වූයේ සීමා රහිත සිතින් වාසය කරයි, රහතුන් වහන්සේට ඇස විද්‍යමාන වෙයි රහතුන් වහන්සේ ඇසින් රූපය දකියි, රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇතිවන රාගයක් නැත, රහතුන් වහන්සේ මනාහි මිදුන සිත් ඇතිසේක. රහතුන් වහන්සේට කන විද්‍යමාන වෙයි රහතුන් වහන්සේ කනින් ශබ්ද අසයි රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් රාගයක් නැත. රහතුන් වහන්සේ මනාව මිදුන සිත් ඇති සේක. රහතුන් වහන්සේට නාසය ඇත. රහතුන් වහන්සේ නාසයෙන් ගඳ සුවඳ දැන ගනියි. එහි කැමැත්ත වශයෙන් රාගයක් රහතුන් වහන්සේට නැත. රහතුන් වහන්සේ මනාව මිදුන සිත් ඇතිසේක.
3 රහතුන් වහන්සේට දිව විද්‍යාමාන වෙයි. රහතුන් වහන්සේ දිවෙන් රශ විඳ ගනිති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේට කය විද්‍යමාන වෙයි. රහතුන් වහන්සේ කය ස්පර්ශ කරති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේ මිදුන සිත් ඇති සේක.
4 රහතුන් වහ්නසේට සිතක් ඇත. රහතුන් වහන්සේ සිතින් ධර්මය දැන ගනිති. රහතුන් වහන්සේට එහි කැමැත්ත වශයෙන් ඇලීමක් නැත. රහතුන් වහන්සේ මිදුන සිත් ඇතිසේක. ඇස රූපයෙහි ඇලෙයි. (ii) රූපයෙහි සතුටුවෙයි. රහතුන්වහන්සේ එහි දාන්තය සංවරය ආරක්ෂිතය, දැමුනේය, එහි සංවරය පිණිස ධර්මය දේශනා කරයි. (iii) කණ ශබ්දයෙහි ඇලෙයි. (මෙහි (ii) යෙදිය යුතුයි) නාසය ගඳ සුවඳෙහි ඇලෙයි. (මෙහි (ii) ඡේදය යෙදිය යුතුයි) දිව රශයෙහි ඇලෙයි. සතුටු වෙයි. එය රහතුන් වහන්සේට දාන්තය, ගුප්තය, ආරක්ෂිතය. දැමුනේය, එහිද සංවරය පිණිස ධර්මය දේශනා කරයි. කය ස්පර්ශයෙහි ඇලෙයි. සතුටුවෙයි. එය රහතුන් වහන්සේට දාන්තය, ගුප්තය, ආරක්ෂිතය, දැමුනේය එහිද සංවරය පිණිස ධර්මය දේශනා කරයි.
5 “දැමුනහු සභාවට පමුණුවත්. දැමුනහු උඩ රජු නගියි. යමෙක් නපුරු වචනයන්ට ඉවසාද මිනිසුන් අතරෙහි ඒ දැමුන තැනැත්තා ශ්‍රේෂ්ඨයි. ආජානීය ශ්‍රේෂ්ඨ අශ්වයා දැමුනේ උතුමි. කුඤ්ජර නම්වූ මහ ඇතාද දැමුනේ උතුමි. එයටත් වඩා තමාගේ හික්මීම ඉතා උතුමි, මේ යානයන්ගෙන් නොගිය දිශාවට නොයන්නේය. යම්සේ දැමුන තැනැත්තේ මනාව හික්මුනාවූ දැමුනහු හා යයි දෙවන ආත්ම භාවයක් නැති මිදුන තැනැත්තේ මානයන්හි කම්පාවට නොයත්. ලෝකයෙහි දිනීම ඇතිකරගත් ඔවුහු දැමුන භූමියට පැමිණියාහ.”
6 යමෙකුගේ සියලු ලෝකයෙහි ආධ්‍යාත්මිකවූද බාහිරවූද ඉන්ද්‍රියයන් මනාකොට පුරුදු කරණ ලද්දේද වැඩූ සිත් ඇති දැමුන හෙතෙම මෙලොවද පරලොවද විනිවිද කාලය බලාපොරොත්තු වෙයි. “උපෙක්ෂා ඇත්තේ සෑම කල්හි” යනු සෑම කාලයෙහි නිරන්තරයෙන් අන්තිම වයස් කොටසෙහි යනුයි. සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ එනම් කයෙහි කය (iii) අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේනුයි සිහි ඇත්තේ නමි. (iv) වේදනාවන්හි සිතෙහි සිත ධර්මයයන්හි ධර්මය අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේ නුයි සිහි ඇත්තේ නමි හෙතෙම සිහිය ඇත්තේයි.
7 “ලෝකයෙහි සමානයාට සමාන වෙමියි නොසිතයි. යනු ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ වෙනින් අනික් කරුණකින් හෝ සමානයෙක් වෙමියි මානය නූපදවයි. “විශේෂ නොවෙයි. නිච නොවෙයි” යනු ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ (මෙහි (10-6) 2 (ii) ඡේදය යොදාගත යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ අතිමානය නූපදවයි. ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ (මෙහි (3-3) 5 (ii) ඡේදය යොදාගත යුතුයි.) වෙනින් අනික් කරුණකින් හෝ හීනවෙමිය මානය නූපදවයි.
8 “ඔහුට උස්සද නම් කෙලෙස් නැත” යන්නෙහි “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. උස්සද යනු උස්සද නම් කෙලෙස් සතකි, රාග උස්සද, ද්වේෂ උස්සද මෝහ උසස්දය, මාන උස්සදය, දිට්ඨි උස්සදය, ක්ලෙශ උස්සදය, කම්ම උස්සදය යනුයි. උන්වහන්සේට උස්සදයෝ නැත්තාහ. විද්‍යමාන නොවෙත්, නොලැබෙත්, ප්‍රහීණය, මුල් සිඳුනේය. ශාන්තය, සන්සිඳුනේය, ඉපදීමට නුසුදුසුය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය.
|
|
91
යස්ස
භවාය විභවාය වා, තණ්හා යස්ස න විජ්ජති.
යස්ස
ඤත්වා
භවාය විභවාය වා, තණ්හා යස්ස න විජ්ජතීති.
තණ්හාති රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා.
යස්සාති අරහතො ඛීණාසවස්ස.
භවායාති භවදිට්ඨියා,
විභවායාති විභවදිට්ඨියා;
භවායාති සස්සතදිට්ඨියා,
විභවායාති උච්ඡෙදදිට්ඨියා;
භවායාති පුනප්පුනභවාය පුනප්පුනගතියා පුනප්පුනඋපපත්තියා පුනප්පුනපටිසන්ධියා
තෙනාහ භගවා -
‘‘යස්ස නිස්සයතා නත්ථි, ඤත්වා ධම්මං අනිස්සිතො;
භවාය විභවාය වා, තණ්හා යස්ස න විජ්ජතී’’ති.
|
91
(10 - 9)
1 “යමෙකුට නිශ්‍රයයන් නැත” යන්නෙහි යමෙකුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. නිශ්‍රය බව යන්නෙහි නිශ්‍රය දෙකකි. තෘෂ්ණා නිශ්‍රය දෘෂ්ටි නිශ්‍රය යනුය. ‘මමත්වය’ යනු නිශ්‍රය කියා වෙනස් කොට (2-6) 1 (ii) (iii) ඡේද යොදාගත යුතුයි) උන්වහන්සේගේ තෘෂ්ණ නිශ්‍රය ප්‍රහීණය දෘෂ්ටි නිශ්‍රය සංසිඳුනේය. තෘෂ්ණ නිශ්‍රය ප්‍රහීණවූ බැවින් දෘෂ්ටි නිශ්‍රය සංසිඳුන බැවින් නිශ්‍රය බවක් යමෙකුගේ නැත, විද්‍යමාන නොවෙයි. නොලැබෙයි. ප්‍රහීණය මුලින් සිඳුනේය සංසිඳුනේය ඉපදීමට අයොග්‍යය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය.
2 “නිශ්‍රය රහිත තැනැත්තේ ධර්මය දැන” යන්නෙහි “දැන” යනු (iii) දැනගෙන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. කෙසේද, සියලු සංස්කාරයෝ අනිත්‍ය යයි සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්ම යයි (මෙහි (ii) යොදාගත යුතුයි) යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවත්නේයයි දැන සම කොට තීරණය කොට ප්‍රකටකොට යනුයි.
3 “ආශ්‍රය නොවූයේ” යනු ආශ්‍රය දෙකකි තෘෂ්ණා ආශ්‍රයද දෘෂ්ටි ආශ්‍රයද යනුයි (‘මමත්වය’ යන ආශ්‍රය කියා වෙනස් කොට (2-6) 1 (ii) (iii) ඡේද යොදා ගත යුතුයි) තෘෂ්ණ ආශ්‍රය දුරුකොට දෘෂ්ටි ආශ්‍රය සංසිඳුවා ඇස ආශ්‍රය නොවූයේ කණ ආශ්‍රය නොවූයේ නාසය ආශ්‍රය නොවූයේ දිව ආශ්‍රය නොවූයේ කය ආශ්‍රය නොවූයේ සිත ආශ්‍රය නොවූයේ රූපයෙහි, ශබ්දයෙහි, ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි කුලය ගණයා ආවාසය (මෙහි 9-1 9 අගිද්ධය යනු ආශ්‍රය කියා වෙනස්කොට රූපයෙහි යන තැන සිට යොදාගත යුතුයි) දැකී ඇසූ ඉන්ද්‍රිය තුනකින් දැනගත් දැනගතයුතු ධර්මයන්හි ආශ්‍රය නොවූයේ නොඇලුනේ නොපැමුණුනේ නික්මුණේ මිදුනේ සීමා රහිත සිතින් වාසය කරයි. යනුයි. “භවයෙහි හෝ විභවයෙහි යමෙකුට තෘෂ්ණාව විද්‍යමාන නොවෙයි.” යන්නෙහි තෘෂ්ණ නම් රූප තෘෂ්ණ, ශබ්ද තෘෂ්ණ, ගන්ධ තෘෂ්ණ, රශ තෘෂ්ණ, ස්පර්ශ තෘෂ්ණ, ධර්ම තෘෂ්ණ, යනුයි අර්හත්වූ යමෙකුට යනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි.
4 “භවයෙහි” යනු භවදෘෂ්ටියෙහිය. විභවයෙහි යනු විභව දාෂ්ටියෙහිය. “භවයෙහි” යනු ශාස්වත දෘෂ්ටියෙහි හෝ යනුයි. විභවයෙහි යනු උච්ඡෙද දෘෂ්ටියෙහියි. භවයෙහි යනු නැවත නැවත භවයෙහි නැවත නැවත ගතියෙහි නැවත නැවත උත්පත්තියෙහි නැවත නැවත ප්‍රතිසන්ධියෙහි නැවත ආත්ම භාවයක් ඉපදීමෙහි තෘෂ්ණාව යම් ඒ රහතුන් වහන්සේට නැත. විද්‍යමාන නොවෙත්. නොලැබෙත්, ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තය, සංසිඳුනේය, ඉපදීමට අයොග්‍යය ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි.
|
|
92
තං
ගන්ථා තස්ස න විජ්ජන්ති, අතරී සො විසත්තිකං.
තං බ්‍රූමි උපසන්තොති. උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිපස්සද්ධොති. තං බ්‍රූමි තං කථෙමි තං භණාමි තං දීපයාමි තං වොහරාමීති - තං බ්‍රූමි උපසන්තොති.
කාමෙසු අනපෙක්ඛිනන්ති.
කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. වත්ථුකාමෙ පරිජානිත්වා, කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා කාමෙසු අනපෙක්ඛිනො වීතකාමො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො, කාමෙසු වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරතීති - කාමෙසු අනපෙක්ඛිනං.
ගන්ථා
අතරී සො විසත්තිකන්ති.
විසත්තිකා වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං.
විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා
තෙනාහ
‘‘තං බ්‍රූමි උපසන්තොති, කාමෙසු අනපෙක්ඛිනං;
ගන්ථා තස්ස න විජ්ජන්ති, අතරී සො විසත්තික’’න්ති.
|
92
(10 - 10)
1 “උපශාන්තයයි ඔහුට කියමි” යනු නිවුන තැනැත්තේයයි සංසිඳුන තැනැත්තේයයි ඔහුට කියමි. ඔහුට ප්‍රකාශ කරමි ඔහුට ව්‍යවහාර කරමි යනුයි. කාමයන්හි අපෙක්ෂා නැත්තේ යන්නෙහි “කාමයෝ නම් ප්‍රකට වශයෙන් කාම දෙකකි. වස්තුකාමද ක්ලෙශ කාමද යනුයි (මෙහි 1, 1 (ii) සිට 3 (ii) දක්වා යෙදිය යුතුයි) වස්තු කාමයන් සම්පූර්ණයෙන් දැනගෙන ක්ලේශ කාමයන් හැර දුරුකොට අභාවයට පමුණුවා යනුයි. දුරු කළ කාමය ඇත්තේ බැහැර කළ කාමය ඇත්තේ වෙන් කළ කාමය ඇත්තේ මිදුන කාමය ඇත්තේ සංසිඳුන කාමය ඇත්තේ කාමයන්හි බැහැර කළ රාගය ඇත්තේ වමාරා දැමූ කාමය ඇත්තේ මිදුන රාගය ඇත්තේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සිහිල්වූයේ බ්‍රහ්මයා බඳු කයින් වාසය කරයි යනුයි
2 “කෙලෙස් ගැට ඔහුට විද්‍යමාන නොවෙත්” යන්නෙහි ග්‍රන්ථ (ගැට) යනු ග්‍රන්ථ සතරකි. (ii) දැඩි ලෝභය නමැති ගැටය, නපුරු සිතිවිල්ල නැමති ගැටය අන්‍ය ශීලයන් ව්‍රතයන් සෙවීමේ ගැටය, මෙයම සත්‍යයයි බැස ගැන්මේ ගැටය යනුයි. (iii) තමන්ගේ දෘෂ්ටියෙහි දැඩි ආශාව දැඩි ලෝභය නමැති ගැටයයි. අන්‍යවාදයන්හි වෛරකිරීම ව්‍යාපාදය නමැති ගැටයයි. තමන්ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීල ව්‍රත දෙකම හෝ පරාමර්ශ කිරීම ශීල ව්‍රත පරාමාශ ගැටයයි. තමන්ගේ දෘෂ්ටියෙහි මෙයම සත්‍යයයි බැස ගැන්ම “මෙයම සත්‍යයයි බැසගැන්මේ” ග්‍රන්ථයයි. “ඔහුට” යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි ග්‍රන්ථයෝ කෙලෙස් ගැටළු ඔහුට විද්‍යමාන නොවෙත් යනු ඔහුට ග්‍රන්ථයෝ නැත. විද්‍යමාන නොවෙත්. මුලින් සිඳුනේය. ශාන්තය, සංසිඳුනේය, ඉපදීමට නුසුදුසුය, ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි
3 “හෙතෙම විසත්තිකාව (තෘෂ්ණාව) තරණය කළේය” යන්නෙහි විසත්තිකා යනු තෘෂ්ණාවයි යම්රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, (1-3) 4 ඡේදය යම් ළංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) ඇද්ද එයයි. විසත්තිකා යනු කවර අර්ථයකින් විසත්තික නම් වේද, විශේෂයෙන් ඇලේනුයි “විසත්තිකා නමි. විශාලනුයි විසත්තිකා නමි. පැතිර පවතීනුයි විසත්තිකා නමි. විශේෂයෙන් ගමන් කෙරේනුයි “විසත්තිකා” නමි. විශේෂයෙන් රැස් කෙරේනුයි මුලා කෙරේනුයි විසත්තිකා නමි. විෂ මුල්කොට ඇති බැවින් විසත්තිකා නමි. විෂඵලය ඇති බැවින් විසත්තිකා නමි. විෂ පරිභොගය ඇති බැවින් විසත්තිකා නමි. විශාලවූ ඒ තෘෂ්ණාව වනාහි රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි, රශයෙහි ස්පර්ශයෙහි කුලයෙහි ගුණයෙහි, ආවාසයෙහි (9-1-9 ලාභයෙහි යන තැන සිට පවත්නා කාලයෙහි යන තැනට යෙදිය යුතුයි.) දැකි, ඇසූ, තුන්නේද්‍රිය යන්ගෙන් ස්පර්ශ කළ දැනගත යුතු ධර්මයන්හි විශේෂයෙන් ඇලේනුයි පැතිර පවත්නේනුයි. විසත්තිකා නමි. හෙතෙම විසත්තිකාව තරණය කළේය යනු හෙතෙම මේ විසතිකා නම් තෘෂ්ණාව තරණය කළේය. එතරවූයේ ඉක්මවූයේ යනුයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
“කාමයන්හි අපෙක්ෂා රහිත ඔහුට උපශාන්තවූ තැනැත්තේයයි කියමි. ඔහුට ග්‍රන්ථයෝ නැත්තාහ. හෙතෙම විසත්තිකාව කරණය කළේය යනුයි”
|
|
93
න තස්ස පුත්තා පසවො, ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති;
අත්තා වාපි නිරත්තා වා, න තස්මිං උපලබ්භති.
න තස්ස පුත්තා පසවො, ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජතීති.
නාති පටික්ඛෙපො.
තස්සාති අරහතො ඛීණාසවස්ස.
පුත්තාති චත්තාරො පුත්තා - අත්තජො පුත්තො, ඛෙත්තජො පුත්තො, දින්නකො පුත්තො
අත්තා වාපි නිරත්තා වා, න තස්මිං උපලබ්භතීති.
අත්තාති අත්තදිට්ඨි,
නිරත්තාති උච්ඡෙදදිට්ඨි;
අත්තාති ගහිතං නත්ථි,
නිරත්තාති මුඤ්චිතබ්බං නත්ථි. යස්ස නත්ථි ගහිතං තස්ස නත්ථි
තෙනාහ භගවා -
‘‘න
අත්තා වාපි නිරත්තා වා, න තස්මිං උපලබ්භතී’’ති.
|
93
4 “ඔහුට පුත්‍රයෝද සතුන්ද කුඹුරුද ගොඩනැගිලි ඉඩම්ද නැත” යන්නෙහි ‘නැත’ යනු ප්‍රතික්ෂෙපයයි. ඔහුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයී “පුත්‍රයෝ යනු සතරදෙනෙක් වෙති. තමාගේ පුත්‍ර, කෙතින් උපන් පුත්‍ර, හදාගත් පුත්‍ර, අතවැසි පුත්‍ර යනුයි. “සතුන්” යනු එළු බැටළු කුකුල් ඌරු ඇත් ගව අස් වෙළඹ යන මොවුහුයි ‘කෙත’ යනු ඇල්කෙත, වීකෙත, මුංකෙත, මෑකෙත, යව කෙත තිරිඟුකෙත, තලකෙත, යනුයි ‘වස්තු නම්’ ගෘහවස්තු, කොටුවස්තු, ඉදිරිවස්තු, පසුවස්තු, ආරාමවස්තු, විහාර වස්තු යනුයි. ඒ රහතුන්වහන්සේට පුත්‍ර කරදරය හෝ සත්ව කරදරය හෝ කුඹුරු කරදරය හෝ ගොඩනැගිලි ඉඩම් කරදරය හෝ නැත. විද්‍යාමාන නොවෙත්. ප්‍රහීණය, මුලින් සිඳුනේය. ශාන්තය, සන්සිඳුනේය.
5 “ආත්මයක් ඇතැයි හෝ ඔහු කෙරෙහි නොලැබෙයි.” යන්නෙහි අත්තා යනු ශාස්වත දෘෂ්ටියයි එය නැත. ආත්මයක් නැත යනු උච්ඡෙද දෘෂ්ටියයි එය නැත. ආත්මය යයී ගැනීමක් නැත. ආත්මය නොවේ යයි මිදියයුත්තක් නැත යමෙකුට ගැනීමක් නැද්ද ඔහුට මිදීමක් නැත. යමෙකුට මිදියයුත්තක් නැද්ද, ඔහුට ගැනීමක් නැත. ගැනීම්, මිදීම් දෙක ඉක්මවන්නාවූ රහතන්වහන්සේ වැඩීම් හානි ඉක්මවන සේක. උන්වහන්සේ වැසනිමවූයේ පුරුදුකළ ගමන් ඇත්තේ මෙහි 3-7-6 (ii) ඡේදය යෙදිය යුතුයි. ජාති මරණ සංසාරයන් නැත. ඔහුට නැවත ඉපදීමක්ද ආත්මය හෝ නිරාත්මය යන හැඟීමක් උන්වහන්සේ කෙරෙහි නොලැබෙයි.
|
|
94
යෙන නං වජ්ජුං පුථුජ්ජනා, අථො සමණබ්‍රාහ්මණා;
තං තස්ස අපුරක්ඛතං, තස්මා වාදෙසු නෙජති.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා, අථො සමණබ්‍රාහ්මණාති.
පුථුජ්ජනාති පුථු කිලෙසෙ ජනෙන්තීති
තං තස්ස අපුරක්ඛතන්ති.
තස්සාති අරහතො ඛීණාසවස්ස.
පුරෙක්ඛාරාති ද්වෙ පුරෙක්ඛාරා - තණ්හාපුරෙක්ඛාරො ච
තස්මා වාදෙසු නෙජතීති.
තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා වාදෙසු උපවාදෙසු නින්දාය ගරහාය අකිත්තියා අවණ්ණහාරිකාය නෙජති න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - තස්මා වාදෙසු නෙජති.
තෙනාහ
‘‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා, අථො සමණබ්‍රාහ්මණා;
තං තස්ස අපුරක්ඛතං, තස්මා වාදෙසු නෙජතී’’ති.
|
94
(10 - 11)
1 “යමකින් ඔහුට පෘථග්ජනයෝ හෝ ශ්‍රමණබ්‍රහ්මණයෝ කියන්නාහු නම් යන්නෙහි පෘථග්ජනයෝ යනු බොහෝ කෙලෙස් උපදවත්නුයි පාථග්ජනයෝ නමි. බොහෝ ඉවත් කරණලද ආත්ම දෘෂ්ටිය ඇති බැවින් පෘථග්ජනයෝ නමි. බොහෝ ශාස්තෘවරයන්ගේ මුහුණ බලන බැවින් පෘථග්ජනයෝ නමී. බොහෝ සියලු ගතිවලින් නොනැගිටියේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් රැස්කිරීම් රැස්කෙරේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් ඕඝයන්ගෙන් පාවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් තැවීම්වලින් තැවේනුයි පෘථග්ජන නමි. බොහෝ පඤ්චකාම ගුණයන්හි ඇළුනේ ගිජුවූයේ ගැටුනේ මුර්ඡාවූයේ බැසගත්තේනුයි පෘථග්ජන නමි. “ශ්‍රමණයෝ” යනු යම්කිසි මේ ශාසනයෙන් පිටත්හිවූ පරිබ්‍රාජක බවට පැමිණියාවූ පරිබ්‍රාජක බවෙන් යුක්තවූ අය යනුයි. බ්‍රාහ්මණ යනු යම්කිසි අනුන්ට නින්දාකරන්නාවූ බමුණෝ යනුයි. පෘථග්ජනයෝ යම් රාගයකින් කියන්නාහු නම් යම් ද්වේෂයකින් කියන්නාහුනම් යම් මෝහයකින් කියන්නාහුනම් යම් මානයකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියකින් කියන්නාහු නම් යම් සිතේ නොසන්සුන් කමකින් කියන්නාහු නම් යම් සැකයකින් කියන්නාහු නම් යම් අනුසයයන්ගෙන් කියන්නාහු නම් එනම, රාගිකයෙක, ද්වේෂයට පැමිණියෙක. මුලාවට පැමිණියෙක, ඇලීම ඇතියෙක, පරාමර්ශ වූවෙක, වික්ෂෙපයට පැමිණියෙක, අනිටුබවට පැමිණියෙක, බලයට පැමිණියෙක යන මෙයිනි ඒ රැස්කිරීම් ප්‍රහීනයහ. රෑස්කිරීම් ප්‍රහීනබැවින් ගතියෙන් යමකින් ඔහුට කියන්නාහු නම් එනම් තිරිසනෙක කියා හෝ තිරිසන් යොනියෙක කියා හෝ ප්‍රෙතාත්මයෙහි උපන් අයෙක කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපියෙක කියා හෝ අරූපියෙක කියා හෝ සඤ්ඤීයෙක කියා හෝ අසඤ්ඤියෙක කියා හෝ නෙවසඤ්ඤී නාසඤ්ඤියෙක කියා හෝ කීමට එබඳු හේතූවක් නැත. ප්‍රත්‍යයක් නැත යනුයි.
2 “එය ඔහුට ඉදිරිපත් නොවේ.” යන්නෙහි “ඔහුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. ඉදිරිපත් කිරීම නම් තෘෂ්ණාව ඉදිරිපත් කිරීමද දෘෂ්ටිය ඉදිරිපත් කිරීමද යනුයි (2-6) 1 (ii) (සසස ඡේද යෙදිය යුතුයි. ඔහුට තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්‍රහීණය. දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සන්සිඳුනේය. තෘෂ්ණාව ඉදිරිපත් කිරීම ප්‍රහීණවූ බැවින් දෘෂ්ටිය ඉදිරිපත් කිරීම සන්සිඳුන බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ ඉදිරිපත්කොට නොහැසිරෙයි. තෘෂ්ණාව ධජයක් කොට නැත්තේ තෘෂ්ණාව කොඩියක්කොට නැත්තේ තෘෂ්ණාව අධිපතිකොට නැත්තේ, දෘෂ්ටිය ධජයක්කොට නැත්තේ දෘෂ්ටිය කොඩියක්කොට නැත්තේ තෘෂ්ණාව අධිපතිකොට නැත්තේ දෘෂ්ටිය හෝ තෘෂ්ණාව හෝ පිරිවරා නොහැසිරෙයි යනුයි. “එහෙයින් වාදයන්හි කම්පා නොවෙයි යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් යනුයි. වාදයන්හි උපවාදයන්හි නින්දාවෙහි ගර්හාවෙහි අපකීර්තියෙහි අගුණ කීමෙහි කම්පා නොවෙයි, නොසෙලවෙයි යනුයි.
|
|
95
වීතගෙධො අමච්ඡරී, න උස්සෙසු වදතෙ මුනි;
න සමෙසු න ඔමෙසු, කප්පං නෙති අකප්පියො.
වීතගෙධො අමච්ඡරීති.
ගෙධො වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසො ගෙධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිපස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති වීතගෙධො. සො රූපෙ අගිද්ධො...පෙ.... දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගධිතො අමුච්ඡිතො අනජ්ඣොසිතො, වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො නිච්ඡාතො...පෙ.... බ්‍රහ්මභූතෙන අත්තනා විහරතීති - වීතගෙධො.
අමච්ඡරීති
න උස්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසූති.
මුනීති.
මොනං වුච්චති ඤාණං...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනි. ‘‘සෙය්‍යොහමස්මී’’ති වා, ‘‘සදිසොහමස්මී’’ති වා, ‘‘හීනොහමස්මී’’ති වා න වදති න කථෙති න භණති න දීපයති න වොහරතීති - න උස්සෙසු වදතෙ මුනි, න
කප්පං නෙති අකප්පියොති.
කප්පාති ද්වෙ කප්පා - තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච...පෙ.... අයං තණ්හාකප්පො...පෙ.... අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො; තණ්හාකප්පස්ස පහීනත්තා, දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා නෙති න උපෙති න උපගච්ඡති න ගණ්හාති න පරාමසති නාභිනිවිසතීති - කප්පං නෙති.
අකප්පියොති. කප්පාති ද්වෙ කප්පා - තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච...පෙ.... අයං තණ්හාකප්පො...පෙ.... අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො; තස්ස
තෙනාහ භගවා -
‘‘වීතගෙධො
න සමෙසු න ඔමෙසු, කප්පං නෙති අකප්පියො’’ති.
|
95
(10 - 12)
1 “හළ ගිජුකම හා මසුරුකම ඇත්තේ, යන්නෙහි ගෙධයයි තෘෂ්ණාවට කීයයි, යම් රාගයක් ඇලීමක් ඇද්ද, (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ යන තැන් සිට යෙදිය යුතුයි, යමෙකුට මේ ගිජුකම ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද, සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම හළ ගිජුකම ඇත්තේයයි කියයි. හෙතෙම (ii) රූපයෙහි ගිජු නොවූයේ ශබ්දයෙහි, ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි. දැකි ඇසූ ඉන්ද්‍රිය තුනකින් දැනගත් දැනගතයුතු දෙයෙහි ගිජු නොවූයේ නොගැටුනේ මුර්ඡානොවූයේ නොපැමුණුනේ ගිජුකමෙන් තොරවූයේ පහවූ ගිජුකම ඇත්තේ වමාරා දැමූ ගිජුකම ඇත්තේ මිදුන ගිජුකම ඇත්තේ අත්හළ ගිජුකම ඇත්තේ සංසිඳුන ගිජුකම ඇත්තේ තෘෂ්ණාව නැත්තේ බ්‍රහ්මයා බඳු ආත්ම භාවයෙන් වාසය කෙරේනුයි, පහවූ ගිජුකම ඇත්තේ නමි. (iii) මසුරු නැත්තේ යන තන්හි මසුරුකම් පසෙකි. ආවාස මසුරුකම, කුල මසුරුකම, ලාභ මසුරුකම, ගුණ මසුරුකම, ධර්ම මසුරුකමත යනුයි මෙබඳුවූ යම් මසුරුකමක් ගැන්මක් කියයිද, ඒ මසුරුකමයි. යමෙකුට මේ මසුරුකම ප්‍රහීණද, මුලින් සිඳුනේද, ශාන්තද සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම නොමසුරු තැනැත්තේයයි කියයි.
2 “මුනිතෙම උසස්යයි නොකියයි. සමයයි නොකියයි. පහත්යයි නොකියයි” යන්නෙහි “මුනි” යයි ඥානයට කියයි. ශ්‍රේෂ්ඨ වෙම්යි කියා හෝ සමාන වෙම්යි කියා හෝ හීනවෙමියි කියා හෝ නොකියයි, ප්‍රකාශ නොකරයි, ව්‍යවහාර නොකරයි යනුයි,
3 “තෘෂ්ණාවට සුදුසු බවට නොපැමිණෙයි. අයොග්‍යය යන්නෙහි යොග්‍ය බැව් දෙකකි. තෘෂ්ණාවට යොග්‍ය බව හා දෘෂ්ටියට යොග්‍ය බව යනුයි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි ඔහුගේ තෘෂ්ණාවට යොග්‍ය බව ප්‍රහීණය, දෘෂ්ටියට සුදුසුකම සංසිඳුනේය. තෘෂ්ණාවට යොග්‍යකම සංසිඳුන බැවින් තෘෂ්ණාවට සුදුසුකමට හෝ දෘෂ්ටියට සුදුසුකමට නොපැමිණෙයි, නොගනියි, පරාමර්ශ නොකරයි, ඇතුළු නොවෙයි යනුයි.
4 “අයොග්‍ය වෙයි” යන තන්හි සුදුසුවීම යනු සුදුසුවීම් දෙකකි. තෘෂ්ණාවට සුදුසු වීමද දෘෂ්ටියට සුදුසුවීමද යනුයි. ((2-6) 1, (ii), (iii) ඡේදය යෙදිය යුතුයි) ඔහුගේ තෘෂ්ණාවට සුදුසුකම ප්‍රහීණය. දෘෂ්ටියට සුදුසුකම සංසිඳුනේය ඔහුගේ තෘෂ්ණා යොග්‍යත්වය ප්‍රහීණවූ බැවින් දෘෂ්ටියට සුදුසුකම සංසිඳුන බැවින් තෘෂ්ණා සුදුසුකම හෝ දෘෂ්ටි සුදුසුකම හෝ නොවෙයි. නූපදවයි. ඇති නොකරයි, යනුයි.
|
|
96
යස්ස ලොකෙ සකං නත්ථි, අසතා ච න සොචති;
ධම්මෙසු ච න ගච්ඡති, ස වෙ සන්තොති වුච්චති.
යස්ස
අථ වා අසන්තාය
(අසතාය (සී.), අසාතාය (ස්‍යා.)) දුක්ඛාය වෙදනාය ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න
අථ වා අසන්තෙ අසංවිජ්ජමානෙ අනුපලබ්භමානෙ
(අනුපලබ්භියමානෙ (ස්‍යා. ක.)) - ‘‘අහො වත මෙ තං නත්ථි, සියා වත මෙ තං, තං වතාහං න ච ලභාමී’’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතීති. එවම්පි අසතා ච න සොචති.
ධම්මෙසු
ස වෙ සන්තොති වුච්චතීති. සො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිපස්සද්ධොති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපීයති
තෙනාහ භගවා -
‘‘යස්ස
ධම්මෙසු ච න ගච්ඡති, ස වෙ සන්තොති වුච්චතී’’ති.
|
96
5 “යමෙකුට ලෝකයෙහි ස්වකීයත්වයක් නැත” යන්නෙහි යමෙකුට යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. ස්වකීයත්වයක් නැත යනු යමෙකුට මෙය මාගේය. කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසි රූප වශයෙන් ගන්නාලද හෝ වේදනා වශයෙන් ගන්නාලද සඤ්ඤා වශයෙන් ගන්නාලද හෝ සංඛාර වශයෙන් ගන්නාලද හෝ විඤ්ඤාණ වශයෙන් ගන්නාලද්දක් පරාමර්ශ කිරීමක් ඇතුළුවීමක් ගැලීමක් නැත. (මෙහි 4-8-7 අග කොටස යෙදිය යුතුයි.) ඥානය නමැති ගින්නෙන් දැවුනේය, යනුයි. “නැති බැවින් ශොක නොකරයි” යනු වෙනස් වෙන වස්තුවෙහිද ශොක නොකරයි. වෙනස්වූ කල්හි ද ශොක නොකරයි. මාගේ ඇස කණ, නාසය, දිව, කය වෙනස් වූයේයයි ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොහඬයි පපුවේ අත් ගසමින් නොහඬයි සිහි මුලාවට නොපැමිණෙයි. මෙසේද,
6 “නැති කල්හිද ශොක නොකරයි” යනුයි යලිදු හෝ දුක් වේදනාව නැති බැවින් එයින් ස්පර්ශවීමක් යුක්තවීමක් නැත. ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොහඬයි. පපුවේ අත්ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. කන් රෝගයෙන් නාසයේ රෝගයෙන් දිවේ රෝගයෙන් කාය රෝගයෙන් හිස් රෝගයෙන් මුඛ රෝගයෙන් දත් රෝගයෙන් කාශ රෝගයෙන් ක්ෂය රෝගයෙන් දැවිල්ලෙන් ජරාවෙන් කුසේ රෝගයෙන් මුර්ඡාවෙන් පක්ඛන්දිකා නම් රෝගයෙන් සුල නම් වාත රෝගයෙන් විසූචිකා නම් රෝගයෙන් කුෂ්ට රෝගයෙන් ගණ්ඩ රෝගයෙන් කිලාස නම් කුෂ්ට රෝගයෙන් ස්වාශයෙන් අපස්මාරයෙන් දදයෙන් කැසීමෙන් නිය රෝගයෙන් විතච්ඡිකා නම් කුෂ්ට රෝගයෙන් ලේ වලින්, පිතෙන්, මධු මෙහයෙන් පක්ෂාඝාතයෙන් පිළිකාවෙන් භගන්දරාවෙන් පිතෙන් උපන් ආබාධයෙන් සෙමින් උපන් ආබාධයෙන්, වාතයෙන් උපන් ආබාධයෙන්, සන්නිපාතික ආබාධයෙන් ඍතු වෙනස්වීමෙන් හටගන්නා රෝගයෙන් විෂම පැවැත්මෙන් හටගන්නා රෝගයෙන් උපක්‍රමයෙන් හටගන්නා ආබාධයෙන් කර්ම විපාකයෙන් හටගන්නා ආබාධයෙන් සීතයෙන් උෂ්ණයෙන් බඩගින්නෙන් පිපාසායෙන් ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වාතය, අව්වය, දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ පහසින් යුක්තවූයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි නොවැළපෙයි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි මෙසේද නැති බැවින් ශොක නොවෙයි යලිදු හෝ නැති කල්හි විද්‍යමාන නොවූ කල්හි නොලැබෙන කල්හි අනේ ඒකාන්තයෙන් එය මාගේය. ඒකාන්තයෙන් එය මට නැත. ඒකාන්තයෙන් එය මාගේ වන්නේය. මම ඒකාන්තයෙන් එය නොලබමි’යි ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. යනුයි.
7 “ධර්මයන්හිද නොයයි” යනු ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. රාග වශයෙන් නොයයි. ද්වේෂ වශයෙන් නොයයි. මෝහ වශයෙන් නොයයි. මාන වශයෙන් නොයයි. දෘෂ්ටි වශයෙන් නොයයි. උද්ධච්ච වශයෙන් විචිකිච්ඡා වශයෙන් නොයයි. අනුසය වශයෙන් නොයයි. වර්ගවූ ධර්මයන්ගෙන් නොයයි. නොපමුණුවයි, යනුයි. “හෙතෙම ඒකාන්තයෙන් ශාන්තවූයේයයි කියයි.” යනු හෙතෙම ශාන්තවූයේ උප ශාන්තවූයේ සංසිඳුනේ නිවුනේ සංසිඳුනේයයි කියයි. ව්‍යවහාර කරයි, යනුයි.
|