placeholder
අප ගැන - About Us

අපගේ අරමුණ ත්‍රිපිටකය භාවිතය ලංකාව තුළ ජනප්‍රිය කිරීමත්, එමගින් පිරිසිදු බුදු දහම ම ලංකාව තුළ ප්‍රචාරය කිරීමත්ය. පාලි ත්‍රිපිටකය ට අපි විශේෂ වැදගත්කමක් ලබා දී ඇති අතර ත්‍රිපිටකය ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඉතා වටිනා ධර්ම දානයකි.

යෝජනා හෝ චෝදනා සඳහා අපට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්න. අපගේ ලිපිනය pathnirvanagmail.com

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත pathnirvanagmail.com ඔස්සේ දැනුම් දෙන්න.

මෙහි මේ වනවිට සූත්‍ර පිටකයෙහි අඩංගු සූත්‍ර එකතු කර ඇති අතර, විනය පිටකය හෝ අභිධර්ම පිටකය බැලීමට අවශ්‍ය නම් බුද්ධ ජයන්ති පරිවර්තනය වෙත යොමුවන්න

පුණ්‍යානුමෝදනා

මේ වෙබ් අඩවිය සහ මෘදුකාංගය සැකසීමට සහය වූ සියලු දෙනාට ජාතියක් ජරාවක් නැති නිර්වාන ධාතුව ප්‍රත්‍යක්ෂ කිරීම් පිණිස මේ ධර්ම දානමය පින ඉවහල් වේවා.

Sinhala Unicode Fonts

Unicode Fonts පහත සබැඳියාවෙන් භාගත කරගන්න.

Fonts භාගත කිරීම

සහයවන්න | Contribute to Us

ඔබ පරිගණක කේතනය පිලිබද දැනුම අති පුද්ගලයෙක් නම්, අපට සහ‍යවීමට අපගේ github repo ව වෙත පිවිසෙන්න.

If you are someone with programming knowledge, you can explore our github repo to contribute.

Privacy Policy

Our apps are all free educational applications. None of our apps needs you to login to use them.

We do not collect or store any user data. Our apps do not need access to any personal data in the users' devices.

භාගත කරන්න - Download

අපගේ Android app එක භාවිතයෙන් අන්තර්ජාලය නොමැතිව ත්‍රිපිටකය කියවිය හැකිය. එය Google Play Store එකේ මෙතැනින් ලබාගන්න

අන්තර්ජාලය නැතිව iPhone, iPad උපකරණ වල භාවිතා කල හැකි Apple iOS මෘදුකාංගයක්ද Apple App Store එකේ "pitala.lk" නමින් හෝ "Path Nirvana Foundation" නමින් search කිරීමෙන් ඔබට සොයාගත හැකිය.

පහත මෘදුකාංගය භාගත කරගෙන අන්තර්ජාල පහසුකම් නැති Windows සහ Mac පරිඝණක වලද භාවිත කිරීමට හැකියාව ඇත

Download
භාවිතයට උපදෙස්

මූලික උපදෙස් පහත වීඩියෝ එකේ දක්වා ඇත.

  • අවශ්‍ය සූත්‍රය සෙවීම ක්‍රම දෙකකට සිදුකළ හැක, එනම් සෙවීම බොත්තම භාවිතයෙන් සහ වම්පස නාමාවලිය භාවිතා කිරීම මඟින්.
  • අවශ්‍ය සූත්‍රය සෙවීම සඳහා යුනිකෝඩ් හෝ සිංග්ලිෂ් වලින් ‘සොයන්න’ කියන කොටුවේ ලියන්න (සිංග්ලිෂ් සඳහා භාවිතා වන ඉංග්‍රීසි අකුරු වගුව පහතින් දැක්වේ).
  • සෙවීම ආරම්භ වීම සඳහා අවම වශයෙන් අකුරු දෙකක්වත් ලිවිය යුතු අතර ස්වයංක්‍රීයව ප්‍රතිඵල ලැබුණේ නැතිනම් ‘Enter’ හෝ ‘Arrow Key’ ඔබන්න.
  • ඔබ සොයන පදයට සමාන පද අඩංගු සූත්‍ර පිටකයේ මාතෘකා ප්‍රතිඵල 100ක් දක්වා ලැයිස්තුවක් පෙන්නුම් කෙරෙනු ඇත.
  • ප්‍රතිඵල දක්වා ඇති පිළිවෙළ නිකාය වැඩිවෙන හෝ අඩුවෙන පිළිවෙළට වෙනස් කිරීමට ලැයිස්තුවේ මාතෘකාවේ ඇති සහ අයිකන් ඔබන්න.
  • සෙවීම, නිකායට හෝ නිකාය කිහිපයකට සීමා කිරීම සඳහා අයිකන් එක ඔබා අවශ්‍ය නිකායන් තෝරා ගන්න.
  • ඕනෑම අවස්ථාවක අයිකන් එක එබීම මඟින් ඔබ විසින් අවසානයේ සෙවීම කල ප්‍රතිඵල ලැයිස්තුවට යා හැක.
  • ඒ වාගේම අවශ්‍ය කොටසකට/සූත්‍රයකට යාම සඳහා දකුණුපස ඉහළ ඇති අයිකන් එක එබීමෙන් ලැබෙන නාමාවලිය භාවිතා කල හැක. හැකිළ වීම සඳහා නැවත එම ලකුණම ඔබන්න.
  • සූත්‍රයක් කියවන විට පාලි සහ සිංහල තීරු දෙකම දිස්වන අතර (ඔබගේ තිරය දෙකම එකවර බැලීමට තරම් විශාල නම්), එබීමෙන් පාලි හෝ සිංහල තීරුව පමණක් සම්පූර්ණ තිරයේම බැලිය හැක.
  • යම් පිටුවකට අදාළ link එක copy කර ගැනීම සඳහා අයිකන් එක ඔබන්න. ඉන්පසු අවශ්‍ය ස්ථානයේ paste කර දහම් කරුණු බෙදා හරින්න.
  • රාත්‍රියේ දී ඇසට පහසු වන පරිදි තිරය අඳුරු කිරීම සඳහා (dark mode) මෙනුවේ අදාළ අයිකනය භාවිතා කරන්න.

සිංග්ලිෂ් අකුරු ලැයිස්තුව

සිංග්ලිෂ් වලින් ලිවීමේ දී අවශ්‍ය සිංහල අකුරු ලබා ගැනීම සඳහා පහත වගුවෙහි දැක්වෙන ඉංග්‍රීසි අකුරු භාවිතා කරන්න. එකම සිංහල ශබ්දය සඳහා ඉංග්‍රීසි අකුරු එකකට වඩා ඇති විට ඔබට ඒ ඕනෑම අකුරක් භාවිතා කල හැකිය. උදාහරණ ලෙස 'ඛ' අකුර ලිවීම සඳහා 'ka' හෝ 'kha' දෙවිදියම භාවිතා කළ හැක.

Vowels
    Consonants
      උදාහරණ
        විශේෂ