ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකාය
මහානිද්දෙසපාළි මහා නිද්දෙශය
1. කාමසුත්තනිද්දෙසො 1. කාම සූත්‍ර නිර්දෙශය
1
කාමං කාමයමානස්ස, තස්ස චෙ තං සමිජ්ඣති;
අද්ධා පීතිමනො හොති, ලද්ධා මච්චො යදිච්ඡති.
කාමං කාමයමානස්සාති කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා; අත්ථරණා පාවුරණා (පාපුරණා (සී. ස්‍යා.)) දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච, යං කිඤ්චි රජනීයං වත්ථු - වත්ථුකාමා.
අපි ච අතීතා කාමා අනාගතා කාමා පච්චුප්පන්නා කාමා; අජ්ඣත්තා කාමා බහිද්ධා කාමා අජ්ඣත්තබහිද්ධා කාමා; හීනා කාමා මජ්ඣිමා කාමා පණීතා කාමා; ආපායිකා කාමා මානුසිකා කාමා දිබ්බා කාමා පච්චුපට්ඨිතා කාමා; නිම්මිතා කාමා අනිම්මිතා කාමා පරනිම්මිතා කාමා; පරිග්ගහිතා කාමා, අපරිග්ගහිතා කාමා, මමායිතා කාමා, අමමායිතා කාමා; සබ්බෙපි කාමාවචරා ධම්මා, සබ්බෙපි රූපාවචරා ධම්මා, සබ්බෙපි අරූපාවචරා ධම්මා, තණ්හාවත්ථුකා තණ්හාරම්මණා කාමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන කාමා - ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
කතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො; සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො; යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමස්නෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං.
‘‘අද්දසං කාම තෙ මූලං, සඞ්කප්පා කාම ජායසි;
න තං සඞ්කප්පයිස්සාමි, එවං කාම න හොහිසී’’ති (න හෙහිසීති (ස්‍යා.)). -
ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමයමානස්සාති කාමයමානස්ස ඉච්ඡමානස්ස සාදියමානස්ස පත්ථයමානස්ස පිහයමානස්ස අභිජප්පමානස්සාති - කාමං කාමයමානස්ස.
තස්ස චෙ තං සමිජ්ඣතීති. තස්ස චෙති තස්ස ඛත්තියස්ස වා බ්‍රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා. න්ති වත්ථුකාමා වුච්චන්ති - මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා. සමිජ්ඣතීති ඉජ්ඣති සමිජ්ඣති ලභති පටිලභති අධිගච්ඡති වින්දතීති - තස්ස චෙ තං සමිජ්ඣති.
අද්ධා පීතිමනො හොතීති. අද්ධාති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛාවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවත්ථාපනවචනමෙතං - අද්ධාති. පීතීති යා පඤ්චකාමගුණපටිසඤ්ඤුත්තා පීති පාමුජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති තුට්ඨි ඔදග්‍යං අත්තමනතා අභිඵරණතා චිත්තස්ස. මනොති යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, අයං වුච්චති මනො. අයං මනො ඉමාය පීතියා සහගතො හොති සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො. පීතිමනො හොතීති පීතිමනො හොති තුට්ඨමනො හට්ඨමනො පහට්ඨමනො අත්තමනො උදග්ගමනො මුදිතමනො පමොදිතමනො හොතීති - අද්ධා පීතිමනො හොති.
ලද්ධා මච්චො යදිච්ඡතීති. ලද්ධාති ලභිත්වා පටිලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා. මච්චොති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු (ජාතු (ස්‍යා.), ජගු (ක.)) ජන්තු ඉන්දගු (හින්දගූ (සී. ස්‍යා.)) මනුජො. යදිච්ඡතීති යං ඉච්ඡති යං සාදියති යං පත්ථෙති යං පිහෙති යං අභිජප්පති, රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වාති, ලද්ධා මච්චො යදිච්ඡති.
තෙනාහ භගවා -
‘‘කාමං කාමයමානස්ස, තස්ස චෙ තං සමිජ්ඣති;
අද්ධා පීතිමනො හොති, ලද්ධා මච්චො යදිච්ඡතී’’ති.
1
(1 - 1)
1 “කාමය කැමතිවන්නාවූ ඕහට ඉඳින් වස්තුකාමය ලැබෙයි” යන්නෙහි කාම යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙති. (ii) එනම් වස්තූකාමයෝද ක්ලෙශකාමයෝද වෙති. වස්තුකාමයෝ කවරහුද? ප්‍රියවඩන්නාවූ රූපයෝද, ප්‍රිය වඩන්නාවූ ශබ්දයෝද, ප්‍රියවඩන්නාවූ ගන්ධයෝද, ප්‍රියවඩන්නාවූ රසයෝද, ප්‍රිය වඩන්නාවූ ස්පර්ශයෝද, එමෙන්ම ඇතිරිලිද, පොරෝණා ද, දාසි දාස එළු බැටළු ඌරු කුකුල් ඇත් ගව අශ්ව වෙළඹාදීහුද, එසේම කෙත් වතු හිරණ්‍යස්වර්ණ ගම් නියම්ගම් රාජධානිද ධනාගාර හා කොටුගුල්ද යන යම්කිසි ඇලෙන වස්තූහු වස්තුකාමයෝ වෙති. 2 නැවතද කාමයෝ අතීතය අනාගතය වර්තමානය (පවත්නා කල ඇති) අධ්‍යාත්මිකය බාහ්‍යය අධ්‍යාත්මික බාහ්‍යය, හීනවූ මධ්‍යමවූ ප්‍රණීතවූ ආපායිකය (නිරයෙහි සතුන්ට අයත්) මානුසිකය දිව්‍යය වැටහෙන කාමයෝය, නිර්මිත කාමයෝය, පරනිර්මිත (අනුන් ඇතිකරණ ලද) අනිර්මිත (ඇති නොකරණ ලද) පරිගෘහිත (වටකරණ ලද අපරිගෘහිතය (වට නොකරණ ලද) මමායිතය (මමය මාගේ යයි හැඟීම ඇති) යන සියලු කාමාවචර (කාමලෝකයට අයත්) ධර්මයෝද, සියලු රූපාවචර ධර්මයෝද, සියලු අරූපාවචර ධර්මයෝද, තෘෂ්ණා වස්තුකවූ තෘෂ්ණා රම්මණවූ ප්‍රියයයි යන හැඟීම ඇති අර්ථයෙන්ද, ඇලීම ඇත්තේය යන අර්ථයෙන්ද, මදයට හේතුවේය යන අර්ථයෙන්ද, කාමයෝ නම් වෙති. මොව්හු වස්තුකාමයෝ යයි කියත්. 3 ක්ලෙශ කාමයෝ කවරහුද? ඡන්දනම් කාමය, රාග නම් කාමය, ඡන්දරාග නම් කාමය, සංකල්ප නම් කාමය, රාග නම් කාමය යන මේ කාමයෝද යමෙක් කාමයන්හි කැමැත්ත ඇත්තේද, කාමරාගය ඇත්තේද, කාමනන්දිය ඇත්තේද, කාම තෘෂ්ණාව ඇත්තේද, කාම ස්නේහය ඇත්තේද යන තන්හිද, කාමපරිඩාහය, කාම මූර්ඡාව කාමයට බැසගැණීම කාම ඕඝය කාමයෝගය කාමුපාදානය, කාමච්ඡන්ද නීවරණය යන මේ තැන්හිද ‘කාමය තගේ මුල දැක්කෙමි. සංකල්පයෙන් කාමය හටගන්නෙහිය. ඒ මුල සංකල්පනය නොකරන්නෙමි. මෙසේ කාමය (තෝ) නොවන්නෙහිය’ යන මොහු ක්ලේශ කාමයෝයයි කියත්. (ii) “කාමය මානස්ස (කැමති වන්නහුට) යනු කැමතිවන්නාවූ, ආශාකරන්නාවූ, පිළිගන්නාවූ ප්‍රාර්ථනා කරන්නාවූ ඇලී සිටින්නාවූ ගැලී සිටින්නාවූ යනුයි. කාමය කැමතිවන්නාටයි.
4 “ඔහුට ඉදින් වස්තු කාමය ලැබෙයි” යන්නෙහි ඕහට ඉදින්යනු ඒ ක්ෂත්‍රියාට හෝ බ්‍රාහ්මණයාට හෝ වෛශ්‍යයාට හෝ ශුද්‍රයාට හෝ ගිහියාට හෝ පැවිද්දාට හෝ දෙවියාට හෝ මිනිසාට හෝ යනුයි. එය යන්නෙන් වස්තු කාමයෝ කියනු ලැබෙත්. ප්‍රිය වඩන රූපයෝද ශබ්දයෝද ගන්ධයෝද රසයෝද ස්පර්ශයෝද වෙති. සමිජ්ඣති යනු ඉටුවෙයි, සමෘද්ධවෙයි, ලබයි, විශේෂයෙන් ලබයි. මනාකොට ලබයි, විඳියි යනුයි.
5 “ඒකාන්තයෙන් ප්‍රීති සිත් ඇත්තේ වෙයි” යන්නෙහි ඒකාන්තයෙන් යනු ඒකාන්ත කීමයි අන් අදහසක් ඇතැයි සැක නැතිබව කීමයි. නිසැක වචනයයි. දෙකක්ව නොබෙදුණ වචනයයි, දෙවැන්නක් නැති වචනයයි, නියොග වචනයයි නිදොස් වචනයයි, මෙය නියමය ඇති වචනයයි යනුයි.
6 “ප්‍රීති, යනු යම්බඳු ඒ පංචකාම ගුණ ප්‍රති සංයුක්ත ප්‍රීතියක් ඇද්ද සතුටක් ඇද්ද ප්‍රමොදයක් ඇද්ද සිනහවක් ප්‍රහාසයක් සතුට විඳීමක් තුෂ්ටියක් උදම් වීමක් සන්තොෂයක් චිත්තයාගේ මනා පැතිරීමෙක් ඇද්ද එයයි”
7 (i) “මන යනු යම් සිතක් මානස නම් වේද. හදය, පණ්ඩිර මන මනායතන මනීන්ද්‍රිය විඥාන විඥානයෙන් ඇතිවන මනොවිඤ්ඤාණ ධාතු නම් වේද, මෙය මන (සිත) යයි කියනු ලැබේ. මේ සිත මේ ප්‍රීතිය සමග එක්වූයේ වෙයි සමග උපන්නේ මිශ්‍රවූයේ එහි යෙදුනේ එකට උපන්නේ එකට නිරුද්ධවූයේ එක්වස්තුකවූයේ ඒකාරම්මණවූයේ යනුයි. (ප්‍රීති සිත් ඇත්තේවෙයි) යනු තුටු සිත් ඇත්තේ හර්ෂසිත් ඇත්තේ ප්‍රහර්ෂ සිත් ඇත්තේ සන්තොෂ සිත් ඇත්තේ උස්ව නැගි ප්‍රීතිය ඇති සිත් ඇත්තේ මොලොක් සිත් ඇත්තේ විශේෂයෙන් මොලොක් සිත් ඇත්තේ වෙයි යනුයි. ලැබ මිනිසා යමෙක් කැමතිවේද, යන්නෙහි “ලැබ” යනු ලැබ ඊට පැමිණ විඳ, උපදවා ගෙන යන අදහසයි (ii) මිනිසා යනු නරයා මානවකයා පුරුෂයා, පුද්ගලයා, ජීවයා ප්‍රාණියා ු සත්ත්වයා මනුජයා යනුයි.
8 “යමෙක් කැමතිවේද,” යනු යමක් ආශ්වාදය කෙරේද, යමක් ප්‍රාර්ථනා කෙරේද, යමක් ආශා කෙරේද යම් රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ බලාපොරොත්තුවෙන් කථාකෙරේද මනුෂ්‍යයා කැමති වන දෙය ලැබ යනුයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙය යනාදීන් වදාළ සේක.”
2
තස්ස චෙ කාමයානස්ස, ඡන්දජාතස්ස ජන්තුනො;
තෙ කාමා පරිහායන්ති, සල්ලවිද්ධොව රුප්පති.
තස්ස චෙ කාමයානස්සාති. තස්ස චෙති තස්ස ඛත්තියස්ස වා බ්‍රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා. කාමයානස්සාති කාමෙ ඉච්ඡමානස්ස සාදියමානස්ස පත්ථයමානස්ස පිහයමානස්ස අභිජප්පමානස්ස. අථ වා කාමතණ්හාය යායති නිය්‍යති වුය්හති සංහරීයති. යථා හත්ථියානෙන වා අස්සයානෙන වා ගොයානෙන වා අජයානෙන වා මෙණ්ඩයානෙන වා ඔට්ඨයානෙන වා ඛරයානෙන වා යායති නිය්‍යති වුය්හති සංහරීයති; එවමෙවං කාමතණ්හාය යායති නිය්‍යති වුය්හති සංහරීයතීති - තස්ස චෙ කාමයානස්ස.
ඡන්දජාතස්ස ජන්තුනොති. ඡන්දොති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමස්නෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං, තස්ස සො කාමච්ඡන්දො ජාතො හොති සඤ්ජාතො නිබ්බත්තො අභිනිබ්බත්තො පාතුභූතො. ජන්තුනොති සත්තස්ස නරස්ස මානවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස ජන්තුස්ස ඉන්දගුස්ස මනුජස්සාති - ඡන්දජාතස්ස ජන්තුනො.
තෙ කාමා පරිහායන්තීති - තෙ වා කාමා පරිහායන්ති, සො වා කාමෙහි පරිහායති. කථං තෙ කාමා පරිහායන්ති? තස්ස තිට්ඨන්තස්සෙව තෙ භොගෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති, නිහිතං වා නාධිගච්ඡති, දුප්පයුත්තා වා කම්මන්තා භිජ්ජන්ති, කුලෙ වා කුලඞ්ගාරො උප්පජ්ජති, යො තෙ භොගෙ විකිරති විධමති (විධමෙති (ස්‍යා.)) විද්ධංසෙති අනිච්චතායෙව අට්ඨමී. එවං තෙ කාමා හායන්ති පරිහායන්ති පරිධංසෙන්ති පරිපතන්ති අන්තරධායන්ති විප්පලුජ්ජන්ති. කථං සො කාමෙහි පරිහායති? තිට්ඨන්තෙව තෙ භොගෙ සො චවති මරති විප්පලුජ්ජති. එවං සො කාමෙහි හායති පරිහායති පරිධංසෙති පරිපතති අන්තරධායති විප්පලුජ්ජති.
චොරා හරන්ති රාජානො, අග්ගි දහති නස්සති;
අථ අන්තෙන ජහති (අථො අන්තෙන හෙති (ස්‍යා.), අසහන්තෙන දහති (ක.)), සරීරං සපරිග්ගහං;
එතදඤ්ඤාය මෙධාවී, භුඤ්ජෙථ ච දදෙථ ච.
දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතො සග්ගමුපෙති ඨානන්ති, තෙ කාමා පරිහායන්ති.
සල්ලවිද්ධොව රුප්පතීති. යථා අයොමයෙන වා සල්ලෙන විද්ධො, අට්ඨිමයෙන වා සල්ලෙන දන්තමයෙන වා සල්ලෙන විසාණමයෙන වා සල්ලෙන කට්ඨමයෙන වා සල්ලෙන විද්ධො රුප්පති කුප්පති ඝට්ටීයති පීළීයති, බ්‍යාධිතො දොමනස්සිතො හොති, එවමෙව වත්ථුකාමානං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. සො කාමසල්ලෙන ච සොකසල්ලෙන ච විද්ධො, රුප්පති කුප්පති ඝට්ටීයති පීළීයති බ්‍යාධිතො දොමනස්සිතො හොතීති - සල්ලවිද්ධොව රුප්පති.
තෙනාහ භගවා -
‘‘තස්ස චෙ කාමයානස්ස, ඡන්දජාතස්ස ජන්තුනො;
තෙ කාමා පරිහායන්ති, සල්ලවිද්ධොව රුප්පතී’’ති.
2
(1 - 2)
1 “කාමය කැමතිවන ඔහුට ඉදින්” යන්නෙහි ඔහුට ඉදින් යනු ඒ ක්ෂත්‍රීයයාට හෝ බ්‍රාහ්මණයාට හෝ වෛශ්‍යයාට හෝ ශුද්‍රයාට හෝ ගිහියාට හෝ පැද්දාට හෝ දෙවියාට හෝ මිනිසාට හෝ යනුයි” කාමය කැමති වන්නාට” යනු කාමය ආශ්වාදය කරුණු ලබන්නාද ප්‍රාර්ථනා කරණු ලබන්නාට ආශා කරණු ලබන්නාට ඒ පිළිබඳ කථා කරණ තැනැත්තාට යනුයි. නොහොත් කාමතෘෂ්ණවෙන් යේද, පමුණුවාද දරාද එක්තැන් කෙරේද යම්සේ හස්තියානයෙන් හෝ ආශ්වයානයෙන් හෝ ගව යානයෙන් හෝ අජ (එළු) යානයෙන් හෝ බැටළුයානයෙන් හෝ ඔටු යානයෙන් හෝ කොටළුයානයෙන් හෝ යේද’ එසේම කාම තෘෂ්ණාවෙන් යවාද පමුණුවාද පාකෙරේද හකුළුවාද යනුයි” කාමයෙන් ගමන් කරවන ඔහුට ඉදින් යනුයි. “කැමැත්ත උපන් සත්වයාට යන්නෙහි “කැමැත්ත” නම් කැමැතිදේවලට යම් ඒ කැමැත්තයි කාමරාගය’ කාමනන්දිය (කාමයට බැඳීමය) කාමතෘෂ්ණාව කාමස්නෙහය කාම පරිඩාහය කාම මුර්ච්ඡාව කාමයට බැසගැන්ම කාමඔසය කාමයොගය කාමූපාදානය කාමච්ඡන්ද නීවරණයයි ඔහුට ඒ කාමච්ඡන්දය ඇතිවූයේවෙයි. විශේෂයෙන් හටගත්තේවෙයි’ නිපන්නේ වෙයි. විශේෂයෙන් නිපන්නේ වෙයි පහළවූයේ වෙයි.
2 “සත්වයාට” යනු (මෙහි 1, 7 (ii) ඡේදය යෙදිය යුතුයි) “ ඒ කාමයෝ පිරිහෙත්.” යන්නෙහි ඒ කාමයෝ හෝ පිරිහෙත්. ඔහු හෝ ඒ කාමයන්ගෙන් පිරිහෙයි. කෙසේ ඒ කාමයෝ පිරිහෙත්ද? ඔහු සිටිත්දීම ඒ භෝගයන් රජවරු හෝ ගෙනයත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පාකරයි. තමන්ට නොකැමති දූ දරුවන් හෝ ගෙනයත්. නිදන්කොට තබන ලද්ද හෝ ණයට දෙන ලද්ද නොලැබෙයි. අයහපත්ව යොදන ලද කර්මාන්තයෝ බිඳීයත්, කුලයෙහි හෝ (කහවණු අඟුරුවීම් ආදිය) ඇතිවෙත් මේ නැතිවීම් අට නිසා හෙතෙම ඒ භොගයන් විසුරුවයි නැසීම කෙරෙයි. වැනසීම කරයි. අටවැන්නාවූ අනිත්‍යතාවයි. මෙසේ ඒ කාමයෝ නැතිවෙත්. පරිහානියට යෙත්. එහිම සිඳෙත්. එහිම වැටෙත්. අතුරුදන් වෙත්. බිඳීයත් කෙසේ ඔහු කාමයන්ගෙන් පිරිහේද? ඒ භොගයන් තිබෙද්දීම හෙතෙම චුතවෙයි. මැරෙයි. අතුරුදහන් වෙයි. බිඳීයයි. මෙසේ හෙතෙම කාමයන්ගෙන් පිරිහෙයි, නැසෙයි, අනතුරට පත්වෙයි. අතුරුදහන් වෙයි. බිඳෙයි.
3 “රජ වරුද සොරුද පැහැර ගණිත්. ගින්න දවයි, නසියි, නැවත මරණයෙන් සියල්ල සමග ශරීරයද අතහරියි. නුවණැත්තේ මේ කරුණ දැන අනුභව කරන්නේය. දෙන්නේය ශක්ති පරිදි දී අනුභවකොට නින්දා නොලැබ ස්වර්ගයට පැමිණෙයි.”
4 “ඒ කාමයෝ පිරිහෙත්, හුලකින් විද්දාක්මෙන් වෙනස් වේ. යන්නෙහි යම්සේ අයෝමය හුලකින් හෝ විදිනලද්දේ ඇටවලින් කරණ ලද හුලකින් හෝ ලී වලින් කරණ ලද හුලකින් හෝ විදින ලද්දේ දත්වලින් කරණ ලද හුලකින් හෝ අංවලින් කරණ ලද හුලකින් හෝ විදින ලද්දේ වෙනස් වේද, ගැටේද, පෙළේද, දොම්නස් වූයේද වෙයි. එමෙන්ම වස්තුකාමයන්ගේ විපරිණාමයෙන් වෙනස්වීමෙන් අනික් ආකාරයකට පැමිණීමෙන් ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ උපදිත්. හෙතෙම කාම හුලෙන්ද ශොක හුලෙන්ද විදිනලද්දේ වෙනස්වේ. කිපෙයි, ගැටෙයි, පෙළෙයි. දොම්නස් වෙයි.
3
යො කාමෙ පරිවජ්ජෙති, සප්පස්සෙව පදා සිරො;
සොමං විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තති.
යො කාමෙ පරිවජ්ජෙතීති. යොති යො යාදිසො යථායුත්තො යථාවිහිතො යථාපකාරො යංඨානප්පත්තො යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්‍රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා. කාමෙ පරිවජ්ජෙතීති. කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමෙ පරිවජ්ජෙතීති ද්වීහි කාරණෙහි කාමෙ පරිවජ්ජෙති - වික්ඛම්භනතො වා සමුච්ඡෙදතො වා. කථං වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති? ‘‘අට්ඨිකඞ්කලූපමා කාමා අප්පස්සාදට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘මංසපෙසූපමා කාමා බහුසාධාරණට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘තිණුක්කූපමා කාමා අනුදහනට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘අඞ්ගාරකාසූපමා කාමා මහාපරිළාහට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘සුපිනකූපමා කාමා ඉත්තරපච්චුපට්ඨානට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘යාචිතකූපමා කාමා තාවකාලිකට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘රුක්ඛඵලූපමා කාමා සම්භඤ්ජනපරිභඤ්ජනට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘අසිසූනූපමා කාමා අධිකුට්ටනට්ඨෙනා’’ති (අධිකන්තනට්ඨෙනාති (ස්‍යා.)) පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘සත්තිසූලූපමා කාමා විනිවිජ්ඣනට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘සප්පසිරූපමා කාමා සප්පටිභයට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ‘‘අග්ගික්ඛන්ධූපමා කාමා මහාභිතාපනට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති.
බුද්ධානුස්සතිං භාවෙන්තොපි වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, ධම්මානුස්සතිං භාවෙන්තොපි...පෙ.... සඞ්ඝානුස්සතිං භාවෙන්තොපි... සීලානුස්සතිං භාවෙන්තොපි... චාගානුස්සතිං භාවෙන්තොපි... දෙවතානුස්සතිං භාවෙන්තොපි... ආනාපානස්සතිං (ආනාපානසතිං (සී.)) භාවෙන්තොපි... මරණස්සතිං භාවෙන්තොපි... කායගතාසතිං භාවෙන්තොපි... උපසමානුස්සතිං භාවෙන්තොපි වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති.
පඨමං ඣානං භාවෙන්තොපි වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති, දුතියං ඣානං භාවෙන්තොපි...පෙ.... තතියං ඣානං භාවෙන්තොපි... චතුත්ථං ඣානං භාවෙන්තොපි... ආකාසානඤ්චායතනසමාපත්තිං භාවෙන්තොපි... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං භාවෙන්තොපි... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තොපි ... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තොපි වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති. එවං වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙති.
කථං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙති? සොතාපත්තිමග්ගං භාවෙන්තොපි අපායගමනීයෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති, සකදාගාමිමග්ගං භාවෙන්තොපි ඔළාරිකෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති, අනාගාමිමග්ගං භාවෙන්තොපි අනුසහගතෙ කාමෙ සමුච්ඡෙදතො පරිවජ්ජෙති, අරහත්තමග්ගං භාවෙන්තොපි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙති. එවං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙතීති - යො කාමෙ පරිවජ්ජෙති.
සප්පස්සෙව පදා සිරොති. සප්පො වුච්චති අහි. කෙනට්ඨෙන සප්පො? සංසප්පන්තො ගච්ඡතීති සප්පො; භුජන්තො ගච්ඡතීති භුජගො; උරෙන ගච්ඡතීති උරගො; පන්නසිරො ගච්ඡතීති පන්නගො; සිරෙන සුපතීති (සප්පතීති (ක.)) සරීසපො (සිරිංසපො (සී.)); බිලෙ සයතීති බිලාසයො; ගුහායං සයතීති ගුහාසයො; දාඨා තස්ස ආවුධොති දාඨාවුධො; විසං තස්ස ඝොරන්ති ඝොරවිසො; ජිව්හා තස්ස දුවිධාති ද්විජිව්හො; ද්වීහි ජිව්හාහි රසං සායතීති ද්විරසඤ්ඤූ. යථා පුරිසො ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො පාදෙන සප්පසිරං වජ්ජෙය්‍ය විවජ්ජෙය්‍ය පරිවජ්ජෙය්‍ය අභිනිවජ්ජෙය්‍ය; එවමෙව සුඛකාමො දුක්ඛපටික්කූලො කාමෙ වජ්ජෙය්‍ය විවජ්ජෙය්‍ය පරිවජ්ජෙය්‍ය අභිනිවජ්ජෙය්‍යාති - සප්පස්සෙව පදා සිරො.
සොමං විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තතීති. සොති යො කාමෙ පරිවජ්ජෙති. විසත්තිකා වුච්චති තණ්හා. යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දී නන්දිරාගො, චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පලිගෙධො (පළිගෙධො (සී.)) සඞ්ගො පඞ්කො, එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බිනී ජාලිනී සරිතා විසත්තිකා, සුත්තං විසතා ආයූහිනී (ආයූහනී (සී. ස්‍යා.)) දුතියා පණිධි භවනෙත්ති, වනං වනථො සන්ධවො ස්නෙහො අපෙක්ඛා පටිබන්ධු, ආසා ආසීසනා ආසීසිතත්තං, රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා, ලාභාසා ජනාසා පුත්තාසා ජීවිතාසා, ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්ජිකතා සාධුකම්‍යතා, අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා, කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා, රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා , ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං, උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං, දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබළිසං මාරවිසයො, තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං.
විසත්තිකාති. කෙනට්ඨෙන විසත්තිකා? විසතාති විසත්තිකා; විසාලාති විසත්තිකා; විසටාති විසත්තිකා; විසක්කතීති විසත්තිකා; විසංහරතීති විසත්තිකා; විසංවාදිකාති විසත්තිකා; විසමූලාති විසත්තිකා; විසඵලාති විසත්තිකා; විසපරිභොගොති විසත්තිකා; විසාලා වා පන සා තණ්හා රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ, කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ, පසංසාය සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ, කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා, කාමභවෙ රූපභවෙ අරූපභවෙ, සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ, එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ, අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු විසටා විත්ථතාති විසත්තිකා.
ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ, ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. සතොති චතූහි කාරණෙහි සතො - කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු...පෙ.... චිත්තෙ... ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - අසතිපරිවජ්ජනාය සතො, සතිකරණීයානං ධම්මානං කතත්තා සතො, සතිපරිබන්ධානං ධම්මානං හතත්තා සතො, සතිනිමිත්තානං ධම්මානං අසම්මුට්ඨත්තා සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - සතියා සමන්නාගතත්තා සතො, සතියා වසිතත්තා සතො, සතියා පාගුඤ්ඤතාය සතො, සතියා අපච්චොරොහණතාය (අපච්චොරොපනතාය (සී.)) සතො.
අපරෙහිපි චතූහි කාරණෙහි සතො - සත්තත්තා සතො, සන්තත්තා සතො, සමිතත්තා සතො, සන්තධම්මසමන්නාගතත්තා සතො. බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො, ආනාපානස්සතියා සතො, මරණස්සතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතො. යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්‍රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො, අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො, සො වුච්චති සතො.
සොමං විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තතීති. ලොකෙ වා සා විසත්තිකා, ලොකෙ වා තං විසත්තිකං සතො තරති උත්තරති පතරති සමතික්කමති වීතිවත්තතීති - සොමං විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තති.
තෙනාහ භගවා -
‘‘යො කාමෙ පරිවජ්ජෙති, සප්පස්සෙව පදා සිරො;
සොමං විසත්තිකං ලොකෙ, සතො සමතිවත්තතී’’ති.
3
(1 - 3)
1 “යමෙක් කාමයන් දුරුකෙරේද? යන්නෙහි යමෙක් යනු යමෙක් යම්බඳුවූ, යම්බඳු යෙදුම් ඇති, යම්බඳු කටයුතුවල යෙදුනු, යම්බඳු ප්‍රකාර ඇති යම් තනතුරකට පත්වූ, යම් ධර්මයකින් යුක්තවූ, ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශූද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ පැවිද්දෙක් හෝ මිනිසෙක් හෝ යනුයි.
2 (i) “කාමයන් දුරු කරයි” යන්නෙහි ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙත්. (මෙහි 1-1 (ii) ඡේදයේ සිට 3 (i) අවසාන දක්වා යොදන්න.) “කාමයන් දුරු කරයි” යන්නෙහි යටපත් කිරීම් වශයෙන් හෝ නැතිකිරීම් වශයෙන් හෝ කාමය දුරුකරයි. කෙසේ යටපත් කිරීම් වශයෙන් කාමය දුරු කරයිද? කාමයෝ ඇටකටුවකට උපමා ඇත්තේ (ii) අල්පාශ්වාද වශයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. කාමයෝ මස් කැටියක් සමානයයි බහු සාධාරණාර්ථයෙන් බලන්නේ නැති කිරීම් වශයෙන් කාමය දුරු කරයි. කාමයෝ තණ සුලකට බඳු උපමා ඇත්තේ අනුව දවන අර්ථයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. කාමයෝ අඟුරු වලකට උපමා ඇත්තේ මහාපරිදාහාර්ථයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයෝ දුරු කරයි. (iii) කාමයෝ සිහිනයක් බඳුයයි ස්වල්පයක් වැටහීම් අර්ථයෙන් යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. කාමයෝ ඉල්ලාගත් දෙයක් බඳුයයි තාවකාලිකාර්ථයෙන් බලන්නේ යටපත්කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. කාමයෝ වෘක්ෂ ඵලයකට බඳු උපමා ඇත්තේයයි අතිශයෙන් බිඳෙයි, කැඩෙයි යන අර්ථයෙන් බලන්නහුට යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. කාමයන් මස්කපන පිහි හා මස් ලොඹුවමෙනැයි උඩතබා කැපීම් අර්ථයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. කාමයෝ කඩු හා කූරු බඳු උපමා ඇත්තේ විනිවිද යන අර්ථයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි.
(iv) කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තේයයි භය ගෙනදෙන අර්ථයෙන් බලන්නේ යටපත්කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. කාමයෝ ගිනි කඳකට බඳු උපමා ඇත්තේ යයි උසස් සේ තවන අර්ථයෙන් බලන්නේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. බුද්ධානුස්මෘතිය වඩන්නේ යටපත් කිරීම වශයෙන් කාමයෝ දුරුකරයි. ධර්මානුස්මෘතිය වඩන්නේද සංඝානුස්මෘතිය වඩන්නේද, ශීලානුස්මෘතිය ත්‍යාගානු ස්මෘතිය වඩන්නේද, දෙවතානු ස්මෘතිය වඩන්නේද ආණාපාණ ස්මෘතිය වඩන්නේද මරණ සතිය වඩන්නේද කායගතා සතිය වඩන්නේද, උපසමානුස්සතිය වඩන්නේද යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. ප්‍රථම ධ්‍යාන වඩන්නේද යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. ද්විතීයධ්‍යානය වඩන්නේද, තෘතීයධ්‍යානය වඩන්නේද චතුර්ථධ්‍යානය වඩන්නේද ආකාසානඤ්චායතන සමාපත්තිය වඩන්නේද විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය වඩන්නේද ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය වඩන්නේද නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය වඩන්නේද යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරයි. (ඩ මෙසේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරුකරයි. නැතිකිරීම් වශයෙන් කාමයන් කෙසේ දුරු කෙරේද? සෝවාන් මාර්ගය වඩන්නේද අපාය ගමනීයවූ කාමයන් නැතිකිරීම් වශයෙන් දුරුකරයි. සකෘදාගාමි මාර්ගය වඩන්නේද මහත් කාමයන් නැතිකිරීම් වශයෙන් දුරු කරයි. අනාගාමී මාර්ගය වඩන්නේද, සිත තුළවූ කාමයන් නැතිකිරීම් වශයෙන් දුරුකරයි. අරහත් මාර්ගය වඩන්නේද, සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් නිරවශෙෂයෙන් (ඉතිරි නොවන සේ) සියල්ල නසා නැතිකිරීම් වශයෙන් කාමයන් දුරුකරයි.
3 “යමෙක් පයින් සර්ප හිස මෙන් කාමයන් දුරු කෙරේද” යන්නෙහි සර්ප යන්නෙන් “නාගයා” කියනු ලැබේ. කවරාර්ථයෙන් සර්පද කියතොත්, බඩගා යේනුයි සර්ප නම් වේ. වක්ව යේනුයි භුජග නම් වේ. බඩ ගායේනුයි උරග නම්වේ. හිස පහත්කොට යේනුයි ‘පන්නග’ නම් වේ. හිසින් සයනය කෙරෙනුයි ‘සිරීංසප’ නම්වේ. බිලයෙහි සයනය කෙරේනුයි “ බිලාසය” නම් වේ. ගුහාවෙහි සයනය කෙරේනුයි. ‘ගුහාසය’ නම්වේ. ඔහුට දළය ආවුධය බැවින් ‘දාඨාවුධ’ නම්වේ. ඔහුගේ විෂය ඝොර බැවින් ඝොර විෂ නම්වේ. ඔහුගේ දිව දෙකක් බැවින් ද්වීජිව්හ නම්වේ. දිව දෙකින් රසය ආශ්වාදනය කෙරේනුයි ‘විරසඤ්ක්‍දු’ නම්වේ. යම්සේ ජීවත්වීමට කැමති මරණයට අකමැති, සැප කැමති, දුක පිළිකුල් කරණ පුරුෂතෙම පයින් සර්ප හිස දුරුකරන්නේය, ඈත් කරන්නේය. විශේෂයෙන් ඈත් කරන්නේය. බැහැර කරන්නේය, එමෙන්ම සුව කැමැත්තේ දුකට පිළිකුල් කරන්නේ කාමයන් දුරු කරන්නේය. (මෙහි 3-2 ඡේදය යෙදිය යුතුයි.)
4 “හෙතෙම මේ විසත්තිකා නම් ලෝකය සිහි ඇතිව ඉක්මවයි.” යන්නෙහි “හෙතෙම” යනු යමෙක් කාමය දුරු කෙරේද, හෙතෙමේයි. ‘වීසත්තිකා යනු තෘෂ්ණාවට නමෙකි. යම්, රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, යම් ළංවීමක් ඇද්ද, යම් රැහැනක් ඇද්ද යම් නන්දි රාගයක් ඇද්ද, යම් බලවත් රාගයක් ඇද්ද යම් ආශාවක් ඇද්ද, බැසගැන්මක් ගිජුවීමක් මඬක් ඇද්ද, (සොලවන්නී) රවටන්නී ජවනිකා (උපදවන්නි) සංජනනී (හටගන්වන්නි) සිබ්බනි (මසන්නි) ජාලිනී (දැල) සවිතා (ගඟ) විසත්තිකා (ඇල්ම) සුත්තං (නූල) විසතා (පැතිරෙන්නී) ආයුගනි (රැස්කරන්නී) දෙවැනි උත්පත්තියක් දෙන්නී, පිහිටුවන්නී, භවයට යවන්නී, වනය වනථය, එක්වීම, ස්නේහය, අපෙක්ෂාව, බැම්ම, ආශාව බලාපොරොත්තුව, රූපාශාව, ශබ්ද, ගන්ධ රස ස්පර්ශාසාව, ධනාසාව පුත්‍රාසාව ජීවිතාශාව. ජප්පනා (දොඩවන්නී) ජප්පිතන්ත පුච්ඡඤ්ජිකත සාධුකම්‍යතා යන නම වලින් ප්‍රකට තෘෂ්ණාව, ලොලු (ලොල්බව) ලොලුප්පායන, ලොලුප්පායිතන්ත, අධර්ම රාගය, විෂම ලෝභය, නිකන්තිය, නිතාමනය, ප්‍රාර්ථනය ප්‍රිය කිරීම, දැඩි ප්‍රාර්ථනය, කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, රූප තෘෂ්ණාව, අරූප තෘෂ්ණාව, නිරෝධ තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව, ධම්මතෘෂ්ණාව, ඕඝය, යොගය, ගන්ථය, උපාදානයා ආවරණය, නීවරණය, වැසීම, බන්ධනය, කිලුට, ඉතිරිවූ ආසාව මැඩගෙන සිටීම්, බලවත් කැමැත්ත, දුකට මුල, දුකට නිදානය දුක්ඛ ප්‍රභවය, මාර පාශය, මාර බිලිය, මාර විෂය, තෘෂ්ණා ගංගාව, තෘෂ්ණා දැල, තෘෂ්ණා දම්වැල, තෘෂ්ණා සමුද්‍රය, විෂමලෝභය, අකුශලමූලය
5 “විසත්තිකා” යනු කවරාර්ථයෙන් විසත්තිකා නම් වේද? පැතුරුණු අර්ථයෙන් විශාලාර්ථයෙන් විසිරීම් අර්ථයෙන් ගොදුර අල්ලාගන්නා අර්ථයෙන් විෂ ප්‍රකාශ කරණ අර්ථයෙන්, විෂමූලාර්ථයෙන්, විෂඵලාර්ථයෙන් විෂ පරිභොගාර්ථයෙන් විසත්තිකා නම් වේ. විශාලවූ ඒ තෘෂ්ණාව රූපයෙහිද, ශබ්දයෙහිද, ගන්ධයෙහිද, ස්පර්ශයෙහිද, කුලයා කෙරෙහිද ගණයා කෙරෙහිද, ආවාසයෙහිද, ලාභයෙහිද, යසසෙහිද ප්‍රශංසායෙහිද, සැපතෙහිද, චීවරයෙහිද, පිණ්ඩපාතයෙහිද, සෙනාසනයෙහිද, ගිලන්පස බෙහෙත් පිරිකරෙහිද, කාම ධාතුයෙහිද, රූප ධාතුයෙහිද කාමභවයෙහිද, රූප භවයෙහිද, අරූප භවයෙහිද, සංඥා භවයෙහිද, අසංඥා භවයෙහිද, නෙවසංඥානාසංඥා භවයෙහිද එකවොකාරභවයෙහි (අසඤ්ඤසත්ත) චතුවොකාර භවයෙහි (අරූප ලෝකවලද) පඤ්චවොකාර භවයෙහි (ස්කන්ධ පහ ඇති ලෝකවලද) අතීතවූද අනාගතවූද වර්තමානවූ ද දැක, ඇසූ, නාසය, දිව, සිරුර යන මෙයින් ස්පර්ශ කරණ ලද දතයුතු ධර්මයෙහි ‘විස්තෘත’ නුයි පැතිරේනුයි විසත්තිකා නමි.
“ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි මනුෂ්‍යලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධලෝකයෙහි ධාතු ලෝකයෙහි, ආයතන ලෝකයෙහි යනුයි.
6 “සිහි ඇතිව” යනු කරුණු සතරකින් සිහි ඇත්තේය. යනුයි කායෙහි කය අනුව බැලීම, වේදනාවන්හි චිත්තයෙහි, ධර්මයන්හි ධර්මය අනුව බැලීමෙන් සිහිය පිහිටුවීම වඩන්නේ සිහි ඇත්තේ නම්, අනිකුදු කාරණයකින් සිහි ඇත්තේ සිහිනැති බව දුරුකරණබැවින් සිහි ඇතිකරණ ධර්මයන් කරණලද බැවින් සිහියට විරුද්ධ ධර්මයන් දුරුකරණ ලද බැවින් සිහියට නිමිතිවූ ධර්මයන් සිහිකළ බැවින්ද, සිහි ඇත්තේ නමි. අනිකුදු සතර කාරණයකින් සිහි ඇත්තේ නමි. සිහියෙන් යුක්තවූ බැවින් සිහියෙන් විසූ බැවින් හෝ (ගතකළ) බැවින්, සිහියෙන් ප්‍රගුණකළ බැවින් සිහියෙන් හේතු වශයෙන් නොනැංවූ බැවින් යනුයි.
7 අනිකුදු සතර කාරණයකින් සිහි ඇත්තේ නමි ඇදුන බැවින් ශාන්ත බැවින් හික්මුණ බැවින්, ශාන්ත ධර්මයන්ගෙන් යුක්ත බැවින් බුද්ධානුස්මෘතියෙන් යුක්ත බැවින්, ධර්මානුස්මෘතියෙන් යුක්ත බැවින්, සංඝානුස්මෘතියෙන් යුක්ත බැවින්, ශීලානුස්මෘතියෙන් යුක්ත බැවින් ත්‍යාගානුස්මෘතියෙන් යුක්ත බැවින් දෙවතානුස්මෘතියෙන් යුක්ත බැවින්, ආණප්‍රාණානුස්මෘතියෙන් යුක්ත බැවින්, මරණානුස්මෘතියෙන් යුක්ත බැවින්, කායගතා සතියෙන් යුක්ත බැවින් උපශමානුස්මෘතියෙන් යුක්ත බැවින්, යම් සිහියක් සිහි කෙරේද අනුව සිහිකෙරේද සිහිය සිහිකිරීම් අර්ථයෙන් දැරීම් අර්ථයෙන් නොඉල්පීම් අර්ථයෙන් මුළා නොවන අර්ථයෙන්ද සිහිය සතින්ද්‍රියය සතිබලය සම්‍යක් ස්මෘතිය සතිසම්බොජ්ඣංගය එකායන මාර්ගය යන අර්ථයෙන් මෙය සතියයි කියනු ලැබේ. මේ සිහියෙන් යුක්තවූයේ වෙයි. සමන්තාගත වූයේ යුක්තවූයේ මනාකොට පැමිණියේ වෙයි. හටගත්තේ මනාකොට හටගත්තේ යුක්තවූයේ වේද, හෙතෙමේ සිහි ඇත්තේයයි කියනු ලැබේ.
8 “හෙතෙම මේ විසත්තිකා නම් ලෝකය සිහි ඇත්තේ ඉක්මවයි” යන්නෙහි ලෝකයෙහි මේ විස්තතිකාව, ලෝකයෙහි මේ ඇල්ම ඇති කරණ ධර්මය එතරවෙයි, මනාකොට තරණය කරයි, පිහිනායයි, ඉක්මවයි, පහකරයි.
4
ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා, ගවාස්සං දාසපොරිසං;
ථියො බන්ධූ පුථු කාමෙ, යො නරො අනුගිජ්ඣති.
ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වාති. ඛෙත්තන්ති සාලික්ඛෙත්තං වීහික්ඛෙත්තං මුග්ගක්ඛෙත්තං මාසක්ඛෙත්තං යවක්ඛෙත්තං ගොධුමක්ඛෙත්තං තිලක්ඛෙත්තං. වත්ථුන්ති ඝරවත්ථුං කොට්ඨකවත්ථුං පුරෙවත්ථුං පච්ඡාවත්ථුං ආරාමවත්ථුං විහාරවත්ථුං. හිරඤ්ඤන්ති හිරඤ්ඤං වුච්චති කහාපණොති - ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා.
ගවාස්සං දාසපොරිසන්ති. ගවන්ති ගවා (ගාවො (ක.)) වුච්චන්ති. අස්සාති පසුකාදයො වුච්චන්ති. දාසාති චත්තාරො දාසා - අන්තොජාතකො දාසො, ධනක්කීතකො දාසො, සාමං වා දාසබ්‍යං උපෙති, අකාමකො වා දාසවිසයං උපෙති.
‘‘ආමාය දාසාපි භවන්ති හෙකෙ, ධනෙන කීතාපි භවන්ති දාසා;
සාමඤ්ච එකෙ උපයන්ති දාස්‍යං, භයාපනුණ්ණාපි භවන්ති දාසා’’ති.
පුරිසාති තයො පුරිසා - භතකා, කම්මකරා, උපජීවිනොති - ගවාස්සං දාසපොරිසං.
ථියො බන්ධූ පුථු කාමෙති. ථියොති ඉත්ථිපරිග්ගහො වුච්චති. බන්ධූති චත්තාරො බන්ධූ - ඤාතිබන්ධවාපි බන්ධු, ගොත්තබන්ධවාපි බන්ධු, මන්තබන්ධවාපි බන්ධු, සිප්පබන්ධවාපි බන්ධු. පුථු කාමෙති බහූ කාමෙ. එතෙ පුථු කාමා මනාපිකා රූපා...පෙ.... මනාපිකා ඵොට්ඨබ්බාති - ථියො බන්ධූ පුථු කාමෙ.
යො නරො අනුගිජ්ඣතීති. යොති යො යාදිසො යථායුත්තො යථාවිහිතො යථාපකාරො යංඨානප්පත්තො යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්‍රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො ප්වා දෙවො වා මනුස්සො වා. නරොති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු ජන්තු ඉන්දගු මනුජො. අනුගිජ්ඣතීති කිලෙසකාමෙන වත්ථුකාමෙසු ගිජ්ඣති අනුගිජ්ඣති පලිගිජ්ඣති පලිබජ්ඣතීති - යො නරො අනුගිජ්ඣති.
තෙනාහ භගවා -
‘‘ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා, ගවාස්සං දාසපොරිසං;
ථියො බන්ධූ පුථු කාමෙ, යො නරො අනුගිජ්ඣතී’’ති.
4
(1 - 4)
1 කෙත්වතු රන් හෝ යන තන්හි කෙත් නම් ඇල්කෙත, වීකෙත, මුංකෙත, මෑකෙත, යවකෙත, තිරිඟු කෙත, තලකෙත යන ආදී යම් ඒ කෙතක් යනුයි. ගෙවතු කොටුවතු පෙරවතු පසුවතු ආරාමවතු විහාරවතු යන මේවා වෙනි. “හිරණ්‍ය” යන්නෙහි හිරණ්‍යයයි කහවණුවලට කියයි.
2 “ගව අශ්වදාස පුරුෂයෝ යන තන්හි “ගව” යන්නෙන් ගවයෝ කියත්. “අස්සා” යන්නෙන් අශ්වාදී සෙසු තිරිසනුන් කියත්. “දාසා” යනු දාසයෝ සතරදෙනෙක් වෙති. ඇතුළත උපන් දාසය ධනයෙන් (මිළදී ගන්නාලද දාසයා, තෙමේ හෝ දාසකමට පැමිණි දාසයා නොකැමැත්තෙන් හෝ දාසකමට පැමිණි දාසයාද යන මොහුයි.
3 “එකෙක් දාසිය ගෙන් (ඉපද) දාසයෝ වෙති. ධනයෙන් මිළදී ගන්නාලද දාසයෝද වෙති කෙනෙක් තෙමේද දාසකමට පැමිණෙත්. භයක් ඇතිවූවෝද දාසයෝ වෙත්. පුරුෂයෝ යනු පුරුෂයෝ තිදෙනෙක් වෙත්. බැළමෙහෙ කරන්නෝය. කම්කරුවෝය. සමග ජීවත් වන්නෝය යනුයි. (ii) ස්ත්‍රීහු නෑයෝ බොහෝ කාමයෙන් යන්නෙහි ස්ත්‍රිහු යන්නෙන් අයිති ස්ත්‍රිය කියයි. “බන්ධු යනු නෑයෝ සතර දෙනෙක් වෙති. ඥාති සම්බන්ධයෙන් බන්ධුහුය, ගෝත්‍ර සම්බන්ධයෙන් බන්ධුහුය. මන්ත්‍ර සම්බන්ධයෙන් බන්ධුහුය. ශිල්ප සම්බන්ධයෙන් බන්ධුය යන මොහු වෙති. බොහෝ කාමයන් යනු මොව්හු බොහෝ කාමයෝයි. එනම් ප්‍රිය වඩන රූපයෝය (මෙහි 1, 1 (ii) ඡේදය සිට 3 (i) ඡේදය අවසාන දක්වා යෙදිය යුතුයි) “යම් මිනිසෙක් එහි ගිජුවේද, යන්නෙහි යමෙක් යනු යම්බඳු එසේ යෙදුණු, යම් ප්‍රකාරයකට පත් යම් ස්ථානයකට පත් යම් ධර්මයකින් යුක්තවූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශූද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි. මිනිසෙක් යනු (මෙහි 1, 7 (ii) ඡේදය යොදා ගත යුතුයි. “අනුගිජ්ඣති” යනු ක්ලෙශකාමයන් නිසා වස්තුකාමයන්හි ගිජුවෙයි, එහි ගැලෙයි නැවත නැවතත් ගිජුවෙයි.
5
අබලා නං බලීයන්ති, මද්දන්තෙ නං පරිස්සයා;
තතො නං දුක්ඛමන්වෙති, නාවං භින්නමිවොදකං.
අබලා නං බලීයන්තීති. අබලාති අබලා කිලෙසා දුබ්බලා අප්පබලා අප්පථාමකා හීනා නිහීනා ( ) ((පරිහීනා) (සී. ස්‍යා.)) ඔමකා ලාමකා ඡතුක්කා පරිත්තා. තෙ කිලෙසා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති, එවම්පි අබලා නං බලීයන්ති. අථ වා, අබලං පුග්ගලං දුබ්බලං අප්පබලං අප්පථාමකං හීනං නිහීනං ඔමකං ලාමකං ඡතුක්කං පරිත්තං, යස්ස නත්ථි සද්ධාබලං වීරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං . තෙ කිලෙසා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති - එවම්පි අබලා නං බලීයන්තීති.
මද්දන්තෙ නං පරිස්සයාති. ද්වෙ පරිස්සයා - පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා? සීහා බ්‍යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිංසා (මහිසා (සී. ස්‍යා.)) හත්ථී අහිවිච්ඡිකා සතපදී, චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො, කාසො සාසො පිනාසො ඩාහො ජරො, කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා, කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො, දද්දු කණ්ඩු කච්ඡු රඛසා (රක්ඛසා (ක.)) විතච්ඡිකා ලොහිතපිත්තං, මධුමෙහො අංසා පිළකා භගන්දලා, පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සා ඉති වා - ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
කතමෙ පටිච්ඡන්නපරිස්සයා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං , කාමච්ඡන්දනීවරණං බ්‍යාපාදනීවරණං ථිනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං, මායා සාඨෙය්‍යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා - ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා.
පරිස්සයාති කෙනට්ඨෙන පරිස්සයා? පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්‍රාසයාති පරිස්සයා. කථං පරිසහන්තීති පරිස්සයා? තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්ති. එවං පරිසහන්තීති පරිස්සයා. කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා? තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං? සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අවිරුද්ධපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය, සීලෙසු පරිපූරිකාරිතාය ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය, ජාගරියානුයොගස්ස සතිසම්පජඤ්ඤස්ස, චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගස්ස චතුන්නං සම්මප්පධානානං භාවනානුයොගස්ස චතුන්නං ඉද්ධිපාදානං භාවනානුයොගස්ස, පඤ්චන්නං ඉන්ද්‍රියානං භාවනානුයොගස්ස පඤ්චන්නං බලානං භාවනානුයොගස්ස, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනානුයොගස්ස අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස - ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. එවං පරිහානාය සංවත්තන්තීති - පරිස්සයා.
කථං තත්‍රාසයාති පරිස්සයා? තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා. යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා. එවම්පි තත්‍රාසයාති - පරිස්සයා.
වුත්තඤ්හෙතං භගවතා -
‘‘සාන්තෙවාසිකො, භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, ත්‍යස්ස අන්තො වසන්ති අන්වාසවන්ති පාපකා අකුසලා ධම්මාති - තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති. සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති - තස්මා සාචරියකොති වුච්චති.
‘‘පුන චපරං , භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා, ඝානෙන ගන්ධං ඝායිත්වා, ජිව්හාය රසං සායිත්වා, කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා, මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, ත්‍යස්ස අන්තො වසන්ති අන්වාසවන්ති පාපකා අකුසලා ධම්මාති - තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති. සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති - තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරතී’’ති. එවම්පි තත්‍රාසයාති - පරිස්සයා.
වුත්තඤ්හෙතං භගවතා -
‘‘තයොමෙ, භික්ඛවෙ, අන්තරාමලා - අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා. කතමෙ තයො? ලොභො, භික්ඛවෙ, අන්තරාමලං (අන්තරාමලො (ස්‍යා.)) අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. දොසො...පෙ.... මොහො, භික්ඛවෙ, අන්තරාමලං අන්තරාඅමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අන්තරාමලා - අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා.
‘‘අනත්ථජනනො ලොභො, ලොභො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සති;
අන්ධන්තමං (අන්ධතමං (ස්‍යා. ක.)) තදා හොති, යං ලොභො සහතෙ නරං.
‘‘අනත්ථජනනො දොසො, දොසො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘කුද්ධො අත්ථං න ජානාති, කුද්ධො ධම්මං න පස්සති;
අන්ධන්තමං තදා හොති, යං දොසො සහතෙ නරං.
‘‘අනත්ථජනනො මොහො, මොහො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘මූළ්හො අත්ථං න ජානාති, මූළ්හො ධම්මං න පස්සති;
අන්ධන්තමං තදා හොති, යං මොහො සහතෙ නර’’න්ති.
එවම්පි තත්‍රාසයාති - පරිස්සයා.
වුත්තම්පි හෙතං භගවතා - ‘‘තයො ඛො, මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති, අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො, මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති, අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො, මහාරාජ...පෙ.... මොහො ඛො, මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති, අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො, මහාරාජ, තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති, අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය.
‘‘ලොභො දොසො ච මොහො ච, පුරිසං පාපචෙතසං;
හිංසන්ති අත්තසම්භූතා, තචසාරංව සම්ඵල’’න්ති.
එවම්පි තත්‍රාසයාති - පරිස්සයා.
වුත්තම්පි චෙතං භගවතා -
‘‘රාගො ච දොසො ච ඉතොනිදානා, අරති රති ලොමහංසො ඉතොජා;
ඉතො සමුට්ඨාය මනොවිතක්කා, කුමාරකා ධඞ්කමිවොස්සජන්තී’’ති (ධඞ්කමිවොස්සජ්ජන්ති (ස්‍යා.)).
එවම්පි තත්‍රාසයාති - පරිස්සයා. මද්දන්තෙ නං පරිස්සයාති. තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති - මද්දන්තෙ නං පරිස්සයා.
තතො නං දුක්ඛමන්වෙතීති. තතොති තතො තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, ජරාදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, බ්‍යාධිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, මරණදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, නෙරයිකං දුක්ඛං, තිරච්ඡානයොනිකං දුක්ඛං, පෙත්තිවිසයිකං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, මානුසිකං දුක්ඛං... ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං... ගබ්භෙ ඨිතිමූලකං දුක්ඛං... ගබ්භා වුට්ඨානමූලකං දුක්ඛං... ජාතස්සූපනිබන්ධකං දුක්ඛං... ජාතස්ස පරාධෙය්‍යකං දුක්ඛං... අත්තූපක්කමං දුක්ඛං... පරූපක්කමං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, දුක්ඛදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, සඞ්ඛාරදුක්ඛං... විපරිණාමදුක්ඛං ... චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො, කාසො සාසො පිනාසො ඩාහො ජරො, කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා, කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො, දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං, මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සදුක්ඛං... මාතුමරණං දුක්ඛං... පිතුමරණං දුක්ඛං... භාතුමරණං දුක්ඛං... භගිනිමරණං දුක්ඛං... පුත්තමරණං දුක්ඛං... ධීතුමරණං දුක්ඛං ... ඤාතිබ්‍යසනං දුක්ඛං... භොගබ්‍යසනං දුක්ඛං... රොගබ්‍යසනං දුක්ඛං... සීලබ්‍යසනං දුක්ඛං... දිට්ඨිබ්‍යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති - තතො නං දුක්ඛමන්වෙති.
නාවං භින්නමිවොදකන්ති. යථා භින්නං නාවං දකමෙසිං (උදකදායිතො (සී.), උදකං අන්වායිකං (ස්‍යා.)) තතො තතො උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, පුරතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, පච්ඡතොපි... හෙට්ඨතොපි... පස්සතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති; එවමෙව තතො තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති, ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති...පෙ.... දිට්ඨිබ්‍යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති - නාවං භින්නමිවොදකං.
තෙනාහ භගවා -
‘‘අබලා නං බලීයන්ති, මද්දන්තෙ නං පරිස්සයා;
තතො නං දුක්ඛමන්වෙති, නාවං භින්නමිවොදක’’න්ති.
5
4 “දුර්වල ක්ලෙශයෝ ඔහු මඩිත්.” යන්නෙහි “දුර්වල” යනු දුර්වල ක්ලෙශයෝයි. ස්වල්ප බලඇති ස්වල්ප ශක්ති ඇති හීනවූ, නිහීනවූ, පිරිහුණාවූ, පහත්වූ, ලාමකවූ, අල්පවූ ස්වල්පවූ යනුයි. යමෙකුට ශ්‍රද්ධාබලය වීර්‍ය්‍ය බලය ස්මෘති බලය සමාධි බලය, ප්‍රඥා බලය, හිරි බලය, ඔත්තප්ප බලය නැද්ද යටකී ක්ලෙශයෝ ඒ පුද්ගලයා උසුලත්, විශේෂයෙන් උසුලත්, යටත් කෙරෙත්, වටකෙරෙත්, මඩිත්. මෙසේද දුර්වල කෙලෙස් ඔහු යටකර ගණිත් (ii) උපද්‍රවයෝ ඔහු මඩිත් යන්නෙහි උවදුරු යනු උවදුරු දෙකක් වෙත්. ප්‍රකට උවදුරුද අප්‍රකට උවදුරුද යනුයි. ප්‍රකට උවදුරු කවරේද? සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කලුහිස් වලස්සුය, වෘකයෝය, (මහීෂ) මීමුය ඇත්තුය, සර්ප ජාතිහුය පැත්තෑයෝය යම් දෙයක් කරණ ලද හෝ නොකරණ ලද සොරු හෝ සාමාන්‍ය මිනිස්සු හෝ වෙති (ii) ඇස් රෝගය, කන්රෝගය, නාසයේ රෝගය, දිවේ රෝගය, කයේ රෝගය, ශීර්ෂ (හිසේ) රෝගය කන් රෝගය, මුඛ රෝගය, දත් රෝගය, කාය ක්ෂයය පීනසය, දැවිල්ලය, උණ රෝගය, කුසේ රෝගය, මුර්ච්ඡාව, අතීසාරය, කොළරාව, කුෂ්ට, ගඩු, සුදු කබර ස්වාශ මීමැස්මොර, දද, විතච්ජිකා නම් කුෂ්ට රෝගය, මධු මෙහය, පක්ෂාඝාතය, පිළිකා රෝගය, භගන්ධරා නම් රෝගය, පිතින් හටගත් රෝගයෝය. සෙමින් හටගත් රෝගයෝය, වාතයෙන් හටගත් රෝගයෝය, සන්නිපාත රෝගයෝය, ඍතු පරිවර්තනයෙන් ඇතිවන රෝගයෝය, විෂම පැවතුම් වලින් හටගත් රෝගයෝය, උපක්‍රමයෙන් හටගත් රෝගයෝය, කර්ම විපාකයෙන් හටගත් රෝගයෝය. ශීතලය, උෂ්ණය, බඩ ගින්නය, පිපාසය මල මුත්‍ර ගමනය ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය අව්සුලං බඩගානා සත්තු යන මොවුන්ගෙන් ඇතිවන රෝගයෝය යන මේවා ප්‍රකට උවදුරුවෙති.
5 අප්‍රකට උවදුරු කවරේද? කායදුශ්චරිත වචීදුශ්චරිත මනො දුශ්චරිත, කාමච්ඡන්ද නීවරණය ව්‍යපාදනීවරණය ථීනමීද්ධනීවරණය උද්ධච්ච කුක්කුච්චනීවරණය විචිකිච්ඡා නීවරණය රාගය ද්වේෂය මෝහය ක්‍රෝධය බද්ධ වෛරය අනුන්ගේ දොස්කීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම තදගතිය එකට එක කිරීම මාන්නය අතිමාන්නය මදය ප්‍රමාදය සියලු කෙළෙස් සියලු දුසිරිත් සියලු දාහයෝ සියලු තැවීම් සියලු අකුශලාභි සංස්කාර (රැස්වන අකුශලයෝ) මේවා අප්‍රකට උවදුරු නම් වෙති. උවදුරු යන්නෙහි කවරාර්ථයෙන් උවදුරු නම් වෙත්ද? මැඩපවත්වන අර්ථයෙන් උවදුරු නම් වෙත්. පිරිහීමට පත්වේනුයි උවදුරු නම් වෙත්. වාසස්ථානවන අර්ථයෙන් උවදුරු නම් වෙත්. ඒ උවදුරු යටකී පුද්ගලයා යට කෙරෙත්. වට කෙරෙත් මැඩපවත්වත්.
6 කෙසේ උවදුරු පිරිහීම පිණිස පවතිද්ද යත්. ඒ උවදුරු කුශලධර්මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත්. කවර කුශල ධර්මයන්ගේද සම්‍යක් ප්‍රතිපදාව පිණිස අනුලොම ප්‍රතිපදාව පිණිස’ අපච්චනික (එකඟ) ප්‍රතිපදාව පිණිස අවිරුද්ධ ප්‍රතිපදාව පිණිස අත්වර්ථ ප්‍රතිපදාව පිණිස ධර්මානු ධර්ම ප්‍රතිපදාව පිණිස ශීලයන් සම්පූර්ණ කිරීම පිණිස ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇතිවීම පිණිස භොජනයෙහි පමණ දැනීම පිණිස නිදිවර්ජිත කිරීම පිණිස සිහිනුවණ ඇතිවීම පිණිස සතර සතිපට්ඨානයන්ගේ භාවනානුයෝගය (පුරුදු කිරීම) පිණිස සතර ඍද්ධිපාදයන්ගේ භාවනානුයෝගය පිණිස පඤ්චෙන්ද්‍රියයන්ගේ භාවනානුයෝගය පිණිස පඤ්චබලයන්ගේ භාවනානුයෝගය පිණිස සප්තබොධ්‍යංගයන්ගේ භාවනානු යෝගය පිණිස ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ භාවනානු යෝගය පිණිස මේ කුශල ධර්මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත් මෙසේ උවදුරු පිරිහීම පිණිස පවතිත් යනුයි.
7 කෙසේ ඒ උවදුරු එහි වාසස්ථාන වෙද්ද යත්. එහි ඒ ආත්මභාවය ආශ්‍රය කොට ඇති ලාමක අකුශල ධර්මයෝ උපදිද්ද, යම්සේ බිලයෙහි බිලය ආශ්‍රයකොට ඇති ප්‍රාණයෝ සයනය කෙරෙද්ද ජලයෙහි ජලය ආශ්‍රයකොට ඇති ප්‍රාණීහු සයනය කෙරෙද්ද වනයෙහි වනය ආශ්‍රය කොට ඇති ප්‍රාණීහු සයනය කෙරෙද්ද එපරිද්දෙන්ම එහි ඒ ආත්මභාවය ආශ්‍රයකොට ඇති ලාමක අකුශල ධර්මයෝ උපදිත්. මෙසේද උවදුරු එහි සයනය කෙරෙත් යනුයි. භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේමය. මහණෙනි, අන්තෙවාසිකයන් ඇති ගුරුන් ඇති භික්ෂුව දුකසේ අපහසුසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් අන්තෙ වාසිකයන් ඇති ගුරුන් ඇති භික්ෂුව දුකසේ අපහසුසේ වෙසෙද්ද මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට ඇසින් රූපය දැක රාගයට හේතුවූ සංයෝජනීයවූ යම්බඳු ලාමක අකුශල ධර්මයෝ උපදිද්ද. ඒ අකුශල ධර්මයන් ඔහුගේ අභ්‍යන්තරයෙහි වෙසෙද්ද ඔහු අනුව වෙසෙත්ද්ද එහෙයින් සාන්තෙවාසිකයයි කියයි. ඒ අකුශල ධර්මයෝ ඔහු යට කෙරෙත්. ඒ ලාමකවූ අකුශල ධර්මයෝ ඔහු හෝ යට කෙරෙත්. එහෙයින් සාචරියකයයි කියනු ලැබේ. නැවතද මහණෙනි, භික්ෂුව කණින් ශබ්දය අසා නැහැයෙන් සුවඳ ආඝ්‍රානයකොට දිවෙන් රසය ආශ්වාදනය කොට කයින් ස්පර්ශය ස්පර්ශකොට සිතින් ධර්මය දැන යම්බඳුවූ ලාමකවූ රාගය ඇතිකරන්නාවූ සංයෝජනීයවූ අකුශල ධර්මයෝ උපදිද්ද ඒ අකුශල ධර්මයෝ ඔහුගේ අභ්‍යන්තරයෙහි වෙසෙත්. එහෙයින් සාන්තෙවාසිකයයි කියනු ලැබේ. (සාචරියක) යනුද පෙරසේමය.
8 මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව අත වැස්සන් සහිත වූයේ ඇදුරන් සහිත වූයේ දුකසේ අපහසුසේ වෙසෙයි. මෙසේද එහි සයනය කෙරේනුයි උවදුරු නම් වෙත්. භාග්‍යවතුන්වහන්සේ මේ වදාරණ ලදී මහණෙනි, මේ අතරෙහිවූ ක්ලෙශයෝ අතරෙහිවූ සතුරෝ අතරෙහිවූ විරුද්ධකාරයෝ අතරෙහිවූ වධකයෝ අතරෙහිවූ පස මිතුරෝ තුන්දෙනෙක් වෙති. ඒ කවර තුන්දෙනෙක්ද යත්. මහණෙනි, ලෝභය අතරෙහිවූ ක්ලෙශයෙක. මහණෙනි, ද්වේෂය අතරෙහිවූ ක්ලෙශයකි. මෝහය අතරෙහිවූ ක්ලෙශයකි. මහණෙනි, මේ තුන අතරෙහිවූ සතුරෝ වෙති.
9 “ලෝභය අනර්ථය ඇති කරන්නෙකි. ලෝභය සිත ප්‍රකෝප කරවන්නෙකි ලෝභය අතුරෙහි භය ඇති කරවන්නකි. ඇතිවී තිබෙන එය ජනතෙමේ අවබෝධ නොකරයි” ලෝභීවූ තැනැත්තේ හොඳ නොහොඳ නොදනියි. ලෝභීවූ තැනැත්තේ ධර්මය නොදනියි යම් ලෝභයක් මිනිසා යටකර ගනීද එකල්හි (හෙතෙම) අන්ධවූයේ වෙයි. ද්වේෂය අනර්ථය ඇතිකරවන්නකි. ද්වේෂය සිතකෝප කරවන්නෙකි අතරෙහි ඇතිවූ බියකි. එය සත්වතෙම අවබෝධ නොකරයි.
10 කිපියේ හොඳ නොහොඳ නොදනියි. කිපියේ ධර්මය නොදකියි. යම් කොටසකින් මිනිසා යට කෙරේද එකල්හි (හෙතෙම) අන්ධවූයේ වෙයි. මෝහය අනර්ථය ඇති කරවන්නකි. මෝහය සිත ප්‍රකොප කරවන්නකි. අතරෙහි ඇතිවූ බියකි. එය සත්වතෙම අවබෝධ නොකරයි. මුලාවූ තැනැත්තේ හොඳ නොහොඳ නොදනියි. මුලාවූ තැනැත්තේ ධර්මය නොදකියි. යමෙක් මෝහය දරාද එකල්හි අන්ධවූයේවේ.
11 (i) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මහරජ, පුරුෂයාගේ (ii) අහිත පිණිස දුක් පිණිස අඵාසු විහරණය පිණිස ධර්ම තුනක් අධ්‍යාත්මයෙහි උපදින්නාහු උපදිත්. ඒ කවර තුනක් ද යත්, මහරජ, පුරුෂයාගේ අහිත පිණිස දුක් පිණිස අඵාසු විහරණය පිණිස (iii) ලෝභය නමැති ධර්මය අධ්‍යාත්මයෙහි උපදින්නේ උපදී. මහරජ පුරුෂයාගේ (මෙහි මේ ඡේදයේ (ii) යෙදිය යුතුයි) ද්වේෂය නමැති ධර්මය අධ්‍යාත්මයෙහි උපදින්නේ උපදී. මහරජ පුරුෂයාගේ අහිත පිණිස දුක් පිණිස අඵාසු විහරණය පිණිස මෝහය නමැති ධර්මය අධ්‍යාත්මයෙහි උපදින්නේ උපදී. “තමා තුළ පහළවූ ලෝභයද, ද්වේෂයද, මෝහයද, යන පාප චෙතනාවෝ එයට වසඟවූ පුරුෂයාට හිංසා කෙරෙත්. ඵලය හරය නසන්නාක් මෙනි.” මෙසේද එහි සයනය ඇත්තෝ පරිශ්‍රය (උවදුරු) නමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණලදී.
12 (i) “රාගයද ද්වේෂයද මෙය (ලෝභය) නිදානකොට ඇත්තේය. අරතියද (කලකිරීම) රතියද (ඇල්ම) මෙයින්ම හටගත්තේය. මනෝ විතර්කයෝ මෙයින් හටගෙන බාලයන් කවුඩුවකු මෙන් එහාමෙහා අදිත්.” මෙසේද එහි සයනය ඇත්තෝ පරිශ්‍රය (-උවදුරු) නමි (ii) ඒ උවදුරු ඔහු මඩිත්.” යන්නෙහි ඒ උවදුරු ඒ පුද්ගලයා යට කෙරෙත්. වසඟයට ගණිත්. මැඩ පවත්වත්. වසාගෙන පැතිරෙත් හාත්පසින් ගණිත්. මඩිත්. එහෙයින් උවදුරු ඔහු මඩිත් “ඒ හේතුවෙන් ඔහු දුක අනුවයයි” යන්නෙහි ඒ උවදුරුවලින් ඒ පුද්ගලයා දුක ලුහුබඳියි. පසුපස්සේ යයි. අනුව යයි. (iii) ජාති දුක ලුහුබඳියි. පසුපස්සේ යයි අනුව යයි. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශොක පරිදෙව, දුක්ඛදොමනස්ස උපායාස දුක, නෙරයික දුක, තිරිසන් යොනියෙහි දුක, ප්‍රේත විෂයෙහි දුක, මානුෂික දුක, ගර්භයට පැමිණීමේ දුක, ගර්භයෙහි සිටීමේ දුක, ගර්භයෙන් නැගිටීමේ දුක, උපන්නහුට වධ බන්ධනාදියෙන් ඇතිවන දුක, උපන්නහුට අනුන්ගෙන් ඇතිවන දුක, තමාගේ උපක්‍රමවලින් ඇතිවන දුක, අනුන්ගේ උපක්‍රමවලින් ඇතිවන දුක, දුක්ඛ නම්වූ දුක, සංස්කාර දුක, විපරිණාම දුක ඇස් රෝග (මෙහි 4-4 (iii) ඡේදය යෙදිය යුතුයි) මවගේ මරණයෙන් ඇතිවන දුක පියාගේ මරණයෙන් ඇති වන දුක, සහෝදරයාගේ මරණයෙන් ඇතිවන දුක, සහෝදරියගේ මරණින් ඇතිවන දුක, පුත්‍රයාගේ මරණයෙන් ඇතිවන දුක, දුවගේ මරණයෙන් ඇතිවන දුක, ඥාති ව්‍යසනයෙන් ඇතිවන දුක, භොග විනාශයෙන් ඇතිවන දුක, රොග ඇතිවීමෙන් ඇතිවන දුක, සීල ව්‍යසනයෙන් ඇතිවන දුක-දෘෂ්ටි ව්‍යසනයෙන් ඇතිවන දුක, (මේ සෑම දුක යන තැන් අගට ලුහුබඳියි. පසුපස්සේ යයි අනුව යයි කියා යොදාගත යුතුයි.)
13 “බිඳුණ නැවට ජලය ඇතුළුවෙයි” යන්නෙහි, යම්සේ බිඳුණු නැවට ජලය ඇතුළු වන්නේද, ඒ හේතුවෙන් ජලය ලුහුබඳියි. පසුපස්සේ යයි. අනුව යයි. පෙර පසින්ද ජලය ලුහුබඳියි. පසුපසින්ද යට පසින්ද බලන්නේද ජලය ලුහුබඳියි. එමෙන්ම ඒ ඒ උවදුරුවලින් ඒ පුද්ගලයා දුක ලුහුබඳියි අනුව යයි. පසුපස්සේ යයි ජාති දුක මෙහි 12 (iii) යොදා ගත යුතුයි දෘෂ්ටි ව්‍යසන දුක ලුහුබඳියි. අනුව යයි. පසුපස්සේ යයි
6
තස්මා ජන්තු සදා සතො, කාමානි පරිවජ්ජයෙ;
තෙ පහාය තරෙ ඔඝං, නාවං සිත්වාව පාරගූ.
තස්මා ජන්තු සදා සතොති. තස්මාති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා එතං ආදීනවං සම්පස්සමානො කාමෙසූති - තස්මා. ජන්තූති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු ජන්තු ඉන්දගු මනුජො. සදාති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සතතං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං උදකූමිකජාතං අවීචි සන්තති සහිතං ඵස්සිතං (ඵුසිතං (සී. ස්‍යා.)), පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමයාමං මජ්ඣිමයාමං පච්ඡිමයාමං, කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ, පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ. සතොති චතූහි කාරණෙහි සතො - කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු... චිත්තෙ... ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො. අපරෙහි චතූහි කාරණෙහි සතො...පෙ.... සො වුච්චති සතොති - තස්මා ජන්තු සදා සතො.
කාමානි පරිවජ්ජයෙති. කාමාති උද්දානතො ද්වෙ කාමා - වත්ථුකාමා ච කිලෙසකාමා ච...පෙ.... ඉමෙ වුච්චන්ති වත්ථුකාමා...පෙ.... ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමානි පරිවජ්ජයෙති ද්වීහි කාරණෙහි කාමෙ පරිවජ්ජෙය්‍ය - වික්ඛම්භනතො වා සමුච්ඡෙදතො වා. කථං වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය? ‘‘අට්ඨිකඞ්කලූපමා කාමා අප්පස්සාදට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය, ‘‘මංසපෙසූපමා කාමා බහුසාධාරණට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය, ‘‘තිණුක්කූපමා කාමා අනුදහනට්ඨෙනා’’ති පස්සන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය...පෙ.... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං භාවෙන්තො වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය. එවං වික්ඛම්භනතො කාමෙ පරිවජ්ජෙය්‍ය...පෙ.... එවං සමුච්ඡෙදතො කාමෙ පරිවජ්ජෙය්‍යාති - කාමානි පරිවජ්ජයෙ.
තෙ පහාය තරෙ ඔඝන්ති. තෙති වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමිත්වා; කාමච්ඡන්දනීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමිත්වා; බ්‍යාපාදනීවරණං...පෙ.... ථිනමිද්ධනීවරණං... උද්ධච්චකුක්කුච්චනීවරණං... විචිකිච්ඡානීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමිත්වා කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්‍ය උත්තරෙය්‍ය පතරෙය්‍ය සමතික්කමෙය්‍ය වීතිවත්තෙය්‍යාති - තෙ පහාය තරෙ ඔඝං.
නාවං සිත්වාව පාරගූති. යථා ගරුකං නාවං භාරිකං උදකං සිත්වා (සිඤ්චිත්වා (සී. ස්‍යා.)) ඔසිඤ්චිත්වා ඡඩ්ඩෙත්වා ලහුකාය නාවාය ඛිප්පං ලහුං අප්පකසිරෙනෙව පාරං ගච්ඡෙය්‍ය; එවමෙව වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමිත්වා; කාමච්ඡන්දනීවරණං... බ්‍යාපාදනීවරණං... ථිනමිද්ධනීවරණං... උද්ධච්චකුක්කුච්චනීවරණං... විචිකිච්ඡානීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමිත්වා ඛිප්පං ලහුං අප්පකසිරෙනෙව පාරං ගච්ඡෙය්‍ය. පාරං වුච්චති අමතං නිබ්බානං. යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං . පාරං ගච්ඡෙය්‍යාති - පාරං අධිගච්ඡෙය්‍ය, පාරං ඵුසෙය්‍ය, පාරං සච්ඡිකරෙය්‍ය. පාරගූති යොපි පාරං ගන්තුකාමො සොපි පාරගූ; යොපි පාරං ගච්ඡති සොපි පාරගූ; යොපි පාරං ගතො, සොපි පාරගූ.
වුත්තම්පි හෙතං භගවතා -
තිණ්ණො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණොති. බ්‍රාහ්මණොති ඛො, භික්ඛවෙ, අරහතො එතං අධිවචනං. සො අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහානපාරගූ භාවනාපාරගූ සච්ඡිකිරියාපාරගූ සමාපත්තිපාරගූ. අභිඤ්ඤාපාරගූ සබ්බධම්මානං, පරිඤ්ඤාපාරගූ සබ්බදුක්ඛානං, පහානපාරගූ සබ්බකිලෙසානං, භාවනාපාරගූ චතුන්නං අරියමග්ගානං, සච්ඡිකිරියාපාරගූ නිරොධස්ස, සමාපත්තිපාරගූ සබ්බසමාපත්තීනං. සො වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සීලස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සමාධිස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය පඤ්ඤාය, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය විමුත්තියා. සො පාරං ගතො පාරප්පත්තො අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙණගතො ලෙණප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො. සො වුට්ඨවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො ගතකොටිකො පාලිතබ්‍රහ්මචරියො උත්තමදිට්ඨිප්පත්තො භාවිතමග්ගො පහීනකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො, අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්‍යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං.
සො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරික්ඛො අබ්බුළ්හෙසිකො නිරග්ගළො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො පඤ්චඞ්ගවිප්පහීනො ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරාපස්සෙනො පනුණ්ණපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො කෙවලී වුසිතවා උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිප්පත්තො. සො නෙවාචිනති (නෙව ආචිනාති (සී. ස්‍යා.)) නාපචිනති , අපචිනිත්වා ඨිතො. නෙව පජහති න උපාදියති, පජහිත්වා ඨිතො. නෙව සංසිබ්බති (නෙව සිනෙති (සී.), නෙව විසීනෙති (ස්‍යා.)) න උස්සිනෙති, විසිනිත්වා ඨිතො. නෙව විධූපෙති න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො. අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො. අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන... අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන... අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන... අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො. සච්චං සම්පටිපාදියිත්වා ඨිතො. එජං සමතික්කමිත්වා ඨිතො. කිලෙසග්ගිං පරියාදියිත්වා ඨිතො, අපරිගමනතාය ඨිතො, කටං සමාදාය ඨිතො, මුත්තිපටිසෙවනතාය ඨිතො, මෙත්තාය පාරිසුද්ධියා ඨිතො, කරුණාය... මුදිතාය... උපෙක්ඛාය පාරිසුද්ධියා ඨිතො, අච්චන්තපාරිසුද්ධියා ඨිතො, අකම්මයතාය (අතම්මයතාය (සී.), අකම්මඤ්ඤතාය (ස්‍යා.)) පාරිසුද්ධියා ඨිතො, විමුත්තත්තා ඨිතො, සන්තුස්සිතත්තා ඨිතො, ඛන්ධපරියන්තෙ ඨිතො, ධාතුපරියන්තෙ ඨිතො, ආයතනපරියන්තෙ ඨිතො, ගතිපරියන්තෙ ඨිතො, උපපත්තිපරියන්තෙ ඨිතො, පටිසන්ධිපරියන්තෙ ඨිතො, (භවපරියන්තෙ ඨිතො, සංසාරපරියන්තෙ ඨිතො වට්ටපරියන්තෙ ඨිතො, අන්තිමෙ භවෙ ඨිතො,) (( ) නත්ථි සීහළපොත්ථකෙ) අන්තිමෙ සමුස්සයෙ ඨිතො, අන්තිමදෙහධරො අරහා.
‘‘තස්සායං පච්ඡිමකො භවො, චරිමොයං සමුස්සයො;
ජාතිමරණසංසාරො, නත්ථි තස්ස පුනබ්භවො’’ති.
නාවං සිත්වාව පාරගූති. තෙනාහ භගවා -
‘‘තස්මා ජන්තු සදා සතො, කාමානි පරිවජ්ජයෙ;
තෙ පහාය තරෙ ඔඝං, නාවං සිත්වාව පාරගූ’’ති.
6
(1 - 5)
14 එහෙයින් සත්වතෙමේ හැමකල්හි සිහි ඇත්තේ යන්නෙහි, එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් කාමයන්හි මේ ආදීනවය බලන්නේ ජන්තු යනු සත්වයා (මෙහි 1, 7 (ii) යෙදිය යුතුයි.) සදා යනු සැමකල්හි සියලු දිනයන්හි, සියලු කාලයෙහි, නිත්‍ය කාලයෙහි ධ්‍රැව කාලයෙහි, අවිවේකවම, ඊතලයෙන් ඊතලය සේම, දිය රැල මෙන්වූ ස්පර්ශ කරණලද අතරක් නැති පරම්පරාව මෙන්වූ කාලයෙහි පෙර බත් කාලයෙහි පසු බත් කාලයෙහි පෙරයමෙහි පසුයමෙහි, ආලෝකය ඇති කල්හි වර්ෂායෙහි, හිම කාලයෙහි ග්‍රීෂ්ම කාලයෙහි බාල කාලයෙහි මධ්‍යම කාලයෙහි වයස් කාලයෙහි පසු වයස් කාලයෙහි යනුයි.
15 “සිහි ඇත්තේ” යනු කාරණ සතරකින් සිහි ඇත්තේ, කයෙහි කය අනුව බලන සිහිය පිහිටුවීම බලන්නේ සිහි ඇත්තේ වේදනාවන්හි වේදනාව අනුව බලන සිතෙහි සිත අනුව බලන ධර්මයෙහි ධර්මය අනුව බලන සතිපට්ඨානය වඩන්නේද සිහි ඇත්තේ අනිකුදු සතර කාරණයකින් සිහි ඇත්තේ (මෙහි (1-3) 5 (ii) ඡේදය යෙදිය යුතුයි.) “කාමයන් දුරු කරන්නේය” යන්නෙහි කාමා යනු ප්‍රකට වශයෙන් කාම දෙකකි වස්තු කාම ක්ලෙශ කාම යන දෙකයි. මොවුහු වස්තු කාමයෝ වෙති. (මෙහි 1, 1 (ii) සහ 2 (i) ඡේද යෙදිය යුතුයි.) මොවුහු ක්ලෙශ කාමයෝ වෙති.
16. කාමයන් දුරුකරන්නේය. යන්නෙහි කරුණු දෙකකින් කාමයන් දුරු කරන්නේය යටපත් කිරීම් වශයෙන්ද නැතිකිරීම් වශයෙන්ද යනුයි. යටපත් කිරීම් වශයෙන් කෙසේ කාමයන් දුරු කෙරෙද්ද, රස නැති හෙයින් කාමයෝ ඇටකටුවක් සමානය (මෙහි (1-3) 2 (ii) ඡේදය යෙදිය යුතුයි.) මෙසේ යටපත් කිරීම් වශයෙන් කාමයන් දුරු කරන්නේය. (මෙහි (1-3) 2 (iii) (iv) යෙදිය යුතුයි) මෙසේ නැතිකිරීම් වශයෙන් කාමයන් දුරුකරන්නේය.
17 (i) “ඒ කාමයන් දුරුකොට කාමයන් දුරුකරන්නේය” යන්නෙහි වස්තු කාමයන් විශේෂයෙන් දැන ක්ලෙශ කාමයන් හැර දුරුකොට (ii) නසා, විනාශකොට නූපදනා තත්වයට පමුණුවා, කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය-, උද්ධච්ච කුක්කුච්ච නීවරණය (මෙහි (1-4) 5 (ii) යෙදිය යුතුයි) (iii) කාමොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය, එතර වන්නේය. තරණය කරන්නේය. පිහිනා යන්නේය ඉක්මවන්නේය.
18. “නැව සැහැල්ලුකොට පරතෙරට” යන්නෙහි යම්සේ බරවූ නැව දිය සිඳ ඉස හැර සැහැල්ලු නැවෙන් වහා ශීඝ්‍රයෙන් ඉක්මණින්ම පරතෙරට යන්නේය. එමෙන්ම වස්තු කාමයන් හැඳින ක්ලෙශ කාමයන් හැර දුරුකොට (මෙහි 17 (iii) ඡේදය යෙදිය යුතුයි) මෙහි පරතෙරයයි කියන ලද අමෘතවූ නිර්වාණයට කියන්නේය.
යම්බඳු සියලු සංස්කාරයන් සංසිඳවීමක් වේද, සියලු ක්ලෙශයන් බහා තැබීමක් වේද, තෘෂ්ණාවගේ ගෙවීමක් වේද විරාගයක් වේද නිරෝධයක් වේද ඒ නිර්වාණයයි. පරතෙරට යන්නේය යනු පරතෙරට ගමන් කරන්නේය පරතෙර ස්පර්ශ කරන්නේය. පරතෙර ප්‍රත්‍යක්ෂ කරන්නේය. පාරගූ යනු යමෙක් වනාහි පරතෙරට යනු කැමැත්තේද හෙතෙමේද පාරගු නම් වේ. යමෙක් වනාහි පරතෙරට යේද හෙතෙම පාරගු නම්වේ. යමෙක් වනාහි පරතෙරට ගියේද හෙතෙම මේද පාරගු නම්වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී.
19 “තරණය කළාවූ පාරගතවූ බ්‍රාහ්මණයා ගොඩසිටියි.” බ්‍රාහ්මණ යනු මහණෙනි, රහතුන් වහන්සේට මේ නමකි. උන්වහන්සේ දැනගතයුතු දෙයෙහි එතරට ගියේ පිරිසිඳ දතයුතු දෙයෙහි එතරට ගියේ, ප්‍රහාණය කටයුතු දෙයෙහි එතරට ගියේ භාවනාවෙහි එතරට ගියේ ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයෙහි එතරට ගියේ සමාපත්තියෙහි එතරට ගියේ සියලු ධර්මයන් දැන එතරට ගියේ සියලු දුක් පිරිසිඳ දැන එතරට ගියේ සියලු කෙලෙස් ප්‍රහාණයකොට එතරට ගියේ සිවු ආර්‍ය්‍ය මාර්ග භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් එතරට ගියේ නිරෝධයාගේ එතරට ගියේ සියලු සමාපත්තීන් සමාපත්තියෙන් එතරට ගියේ උන්වහන්සේ ආර්‍ය්‍ය ශීලයෙහි වශීප්‍රාප්ත වූයේ පරතෙර ගියේ වෙයි. ආර්‍ය්‍ය සමාධියෙහි (i) වශීප්‍රාප්තවූයේ සමාධිප්‍රාප්තවූයේ වෙයි. ආර්‍ය්‍ය ප්‍රඥාවෙහි වශී ප්‍රාප්තවූයේ සමාධි ප්‍රාප්තවූයේ වෙයි. ආර්‍ය්‍ය විමුක්තියෙහි වශී ප්‍රාප්තවූයේ පාරමී ප්‍රාප්තවූයේ වෙයි. උන්වහන්සේ එතරට ගියේ පාරප්‍රාප්තවූයේ අන්තයට ගියේ කෙළවරට ගියේ කොටිප්‍රාප්තවූයේ පර්‍ය්‍යන්තයට ගියේ, පර්‍ය්‍යන්ත ප්‍රාප්තවූයේ අවසනට ගියේ, අවසාන ප්‍රාප්තවූයේ රක්ෂාස්ථානයට ගියේ රක්ෂාස්ථාන ප්‍රාප්තවූයේ ආරක්ෂාවට ගියේ ආරක්ෂාප්‍රාප්තවූයේ සරණ ගතවූයේ සරණ ප්‍රාප්තවූයේ අභය ගතවූයේ අභයප්‍රාප්තවූයේ, අච්‍යුනගතවූයේ අච්‍යුන ප්‍රාප්තවූයේ අමෘතයට ගියේ අමෘතප්‍රාප්තවූයේ, නිර්වාණයට ගියේ නිර්වාණප්‍රාප්තවූයේ උන්වහන්සේ වැස නිමවූයේ හැසිරීම නිමවූයේ ගමන අවසන් කළේ සතුරන් අවසන් කළේ කෙළවරට ගියේ පාලනය කරණ ලද බඹසර ඇත්තේ උත්තම දෘෂ්ටිප්‍රාප්තවූයේ වඩන ලද මාර්ග ඇත්තේ ප්‍රහීණ ක්ලෙශයන් ඇත්තේ නොවෙනස් අවබෝධය ඇත්තේ ප්‍රත්‍යක්ෂ කරණ ලද නිරෝධය ඇත්තේ උන්වහන්සේ දුක අවබෝධ කරගත්හ. සමුදය (තෘෂ්ණාව) ප්‍රහීණ කළසේක. මාර්ගය වැඩූහ. නිරෝධය ප්‍රත්‍යක්ෂ කළහ. දතයුත්ත දැන ගන්නා ලදී. ප්‍රහාණය කළයුතුදේ ප්‍රහාණය කරණ ලදී. වැඩිය යුතුදේ වඩන ලදී. ප්‍රත්‍යක්ෂ කළයුතු දේ ප්‍රත්‍යක්ෂ කරණ ලදී.
20 හෙතෙම එසවූ දොර පළු ඇත්තේ, වැසූ දිය අගල ඇත්තේ, උගුලන ලද එළිපත ඇත්තේ, අගුළු නැත්තේ, ආර්ය වූයේ, බහා තැබූ කොඩි ඇත්තේ, බහා තැබූ බර ඇත්තේ, බැම්මෙන් මිදුණේ, අංග පස ගෙවා දැමුයේ, අංග හයෙන් යුක්තවූයේ, තනි ආරක්ෂා ඇත්තේ, සතර ඇඳි ඇත්තේ, දුරුකළ විවිධ සත්‍ය ඇත්තේ, සමවිය සිටියවුන් සොයන්නේ, නොකැළඹුණු සිතිවිලි ඇත්තේ, සන්සිඳුණු කයේ ක්‍රියා ඇත්තේ, මනාව මිදුණ සිත් ඇත්තේ, මනාව මිදුණු නුවණ ඇත්තේ, අසහායවූයේ වැස නිමවූයේ උතුම් පැමිණීමට පැමිණියේ, පරම පුරුෂයා වූයේ උත්තම පුරුෂයා වූයේවේද, හෙතෙම රැස් කරන්නේ නොවේමය විනාශ කරන්නේනොවේ. විනාශකොට සිටියේය. දුරලන්නේ නොවේමය. දැඩිව ගන්නේ නොවේ. දුරලා සිටියේ වේ. නොමසාම මසන්නේ නොවේ. මැස්මෙන් වෙන්වූයේවේ දුම ගසන්නේ නොවේමය. දුම් විහිදුවන්නේ නොවේ. දුම් විහිදුවා සිටියේය හික්මීමට නොවන සිල් කඳින් යුත් වීය. හික්මීමට නොවන සමාධි කඳින් යුත්වූයේය. හික්මීමට නොවන නුවණ කඳින් යුත්වූයේය. හික්මීමට නොවන නිදහස් කඳින් යුක්තවූයේය. හික්මීමට නොවන නිදහස් නුවණ දැකීමේ කොටසින් යුක්තවූයේය. ඇත්ත දැන සිටියේය. තෘෂ්ණාව ඉක්මවා සිටියේය. කෙලෙස් ගිණි මැඩ සිටියේය. වටායාම පිණිස නොසිටියේය. කෙසේද, යන්න පිළිගෙන සිටියේය. මිදීම ඇසුරු කිරීමෙන් සිටියේය. මෛත්‍රියෙන්වූ පිරිසුදුකමින් සිටියේය. කරුණා මුදිතා උපෙක්ෂාවන්ගෙන්වූ පිරිසිදු කමින් සිටියේය. අත්‍යන්ත පාරිශුද්ධියෙන් සිටියේය. යමකින් නොකළ පිරිසුදුකමින් සිටියේය. මිදුණු සිතින් සිටියේය සතුටු සිතින් සිටියේය. ශරීරයේ කෙළවර සිටියේය ගති කෙළවර සිටියේය. ඉපදීම කෙළවර සිටියේය. (ඇස් ආදී) ධාතුන්ගේ කෙළවර සිටියේය. (ඇස ආදී) තැන් කෙළවර සිටියේය. පිළිසිඳුම් කෙළවර සිටියේය. සසර කෙළවර සිටියේය. (සසර) වැට කෙළවර සිටියේය. අන්තිම භවයෙහි සිටියේය. අන්තිම ශරීරයෙහි සිටියේය. අන්තිම දෙහය දරන රහතුන් වහන්සේය. ඔහුගේ මේ පශ්චිමවූ අන්තිමවූ ශරීරයයි, ඉපදීමයි මරණයයි, හැසිරීමයි, ඔහුට නැවත ඉපදීමක් නැත “නැවත පිළියම් කොට පරතෙර යන්නේ” යනුයි.