ත්‍රිපිටකය
22. මහානිපාතො 22. මහානිපාතය
538. මූගපක්ඛජාතකං (1) 538. මූගපක්ඛ ජාතකය
539. මහාජනකජාතකං (2) 539. මහාජනක ජාතකය
540. සුවණ්ණසාමජාතකං (3) 540. සාම ජාතකය
541. නිමිජාතකං (4) 541. නිමි ජාතකය
542. උමඞ්ගජාතකං (5) 542. උම්මග්ග ජාතකය
543. භූරිදත්තජාතකං (6) 543. භූරිදත්ත ජාතකය
544. චන්දකුමාරජාතකං (7) 544. ඛණ්ඩහාල ජාතකය
545. මහානාරදකස්සපජාතකං (8) 545. මහානාරද කස්සප ජාතකය
546. විධුරජාතකං (9) 546. විධුර ජාතකය
547. වෙස්සන්තරජාතකං (10) 547. වෙස්සන්තර ජාතකය
1655
‘‘ඵුස්සතී (ඵුසති (සී. පී.)) වරවණ්ණාභෙ, වරස්සු දසධා වරෙ;
පථබ්‍යා චාරුපුබ්බඞ්ගි, යං තුය්හං මනසො පියං’’.
1655
සක්දෙව් රජ:-“ඵුසති දෙවීනි, උතුම් වර්ණ හා ආලෝක ඇත්තිය, දස වැදෑරුම් වරයක් ගනුව. උතුම් ලකුණින් යුත් තැනැත්තිය යමක් තොපගේ සිතට ප්‍රිය නම් පොළොවින් එය ගනුව.”
1656
‘‘දෙවරාජ නමො ත්‍යත්ථු, කිං පාපං පකතං මයා;
රම්මා චාවෙසි මං ඨානා, වාතොව ධරණීරුහං’’.
1656
ඵුසති දේවී:-“දිව්‍යරාජය, ඔබට නමස්කාර වේවා. මා විසින් කිනම් පාපයක් කරණ ලද්දේද, ගසක් වාතයෙන් මෙන් මා සිටින යහපත් තැනින් පහකරන්නෙහිද?”
1657
‘‘න චෙව තෙ කතං පාපං, න ච මෙ ත්වමසි අප්පියා;
පුඤ්ඤඤ්ච තෙ පරික්ඛීණං, යෙන තෙවං වදාමහං.
1657
“තොප විසින් කරණ ලද පවක් නැත. මට තොප අප්‍රියද නොවේ. මම යමක් නිසා තොපට මෙසේ කියම්ද, එනම් තොපගේ පින ක්ෂය විය.
1658
‘‘සන්තිකෙ මරණං තුය්හං, විනාභාවො භවිස්සති;
පටිගණ්හාහි මෙ එතෙ, වරෙ දස පවෙච්ඡතො’’.
1658
“තොපගේ මරණය ආසන්නයේදී වෙන්වීම වන්නේය. මා විසින් දෙන්නාවූ මේ වර දසය පිළිගනුව”
1659
‘‘වරං චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
සිවිරාජස්ස භද්දන්තෙ, තත්ථ අස්සං නිවෙසනෙ.
1659
“සියලු සත්වයන්ට අධිපතිවූ සක්දෙව් රජාණෙනි, ඉදින් මට වරයක් දුන්නෙහි නම්, ඔබට යහපතක් වේවා. ස්වාමීනි, සිවිරජහුගේ මාලිගයෙහි අග්‍ර මහෙෂිකා වන්නෙමි.
1660
‘‘නීලනෙත්තා නීලභමු, නිලක්ඛී ච යථා මිගී;
ඵුස්සතී නාම නාමෙන, තත්ථපස්සං පුරින්දද.
1660
“සක්දෙව් රජුනි, එහිද නිල්වන් නෙත් ඇති මුව දෙනක මෙන් නිල් බැම ඇති, නිල් ඇස් ඇති ඵුසති යන නමින් වන්නෙමි.
1661
‘‘පුත්තං ලභෙථ වරදං, යාචයොගං (යාචයොගිං (ක.)) අමච්ඡරිං;
පූජිතං පටිරාජූහි, කිත්තිමන්තං යසස්සිනං.
1661
“කැමති වස්තු දෙන්නාවූ ඉල්ලීමට යොග්‍යවූ නොමසුරුවූ කීර්ති ඇත්තාවූ යශස් ඇත්තාවූ යටත් රජුන් විසින් පුදන ලද්දාවූ පුත්‍රයකු ලබන්නෙමි.
1662
‘‘ගබ්භං මෙ ධාරයන්තියා, මජ්ඣිමඞ්ගං අනුන්නතං;
කුච්ඡි අනුන්නතො අස්ස, චාපංව ලිඛිතං සමං.
1662
“ගැබ දරණ මගේ මැදකොටස උස් නොවේවා. සමව ලියවූ දුන්නක් මෙන් බඩ උස් නොවූවක් වේවා.
1663
‘‘ථනා මෙ නප්පපතෙය්‍යුං, පලිතා න සන්තු වාසව;
කායෙ රජො න ලිම්පෙථ, වජ්ඣඤ්චාපි පමොචයෙ.
1663
“සක්දෙව් රජුනි, මාගේ පයෝධර නොඑල්බේවා. පැසුණු කෙස් නොවේවා. ශරීරයෙහි ධූලි නොතැවරේවා. වධයට අසුවූවන් මුදන්නටද හැකිවේවා.
1664
‘‘මයූරකොඤ්චාභිරුදෙ, නාරිවරගණායුතෙ;
ඛුජ්ජචෙලාපකාකිණ්ණෙ , සූදමාගධවණ්ණිතෙ.
1664
“ස්වාමීනි මොණරුන් විසින් හෝ කොස්වා ලිහිණියන් විසින් නාද කරණ ලද ශ්‍රේෂ්ඨ ස්ත්‍රී සමූහයා ගෙන් යුක්තවූ කුදුහුය, සළු වඩන්නෝ යන මොවුන් ගෙන් ගැවසුණු භොජන කාලය දන්වන, සුත මාගධයන් විසින් වර්ණනා කළ, සත්රුවනින් විසිතුරුවූ දොරකවුළුවලින් විසිතුරු ශබ්ද පවත්වන්නාවූ සුරා මස්වලින් ප්‍රබොධ කරවන ජනයා ඇත්තාවූ එහි සිවි රජහුගේ අගමෙහෙසිය වන්නෙමි.
1665
‘‘චිත්‍රග්ගළෙරුඝුසිතෙ, සුරාමංසපබොධනෙ;
සිවිරාජස්ස භද්දන්තෙ, තත්ථස්සං මහෙසී පියා’’.
1665
1666
‘‘යෙ තෙ දස වරා දින්නා, මයා සබ්බඞ්ගසොභනෙ;
සිවිරාජස්ස විජිතෙ, සබ්බෙ තෙ ලච්ඡසී වරෙ.
1666
“සියලු අංගයෙන් උතුම්වූ යම් ඒ වර දසය මා විසින් දෙන ලදී ඔබ ඒ සියළු වරයන් සිවි රජුගේ රටෙහිදී ලබන්නෙහිය.”
1667
‘‘ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති;
ඵුස්සතියා වරං දත්වා, අනුමොදිත්ථ වාසවො.
1667
මඝ නම්වූ සුජාතාවගේ හිමියාවූ දිව්‍යරාජවූ සක්දෙව් රජ මෙසේ කියා ඵුසතියට වර දී සතුටු සිත් ඇත්තේ විය.
[ඉක්බිති ඒ ඵුසතිතොමෝ ඉන් චුතවූවා ක්ෂත්‍රීය කුලයෙහි උපන්නීය. ජෙතුත්තර නම් නුවර සඤ්ජය සමාගම් වූවාය.
“මාස දහයක් දරා නගර ප්‍රදක්ෂිණාව කරන්නී වෙළඳ වීථිය මැද ඵුසති තොමෝ මා වැදුවාය.
“මගේ නම, මවු පසට අයත් නොවේ. පිය පසට අයත් නොවේ. වෙළඳ වීථියක උපන්නෙමි. එනිසා වෙස්සන්තර වීය.
“යම් කලෙක මම උත්පත්තියෙන් අට හැවිරිදිවූ ළදරුවෙක් වූයෙම්ද, එකල්හි ප්‍රාසාදයෙහි හිඳ දන් දෙන්නට සිතුවෙමි.
“ඉදින් යමෙක් මගෙන් ඉල්වන්නේ නම් පපු මස දෙන්නෙමි. ඇස්ද, මස්ද, ලේද, විචාර, ශරීරය පවා දෙන්නෙමි.
“නොසෙල්වෙන, නොපිහිටන ස්වභාවය සිතන්නාට මහමෙර හා වන නමැති මුදුන් මල්කඩ ඇති පෘථිවිය කම්පා විය. ]
1668
‘‘පරූළ්හකච්ඡනඛලොමා , පඞ්කදන්තා රජස්සිරා;
පග්ගය්හ දක්ඛිණං බාහුං, කිං මං යාචන්ති බ්‍රාහ්මණා’’.
1668
“බෙහෙවින් වැඩුණු කිසිලි ලොම් හා නිය ඇති මල බැදුනු දත් ඇති ධූලි තැවරුණ හිස් ඇති බමුණෝ දකුණු අත ඔසවා මගෙන් කුමක් ඉල්වත්ද?
1669
‘‘රතනං දෙව යාචාම, සිවීනං රට්ඨවඩ්ඪනං;
දදාහි පවරං නාගං, ඊසාදන්තං උරූළ්හවං’’.
1669
“සිවීන්ගේ රට වර්ධනය කරණ රජතුමනි, වටිනා දෙයක් ඉල්වමු. නගුලිස් වැනි දළ ඉසිළීමට සුදුසු ශ්‍රේෂ්ඨ ඇතා දෙනු මැනව.”
1670
‘‘දදාමි න විකම්පාමි, යං මං යාචන්ති බ්‍රාහ්මණා;
පභින්නං කුඤ්ජරං දන්තිං, ඔපවය්හං ගජුත්තමං’’.
1670
“බමුණෝ මගෙන් යමක් ඉල්වත්ද? මද බිඳුණු දළ ඇත්තාවූ රාජවාහනවූ ඇත් රජු දෙමි. වෙනස් නොකරමි’
1671
‘‘හත්ථික්ඛන්ධතො ඔරුය්හ, රාජා චාගාධිමානසො;
බ්‍රාහ්මණානං අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
1671
දීමට සිත් ඇති සිවිරට වඩන රජතෙම ඇත් කඳින් බැස බමුණන්ට ඇතු දන් දුන්නේය.
1672
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
හත්ථිනාගෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
1672
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි පොළොව කම්පා විය. එකල්හි එයින් භය ඉපදීම විය. ලොමුදැහැගැන්ම විය.
1673
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
හත්ථිනාගෙ පදින්නම්හි, ඛුබ්භිත්ථ නගරං තදා.
1673
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. එදින භය ඉපදීම විය. ලොමු දැහැගැන්ම විය.
1674
‘‘සමාකුලං පුරං ආසි, ඝොසො ච විපුලො මහා;
හත්ථිනාගෙ පදින්නම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ’’.
1674
සිවිරට වඩන රජු ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි නුවර අවුල් විය. මහත් ඝොෂාවක්ද විය.
[ශ්‍රේෂ්ඨ ඇතා දන් දුන් විට පොළොව කම්පා වූයේය. මහත්වූ භයානකවූ ශබ්දයක් එකල්හි ඇතිවිය. මහත් ලොමු දැහැගැනීමක්ද එහි ඇති විය.
ශ්‍රේෂ්ඨ ඇතා දුන් කල්හි එදා නුවර කැළඹුණේය. ඉක්බිති මහත්වූ, විශාලවූ, භයානකවූ ශබ්දයක් මෙහි පවතී.
සිවිරට වඩන රජු ඇත්රාජයා දුන් කල්හි එයින් මහත්වූ, විශාලවූ, භයානකවූ, ශබ්දයක් මෙහි පවතී.]
1675
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා.
1675
ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද,
1676
‘‘කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා;
දිස්වා නාගං නීයමානං, තෙ රඤ්ඤො පටිවෙදයුං.
1676
මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද, රැස්ව ඇතු ගෙනයන ඔවුන් දැක රජුට දැන්වූහ.
1677
‘‘විධමං දෙව තෙ රට්ඨං, පුත්තො වෙස්සන්තරො තව;
කථං නො හත්ථිනං දජ්ජා, නාගං රට්ඨස්ස පූජිතං.
1677
“දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ පුත්‍රවූ වෙස්සන්තරතෙමේ රට වනසමින් රටවැසියා විසින් පුදන ලද අපේ ශ්‍රේෂ්ඨ හස්තියා කෙසේ දෙන්නේද?
1678
‘‘කථං නො කුඤ්ජරං දජ්ජා, ඊසාදන්තං උරූළ්හවං;
ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං, සබ්බසෙතං ගජුත්තමං.
1678
“නගුලිස් පමණ දළ ඇති ඉසිළීමට සුදුසු සියලු යුදවල ජයබිම දන්නා අපගේ උතුම් සුදු ඇතා කෙසේ දෙන්නේද,
1679
‘‘පණ්ඩුකම්බලසඤ්ඡන්නං, පභින්නං සත්තුමද්දනං;
දන්තිං සවාළබීජනිං, සෙතං කෙලාසසාදිසං.
1679
“පඩුවන් පලස් වලින් වසන ලද මද බිදුණු සතුරන් මර්දනය කරණ දළ ඇති, වල් විදුනා සහිත, කෛලාස පර්වතය මෙන් සුදු පැහැති.
1680
‘‘සසෙතච්ඡත්තං සඋපාධෙය්‍යං, සාථබ්බනං සහත්ථිපං;
අග්ගයානං රාජවාහිං, බ්‍රාහ්මණානං අදා ගජං (ධනං (සී. පී.), දානං (ස්‍යා.)).
1680
“සුදු කුඩය සහිත ඇතිරිලි සහිත, ඇත්වෙදුන් සහිත පිරිවර සහිත රජුන් ගෙනයන අග්‍ර යානාව වූ ධනය බමුණන්ට දුන්නේය.
1681
‘‘අන්නං පානඤ්ච යො (සො (සී. ස්‍යා. ක.)) දජ්ජා, වත්ථසෙනාසනානි ච;
එතං ඛො දානං පතිරූපං, එතං ඛො බ්‍රාහ්මණාරහං.
1681
“ආහාරද පානද වස්ත්‍රද සයනාසනද හෙතෙම දෙන්නේ නම් ඒවා දානයට සුදුසුය, ඒවා බමුණන්ට සුදුසුය.
1682
‘‘අයං තෙ වංසරාජා නො, සිවීනං රට්ඨවඩ්ඪනො (රට්ඨවඩ්ඪනං (සී.), රට්ඨවඩ්ඪන (පී.));
කථං වෙස්සන්තරො පුත්තො, ගජං භාජෙති සඤ්ජය.
1682
“සඤ්ජයයෙනි, සිවින්ගේ රට වඩන මේ ඇත් තෙමේ ප්‍රවේණීයෙන් පැමිණියේය. වෙස්සන්තර නම් පුත්‍ර තෙමේ කෙසේ ඇතා දෙයිද?
1683
‘‘සචෙ ත්වං න කරිස්සසි, සිවීනං වචනං ඉදං;
මඤ්ඤෙ තං සහ පුත්තෙන, සිවී හත්ථෙ කරිස්සරෙ’’.
1683
“ඉදින් ඔබවහන්සේ සිවිරටවාසීන්ගේ මේ වචනය නොපිළිගන්නෙහි නම් පුත්‍රයා සහිත ඔබ සිවිරට වාසීහු අත් අඩංගුවට ගනිතියි සිතමි.”
1684
‘‘කාමං ජනපදො මාසි, රට්ඨඤ්චාපි විනස්සතු;
නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං;
පබ්බාජෙය්‍යං සකා රට්ඨා, පුත්තො හි මම ඔරසො.
1684
“ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම රටවාසීන්ගේ වචනයෙන් නිවැරදි රාජ පුත්‍රයා ස්වකීය රටින් පිට නොකරන්නෙමි. එසේමැයි මාගේ ළෙහි නලවා හදාගත් පුත්‍රයාය.
1685
‘‘කාමං ජනපදො මාසි, රට්ඨඤ්චාපි විනස්සතු;
නාහං සිවීනං වචනා, රාජපුත්තං අදූසකං;
පබ්බාජෙය්‍යං සකා රට්ඨා, පුත්තො හි මම අත්‍රජො.
1685
“ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා. මම රටවාසීන්ගේ වචනයෙන් නිවැරදි රාජ පුත්‍රයා ස්වකීය රටින් පිට නොකරන්නෙමි. එසේමැයි මාගේ මගෙන් උපන් පුත්‍රයාය.
1686
‘‘න චාහං තස්මිං දුබ්භෙය්‍යං, අරියසීලවතො හි සො;
අසිලොකොපි මෙ අස්ස, පාපඤ්ච පසවෙ බහුං;
කථං වෙස්සන්තරං පුත්තං, සත්ථෙන ඝාතයාමසෙ’’.
1686
“මම ඔහුට ද්‍රොහිකම් නොකරන්නෙමි. හෙතෙම උතුම් සිල් ඇත්තෙකි. මට අවනම්බුවක් වන්නේය. බොහෝ පව්ද රැස් වෙයි. වෙස්සන්තර පුත්‍රයා කෙසේ ආයුධයකින් නසම්ද?
1687
‘‘මා නං දණ්ඩෙන සත්ථෙන, න හි සො බන්ධනාරහො;
පබ්බාජෙහි ච නං රට්ඨා, වඞ්කෙ වසතු පබ්බතෙ’’.
1687
“ඔහු දඬුවමින්වත් ආයුධයකින්වත් නොපෙළමි. හෙතෙම හිරගෙටත් නුසුදුසුය. ඔහු රටින් පිට යවාවා වංක (ඇද) පර්වතයෙහි වසාවා
1688
‘‘එසො චෙ සිවීනං ඡන්දො, ඡන්දං න පනුදාමසෙ;
ඉමං සො වසතු රත්තිං, කාමෙ ච පරිභුඤ්ජතු.
1688
“සිවිරට වාසීන්ගේ කැමැත්ත මෙසේ නම් කැමැත්ත වෙනස් නොකරමි හෙතෙම මේ රාත්‍රිය වසාවා. කැමති සම්පත්ද වළඳාවා.”
1689
‘‘තතො රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති (සූරියුග්ගමනෙ සති (ක.));
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්තු නං’’.
1689
“ඉක්බිති රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරටවාසීහු සමගිවි ඔහු රටින් පිට කරත්වා.
1690
‘‘උට්ඨෙහි කත්තෙ තරමානො, ගන්ත්වා වෙස්සන්තරං වද;
සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
1690
“දූතයෙනි, ඉක්මනට නැගිටින්න. ගොස් වෙස්සන්තරට මෙසේ කියව. “දේවයිනි, සිවිරට වාසීහුද නියම්ගම් වැස්සෝද ඔබ කෙරෙහි කිපුණාහ.
1691
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා.
1691
ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද, මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද,
1692
‘‘අස්මා රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති තං.
1692
“මේ රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරට වාසීහු සමගිවී ඔබ රටින් පිට කරත්”
1693
‘‘ස කත්තා තරමානොව, සිවිරාජෙන පෙසිතො;
ආමුත්තහත්ථාභරණා, සුවත්ථො චන්දනභූසිතො.
1693
සිවිරජු විසින් යවන ලද ඒ පනිවුඩකරු ඉක්මනින් වළළු පැළඳ යහපත්ව ඇඳගෙන සඳුනින් අලංකාරව
1694
‘‘සීසං න්හාතො උදකෙ සො, ආමුත්තමණිකුණ්ඩලො;
උපාගමි පුරං රම්මං, වෙස්සන්තරනිවෙසනං.
1694
හිසේ පටන් නා තෙත් හිසින් යුක්තව පැළඳගත් මැණික් කර්ණාභරණ ඇත්තේ වෙස්සන්තරගේ වාසස්ථානයවූ යහපත් නුවරට පැමිණියේය.
1695
‘‘තත්ථද්දස කුමාරං සො, රමමානං සකෙ පුරෙ;
පරිකිණ්ණං අමච්චෙහි, තිදසානංව වාසවං.
1695
ඒ දූතතෙම ස්වකීය නුවරෙහි ප්‍රීතිවන්නාවූ තවුතිසා වැස්සන් මැද ශක්‍රයා මෙන් අමාත්‍යයන් විසින් පිරිවරණලද කුමාරයා දුටුවේය.
1696
‘‘සො තත්ථ ගන්ත්වා තරමානො, කත්තා වෙස්සන්තරංබ්‍රවි;
දුක්ඛං තෙ වෙදයිස්සාමි, මා මෙ කුජ්ඣි රථෙසභ.
1696
ඒ පණිවුඩකරු ප්‍රීතිවන්නාවූ වෙස්සන්තරට මෙසේ කීවේය “රජතුමනි, ‘ඔබට දුකක් දන්වන්නෙමි.’ මට නොකිපෙනු මැනව.”
1697
‘‘වන්දිත්වා රොදමානො සො, කත්තා රාජානමබ්‍රවි;
භත්තා මෙසි මහාරාජ, සබ්බකාමරසාහරො.
1697
ඒ පණිවුඩකරු එහි ගොස් රජුට වැඳ අඬමින් මෙසේ කීවේය. මහරජ, ඔබ සියළු කැමති රසයන්ට සුදුසුවූ මාගේ ස්වාමියාවෙහිය. ඔබට දුකින් ප්‍රකාශ කරන්නෙමි. එහි මට සහනයක් දෙත්වා.
1698
‘‘දුක්ඛං තෙ වෙදයිස්සාමි, තත්ථ අස්සාසයන්තු මං;
සිවයො දෙව තෙ කුද්ධා, නෙගමා ච සමාගතා.
1698
1699
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
කෙවලො චාපි නිගමො, සිවයො ච සමාගතා.
1699
“දෙවයන් වහන්ස, සිවිහු නියම්ගම් වැස්සෝද ඔබට කිපුණාහ. ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද, රාජ පුත්‍රයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, ඇතුන් නගින්නෝද, රජුගේ ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබලසෙනඟද, මුළු නියම්ගම් වැස්සෝද, සිවිරට වාසීහුද,
1700
‘‘අස්මා රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සමග්ගා සිවයො හුත්වා, රට්ඨා පබ්බාජයන්ති තං’’.
1700
“මේ රාත්‍රිය අවසන්ව ඉරපායන වේලාවෙහි සිවිරට වාසීහු සමගිවී ඔබ රටින් පිට කරත්”
1701
‘‘කිස්මිං මෙ සිවයො කුද්ධා, නාහං පස්සාමි දුක්කටං;
තං මෙ කත්තෙ වියාචික්ඛ, කස්මා පබ්බාජයන්ති මං’’.
1701
“කුමක් හෙයින් මට සිවිහු කිපුනාහුද? මම නපුරක් කළ බවක් නොදකිමි. පණිවුඩකරුව එය මට කියව, කුමක් හෙයකින් මා රටින් පිට කරත්ද?”
1702
‘‘උග්ගා ච රාජපුත්තා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
නාගදානෙන ඛිය්‍යන්ති, තස්මා පබ්බාජයන්ති තං’’.
1702
“ප්‍රසිද්ධ මනුෂ්‍යයෝද රාජ පුත්‍රයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද ඇතුන් නගින්නෝද රජුගේ ආරක්ෂකයෝද රියැදුරෝද පාබල සෙනගද ඇතා දන්දුන් බැවින් කිපෙත්. එහෙයින් ඔබ රටින් පිටුවහල් කරත්.”
1703
‘‘හදයං චක්ඛුම්පහං දජ්ජං, කිං මෙ බාහිරකං ධනං;
හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා මණි.
1703
“පපුවද ඇස්ද දෙන්නෙමි. ඉන් පිට මාගේ රත්රන් හෝ අමුරන් හෝ මුතු හෝ වෙරළුමිනි හෝ යන මේ බාහිර ධනය ගැන කියනුම කවරේද?
1704
‘‘දක්ඛිණං වාපහං බාහුං, දිස්වා යාචකමාගතෙ;
දදෙය්‍යං න විකම්පෙය්‍යං, දානෙ මෙ රමතෙ මනො.
1704
“මම පැමිණි යාචකයන්ද දැක දකුණු අත හෝ දෙන්නෙමි. නොවරද්දන්නෙමි. මාගේ සිත දානයෙහි ඇලේ.
1705
‘‘කාමං මං සිවයො සබ්බෙ, පබ්බාජෙන්තු හනන්තු වා;
නෙව දානා විරමිස්සං, කාමං ඡින්දන්තු සත්තධා’’.
1705
“සියලු සිවීහු මා නොකැමැති පරිද්දෙන් රටින් පිට කරත්වා. නොහොත් මරත්වා, ඒකාන්තයෙන් සත්කඩකට කපත් නමුත් දීමෙන් වෙන් නොවන්නෙමි.
1706
‘‘එවං තං සිවයො ආහු, නෙගමා ච සමාගතා;
කොන්තිමාරාය තීරෙන, ගිරිමාරඤ්ජරං පති;
යෙන පබ්බාජිතා යන්ති, තෙන ගච්ඡතු සුබ්බතො’’.
1706
“රැස්වූ නියම්ගම් වැස්සෝද සිවීහුද කොන්ති මාරා නම් ගං තෙර ආරඤ්ජර නම් පර්වතයට අභිමුඛව පැවිද්දෝ යම් තැනකට යද්ද, එතැනට හොඳ පැවතුම් ඇත්තායේවා
1707
‘‘සොහං තෙන ගමිස්සාමි, යෙන ගච්ඡන්ති දූසකා;
රත්තින්දිවං මෙ ඛමථ, යාව දානං දදාමහං’’.
1707
“වැරදිකරුවෝ යම් තැනකට යත්ද, ඒ මම එහි යන්නෙමි. මම දනක් දෙමි. එතෙක් එක් රෑ දවාලක් මට ඉවසව්.”
1708
‘‘ආමන්තයිත්ථ රාජානං, මද්දිං සබ්බඞ්ගසොභනං;
යං තෙ කිඤ්චි මයා දින්නං, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති.
1708
රජතෙමේ, සියලු අවයවයන්ගෙන් යහපත්වූ ඒ මද්‍රීදෙවියට ආමන්ත්‍රණය කෙළේය. “මා විසින් තොපට දෙනලද යම් ධන ධාන්‍යයක් ඇත්තේද?
1709
‘‘හිරඤ්ඤං වා සුවණ්ණං වා, මුත්තා වෙළුරියා බහූ;
සබ්බං තං නිදහෙය්‍යාසි, යඤ්ච තෙ පෙත්තිකං ධනං.
1709
“රත්රන් අමුරන් හෝ බොහෝවූ මුතු හා වෙරළුමිනී හෝ තොපගේ පිය සතු ධනය හෝ යමක් ඇත්නම්, ඒ සියල්ල නිදන් කරන්නෙහිය.”
1710
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
කුහිං දෙව නිදහාමි, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
1710
“සියලු අවයවයෙන් ලක්ෂණවූ මද්‍රී නම් රාජ දුව “දෙවයන් වහන්ස, කොහි නිදන් කරන්නෙම්ද, විචාරණ ලද මට එය කියවයි” කීවාය.
1711
‘‘සීලවන්තෙසු දජ්ජාසි, දානං මද්දි යථාරහං;
න හි දානා පරං අත්ථි, පතිට්ඨා සබ්බපාණිනං.
1711
“මද්‍රීදේවීනි, සුදුසු පරිද්දෙන් සිල්වතුන් කෙරෙහි දන් දෙන්නෙහිය. සියලු ප්‍රාණීන්ට දීමට වඩා පිහිටක් නැත.
1712
‘‘පුත්තෙසු මද්දි දයෙසි, සස්සුයා සසුරම්හි ච;
යො ච තං භත්තා මඤ්ඤෙය්‍ය, සක්කච්චං තං උපට්ඨහෙ.
1712
“මද්‍රීදෙවීනි, නැදිමයිලන් කෙරෙහිද පුත්‍රයන් කෙරෙහිද මෛත්‍රිය පතුරුවන්නෙහිය. යමෙක් තොප ස්වාමියායයි සිතන්නේ නම් ඔහු සකස්කොට උපස්ථාන කරව.
1713
‘‘නො චෙ තං භත්තා මඤ්ඤෙය්‍ය, මයා විප්පවසෙන තෙ;
අඤ්ඤං භත්තාරං පරියෙස, මා කිසිත්ථො (මා කිලිත්ථ (සී. පී.)) මයා විනා’’.
1713
“මාගේ වෙන්වීමෙන් තොපට ඒ මා ස්වාමියෙකු ලෙස නොසිතන්නේය. අන් ස්වාමියකු සොයව. මගෙන් වෙන්වී කෘශවූවක් නොවෙව.
1714
‘‘අහඤ්හි වනං ගච්ඡාමි, ඝොරං වාළමිගායුතං;
සංසයො ජීවිතං මය්හං, එකකස්ස බ්‍රහාවනෙ’’.
1714
“නපුරුවූ චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත්තාවූ මහවනයට යමි. මහා වනයෙහි ජීවත්වීම සැක සහිතය.
1715
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
‘‘අභුම්මෙ කථං නු භණසි, පාපකං වත භාසසි.
1715
“සියළු අවයවයන් යහපත්වූ මද්‍රිදේවිය වෙස්සන්තර රජුට මෙසේ කීවාය. ‘අපොයි’ පෙර නොකී කථාවක් කියන්නෙහිය. ඒකාන්තයෙන් නපුරක් කියන්නෙහිය.
1716
‘‘නෙස ධම්මො මහාරාජ, යං ත්වං ගච්ඡෙය්‍ය එකකො;
අහම්පි තෙන ගච්ඡාමි, යෙන ගච්ඡසි ඛත්තිය.
1716
“යම්බඳුවූ ඔබ තනිව යන්නේ නම් එය යහපත් ස්වභාවයක් නොවේ. රජ්ජුරුවෙනි, යම්තැනකට යන්නේ නම් මමත් එහි යමි.
1717
‘‘මරණං වා තයා සද්ධිං, ජීවිතං වා තයා විනා;
තදෙව මරණං සෙය්‍යො, යං චෙ ජීවෙ තයා විනා.
1717
“ඔබ සමග මරණය හෝ ඔබගෙන් වෙන්ව ජීවත් වීම හෝ යන දෙකින් ඒ මරණයම ඔබගෙන් වෙන්ව ජීවත් වීමට වඩා උතුම්ය.
1718
‘‘අග්ගිං උජ්ජාලයිත්වාන (නිජ්ජාලයිත්වාන (සී. පී.)), එකජාලසමාහිතං;
තත්ථ මෙ (තත්ථෙව (ස්‍යා. ක.)) මරණං සෙය්‍යො, යං චෙ ජීවෙ තයා විනා.
1718
“එකට දැලින් වෙළුනු ගින්න දල්වා එහි මාගේ මරණය ඔබගෙන් වෙන්වී ජීවත්වීමට වඩා වටනේය.
1719
‘‘යථා ආරඤ්ඤකං නාගං, දන්තිං අන්වෙති හත්ථිනී;
ජෙස්සන්තං ගිරිදුග්ගෙසු, සමෙසු විසමෙසු ච.
1719
“යම්සේ කුලයෙහි සිටින ඇතින්නක් සමවූත් විසමවූත් යානොහැකි පර්වතවල හැසිරෙන්නාවූ දළ ඇති ඇතු අනුව යයිද,
1720
‘‘එවං තං අනුගච්ඡාමි, පුත්තෙ ආදාය පච්ඡතො;
සුභරා තෙ භවිස්සාමි, න තෙ හෙස්සාමි දුබ්භරා.
1720
“එසේ දරුවන් ගෙන ඔබ පිටිපසින් අනුව එන්නෙමි. ඔබට සුවසේ පොෂ්‍ය කටහැක්කක් වන්නෙමි. දුකසේ පොෂ්‍ය කටහැක්කක් නොවන්නෙමි.
1721
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
ආසීනෙ (ආසනෙ (ක.)) වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
1721
“වනලැහැබෙහි හුන් මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
1722
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
කීළන්තෙ වනගුම්බස්මිං, න රජ්ජස්ස සරිස්සසි.
1722
“වනලැහැබෙහි ක්‍රීඩා කරණ මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
1723
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
1723
“සිත්කළු ආශ්‍රමයෙහි මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
1724
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මඤ්ජුකෙ පියභාණිනෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
1724
“සිත්කළු ආශ්‍රමයෙහි ක්‍රීඩා කරණ මිහිරි කථා ඇති සුරතල් වචන කියන මේ කුමරුවන් දක්නේ රාජ්‍යය සිහි නොකරන්නේය.
1725
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ;
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
1725
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳගෙන නටන කුමරුවන් යම් දවසක දක්නේද රාජ්‍යය සිහිනොකරන්නේය.
1726
‘‘ඉමෙ කුමාරෙ පස්සන්තො, මාලධාරී අලඞ්කතෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
1726
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳ නටන කුමරුවන් යම්කලක දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නේය.
1727
‘‘යදා දක්ඛිසි නච්චන්තෙ, කුමාරෙ මාලධාරිනෙ;
අස්සමෙ රමණීයම්හි, න රජ්ජස්ස සරිස්සසි.
1727
“යහපත් ආශ්‍රමයෙහි මල් පැළඳ නටන කුමරුවන් දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නේය.
1728
‘‘යදා දක්ඛිසි නච්චන්තෙ, කුමාරෙ මාලධාරිනෙ;
කීළන්තෙ අස්සමෙ රම්මෙ, න රජ්ජස්ස සරිස්සසි.
1728
1729
‘‘යදා දක්ඛිසි මාතඞ්ගං, කුඤ්ජරං සට්ඨිහායනං;
එකං අරඤ්ඤෙ චරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
1729
“හුදකලාව වනයෙහි හැසිරෙන්නාවූ සැටවයස් පිරි මාතංග ඇතු ඉදින් දක්නේද, රාජ්‍යය සිහි නොකරන්නේය.
1730
‘‘යදා දක්ඛිසි මාතඞ්ගං, කුඤ්ජරං සට්ඨිහායනං;
සායං පාතො විචරන්තං, න රජ්ජස්ස සරිස්සසි.
1730
“සවසත් උදයේත් හැසිරෙන්නාවූ සැටවයස් පිරුණු මාතංග ඇතු යම්තාක් දක්නෙහිද රාජ්‍යය සිහිනොකරන්නේය.
1731
‘‘යදා කරෙණුසඞ්ඝස්ස, යූථස්ස පුරතො වජං;
කොඤ්චං කාහති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො;
තස්ස තං නදතො සුත්වා, න රජ්ජස්ස සරිස්සසි.
1731
“යම්කලක ඇත් රංචුවේ ඉදිරිපිට යන්නාවූ සැට වයස් පිරි මාතංග නම් ඇත්තෙමේ ශබ්ද පවත්වන්නේය. නාද කරන්නාවූ ඔහුගේ ඒ නාදය අසා රාජ්‍යය සිහි නොකරන්නේය.
1732
‘‘දුභතො වනවිකාසෙ, යදා දක්ඛිසි කාමදො;
වනෙ වාළමිගාකිණ්ණෙ, න රජ්ජස්ස සරිස්සසි.
1732
“කැමතිදේ දෙන්නාවූ දෙපයෙහිවූ වල් මුවන්ගෙන් ගැවසීගත් වන පෙදෙස් යම්කලෙක දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1733
‘‘මිගං දිස්වාන සායන්හං, පඤ්චමාලිනමාගතං;
කිම්පුරිසෙ ච නච්චන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
1733
“සවස් කාලයෙහි ආවාවූ අං මාලා පසක් ඇති මුවාද නටන කිම් පුරුෂයන්ද දැක, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1734
‘‘යදා සොස්සසි නිග්ඝොසං, සන්දමානාය සින්ධුයා;
ගීතං කිම්පුරිසානඤ්ච, න රජ්ජස්ස සරිස්සසි.
1734
“බැස යන්නාවූ සින්ධු ගංගාවගේ ශබ්දය යම් කලෙක අසන්නෙහිද කිම් පුරුෂයන්ගේ ගී හඬ අසන්නෙහිද එකල්හි රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1735
‘‘යදා සොස්සසි නිග්ඝොසං, ගිරිගබ්භරචාරිනො;
වස්සමානස්සුලූකස්ස, න රජ්ජස්ස සරිස්සසි.
1735
“පර්වත ගුහාවන්හි හැසිරෙන නාදකරණ බකමුහුණන්ගේ ශබ්දය යම්කලෙක අසන්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1736
‘‘යදා සීහස්ස බ්‍යග්ඝස්ස, ඛග්ගස්ස ගවයස්ස ච;
වනෙ සොස්සසි වාළානං, න රජ්ජස්ස සරිස්සසි.
1736
“යම්කලෙක වනයෙහි දරුණු සිංහයන්ගේද ව්‍යාඝ්‍රයන්ගේද කඟමුවන්ගේද ගවරුන්ගේද ශබ්ද ඇසෙන්නේද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1737
‘‘යදා මොරීහි පරිකිණ්ණං, බරිහීනං මත්ථකාසිනං;
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
1737
“යම්කලෙක පිල්වලින් ගැවසීගත් පර්වත මත්තෙහි සිටි, මොණරියන් (සෙබඩුන්) විසින් පිරිවරාගත් නටන්නාවූ මොණරා දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නෙහිය.
1738
‘‘යදා මොරීහි පරිකිණ්ණං, අණ්ඩජං චිත්‍රපක්ඛිනං;
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
1738
“යම්කලෙක බිජුවටින් උපන් (විසිතුරු දැකුම් ඇති මොණරියන් (සෙබඩුන්) විසින් පිරිවරාගත් මොණරා දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1739
‘‘යදා මොරීහි පරිකිණ්ණං, නීලගීවං සිඛණ්ඩිනං;
මොරං දක්ඛිසි නච්චන්තං, න රජ්ජස්ස සරිස්සසි.
1739
“යම්කලෙක නිල් බෙල්ලක් ඇති හිස කුඩුම්බි ඇනි මොණරියන් විසින් පිරිවරන ලද නටන්නාවූ මොණරා දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1740
‘‘යදා දක්ඛිසි හෙමන්තෙ, පුප්ඵිතෙ ධරණීරුහෙ;
සුරභිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
1740
“යම්කලෙක්හි හිම කාලයෙහි පිපුනාවූ සුවඳ වගුරු වන ගස් දක්නෙහිද රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1741
‘‘යදා හෙමන්තිකෙ මාසෙ, හරිතං දක්ඛිසි මෙදනිං (මෙදිනිං (සී. පී.));
ඉන්දගොපකසඤ්ඡන්නං, න රජ්ජස්ස සරිස්සසි.
1741
“යම්කලෙක්හි හිම වැටෙන කාලයෙහි රතු ඉඳු ගොව්වන්ගෙන් ගැවසීගත් නිල් පොළොව දක්නෙහිද, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1742
‘‘යදා දක්ඛිසි හෙමන්තෙ, පුප්ඵිතෙ ධරණීරුහෙ;
කුටජං බිම්බජාලඤ්ච, පුප්ඵිතං ලොද්දපද්මකං (ලොමපද්ධකං (සී. පී.));
සුරභිං සම්පවායන්තෙ, න රජ්ජස්ස සරිස්සසි.
1742
“යම්කලෙක්හි හිම වැටෙන කාලයෙහි පිපුනාවූ කෙළිඳ ගස්ද රත්කරව්ද ලොමපද්මකද යන මේ ගස් ද සුවඳ පතුරුවන කල්හි, රාජ්‍යය සිහි නොකරන්නෙහිය
1743
‘‘යදා හෙමන්තිකෙ මාසෙ, වනං දක්ඛිසි පුප්ඵිතං;
ඔපුප්ඵානි ච පද්මානි, න රජ්ජස්ස සරිස්සසි’’.
1743
“යම් කලෙක්හි හිමවැටෙන මාසයෙහි පිපුනාවූ වනය දක්නෙහිද වැටී තිබෙන නෙළුම් මල් දකිත්ද රාජ්‍යය සිහි නොකරන්නෙහිය.
1744
‘‘තෙසං ලාලප්පිතං සුත්වා, පුත්තස්ස සුණිසාය ච;
කලුනං (කරුණං (සී. පී.), කලූනං (ස්‍යා. ක.)) පරිදෙවෙසි, රාජපුත්තී යසස්සිනී.
1744
ඒ පුත්‍රයාගේද ලේලිගේද විලාපය අසා කීර්තිමත් මදුරජහුගේ දූවූ ඵුසති දේවිය කරුණාවෙන් වැළපුණාය.
1745
‘‘සෙය්‍යො විසං මෙ ඛායිතං, පපාතා පපතෙය්‍යහං;
රජ්ජුයා බජ්ඣ මිය්‍යාහං, කස්මා වෙස්සන්තරං පුත්තං;
පබ්බාජෙන්ති අදූසකං.
1745
“මවිසින් විෂ කන ලද්දේ නම් යහපත. මම පර්වතයකින් පනින්නෙම් නම් හොඳය. මම කඹයෙන් එල්ලී මැරෙමි නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1746
‘‘අජ්ඣායකං දානපතිං, යාචයොගං අමච්ඡරිං;
පූජිතං පටිරාජූහි, කිත්තිමන්තං යසස්සිනං;
කස්මා වෙස්සන්තරං පුත්තං, පබ්බාජෙන්ති අදූසකං.
1746
“වෙදගුරුවූ දානපතියෙක්වූ, ඉල්වීමට සුදුසු නොමසුරුවූ උප රජුන් විසින් පුදන ලද්දාවූ කීර්ති හා සම්පත් ඇති නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1747
‘‘මාතාපෙත්තිභරං ජන්තුං, කුලෙ ජෙට්ඨාපචායිකං;
කස්මා වෙස්සන්තරං පුත්තං, පබ්බාජෙන්ති අදූසකං.
1747
“මවුපියන් පොෂ්‍යකරණ කුලදෙටුවන් පුදන නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1748
‘‘රඤ්ඤො හිතං දෙවිහිතං, ඤාතීනං සඛිනං හිතං;
හිතං සබ්බස්ස රට්ඨස්ස, කස්මා වෙස්සන්තරං පුත්තං;
පබ්බාජෙන්ති අදූසකං.
1748
“රජුට හිතවත්වූ දෙවියන්ට හිතවත්වූ නෑයන්ට යහළුවන්ට හිතවත්වූ සියලු රටට හිතවත්වූ නිවරදවූ වෙස්සන්තර පුත්‍රයා කුමක් හෙයින් රටින් පිට කෙරෙත්ද?
1749
‘‘මධූනිව පලාතානි, අම්බාව පතිතා ඡමා;
එවං හෙස්සති තෙ රට්ඨං, පබ්බාජෙන්ති අදූසකං.
1749
“නිවරද නැමැත්තා පිටුවහල් කරන්නාවූ ඔබගේ රටවැස්සන් පලාගිය මී වදයක් මෙන්ද බිම වැටුණ අඹ මෙන්ද වේ.
1750
‘‘හංසො නිඛීණපත්තොව, පල්ලලස්මිං අනූදකෙ;
අපවිට්ඨො අමච්චෙහි, එකො රාජා විහිය්‍යසි.
1750
“රජතුමනි දියනැති වේලුණ මඩෙහි පියාපත් නැති හංසයෙකු මෙන්ද, අමෘත්‍යයන් විසින් හැරදමන ලද්දේ තනිවී මැලවෙයි
1751
‘‘තං තං බ්‍රූමි මහාරාජ, අත්ථො තෙ මා උපච්චගා;
මා නං සිවීනං වචනා, පබ්බාජෙසි අදූසකං’’.
1751
“මහරජ, ඔබට ඒ කරුණ කියමි. තොපගේ යහපත ඉක්ම නොයේවා. සිවින්ගේ වචනයෙන් නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරව.
1752
‘‘ධම්මස්සාපචිතිං කුම්මි, සිවීනං විනයං ධජං;
පබ්බාජෙමි සකං පුත්තං, පාණා පියතරො හි මෙ’’.
1752
“සොඳුර මම සිවීන්ට කොඩියක් වැනිවූ ස්වකීය පුත්‍රයා පිටුවහල් කරන්නේ ප්‍රවෙණි ධර්මයට සැලකීම වූ හික්මවීම කරමි. ඔහු මාගේ ප්‍රාණයටත් වඩා අතිශයින් ප්‍රියය.
1753
‘‘යස්ස පුබ්බෙ ධජග්ගානි, කණිකාරාව පුප්ඵිතා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
1753
“පිපුණ කිණිහිරි මල්ගසක් මෙන් පෙර යමකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය.
1754
‘‘යස්ස පුබ්බෙ ධජග්ගානි, කණිකාරවනානිව;
යායන්තමනුයායන්ති , ස්වජ්ජෙකොව ගමිස්සති.
1754
“කිණිහිරි මල් ගස් ඇති වනයන් මෙන් පෙර යමෙකුගේ කොඩි මුදුන් යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
1755
‘‘යස්ස පුබ්බෙ අනීකානි, කණිකාරාව පුප්ඵිතා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
1755
“පිපුණු කිණිහිරිමල් රුක් මෙන් පෙර යමෙකුගේ සේනාවෝ යන්නහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
1756
‘‘යස්ස පුබ්බෙ අනීකානි, කණිකාරවනානිව;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
1756
“යමෙකුගේ සේනාවෝ පිපුණු කිණිහිරි මල් ගස් වනයක් මෙන් යන්නාහු අනුව යෙත්ද, හෙතෙම අද තනිව යන්නේය
1757
‘‘ඉන්දගොපකවණ්ණාභා, ගන්ධාරා පණ්ඩුකම්බලා;
යායන්තමනුයායන්ති, ස්වජ්ජෙකොව ගමිස්සති.
1757
“ඉඳිගොව්වන්ගේ පාට ඇති ගන්ධාර රටට අයත් රත් කම්බිලි යන්නහු අනුව යත්ද, හෙතෙම අද තනිව යන්නේය
1758
‘‘යො පුබ්බෙ හත්ථිනා යාති, සිවිකාය රථෙන ච;
ස්වජ්ජ වෙස්සන්තරො රාජා, කථං ගච්ඡති පත්තිකො.
1758
“යමෙක් පෙර ඇතුපිටින්ද, දෝලා පල්ලැක්කි වලින්ද රථයෙන්ද යයි ද, ඒ වෙස්සන්තර රජතෙම අද කෙසේ පයින් යන්නේද?
1759
‘‘කථං චන්දනලිත්තඞ්ගො, නච්චගීතප්පබොධනො;
ඛුරාජිනං ඵරසුඤ්ච, ඛාරිකාජඤ්ච හාහිති (හාරිති (ස්‍යා. ක.)).
1759
“සඳුන් ගානලද අවයව ඇති නැටීම් ගී කීම්වලින් පුබුදුවන රජතෙම රළු අඳුන් දිවිසම් පොරවා පොරොව හා කත්ලීය කරේ තබාගෙන කෙසේ යන්නේද?
1760
‘‘කස්මා නාභිහරිස්සන්ති, කාසාව අජිනානි ච;
පවිසන්තං බ්‍රහාරඤ්ඤං, කස්මා චීරං න බජ්ඣරෙ.
1760
“මහ වනයට යන්නහු කසට පෙවූ වස්ත්‍ර හෝ අඳුන් දිවිසම් හෝ කෙසේ ගෙන නොයත්ද, කුමක් හෙයින් වැහැරී නොබඳිත්ද?
1761
‘‘කථං නු චීරං ධාරෙන්ති, රාජපබ්බාජිතා ජනා;
කථං කුසමයං චීරං, මද්දී පරිදහිස්සති.
1761
“කෙසේද, රජකුලයෙන් පැවිදිවූ ජනයෝ වැහැරී සිවුරු කෙසේ දරත්ද, කුසතණවලින් කළ වැහැරි සිවුරු කෙසේ මද්‍රිදේවිය පොරවත්ද?
1762
‘‘කාසියානි ච ධාරෙත්වා, ඛොමකොටුම්බරානි ච;
කුසචීරානි ධාරෙන්තී, කථං මද්දී කරිස්සති.
1762
“කසීසළුද, ඛොචරටේ හා කොදුම්බර රටේ උපන් වස්ත්‍රද, දරා සිටි මද්‍රිදේවිය කෙසේ වැහැරි සිවුරු දරත්ද?
1763
‘‘වය්හාහි පරියායිත්වා, සිවිකාය රථෙන ච;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
1763
“සිවිගෙයින්ද, රියෙන්ද, උසුලා හාත්පස ඇවිදි නොකැලැල් ඇඟ ඇති ඕ අද කෙසේ පයින් මාර්ගයට යන්නේද?
1764
‘‘යස්සා මුදුතලා හත්ථා, චරණා ච සුඛෙධිතා;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
1764
“මෘදුවූ අත්ලද, සුවසේ වැඩුණු දෙපාද යමක්හුගේ නොකැලැල් අවයව ඇති බිය සහිතවූ ඕ කෙසේ අද වනයට යත්ද?
1765
‘‘යස්සා මුදුතලා පාදා, චරණා ච සුඛෙධිතා;
පාදුකාහි සුවණ්ණාහි, පීළමානාව ගච්ඡති;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, පථං ගච්ඡති පත්තිකා.
1765
“යමක්හුගේ මෘදු පතුල්ද කකුල්ද සුවසේ වැඩුණේද රන්මිරිමැඩි වලින් දුනු පෙලෙන්නාසේ යයිද උතුම් අවයව ඇති තොමෝ අද කෙසේ පයින් මගට බසීද?
1766
‘‘යාස්සු ඉත්ථිසහස්සානං, පුරතො ගච්ඡති මාලිනී;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති එකිකා.
1766
“යම් ස්ත්‍රියක් මල් මාලා පැළඳ ස්ත්‍රීන් දහසකට පෙරටුව යයිද, නොකැලැල් අවයව ඇති ඕතොමෝ තනිව අද කෙසේ වනයට යේද?
1767
‘‘යාස්සු සිවාය සුත්වාන, මුහුං උත්තසතෙ පුරෙ;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති භීරුකා.
1767
“යම් ස්ත්‍රියක් තොමෝ පෙර සිවල්දෙනකගේ ශබ්දයක් අසා නිතර ත්‍රස්තවේද, නොකැලැල් අවයව ඇති භයවනසුළු ඕතොමෝ කෙසේ අද වනයට යේද?
1768
‘‘යාස්සු ඉන්දසගොත්තස්ස, උලූකස්ස පවස්සතො;
සුත්වාන නදතො භීතා, වාරුණීව පවෙධති;
සා කථජ්ජ අනුජ්ඣඞ්ගී, වනං ගච්ඡති භීරුකා.
1768
“නාදකරන්නාවූ බසු වර්ගයාගේද, බකමුහුණාගේද අඬ අසා බියවූ ආවේශවූවෙකු මෙන් වෙවුලයිද, අද නොකැලැල් අවයව ඇති බියවන ස්වභාව ඇති ඕතොමෝ කෙසේ වනයට යාද?
1769
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
1769
“හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ශූන්‍යවූ මේ නුවරට පැමිණ බොහෝ කලක් දුකින් කල්පනා කරන්නෙමි.
1770
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
1770
“හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ප්‍රිය දරුවන් නොදක්නී කෘශද පඬුවන්ද වන්නෙමි.
1771
‘‘සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
1771
හිස් කූඩුව දැක නැතිවූ දරුවන් ඇති පක්ෂි ධෙනුවක් මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
1772
‘‘කුරරී (කුරුරී (ස්‍යා. ක.)) හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
1772
“නැසෙනලද දරුවන් ඇති කුරිර පක්ෂියෙකුමෙන් හිස් කූඩුව දැක ශූන්‍යවූ මේ නුවරට පැමිණ ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
1773
‘‘කුරරී හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
1773
“හිස් කූඩුව දැක නසන ලද දරුවන් ඇති කුරිර පක්ෂියෙකු මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
1774
‘‘කුරරී හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං;
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
1774
1775
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනූදකෙ;
චිරං දුක්ඛෙන ඣායිස්සං, සුඤ්ඤං ආගම්මිමං පුරං.
1775
“දිය නැති පැළුණු මඩෙහි සක්වා ලිහිණියක මෙන් ඒ ඔබ හිස්වූ මේ නුවරට පැමිණ ප්‍රිය දරුවන් නොදක්නී කෘශද පඬුවන්ද වන්නෙමි.
1776
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනූදකෙ;
කිසා පණ්ඩු භවිස්සාමි, පියෙ පුත්තෙ අපස්සතී.
1776
“දිය නැති පැළුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ප්‍රිය පුත්‍රයන්ද නොදක්නී ඒ ඒ තැන දුවන්නීය.
1777
‘‘සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනූදකෙ;
තෙන තෙන පධාවිස්සං, පියෙ පුත්තෙ අපස්සතී.
1777
“දිය නැති පැළුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මම හිස්වූ මේ නුවරට පැමිණ බොහෝ කලක් දුකින් කල්පනා කරන්නෙමි.
1778
‘‘එවං මෙ විලපන්තියා, රාජා පුත්තං අදූසකං;
පබ්බාජෙසි වනං රට්ඨා, මඤ්ඤෙ හිස්සාමි ජීවිතං’’.
1778
“මා විසින් මෙසේ විලාප කියද්දී නිවැරදි රාජ පුත්‍රයා රටින් වනයට පිටුවහල් කෙළේය. මගේ ජීවිතය විනාශවේයයි සිතමි”
1779
‘‘තස්සා ලාලප්පිතං සුත්වා, සබ්බා අන්තෙපුරෙ බහූ (අහු (ස්‍යා. ක.));
බාහා පග්ගය්හ පක්කන්දුං, සිවිකඤ්ඤා සමාගතා.
1779
ඇගේ විලාප කීම අසා රැස්වූ ඇතුළුනුවර සියලු සිවි කන්‍යාවෝ දෙඅත් හිස බැඳ ඇඬුවාහුය.
1780
‘‘සාලාව සම්පමථිතා, මාලුතෙන පමද්දිතා;
සෙන්ති පුත්තා ච දාරා ච, වෙස්සන්තරනිවෙසනෙ.
1780
වෙස්සන්තර රජුගේ භවනයෙහි අඹුදරුවෝද සුලඟින් විශේෂයෙන් කම්පාවූ සල් රුක් මෙන් මැඩුණාහු වැටී හඬත්.
1781
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
බාහා පග්ගය්හ පක්කන්දුං, වෙස්සන්තරනිවෙසනෙ.
1781
අන්තඃපුර ස්ත්‍රීහුද, කුමාරයෝද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද යන වෙස්සන්තර රජුගේ භවනයෙහි හැම දෙනම දෙඅත් හිස බැඳ ඇඬුවාහුය.
1782
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
බාහා පග්ගය්හ පක්කන්දුං, වෙස්සන්තරනිවෙසනෙ.
1782
ඇත්ගොව්වෝද, ආරක්ෂකයෝද, රියැදුරෝද, පාබල සෙනඟද වෙස්සන්තර රජුගේ ගෘහයෙහිදී දෙඅත් හිස බැඳ ඇඬූහ.
1783
‘‘තතො රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
අථ වෙස්සන්තරො රාජා, දානං දාතුං උපාගමි.
1783
ඉක්බිති රාත්‍රිය අවසානයෙහි හිර පායන වේලාවෙහි වෙස්සන්තර රජතෙම දන් දෙන්නට පැමිණියේය.
1784
‘‘වත්ථානි වත්ථකාමානං, සොණ්ඩානං දෙථ වාරුණිං;
භොජනං භොජනත්ථීනං, සම්මදෙව පවෙච්ඡථ.
1784
වස්ත්‍ර කැමැත්තන්ට වස්ත්‍රද, රසබීම බොන්නන්ට එය ද, රෑ කෑම ඕනෑ අයට කෑමද යහපත්කොට දෙව ප්‍රදානය කරව.
1785
‘‘මා ච කිඤ්චි වනිබ්බකෙ, හෙට්ඨයිත්ථ ඉධාගතෙ;
තප්පෙථ අන්නපානෙන, ගච්ඡන්තු පටිපූජිතා.
1785
මෙහි පැමිණි කිසි ඉල්වන්නෙක් නොපෙළවා. ආහාර පානයෙන් සතුටු කරවව. ඔව්හු මට ස්තුති කරමින් යෙත්වා.
1786
‘‘අථෙත්ථ වත්තතී සද්දො, තුමුලො භෙරවො මහා;
දානෙන තං නීහරන්ති, පුන දානං අදා තුවං (අයං ගාථා සී. ස්‍යා. පී. පොත්ථකෙසු න දිස්සති).
1786
1787
‘‘තෙසු මත්තා කිලන්තාව, සම්පතන්ති වනිබ්බකා;
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
1787
සිවීන්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි ඔවුන් අතරෙහි ඉල්වන්නෝ මත්වූවාහු ක්ලාන්තවූවාහුම වෙත්.
1788
‘‘අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං, නානාඵලධරං දුමං;
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
1788
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, ඒකාන්තයෙන් නොයෙක් ඵලදරණ ගසක් සින්දාක් මෙනි.
1789
‘‘අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං, සබ්බකාමදදං දුමං;
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
1789
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, නොයෙක් කැමති දේ දෙන වෘක්ෂයක් සින්දාක් මෙනි.
1790
‘‘අච්ඡෙච්ඡුං වත භො රුක්ඛං, සබ්බකාමරසාහරං;
යථා වෙස්සන්තරං රට්ඨා, පබ්බාජෙන්ති අදූසකං.
1790
“පින්වත්නි, නිවැරැදි වෙස්සන්තර රජ රටින් පිටුවහල් කරත්ද, එය සියළු කැමති රස ගෙන දෙන ගසක් සිඳින්නාක් මෙනි.”
1791
‘‘යෙ වුඩ්ඪා යෙ ච දහරා, යෙ ච මජ්ඣිමපොරිසා;
බාහා පග්ගය්හ පක්කන්දුං, නික්ඛමන්තෙ මහාරාජෙ;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
1791
සිවින්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි යම් වෘද්ධයෙක් අද්ද යම් බාලයෝ වෙත්ද, යම් මධ්‍යම පුරුෂයෝ වෙත්ද, දෙ අත් හිස බැඳ ඇඬුවාහුය
1792
‘‘අතියක්ඛා වස්සවරා, ඉත්ථාගාරා ච රාජිනො;
බාහා පග්ගය්හ පක්කන්දුං, නික්ඛමන්තෙ මහාරාජෙ;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
1792
සිවිරට වඩන මහරජ, නික්මෙන කල්හි නිමිති කියන්නෝද ඇතුළුනුවර පාලකයෝද, ඇතුළුනුවර වාසීහුද රජවරුද, දෙඅත් හිසබැඳ ඇඬුහ.
1793
‘‘ථියොපි තත්ථ පක්කන්දුං, යා තම්හි නගරෙ අහු;
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
1793
සිවීන්ගේ රට වඩන මහරජ නික්මෙන කල්හි ඒ නුවර යම් ස්ත්‍රීහු වෙත්ද, ඒ ස්ත්‍රීහුද ඒ කරුණෙහිදී හැඬූහ.
1794
‘‘යෙ බ්‍රාහ්මණා යෙ ච සමණා, අඤ්ඤෙ වාපි වනිබ්බකා;
බාහා පග්ගය්හ පක්කන්දුං, අධම්මො කිර භො ඉති.
1794
යම් බමුණෝද යම් ශ්‍රමණයෝද, සෙසු ගුණ කියා ඉල්වන්නේද, එම්බා අධර්මයකැයි දෙඅත් ඉස බැඳ ඇඬූහ.
1795
‘‘යථා වෙස්සන්තරො රාජා, යජමානො සකෙ පුරෙ;
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
1795
වෙස්සන්තර රජතෙම තම නුවර යම්සේ පුදන්නේම සිවීන්ගේ වචන හේතුකොට ගෙන තමන්ගේ රටින් නික්මෙයි.
1796
‘‘සත්ත හත්ථිසතෙ දත්වා, සබ්බාලඞ්කාරභූසිතෙ;
සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ, හෙමකප්පනවාසසෙ.
1796
සියලු ආභරණයෙන් අලංකාරවූද රන්බඳපටි ඇති සුවඳ කවනලද රන් සැරසිල්ලෙන් යුත් ඇතුන් සත් සියයක් දී
1797
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1797
හෙල්ල හා හෙණ්ඩුව ඔසවාගත් අත් ඇති ගම්මුළාදැනින් පිරිවරා සිටිකල්හි මේ වෙස්සන්තර රජතෙමේ තමන්ගේ රටින් නික්මෙයි.
1798
‘‘සත්ත අස්සසතෙ දත්වා, සබ්බාලඞ්කාරභූසිතෙ;
ආජානීයෙව ජාතියා, සින්ධවෙ සීඝවාහනෙ.
1798
සියලු ආභරණයෙන් අලංකාරවූ ඉක්මන් ගමන් ඇති උත්පත්තියෙන් ආජානෙයවූ අශ්වයන් සත්සීයක් දි
1799
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1799
මෙසේ වෙස්සන්තර රජතෙම දුනු හී දරණ ගම්මුළාදැනීන් පිරිවරා සිටිකල්හි ඒ නුවරින් නික්මෙයි.
1800
‘‘සත්ත රථසතෙ දත්වා, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
දීපෙ අථොපි වෙයග්ඝෙ, සබ්බාලඞ්කාරභූසිතෙ.
1800
සියලු අලංකාරයෙන් බබළන සැරසූ දිවි සමින් හා ව්‍යාඝ්‍ර සමින් යුත්, නංවන ලද කොඩි ඇති, රථ සත්සීයක් දන් දී,
1801
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1801
දුනු ගත් අත් ඇති යුද්ධ ඇඳුමින් සැරසුන ගම්මුළාදෑනීන් විසින් පිරිවරා සිටි කල්හි වෙස්සන්තර රජතෙමේ තම රටින් නික්මෙයි.
1802
‘‘සත්ත ඉත්ථිසතෙ දත්වා, එකමෙකා රථෙ ඨිතා;
සන්නද්ධා නික්ඛරජ්ජූහි, සුවණ්ණෙහි අලඞ්කතා.
1802
රන් කෙන්දෙන් සැරසී රනින් අලංකාරවූ එක් රථයක එක්කෙනෙකු බැගින් සිටි ස්ත්‍රීන් සත්සියයක් දන් දී,
1803
‘‘පීතාලඞ්කාරා පීතවසනා, පීතාභරණවිභූසිතා;
අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1803
කෙසේවූ ස්ත්‍රීන්ද, රනින් අලංකාරවූ රන් වස්ත්‍ර අඳින, රන් අබරණින් සැරසි මහත් ඇස් ගුලි ඇති මඳ සිනා පෙරටුකොට ඇති කථා කරණ යහපත් උකුළු ඇති හීන් ඉඟ ඇති ස්ත්‍රීහුය. මෙසේ දී වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
1804
‘‘සත්ත ධෙනුසතෙ දත්වා, සබ්බා කංසුපධාරණා (කුසුමධාරිනෙ (ක.));
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1804
සියල්ල රනින් යුත් දෙනුන් සත් සීයක් දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
1805
‘‘සත්ත දාසිසතෙ දත්වා, සත්ත දාසසතානි ච;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1805
දාසියන් සත් සියයක්ද දාසයන් සත්සියයක්ද දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
1806
‘‘හත්ථී අස්සරථෙ (අස්සෙ රථෙ (ස්‍යා.)) දත්වා, නාරියො ච අලඞ්කතා;
එස වෙස්සන්තරො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1806
ඇතුන්ද, අශ්වයන්ද, රථද දී සැරසූ ස්ත්‍රීන් ද දී මේ වෙස්සන්තර රජතෙම තම රටින් නික්මෙයි.
1807
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
මහාදානෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
1807
මහා දානය දුන් කල්හි පොළොව කම්පාවිය. එවිට බිය ඉපදීමක් විය. එවිට ලොමුදැහැගැන්මක් විය.
1808
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං පඤ්ජලිකතො රාජා, සම්හා රට්ඨා නිරජ්ජති.
1808
“භයජනකවූ මෙය ඒ වේලාවේ වූයේය. භයජනක වූ ලොම් කෙලින් සිටීමක් ඒ වේලාවේ වූයේය. දන් දී දොහොත් මුදුන් දී බුදුබව ප්‍රාර්ථනා කළ රජතෙම ඒ නුවරින් නික්මෙයි.
1809
‘‘අථෙත්ථ වත්තතී සද්දො, තුමුලො භෙරවො මහා;
දානෙන තං නීහරන්ති, පුන දානං අදා තුවං.
1809
නැවත මෙහි දීම නිසා ඔබ රටින් පිටුවහල් කරති. නැවතත් ඔබ දන්දුන්නේ යයි මහත් භයානක ඝොෂාවක් පවතී
1810
‘‘තෙසු මත්තා කිලන්තාව, සම්පතන්ති වනිබ්බකා;
නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ’’.
1810
1811
‘‘ආමන්තයිත්ථ රාජානං, සඤ්ජයං ධම්මිනං වරං (ධම්මිකංවරං (ස්‍යා. ක.));
අවරුද්ධසි මං දෙව, වඞ්කං ගච්ඡාමි පබ්බතං.
1811
ධාර්මික රජුන් අතරෙහි ශ්‍රේෂ්ඨවූ සඤ්ජය රජුට ආමන්ත්‍රණය කෙළේය. “දේවයන් වහන්ස, මා රටින් පිට කරන්නෙහිද එසේ නම් වංක පර්වතයට යන්නෙමි.”
1812
‘‘යෙ හි කෙචි මහාරාජ, භූතා යෙ ච භවිස්සරෙ;
අතිත්තායෙව කාමෙහි, ගච්ඡන්ති යමසාධනං.
1812
මහරජවූවෝද, වන්නෝද යන යම් කෙනෙක් වෙත්ද, ඔව්හු කාමයන්ගෙන් සතුටට පත්නොවී මරුමුවටයත්.
1813
‘‘ස්වාහං සකෙ අභිස්සසිං, යජමානො සකෙ පුරෙ;
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
1813
“ඒ මම මගේ නුවරම දන්දෙන්නේ නගරවාසීන් විසින් පෙළනුලැබීමි. සිවිරට වාසීන්ගේ වචනයෙන් තම රටින් මම නික්මෙන්නෙමි.
1814
‘‘අඝං තං පටිසෙවිස්සං, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ්ඤානි කරොමි;
තුම්හෙ පඞ්කම්හි සීදථ’’.
1814
“වල් මෘගයන් ගැවසීගත් කඟවේනුන් හා දිවියන් ගැවසුනු වනයෙහි යම් දුකක්වේද, එය විඳින්නෙමි. මම පින් කරන්නෙමි. තෙපි කාම මඩෙහි එරෙන්න.
1815
‘‘අනුජානාහි මං අම්ම, පබ්බජ්ජා මම රුච්චති;
ස්වාහං සකෙ අභිස්සසිං, යජමානො සකෙ පුරෙ;
සිවීනං වචනත්ථෙන, සම්හා රට්ඨා නිරජ්ජති.
1815
“මෑණියෙනි, මට අවසර දෙන්න, මට මහණකම ප්‍රියය, ඒ මම දන් දෙන්නේ මගේ නුවර ජනයන් විසින් පෙළනු ලැබිමි.
1816
‘‘අඝං තං පටිසෙවිස්සං, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ, අහං පුඤ්ඤානි කරොමි;
තුම්හෙ පඞ්කම්හි සීදථ (වඞ්කං ගච්ඡාමි පබ්බතං (ක.)).
1816
“සිවීන්ගේ වචනයෙන් මගේ රටින් පිටඋණෙමි කඟමුවන් හා කොටින් හා දරුණු මෘගයන් හැසිරෙන වනයෙහි යම් දුකක්වේද, එය විඳිමි. පින්කරමි. ඔබ මඩෙහි එරෙන්නෙහිය.”
1817
‘‘අනුජානාමි තං පුත්ත, පබ්බජ්ජා තෙ සමිජ්ඣතු;
අයඤ්ච මද්දී කල්‍යාණී, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
අච්ඡතං සහ පුත්තෙහි, කිං අරඤ්ඤෙ කරිස්සති’’.
1817
“පුත්‍රය, ඊට අවසර දෙමි. තොපගේ මහණකම ඉෂ්ටවේවා. යහපත් උකුලක් ඇති හීන් මධ්‍ය ප්‍රදෙශය ඇති යහපත්වූ මේ මන්ද්‍රිදේවිය පුත්‍රයන් සමග මෙහි සිටීවා. වනයෙහි කුමක් කරන්නේද?
1818
‘‘නාහං අකාමා දාසිම්පි, අරඤ්ඤං නෙතුමුස්සහෙ;
සචෙ ඉච්ඡති අන්වෙතු, සචෙ නිච්ඡති අච්ඡතු’’.
1818
“මම නොකැමැති පරිද්දෙන් දාසියකුදු කැලේට ගෙනයන්ට නොවෙහෙසෙමි. ඉදින් කැමැත්තේ නම් එවා, නොකැමැත්තේ නම් නොකැමැති වේවා.
1819
‘‘තතො සුණ්හං මහාරාජා, යාචිතුං පටිපජ්ජථ;
මා චන්දනසමාචාරෙ, රජොජල්ලං අධාරයි.
1819
මහරජතෙමේ ඉක්බිති ලේලිගෙන් අසන්නට ගියේය. “සඳුන් තවරණ ලද ශරීරයෙන් රජස් නොදරව.
1820
‘‘මා කාසියානි ධාරෙත්වා (කාසියානි ච ධාරෙත්වා (ක.)), කුසචීරං අධාරයි;
දුක්ඛො වාසො අරඤ්ඤස්මිං, මා හි ත්වං ලක්ඛණෙ ගමි.
1820
“කසීසළු දරා වැහැරි සිවුරු නොදරව. වනයෙහි වාසය දුක්ය. යහපත් ලක්ෂණයෙන් යුක්තවූ ඔබ අරණ්‍ය නොයව.”
1821
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
නාහං තං සුඛමිච්ඡෙය්‍යං, යං මෙ වෙස්සන්තරං විනා’’.
1821
සියලු අවයවයෙන් ශෝභනවූ මද්‍රි දේවිය මාමාට මෙසේ කීවාය. “වෙස්සන්තර රජු හැර මට යම් සැපක් ලැබේද, මම ඒ සැපය බලාපොරොත්තු නොවන්නෙමි.”
1822
‘‘තමබ්‍රවි මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
ඉඞ්ඝ මද්දී නිසාමෙති, වනෙ යෙ හොන්ති දුස්සහා.
1822
සිවින්ගේ රට වඩන මහරජතෙම “මද්‍රිය, එසේ නම් වනයෙහි යම් ඉවසිය නොහැකි දුක් ඇත්තාහුද, එය අසව.
1823
‘‘බහූ කීටා පටඞ්ගා ච, මකසා මධුමක්ඛිකා;
තෙපි තං තත්ථ හිංසෙය්‍යුං, තං තෙ දුක්ඛතරං සියා.
1823
“බොහෝ කුඩා සත්තුද පලඟැටියෝද මදුරුවෝද මීමැස්සෝද ඇත්තාහ. ඔව්හු ඔබට හිංසා කරත්. එය ඔබට ඉතා දුකක් වන්නේය.
1824
‘‘අපරෙ පස්ස සන්තාපෙ, නදීනුපනිසෙවිතෙ;
සප්පා අජගරා නාම, අවිසා තෙ මහබ්බලා.
1824
“අනික් සිත් තැවීම බලව. ගංගා අද්දර සිටින්නාවූ මහත් ශක්ති ඇති විෂ ඇති පිඹුරන් නම් සර්පයෝ ඇත්තාහ.
1825
‘‘තෙ මනුස්සං මිගං වාපි, අපි මාසන්නමාගතං;
පරික්ඛිපිත්වා භොගෙහි, වසමානෙන්ති අත්තනො.
1825
“ඔව්හු සමීපයට පැමිණි මිනිසකු හෝ මුවෙකු හෝ දරණවැලින් වටකොට තමාගේ වසඟයට ගනිත්.
1826
‘‘අඤ්ඤෙපි කණ්හජටිනො (කණ්හජටිලා (ක.)), අච්ඡා නාම අඝම්මිගා;
න තෙහි පුරිසො දිට්ඨො, රුක්ඛමාරුය්හ මුච්චති.
1826
“අන්‍යවූ ද කළු රෝම ඇති වලස්සු නම් දුක් දෙන මෘග කොටසක් ඇත්තේය. ඔවුන් විසින් දක්නාලද පුරුෂයා ගසකට නැංගත් නොබේරෙන්නේය.
1827
‘‘සඞ්ඝට්ටයන්තා සිඞ්ගානි, තික්ඛග්ගාතිප්පහාරිනො (තික්ඛග්ගානි පහාරිනො (සී. ස්‍යා.));
මහිංසා විචරන්තෙත්ථ, නදිං සොතුම්බරං පති.
1827
“උල් තුඩ සහිත අං එකට හපමින් හැසිරෙන්නාවූ මීහරක් සොතුම්බරා නම් නදිය අයිනේ එහි හැසිරෙත්.
1828
‘‘දිස්වා මිගානං යූථානං, ගවං සඤ්චරතං වනෙ;
ධෙනුව වච්ඡගිද්ධාව, කථං මද්දි කරිස්සසි.
1828
“වනයෙහි හැසිරෙන ගව රංචු හා මුව රංචු දැක වසු පැටවෙකු කෙරෙහි ගිජුවූ දෙනක් වැනිවූ මද්‍රී දේවිය කුමක් කරන්නෙහිද,
1829
‘‘දිස්වා සම්පතිතෙ ඝොරෙ, දුමග්ගෙසු ප්ලවඞ්ගමෙ;
අඛෙත්තඤ්ඤාය තෙ මද්දි, භවිස්සතෙ මහබ්භයං.
1829
“ගස් මුදුන්හි පනින්නාවූ දරුණුවූ වඳුරන් දැක කැලය පුරුදු නැති බැවින් මද්‍රිය, ඔබට මහත් භය හටගනී.
1830
‘‘යා ත්වං සිවාය සුත්වාන, මුහුං උත්තසයී (උත්තසසෙ (සී. ස්‍යා. ක.)) පුරෙ;
සා ත්වං වඞ්කමනුප්පත්තා, කථං මද්දි කරිස්සසි.
1830
“යම්බඳුවූ ඔබ සිවල් දෙනකගේ ශබ්දයක් අසා පෙර නැවත නැවත තැතිගත්තීය. වංකගිරියට ගිය ඔබ කුමක් කරන්නීද,
1831
‘‘ඨිතෙ මජ්ඣන්හිකෙ (මජ්ඣන්තිකෙ (සී. ස්‍යා. පී.)) කාලෙ, සන්නිසින්නෙසු පක්ඛිසු;
සණතෙව බ්‍රහාරඤ්ඤං, තත්ථ කිං ගන්තුමිච්ඡසි’’.
1831
“මධ්‍යාහ්න කාලය නැවතුණ කල්හි පක්ෂීහු කූඩුවල සිටි කල්හි මහ කැලේ නාද කෙරේමය. කිමෙක්ද එහි යන්නට කැමැත්තෙහිද?”
1832
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
යානි එතානි අක්ඛාසි, වනෙ පටිභයානි මෙ;
සබ්බානි අභිසම්භොස්සං, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1832
සියලු අවයවයන් යහපත්වූ මද්‍රි රජකුමරිය ඔහුට මෙසේ කීවාය. ‘මහරජාණෙනි, මට වනයෙහිවූ යම් මේ බියක් කියන ලද්දේද, සියල්ල ඉවසන්නෙමි. යන්නේමය.
1833
‘‘කාසං කුසං පොටකිලං, උසිරං මුඤ්ජපබ්බජං (මුඤ්ජබබ්බජං (සී.));
උරසා පනුදහිස්සාමි, නස්ස හෙස්සාමි දුන්නයා.
1833
“බට ගස්ද, කුසතණද, පොටකිල නම් තණද, සැවැන්නද මුදුතණ හා බබුස් තණද පපුවෙන් දෙපැත්තට දමා ඉදිරියට යන්නෙමි. නපුරකට නොපැමිණෙන්නෙමි.
1834
‘‘බහූහි වත චරියාහි, කුමාරී වින්දතෙ පතිං;
උදරස්සුපරොධෙන, ගොහනුවෙඨනෙන ච.
1834
“තරුණියක් තොමෝ බොහෝ හැසිරීම් වලින් ස්වාමියකු ලබයි. එනම්, නොකා සිටීමෙන්ද ගවහක්කෙන් මධ්‍ය ප්‍රදේශය ඉලීමෙන්ද,
1835
‘‘අග්ගිස්ස පාරිචරියාය, උදකුම්මුජ්ජනෙන ච;
වෙධබ්‍යං (වෙධබ්බං (සී. පී.)) කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1835
“ගිනි දෙවියා පිදීමෙන්ද දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. වැන්දඹු බව ලෝකයෙහි අයහපත්ය. උතුමාණනි, යන්නෙම්මය. උතුමාණනි, යන්නෙම්මය.
1836
‘‘අපිස්සා හොති අප්පත්තො, උච්ඡිට්ඨමපි භුඤ්ජිතුං;
යො නං හත්ථෙ ගහෙත්වාන, අකාමං පරිකඩ්ඪති;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1836
“වැන්දඹුවගේ ඉඳුල් කෑමට අප්‍රියය. යමෙක් ඈ අතින් නොකැමැත්තෙන් අදියි. වැන්දඹුව ලෝකයෙහි කටුකය. උතුමාණනි, යන්නෙම්මය.
1837
‘‘කෙසග්ගහණමුක්ඛෙපා , භූම්‍යා ච පරිසුම්භනා;
දත්වා ච නොපක්කමති, බහුදුක්ඛං අනප්පකං;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1837
“කොන්ඩෙන් එසවීමෙන්ද, බිම පෙරලීමෙන්ද, අප්‍රමාණ නොයෙක් දුක් දීද බැහැර නොයයි. මහරජාණෙනි, වැන්දඹුකම මහත් දුකෙකි. යන්නේමය.”
1838
‘‘සුකච්ඡවී වෙධවෙරා, දත්වා සුභගමානිනො;
අකාමං පරිකඩ්ඪන්ති, උලූකඤ්ඤෙව වායසා;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1838
“වාසනාවන් යයි සිතන්නෝ ස්වල්පයක් දී ඇඟ තවරණ සුණුවලින් තවරණ ලද සම් ඇති, වැන්දඹු ස්ත්‍රීන් කපුටන් බකමුහුණන් මෙන් නොකැමැති පරිද්දෙන් අදිත්. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹුකම කටුකය. යන්නෙම්මය.
1839
‘‘අපි ඤාතිකුලෙ ඵීතෙ, කංසපජ්ජොතනෙ වසං;
නෙවාභිවාක්‍යං න ලභෙ, භාතූහි සඛිනීහිපි (සඛිකාහි ච (සී. පී.));
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1839
“රන් අලංකාරයෙන් බබළන පොහොසත් නෑ කුලයක වසන්නේ නමුදු සහෝදරයන් විසින්ද යහළු ස්ත්‍රීන් විසින්ද කියන ගර්හා වචන ලබන්නේමය. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹුකම කටුකය. යන්නෙම්මය.”
1840
‘‘නග්ගා නදී අනූදකා, නග්ගං රට්ඨං අරාජකං;
ඉත්ථීපි විධවා නග්ගා, යස්සාපි දස භාතරො;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1840
“දිය නැති ගඟ නිර්වස්ත්‍රය, රජු නැති රට නිර්වස්ත්‍රය, වැන්දඹු ස්ත්‍රියද සහෝදරයන් දස දෙනෙක් සිටියත් නිර්වස්ත්‍රය. මහරජ වැන්දඹුකම ලෝකයෙහි කටුකය. වනයට යන්නෙම්මය.
1841
‘‘ධජො රථස්ස පඤ්ඤාණං, ධූමො පඤ්ඤාණමග්ගිනො;
රාජා රථස්ස පඤ්ඤාණං, භත්තා පඤ්ඤාණමිත්ථියා;
වෙධබ්‍යං කටුකං ලොකෙ, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
1841
“කොඩිය රථයේ පෙනීමයි. දුම ගින්නේ පෙනීමයි. රටෙහි පෙනීම රජයි. ස්ත්‍රියගේ පෙනීම ස්වාමිපුරුෂයායි. වැන්දඹු බව ලෝකයෙහි කටුකය. වනයට යන්නෙම්මය.
1842
‘‘යා දලිද්දී දලිද්දස්ස, අඩ්ඪා අඩ්ඪස්ස කිත්තිමං;
තං වෙ දෙවා පසංසන්ති, දුක්කරඤ්හි කරොති සා.
1842
“දිළිඳු ස්වාමියා බලා කීර්තිමත් ස්ත්‍රීද දිළින්දියක් වෙයි. දියුණු ස්වාමිපුරුෂයා බලා ඈද සුඛිත මුදිත වෙයි.
“ඈ දුකසේ කළයුතු දෙයක් කරණ බැවින් ඈට දෙවියෝද ප්‍රශංසා කරත්.
1843
‘‘සාමිකං අනුබන්ධිස්සං, සදා කාසායවාසිනී;
පථබ්‍යාපි අභිජ්ජන්ත්‍යා (අභෙජ්ජන්ත්‍යා (සී. පී.)), වෙධබ්‍යං කටුකිත්ථියා.
1843
“හැමකල්හි කසට වස්ත්‍ර හැඳ ස්වාමියා අනුව යන්නෙමි. වෙස්සන්තර රජු හැර නොසෙල්වෙන නොබිඳෙන පෘථිවියද නොකැමැත්තෙමි. මහරජාණෙනි, ලෝකයෙහි වැන්දඹු බව කටුකය.
1844
‘‘අපි සාගරපරියන්තං, බහුවිත්තධරං මහිං;
නානාරතනපරිපූරං , නිච්ඡෙ වෙස්සන්තරං විනා.
1844
“වෙස්සන්තර රජු හැර නොයෙක් රත්නයන්ගෙන් පිරුණු බොහෝ වස්තුව දරණ පෘථිවිය සාගරය තෙක් ලැබුණත් නොකැමතිවෙමි
1845
‘‘කථං නු තාසං හදයං, සුඛරා වත ඉත්ථියො;
යා සාමිකෙ දුක්ඛිතම්හි, සුඛමිච්ඡන්ති අත්තනො.
1845
“යම් ස්ත්‍රියක් ස්වාමියා දුකට පත්කළ තමහට සැප කැමැත්තීද, ඔවුන්ගේ පපුව කෙසේ වන්නේද, ස්ත්‍රීහු ඒකාන්තයෙන් අතිශයින් කෲරය.
1846
‘‘නික්ඛමන්තෙ මහාරාජෙ, සිවීනං රට්ඨවඩ්ඪනෙ;
තමහං අනුබන්ධිස්සං, සබ්බකාමදදො හි මෙ’’.
1846
“සිවි රට වඩන මහරජ නික්මෙන කල්හි මම ඔහු අනුව යන්නෙමි. මට සියලු දේ දෙන්නේ ඔහුය.”
1847
‘‘තමබ්‍රවි මහාරාජා, මද්දිං සබ්බඞ්ගසොභනං;
ඉමෙ තෙ දහරා පුත්තා, ජාලී කණ්හාජිනා චුභො;
නික්ඛිප්ප ලක්ඛණෙ ගච්ඡ, මයං තෙ පොසයාමසෙ’’ (පොසියාමසෙ (සී. පී. ක.)).
1847
මහරජතෙමේ සියලු අවයවයෙන් ලක්ෂණවූ මද්‍රී දේවියට “ජාලිය කෘෂ්ණජිනා යන ඔබගේ මේ ලකුණින් යුත් ළදරුවන් දෙදෙනා නවත්වා යව. අපි ඔවුන් පොෂ්‍යකරන්නෙමුයි” කීයේය.
1848
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
පියා මෙ පුත්තකා දෙව, ජාලී කණ්හාජිනා චුභො;
ත්‍යම්හං තත්ථ රමෙස්සන්ති, අරඤ්ඤෙ ජීවසොකිනං’’.
1848
සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රී රාජ දුහිතෘව ‘දේවයන් වහන්ස, ජාලිය කෘෂ්ණජිනා යන මේ දරුවන් දෙදෙනා මට ප්‍රියය. අපි අප නැත කියා ශෝක නොවන ඔවුන් වනයෙහි සතුටු කරවන්නෙමු.”
1849
‘‘තමබ්‍රවි මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
සාලීනං ඔදනං භුත්වා, සුචිං මංසූපසෙචනං;
රුක්ඛඵලානි භුඤ්ජන්තා, කථං කාහන්ති දාරකා.
1849
සිවීන්ගේ රට වඩන මහරජතෙමේ “පිරිසිදු මස් සහිත ඇල් සාලේ බත් අනුභව කොට පුරුදු දරුවෝ කෙසේ ගස්වල ගෙඩි අනුභව කරත්දැයි” කීයේය.
1850
‘‘භුත්වා සතපලෙ කංසෙ, සොවණ්ණෙ සතරාජිකෙ;
රුක්ඛපත්තෙසු භුඤ්ජන්තා, කථං කාහන්ති දාරකා.
1850
“සියක් වරක් ශුද්ධකළ රනින් කළ සියක් ඉරි ඇති රන් තැටියක අනුභව කොට දරුවෝ කොළවල කෙසේ අනුභව කරත්ද,
1851
‘‘කාසියානි ච ධාරෙත්වා, ඛොමකොටුම්බරානි ච;
කුසචීරානි ධාරෙන්තා, කථං කාහන්ති දාරකා.
1851
“කොමුපිලී හා කොදුම්බර පිළිවලින් කළ කසීසළු දැරූ දරුවෝ වැහැරි දරන්නාහු කෙසේ කරත්ද,
1852
‘‘වය්හාහි පරියායිත්වා, සිවිකාය රථෙන ච;
පත්තිකා පරිධාවන්තා, කථං කාහන්ති දාරකා.
1852
“සිවි ගෙයින්ද, කරත්තයෙන් ද, ඔසවාගෙන යාමෙන්ද ඇවිදි දරුවෝ පයින් ඇවිදීම කෙසේ කරත්ද,
1853
‘‘කූටාගාරෙ සයිත්වාන, නිවාතෙ ඵුසිතග්ගළෙ;
සයන්තා රුක්ඛමූලස්මිං, කථං කාහන්ති දාරකා.
1853
“අගුළු ලනලද මාලිගාවෙහි කුළුගෙයි නිදා ගස් මුල නිදන්නාවූ දරුවෝ එය කෙසේ කරත්ද,
1854
‘‘පල්ලඞ්කෙසු සයිත්වාන, ගොනකෙ චිත්තසන්ථතෙ;
සයන්තා තිණසන්ථාරෙ, කථං කාහන්ති දාරකා.
1854
“විසිතුරු කොට අතුරණලද දික් ලොම් ඇති පලස් ඇති අසුන්වල සයනය කරණ දරුවෝ තණකොළ උඩ කෙසේ සයනය කෙරෙත්ද,
1855
‘‘ගන්ධකෙන විලිම්පිත්වා, අගරුචන්දනෙන ච;
රජොජල්ලානි ධාරෙන්තා, කථං කාහන්ති දාරකා.
1855
“අගිල් හා සඳුන්ද යන සුවඳින් ආලෝපකොට සිටි දරුවෝ ධූලි තට්ටු දරන්නාහු කෙසේ සිටිත්ද,
1856
‘‘චාමරමොරහත්ථෙහි, බීජිතඞ්ගා සුඛෙධිතා (සුඛෙ ඨිතා (ස්‍යා. පී.));
ඵුට්ඨා ඩංසෙහි මකසෙහි, කථං කාහන්ති දාරකා’’.
1856
“සෙමෙර වල්ගයෙන් හා මොණර පිල් ගත් අත්වලින් පවන් සලනලද අවයව ඇති දරුවෝ ඩැහැලේ බොන මැස්සන් හා මදුරුවන් විසින් දෂ්ටකරණ ලද්දාහු කෙසේ සිටිත්ද?”
1857
‘‘තමබ්‍රවි රාජපුත්තී, මද්දී සබ්බඞ්ගසොභනා;
මා දෙව පරිදෙවෙසි, මා ච ත්වං විමනො අහු;
යථා මයං භවිස්සාම, තථා හෙස්සන්ති දාරකා.
1857
“සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රි නම් දේවිය මෙසේ කීවාය “දෙවයන් වහන්ස, නොවැලපෙනු මැනව. ඔබ සිත වෙනස්කර නොගනුව. අපි යම්සේ වන්නෙමු නම්, දරුවෝත් එසේ වෙත්.”
1858
‘‘ඉදං වත්වාන පක්කාමි, මද්දී සබ්බඞ්ගසොභනා;
සිවිමග්ගෙන අන්වෙසි, පුත්තෙ ආදාය ලක්ඛණා’’.
1858
සියලු අවයවයෙන් යහපත්වූ ලකුණින් යුත් මද්‍රිදේවි තොමෝ මෙසේ කියා දරුවන් ගෙන සිවිරජ නික්මුණු පැත්තෙන්ම බැස රියට නැංගාය.
1859
තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
පිතු මාතු ච වන්දිත්වා, කත්වා ච නං පදක්ඛිණං.
1859
ඉක්බිති වෙස්සන්තර ක්ෂත්‍රිය රජතෙමේ බොහෝ දන්දී මවට හා පියාට වැඳ ඔවුන් වටේ කැරකී,
1860
චතුවාහිං රථං යුත්තං, සීඝමාරුය්හ සන්දනං;
ආදාය පුත්තදාරඤ්ච, වඞ්කං පායාසි පබ්බතං.
1860
සතරදෙනෙකු විසින් අදින අශ්ව රථයට වහා නැග අඹු දරුවන් රැගෙන වංක පර්වතයට ගියේය.
1861
තතො වෙස්සන්තරො රාජා, යෙනාසි බහුකො ජනො;
‘‘ආමන්ත ඛො තං ගච්ඡාම, අරොගා හොන්තු ඤාතයො’’.
1861
ඉක්බිති වෙස්සන්තර රජතෙම “යම් තැන බොහෝ ජනයාවීද ඔවුන් විචාරා අපි යමු. ඤාතීහු නිරොග වෙත්වා.”
[නුවරින් නික්ම නැවතී බැලුකල්හි සිනෙරු පර්වතය හා වනය මුදුන් මල් කොට ඇති පෘථිවිය කම්පා වූවාය.]
1862
‘‘ඉඞ්ඝ මද්දි නිසාමෙහි, රම්මරූපංව දිස්සති;
ආවාසං සිවිසෙට්ඨස්ස, පෙත්තිකං භවනං මම’’.
1862
“මද්‍රිය දැන් බලන්න. සිවිරට ශ්‍රේෂ්ඨ රජුගේ වාසස්ථානයවූ මාගේ පියාගේ ගෘහය පෙනේ”
1863
‘‘තං බ්‍රාහ්මණා අන්වගමුං, තෙ නං අස්සෙ අයාචිසුං;
යාචිතො පටිපාදෙසි, චතුන්නං චතුරො හයෙ’’’.
1863
බමුණෝ ඔහු අනුව ගියෝය. ඔව්හු ඔහුගෙන් අශ්වයන් ඉල්ලුහ. සතරදෙන අශ්වයන් සතරදෙන ඉල්වූයේ දුන්නේය.
1864
‘‘ඉඞ්ඝ මද්දි නිසාමෙහි, චිත්තරූපංව දිස්සති;
මිගරොහිච්චවණ්ණෙන, දක්ඛිණස්සා වහන්ති මං’’.
1864
“මද්‍රීදෙවිය, දැන් කල්පනා කරව. යහපත් හැඩක් මෙන් පෙනේ. රතුපාට ඇති මෘගයෝ හික්මුණු අශ්වයන් මෙන් මා උසුලත්.
1865
‘‘අථෙත්ථ පඤ්චමො ආගා, සො තං රථමයාචථ;
තස්ස තං යාචිතොදාසි, න චස්සුපහතො මනො.
1865
ඉක්බිති එහි පස්වැන්නෙක් ආවේය. හෙතෙම ඒ රථය ඉල්ලුවේය. ඉල්වන ලද ඔහුට දුන්නේය. ඔහුගේ සිත නොහැකුළුනේය.
1866
‘‘තතො වෙස්සන්තරො රාජා, ඔරොපෙත්වා (ඔතාරෙත්වා (ක.)) සකං ජනං;
අස්සාසයි අස්සරථං, බ්‍රාහ්මණස්ස ධනෙසිනො’’.
1866
ඉක්බිති වෙස්සන්තර රජතෙම ස්වකීය ජනයා බස්වා ධනය බලාපොරොත්තු බමුණාට අශ්ව රථය පවරා දුන්නේය.
1867
‘‘ත්වං මද්දි කණ්හං ගණ්හාහි, ලහු එසා කනිට්ඨිකා;
අහං ජාලිං ගහෙස්සාමි, ගරුකො භාතිකො හි සො’’.
1867
“මද්‍රිදේවිනි, ඔබ කෘෂ්ණජිනාව ගනුව. බාල මෝ තොමෝ සැහැල්ලුය. මම ජාලිය ගන්නෙමි. ඔහු වැඩිමල් නිසා බරය.
1868
‘‘රාජා කුමාරමාදාය, රාජපුත්තී ච දාරිකං;
සම්මොදමානා පක්කාමුං, අඤ්ඤමඤ්ඤං පියංවදා’’.
1868
රජතෙමේ කුමාරයා ගෙන දේවිය කුමරිය ගෙන ඔවුනොවුන් ප්‍රියවචන කථා කරමින් සතුටින් ගියාහුය.
1869
‘‘යදි කෙචි මනුජා එන්ති, අනුමග්ගෙ පටිපථෙ;
මග්ගං තෙ පටිපුච්ඡාම, කුහිං වඞ්කතපබ්බතො.
1869
“ඉදින් යම් මනුෂ්‍ය කෙනෙක් ඉදිරියට එන්නේද ඔවුන්ගෙන් මාර්ගය විචාරන්නෙමි. වංක පර්වතය කොහිද”
1870
‘‘තෙ තත්ථ අම්හෙ පස්සිත්වා, කලුනං පරිදෙවයුං;
දුක්ඛං තෙ පටිවෙදෙන්ති, දූරෙ වඞ්කතපබ්බතො’’.
1870
“ඔව්හු එහිදී අප දැක කරුණාව ඉපදවූවාහුය. වංක වනය ඈතයයි දුකසේ ඔව්හු දන්වත්.
1871
‘‘යදි පස්සන්ති පවනෙ, දාරකා ඵලිනෙ (ඵලිතෙ (සී. ස්‍යා. පී.)) දුමෙ;
තෙසං ඵලානං හෙතුම්හි, උපරොදන්ති දාරකා.
1871
ඉදින් දරුවෝ වනයෙහි පලගත් ගස් දක්නෙහිද දරුවෝ ඒ ගෙඩි ඉල්ලා අඬත්.
1872
‘‘රොදන්තෙ දාරකෙ දිස්වා, උබ්බිද්ධා (උබ්බිග්ගා (සී. ස්‍යා. පී.)) විපුලා දුමා;
සයමෙවොනමිත්වාන, උපගච්ඡන්ති දාරකෙ.
1872
අඬන දරුවන් දැක කණගාටුවට පත්වූ මහත් ගස් තෙමේම නැමී දරුවන් සමීපයට එත්.
1873
‘‘ඉදං අච්ඡෙරකං දිස්වා, අබ්භුතං ලොමහංසනං;
සාධුකාරං පවත්තෙසි, මද්දී සබ්බඞ්ගසොභනා.
1873
සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රිදෙවිය ලොම් කෙළින් සිටුවන්නාවූ පෙර නොවූ මේ පුදුමය දැක සාධුකාර දුන්නීය.
1874
‘‘අච්ඡෙරං වත ලොකස්මිං, අබ්භුතං ලොමහංසනං;
වෙස්සන්තරස්ස තෙජෙන, සයමෙවොනතා දුමා’’.
1874
ලෝකයෙහි ඒකාන්තයෙන් පෙර නොවූවිරූ ලොම් දැහැගන්වන්නාවූ පුදුමයකි වෙස්සන්තරගේ ආනුභාවයෙන් ගස් තුමූම නැමුනාහ.
1875
‘‘සඞ්ඛිපිංසු පථං යක්ඛා, අනුකම්පාය දාරකෙ;
නික්ඛන්තදිවසෙනෙව, චෙතරට්ඨං උපාගමුං’’.
1875
දෙවතාවෝ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් මාර්ගය කොට කළාහ. පිටත්වූ දවසේම චෙත රටට පැමිණියාහුය.
1876
‘‘තෙ ගන්ත්වා දීඝමද්ධානං, චෙතරට්ඨං උපාගමුං;
ඉද්ධං ඵීතං ජනපදං, බහුමංසසුරොදනං’’.
1876
ඔව්හු දීර්ඝ මාර්ගය ගෙවා චෙත රටට පැමිණියාහුය. එය බොහෝ මාංශ සහිත ආහාර හා සුරා ඇති දියුණු පිරුණු ජනපදයකි.
1877
‘‘චෙතියො පරිවාරිංසු, දිස්වා ලක්ඛණමාගතං;
සුඛුමාලී වත අය්‍යා, පත්තිකා පරිධාවති.
1877
ලක්ෂණ ඇති මද්‍රි දේවිය දැක චෙතිය රට වැස්සෝ රැස්වූවාහුය. ඒකාන්තයෙන් සිවුමැළි මේ ආර්‍ය්‍යාව පයින් දුව ඇවිදින්නීය.
1878
‘‘වය්හාහි පරියායිත්වා, සිවිකාය රථෙන ච;
සාජ්ජ මද්දී අරඤ්ඤස්මිං, පත්තිකා පරිධාවති’’.
1878
ක්ෂත්‍රියයෝ රන්සිවිගෙයින් එසවීමෙන් ඇවිද්ද මද්‍රි දේවී අද කැලේ පයින් ඇවිදිත්.
1879
‘‘තං දිස්වා චෙතපාමොක්ඛා, රොදමානා උපාගමුං;
කච්චි නු දෙව කුසලං, කච්චි දෙව අනාමයං;
කච්චි පිතා අරොගො තෙ, සිවීනඤ්ච අනාමයං.
1879
ඒ දැක චෙතරටේ රජවරු අඬමින් ලඟට පැමිණියාහුය. “දෙවයන් වහන්ස, සැප සනීප කෙසේද, නිදුක් බව කෙසේද, කිමෙක්ද ඔබගේ පියා නිරෝගද, සිවිරටවාසීන්ගේ තොරතුරු හෝ කෙසේද,
1880
‘‘කො තෙ බලං මහාරාජ, කො නු තෙ රථමණ්ඩලං;
අනස්සකො අරථකො, දීඝමද්ධානමාගතො;
කච්චාමිත්තෙහි පකතො, අනුප්පත්තොසිමං දිසං’’.
1880
“මහරජ ඔබගේ භව සමූහය කොහිද, ඔබගේ අලංකාර රථය කොහිද? අශ්වයන් නැතිව, වාහනයක් නැතිව බොහෝ දුරක් ආවෙහිය. කිනම් සතුරෙකු විසින් මඩනා ලද්දේ මේ පැත්තට ආවෙහිද?”
1881
‘‘කුසලඤ්චෙව මෙ සම්ම, අථො සම්ම අනාමයං;
අථො පිතා අරොගො මෙ, සිවීනඤ්ච අනාමයං.
1881
“යහළුවෙනි, මට සැපය, එසේම නුඹලාත් සුවපත් වෙත්වා. තවද මගේ පියතෙම නිරෝගිය. සිවිරට වැස්සෝද නිදුකින්ය.
1882
‘‘අහඤ්හි කුඤ්ජරං දජ්ජං, ඊසාදන්තං උරූළ්හවං;
ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං, සබ්බසෙතං ගජුත්තමං.
1882
“මම නගුල් සේ උඩට නැගුණ දළ ඇති සම්පූර්ණයෙන් සුදු ශ්‍රේෂ්ඨ ඇතෙකුවූ සියලු යුද්ධයන්හි ජය බිම් දන්නාවූ ඇතා දන් දුනිමි.
1883
‘‘පණ්ඩුකම්බලසඤ්ඡන්නං, පභින්නං සත්තුමද්දනං;
දන්තිං සවාළබීජනිං, සෙතං කෙලාසසාදිසං.
1883
“රන් පලසකින් වැසුණු ඔද වැගිරෙන සතුරන් මඩින දළ ඇති සුදුවූ කෛලාස පර්වතය වැනි වල්විදුනා සහිත
1884
‘‘සසෙතච්ඡත්තං සඋපාධෙය්‍යං, සාථප්පනං සහත්ථිපං;
අග්ගයානං රාජවාහිං, බ්‍රාහ්මණානං අදාසහං.
1884
“සේසත් සහිත, උපකරණ සහිත, වන වෙදුන් සහිත, රජුන් උසුලන අග්‍රයානය මම බමුණන්ට දුන්නෙමි.
1885
‘‘තස්මිං මෙ සිවයො කුද්ධා, පිතා චුපහතොමනො;
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
1885
“එහිදී මට සිවිහු කිපුනාහ. පියාගේද සිත වෙනස් විය. රජ මට දඬුවම් කරයි වංක පර්වතයට යන්නෙමි. වනයෙහි යම්තැනක වසම්ද එහි අවකාශ ස්ථානයක් දනිව්.”
1886
‘‘ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං;
ඉස්සරොසි අනුප්පත්තො, යං ඉධත්ථි පවෙදය.
1886
“රජතුමනි, ඔබගේ යහපත් පැමිණීමක් වේවා. නමුත් ඔබ පැමිණි නුදුරු කල් ඇත්තේ වේවා. ක්‍රමයෙන් පැමිණි අධිපතියෙකි. යමක් මෙහි ඇත්නම් කියව.
1887
‘‘සාකං භිසං මධුං මංසං, සුද්ධං සාලිනමොදනං;
පරිභුඤ්ජ මහාරාජ, පාහුනො නොසි ආගතො’’.
1887
“රජතුමනි, පලාකොළද, නෙළුම් අලද, මීපැණිද මස්ද, පිරිසිදු ඇල්සාලේ බත්ද අනුභව කරව. ඔබ අපට ආගන්තුකයෙකි.”
1888
‘‘පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං;
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
1888
“යමක් දෙන ලද්දේද සියල්ල අගේකොට සලකන ලදී. රජතෙමේ මා රටින් පිටුවහල් කරයි. වංක පර්වතයට යන්නෙමි. වනයෙහි යම්තැනක වසම්ද ඊට අවකාශ ස්ථානයක් දනිව්”
1889
‘‘ඉධෙව තාව අච්ඡස්සු, චෙතරට්ඨෙ රථෙසභ;
යාව චෙතා ගමිස්සන්ති, රඤ්ඤො සන්තික යාචිතුං.
1889
“රජතුමනි, යම්තාක් සිවිරට වඩන මහරජුට ඔබගේ නිර්දෝෂ භාවයෙන් සහනයක් ඉල්වන්නට රජු සමීපයට චේතිය රටවැස්සෝ යත්ද ඒතාක් මේ චේතරටම සිටීවා
1890
‘‘නිජ්ඣාපෙතුං මහාරාජං, සිවීනං රට්ඨවඩ්ඪනං;
තං තං චෙතා පුරක්ඛත්වා, පතීතා ලද්ධපච්චයා;
පරිවාරෙත්වාන ගච්ඡන්ති, එවං ජානාහි ඛත්තිය’’.
1890
“රජතුමනි, චේතරට වැස්සෝ සතුටට පත්වූවාහු ලබන ලද පිහිට ඇත්තාහු ඔබ පෙරටුකොට පිරිවරාගෙන යත්. එසේ දැනගනු මැනව.”
1891
‘‘මා වො රුච්චිත්ථ ගමනං, රඤ්ඤො සන්තික යාචිතුං;
නිජ්ඣාපෙතුං මහාරාජං, රාජාපි තත්ථ නිස්සරො.
1891
“මට සහනයක් ඉල්වීමට රජු සමීපයට යාමට තොපට රුචි නොවේවා. එය සලකා බැලීමට රජු එහි අධිපතියා නොවේ
1892
‘‘අච්චුග්ගතා හි සිවයො, බලග්ගා නෙගමා ච යෙ;
තෙ විධංසෙතුමිච්ඡන්ති, රාජානං මම කාරණා’’.
1892
“සිවීන්ගේ බලය වැඩිය භට සමූහයාද නියම්ගම් වැස්සෝද මා නිසා රජු රාජ්‍යයෙන් පහකිරීමට කැමතිවෙත්.
1893
‘‘සචෙ එසා පවත්තෙත්ථ, රට්ඨස්මිං රට්ඨවඩ්ඪන;
ඉධෙව රජ්ජං කාරෙහි, චෙතෙහි පරිවාරිතො.
1893
“රට වඩන මහරජ තුමනි, රටෙහි මෙබඳු දෙයක් නම් චෙතරට වැස්සන් විසින් පිරිවරණ ලදුව මෙහි රජකරව
1894
‘‘ඉද්ධං ඵීතඤ්චිදං රට්ඨං, ඉද්ධො ජනපදො මහා;
මතිං කරොහි ත්වං දෙව, රජ්ජස්ස මනුසාසිතුං’’.
1894
“මේ රට සමෘද්ධය, සම්පත්තියෙන් පිරුණේය. මහත්වූ සමෘද්ධ ජනපදයකි. දේවයන් වහන්ස, මේ රට අනුශාසනා කිරීමට අදහස් කරව.”
1895
‘‘න මෙ ඡන්දො මති අත්ථි, රජ්ජස්ස අනුසාසිතුං;
පබ්බාජිතස්ස රට්ඨස්මා, චෙතපුත්තා සුණාථ මෙ.
1895
“චෙතපුත්‍ර රජවරුනි, මගේ වචනය අසව්. රටින් පිටුවහල් කළ මට රාජ්‍යයක් කිරීමට කැමැත්තක්වත් අදහසක් වත් නැත.
1896
‘‘අතුට්ඨා සිවයො ආසුං, බලග්ගා නෙගමා ච යෙ;
පබ්බාජිතස්ස රට්ඨස්මා, චෙතා රජ්ජෙභිසෙචයුං.
1896
“යම් බලකායක් ඇද්ද නියම්ගම් වැස්සෝ ඇද්ද රටින් පිටුවහල් කළ රජු චෙතරට වැස්සන් රාජ්‍යයෙහි රජකමට පත්කළහයි ඔව්හු නොසතුටු වෙත්.
1897
‘‘අසම්මොදියම්පි වො අස්ස, අච්චන්තං මම කාරණා;
සිවීහි භණ්ඩනඤ්චාපි, විග්ගහො මෙ න රුච්චති.
1897
“ඒකාන්තයෙන් මා නිසා තොපගේ අසමගියක් වන්නේය. සිවින්ගේ කලහය හා යුද්ධය මට රුචි නොවේ.
1898
‘‘අථස්ස භණ්ඩනං ඝොරං, සම්පහාරො අනප්පකො;
එකස්ස කාරණා මය්හං, හිංසෙය්‍ය බහුකො ජනො.
1898
“නැවතද දරුණු කෝලාහලද නොයෙක් පහර දීම්ද කෙනෙක් නිසා බොහෝ ජනයාට හිංසා කරන්නහු නම් එය මට නොගැලපේ.
1899
‘‘පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං;
අවරුද්ධසි මං රාජා, වඞ්කං ගච්ඡාමි පබ්බතං;
ඔකාසං සම්මා ජානාථ, වනෙ යත්ථ වසාමසෙ’’.
1899
“යමක් දෙන ලද්දේද, එය පිළිගන්නා ලදී. සියල්ල අගේකොට සලකන ලදී. රජු මා හිර කරයි වංක පර්වතයට යන්නෙමි. වනයේ යම් තැනක වසම්ද, යහළුවෙනි මට අවකාශ ස්ථානයක් දනුව.”
1900
‘‘තග්ඝ තෙ මයමක්ඛාම, යථාපි කුසලා තථා;
රාජිසී යත්ථ සම්මන්ති, ආහුතග්ගී සමාහිතා.
1900
“ඉදින් ඔබට අපි කියමු. යම්සේ වැටහේනම් එසේ කරාවා. ගිනි දල්වා ගත් එකඟ සිත් ඇත්තාහු රජව පැවිදි වූහු යම් තැනෙක්හිද, එය අනු දත්තේය.
1901
‘‘එස සෙලො මහාරාජ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ ත්වං සහ පුත්තෙහි, සහ භරියාය චච්ඡසි.
1901
“රජතුමනි, පර්වතය වූ මෙයයි. ඔබ යම්තැනෙක්හි පුත්‍රයන් සහ භාර්‍ය්‍යාව සමග සිටින්නට කැමතිවන්නෙහිද, ඒ පර්වතය මේ ගන්ධමාදන පර්වතයයි.
1902
‘‘තං චෙතා අනුසාසිංසු, අස්සුනෙත්තා රුදංමුඛා;
ඉතො ගච්ඡ මහාරාජ, උජුං යෙනුත්තරා මුඛො.
1902
කඳුළු පිරුණු ඇස් ඇති ඇඬූ කඳුලින් යුත් චෙත රටවැස්සෝ ඔහුට මෙසේ නැවත නැවත කීවාහුය.
1903
‘‘අථ දක්ඛිසි භද්දන්තෙ, වෙපුල්ලං නාම පබ්බතං;
නානාදුමගණාකිණ්ණං, සීතච්ඡායං මනොරමං.
1903
“පින්වතාණෙනි, සිහිල් සෙවන ඇති සිත් සතුටු කරන්නාවූ නොයෙක් වෘක්ෂයන්ගෙන් ගැවසී ගත්තාවූ විපුල නම් පර්වතයක් දක්නෙහිය.
1904
‘‘තමතික්කම්ම භද්දන්තෙ, අථ දක්ඛිසි ආපගං;
නදිං කෙතුමතිං නාම, ගම්භීරං ගිරිගබ්භරං.
1904
“පින්වතාණෙනි, එය ඉක්මවා ගැඹුරුවූ පර්වත කුහර ඇති කෙතුමතී නම් නදිය දක්නෙහිය.
1905
‘‘පුථුලොමමච්ඡාකිණ්ණං, සුපතිත්ථං මහොදකං;
තත්ථ න්හත්වා පිවිත්වා ච, අස්සාසෙත්වා සපුත්තකෙ.
1905
“පුථුලොම නම් මත්ස්‍යයන්ගෙන් ගැවසී ගත්තාවූ යහපත් තොටුපලවල් ඇති මහත් දිය ඇති එහි නා බී පුත්‍රයන් සතුටු කරවා.
1906
‘‘අථ දක්ඛිසි භද්දන්තෙ, නිග්‍රොධං මධුපිප්ඵලං;
රම්මකෙ සිඛරෙ ජාතං, සීතච්ඡායං මනොරමං.
1906
“පින්වතාණෙනි, ඉක්බිති මිහිරි ගෙඩි ඇත්තාවූ යහපත් මුදුනෙක හටගත්තාවූ සිහිල් සෙවන ඇති යහපත්වූ නුග රුකක් දක්නෙහිය.
1907
‘‘අථ දක්ඛිසි භද්දන්තෙ, නාළිකං නාම පබ්බතං;
නානාදිජගණාකිණ්ණං, සෙලං කිම්පුරිසායුතං.
1907
“පින්වතාණෙනි, ඉක්බිති නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ කිම්පුරුෂයන්ගෙන් යුක්තවූ නාලික නම් ගල් පර්වතයක් දක්නෙහිය.
1908
‘‘තස්ස උත්තරපුබ්බෙන, මුචලින්දො නාම සො සරො;
පුණ්ඩරීකෙහි සඤ්ඡන්නො, සෙතසොගන්ධිකෙහි ච.
1908
“ඊම ඊශාන දිග සුදු නෙළුම් වලින් හා සුදුහෙල් මැලිවලින් යුක්තවූ මුචලින්දනම් ඒ විලය.
1909
‘‘සො වනං මෙඝසඞ්කාසං, ධුවං හරිතසද්දලං;
සීහොවාමිසපෙක්ඛීව වනසණ්ඩං විගාහය;
පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං, ඵලරුක්ඛෙහි චූභයං.
1909
“ඒ වනය වලාකුලක් වැනි නිතර කොළ පැහැ ඇත්තේය. නිල් තණකොළ ඇත්තේය. ගොදුරු බලාපොරොත්තු සිංහයෙකු මෙන් මල්ගස් වලින්ද ගෙඩි ඇති ගස්වලින්ද යන දෙවර්ගයෙන් යුක්තවූ වනයට වැද,
1910
‘‘තත්ථ බින්දුස්සරා වග්ගූ, නානාවණ්ණා බහූ දිජා;
කූජන්තමුපකූජන්ති, උතුසංපුප්ඵිතෙ දුමෙ.
1910
“එහි ඍතු ගුණයෙන් පිපුනු වෘක්ෂයෙහි කොටස කළ ශබ්ද ඇති, මිහිරි නාද ඇති, නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ශබ්ද කරන්නාහු අනුව ශබ්ද කරත්.
1911
‘‘ගන්ත්වා ගිරිවිදුග්ගානං, නදීනං පභවානි ච;
සො අද්දස (දක්ඛසි (සී. පී.)) පොක්ඛරණිං, කරඤ්ජකකුධායුතං.
1911
“පර්වතයන්හි දුකසේ යා හැකි තැන්වලට ගොස් ගංගා හටගන්නා තැන්ද කරඳ කුඹුක් ගස්වලින් යුත් පොකුණුද දක්නෙහිය.
1912
‘‘පුථුලොමමච්ඡාකිණ්ණං, සුපතිත්ථං මහොදකං;
සමඤ්ච චතුරංසඤ්ච, සාදුං අප්පටිගන්ධියං.
1912
“පුථුලොම නම් මසුන්ගෙන් ගැවසීගත් සමවූද සතරැස්වූද යහපත්වූද පිළිකුල් ගඳ නැත්තාවූද, යහපත් තොටුපල් ඇති මහත් දිය ඇති,
1913
‘‘තස්සා උත්තරපුබ්බෙන, පණ්ණසාලං අමාපය;
පණ්ණසාලං අමාපෙත්වා, උඤ්ඡාචරියාය ඊහථ’’.
1913
“ඒ නදියගේ ඊශාන දිග පන්සලක් තනන්න. පන්සලක් තනා පිණ්ඩපාතයෙන් වාසය කරන්න.”
1914
‘‘අහු වාසී කලිඞ්ගෙසු, ජූජකො නාම බ්‍රාහ්මණො;
තස්සාසි දහරා භරියා, නාමෙනාමිත්තතාපනා.
1914
කලිඟුරට දුන් නිවිට්ඨ බ්‍රාහ්මණ ගම වසන්නාවූ ජූජක නම් බ්‍රාහ්මණයෙක් විය. ඔහුට අමිත්තතාපනා නම් තරුණ භාර්‍ය්‍යාවක් වූවාය.
1915
‘‘තා නං තත්ථ ගතාවොචුං, නදිං උදකහාරියා;
ථියො නං පරිභාසිංසු, සමාගන්ත්වා කුතූහලා.
1915
ඒ ගම ස්ත්‍රීහු දියට ගඟට ගිය ඈ දැක රැස්වී බොහෝ ඕනෑකමින් මෙසේ කීවාහුය. අවනම්බුද කළාහුය.
1916
‘‘අමිත්තා නූන තෙ මාතා, අමිත්තො නූන තෙ පිතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1916
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද, ඒකාන්තයෙන් නුඹගේ ඒ මවු සැතිරියෙකි. ඒකාන්තයෙන් ඒ පියතෙම සතුරෙකි.
1917
‘‘අහිතං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1917
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන අයහපතක් කථාකර තිබේ
1918
‘‘අමිත්තා වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1918
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන නොකටහැක්කක්, කථා කර තිබේ.
1919
‘‘දුක්කටං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1919
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන නපුරක් කථාකර තිබේ.
1920
‘‘පාපකං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1920
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට පාවා දුන්නාහුද ඔබගේ ඤාතීහු රහසිගතව ඔබ ගැන අහිතවත් දෙයක් කථා කර තිබේ.
1921
‘‘අමනාපං වත තෙ ඤාතී, මන්තයිංසු රහොගතා;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1921
1922
‘‘අමනාපවාසං වසි, ජිණ්ණෙන පතිනා සහ (එවං දහරියා සතී (සී. පී.));
යා ත්වං වසසි ජිණ්ණස්ස, මතං තෙ ජීවිතා වරං.
1922
“මෙවැනි තරුණියක්ව නොකැමති විසීමක් වසන්නෙහිය. යම්බඳු තී මහල්ලෙකු කෙරෙහි වසයිද, ජීවත්වීමට වඩා මරණය යහපත්ය.
1923
‘‘න හි නූන තුය්හං කල්‍යාණි, පිතා මාතා ච සොභනෙ;
අඤ්ඤං භත්තාරං වින්දිංසු, යෙ තං ජිණ්ණස්ස පාදංසු;
එවං දහරියං සතිං.
1923
“කල්‍යාණිය, තොපගේ මවද පියාද යහපත්යයි කිව නොහැක. මෙසේ තරුණවූ ඔබ අනික් පුරුෂයෙකු නොලද්දාහුය. මෙවැනි ළාබාල ඔබ මහල්ලෙකුට දුන්නෝය.
1924
‘‘දුයිට්ඨං තෙ නවමියං, අකතං අග්ගිහුත්තකං;
යෙ තං ජිණ්ණස්ස පාදංසු, එවං දහරියං සතිං.
1924
“තී විසින් නවවෙනි යාගය නපුරුකොට පුදන ලද්දක්ය. ගිනිදෙවියා පිදීමක් නොකරණ ලදී. එනිසා මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකුට දුන්නාහුය.
1925
‘‘සමණෙ බ්‍රාහ්මණෙ නූන, බ්‍රාහ්මණචරියපරායණෙ;
සා ත්වං ලොකෙ අභිසපි, සීලවන්තෙ බහුස්සුතෙ;
යා ත්වං වසසි ජිණ්ණස්ස, එවං දහරියා සතී.
1925
“මෙසේ තරුණවූ ඔබ මහල්ලෙකු සමීපයෙහි වසාද ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිටකොට ඇති සිල්වත් උගත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඔබ ශාප කෙළෙහිය.
1926
‘‘න දුක්ඛං අහිනා දට්ඨං, න දුක්ඛං සත්තියා හතං;
තඤ්ච දුක්ඛඤ්ච තිබ්බඤ්ච, යං පස්සෙ ජිණ්ණකං පතිං.
1926
“යමෙකුට මහළු ස්වාමියෙකු ලැබේද, සර්පයකු විසින් දෂ්ට කරණ ලද දුක දුකක් නොවේ. ආයුධයකින් ගසන ලද පහර දුකක් නොවේ. ඒ මහලු සැමියා ලැබීමෙන්වූ දුකම දුක් වන්නේය.
1927
‘‘නත්ථි ඛිඩ්ඩා නත්ථි රති, ජිණ්ණෙන පතිනා සහ;
නත්ථි අල්ලාපසල්ලාපො, ජග්ඝිතුම්පි (ජග්ඝිතම්පි (සී. පී.)) න සොභති.
1927
“මහළු ස්වාමියා සමග ප්‍රීතියක් නැත. ඇල්මක් නැත. ප්‍රිය කථාවක් නැත. සිනාසුනත් නොහොබනේය.
1928
‘‘යදා ච දහරො දහරා, මන්තයන්ති (මන්තයිංසු (ස්‍යා. ක.)) රහොගතා;
සබ්බෙසං සොකා නස්සන්ති, යෙ කෙචි හදයස්සිතා.
1928
“යම් කලෙක්හි තරුණතෙමේ රහසිගතව තරුණිය සමග මන්ත්‍රණය කෙරේද සිතේ යම් ශෝකයක් ඇද්ද ඒ ශොක සංසිඳෙත්.
1929
‘‘දහරා ත්වං රූපවතී, පුරිසානංභිපත්ථිතා;
ගච්ඡ ඤාතිකුලෙ අච්ඡ, කිං ජිණ්ණො රමයිස්සති’’.
1929
“ඔබ තරුණය, ලක්ෂණය, පුරුෂයන් විසින් බලාපොරොත්තුවන ලදී. ඤාති ගෙදරට යන්න මහල්ලා කිනම් ප්‍රීතියක් ගෙන දෙන්නේද?”
1930
‘‘න තෙ බ්‍රාහ්මණ ගච්ඡාමි, නදිං උදකහාරියා;
ථියො මං පරිභාසන්ති, තයා ජිණ්ණෙන බ්‍රාහ්මණ’’.
1930
“බමුණ ගඟට ඔබට දිය ගෙනෙන්නට නොයන්නෙමි ඔබගේ මහළුකමින් ස්ත්‍රීහු මට අවනම්බු කරත්’
1931
‘‘මා මෙ ත්වං අකරා කම්මං, මා මෙ උදකමාහරි;
අහං උදකමාහිස්සං, මා භොති කුපිතා අහු’’.
1931
“ඔබ මගේ වැඩ නොකරව, මට දිය නොගෙනවා මම දිය ගෙනෙන්නෙමි. කිපෙන්නට නොවුවමනාය.
1932
‘‘නාහං තම්හි කුලෙ ජාතා, යං ත්වං උදකමාහරෙ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමහං ඝරෙ.
1932
“යම් බඳුවූ ස්වාමියන් ලවා දිය ගෙන්වන්නාවූ කුලයක මම නොඉපදුනෙමි. බමුණ, එසේ දනුව, මම ඔබගේ ගෙදර නොවසමි.
1933
‘‘සචෙ මෙ දාසං දාසිං වා, නානයිස්සසි බ්‍රාහ්මණ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමි සන්තිකෙ’’.
1933
“බමුණ, ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙණෙන්නෙහි නම්, මෙසේ බමුණ ඔබ සමීපයෙහි නොවසන බව දනුව”
1934
‘‘නත්ථි මෙ සිප්පඨානං වා, ධනං ධඤ්ඤඤ්ච බ්‍රාහ්මණි;
කුතොහං දාසං දාසිං වා, ආනයිස්සාමි භොතියා;
අහං භොතිං උපට්ඨිස්සං, මා භොති කුපිතා අහු’’.
1934
“බැමිණිය, මට කර්මාන්ත කරණ තැනක් හෝ ධනයක් හෝ ධාන්‍යයක් හෝ නැත්තේය. මම පින්වතියට කොයින් දාසයකු හෝ දාසියක හෝ ගෙනෙන්නෙම්ද? මම පිනැත්තියට උපස්ථාන කරන්නෙමි. පින්වතිය නොකිපෙව”
1935
‘‘එහි තෙ අහමක්ඛිස්සං, යථා මෙ වචනං සුතං;
එස වෙස්සන්තරො රාජා, වඞ්කෙ වසති පබ්බතෙ.
1935
“එව ඔබට මම කියන්නෙමි. මා කියන්නාසේම මේ වෙස්සන්තර රජතෙම වංකගිරි පර්වතයෙහි වසයි.
1936
‘‘තං ත්වං ගන්ත්වාන යාචස්සු, දාසං දාසිඤ්ච බ්‍රාහ්මණ;
සො තෙ දස්සති යාචිතො, දාසං දාසිඤ්ච ඛත්තියො’’.
1936
“බමුණ නුඹ එහි ගොස් දාසයකුත් දාසියකුත් ඉල්ලව, ඒ රජතෙමේ ඉල්ලන්නාවූ තොපට දාසයකුද දාසියකුද දෙන්නේය.”
1937
‘‘ජිණ්ණොහමස්මි දුබ්බලො (අබලො (සී. පී. ක.)), දීඝො චද්ධා සුදුග්ගමො;
මා භොති පටිදෙවෙසි, මා ච ත්වං (මා භොති (ස්‍යා. ක.)) විමනා අහු;
අහං භොතිං උපට්ඨිස්සං, මා භොති කුපිතා අහු’’.
1937
“මම මහළුවූයෙමි. දුර්වලයෙමි. පාර ඈතය, යාමටද අපහසුය. පින්වතිය, නොහඬව, ඔබ සිත් වෙනස් කර නොගනුව. පින්වතියට, උපස්ථාන කරන්නෙමි. පින්වතිය නොකිපෙව.”
1938
‘‘යථා අගන්ත්වා සඞ්ගාමං, අයුද්ධොව පරාජිතො;
එවමෙව තුවං බ්‍රහ්මෙ, අගන්ත්වාව පරාජිතො.
1938
“යුද්ධයට නොගොස් යුද්ධයට නොබැසම පැරැදුණේ යම්සේද, බමුණ එසේම ඔබ නොගොස්ම පැරදුනේය.
1939
‘‘සචෙ මෙ දාසං දාසිං වා, නානයිස්සසි බ්‍රාහ්මණ;
එවං බ්‍රාහ්මණ ජානාහි, න තෙ වච්ඡාමහං ඝරෙ;
අමනාපං තෙ කරිස්සාමි, තං තෙ දුක්ඛං භවිස්සති.
1939
“බමුණ ඉදින් මට දාසයකු හෝ දාසියක හෝ නොගෙන්නෙහිද, බමුණ දනුව ඔබගේ ගෙයි නොවසන්නෙමි. ඔබට නොසතුටක් කරන්නෙමි. එය ඔබට දුකක් වන්නේය.
1940
‘‘නක්ඛත්තෙ උතුපුබ්බෙසු, යදා මං දක්ඛිසිලඞ්කතං;
අඤ්ඤෙහි සද්ධිං රමමානං, තං තෙ දුක්ඛං භවිස්සති.
1940
“උත්සව දිනයන්හි ඍතු ගෙවෙන දවස්වල අලංකාරව හැඳ පැළඳගත් මා දක්නෙහිද අන්‍යයන් සමග ප්‍රීතිවන්නාවූ මා දැක ඔබට දුකක් ඇතිවන්නේය.
1941
‘‘අදස්සනෙන මය්හං තෙ, ජිණ්ණස්ස පරිදෙවතො;
භිය්‍යො වඞ්කා ච පලිතා, බහූ හෙස්සන්ති බ්‍රාහ්මණ’’.
1941
“බමුණ මගේ නොදැකීමෙන් මහළුව අඬන්නාවූ තොපගේ කුදද හිස පැසීමද බොහෝ වෙත්.”
1942
‘‘තතො සො බ්‍රාහ්මණො භීතො, බ්‍රාහ්මණියා වසානුගො;
අට්ටිතො කාමරාගෙන, බ්‍රාහ්මණිං එතදබ්‍රවි’’.
1942
ඉක්බිති ඒ බමුණුතෙමේ බියවූයේ බැමිණියට වසඟවූයේ කාමාශාවෙන් පීඩාවූයේ බැමිණියට මෙසේ කීවේය.
1943
‘‘පාථෙය්‍යං මෙ කරොහි ත්වං, සංකුල්‍යා සගුළානි ච (සඞ්කුලා සඞ්ගුළානි ච (ස්‍යා.), අඞ්ගුළා සකලානි ච (ක.));
මධුපිණ්ඩිකා ච සුකතායො, සත්තුභත්තඤ්ච බ්‍රාහ්මණි.
1943
“බැමිණියෙනි, ඔබ මට මාර්ගොපකරණ කරව, යහපත්වූ සකස් කළ හකුරු සහිත කැවුම්ද මී පිඬු ද ගුලි කළ අත්සුනුද ගුලි නොකළ අත්සුනුද සකස් කරව.
1944
‘‘ආනයිස්සං මෙථුනකෙ, උභො දාසකුමාරකෙ;
තෙ තං පරිචරිස්සන්ති, රත්තින්දිවමතන්දිතා’’.
1944
“ජාතිගොත්‍ර කුලප්‍රදෙශයන්ගෙන් සමානවූ දාස දරුවන් දෙදෙනද ගෙනෙන්නෙමි. ඔව්හු රෑ දාවල් දෙක්හි කම්මැලි නැතිව තොපට උපස්ථානයට පැමිණ සිටින්නෝය.”
1945
‘‘ඉදං වත්වා බ්‍රහ්මබන්ධු, පටිමුඤ්චි උපාහනා;
තතො සො මන්තයිත්වාන, භරියං කත්වා පදක්ඛිණං.
1945
බ්‍රාහ්මණය, මෙසේ කියා සෙරෙප්පු දෙක දමා ගත්තේය. ඉක්බිති හෙතෙමේ කථාකොට භාර්‍ය්‍යාව ප්‍රදක්ෂිණාකොට
1946
‘‘පක්කාමි සො රුණ්ණමුඛො, බ්‍රාහ්මණො සහිතබ්බතො;
සිවීනං නගරං ඵීතං, දාසපරියෙසනං චරං’’.
1946
ඒ බ්‍රාහ්මණතෙම ඇඬූ මුහුණින් යුක්තව සිල් සමාදන්වූයේ දාසයන් සෙවීමට යන්නේ සමෘද්ධවූ සිවින්ගේ රටට ගියේය.
1947
‘‘සො තත්ථ ගන්ත්වා අවච (අවචාසි (ස්‍යා. ක.)), යෙ තත්ථාසුං සමාගතා;
කුහිං වෙස්සන්තරො රාජා, කත්ථ පස්සෙමු ඛත්තියං’’.
1947
හෙතෙම එහි ගොස් එහි යමෙක් රැස්ව සිටියාහුද වෙස්සන්තර රජතෙම කොහිද කොහිදී ක්ෂත්‍රිය තෙමේ දකිම් දැයි ඇසුයේය.
1948
‘‘තෙ ජනා තං අවචිංසු, යෙ තත්ථාසුං සමාගතා;
තුම්හෙහි බ්‍රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
පබ්බාජිතො සකා රට්ඨා, වඞ්කෙ වසති පබ්බතෙ.
1948
යම්කිසිකෙනෙක් එහි රැස්වූවාහුද ඒ ජනතෙමේ ඔහුට “බ්‍රාහ්මණය රජතෙම බොහෝකොට දන්දීමෙන් තොප විසින් පෙළන ලද්දේ ස්වකීය රටින් පිටවී වංක පර්වතයෙහි වසයි”
1949
‘‘තුම්හෙහි බ්‍රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
ආදාය පුත්තදාරඤ්ච, වඞ්කෙ වසති පබ්බතෙ’’.
1949
1950
‘‘සො චොදිතො බ්‍රාහ්මණියා, බ්‍රාහ්මණො කාමගිද්ධිමා;
අඝං තං පටිසෙවිත්ථ, වනෙ වාළමිගාකිණ්ණෙ;
ඛග්ගදීපිනිසෙවිතෙ.
1950
බැමිණිය විසින් චොදනා කරණ ලද ඒ බ්‍රාහ්මණ තෙම කාමයෙන් ගිජුවූයේ කඟවේණුන් හා දිවියන් විසින් ගැවසීගත් වල්මෘගයන් ඇති වනයෙහි දුකක්ම වින්දේය.
1951
‘‘ආදාය බෙළුවං දණ්ඩං, අග්ගිහුත්තං කමණ්ඩලුං;
සො පාවිසි බ්‍රහාරඤ්ඤං, යත්ථ අස්සොසි කාමදං.
1951
බෙලිලීයද ගිනිපුදන හැන්දද කෙණ්ඩියද ගෙන යම් තැනෙක්හි බලාපොරොත්තු ඉටුවන්නේදැයි ඇසූයේද ඒ මහවනයට වැදුනේය.
1952
‘‘තං පවිට්ඨං බ්‍රහාරඤ්ඤං, කොකා නං පරිවාරයුං;
වික්කන්දි සො විප්පනට්ඨො, දූරෙ පන්ථා අපක්කමි.
1952
මහවනයට වැදුන ඔහු ශුනකයෝ වට කරගත්හ. මංමුළාවූ ඔහු මහහඬින් කෑගැසුවේය. මාර්ගයෙන් ගියේය.
1953
‘‘තතො සො බ්‍රාහ්මණො ගන්ත්වා, භොගලුද්ධො අසඤ්ඤතො;
වඞ්කස්සොරොහණෙ නට්ඨෙ, ඉමා ගාථා අභාසථ’’.
1953
වස්තු ලෝභී දුශ්ශීලවූ ඒ බ්‍රාහ්මණතෙම ගොස් වංක පර්වතයට යන මාර්ගයෙහි මංමුළාවූයේ මේ ගාථාවන් කීයේය.
1954
‘‘කො රාජපුත්තං නිසභං, ජයන්තමපරාජිතං;
භයෙ ඛෙමස්ස දාතාරං, කො මෙ වෙස්සන්තරං විදූ.
1954
“බියෙහි පිහිට වන්නාවූ නොපරදින, මසුරු සිත දුරු කළ අතිශ්‍රේෂ්ඨ රාජපුත්‍රයා කොහිද? මට වෙස්සන්තර කවරෙක් පෙන්වන්නෙහිද,
1955
‘‘යො යාචතං පතිට්ඨාසි, භූතානං ධරණීරිව;
ධරණූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1955
“උපන් අයට පෘථිවිය මෙන් යමෙක් ඉල්වන්නන්ට පිහිට වේද, පොළොව හා සමාන වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1956
‘‘යො යාචතං ගතී ආසි, සවන්තීනංව සාගරො;
සාගරූපමං (උදධූපමං (සී. ස්‍යා. පී.), තථූපමං (ක.)) මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1956
“ගංගාවන්ට සාගරය මෙන් ඉල්වන්නන්ට යම් පිහිටක් වේද, මහා සාගරය වැනි, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1957
‘‘කල්‍යාණතිත්ථං සුචිමං, සීතූදකං මනොරමං;
පුණ්ඩරීකෙහි සඤ්ඡන්නං, යුත්තං කිඤ්ජක්ඛරෙණුනා;
රහදූපමං (සරූපමං (ක.)) මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1957
“යහපත් තොටුපල් ඇති අතිශයින් පිරිසිදුවූ සිහිල් දිය ඇති යහපත්වූ මල් රේනුවෙන් යුත් පියුමින් ගැවසීගත්තාවූ විලක් වැනිවූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1958
‘‘අස්සත්ථංව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1958
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ ඇසතු ගසක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1959
‘‘නිග්‍රොධංව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1959
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ නුගගසක් මෙන්වූ, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1960
‘‘අම්බං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1960
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ අඹගසක් මෙන්වූ, වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1961
‘‘සාලං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1961
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ සල් ගසක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1962
‘‘දුමං ඉව පථෙ ජාතං, සීතච්ඡායං මනොරමං;
සන්තානං විසමෙතාරං, කිලන්තානං පටිග්ගහං;
තථූපමං මහාරාජං, කො මෙ වෙස්සන්තරං විදූ.
1962
මාර්ගයෙහිවූ සිසිල් සෙවන ඇති යහපත්වූ සත්වයන් විශ්‍රාම ගන්නාවූ ක්ලාන්තවූවන්ට පිහිට වන්නාවූ වෘක්ෂයක් මෙන්වූ වෙස්සන්තර මහ රජු කවරෙක් මට පෙන්වන්නෙහිද,
1963
‘‘එවඤ්ච මෙ විලපතො, පවිට්ඨස්ස බ්‍රහාවනෙ;
අහං ජානන්ති යො වජ්ජා, නන්දිං සො ජනයෙ මම.
1963
මෙසේ මහවනයට වැද විලාප කියන්නාවූ මට ‘මම දනිමියි’ යමෙක් කියන්නේද හෙතෙම මට සතුටක් උපදවන්නේය.
1964
‘‘එවඤ්ච මෙ විලපතො, පවිට්ඨස්ස බ්‍රහාවනෙ;
අහං ජානන්ති යො වජ්ජා, තාය සො එකවාචාය;
පසවෙ පුඤ්ඤං අනප්පකං’’.
1964
මෙසේ මහවනයට වැද විලාප කියන්නාවූ මට ‘මම දනිමියි’ යමෙක් කියන්නේද ඔහු විසින් එක වචනයෙන් බොහෝ පින් රැස් කරන්නේය.”
1965
‘‘තස්ස චෙතො පටිස්සොසි, අරඤ්ඤෙ ලුද්දකො චරං;
තුම්හෙහි බ්‍රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
පබ්බාජිතො සකා රට්ඨා, වඞ්කෙ වසති පබ්බතෙ.
1965
ඔහුට වනයෙහි හැසිරෙන්නාවූ වැද්දෙකුවූ චෙතරට වැසියෙක් මෙසේ පිළිවදන් දුන්නේය. “බ්‍රාහ්මණයෙනි, තොප විසින් ක්ෂත්‍රියතෙම ඉතා දන්දීම නිසා උපද්‍රවයට පමුණුවන ලදී. සිය රටින් පිට මං කරන ලද්දේ වංක පර්වතයෙහි වෙසෙයි.
1966
‘‘තුම්හෙහි බ්‍රහ්මෙ පකතො, අතිදානෙන ඛත්තියො;
ආදාය පුත්තදාරඤ්ච, වඞ්කෙ වසති පබ්බතෙ.
1966
“බ්‍රාහ්මණය, රජතෙම බොහෝ දන්දීම නිසා තොප විසින් හිංසාවට පමුණුවන ලද්දාහ. අඹුදරුවන් රැගෙන විත් වංක පර්වතයෙහි වසයි.
1967
‘‘අකිච්චකාරී දුම්මෙධො, රට්ඨා පවනමාගතො;
රාජපුත්තං ගවෙසන්තො, බකො මච්ඡමිවොදකෙ.
1967
“ජලයෙහි කොකෙකු මසකු මෙන් රාජපුත්‍රයා සොයමින් රටින් වනයට ආ තෝ නුසුදුසු දේ කරන මෝඩයෙකි.
1968
‘‘තස්ස ත්‍යාහං න දස්සාමි, ජීවිතං ඉධ බ්‍රාහ්මණ;
අයඤ්හි තෙ මයා නුන්නො (මයා’රුළ්හො (ක.)), සරො පිස්සති ලොහිතං.
1968
“බමුණ, මෙහි තොපට ජීවත් වන්නට නොදෙමි. මා විසින් හරින ලද මේ ඊය තොපගේ ලෙය බොන්නේය.
1969
‘‘සිරො තෙ වජ්ඣයිත්වාන, හදයං ඡෙත්වා සබන්ධනං;
පන්ථසකුණං (බන්ධසකුණං (ක.)) යජිස්සාමි, තුය්හං මංසෙන බ්‍රාහ්මණ.
1969
“තොපගේ හිස සිඳ අතුනුබහන් සහිත හෘදය මාංශය රැගෙන තොපගේ ශරීර මාංශයෙන් මාර්ග දේවතාවන් පුදන්නෙමි
1970
‘‘තුය්හං මංසෙන මෙදෙන, මත්ථකෙන ච බ්‍රාහ්මණ;
ආහුතිං පග්ගහෙස්සාමි, ඡෙත්වාන හදයං තව.
1970
“බමුණ, තාගේ පපුමස් කපා තාගේ මසින්ද මෙද තෙලින්ද හිස්මුදුනෙන්ද යාග පූජා කරන්නෙමි.
1971
‘‘තං මෙ සුයිට්ඨං සුහුතං, තුය්හං මංසෙන බ්‍රාහ්මණ;
න ච ත්වං රාජපුත්තස්ස, භරියං පුත්තෙ ච නෙස්සසි’’.
1971
“බමුණ මා විසින් තොපගේ මාශයෙන් එය යහපත් කොට පුදනලද්දේ යහපත් කොට හෝම කරන ලද්දේ තෝ රාජ පුත්‍රයාගේ භාර්‍ය්‍යාව හෝ පුත්‍රයන් හෝ ගෙන නොයන්නෙහිය”
1972
‘‘අවජ්ඣො බ්‍රාහ්මණො දූතො, චෙතපුත්ත සුණොහි මෙ;
තස්මා හි දූතං න හන්ති, එස ධම්මො සනන්තනො.
1972
“චේත පුත්‍රයෙනි මා කියන්නක් අසව. බ්‍රාහ්මණ දූතතෙමේ වධයට නොසුදුසුය. එහෙයින් දූතයා නොනසත්. මේ ධර්මය පෙර සිට පැවත එන්නකි.
1973
‘‘නිජ්ඣත්තා සිවයො සබ්බෙ, පිතා නං දට්ඨුමිච්ඡති;
මාතා ච දුබ්බලා තස්ස, අචිරා චක්ඛූනි ජීයරෙ.
1973
“සියලු සිවිරටේ මිනිස්සු මම මෙසේ හැඳින්වූහ. පියතෙමේ වෙස්සන්තර දකින්ට කැමැත්තෙන් සිටී. ඔහුගේ මව්තොමෝද දුර්වලය. ටික කාලයකින්ම ඇගේ ඇස් ඇඬීමෙන් දියවී යන්නේය.
1974
‘‘තෙසාහං පහිතො දූතො, චෙතපුත්ත සුණොහි මෙ;
රාජපුත්තං නයිස්සාමි, යදි ජානාසි සංස මෙ.
‘‘පියස්ස මෙ පියො දූතො, පුණ්ණපත්තං දදාමි තෙ’’;
1974
“චේත පුත්‍රය, මට ඇහුම්කන් දෙව. මම ඔවුන් විසින් එවන ලද දූතයෙක්මි. රාජපුත්‍රයා ගෙන යන්නෙමි. ඉදින් දන්නෙහි නම් මට කියව.
1975
‘‘ඉමඤ්ච මධුනො තුම්බං, මිගසත්ථිඤ්ච බ්‍රාහ්මණ;
තඤ්ච තෙ දෙසමක්ඛිස්සං, යත්ථ සම්මති කාමදො’’.
1975
“ඔබ මට ප්‍රියවූ වෙස්සන්තරගේ ප්‍රිය දූතයෙකි. ඔබට සතුටු පඬුරක් දෙමි. බමුණ මේ මී පැණි ලබ්බද මුව ගාතයද දෙමි. තොපට යම්තැනක කැමතිදේ ලැබේද, ඒ දෙශයද කියන්නෙමි”
1976
‘‘එස සෙලො මහාබ්‍රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
1976
“මහා බ්‍රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි”
1977
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච (ආසටඤ්ච (ක.)) මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
1977
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
1978
‘‘එතෙ නීලා පදිස්සන්ති, නානාඵලධරා දුමා;
උග්ගතා අබ්භකූටාව, නීලා අඤ්ජනපබ්බතා.
1978
“මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
1979
‘‘ධවස්සකණ්ණා ඛදිරා, සාලා ඵන්දනමාලුවා;
සම්පවෙධන්ති වාතෙන, සකිං පීතාව මාණවා.
1979
“එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
1980
‘‘උපරි දුමපරියායෙසු, සඞ්ගීතියොව සුය්‍යරෙ;
නජ්ජුහා කොකිලසඞ්ඝා (කොකිලා සිඞ්ඝා (ක.)), සම්පතන්ති දුමා දුමං.
1980
“වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්‍යයට ප්‍රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
1981
‘‘අව්හයන්තෙව ගච්ඡන්තං, සාඛාපත්තසමීරිතා;
රමයන්තෙව ආගන්තං, මොදයන්ති නිවාසිනං;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
1981
“සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්‍රයන් සමග සිටීද එහි සිටින්නහු ප්‍රිය කරවයි.
1982
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
1982
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
1983
‘‘අම්බා කපිත්ථා පනසා, සාලා ජම්බූ විභීතකා;
හරීතකී ආමලකා, අස්සත්ථා බදරානි ච.
1983
“අඹද දිවුල්ද, කොස්ද, සල්ද, දඹද, බුළුද, අරළුද, නෙල්ලිද, බෝගස්ද, මසන්ද,
1984
‘‘චාරුතිම්බරුක්ඛා චෙත්ථ, නිග්‍රොධා ච කපිත්ථනා;
මධුමධුකා ථෙවන්ති, නීචෙ පක්කා චුදුම්බරා.
1984
“යහපත් තිඹිරිගස්ද, නුගද, දිවුල් ද මෙහි ඇත්තාහ. මීමැස්සෝ මීපැණි වගුරුවත්. බාගෙට පැසුණු දිවුල්ද ඇත්තාහ.
1985
‘‘පාරෙවතා භවෙය්‍යා ච, මුද්දිකා ච මධුත්ථිකා;
මධුං අනෙලකං තත්ථ, සකමාදාය භුඤ්ජරෙ.
1985
“පරෙවියෝද වන්නාහ. මිදිද ඇත්තාහ. මී කැමැත්තෝ පිරිසිදුවී තෙමේම ගෙන බොත්.
1986
‘‘අඤ්ඤෙත්ථ පුප්ඵිතා අම්බා, අඤ්ඤෙ තිට්ඨන්ති දොවිලා;
අඤ්ඤෙ ආමා ච පක්කා ච, භෙකවණ්ණා තදූභයං.
1986
“තවත් තැනක පිපුණු අඹය, තවත් ගෙඩි හටගන්නා අඹය. තවත් අමුවූද පැසුණාවූ ද මැඩි පිට පාට ඇති අඹවෙත්.
1987
‘‘අථෙත්ථ හෙට්ඨා පුරිසො, අම්බපක්කානි ගණ්හති;
ආමානි චෙව පක්කානි, වණ්ණගන්ධරසුත්තමෙ.
1987
“නැවත මේ තන්හි යට සිටි පුරුෂයා වර්ණයෙන් හා සුවඳින් උතුම් අඹගෙඩි ගනියි.
1988
‘‘අතෙව මෙ අච්ඡරියං, හිඞ්කාරො පටිභාති මං;
දෙවානමිව ආවාසො, සොභති නන්දනූපමො.
1988
“මට ඉතා පුදුමයි. මට නුදුන් වනය ඉඟිකිරීමක් මෙන් වැටහෙයි. දෙවියන්ගේ වාසස්ථානයක් මෙන් හොබියි.
1989
‘‘විභෙදිකා නාළිකෙරා, ඛජ්ජුරීනං බ්‍රහාවනෙ;
මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ;
නානාවණ්ණෙහි පුප්ඵෙති, නභං තාරාචිතාමිව.
1989
“මහ වනයෙහි තල්ගස්ද පොල්ගස්ද ඉඳිගස්ද මල් මාලාවක් මෙන් වෙලී සිටිත්. කොඩි මුදුන් මෙන් පෙනෙත්. නොයෙක් පාට ඇති මල්වලින් තරුවලින් සරසන ලද අහස මෙනි.
1990
‘‘කුටජී කුට්ඨතගරා, පාටලියො ච පුප්ඵිතා;
පුන්නාගා ගිරිපුන්නාගා, කොවිළාරා ච පුප්ඵිතා.
1990
“පිපුණාවූ කෙලිඳ ගස්ද කොට්ටම් ගස්ද තුවරලාද පලොල්ද පිපුනාවූ දොඹගස්ද මහදොඹ ගස්ද කොබෝලීලද කඳු කොබෝලීලද,
1991
‘‘උද්දාලකා සොමරුක්ඛා, අගරුඵල්ලියා (අගරුභල්ලියා (සී. ස්‍යා. පී.)) බහූ;
පුත්තජීවා (පුටජීවා (ක.)) ච කකුධා, අසනා චෙත්ථ පුප්ඵිතා.
1991
“බොහෝවූ ඇසළ ගස්ද, සෝම ගස්ද, අගිල්ද, බදුල්ල ගස්ද පුත්තජිවනම් ගස්ද කුඹුක් ගස් ද පියාගස් ද පිපුණාහ.
1992
‘‘කුටජා සලළා නීපා (නිම්බා (ක.)), කොසම්බා ලබුජා ධවා;
සාලා ච පුප්ඵිතා තත්ථ, පලාලඛලසන්නිභා.
1992
“කෙලින්ද ගස්ද හල් ගස්ද මිදෙල්ලද කොහොඹද රට දෙල් ද කිහිරිගස්ද එහි පිදුරු කලවිටක් සමාන සල් ගස්ද පිපුණාහ.
1993
‘‘තස්සාවිදූරෙ පොක්ඛරණී, භූමිභාගෙ මනොරමෙ;
පදුමුප්පලසඤ්ඡන්නා, දෙවානමිව නන්දනෙ.
1993
ඊට සමීප යහපත් භූමිභාගයෙහි දෙවියන්ගේ නදුන් උයන බඳු පියුම් උපුල් වලින් යුත් පොකුණක් ඇත.
1994
‘‘අථෙත්ථ පුප්ඵරසමත්තා, කොකිලා මඤ්ජුභාණිකා;
අභිනාදෙන්ති පවනං, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
1994
නැවත මල් පැනියෙන් මත්වූ යහපත්ව නාද කරණ කොවුලෝ ඍතු ගුණයෙන් පිපුණාවූ වෘක්ෂයන්හි වාතය ඒකනින්නාද කරවයි.
1995
‘‘භස්සන්ති මකරන්දෙහි, පොක්ඛරෙ පොක්ඛරෙ මධූ;
අථෙත්ථ වාතා වායන්ති, දක්ඛිණා අථ පච්ඡිමා;
පදුමකිඤ්ජක්ඛරෙණූහි, ඔකිණ්ණො හොති අස්සමො.
1995
පියුම් පතක් පතක් පාසා නෙළුම්වලින් රේණු වැටී පොකුරුමී ඇතිවේ. ඉක්බිති මෙහි දකුණින් ද බටහිරින් ද වාතයෝ හමත්. පන්සල මල් කෙසරු රේණුන්ගෙන් ගැවසුණේ විය.
1996
‘‘ථූලා සිඞ්ඝාටකා චෙත්ථ, සංසාදියා පසාදියා (සංසාරියා පසාරියා (ක.));
මච්ඡකච්ඡපබ්‍යාවිද්ධා, බහූ චෙත්ථ මුපයානකා;
මධුං භිසෙහි සවති, ඛිරසප්පිමුළාලිභි.
1996
මෙහි සතර මංසන්ධි මහත්ය. කුඩාහැල්ද ඌරු හැල්ද ඇත. මස් කැස්බන් එක එකා පිටිපසින් යන්නාහ. මෙහි කකුළුවෝ බොහෝය. නෙළුම් අලවලින් මී වැගිරෙයි. නෙළුඹුදැලි වලින් ගිතෙල් හා කිරි වැගිරෙයි.
1997
‘‘සුරභී තං වනං වාති, නානාගන්ධසමොදිතං (නානාගන්ධසමෙරිතං (සී. ස්‍යා. පී.));
සම්මද්දතෙව (සමොදතෙව (ක.)) ගන්ධෙන, පුප්ඵසාඛාහි තං වනං;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
1997
“ඒ වනයෙහි නොයෙක් සුවඳින් මිශ්‍රවූ සුවඳවත් වාතය හමයි. ඒ වනය සුවඳ ඇති මල් අතුවලින් දැඩිසේ සුවඳ කරයි. මී මැස්සෝ මල් සුවඳින් හාත්පස ශබ්ද පවත් වන්නාහ.
1998
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
1998
“නැවත එහි නානාප්‍රකාරවූ බොහෝ පක්ෂීහු ඇත්තාහ. ඔවුන් ඔවුනොවුන් පක්ෂිධෙනූන් සමග නාද කරමින් සතුටු වෙත්.
1999
‘‘නන්දිකා ජීවපුත්තා ච, ජීවපුත්තා පියා ච නො;
පියා පුත්තා පියා නන්දා, දිජා පොක්ඛරණීඝරා.
1999
“පොකුණෙහි වසන පක්ෂීහු නන්දිකා, ජිවපුත්තා පියපුත්තා පියානන්දා යන නම් ඇත්තාහුය.
2000
‘‘මාලාව ගන්ථිතා ඨන්ති, ධජග්ගානෙව දිස්සරෙ;
නානාවණ්ණෙහි පුප්ඵෙහි, කුසලෙහෙව සුගන්ථිතා (සුගන්ථිකා (සී. පී.));
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
2000
“(ඔව්හු) දක්ෂයන් විසින් නොයෙක් පාට ඇති මලින් ගොතන ලද සුවඳ කැවූ මල් මාලාවක් මෙන් සිටිත්. කොඩි මුදුන් මෙන් පෙනෙත්. එහි වෙස්සන්තර රජතෙම දරුවන් සමග වාසය කරයි.
2001
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති’’.
2001
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
2002
‘‘ඉදඤ්ච මෙ සත්තුභත්තං, මධුනා පටිසංයුතං;
මධුපිණ්ඩිකා ච සුකතායො, සත්තුභත්තං දදාමි තෙ’’.
2002
“මී පැණියෙන් මිශ්‍ර කරණ ලද මාගේ මේ අත්සුනු ආහාරයද යහපත්කොට කරණලද මී හා පොරිද යන මේ ආහාරය තොපට දෙමි.”
2003
‘‘තුය්හෙව සම්බලං හොතු, නාහං ඉච්ඡාමි සම්බලං;
ඉතොපි බ්‍රහ්මෙ ගණ්හාහි, ගච්ඡ බ්‍රහ්මෙ යථාසුඛං.
2003
මාර්ගොපකරණ තොපටම වේවා. මම මාර්ගොපකරණ බලාපොරොත්තු නොවෙමි. බ්‍රාහ්මණය මගෙන්ද රැගෙන සුවසේ යව.
2004
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
ඉසීපි අච්චුතො තත්ථ, පඞ්කදන්තො රජස්සිරො;
ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං.
2004
“මේ අඩිපාරක් හමුවේ. එය කෙලින්ම ආශ්‍රමයටය. එහි මඩපාට දත් ඇති ධූලිවැකුණු ශරීර ඇති බමුණු වෙසක් දරණ අච්චිත නම් ඍෂිවරයෙක් ඇත්තේය. හෙතෙම අකුස්සක්ද ගිනි පුදන හැන්දක්ද ජටාවක්ද දරයි.
2005
‘‘චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති;
තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු, සො තෙ මග්ගං පවක්ඛති’’.
2005
“සම් අඳින්නේ බිම හොවියි. ගින්නට නමස්කාර කරයි ඔබ ඔහු ළඟට ගොස් විචාරව, හෙතෙම ඔබට මග කියයි.”
2006
ඉදං සුත්වා බ්‍රහ්මබන්ධු, චෙතං කත්වා පදක්ඛිණං;
උදග්ගචිත්තො පක්කාමි, යෙනාසි අච්චුතො ඉසි.
2006
බමුණු තෙමේ මෙය අසා චේත පුත්‍රයා වට කැරකැවී වැඳ අච්චූත තාපසතෙමේ යම්තැනෙක්හිද සතුටු සිතින් ගියේය.
2007
ගච්ඡන්තො සො භාරද්වාජො, අද්දස්ස අච්චුතං ඉසිං;
දිස්වාන තං භාරද්වාජො, සම්මොදි ඉසිනා සහ.
2007
යන්නාවූ ඒ බ්‍රාහ්මණතෙමේ අච්චුත තාපසයා දුටුවේය. බ්‍රාහ්මණතෙම ඔහු දැක තාපසයා සමග සතුටුවිය.
2008
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙසි, කච්චි මූලඵලා බහූ.
2008
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
2009
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
2009
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
2010
‘‘කුසලඤ්චෙව මෙ බ්‍රහ්මෙ, අථො බ්‍රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙමි, අථො මූලඵලා බහූ.
2010
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
2011
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
2011
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
2012
‘‘බහූනි වස්සපූගානි, අස්සමෙ වසතො මම;
නාභිජානාමි උප්පන්නං, ආබාධං අමනොරමං.
2012
“වර්ෂ බොහෝ ගණනක් ආශ්‍රමයෙහි වසන්නාවූ මට සිතට අප්‍රිය ලෙඩක් ඇතිවූ බවක් නොදනිමි.
2013
‘‘ස්වාගතං තෙ මහාබ්‍රහ්මෙ, අථො තෙ අදුරාගතං;
අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
2013
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
2014
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්‍රහ්මෙ වරං වරං.
2014
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
2015
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්‍රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි’’.
2015
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
2016
‘‘පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං;
සඤ්ජයස්ස සකං පුත්තං, සිවීහි විප්පවාසිතං;
තමහං දස්සනමාගතො, යදි ජානාසි සංස මෙ’’.
2016
“යමක් දෙනලද්දේද, එය පිළිගන්නාලදී. සියල්ල අගයකොට සලකමි. සඤ්ජයගේ ස්වකීය පුත්‍රයා සිවීන් විසින් රටින් පිටකරණලදී. මම ඔහු දැකීමට පැමිණියෙමි. ඉදින් දන්නෙහි නම් මට කියන්න.”
2017
‘‘න භවං එති පුඤ්ඤත්ථං, සිවිරාජස්ස දස්සනං;
මඤ්ඤෙ භවං පත්ථයති, රඤ්ඤො භරියං පතිබ්බතං;
මඤ්ඤෙ කණ්හාජිනං දාසිං, ජාලිං දාසඤ්ච ඉච්ඡසි.
2017
“පින්වතා සිවි රජු පින් පිණිස දැකීමට නොඑයි. රජුගේ පතිව්‍රතා භාර්‍ය්‍යාව පින්වතා පතන්නෙහියයි සිතමි.”
2018
‘‘අථ වා තයො මාතාපුත්තෙ, අරඤ්ඤා නෙතුමාගතො;
තස්ස භොගා විජ්ජන්ති, ධනං ධඤ්ඤඤ්ච බ්‍රාහ්මණ’’.
2018
“කෘෂ්ණජිනාව දාසියකකොට බලාපොරොත්තු වෙමියි සිතමි. ජාලිය කුමාරයා දාසයෙකුකොට බලාපොරොත්තු වෙහිද, නොහොත් තුන් මව් පුතුන් කැලෙන් ගෙනයන්ට ආයෙහිද? බමුණ, ධන ධාන්‍ය භොගයක් ඔහුට විද්‍යමාන නොවේ.”
2019
‘‘අකුද්ධරූපොහං භොතො (භොතො (සී. පී.)), නාහං යාචිතුමාගතො;
සාධු දස්සනමරියානං, සන්නිවාසො සදා සුඛො.
2019
“මම කෝපයෙන් තොර ස්වභාව ඇත්තේ වෙමි. මම පින්වතාගෙන් ඉල්වන්නට නොපැමිණියෙමි. ආර්‍ය්‍යයන්ගේ දැකීම යහපත්ය. එකට වාසය හැමකල්හි සැපය.
2020
‘‘අදිට්ඨපුබ්බො සිවිරාජා, සිවීහි විප්පවාසිතො;
තමහං දස්සනමාගතො, යදි ජානාසි සංස මෙ’’.
2020
“සිවීන් විසින් පිටුවහල් කරණලද සිවිරජු නුදුටුයෙමි. මම ඔහු දක්නට ආමි. ඉදින් දනිහි නම් කියව.
2021
‘‘එස සෙලො මහාබ්‍රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
2021
“මහා බ්‍රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි”
2022
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
2022
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
2023
‘‘එතෙ නීලා පදිස්සන්ති, නානාඵලධරා දුමා;
උග්ගතා අබ්භකූටාව නීලා අඤ්ජනපබ්බතා.
2023
“මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
2024
‘‘ධවස්සකණ්ණා ඛදිරා, සාලා ඵන්දනමාලුවා;
සම්පවෙධන්ති වාතෙන, සකිං පීතාව මාණවා.
2024
“එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
2025
‘‘උපරි දුමපරියායෙසු, සඞ්ගීතියොව සුය්‍යරෙ;
නජ්ජුහා කොකිලසඞ්ඝා, සම්පතන්ති දුමා දුමං.
2025
“වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්‍යයට ප්‍රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
2026
‘‘අව්හයන්තෙව ගච්ඡන්තං, සාඛාපත්තසමීරිතා;
රමයන්තෙව ආගන්තං, මොදයන්ති නිවාසිනං;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
2026
“සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්‍රයන් සමග සිටීද එහි සිටින්නහු ප්‍රිය කරවයි.
2027
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
2027
“කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
2028
‘‘කරෙරිමාලා විතතා, භූමිභාගෙ මනොරමෙ;
සද්දලාහරිතා භූමි, න තත්ථුද්ධංසතෙ රජො.
2028
“යහපත් භූමි ප්‍රදේශයෙහි ලුනුවරණ මල් පැතිරී ඇත්තාහ. පොළොව අළු තණකොළ වලින් නිල්පාටය. එහි ධූලි නොනඟී.
2029
‘‘මයූරගීවසඞ්කාසා, තූලඵස්සසමූපමා;
තිණානි නාතිවත්තන්ති, සමන්තා චතුරඞ්ගුලා.
2029
“මොණර කරක් හා සමානවූ පුළුන්වලට සම ස්පර්ශ ඇති තණකොළ අඟල් සතරකට වඩා උසට නොවැඩෙත්.
2030
‘‘අම්බා ජම්බූ කපිත්ථා ච, නීචෙ පක්කා චුදුම්බරා;
පරිභොගෙහි රුක්ඛෙහි, වනං තං රතිවඩ්ඪනං.
2030
“අඹ දඹ දිවුල් බාගෙට පැසුනු අට්ටික්කාද යන ප්‍රයෝජනයට ගන්නා වෘක්ෂයන්ගෙන් ඒ වනය ආසා වැඩි කරයි.
2031
‘‘වෙළුරියවණ්ණසන්නිභං , මච්ඡගුම්බනිසෙවිතං;
සුචිං සුගන්ධං සලිලං, ආපො තත්ථපි සන්දති.
2031
“වෙරළුමිණි මාණික්‍ය වැනි මත්ස්‍ය සමූහයා නිති හැසිරෙන පිරිසිදු සුවඳවත් ජලය ඇත. එහි දියද ගලායයි.
2032
‘‘තස්සාවිදූරෙ පොක්ඛරණී, භූමිභාගෙ මනොරමෙ;
පදුමුප්පලසඤ්ඡන්නා, දෙවානමිව නන්දනෙ.
2032
ඊට නුදුරුතැන යහපත් භූමිප්‍රදේශයක. දෙවියන්ගේ නදුන් වනය මෙන් පියුම් උපුල්වලින් ගැවසීගත් පොකුණු වෙයි.
2033
‘‘තීණි උප්පලජාතානි, තස්මිං සරසි බ්‍රාහ්මණ;
විචිත්තං නීලානෙකානි, සෙතා ලොහිතකානි ච.
2033
“බමුණ ඒ විලෙහි විසිතුරු නොයෙක් නිල් සුදු රතු ත්‍රිවිධ උපුල් මල්වලින් යුක්තය.
2034
‘‘ඛොමාව තත්ථ පදුමා, සෙතසොගන්ධිකෙහි ච;
කලම්බකෙහි සඤ්ඡන්නො, මුචලින්දො නාම සො සරො.
2034
“එහි (කොමු) සුදුපාට ඇත්තාවූද, පියුම්වලින්ද සුදුපාට ඇති හෙල්මැලි වලින්ද, කලම්බක නම් මල්වලින්ද යුක්තවූ මුචලින්ද නම් විල දක්නාලැබේ.
2035
‘‘අථෙත්ථ පදුමා ඵුල්ලා, අපරියන්තාව දිස්සරෙ;
ගිම්හා හෙමන්තිකා ඵුල්ලා, ජණ්ණුතග්ඝා උපත්ථරා.
2035
“මෙහි පිපුනාවූ පියුම් සීමාවක් නැතිව තිබෙත්. ග්‍රීෂ්ම හා හිම වැටෙන කාලයන්හි පිපුනාවූ පියුම් දන පමණ වෙත්
2036
‘‘සුරභී සම්පවායන්ති, විචිත්තපුප්ඵසන්ථතා;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
2036
“විචිත්‍රවූ මල් ඇතිරි වලින් සුවඳ හමත්. මල් ගඳින් මීමැස්සෝ හාත්පස නාදකරන්නාහ.
2037
‘‘අථෙත්ථ උදකන්තස්මිං, රුක්ඛා තිට්ඨන්ති බ්‍රාහ්මණ;
කදම්බා පාටලී ඵුල්ලා, කොවිළාරා ච පුප්ඵිතා.
2037
“බමුණ, නැවත මෙහි දිය කෙළවර පිපුණාවූ කොළොම් ගස්ද, පලොල්ගස්ද, කොවිළාර ගස්ද තිබෙත්.
2038
‘‘අඞ්කොලා කච්ඡිකාරා ච, පාරිජඤ්ඤා ච පුප්ඵිතා;
වාරණා වයනා (සායනා (සී. පී.), වුය්හනා (ස්‍යා.)) රුක්ඛා, මුචලින්දමුභතො (මුචලින්දමභිතො (සී. පී.)) සරං.
2038
“පිපුණාවූ රුක්අඟුනද, කච්චිකාරද, පාරිජඤ්ඤද නා ගස්ද, මුචලින්ද විල අවට තිබෙත්.
2039
‘‘සිරීසා සෙතපාරිසා (සෙතවාරිසා (සී. පී.)), සාධු වායන්ති පද්මකා;
නිග්ගුණ්ඩී සිරීනිග්ගුණ්ඩී (සරනිග්ගුණ්ඩී (ක.)), අසනා චෙත්ථ පුප්ඵිතා.
2039
“මහරිගස්ද, සෙතපාරීසද, පියුම්ද, යහපත්කොට හමයි. මෙහි පිපුනාවූ නික ගස්ද, කළුනිකද, පියාගස්ද වෙත්.
2040
‘‘පඞ්ගුරා (පඞ්කුරා (ස්‍යා.), පඞ්ගුලා (ක.)) බහුලා සෙලා, සොභඤ්ජනා ච පුප්ඵිතා;
කෙතකා කණිකාරා ච, කනවෙරා ච පුප්ඵිතා.
2040
“පිපුනාවූ පංගුර ගස්ද, මූනමල්ද, සල්ද, මුරුංගාද, වැටකෙයියාද, කිණිහිරිද, කනවෙර ගස්ද ඇත්තාහ.
2041
‘‘අජ්ජුනා අජ්ජුකණ්ණා ච, මහානාමා ච පුප්ඵිතා;
සුපුප්ඵිතග්ගා තිට්ඨන්ති, පජ්ජලන්තෙව කිංසුකා.
2041
“පිපුනාවූ කුඹුක්ගස්ද, අජ්ජුන කණ්ණද, මහානාමද, පිපුනාවූ අග් ඇති කෑලගස්ද, දිලිසෙත්මය.
2042
‘‘සෙතපණ්ණී සත්තපණ්ණා, කදලියො කුසුම්භරා;
ධනුතක්කාරී පුප්ඵෙහි, සීසපාවරණානි ච.
2042
“ශ්වෙත පර්ණිද, සප්තපර්ණිද, කෙසෙල්ද, කුසුම්භරද, ධනුතක්කාරීද, සිංසපාවරණ පුෂ්පයන්ගෙන්ද
2043
‘‘අච්ඡිවා සල්ලවා (සබලා (සී.), සිමලා (පී.)) රුක්ඛා, සල්ලකියො ච පුප්ඵිතා;
සෙතගෙරු ච තගරා, මංසිකුට්ඨා කුලාවරා.
2043
“පිපුනාවූ අච්ඡීව, සබල සල්ලකීගස්ද, සෙතගේරුද තුවරලාද මංසිගස්ද, කොට්ටම් ගස්ද, කුලාචරද
2044
‘‘දහරා රුක්ඛා ච වුද්ධා ච, අකුටිලා චෙත්ථ පුප්ඵිතා;
අස්සමං උභතො ඨන්ති, අග්‍යාගාරං සමන්තතො.
2044
“තරුණ වෘක්ෂද, පරණ ගස්ද ඍජුව පිපුනාහ. ආශ්‍රමයට දෙපැත්තෙන් තිබෙත්. හාත්පස ගිනිහල්ගෙයය.
2045
‘‘අථෙත්ථ උදකන්තස්මිං, බහුජාතො ඵණිජ්ජකො;
මුග්ගතියො කරතියො, සෙවාලසීසකා බහූ.
2045
“නැවත මෙහි ජලය කෙළවර මුරුවා ගස්ද, බොහෝ ඇත. මුං ද මෑ ද වෙත්. බොහෝ සෙවෙල් හා සිංසක පඳුරුදවේ.
[“බමුණ නැවත මෙහි ජලය කෙළවර වෘක්ෂයෝ ඇත්තාහ. එනම් පිපුණු කොලොම් ගස්ය. පලොල් ගස්ය. කොවිළාරය, යන මොහුයි.
“පිපුනාවූ රුක් අඟුනද, කච්චිකාරද, පාරිජඤ්ඤද නාගස්ද, මුචලින්ද විල දෙපාර්ශවයෙහි වෙත්.
“මහරීය, සෙතච්ඡ, පද්මකද යහපත්ව හමයි, මෙහි පිපුණාවූ නිකද කළුනිකද පියාගස්ද ඇත්තේය.
“පංගුර ගස්ද, මූනමල්ද, සල්ද පිපුනාවූ මුරුංගාද වැටකේද, කිණිහිරිද, කණේරුද තිබෙත්.
“පිපුනාවූ කුඹුක්ද, අජ්ජුකණ්ණද, මහානාමද තිබෙත්. කෑලගස් පිපුනාවූ අක්ගිස් ඇතිව දැල්වෙමින් මෙන් තිබෙත්.
“ඇත්දෙමටද, රුක්අත්තනද, කෙසෙල්ද, කුසුම්බරද මල්වලින් ලක්ෂණවූ ඇට්ටේරිය ගස් මල් යුක්තය.
“අච්ඡිව සබල වෘක්ෂයෝද පිපුනාවූ සල්ගස්ද සෙතගේරුද, තුවරලාද, මසි, කුට්ඨ, කුලාචර ගස්ද ඇත්තාහ.
“බමුණ, මෙහි පොඩිගස්ද මහලු ගස්ද ඍජුව පිපුණාහ. ආශ්‍රමයට දෙපාර්ශවයෙහි ගිනිහල් ගෙය ඇත.
“නැවත මෙහි දෙපාර්ශවයෙහි මුරුවා ගස් බොහෝ ඇත්තාහ. මුං ජාතිද මහ මෑද සෙවාල රත්සඳුන් ගස්ද ඇත.]
2046
‘‘උද්දාපවත්තං (උද්ධාපවත්තං (ස්‍යා. පී.)) උල්ලුළිතං, මක්ඛිකා හිඞ්ගුජාලිකා;
දාසිමකඤ්ජකො (දාසිමා කොඤ්ජකො (ක.)) චෙත්ථ, බහූ නීචෙකළම්බකා.
2046
“සීමා ඉක්මවූ වාතයෙන් කලබලවූ මී මැස්සෝ එහි හැසිරෙත්. පහත්වූ එල්ලෙන්නාවූ බොහෝ දෙළුම්ද වෙත්.
2047
‘‘එලම්ඵුරකසඤ්ඡන්නා (එලම්බරකසඤ්ඡන්නා (සී. පී.), එළම්බකෙහි සඤ්ඡන්නා (ස්‍යා.)), රුක්ඛා තිට්ඨන්ති බ්‍රාහ්මණ;
සත්තාහං ධාරියමානානං, ගන්ධො තෙසං න ඡිජ්ජති.
2047
“බමුණ, එරම්බරක වැල් එතී ඇති ගස් තිබෙත්. එහි මල් සත් දවසක් දරා සිටියත් සුවඳ අඩු නොවේ.
2048
‘‘උභතො සරං මුචලින්දං, පුප්ඵා තිට්ඨන්ති සොභනා;
ඉන්දීවරෙහි සඤ්ඡන්නං, වනං තං උපසොභති.
2048
“මුචලින්ද විල අවට යහපත් මල් තිබේ. නිලුපුල් මල්වලින් වැසුනු වනාන්තය බබළයි.
2049
‘‘අඩ්ඪමාසං ධාරියමානානං, ගන්ධො තෙසං න ඡිජ්ජති;
නීලපුප්ඵී සෙතවාරී, පුප්ඵිතා ගිරිකණ්ණිකා;
කලෙරුක්ඛෙහි (කටෙරුකෙහි (සී.), කටෙරුක්ඛෙහි (පී.)) සඤ්ඡන්නං, වනං තං තුලසීහි ච.
2049
“අඩමසක් දරන්නාවූ ඔවුන්ගේ සුවඳ අඩුනොවේ නිල්මල් ඇත්තාවූ සෙතවාරි වැල්ද ගිනිහිරියාද පිපුණාහ. තුලසි ගස්වලින්ද කටරුක්වලින්ද වනය ගැවසී ගත්තේය.
2050
‘‘සම්මද්දතෙව ගන්ධෙන, පුප්ඵසාඛාහි තං වනං;
භමරා පුප්ඵගන්ධෙන, සමන්තා මභිනාදිතා.
2050
“මල්අතුවල සුවඳින් ඒ වනය මැඩෙයි. මී මැස්සෝ මල් සුවඳින් හාත්පස ශබ්ද කරණ ලද්දාහ.
2051
‘‘තීණි කක්කාරුජාතානි, තස්මිං සරසි බ්‍රාහ්මණ;
කුම්භමත්තානි චෙකානි, මුරජමත්තානි තා උභො.
2051
“බමුණ, ඒ විල සමීපයෙහි වැල්වල ගෙඩි කළ ප්‍රමාණද බෙර ප්‍රමාණද වෙත්.
2052
‘‘අථෙත්ථ සාසපො බහුකො, නාදියො (නාරියො (ක.)) හරිතායුතො;
අසී තාලාව තිට්ඨන්ති, ඡෙජ්ජා ඉන්දීවරා බහූ.
2052
“නැවත මෙහි අබ බොහෝය. ලුහුණු ජාති බොහෝය. අසිගස් තල්ගස් මෙන් තිබෙත්. බොහෝ නිලුපුල් අතින් කැඩිය යුතුකොට තිබෙත්.
2053
‘‘අප්ඵොටා සුරියවල්ලී ච, කාළීයා (කොළීයා (ක.)) මධුගන්ධියා;
අසොකා මුදයන්තී ච, වල්ලිභො ඛුද්දපුප්ඵියො.
2053
“අප්ඵොට වැල්ද සූරිය වැල්ද මී සුවඳ ඇති කළු වැල්ද, අසොකද, කුඩා මල් ඇති මුදයන්තී සහ වල්ලිභවැල්ද
2054
‘‘කොරණ්ඩකා අනොජා ච, පුප්ඵිතා නාගමල්ලිකා (නාගවල්ලිකා (සී. පී.));
රුක්ඛමාරුය්හ තිට්ඨන්ති, ඵුල්ලා කිංසුකවල්ලියො.
2054
“පිපුණාවූ කොරණ්ඩකද අනොජාද නා වැල්ද එරබදු වැල්ද ගස් නැග සිටිත්.
2055
‘‘කටෙරුහා ච වාසන්තී, යූථිකා මධුගන්ධියා;
නිලියා සුමනා භණ්ඩී, සොභති පදුමුත්තරො.
2055
“මී සුවඳ ඇති කණේරු බෝලිද්ද සුවඳ පතුරුවත් නිලිය සුමන භණ්ඩි පදුමුත්තර යන වැල් ඉතා ලක්ෂණය.
2056
‘‘පාටලී සමුද්දකප්පාසී, කණිකාරා ච පුප්ඵිතා;
හෙමජාලාව දිස්සන්ති, රුචිරග්ගි සිඛූපමා.
2056
“පිපුණාවූ පලොල් සමුද්දකප්පාසී ඇත්තාහ. යහපත්වූ ගිනිසිළු වැනි රන් දැල් මෙන් කිණිහිරි බබළත්.
2057
‘‘යානි තානි ච පුප්ඵානි, ථලජානුදකානි ච;
සබ්බානි තත්ථ දිස්සන්ති, එවං රම්මො මහොදධි.
2057
“ජලයෙහි හා ගොඩබිම පිපෙන යම් මල් කෙනෙක් ඇද්ද සියල්ල එහි පෙනෙත්. විල මෙසේ යහපත්ය.
2058
‘‘අථස්සා පොක්ඛරණියා, බහුකා වාරිගොචරා;
රොහිතා නළපී (නළපෙ (ක.)) සිඞ්ගූ, කුම්භිලා මකරා සුසූ.
2058
“නැවතද ඒ පොකුණෙහි ජලය ඇසුරුකොට සිටින බොහෝ රොහිත නලපී සිංගු යන මත්ස්‍යයෝද කිඹුල්ලුද මෝරුද හුංගෝද ඇත්තාහ.
2059
‘‘මධු ච මධුලට්ඨි ච, තාලිසා ච පියඞ්ගුකා;
කුටන්දජා භද්දමුත්තා (උන්නකා භද්දමුට්ඨා ච (ක.)), සෙතපුප්ඵා ච ලොලුපා.
2059
“මීද වැල්මීද තලීස්පතුරුද පුවඟුද උන්නකද භද්දමුත්ත සතපුප්පද ලොලුපද
2060
‘‘සුරභී ච රුක්ඛා තගරා, බහුකා තුඞ්ගවණ්ටකා (තුඞ්ගවල්ලිකා (ක.));
පද්මකා නරදා කුට්ඨා, ඣාමකා ච හරෙණුකා.
2060
සුවඳ වහනය වන ගස්ද දිග නැටි ඇති බොහෝ තුවරලාද පද්මකද නරදද කුළුදඣාමකද හරෙණුකද
2061
‘‘හලිද්දකා ගන්ධසිලා, හිරිවෙරා ච ගුග්ගුලා;
විභෙදිකා චොරකා කුට්ඨා, කප්පුරා ච කලිඞ්ගුකා.
2061
“කහද මනොගිලාද ඉරිවෙරියද ගුගුල්ද විහෙදකද චොරක කූට්ඨද, කප්පුර කලිංගු ආදී සුවඳ ජාති ඇත්තාහ.
2062
‘‘අථෙත්ථ සීහබ්‍යග්ඝා ච, පුරිසාලූ ච හත්ථියො;
එණෙය්‍යා පසදා චෙව, රොහිච්චා සරභා මිගා.
2062
“නැවත මෙහි සිංහ, ව්‍යාඝ්‍ර, අශ්ව මුඛ ඇති යක්ෂිණීන්ද ඇත්තුද ඒනි පසද, මුවෝද රොභිච්ච සරභ යන මෘගයෝද,
2063
‘‘කොට්ඨසුණා සුණොපි ච, තුලියා නළසන්නිභා;
චාමරී චලනී ලඞ්ඝී, ඣාපිතා මක්කටා පිචු.
2063
“සිවල්ලු හා සුනඛයෝද, සුලොපී මුවෝද, බළල්ලුද, තල මල් පාට ඇති ගස් සුනඛයෝද, චමර, චලනී ලංඝී මෘගයෝද, ක්ධාපිතයෝද වඳුරෝද පසු පසින් ගොදුරු ගන්නා සත්ව වර්ගයක්ද,
2064
‘‘කක්කටා කටමායා ච, ඉක්කා ගොණසිරා බහූ;
ඛග්ගා වරාහා නකුලා, කාළකෙත්ථ බහූතසො.
2064
“කක්කට කතමාය නම් මුවෝද, වලස්සුද, වන ගෝනුන්ද කඟවේනුන්ද, ඌරෝද මුගටිද බොහෝ කළු මුවෝද
2065
‘‘මහිංසා සොණසිඞ්ගාලා, පම්පකා ච සමන්තතො;
ආකුච්ඡා පචලාකා ච, චිත්‍රකා චාපි දීපියො.
2065
“මීහරක්ද ශුනකයෝද සිවල්ලුද හාත්පස උණ හපුළුවෝද තලගොයිද ඇත්කුඹු මුවෝද චිත්‍ර මුවෝද දිවි මුවෝද,
2066
‘‘පෙලකා ච විඝාසාදා, සීහා ගොගණිසාදකා;
අට්ඨපාදා ච මොරා ච, භස්සරා ච කුකුත්ථකා.
2066
“සාවෝද, මස්කන පක්ෂීහුද, සිංහයෝද, මස්කන මුවෝද, සරභ මෘගයෝද, සුදු හංසයෝද, මොණරුද, කකුත්ථ පක්ෂීහුද,
2067
‘‘චඞ්කොරා කුක්කුටා නාගා, අඤ්ඤමඤ්ඤං පකූජිනො;
බකා බලාකා නජ්ජුහා, දින්දිභා කුඤ්ජවාජිතා (කුඤ්ජවාදිකා (සී. පී.)).
2067
“චංකොර පක්ෂිහුද කුකුළෝද නාගයෝද කොක්කුද, කනකොක්කුද, නජ්ජුහ පක්ෂීහුද, දින්දිසා කොඤ්චවාදික යන පක්ෂීහු ඔවුනොවුන් නාදකළාහුය.
2068
‘‘බ්‍යග්ඝිනසා ලොහපිට්ඨා, පම්මකා (පම්පකා (සී. පී.), චප්පකා (ස්‍යා.), පබ්බකා (ක.)) ජීවජීවකා;
කපිඤ්ජරා තිත්තිරායො, කුලා ච පටිකුත්ථකා.
2068
උකුස්සෝය රතුපාට ඇති පක්ෂිහුද හුනකිලිල්ද, ජිවංජීවක යන පක්ෂීහුද, වටුවෝද, කුලාවපටිකුත්තක පක්ෂීහුද,
2069
‘‘මන්දාලකා චෙලකෙටු, භණ්ඩුතිත්තිරනාමකා;
චෙලාවකා පිඞ්ගලායො (පිඞ්ගුලායො (සී. පී.)), ගොටකා අඞ්ගහෙතුකා.
2069
“මද්දාලක චෙතකෙදු භණ්ඩු තිත්තිර චෙලාබක පිංගුල ගොධක අංගහෙතුක, යන පක්ෂීහුද,
2070
‘‘කරවියා ච සග්ගා ච, උහුඞ්කාරා ච කුක්කුහා;
නානාදිජගණාකිණ්ණං, නානාසරනිකූජිතං.
2070
“කරවිය, කෑදති, බකමූණෝද, ඇටිකුකුළෝද යන නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තය. ඔවුන්ගේ නොයෙක් ශබ්දයෙන් යුක්තය.
2071
‘‘අථෙත්ථ සකුණා සන්ති, නීලකා (සාළිකා (ක.)) මඤ්ජුභාණිකා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
2071
“නැවත මෙහි විසිතුරු ඉරි ඇති, යහපත් ශබ්ද ඇති පක්ෂිහු ඇත්ද, ඔවුනොවුන් ශබ්ද පවත්වමින් කිරිල්ලියන් සමග සතුටු වෙත්.
2072
‘‘අථෙත්ථ සකුණා සන්ති, දිජා මඤ්ජුස්සරා සිතා;
සෙතච්ඡිකුටා භද්‍රක්ඛා, අණ්ඩජා චිත්‍රපෙඛුණා.
2072
“නැවත මෙහි නිතර යහපත් ශබ්ද ඇති දෙපැත්තෙහි සුදු ඇස් ගුලිවලින් යුත් බිජුවටින් උපන්නාවූ යහපත් පෙනීම් ඇති පක්ෂීහු ඇත්තාහ
2073
‘‘අථෙත්ථ සකුණා සන්ති, දිජා මඤ්ජුස්සරා සිතා;
සිඛණ්ඩී නීලගීවාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
2073
“නැවත මෙහි නිතර යහපත් ශබ්ද ඇති ඔවුනොවුන් නාද කරන්නාවූ නිල් බෙල්ලද ඇති මොණරු සිටිත්.
2074
‘‘කුකුත්ථකා කුළීරකා, කොට්ඨා පොක්ඛරසාතකා;
කාලාමෙය්‍යා බලියක්ඛා, කදම්බා සුවසාළිකා.
2074
“කුකුත්ථක පක්ෂීහුද කුකුළෝද කොට්ටෝරුවෝද හංසයෝද කාලාමෙයද බලියක්ෂයෝද කලම්බයෝද ගිරව්ද සැළලිහිණිද ඇත්කඳලිහිණිද,
2075
‘‘හලිද්දා ලොහිතා සෙතා, අථෙත්ථ නලකා බහූ;
වාරණා භිඞ්ගරාජා ච, කදම්බා සුවකොකිලා.
2075
මෙහි “කහ-රතු-සුදු බොහෝ ඇත්කඳ ලිහිණිද ඇත. හිංගුරාජ, කදම්බ, ගිරා සැළලිහිණිද මෙහි ඇත.
2076
‘‘උක්කුසා කුරරා හංසා, ආටා පරිවදෙන්තිකා;
පාකහංසා අතිබලා, නජ්ජුහා ජීවජීවකා.
2076
“කළු සුදු කබරුස්සෝද, හංසයෝද ආටයෝද, පරිවදන්තිකයෝද පාක හංසයෝද, අතිබල නජ්ජුහ ජීව ජීවක පක්ෂීහුද,
2077
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
වාරණාභිරුදා රම්මා, උභො කාලූපකූජිනො.
2077
“පරෙවියෝද රවිහංස චක්‍රවාක නදීමර යන කුරුළු සමූහයා ගැවසී ගත්, නොයෙක් ශබ්දවලින් නාදවූ
2078
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
2078
“නැවත මෙහි නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ඇත්තාහ. කිරිල්ලියන් සමග ඔවුනොවුන් නාද කරමින් සතුටුවෙත්.
2079
‘‘අථෙත්ථ සකුණා සන්ති, නානාවණ්ණා බහූ දිජා;
සබ්බෙ මඤ්ජූ නිකූජන්ති, මුචලින්දමුභතොසරං.
2079
“නැවත මෙහි නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු ඇත්තාහ. සියල්ලෝ මුචලින්ද විල අවට මිහිරි නාද කරත්.
2080
‘‘අථෙත්ථ සකුණා සන්ති, කරවියා නාම තෙ දිජා (කරවී නාම තෙ දිජා (සී. පී.));
මොදන්ති සහ භරියාහි, අඤ්ඤමඤ්ඤං පකූජිනො.
2080
නැවතද මෙහි කෙවිල්ලන් නම් පක්ෂි වර්ගයක් ඇත්තාහ. කිරිල්ලියන් සමග ඔවුනොවුන් නාද කරමින් සතුටුවෙත්.
2081
‘‘අථෙත්ථ සකුණා සන්ති, කරවියා නාම තෙ දිජා;
සබ්බෙ මඤ්ජූ නිකූජන්ති, මුචලින්දමුභතොසරං.
2081
නැවතද මෙහි කෙවිල්ලන් නම් පක්ෂි වර්ගයක් ඇත්තාහ. සියල්ලෝ මුචලින්ද විල අවට මිහිරි නාද කරත්.
2082
‘‘එණෙය්‍යපසදාකිණ්ණං, නාගසංසෙවිතං වනං;
නානාලතාහි සඤ්ඡන්නං, කදලීමිගසෙවිතං.
2082
“ඒනි මෘග පසද මෘගයන්ගෙන් ගැවසී ගත් ඇතුන් ගැවසීගත් වනය, නොයෙක් වැල්වලින්ද කදලි මෘගයන්ගෙන්ද ගැවසී ගත්තේය.
2083
‘‘අථෙත්ථ සාසපො බහුකො (සාමා බහුකා (ස්‍යා. ක.)), නීවාරො වරකො බහු;
සාලි අකට්ඨපාකො ච, උච්ඡු තත්ථ අනප්පකො.
2083
“නැවත මෙහි බොහෝ අබ ඇත්තාහ. බොහෝ නීවාරවරක ධාන්‍ය ඇත්තාහ. දර ගිනිවලින් නොපැසූ හැල් ඇත්තාහ. එහි උක් බොහෝය.
2084
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
ඛුදං (ඛුද්දං (ස්‍යා. ක.)) පිපාසං අරතිං, තත්ථ පත්තො න වින්දති;
යත්ථ වෙස්සන්තරො රාජා, සහ පුත්තෙහි සම්මති.
2084
“මේ අඩිපාර පෙනෙයි. හරි කෙළින් ආශ්‍රමයට යයි. එහි පැමිණියේ බඩගින්න පිපාසය නොඇල්ම නොලබයි. එහි වෙස්සන්තර රජතෙම දරුවන් සමග ජීවත් වෙයි.
2085
‘‘ධාරෙන්තො බ්‍රාහ්මණවණ්ණං, ආසදඤ්ච මසං ජටං;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති’’.
2085
“බ්‍රාහ්මණ වෙශය දරමින් කෙක්කද හැන්දද ජටාවද ඇතිව සම් ඇඳ බිම සයනය කරයි. ගිනිදෙවියා පුදයි”
2086
ඉදං සුත්වා බ්‍රහ්මබන්ධු, ඉසිං කත්වා පදක්ඛිණං;
උදග්ගචිත්තො පක්කාමි, යත්ථ වෙස්සන්තරො අහු’’.
2086
මෙය අසා බමුණුතෙම ඍෂිවරයා ප්‍රදක්ෂිණකොට වෙස්සන්තර රජු යම් තැනකද සතුටින් එහි ගියේය.
2087
‘‘උට්ඨෙහි ජාලි පතිට්ඨ, පොරාණං විය දිස්සති;
බ්‍රාහ්මණං විය පස්සාමි, නන්දියො මාභිකීරරෙ’’.
2087
“ජාලිය කුමරුවෙනි, නැගිටුව, පෙරමෙන් අදත් දන් දීමට තිබේ. බමුණෙකු මෙන් පෙනේ. මට ප්‍රීතිය ඉතිරේ”
2088
‘‘අහම්පි තාත පස්සාමි, යො සො බ්‍රහ්මාව දිස්සති;
අද්ධිකො විය (අත්ථිකො විය (සී. පී.)) ආයාති, අතිථී නො භවිස්සති’’.
2088
“යම් ඒ බ්‍රාහ්මණයෙක් මෙන් පෙනෙන්නා, පියාණෙනි මමත් දකිමි. යමක් කැමැත්තෙකු මෙන් එයි. අපගේ ආගන්තුකයෙක් වන්නේය.
2089
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
2089
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
2090
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
2090
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
2091
‘‘කුසලඤ්චෙව නො බ්‍රහ්මෙ, අථො බ්‍රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
2091
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
2092
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා අම්හං (මය්හං (ස්‍යා. ක.)) න විජ්ජති’’.
2092
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
2093
‘‘සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං (ජීවිසොකිනං (ස්‍යා.));
ඉදම්පි පඨමං පස්සාම, බ්‍රාහ්මණං දෙවවණ්ණිනං;
ආදාය වෙළුවං දණ්ඩං, අග්ගිහුත්තං කමණ්ඩලුං.
2093
“වර්ෂ බොහෝ ගණනක් ආශ්‍රමයෙහි වසන්නාවූ මට සිතට අප්‍රිය ලෙඩක් ඇතිවූ බවක් නොදනිමි.
2094
‘‘ස්වාගතං තෙ මහාබ්‍රහ්මෙ, අථො තෙ අදුරාගතං;
අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
2094
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
2095
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්‍රහ්මෙ වරං වරං.
2095
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
2096
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්‍රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
2096
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
2097
‘‘අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා;
අනුප්පත්තො බ්‍රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
2097
“නැවත ඔබ කිනම් කරුණකට කුමක් හේතුකොට ගෙන මහ වනයට පැමිණියෙහිද, විචාළ මට එය කියව.”
2098
‘‘යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති;
එවං තං යාචිතාගච්ඡිං, පුත්තෙ මෙ දෙහි යාචිතො’’.
2098
“පිරුණු මහ ගඟක් හැමකල්හි අඩු නොවේද එසේ ඔබගෙන් ඉල්වීමට පැමිණියෙමි. ඉල්වූ මට දරුවන් දෙනු මැනව.”
2099
‘‘දදාමි න විකම්පාමි, ඉස්සරො නය බ්‍රාහ්මණ;
පාතො ගතා රාජපුත්තී, සායං උඤ්ඡාතො එහිති.
2099
“දෙමි, වෙනස් නොකරමි. බමුණ මගේ දරුවන්ට ස්වාමියාවූයේ ගෙනයව. උදේ ගිය රජ බිසව සවස ඵලවැලින් යුක්තව එයි.
2100
‘‘එකරත්තිං වසිත්වාන, පාතො ගච්ඡසි බ්‍රාහ්මණ;
තස්සා න්හාතෙ උපඝාතෙ, අථ නෙ මාලධාරිනෙ.
2100
“බමුණ එක් රැයක් නැවතී උදෑසනම යව. ඈ දරුවන් නෑවූ කල්හි මල් පැළඳවූ කල්හි, හිස සිඹි කල්හි,
2101
‘‘එකරත්තිං වසිත්වාන, පාතො ගච්ඡසි බ්‍රාහ්මණ;
නානාපුප්ඵෙහි සඤ්ඡන්නෙ, නානාගන්ධෙහි භූසිතෙ;
නානාමූලඵලාකිණ්ණෙ, ගච්ඡ ස්වාදාය බ්‍රාහ්මණ’’.
2101
“බමුණ එක් රැයක් වැස උදෑසනම යව. බමුණ නොයෙක් වස්ත්‍ර ඇන්දවූ නොයෙක් සුවඳ ගල්වන ලද නොයෙක් මුල් ඵලද ගත් දරුවන් රැගෙන යන්න.”
2102
‘‘න වාසමභිරොචාමි, ගමනං මය්හ රුච්චති;
අන්තරායොපි මෙ අස්ස, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
2102
“මහරජ, සිටීමට කැමති නොවෙමි. මම යාම කැමතිවෙමි. මට අන්තරායක් වන්ට බැරි නැත. මහොත්තමය, යන්නෙම් මය.
2103
‘‘න හෙතා යාචයොගී නං, අන්තරායස්ස කාරියා;
ඉත්ථියො මන්තං (ඉත්ථිකාමන්තං (ක.)) ජානන්ති, සබ්බං ගණ්හන්ති වාමතො.
2103
“මහරජ, මේ ස්ත්‍රීහු ඉල්ලීමට නුසුදුසුය. දීමටද ලැබීමටද අනතුරු කරත්. ස්ත්‍රීහු මන්ත්‍ර දනිත්. සියල්ල නුහුරට ගනිත්.
2104
‘‘සද්ධාය දානං දදතො, මාසං අදක්ඛි මාතරං;
අන්තරායම්පි සා කයිරා, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
2104
“මහරජ, ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාට මේ මවු නොපෙනේවා, ඕතොමෝ දීමට අන්තරාවක්ද කරන්නීය. යන්නෙම්මය.
2105
‘‘ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං;
සද්ධාය දානං දදතො, එවං පුඤ්ඤං පවඩ්ඪති.
2105
“ඔබගේ දරුවන්ට කථා කරව. ඔවුන්ට මවු නොපෙන්වාවා. ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාට මෙසේ පින් වැඩෙයි.
2106
‘‘ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං;
මාදිසස්ස ධනං දත්වා, රාජ සග්ගං ගමිස්සසි’’.
2106
“ඔබගේ දරුවන්ට කථා කරණු මැනව. ඔවුන්ට මවු නොපෙන්වව. මා වැන්නෙකුට දන් දී රජුනි දෙව්ලොව යන්න.
2107
‘‘සචෙ ත්වං නිච්ඡසෙ දට්ඨුං, මම භරියං පතිබ්බතං;
අය්‍යකස්සපි දස්සෙහි, ජාලිං කණ්හාජිනං චුභො.
2107
“ඉදින් ඔබ පතිව්‍රතාවූ මාගේ භාර්‍ය්‍යාව දක්නට නොකැමැත්තෙහි නම් දරුවන්ගේ මුත්තනුවන්ටද ජාලිය කෘෂ්ණජිනා දෙදෙන පෙන්වව.
2108
‘‘ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ;
පතීතො සුමනො විත්තො, බහුං දස්සති තෙ ධනං’’.
2108
“යහපත්වූ ප්‍රිය වචන කථා කරණ මේ කුමරුවන් දැක සතුටුවූ යහපත් සිත් ඇත්තේ ඔබට බොහෝ ධනය දෙන්නේය.”
2109
‘‘අච්ඡෙදනස්ස භායාමි, රාජපුත්ත සුණොහි මෙ;
රාජදණ්ඩාය මං දජ්ජා, වික්කිණෙය්‍ය හනෙය්‍ය වා;
ජිනො ධනඤ්ච දාසෙ ච, ගාරය්හස්ස බ්‍රහ්මබන්ධුයා’’.
2109
“රාජපුත්‍රය, මා කියන්නක් අසනු මැනව. දරුවන් පැහැර ගනිතැයි බිය ඇත්තෙමි. රජතෙම දඬුවමට මා අමාත්‍යයන්ට හෝ දෙන්නේය. විකුණන්නේය නසන්නේය. ධනයෙන් ද දාසයන්ගෙන් ද දිනූ මම නැවත බැමිණියගෙන්ද අපවාද ලබන්නේය.”
2110
‘‘ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ;
ධම්මෙ ඨිතො මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො;
ලද්ධා පීතිසොමනස්සං, බහුං දස්සති තෙ ධනං’’.
2110
“යහපත්වූ ප්‍රිය කථා කරන්නාවූ මේ කුමරුවන් දැක සිවීන්ගේ රට වඩන ධර්මයෙහි පිහිටි මහරජතෙම සතුටට සොම්නසට පැමිණ තොපට බොහෝ ධනය දෙන්නේය.”
2111
‘‘නාහං තම්පි කරිස්සාමි, යං මං ත්වං අනුසාසසි;
දාරකෙව අහං නෙස්සං, බ්‍රාහ්මණ්‍යා පරිචාරකෙ’’.
2111
“ඔබ මට යමක් කියයිද මම එය නොකරමි. මම බැමිණියට සේවකයන්වූ දරුවන් පමණක් ගෙන යමි.”
2112
‘‘තතො කුමාරා බ්‍යථිතා (බ්‍යධිතා (සී. පී. ක.)), සුත්වා ලුද්දස්ස භාසිතං;
තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො’’.
2112
ඉක්බිති රෞද්‍ර තැනැත්තාගේ කියමන අසා බියපත්වූ ජාලිය කෘෂ්ණජිනා යන දරුවෝ ඒ ඒ තැනින් පලා ගියාහුය.
2113
‘‘එහි තාත පියපුත්ත, පූරෙථ මම පාරමිං;
හදයං මෙභිසිඤ්චෙථ, කරොථ වචනං මම.
2113
“දරුවෙනි, ප්‍රිය පුත්‍රයෙනි, එව්. මාගේ පාරමිතාව පුරව්. මගේ ළය සනසව්. මගේ වචනය කරව්.
2114
‘‘යානා නාවා ච මෙ හොථ, අචලා භවසාගරෙ;
ජාතිපාරං තරිස්සාමි, සන්තාරෙස්සං සදෙවකං’’.
2114
“නොසෙල්වෙන භව සයුරෙහි මාගේ යාත්‍රා නැව වව්. උත්පත්තියෙහි කෙළවරට එතර වන්නෙමි. දෙවියන් සහිත ලෝකයා එතර කරන්නෙමි.
2115
‘‘එහි අම්ම පියධීති, පූරෙථ මම පාරමිං (පියා මෙ දානපාරමී (ස්‍යා. ක.));
හදයං මෙභිසිඤ්චෙථ, කරොථ වචනං මම.
2115
“මෑණියෙනි, කෘෂ්ණජිනාවෙනි එන්න. මගේ පාරමිතාව සම්පූර්ණ කරව්. මගේ ළය සනසන්න, මගේ වචනය කරන්න.
2116
‘‘යානා නාවා ච මෙ හොථ, අචලා භවසාගරෙ;
ජාතිපාරං තරිස්සාමි, උද්ධරිස්සං සදෙවකං’’.
2116
ඉක්බිති රෞද්‍ර තැනැත්තාගේ කියමන අසා බියපත්වූ ජාලිය කෘෂ්ණජිනා යන දරුවෝ ඒ ඒ තැනින් පලා ගියාහුය.
2117
‘‘තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො;
බ්‍රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
2117
සිවීන්ගේ රට වඩන රජතෙමේ ජාලිය කාෂ්ණජිනාද යන කුමරුවන් ගෙන බමුණාට දන් දුන්නේය.
2118
‘‘තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො;
බ්‍රාහ්මණස්ස අදා විත්තො, පුත්තකෙ දානමුත්තමං.
2118
ඉක්බිති සිවීන්ගේ රටේ නායකතෙමේ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙන ගෙන සතුටුසිත් ඇත්තේ බ්‍රාහ්මණයාට උතුම් දානය දුන්නේය.
2119
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං කුමාරෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
2119
එකල්හි යම් මේ භයානක දෙය වීය. එකල්හි මේ ලොමු දැහැගැනීමක් ඇතිවිය. කවර හෙයින්ද, දරුවන් දුන් කල්හි පොළොව කම්පාවිය.
2120
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
යං පඤ්ජලිකතො රාජා, කුමාරෙ සුඛවච්ඡිතෙ;
බ්‍රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
2120
එකල්හි යම් මේ භයානක දෙය වීය. එකල්හි මේ ලොමු දැහැගැනීමක් ඇතිවිය. විය. ඇඳිලි බැඳගත් සිවීන්ගේ රටට නායක රජතෙම සුවසේ වැඩූ දරුවන් බමුණාට දුන්නේය.
2121
‘‘තතො සො බ්‍රාහ්මණො ලුද්දො, ලතං දන්තෙහි ඡින්දිය;
ලතාය හත්ථෙ බන්ධිත්වා, ලතාය අනුමජ්ජථ (අනුපජ්ජථ (ක.)).
2121
දරුණුවූ ඒ බ්‍රාහ්මණතෙමේ වැලක් දත්වලින් සිඳ වැලකින් අත්බැඳ වැලකින් අල්ලා ගත්තේය.
2122
‘‘තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්‍රාහ්මණො;
ආකොටයන්තො තෙ නෙති, සිවිරාජස්ස පෙක්ඛතො’’.
2122
ඉක්බිති ඒ බමුණුතෙමේ වැලද අල්ලාගෙන සැරයටියද රැගෙන සිවිරජ බලා සිටියදී තළමින් ඒ දරුවන් රැගෙන යයි.
2123
‘‘තතො කුමාරා පක්කාමුං, බ්‍රාහ්මණස්ස පමුඤ්චිය;
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, පිතරං සො උදික්ඛති.
2123
ඉක්බිති දරුවෝ බමුණාගෙන් මිදී ගියාහුය. කඳුළු පිරුණු ඇසින් කුමාරතෙම පියා බලයි.
2124
‘‘වෙධමස්සත්ථපත්තංව, පිතු පාදානි වන්දති;
පිතු පාදානි වන්දිත්වා, ඉදං වචනමබ්‍රවි.
2124
වෙවුලන ඇසතු කොළ මෙන් පියාගේ පා වඳියි. පියාගේ පා වැඳ මේ වචනය කීයේය.
2125
‘‘අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි;
යාව අම්මම්පි පස්සෙමු, අථ නො තාත දස්සසි.
2125
“පියාණෙනි, මවුද මෙහි නැත. පියාණෙනි, ඔබ අප දන්නෙහිය. යම්තාක් අම්මා දකිමුද, එකල පියාණෙනි, අප දෙව්.
2126
‘‘අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි;
මා නො ත්වං තාත අදදා, යාව අම්මාපි එතු නො;
තදායං බ්‍රාහ්මණො කාමං, වික්කිණාතු හනාතු වා.
2126
“පියාණෙනි, මවුද මෙහි නැත. පියාණෙනි, ඔබ අප දන්නෙහිය. යම්තාක් අපගේ මවු එයිද පියාණන් ඒතාක් අප නොදෙව. ඊට පසු මේ බමුණා කැමති සේ විකුණාවා, මරාවා.
2127
‘‘බලඞ්කපාදො (බිලඞ්කපාදො (ක.)) අන්ධනඛො (අද්ධනඛො (සී. ස්‍යා. පී.)), අථො ඔවද්ධපිණ්ඩිකො (ඔබන්ධපිණ්ඩිකො (ක.));
දීඝුත්තරොට්ඨො චපලො, කළාරො භග්ගනාසකො.
2127
බකල පා ඇති, අඩ නිය ඇති, තවද යට ගිලිණු තට්ටම් ඇති දික් උඩුතොල ඇති, කෙළ වැගිරෙන, බිඳුණු නාසය ඇති, දත් බොල්ලෑවූ,
2128
‘‘කුම්භොදරො භග්ගපිට්ඨි, අථො විසමචක්ඛුකො;
ලොහමස්සු හරිතකෙසො, වලීනං තිලකාහතො.
2128
කළගෙඩියක් වැනි බඩක් ඇති බිඳුණු පිටක් ඇති, විෂම ඇස් ඇත්තාවූ තඹවන් රැවුලක් ඇති, කළුවන් කෙස් ඇති රැලි වැටුණ සමක් ඇති, තල කැලලින් යුක්තවූ බළල් ඇස් ඇති, තුන් තැනකින් වක්වූ විකෘතවූ පා ඇති ඉතා උස්වූ ක්‍රෑරවූ අඳුන් දිවිසමින් සැරසුණු භය උපදවන යක්ෂයෙක් වැනිවූ,
2129
‘‘පිඞ්ගලො ච විනතො ච, විකටො ච බ්‍රහා ඛරො;
අජිනානි ච සන්නද්ධො, අමනුස්සො භයානකො.
2129
2130
‘‘මනුස්සො උදාහු යක්ඛො, මංසලොහිතභොජනො;
ගාමා අරඤ්ඤමාගම්ම, ධනං තං තාත යාචති.
2130
මස් හා ලේ අනුභව කරණ මනුෂ්‍යයෙක්වූ නොහොත් යක්ෂයෙක්වූ ගමින් වනයට පැමිණ පියාණෙනි, ඔබගෙන් ධනය ඉල්ලයි. පිසාචයකු විසින් ගෙනයනු ලබන කල්හි පියාණෙනි කුමක් බලා සිටින්නෙහිද,
2131
‘‘නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසි;
අස්මා නූන තෙ හදයං, ආයසං දළ්හබන්ධනං.
2131
“මේ නිසා ඔබගේ සිත යකඩින් කළ තද බැම්මකි, ධනය කැමති බමුණා විසින් අප බදින කල්හි යම් ඔබ නොදන්නාක් මෙන් සිටියි. අතිශයින් නපුරු මනුෂ්‍යයා විසින් අපට ගවයන්ට මෙන් තලයි.
2132
‘‘යො නො බද්ධෙ න ජානාසි, බ්‍රාහ්මණෙන ධනෙසිනා;
අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති.
2132
2133
‘‘ඉධෙව අච්ඡතං කණ්හා, න සා ජානාති කිස්මිඤ්චි;
මිගීව ඛීරසම්මත්තා, යූථා හීනා පකන්දති.
2133
“මෙහිම සිටින්නාවූ කෘෂ්ණජිනා තොමෝ කිසිවක් නොදනී. කිරෙන් යැපෙන මුව පැටවෙකු මෙන් පිරිසෙන් ඈත්වූයේ අඬයි.
2134
‘‘න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං;
යඤ්ච අම්මං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
2134
“පුරුෂයෙකු විසින් යම් මෙබඳු දුකක් නොලැබිය හැකිද මේ මට ලැබුනු එබඳුවූ දුකකි. යම්හෙයකින් මෑණියන් නොදකිම්ද එය මට මීටත් වඩා දුකකි.
2135
‘‘න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං;
යඤ්ච තාතං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
2135
“පුරුෂයෙකු විසින් යම් මෙබඳු දුකක් නොලැබිය හැකිද මේ මට ලැබුනු එබඳුවූ දුකකි. යම්හෙයකින් පියාණන් නොදකිම්ද එය මට මීටත් වඩා දුකකි.
2136
‘‘සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති (රුජ්ජති (ස්‍යා. ක.));
කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
2136
“ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ යහපත් දැකීම් ඇති කෘෂ්ණජිනා කුමාරිය නොදක්නී බොහෝ කලක් අඬන්නීය.
2137
‘‘සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති;
කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
2137
“ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ යහපත් දැකීම් ඇති කෘෂ්ණජිනා කුමාරිය නොදක්නේ බොහෝ කලක් අඬන්නේය.
2138
‘‘සා නූන කපණා අම්මා, චිරං රුච්ඡති අස්සමෙ;
කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
2138
“ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ යහපත් දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය ආශ්‍රමයෙහි නොදක්නී බොහෝකලක් අඬන්නීය.
2139
‘‘සො නූන කපණො තාතො, චිරං රුච්ඡති අස්සමෙ;
කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
2139
ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ යහපත් දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය ආශ්‍රමයෙහි නොදක්නී බොහෝ කලක් අඬන්නේය.
2140
‘‘සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති;
අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
2140
ඒකාන්තයෙන් දුඃඛිතවූ මවුතොමෝ රෑ මැද්දක් වනතුරු හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝකලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.
2141
‘‘සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති;
අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
2141
ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ රෑ මැද්දක් හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝ කලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.
2142
‘‘ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා (සින්ධුවාරිතා (බහූසු));
විවිධානි රුක්ඛජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
2142
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, ඔවුන් අද අත් හරිමු.
2143
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්‍රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
2143
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද ඔවුන් අද අත් හැර යමු.
2144
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා (සීතොදිකා (සී. පී.)) නදී;
යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ.
2144
“මේ ඵලාරාම වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වේද, යම් තැනෙක්හි පෙර ක්‍රීඩා කෙළෙමුද ඒවා අද අත්හරිමු.
2145
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරෙම, තානි අජ්ජ ජහාමසෙ.
2145
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්මෙන්ද යම් මල් වර්ගයක් පෙර දැරුවමුද ඒවා අද නොපෙනෙත්.
2146
‘‘විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි අජ්ජ ජහාමසෙ.
2146
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ඵල වර්ග වෙත්ද, යමක් පෙර අනුභව කෙළෙමුද ඒවා අද අත්හරිමු.
2147
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ’’.
2147
“මේ අපගේ ඇත්තුද අස්හුද මේ අපගේ හරක්ද වෙත්ද ඔවුන් සමග පෙර ක්‍රීඩා කරමුද ඔවුන් අද අත්හරිමු
2148
‘‘නීයමානා කුමාරා තෙ, පිතරං එතදබ්‍රවුං;
අම්මං ආරොග්‍යං වජ්ජාසි, ත්වඤ්ච තාත සුඛී භව.
2148
ගෙනයනු ලබන්නාවූ ඒ කුමාරයෝ පියාට මෙසේ කීවාහුය “ඔහුට නිරෝගිබව කියන්නෙහිය, පියාණෙනි ඔබද සුවපත්වෙව.
2149
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
තානි අම්මාය දජ්ජෙසි, සොකං තෙහි විනෙස්සති.
2149
“මේ අපගේ ඇත්තුය. අශ්වයෝය. මේ අපගේ හරක්ය මොවුන් අම්මාට දෙන්නෙහිය. ඔවුන්ගෙන් ශෝකය දුරුකරගන්නේය.
2150
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
තානි අම්මා උදික්ඛන්තී, සොකං පටිවිනෙස්සති.
2150
“මේ අපගේ ඇත්තුය, අශ්වයෝය. මේ අපගේ හරක්ය. මොවුන් මෑණියෝ බලත්. ඔවුන් මෙන් ශෝකය හැරගන්නේය.
2151
‘‘තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
පණ්ණසාලං පවිසිත්වා, කලුනං පරිදෙවයි’’.
2151
ඉක්බිති ක්ෂත්‍රිය වෙස්සන්තර රජතෙමේ දන්දී පන්සලට ඇතුළුවී කරුණාවෙන් විලාප කීයේය.
2152
‘‘කං න්වජ්ජ ඡාතා තසිතා, උපරුච්ඡන්ති දාරකා;
සායං සංවෙසනාකාලෙ, කො නෙ දස්සති භොජනං.
2152
“කිමෙක්ද, අද බඩගිනි ඇති පිපාසිතවූ දරුවෝ හඬත්ද, සවස් වරුවෙහි කෑම කන වේලාවෙහි කවරෙක් ඔවුන්ට කෑම දෙයිද,
2153
‘‘කං න්වජ්ජ ඡාතා තසිතා, උපරුච්ඡන්ති දාරකා;
සායං සංවෙසනාකාලෙ, අම්මා ඡාතම්හ දෙථ නො.
2153
“සවස් වරුවෙහි කෑම කන වේලාවෙහි ‘මෑණියෙනි, බඩගිනි ඇත්තෙමු. අපට දෙවයි’ කියත්. බඩගිනි ඇති පිපාසිතවූ දරුවෝ කිමෙක්ද අද අඬත්ද,
2154
‘‘කථං නු පථං ගච්ඡන්ති, පත්තිකා අනුපාහනා;
සන්තා සූනෙහි පාදෙහි, කො නෙ හත්ථෙ ගහෙස්සති.
2154
“කිමෙක්ද, ඔවුහු වහන් සඟල් නැතිව පයින් මාර්ගයෙහි යෙත්ද, ඉදිමී ගිය පා ඇතිව වෙහෙසට පත්වූ ඔවුන් කවරෙක් අතින් අල්ලයිද,
2155
‘‘කථං නු සො න ලජ්ජෙය්‍ය, සම්මුඛා පහරං මම;
අදූසකානං පුත්තානං, අලජ්ජී වත බ්‍රාහ්මණො.
2155
“ඒකාන්තයෙන් බ්‍රාහ්මණතෙමේ ලජ්ජා නැත්තෙක. හෙතෙම අහිංසක දරුවන්ට මාගේ සමීපයෙහි ගසන්නේ කෙසේ නම් ලජ්ජා නොවන්නේද?
2156
‘‘යොපි මෙ දාසිදාසස්ස, අඤ්ඤො වා පන පෙසියො;
තස්සාපි සුවිහීනස්ස, කො ලජ්ජී පහරිස්සති.
2156
“යම්කිසි කෙනෙක් මාගේ දාසියක් වන්නේද, දාසයෙක් වන්නේද, අනික් පනිවුඩ කරුවෙක්වේද, මේ වෙස්සන්තරගේ දාසයන්ගේ දාසයෙක්වේද, ඔවුන්ට ලජ්ජා ඇති කවරෙක් ගසත්ද,
2157
‘‘වාරිජස්සෙව මෙ සතො, බද්ධස්ස කුමිනාමුඛෙ;
අක්කොසති පහරති, පියෙ පුත්තෙ අපස්සතො.
2157
“කෙමන් කටෙහි අසුවූ මසකුසේ මා බලාසිටිද්දීම (දරුවන්ට දඬුවම් කෙළේ නම්) ප්‍රිය දරුවන්ට මා නැති තැන ආක්‍රොසද කරයි, ගසයි.
2158
‘‘අදු චාපං ගහෙත්වාන, ඛග්ගං බන්ධිය වාමතො;
ආනෙස්සාමි සකෙ පුත්තෙ, පුත්තානඤ්හි වධො දුඛො.
2158
“දුන්න ගෙන වමෙහි කඩුව බැඳ මගේ දරුවන් ගෙනෙන්නෙමි. දරුවන්ට වධකිරීම දුකකි.
2159
‘‘අට්ඨානමෙතං (අද්ධා හි මෙතං (පී.)) දුක්ඛරූපං, යං කුමාරා විහඤ්ඤරෙ;
සතඤ්ච ධම්මමඤ්ඤාය, කො දත්වා අනුතප්පති’’.
2159
“කුමාරයෝ හිංසාවට පැමිණෙතියි යන මේ දුක්වීමට නොතැනය. සත්පුරුෂ ධර්මය දත් කවරෙක් යමක්දී පසුතැවිලිවේද,
2160
‘‘සච්චං කිරෙවමාහංසු, නරා එකච්චියා ඉධ;
යස්ස නත්ථි සකා මාතා, යථා නත්ථි (පිතා අත්ථි (ක.)) තථෙව සො.
2160
“යම් හෙයකින් මේ ලෝකයෙහි සමහර මනුෂ්‍යයෝ යම්සේ යමෙකු ලඟ ස්වකීය මවු නැද්ද, ඔහුත් එසේම නැතැයි කීවාහුය. එය සත්‍යයි.
2161
‘‘එහි කණ්හෙ මරිස්සාම, නත්ථත්ථො ජීවිතෙන නො;
දින්නම්හාති (දින්නම්හාපි (සී. ස්‍යා.), දින්නමාසි (ක.)) ජනින්දෙන, බ්‍රාහ්මණස්ස ධනෙසිනො;
අච්චායිකස්ස ලුද්දස්ස, යො නො ගාවොව සුම්භති.
2161
“කෘෂ්ණාවෙනි, එව මැරෙමු, අපට ජීවිතයෙන් වැඩක් නැත. යමෙක් අපට ගවයන්ට මෙන් තලයිද, වහා කිපෙන ක්‍රෑරයෙකුවූ ධනය බලාපොරොත්තු බමුණෙකුට රජු විසින් අප දෙනලදී.
[ඒකාන්තයෙන් දුඃඛිතවූ පියතෙමේ රෑ මැද්දක් හෝ මුළු රාත්‍රියෙහි හෝ බොහෝ කලක් අඬන්නේය. ගඟක් මෙන් වියලෙන්නේය.]
2162
‘‘ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා;
විවිධානි රුක්ඛජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
2162
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, ඔවුන් කෘෂ්ණාවෙනි අත් හරිමු.
2163
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්‍රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
2163
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද ඔවුන් කෘෂ්ණාවෙනි අත් හැර යමු.
2164
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී;
යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ.
2164
“මේ ඵලාරාම වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වේද, යම් තැනෙක්හි පෙර ක්‍රීඩා කෙළෙමුද ඒවා කෘෂ්ණාවෙනි අත්හරිමු.
2165
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරෙම, තානි කණ්හෙ ජහාමසෙ.
2165
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්මෙන්ද යම් මල් වර්ගයක් පෙර දැරුවමුද ඒවා කෘෂ්ණාවෙනි නොපෙනෙත්.
2166
‘‘විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි කණ්හෙ ජහාමසෙ.
2166
2167
‘‘ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ’’.
2167
2168
‘‘නීයමානා කුමාරා තෙ, බ්‍රාහ්මණස්ස පමුඤ්චිය;
තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො’’.
2168
ගෙන යන්නාවූ බ්‍රාහ්මණයාගෙන් මිදී ළදරු වූ ජාලිය කෘෂ්ණාජිනා යන දෙදෙනා ඒ ඒ තැන දිව්වාහුය.
2169
‘‘තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්‍රාහ්මණො;
ආකොටයන්තො තෙ නෙති, සිවිරාජස්ස පෙක්ඛතො’’.
2169
ඉක්බිති ඒ බ්‍රාහ්මණතෙම රැහැන අල්ලාගෙන දණ්ඩක් රැගෙන සිවිරජු බලමින් සිටියදී තළමින් ඒ දරුවන් ගෙනයයි.
2170
‘‘තං තං කණ්හාජිනාවොච, අයං මං තාත බ්‍රාහ්මණො;
ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
2170
“පියාණෙනි, මේ බමුණුතෙම මට ගෙයි උපන් දාසියකට මෙන් සැරයටියෙන් තලායයි” කෘෂ්ණජිනා තොමෝ පියාට එය කීවාය.
2171
‘‘න චායං බ්‍රාහ්මණො තාත, ධම්මිකා හොන්ති බ්‍රාහ්මණා;
යක්ඛො බ්‍රාහ්මණවණ්ණෙන, ඛාදිතුං තාත නෙති නො;
නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසි’’.
2171
“පියාණෙනි, මේ බමුණෙක් නොවේ බ්‍රාහ්මණයෝ ධාර්මිකයෝ වෙත්. පියාණෙනි, බ්‍රාහ්මණ වේශයෙන් යක්ෂයෙක් අප කෑමට ගෙනයයි. පිශාචකයෙකු විසින් ගෙන යන කල්හි පියාණෙනි, කුමක් හෙයින් බලා සිටින්නෙහිද?
2172
‘‘ඉමෙ නො පාදකා දුක්ඛා, දීඝො චද්ධා සුදුග්ගමො;
නීචෙ චොලම්බතෙ සූරියො, බ්‍රාහ්මණො ච ධාරෙති (තරෙති (සී. ස්‍යා. පී.)) නො.
2172
“අපගේ මේ දෙපා රිදෙත්. මාර්ගය දික්ය. යා නොහැක. සූර්‍ය්‍යයා පහතට බැස සිටී. බමුණාද අප ගෙනයයි.
2173
‘‘ඔකන්දාමසෙ (ඔක්කන්තාමසි (ක.)) භූතානි, පබ්බතානි වනානි ච;
සරස්ස සිරසා වන්දාම, සුපතිත්ථෙ ච ආපකෙ (ආවකෙ (ක.)).
2173
“භුතයන්ටද, පර්වතයන්ටද, වනයන්ටද, (අපගේ) පහත් තත්වය දන්වමු. යහපත් තොටුපල් ඇති ගඟේ දෙවියන්ටද විලෙහි දෙවියන්ටද වඳිමු.
2174
‘‘තිණලතානි ඔසධ්‍යො, පබ්බතානි වනානි ච;
අම්මං ආරොග්‍යං වජ්ජාථ, අයං නො නෙති බ්‍රාහ්මණො.
2174
“තණකොළද, වැල්ද, ඖෂධද, පර්වතද, වනද අප කියන්න අසාවා. මේ බ්‍රාහ්මණතෙම අපව ගෙනයයි. මෑණියන්ට තොරතුරු කියව්.
2175
‘‘වජ්ජන්තු භොන්තො අම්මඤ්ච, මද්දිං අස්මාක මාතරං;
සචෙ අනුපතිතුකාමාසි, ඛිප්පං අනුපතියාසි නො.
2175
“අපගේ මව්තොමෝ මද්‍රී දෙවියයි. පින්වත්නි, මෑණියන්ට කියත්වා ඉදින් අපගේ අඩිපාරේ එන්ට කැමැත්තේ නම් වහා අප පස්සේ එන්නීය.
2176
‘‘අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං;
තමෙවානුපතෙය්‍යාසි, අපි පස්සෙසි නෙ ලහුං.
2176
“මේ අඩිපාර කෙළින්ම ආශ්‍රමයට යයි. මේ මාර්ගය පසුපස්සෙහි එන්නෙහිය අප වහා දකින්නෙහිය.
2177
‘‘අහො වත රෙ ජටිනී, වනමූලඵලහාරිකෙ (හාරියා (ස්‍යා. ක.));
සුඤ්ඤං දිස්වාන අස්සමං, තං තෙ දුක්ඛං භවිස්සති.
2177
“ඒකාන්තයෙන් බඳනාලද කෙශකලාපය ඇත්තීය. වන මුල් ඵල ගෙන එන්නීය. මේ ශූන්‍ය ආශ්‍රමය දැක තොපට දුක්වන්නේය.
2178
‘‘අතිවෙලං නු අම්මාය, උඤ්ඡා ලද්ධො අනප්පකො (උඤ්ඡාලද්ධං අනප්පකං (ස්‍යා.));
යා නො බද්ධෙ න ජානාසි, බ්‍රාහ්මණෙන ධනෙසිනා.
2178
බොහෝ වේලාවක් ඒකාන්තයෙන් මෑණියන් විසින් බොහෝ පලවැල එකතුකරණලදී.
2179
‘‘අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති;
අපජ්ජ අම්මං පස්සෙමු, සායං උඤ්ඡාතො ආගතං.
2179
“ධාන්‍ය බලාපොරොත්තු බ්‍රාහ්මණයා විසින් අප බඳනාලද බව යම් ඕතොමෝ නොදනී. ඉක්මන් ක්‍රියා ඇති පුරුෂයා විසින් අපට ගවයන්ට මෙන් තලයි
2180
‘‘දජ්ජා අම්මා බ්‍රාහ්මණස්ස, ඵලං ඛුද්දෙන මිස්සිතං;
තදායං අසිතො ධාතො, න බාළ්හං ධාරයෙය්‍ය (තරයෙය්‍ය (සී. ස්‍යා. පී.)) නො.
2180
“මම සවස ඵලවැල සෙවිමෙන් ආ මෑණියන් අද දක්නෙම්ද, මෑණියෝ බ්‍රාහ්මණයාට මීපැණි සමග පලතුරු දෙන්නේය.
2181
‘‘සූනා ච වත නො පාදා, බාළ්හං ධාරෙති බ්‍රාහ්මණො;
ඉති තත්ථ විලපිංසු, කුමාරා මාතුගිද්ධිනො’’.
2181
“එකල්හි මේතෙමේ කා සැනහුණේ තදින් අප ඉක්මන් නොකරන්නේය. ඒකාන්තයෙන් ඉදිමුනාවූ පා ඇති අප බමුණුතෙමේ ඉක්මනින් ගෙනයයි” මව කෙරෙහි ගිජුවූ දරුවෝ මෙසේ එහි වැලපුනාහ
2182
‘‘තෙසං ලාලප්පිතං සුත්වා, තයො වාළා වනෙ මිගා;
සීහො බ්‍යග්ඝො ච දීපි ච, ඉදං වචනමබ්‍රවුං.
2182
ඔවුන්ගේ වැලපීම් හඬ අසා සිංහ ව්‍යාඝ්‍ර දිවි යන දරුණු වනමෘගයෝ මේ වචනය කීවාහුය.
2183
‘‘මා හෙව නො රාජපුත්තී, සායං උඤ්ඡාතො ආගමා;
මා හෙවම්හාක නිබ්භොගෙ, හෙඨයිත්ථ වනෙ මිගා.
2183
“අපගේ රජබිසව සවස පලවැල එකතුකොටගෙන නොඒවා.
“අපගේ ප්‍රදෙශයෙ කිසි මෘගයෙක් කිසි මෘගයෙකු විසින් ඈ නොපෙළාවා
2184
‘‘සීහො ච නං විහෙඨෙය්‍ය, බ්‍යග්ඝො දීපි ච ලක්ඛණං;
නෙව ජාලීකුමාරස්ස, කුතො කණ්හාජිනා සියා;
උභයෙනෙව ජීයෙථ, පතිං පුත්තෙ ච ලක්ඛණා’’.
2184
“ලක්ෂණයෙන් යුක්තවූ ඈ සිංහයා හෝ ව්‍යාඝ්‍රයා කොටියා හෝ වෙහෙසට පත්කරන්නේ නම් ජාලිය කුමාරයා නොවන්නේමය. කෘෂ්ණජිනාව කොයින් වන්නේද ලක්ෂණවත් වූ ස්වාමියාද, දූ දරුවන්ද යන දෙකොටසම ජීවත් කරව්.
2185
‘‘ඛණිත්තිකං මෙ පතිතං, දක්ඛිණක්ඛි ච ඵන්දති;
අඵලා ඵලිනො රුක්ඛා, සබ්බා මුය්හන්ති මෙ දිසා.
2185
“මාගේ කෙක්ක වැටෙයි. දකුණු ඇස සෙලවෙයි. ගෙඩි ඇති ගස් ගෙඩි නැතිවූහ. මට සියළු දිසා මුළාවෙත්.
2186
‘‘තස්සා සායන්හකාලස්මිං, අස්සමාගමනං පති;
අත්ථඞ්ගතම්හි සූරියෙ, වාළා පන්ථෙ උපට්ඨහුං.
2186
“සවස් කාලයෙහි ඇගේ ආශ්‍රමයට එන මාර්ගයෙහි සූර්‍ය්‍යයා බැස යන කල්හි මාර්ගයෙහි මෘගයෝ ඉදිරිපත්වූහ.
2187
‘‘නීචෙ චොලම්බතෙ සූරියො, දූරෙ ච වත අස්සමො;
යඤ්ච නෙසං ඉතො හස්සං (හිස්සං (ක.)), තං තෙ භුඤ්ජෙය්‍යු භොජනං.
2187
“සූර්‍ය්‍යතෙම පහත්ව එල්ලෙයි. ආශ්‍රමයද ඈතය. ඔවුන්ට යමක් මෙයින් ගෙනයන්නේද ඒ භොජනය ඔවුහු අනුභව කරන්නාහුය.
2188
‘‘සො නූන ඛත්තියො එකො, පණ්ණසාලාය අච්ඡති;
තොසෙන්තො දාරකෙ ඡාතෙ, මමං දිස්වා අනායතිං.
2188
“ඒ ක්ෂත්‍රියතෙම ඒකාන්තයෙන් මා නොඑන බව දැක බඩසාය ඇති දරුවන් සතුටු කරවමින් තනිව පන්සලෙහි සිටියි.
2189
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
සායං සංවෙසනාකාලෙ, ඛීරපීතාව අච්ඡරෙ.
2189
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි කිරි බීවාක් මෙන් සිටිත්.
2190
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
සායං සංවෙසනාකාලෙ, වාරිපීතාව අච්ඡරෙ.
2190
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි වතුර බීවාක් මෙන් සිටිත්.
2191
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, වච්ඡා බාලාව මාතරං.
2191
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ පොඩි වසුපැටව් මව වෙත මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
2192
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, හංසාවුපරිපල්ලලෙ.
2192
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ මඩ මතුයෙහි හංසයන් මෙන් මා පෙරගමන් කොට සිටිත්.
2193
‘‘තෙ නූන පුත්තකා මය්හං, කපණාය වරාකියා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, අස්සමස්සාවිදූරතො.
2193
“ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ ආශ්‍රමයට ආසන්නයෙහි පෙරගමන් කොට මා වෙත සිටිත්.
2194
‘‘එකායනො එකපථො, සරා සොබ්භා ච පස්සතො;
අඤ්ඤං මග්ගං න පස්සාමි, යෙන ගච්ඡෙය්‍ය අස්සමං.
2194
“විල්ද දියවලවල්ද පෙනෙන්නාවූ එකම මාර්ගයයි. ආශ්‍රමයට යාමට අනික් මාර්ගයක් නොදක්නෙමි.
2195
‘‘මිගා නමත්ථු රාජානො, කානනස්මිං මහබ්බලා;
ධම්මෙන භාතරො හොථ, මග්ගං මෙ දෙථ යාචිතා.
2195
“වනයෙහි මහත් බලයෙන් යුත් මෘගරජුන්හට නමස්කාර වේවා. ධර්මයෙන් සහෝදරයන් වේවා. ඉල්වන්නාවූ මට මාර්ගය දෙව.
2196
‘‘අවරුද්ධස්සාහං භරියා, රාජපුත්තස්ස සිරීමතො;
තං චාහං නාතිමඤ්ඤාමි, රාමං සීතාවනුබ්බතා.
2196
“මම ශ්‍රී ඇත්තාවූ රටින් පිටකළ රජුගේ භාර්‍ය්‍යාව වෙමි. ස්වාමිභක්තියෙන් යුත් සීතාව රාම මෙන් මම ඔහුද අත් නොහරින්නෙමි.
2197
‘‘තුම්හෙ ච පුත්තෙ පස්සථ, සායං සංවෙසනං පති;
අහඤ්ච පුත්තෙ පස්සෙය්‍යං, ජාලිං කණ්හාජිනං චුභො.
2197
“තොපද සවස් වේලාවෙහි කෑම කෑමට පුත්‍රයන් බලව්. මමද ජාලිය කෘෂ්ණජිනා යන පුත්‍රයන් දෙදෙන බලන්නෙමි.
2198
‘‘බහුං චිදං මූලඵලං, භක්ඛො චායං අනප්පකො;
තතො උපඩ්ඪං දස්සාමි, මග්ගං මෙ දෙථ යාචිතා.
2198
“කෑ යුතු මේ මුල් ඵල බොහෝය. එයින් කොටසක් දෙන්නෙමි. ඉල්වන ලද මට මාර්ගය ඉඩ දෙව.
2199
‘‘රාජපුත්තී ච නො මාතා, රාජපුත්තො ච නො පිතා;
ධම්මෙන භාතරො හොථ, මග්ගං මෙ දෙථ යාචිතා’’.
2199
“අපගේ මවු තොමෝ රජ බිසවකි. අපගේ පිය තෙමේ රජකෙනෙකි. ධර්මයෙන් සහෝදර වෙව. ඉල්වන ලද මට මාර්ගය ඉඩ දෙව්.”
2200
‘‘තස්සා ලාලප්පමානාය, බහුං කාරුඤ්ඤසඤ්හිතං;
සුත්වා නෙලපතිං වාචං, වාළා පන්ථා අපක්කමුං’’.
2200
කරුණාවෙන් පිරී විලාප කියන්නාවූ ඇගේ මිහිරි බොහෝ වචන අසා වනමෘගයෝ මාර්ගයෙන් ඈත්වූවාහුය.
2201
‘‘ඉමම්හි නං පදෙසම්හි, පුත්තකා පංසුකුණ්ඨිතා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, වච්ඡා බාලාව මාතරං.
2201
“පස් තැවරුණු පුත්‍රයෝ මේ ප්‍රදේශයෙහි පොඩි වසුපැටවන් මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
2202
‘‘ඉමම්හි නං පදෙසම්හි, පුත්තකා පංසුකුණ්ඨිතා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, හංසාවුපරිපල්ලලෙ.
2202
“පස් තැවරුණ පුත්‍රයෝ මේ ප්‍රදෙශයෙහිදී දිය සිඳුණු මඩ මත්තෙහි හංසයන් මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
2203
‘‘ඉමම්හි නං පදෙසම්හි, පුත්තකා පංසුකුණ්ඨිතා;
පච්චුග්ගතා මං තිට්ඨන්ති, අස්සමස්සාවිදූරතො.
2203
“පස් තැවරුණ පුත්‍රයෝ මේ ප්‍රදෙශයෙහි ආශ්‍රමයට නුදුරු තැන පෙරගමන් කොට මා වෙත සිටිත්.
2204
‘‘ද්වෙ මිගා විය (තෙ මිගාවිය (සී. ස්‍යා. පී.)) උක්කණ්ණා (ඔක්කණ්ණා (ක.)), සමන්තා මභිධාවිනො;
ආනන්දිනො පමුදිතා, වග්ගමානාව කම්පරෙ;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2204
“වටපිට දුවන කන් ඔසවා ගත් මුවන් මෙන් අසතුටුවූ ප්‍රීතිවූ ඒ දරුවෝ වෙන්වෙමින් කම්පාවෙත්. ජාලිය කෘෂ්ණජිනා යන ඒ දරුවන් දෙදෙනා අද නොදකිමි.
2205
‘‘ඡකලීව මිගී ඡාපං, පක්ඛී මුත්තාව පඤ්ජරා;
ඔහාය පුත්තෙ නික්ඛමිං, සීහීවාමිසගිද්ධිනී;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2205
“දරු ඇති එළුදෙනක් දරුවා මෙන් කූඩුවෙන් මිදුණු පක්ෂිණිය පැටවා මෙන් ගොදුරෙහි ගිජුවූ සිංහදෙනක් මෙන් දරුවන් අත්හැර නික්මුනෙමි. ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් අද නොදක්නෙමි.
2206
‘‘ඉදං නෙසං පදක්කන්තං, නාගානමිව පබ්බතෙ;
චිතකා පරිකිණ්ණායො, අස්සමස්සාවිදූරතො;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2206
“පර්වතයෙහි ඇතුන්ගේ පා සටහන් මෙන් මේ ඔවුන් ක්‍රීඩා කරණ තැනය. ආශ්‍රමයට නුදුරු තැන වැලි ගොඩවල් විසිරී තිබෙත්. ජාලිය කෘෂ්ණජිනා යන ඒ පුත්‍රයන් අද නොදක්නෙමි.
2207
‘‘වාලිකායපි ඔකිණ්ණා, පුත්තකා පංසුකුණ්ඨිතා;
සමන්තා මභිධාවන්ති, තෙ න පස්සාමි දාරකෙ.
2207
“පස් තවරා වැලි විසුරුවා ගත් දරුවෝ හාත්පස දුවත්. ඒ දරුවන් අද නොදකිමු.
2208
‘‘යෙ මං පුරෙ පච්චුට්ඨෙන්ති (පච්චුදෙන්ති (සී. ස්‍යා. පී.)), අරඤ්ඤා දූරමායතිං;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2208
“වනයෙන් දුර සිට එන මා වෙත පෙර යම් කෙනෙක් පෙර ගමන් කරත්ද, ජාලිය කෘෂ්ණජිනා යන ඒ දරුවන් දෙදෙන අද නොපෙනෙත්.
2209
‘‘ඡකලිංව මිගිං ඡාපා, පච්චුග්ගන්තුන මාතරං;
දූරෙ මං පවිලොකෙන්ති (අපලොකෙන්ති (ක.), පටිවිලොකෙන්ති (ස්‍යා.)), තෙ න පස්සාමි දාරකෙ.
2209
“වැදූ මුවදෙනක කරා පැටවුන් මෙන් අසපුවෙන් පෙර ගමන් කොට දුර සිටම මා බලත්ද ඒ දරුවන් නොදක්නෙමි.
2210
‘‘ඉදං නෙසං කීළානකං, පතිතං පණ්ඩුබෙළුවං;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2210
“ඔවුන් සෙල්ලම් කරන පඬුපාට මේ බෙලිගෙඩිය වැටී තිබේ. ජාලිය කෘෂ්ණජිනා යන ඒ පුත්‍රයන් දෙදෙන අද නොදකිමි.
2211
‘‘ථනා ච මය්හිමෙ පූරා, උරො ච සම්පදාලති;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2211
“මගේ තන පිරී තිබේද පපුව පැලෙයිද ජාලිය කෘෂ්ණජිනා යන පුත්‍රයන් දෙදෙනා අද නොදකිමි.
2212
‘‘උච්ඡඞ්ගෙකො විචිනාති, ථනමෙකාවලම්බති;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2212
“මගේ උකුළ සොයත්ද, තනි තනිව එල්ලේද ඒ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙන නොදක්නෙමි.
2213
‘‘යස්සු සායන්හසමයං, පුත්තකා පංසුකුණ්ඨිතා;
උච්ඡඞ්ගෙ මෙ විවත්තන්ති, තෙ න පස්සාමි දාරකෙ.
2213
“පස් තැවරුනාවූ යම් පුත්‍ර කෙනෙක් වෙත්ද, සවස් කාලයෙහි මාගේ ඔඩොක්කුවෙහි ඈත මෑත පෙරලෙත්ද ඒ දරුවන් නොදක්නෙමි.
2214
‘‘අයං සො අස්සමො පුබ්බෙ, සමජ්ජො පටිභාති මං;
ත්‍යජ්ජ පුත්තෙ අපස්සන්ත්‍යා, භමතෙ විය අස්සමො.
2214
“පෙර මේ ආශ්‍රමය මට නෘත්‍ය මණ්ඩපයක්සේ වැටහෙයි. අද දරුවන් නොදකිනා මට ආශ්‍රමය කැරකෙන්නාක් මෙනි.
2215
‘‘කිමිදං අප්පසද්දොව, අස්සමො පටිභාති මං;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2215
“මට ආශ්‍රමය නිශ්ශබ්ද තැනක් වශයෙන් වැටහෙන්නේ ඇයි? වන කපුටෝද ශබ්ද නොකරත්. ඒකාන්තයෙන් දරුවන් මැරුණා වෙන්නට ඇත.
2216
‘‘කිමිදං අප්පසද්දොව, අස්සමො පටිභාති මං;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2216
“ආශ්‍රමය නිශ්ශබ්දව වැටහෙන්නේ ඇයි. පක්ෂීහුද නාද නොකරති. ඒකාන්තයෙන් දරුවන් මැරුණා වෙන්නට ඇත.
2217
‘‘කිමිදං තුණ්හිභූතොසි, අපි රත්තෙව මෙ මනො;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2217
“කුමක් නිසා මේ නිශ්ශබ්ද වූයෙහිද, එසේම මගේ සිත රැයෙහි මෙනි. වන කපුටෝද නොහඬත්. මාගේ දරුවෝ ඒකාන්තයෙන් මළහයි සිතමි.
2218
‘‘කිමිදං තුණ්හිභූතොසි, අපි රත්තෙව මෙ මනො;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2218
“කුමක් නිසා මේ නිශ්ශබ්ද වූයෙහිද? මගේ සිත රැයෙහි මෙනි. පක්ෂීහුද ශබ්ද නොකරත්. මාගේ දරුවෝ ඒකාන්තයෙන් මළහයි සිතමි.
2219
‘‘කච්චි නු මෙ අය්‍යපුත්ත, මිගා ඛාදිංසු දාරකෙ;
අරඤ්ඤෙ ඉරිණෙ විවනෙ, කෙන නීතා මෙ දාරකා.
2219
“ආර්‍ය්‍ය පුත්‍රය, කිමෙක්ද දරුවන් මෘගයෝ කෑවෝද? විවේකීවූ අහර අඩු මහ කැලෑවෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දෝද?”
2220
‘‘අදු තෙ පහිතා දූතා, අදු සුත්තා පියංවදා;
අදු බහි නො නික්ඛන්තා, ඛිඩ්ඩාසු පසුතා නු තෙ.
2220
“නොහොත් ඔබ විසින් දූත කාර්‍ය්‍යයකට යවන ලද්දේද? නොහොත් ප්‍රිය කථා ඇති දරුවෝ නිදිද, නොහොත් පිටත ගියෝද ක්‍රීඩාවෙන් පසු වෙත්ද?
2221
‘‘නෙවාසං කෙසා දිස්සන්ති, හත්ථපාදා ච ජාලිනො;
සකුණානඤ්ච ඔපාතො, කෙන නීතා මෙ දාරකා.
2221
“ඔවුන්ගේ කළුපාට කෙස් නොදකිමි. රන්දැල් වැනි අත් පා නොපෙනෙත්. අහසින් පක්ෂීන්ගේ බැස අල්ලා ගැනීමක් වීද. මාගේ දරුවන් කවරෙක් ගෙන ගියෝද?
2222
‘‘ඉදං තතො දුක්ඛතරං, සල්ලවිද්ධො යථා වණො;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො.
2222
“ජාලිය, කෘෂ්ණජිනා යන දෙදෙන අද නොදැක්කෙම්ද හුලකින් විදින ලද වණයක් මෙනි, මෙය ඊටත් වඩා දුකකි.
2223
‘‘ඉදම්පි දුතියං සල්ලං, කම්පෙති හදයං මම;
යඤ්ච පුත්තෙ න පස්සාමි, ත්වඤ්ච මං නාභිභාසසි.
2223
“අද ඒ මාගේ පපුවට මේ දෙවෙනි හුල කම්පාකරයි. අද ඒ දරුවන් නොදක්නෙමි. ඔබද මා සමග කථා නොකරන්නෙහිය.
2224
‘‘අජ්ජෙව (අජ්ජ චෙ (ස්‍යා.)) මෙ ඉමං රත්තිං, රාජපුත්ත න සංසසි;
මඤ්ඤෙ ඔක්කන්තසන්තං (උක්කන්තසත්තං (සී. පී.)) මං, පාතො දක්ඛිසි නො මතං’’.
2224
“රාජපුත්‍රය, අද මේ රාත්‍රියම මට සැක කරන්න උදෑසන ජීවිතයෙන් පහවූ මළ මා දක්නෙහියයි හඟිමි.”
2225
‘‘නූන මද්දී වරාරොහා, රාජපුත්තී යසස්සිනී;
පාතො ගතාසි උඤ්ඡාය, කිමිදං සායමාගතා’’.
2225
“ශ්‍රේෂ්ඨ ශරීර සම්පත්තියක් ඇති යශස් ඇත්තාවූ රාජ දෙවිය පලවැල කැඩීමට රැයින් ගියෙහිය. කුමක් හෙයින් සවස් වී ආයෙහිද?
2226
‘‘නනු ත්වං සද්දමස්සොසි, යෙ සරං පාතුමාගතා;
සීහස්සපි නදන්තස්ස, බ්‍යග්ඝස්ස ච නිකුජ්ජිතං.
2226
“යම් සත්වකෙනෙක් මේ විලට පැන් බීමට පැමිණියාහුද? ඝොෂා කරන සිංහයාගේද ව්‍යාඝ්‍රයන්ගේද ශබ්දය තොප නොඇසුයෙහිද?”
2227
‘‘අහු පුබ්බනිමිත්තං මෙ, විචරන්ත්‍යා බ්‍රහාවනෙ;
ඛණිත්තො මෙ හත්ථා පතිතො, උග්ගීවඤ්චාපි (උඞ්ගීවඤ්චාපි (ක.)) අංසතො.
2227
“දෙවයන් වහන්ස, මට පෙරනිමිති පහළ විය. මහා වනයෙහි හැසිරෙන්නාවූ මගේ කෙක්ක මගේ අතින් වැටුණේය. අංශයෙන් කරෙහි පැස එල්ලන කොක්කද වැටුනේය.
2228
‘‘තදාහං බ්‍යථිතා භීතා, පුථු කත්වාන පඤ්ජලිං;
සබ්බදිසා නමස්සිස්සං, අපි සොත්ථි ඉතො සියා.
2228
“එකල්හි මම පෙළුනෙම් බියවූයෙම්. මෙයින් යහපතක් වන්නේද බොහෝ වෙලා දොහොත් වැඳීම දැඩි කොට සියලු දිශාවන් වැන්දෙමි.
2229
‘‘මා හෙව නො රාජපුත්තො, හතො සීහෙන දීපිනා;
දාරකා වා පරාමට්ඨා, අච්ඡකොකතරච්ඡිහි.
2229
“රාජ පුත්‍රතෙම සිංහයෙකුගෙන් හෝ කොටියකුගෙන් හෝ නැසුණේ නොවේවා. දරුවෝ වග ගවර වලසුන් අල්ලා ගත්තේ නොවේවා.
2230
‘‘සීහො බ්‍යග්ඝො ච දීපි ච, තයො වාළා වනෙ මිගා;
තෙ මං පරියාවරුං මග්ගං, තෙන සායම්හි ආගතා.
2230
“සිංහයෙක්ද ව්‍යාඝ්‍රයෙක්ද කොටියෙක්ද යන චණ්ඩවන මෘගයන් තුන්දෙනෙක් මට මාර්ගය වැලැක්කුවාහුය. එනිසා සවස් කාලයේ ආවෙමි.
2231
‘‘අහං පතිඤ්ච පුත්තෙ ච, ආචෙරමිව මාණවො;
අනුට්ඨිතා දිවාරත්තිං, ජටිනී බ්‍රහ්මචාරිනී.
2231
“‘මම ස්වාමියාද දරුවන්ද තරුණයෙක් ගුරුවරයාට මෙන් බ්‍රහ්මචාරීව බැන්ද කෙශකලාප ඇතිව රෑ දාවල් දෙක්හි උපස්ථාන කරණ ලදී.
2232
‘‘අජිනානි පරිදහිත්වා, වනමූලඵලහාරියා;
විචරාමි දිවාරත්තිං, තුම්හං කාමා හි පුත්තකා.
2232
“දරුවෙනි, තොපට ආදරයෙන්ම අඳුන් දිවිසම් හැඳගෙණ වනමුල් ඵලගෙන එමින් රෑ දාවල් දෙක්හි හැසිරෙමි.
2233
‘‘අහං සුවණ්ණහලිද්දිං, ආභතං පණ්ඩුබෙළුවං;
රුක්ඛපක්කානි චාහාසිං, ඉමෙ වො පුත්ත කීළනා.
2233
“දරුවෙනි, මේ රන්වන් කහ ගෙනෙන ලදී. පඬු පාට බෙලිගෙඩියක් ගෙනායෙමි. දරුවනි, මේවා තොපගේ කෙළි බඩුය.
2234
‘‘ඉමං මූලාළිවත්තකං, සාලුකං චිඤ්චභෙදකං;
භුඤ්ජ ඛුද්දෙහි සංයුත්තං, සහ පුත්තෙහි ඛත්තිය.
2234
“මේ නෙළුම් අලද මානෙල් අලද රන්වන් දියද මහරජ මීපැණි හා මිශ්‍රකොට දරුවන් සමග අනුභව කරවයි” කියා අඬයි.
2235
‘‘පදුමං ජාලිනො දෙහි, කුමුදඤ්ච කුමාරියා;
මාලිනෙ පස්ස නච්චන්තෙ, සිවි පුත්තානි අව්හය.
2235
“සිවිරාජපුත්‍රය, ජාලියට මානෙල් මල දෙන්න. කුමාරියට නෙළුම් මල් දෙන්න. නටන්නාවූ මල් පැළඳවූවන් බලනු මැනව. වහා දරුවන් ගෙන්වනු මැනව.
2236
‘‘තතො කණ්හාජිනායපි, නිසාමෙහි රථෙසභ;
මඤ්ජුස්සරාය වග්ගුයා, අස්සමං උපයන්තියා (උපගන්ථියා (ස්‍යා. ක.)).
2236
“මහරජ, ඉක්බිති ආශ්‍රමය සමීපයෙහි කෘෂ්ණජිනාවගේ මිහිරි ලස්සණ වචනයන්ම ඇහුම්කන් දෙනු මැනව.
2237
‘‘සමානසුඛදුක්ඛම්හා, රට්ඨා පබ්බාජිතා උභො;
අපි සිවි පුත්තෙ පස්සෙසි, ජාලිං කණ්හාජිනං චුභො.
2237
“ස්වාමීනි, සිවි රජානෙනි, රටින් පිටුවහල් කළ නමුත් අපදෙදෙන ජාලිය කෘෂ්ණාජිනා යන දරුවන් දෙදෙන දක්නහුද සමාන සැපදුක් ඇත්තෝ වෙමු.
2238
‘‘සමණෙ බ්‍රාහ්මණෙ නූන, බ්‍රහ්මචරියපරායණෙ;
අහං ලොකෙ අභිස්සපිං, සීලවන්තෙ බහුස්සුතෙ;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො’’.
2238
“මම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්‍ය්‍යාව පිහිට කොට බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සාප කෙළෙමි. අද ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් නොදක්නෙමි.
2239
‘‘ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා;
විවිධානි රුක්ඛජාතානි, තෙ කුමාරා න දිස්සරෙ.
2239
“එල්ලෙන අතු ඇති මේ දඹ ගස්ද නික ගස්ද යන නොයෙක් වෘක්ෂ සමූහයෝ වෙත්ද, අද ඒ දරුවෝ නොපෙනෙත්.
2240
‘‘අස්සත්ථා පනසා චෙමෙ, නිග්‍රොධා ච කපිත්ථනා;
විවිධානි ඵලජාතානි, තෙ කුමාරා න දිස්සරෙ.
2240
“ඇසතුද කොස්ද, මේ නුගද දිවුල්ද යන නොයෙක් ගෙඩි වර්ග කෙනෙක් ඇද්ද අද ඒ දරුවෝ නොපෙනෙත්.
2241
‘‘ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී;
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2241
“මේ ගෙඩි ඇති උයන් වෙත්ද, මේ සිහිල් ජලය ඇති ගඟක් වෙත්ද, යම් තැනක පෙර ක්‍රීඩා කළාහුද ඒ දරුවෝ නොපෙනෙත්.
2242
‘‘විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ ධාරිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2242
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ප්‍රකාර මල්වෙත්ද යම්මල් වර්ගයක් පෙර දැරුවාහුද, ඒ දරුවෝ නොපෙනෙත්.
2243
‘‘විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ;
යානස්සු පුබ්බෙ භුඤ්ජිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2243
“මේ පර්වත මුදුනෙහි නොයෙක් ඵල වර්ග වෙත්ද යමක් පෙර අනුභව කළාහුද ඒ දරුවෝ නොපෙණෙත්.
2244
‘‘ඉමෙ තෙ හත්ථිකා අස්සා, බලිබද්දා ච තෙ ඉමෙ;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ’’.
2244
“මේ තොපගේ ත්‍රීඩා ඇත්තුය. අශ්වයෝය මේ තොපගේ හරක්ය යමක් සමග පුත්‍රයෝ ක්‍රීඩා කළාහුද ඔව්හු ඒ දරුවෝ නොපෙනෙත්.
2245
‘‘ඉමෙ සාමා සසොලූකා, බහුකා කදලීමිගා;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2245
“මේ රන්වන් මෘගයෝය හාවෝය බකමූණෝය මේ බොහෝවූ කේල්මුවෝය යන මොවුන් සමග දරුවෝ ක්‍රීඩා කළාහුද
2246
‘‘ඉමෙ හංසා ච කොඤ්චා ච, මයූරා චිත්‍රපෙඛුණා;
යෙහිස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ’’.
2246
“මේ විසිතුරු දැකුම් ඇති හංසයෝද කොස්වාලිහිණියෝද මොණරුද යමක්හු සමග පෙර ක්‍රීඩා කළාහුද ඒ දරුවෝ නොපෙණෙත්.
2247
‘‘ඉමා තා වනගුම්බායො, පුප්ඵිතා සබ්බකාලිකා;
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2247
“හැමකල්හි පිපී සිටියාවූ යම් තැනෙක්හි පෙර දරුවෝ ක්‍රීඩා කළාහුද, මේ ඒ වන ලැහැබය. ඒ දරුවෝ නොපෙණෙත්.
2248
‘‘ඉමා තා පොක්ඛරණී රම්මා, චක්කවාකූපකූජිතා;
මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච;
යත්ථස්සු පුබ්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස්සරෙ.
2248
“සක්වා ලිහිණින් විසින් නාද කරණලද යම් තැනෙක්හි දරුවෝ පෙර ක්‍රීඩා කළාහුද ඒ මේ මානෙල් නෙළුම් මල් ඇති ජලය අඩු පොකුණු යහපත්ය. ඒ දරුවෝ නොපෙණෙත්.
2249
‘‘න තෙ කට්ඨානි භින්නානි, න තෙ උදකමාහතං;
අග්ගිපි තෙ න හාපිතො, කිං නු මන්දොව ඣායසි.
2249
“ඔබ විසින් දර නොකඩන ලදී. ඔබ ජලය නොගෙනෙනලදී. ඔබ විසින් ගිනිද නොදල්වන ලදී. කුමක් හෙයින් දුර්වලව සිතන්නෙහිද,
2250
‘‘පියො පියෙන සඞ්ගම්ම, සමො මෙ (සමොහං (ස්‍යා.), සම්මොහං (ක.)) බ්‍යපහඤ්ඤති;
ත්‍යජ්ජ පුත්තෙ න පස්සාමි, ජාලිං කණ්හාජිනං චුභො’’.
2250
“මට ප්‍රියවූයේ ප්‍රියයා සමග එක්ව සමව සැනසෙයි. අද මට ඔබ දැකත් ඒ ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා අද නොදකිම්ද,
2251
‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2251
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන කවුඩෝද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
2252
‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා’’.
2252
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන පක්ෂීහුද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
2253
‘‘සා තත්ථ පරිදෙවිත්වා, පබ්බතානි වනානි ච;
පුනදෙවස්සමං ගන්ත්වා, රොදි සාමිකසන්තිකෙ (සාමිකසන්තිකෙ රොදි (සී. ස්‍යා. පී.)).
2253
ඕතොමෝ එහි පර්වතයන්හිද වනයන්හිද අඬා නැවත ස්වාමියාගේ ආශ්‍රමයට ගොස් ඔහු සමීපයෙහි ඇඬුවාය.
2254
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
කාකොලාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2254
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන කවුඩෝද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
2255
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
සකුණාපි න වස්සන්ති, මතා මෙ නූන දාරකා.
2255
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. යමෙකු විසින් ඔවුන් ගෙනයන ලද්දාහුද, මරනු ලද්දාහුද, වන පක්ෂීහුද නොහඬත්. ඒකාන්තයෙන් මාගේ දරුවෝ මළහයි සිතමි.
2256
‘‘‘න ඛො නො දෙව පස්සාමි, යෙන තෙ නීහතා මතා;
විචරන්ති රුක්ඛමූලෙසු, පබ්බතෙසු ගුහාසු ච’.
2256
“දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදක්නෙමි. යමෙකු විසින් ඔවුන් ගෙනගියාහුද, මරන ලද්දාහුද, වෘක්ෂ මූලයන්හිද පර්වතයන්හිද ගුහාවන්හිද හැසිරෙන්නී. නොදක්නෙමි.”
2257
‘‘ඉති මද්දී වරාරොහා, රාජපුත්තී යසස්සිනී;
බාහා පග්ගය්හ කන්දිත්වා, තත්ථෙව පතිතා ඡමා’’.
2257
මෙසේ උතුම් ශරීර ඇති යසස් ඇත්තාවූ මද්‍රී නම් රජ බිසව දෙඅත් හිස බැඳ අඬා එහිම බිම වැටුණීය.
2258
‘‘තමජ්ඣපත්තං රාජපුත්තිං, උදකෙනාභිසිඤ්චථ;
අස්සත්ථං නං විදිත්වාන, අථ නං එතදබ්‍රවි’’.
2258
සිහි නැතිවූ ඒ රාජපුත්‍රියට දිය ඉස, සිහි ලැබූ ඇය දැක නැවත ඈට මේ වචන කීයේය.
2259
‘‘ආදියෙනෙව තෙ මද්දි, දුක්ඛං නක්ඛාතුමිච්ඡිසං;
දලිද්දො යාචකො වුඩ්ඪො, බ්‍රාහ්මණො ඝරමාගතො.
2259
“මද්‍රී දේවිනි, මුලින්ම ඔබට දුකක් ගෙනදීමට නොකැමැත්තෙමි. දිළිඳුවූ මහළුවූ ඉල්ලාගෙන ජීවත් වන්නාවූ බමුණෙක් ගෙට ආවේය. මාවිසින් ඔහුට දරුවන් දෙන ලදී. මද්‍රීය බිය නොවව. සැනසෙව.
2260
‘‘තස්ස දින්නා මයා පුත්තා, මද්දි මා භායි අස්සස;
මං පස්ස මද්දි මා පුත්තෙ, මා බාළ්හං පරිදෙවසි;
ලච්ඡාම පුත්තෙ ජීවන්තා, අරොගා ච භවාමසෙ.
2260
“මද්‍රි දේවීනි, මා බලව, දරුවන් නොබලව. තදින් නොහඬව. ජීවත් වන්නාවූ අප නිරෝගිද වන්නාහු නම් පුත්‍රයන් ලබමු.
2261
‘‘පුත්තෙ පසුඤ්ච ධඤ්ඤඤ්ච, යඤ්ච අඤ්ඤං ඝරෙ ධනං;
දජ්ජා සප්පුරිසො දානං, දිස්වා යාචකමාගතං;
අනුමොදාහි මෙ මද්දි, පුත්තකෙ දානමුත්තමං’’.
2261
“පුත්‍රයන්ද, තිරිසන් ගත සතුන්ද, ධනයද ගෙයි අනික් ධනයක් ඇත්තේද, ආවාවූ ඉල්වන්නන් දැක සත්පුරුෂයා දන් දෙන්නේය. මද්‍රිය මාවිසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙව”
2262
‘‘අනුමොදාමි තෙ දෙව, පුත්තකෙ දානමුත්තමං;
දත්වා චිත්තං පසාදෙහි, භිය්‍යො දානං දදො භව.
2262
“දේවයන් වහන්ස, ඔබවහන්සේ විසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙමි. දී සිත පහදව. බොහෝ කොට දන් දෙන්නෙක් වෙව.”
2263
‘‘යො ත්වං මච්ඡෙරභූතෙසු, මනුස්සෙසු ජනාධිප;
බ්‍රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො’’.
2263
“මහරජ, සිවීන්ගේ රට වඩන යම්බඳුවූ ඔබ මසුරු වූ මනුෂ්‍යයන් අතර බමුණාට දානයක් දුන්නේද,
2264
‘‘නින්නාදිතා තෙ පථවී, සද්දො තෙ තිදිවඞ්ගතො;
සමන්තා විජ්ජුතා ආගුං, ගිරීනංව පතිස්සුතා.
2264
“තොපගේ දානයට පෘථිවිය නාද කරණ ලද්දාහ. ඒ දාන ශබ්දය දිව්‍ය ලෝකයටද ගියේය. පර්වතයන්හි දෝංකාර වැනි ශබ්ද හා අකාල විදුලි කෙටීම්ද විය.
2265
‘‘තස්ස තෙ අනුමොදන්ති, උභො නාරදපබ්බතා;
ඉන්දො ච බ්‍රහ්මා පජාපති, සොමො යමො වෙස්සවණො;
සබ්බෙ දෙවානුමොදන්ති, තාවතිංසා සඉන්දකා.
2265
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්‍රවන රජද ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝද යන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා”
2266
‘‘ඉති මද්දී වරාරොහා, රාජපුත්තී යසස්සිනී;
වෙස්සන්තරස්ස අනුමොදි, පුත්තකෙ දානමුත්තමං’’.
2266
මෙසේ ශ්‍රේෂ්ඨ ශරීරයක් ඇත්තාවූ යසස් ඇත්තාවූ රජ බිසවුතොමෝ වෙස්සන්තරගේ පුත්‍රයන් සම්බන්ධ උතුම් දානය අනුමෝදන් විය.
2267
තතො රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
සක්කො බ්‍රාහ්මණවණ්ණෙන, පාතො තෙසං අදිස්සථ.
2267
ඉක්බිති රාත්‍රිය අවසානයෙහි ඉර පායන කල්හි ශක්‍රතෙමේ උදෑසන බමුණු වේශයකින් ඔවුන්ට පෙනී සිටියේය.
2268
‘‘කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
2268
“පින්වත සැප කෙසේද කිමෙක්ද, පින්වත්හට දුකක්නැද්ද, කිමෙක්ද, සිඟීමෙන් ජීවත්වන්නෙහිද? කිමෙක් මුල් ඵල බොහෝ ලැබේද?
2269
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
2269
“කිමෙක්ද, ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද සර්පයෝද අඩුද? වල්මුවන් ඇති වනයෙහි හිංසාවක් නැත්තේද?”
2270
‘‘කුසලඤ්චෙව නො බ්‍රහ්මෙ, අථො බ්‍රහ්මෙ අනාමයං;
අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
2270
“බ්‍රාහ්මණය, මට යහපති. බ්‍රාහ්මණය, නැවතද මට දුකක් නැත. නැවතද පිඩු සිඟීමෙන් යැපෙමි. නැවතද මුල් ඵල බොහෝයි.
2271
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
2271
“නැවත ඩැහැ ලේ බොන මැස්සෝද, මදුරුවෝද අඩුය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි මට හිංසාවක් නැත.
2272
‘‘සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං;
ඉදං දුතියං පස්සාම, බ්‍රාහ්මණං දෙවවණ්ණිනං;
ආදාය වෙළුවං දණ්ඩං, ධාරෙන්තං අජිනක්ඛිපං.
2272
“වනයෙහි සත් මසක් වාසය කරන්නාවූ ශෝකයෙන් ජීවත්වන්නාවූ අපට බෙලි ලීයක් රැගත් අඳුන් දිවිසමක් දරන්නාවූ දෙවියන් විසින් වර්ණනා කළ බමුණෙකු දෙවෙනි වරද දකිමු.
2273
‘‘ස්වාගතං තෙ මහාබ්‍රහ්මෙ, අථො මෙ අදුරාගතං;
අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
2273
“මහණ බමුණ තොපට යහපත් පැමිණීමක් වේවා. නැවත ඔබට අදූරාගමනය වේවා. පින්වතානෙනි ඇතුළට එන්න. ඔබගේ පාදයන් සෝදාගන්න.
2274
‘‘තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො;
ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්‍රහ්මෙ වරං වරං.
2274
“බ්‍රාහ්මණය උතුම් උතුම්වූ තිඹිරිද, කෝන්ද, මිහිරී කාසුමාරියද, යන කුඩා සුදුසු, හොඳ හොඳ ගෙඩි වර්ග අනුභව කරන්න
2275
‘‘ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා;
තතො පිව මහාබ්‍රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
2275
“මහාබ්‍රහ්මය, ඉදින් ඔබ කැමැත්තෙහි නම් පර්වත කුහරයෙන් ගෙන ආ සිහිල්වූ මේ පැන් පානය කරණු මැනව”
2276
‘‘අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා;
අනුප්පත්තො බ්‍රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’.
2276
“නැවත ඔබ කිනම් කරුණක් නිසා කිනම් හේතුවක් උඩ මහවනයට පැමිණියෙහිද, විචාරණ ලද මට එය කියනු මැනව.”
2277
‘‘යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති;
එවං තං යාචිතාගච්ඡිං, භරියං මෙ දෙහි යාචිතො’’.
2277
“යම්සේ පිරුණාවූ මහා සමුද්‍රය සියලු කාලයෙහි ක්ෂය නොවේද, එසේ ඔබගෙන් ඉල්වන්නට පැමිණියෙමි. ඉල්වන මට භාර්‍ය්‍යාව දෙව.”
2278
‘‘දදාමි න විකම්පාමි, යං මං යාචසි බ්‍රාහ්මණ;
සන්තං නප්පටිගුය්හාමි, දානෙ මෙ රමතී මනො’’.
2278
“දෙමි, වෙනස් නොකරමි. බ්‍රාහ්මණය යමක් මගෙන් ඉල්ලන්නෙහිද, ඇති දෙය නොසඟවමි. මාගේ සිත දීමෙහි ඇලෙයි.”
2279
‘‘මද්දිං හත්ථෙ ගහෙත්වාන, උදකස්ස කමණ්ඩලුං;
බ්‍රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
2279
සිවීන්ගේ රට වඩන රජතෙම මද්‍රීදෙවිය අතින් අල්ලා දිය පිරුණු කෙණ්ඩිය ගෙන බමුණාට දන් දුන්නේය.
2280
‘‘තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං;
මද්දිං පරිචජන්තස්ස, මෙදනී සම්පකම්පථ.
2280
මද්‍රීදේවිය දෙද්දී පෘථිවිය කම්පාවූයේය. එකල්හි බිහිසුණු බවක්ද විය. එය ලොම් කෙලින් සිටින්නක් ද විය.
2281
‘‘නෙව සා මද්දී භාකුටි, න සන්ධීයති න රොදති;
පෙක්ඛතෙවස්ස තුණ්හී සා, එසො ජානාති යං වරං’’.
2281
මද්‍රිදෙවියගේ මුහුණ (කොපයෙන්) නොහැකුළුණේය. මුහුණ නොමැලවුණේය නොහඬයි. මේ රජතෙම යම් ලාභයක් දනීයයි ඕතොමෝ තුෂ්ණීම්භූතව ඔහුගේ මුහුණ බලාම සිටියාය.
[“ජාලියද කෘෂ්ණජිනා දුවණියද පතීව්‍රතාවූ මද්‍රිදෙවි බුද්ධත්වය පිණිසම දෙන්නේ අනෙකක් නොසිතූවෙමි.
“දරුවන් දෙදෙන මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද අප්‍රිය නොවේ. සර්වඥ බව මට ප්‍රියය, එහෙයින් ප්‍රිය වස්තු දුන්නෙමි.”]
2282
‘‘කොමාරී යස්සාහං භරියා, සාමිකො මම ඉස්සරො;
යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා, වික්කිණෙය්‍ය හනෙය්‍ය වා’’.
2282
“මම යම්බඳුවූ ඔබගේ තරුණ භාර්‍ය්‍යාව වෙම්ද, ඔබ මගේ ස්වාමියාය. යමෙකුට කැමැත්තෙහි නම් ඔහුට මා දෙන්නේය. විකුණන්නේය. මරන්නේය.”
2283
‘‘තෙසං සඞ්කප්පමඤ්ඤාය, දෙවින්දො එතදබ්‍රවි;
සබ්බෙ ජිතා තෙ පච්චූහා, යෙ දිබ්බා යෙ ච මානුසා.
2283
ශක්‍රතෙමේ ඔවුන්ගේ අදහස් දැක දිව්‍යවූද, මනුෂ්‍යවූද ඔබගේ විරුද්ධකාරවූ යම් ක්ලෙශයක් ඇද්ද ඔවුහු ලදහයි” කීවේය.
2284
‘‘නින්නාදිතා තෙ පථවී, සද්දො තෙ තිදිවඞ්ගතො;
සමන්තා විජ්ජුතා ආගුං, ගිරීනංව පතිස්සුතා.
2284
“තොපගේ දානයට පෘථිවිය නාද කරණ ලද්දාහ. ඒ දාන ශබ්දය දිව්‍ය ලෝකයටද ගියේය. පර්වතයන්හි දෝංකාර වැනි ශබ්ද හා අකාල විදුලි කෙටීම්ද විය.
2285
‘‘තස්ස තෙ අනුමොදන්ති, උභො නාරදපබ්බතා;
ඉන්දො ච බ්‍රහ්මා පජාපති, සොමො යමො වෙස්සවණො;
සබ්බෙ දෙවානුමොදන්ති, දුක්කරඤ්හි කරොති සො.
2285
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්‍රවන රජද සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. හෙතෙම නොකට හැකි දෙයක් කරයි”
2286
‘‘දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං;
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්නයො.
2286
“නොදිය හැකි දෙයක් දෙන්නාවූ නොකළ හැකි දෙයක් කරන්නාවූ අසත් පුරුෂයෝ සත් පුරුෂයන්ට අනුව ක්‍රියා නොකරත්. සත් පුරුෂයන්ගේ ස්වභාවය සිතිය නොහැකියි.
2287
‘‘තස්මා සතඤ්ච අසතං, නානා හොති ඉතො ගති;
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායණා.
2287
“එහෙයින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මින් යාමද වෙනස්ය. අසත්පුරුෂයෝ නරකයට යත්. සත්පුරුෂයෝ දෙව්ලොවට යත්.
2288
‘‘යමෙතං කුමාරෙ අදා, භරියං අදා වනෙ වසං;
බ්‍රහ්මයානමනොක්කම්ම, සග්ගෙ තෙ තං විපච්චතු’’.
2288
“වනයෙහි වසමින් දරුවන් දුන්නේද, යම් මේ භාර්‍ය්‍යාවක් දුන්නේද, ශ්‍රේෂ්ඨ පදවියට නොවරදවා තොපට දිව්‍යලෝකයෙහි සැපවිඳීමට එය පවතීවා.
2289
‘‘දදාමි භොතො භරියං, මද්දිං සබ්බඞ්ගසොභනං;
ත්වඤ්චෙව මද්දියා ඡන්නො, මද්දී ච පතිනා සහ.
2289
“සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රිදේවිය භාර්‍ය්‍යා කොට ඔබට දෙමි. මද්‍රිදේවියම ඔබට සුදුසුය. මද්‍රියද ස්වාමියා සමග වූයේ බබළයි.
2290
‘‘යථා පයො ච සඞ්ඛො ච, උභො සමානවණ්ණිනො;
එවං තුවඤ්ච මද්දී ච, සමානමනචෙතසා.
2290
“යම්සේ කිරිද සකද යන දෙක සමාන ස්වරූප ඇත්තේද එසේම ඔබද මද්‍රීයද එකසමාන සිත් ඇත්තාහ.
2291
‘‘අවරුද්ධෙත්ථ අරඤ්ඤස්මිං, උභො සම්මථ අස්සමෙ;
ඛත්තියා ගොත්තසම්පන්නා, සුජාතා මාතුපෙත්තිතො;
යථා පුඤ්ඤානි කයිරාථ, දදන්තා අපරාපරං’’.
2291
“මේ වනයට රටින් පිටකරණ ලද ක්ෂත්‍රියවූ මවුපිය දෙපසින් යහපත්ව උපන් උසස් ජාති ඇති දෙදෙනම අනෙක් අනෙක් දේ දෙමින් යම්සේ පින් කරව්ද එසේ අසපුවෙහි වෙසෙත්වා.
2292
‘‘සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ;
වරං වරස්සු රාජිසි, වරෙ අට්ඨ දදාමි තෙ’’.
2292
“මම දෙවියන්ට අධිපති ශක්‍රයා වෙමි. තොප සමීපයට ආමි. රාජ තාපසය, වරයක් ඉල්වව. තොපට වර අටක් දෙමි”
2293
‘‘වරං චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර;
පිතා මං අනුමොදෙය්‍ය, ඉතො පත්තං සකං ඝරං;
ආසනෙන නිමන්තෙය්‍ය, පඨමෙතං වරං වරෙ.
2293
“සියලු සත්වයන්ට අධිපති ශක්‍රය, මට ඉදින් වර දෙන්නේහි නම් මෙයින් මගේ ගෘහයට ගොස් මට අසුනක් පවරන්නේද එසේ මගේ පියා සතුටු කරවන්නේද ඒ පළමු වෙනි වරය ඉල්වමි.
2294
‘‘පුරිසස්ස වධං න රොචෙය්‍යං, අපි කිබ්බිසකාරකං;
වජ්ඣං වධම්හා මොචෙය්‍යං, දුතියෙතං වරං වරෙ.
2294
“රාජාපරාධ කරන්නාවූ පුරුෂයෙකුට වධ කිරීමක් නොකැමැත්තෙමි. වධයට පත්වූවෙකු වධයෙන් මුදවන්නෙමි යන දෙවෙනි වරය ඉල්වමි.
2295
‘‘යෙ වුඩ්ඪා යෙ ච දහරා, යෙ ච මජ්ඣිමපොරිසා;
මමෙව උපජීවෙය්‍යුං, තතියෙතං වරං වරෙ.
2295
“යම් මහල්ලෙක් වේද, යම් ළදරුවෙක් වේද, යම් මධ්‍යම පුරුෂයෙක් වේද, මානිසාම ජීවත් වන්නාහුද මේ තුන්වෙනි වරය ඉල්වමි.
2296
‘‘පරදාරං න ගච්ඡෙය්‍යං, සදාරපසුතො සියං;
ථීනං වසං න ගච්ඡෙය්‍යං, චතුත්ථෙතං වරං වරෙ.
2296
“අනුන්ගේ භාර්‍ය්‍යාවන් වෙත නොයන්නෙමි. ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවන්නෙමි. ස්ත්‍රීන්ගේ වසඟයට නොයන්නෙමි යන මේ සතරවෙනි වරය ඉල්වමි.
2297
‘‘පුත්තො මෙ සක්ක ජායෙථ, සො ච දීඝායුකො සියා;
ධම්මෙන ජිනෙ පථවිං, පඤ්චමෙතං වරං වරෙ.
2297
“ශක්‍රය, මට පුත්‍රයෙක් උපදින්නේ නම් හෙතෙමේ දීර්ඝායුෂ වේවා. ධර්මයෙන් පෘථිවිය දිනන්නෙමි යන මේ පස් වෙනි වරය ඉල්ලමි.
2298
‘‘තතො රත්‍යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති;
දිබ්බා භක්ඛා පාතුභවෙය්‍යුං, ඡට්ඨමෙතං වරං වරෙ.
2298
“ඉක්බිති රාත්‍රිය, අවසානයෙහි හිර පායන වේලාවෙහි දිව්‍යමය ආහාර පහළවෙත්වා. යන සවෙනි වරය ඉල්වමි.
2299
‘‘දදතො මෙ න ඛීයෙථ, දත්වා නානුතපෙය්‍යහං;
දදං චිත්තං පසාදෙය්‍යං, සත්තමෙතං වරං වරෙ.
2299
“දෙන්නාවූ මට අඩු නොවේවා. දී පසුතැවිලි නොවන්නෙමි. දෙමින් සිත පහදවන්නෙමි. මේ සත්වෙනි වරය ඉල්ලමි.
2300
‘‘ඉතො විමුච්චමානාහං, සග්ගගාමී විසෙසගූ;
අනිවත්ති තතො අස්සං, අට්ඨමෙතං වරං වරෙ’’.
2300
“මම මෙයින් චුතවන්නෙම් විශේෂ ගමන් ඇත්තේ ස්වර්ගයට යන සුළුවූයෙමි. ඉන් මනුෂ්‍යලෝකයට විත් නැවත නූපදින්නෙක් වෙම්වා යන අටවෙනි වරය ඉල්ලමි.”
2301
‘‘තස්ස තං වචනං සුත්වා, දෙවින්දො එතදබ්‍රවි;
අචිරං වත තෙ තතො, පිතා තං දට්ඨුමෙස්සති’’.
2301
ශක්‍රතෙමේ ඔහුගේ ඒ වචනය අසා “දරුව, තොපගේ පියා නොබෝ කලකින් තා බැලීමට එන්නේයයි” මෙය කීවේය.
2302
‘‘ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති;
වෙස්සන්තරෙ වරං දත්වා, සග්ගකායං අපක්කමි’’.
2302
සුජම්පති දිව්‍යපුත්‍රවූ ශක්‍රතෙමේ මෙය කියා වෙස්සන්තර රජුට වරදී දිව්‍යලෝකයට ඉවත්ව ගියේය.
2303
‘‘කස්සෙතං මුඛමාභාති, හෙමං වුත්තත්තමග්ගිනා;
නික්ඛංව ජාතරූපස්ස, උක්කාමුඛපහංසිතං.
2303
“ගින්නෙන් තවන ලද රත්රන් මෙන්ද කෝවෙහි මදිනලද රන් මසුරමක් මෙන්ද, බබළන මේ මුහුණ කාගේද,
2304
‘‘උභො සදිසපච්චඞ්ගා, උභො සදිසලක්ඛණා;
ජාලිස්ස සදිසො එකො, එකා කණ්හාජිනා යථා.
2304
“දෙදෙනම සමාන අවයව ඇත්තාහ. දෙදෙන සමාන ලකුණු ඇත්තාහ. එකෙක් ජාලිය බඳුය. එකෙක් කෘෂ්ණජිනාව මෙනි.
2305
‘‘සීහා බිලාව නික්ඛන්තා, උභො සම්පතිරූපකා;
ජාතරූපමයායෙව, ඉමෙ දිස්සන්ති දාරකා’’.
2305
“දෙදෙනම දැන් ගුහාවෙන් නික්මුණු සිංහයන් හා එකසමානය. මේ දරුවෝ රන් මෙන්ම පෙනෙත්. බමුණ මේ දරුවෝ කොයින් ගෙනෙහිද?
2306
‘‘කුතො නු භවං භාරද්වාජ, ඉමෙ ආනෙසි දාරකෙ;
අජ්ජ රට්ඨං අනුප්පත්තො, කුහිං ගච්ඡසි බ්‍රාහ්මණ’’ (ඉදං ගාථද්ධං පී පොත්ථකෙ නත්ථි).
2306
2307
‘‘මය්හං තෙ දාරකා දෙව, දින්නා විත්තෙන සඤ්ජය;
අජ්ජ පන්නරසා රත්ති, යතො ලද්ධා (දින්නා (සී. පී.)) මෙ දාරකා’’.
2307
“සඤ්ජය, දේවයන්වහන්ස, මට ඒ දරුවෝ වස්තු කොට දෙන ලද්දාහ. යම් දවසක මට දරුවන් දෙනලද්දාහුද අදට මේ පසළොස්වන රාත්‍රියයි.”
2308
‘‘කෙන වා වාචපෙය්‍යෙන, සම්මාඤායෙන සද්දහෙ;
කො තෙතං දානමදදා, පුත්තකෙ දානමුත්තමං’’.
2308
“කිනම් ප්‍රිය වචනයකින් හරී නුවණින් අදහම්ද, කවරෙක් ඒ දරුවන් උතුම් දීමක්කොට තට දන්දුන්නේද?”
2309
‘‘යො යාචතං පතිට්ඨාසි, භූතානං ධරණීරිව;
සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
2309
“උපන් අයට පොළොව මෙන් යමෙක් යාචකයන්ට පිහිටක්වේද, වනයෙහි වසන්නාවූ ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය.”
2310
‘‘යො යාචතං ගතී ආසි, සවන්තීනංව සාගරො;
සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං’’.
2310
“නදීන්ට සාගරය මෙන් යමෙක් යාචකයන්ට පිහිටවීද, වනයේ වසන ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය”
2311
‘‘දුක්කටං වත භො රඤ්ඤා, සද්ධෙන ඝරමෙසිනා;
කථං නු පුත්තකෙ දජ්ජා, අරඤ්ඤෙ අවරුද්ධකො.
2311
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙයි වසන්නාවූ රජු විසින් ඒකාන්තයෙන් අමාරු වැඩක් කරණලදී. කැලේට පිටුවහල් කරණ ලද්දේ කෙසේ නම් දරුවන් දන්දෙන්නේද?
2312
‘‘ඉමං භොන්තො නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා;
කථං වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
2312
“යම්තාක් මෙහි රැස්වූ පින්වත්හු වෙත්ද මෙය අසත්වා. වනයෙහි වසන්නාවූ වෙස්සන්තර රජතෙම කෙසේ දරුවන් දන්දුනිද, හෙතෙම දාසයෙක්ද, දාසියන්ද, අශ්වයන්ද, අශ්වතරීන් යෙදූ රියද දේවා, කුඤ්ජරයයි කියන ලද ඇතුන්ද දේවා, හෙතෙම කෙසේ නම් දරුවන් දෙන්නේද?
2313
‘‘දාසිං දාසං ච (දාසං දාසි ච (සී. පී.)) සො දජ්ජා, අස්සං චස්සතරීරථං;
හත්ථිඤ්ච කුඤ්ජරං දජ්ජ, කථං සො දජ්ජ දාරකෙ’’.
2313
2314
‘‘යස්ස නස්ස (නත්ථි (සී. පී.)) ඝරෙ දාසො, අස්සො චස්සතරීරථො;
හත්ථී ච කුඤ්ජරො නාගො, කිං සො දජ්ජා පිතාමහ’’.
2314
“යමෙකුගේ ගෘහයෙහි දාසයෙක් නැද්ද, අශ්වයෙක් හෝ අශ්වතරයන් යෙදූ කරත්ත නැද්ද, කුඤ්ජර නාග සංඛ්‍යාත ඇතෙක් නැද්ද, මුත්තණුවෙනි, හෙතෙම කුමක් දන් දෙන්නේද?”
2315
‘‘දානමස්ස පසංසාම, න ච නින්දාම පුත්තකා;
කථං නු හදයං ආසි, තුම්හෙ දත්වා වනිබ්බකෙ’’.
2315
“දරුවෙනි, ඔහුගේ දානයට ප්‍රශංසාකරමු. නින්දා නොකරමු. තොප හිඟන්නෙකුට දී කෙසේ පපුවක් වූයේද?
2316
‘‘දුක්ඛස්ස හදයං ආසි, අථො උණ්හම්පි පස්සසි;
රොහිනීහෙව තම්බක්ඛී, පිතා අස්සූනි වත්තයි’’.
2316
“කෘෂ්ණජිනාව කී වචනය අසා ඔහුගේ පපුව දුකට භාජනවිය. නැවත උණුසුම් ද විය. තඹවන් රෝහිණිය මෙන් තඹ ඇස් ඇති පියතෙම කඳුළු හෙළුවේය.
2317
‘‘යං තං කණ්හාජිනාවොච, අයං මං තාත බ්‍රාහ්මණො;
ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
2317
“පියාණෙනි, මේ බ්‍රාහ්මණතෙම මට ගෙයි උපන් දාසියකට මෙන් සැරයටියෙන් තළායයි” යමක් ඔහුට කෘෂ්ණජිනා තොමෝ කීවාය.
2318
‘‘න චායං බ්‍රාහ්මණො තාත, ධම්මිකා හොන්ති බ්‍රාහ්මණා;
යක්ඛො බ්‍රාහ්මණවණ්ණෙන, ඛාදිතුං තාත නෙති නො;
නීයමානෙ පිසාචෙන, කින්නු තාත උදික්ඛසි’’.
2318
“පියාණෙනි, මේ බ්‍රාහ්මණයෙක් නොවේ. බමුණෝ ධාර්මික වෙත්. බමුණු වේශයෙන් යක්ෂයෙක් අප කන්නට ගෙනයයි. යකෙකු විසින් ගෙනයන කල්හි කුමක් හෙයින් බලා සිටින්නෙහිද?”
2319
‘‘රාජපුත්තී ච වො මාතා, රාජපුත්තො ච වො පිතා;
පුබ්බෙ මෙ අඞ්ගමාරුය්හ, කිං නු තිට්ඨථ ආරකා’’.
2319
“තොපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. තොපගේ පියතෙම රාජ පුත්‍රයෙකි පෙර මාගේ ඇකයට නැග දැන් කුමක් හෙයින් ඈත්ව සිටින්නෙහිද?”
2320
‘‘රාජපුත්තී ච නො මාතා, රාජපුත්තො ච නො පිතා;
දාසා මයං බ්‍රාහ්මණස්ස, තස්මා තිට්ඨාම ආරකා’’.
2320
“අපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. අපගේ පියතෙම රාජපුත්‍රයෙකි. අපි බ්‍රහ්මණයෙකුගේ දාසයෝය. එහෙයින් ඈත්ව සිටිමු.”
2321
‘‘මා සම්මෙවං අවචුත්ථ, ඩය්හතෙ හදයං මම;
චිතකායංව මෙ කායො, ආසනෙ න සුඛං ලභෙ.
2321
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මගේ පපුව දයි. මගේ ශරීරය දරසෑයක් මෙනි. ආසනයෙහි සැපක් නැත.
2322
‘‘මා සම්මෙවං අවචුත්ථ, භිය්‍යො සොකං ජනෙථ මං;
නික්කිණිස්සාමි දබ්බෙන, න වො දාසා භවිස්සථ.
2322
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මට බොහෝ කොට ශොක උපදවයි. දඩ දී ගන්නෙමි. තොප දාසයෝ නොවන්නාහුය.
2323
‘‘කිමග්ඝියඤ්හි වො තාත, බ්‍රාහ්මණස්ස පිතා අදා;
යථාභූතං මෙ අක්ඛාථ, පටිපාදෙන්තු බ්‍රාහ්මණං’’.
2323
“දරුවෙනි, ප්‍රියතෙමේ කෙතෙක් අගය කොට බමුණට දුන්නේද, තත්වූ පරිදි මට කියව බමුණාට දෙන්නෙමු.
2324
‘‘සහස්සග්ඝඤ්හි මං තාත, බ්‍රාහ්මණස්ස පිතා අදා;
අථ (අච්ඡං (සී. ස්‍යා. ක.)) කණ්හාජිනං කඤ්ඤං, හත්ථිනා ච සතෙන ච’’ (හත්ථිආදිසතෙන ච (ස්‍යා.), හත්ථිනාදිසතෙන ච (ක.)).
2324
“පියා මා දහසක් අගයකොට බමුණාට දුන්නේය. බාල කෘෂ්ණජිනා කන්‍යාව ඇතුන් සියයකට මිල කෙළේය.
2325
‘‘උට්ඨෙහි කත්තෙ තරමානො, බ්‍රාහ්මණස්ස අවාකර;
දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං;
ජාතරූපසහස්සඤ්ච , පුත්තානං දෙහි නික්කයං.
2325
“දූතයෙනි, ඉක්මණට නැගිටිනු මැනව. දාසියන් සියයක්ද දාසයන් සියයක්ද ගවයන් ඇතුන් වෘෂභයන් සියයක්ද රන්රිදී දහසක්ද බමුණාට දෙව. දරුවන්ට වන්දි දෙනු මැනව.”
2326
‘‘තතො කත්තා තරමානො, බ්‍රාහ්මණස්ස අවාකරි;
දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං;
ජාතරූපසහස්සඤ්ච, පුත්තානංදාසි නික්කයං’’.
2326
ඉක්බිති දූතතෙමේ ඉක්මන්ව දාසියන් සියයක්ද දාසයන් සියයක්ද ගවයන් ඇතුන් වෘෂභයන් සියය බැගින් රන් රිදීයෙන් දහසක්ද බමුණාට දුන්නේය. පුත්‍රයන්ට වන්දි පිණිස දුන්නේය.
2327
‘‘නික්කිණිත්වා නහාපෙත්වා, භොජයිත්වාන දාරකෙ;
සමලඞ්කරිත්වා භණ්ඩෙන, උච්ඡඞ්ගෙ උපවෙසයුං.
2327
දරුවන් මිලදී ගෙන නහවා වළඳවා ආභරණයෙන් අලංකාරකොට ඇකයෙහි හිඳුවාගත්හ.
2328
‘‘සීසං න්හාතෙ සුචිවත්ථෙ, සබ්බාභරණභූසිතෙ;
රාජා අඞ්කෙ කරිත්වාන, අය්‍යකො පරිපුච්ඡථ.
2328
රජතෙම හිසනැවූ පිරිසිදු වස්ත්‍ර ඇන්දවූ සියලු ආභරණයෙන් සැරසූ දරුවන් ඇකයෙහි තබා සිටිකල්හි මුත්තණුවෝ මෙසේ ඇසූහ.
2329
‘‘කුණ්ඩලෙ ඝුසිතෙ මාලෙ, සබ්බාභරණභූසිතෙ;
රාජා අඞ්කෙ කරිත්වාන, ඉදං වචනමබ්‍රවි.
2329
කුණ්ඩලාභරණ පළඳවා මිහිරි නාද කරවන කල්හි මල් පළඳවා සියලු අලංකාරයෙන් බබළන කල්හි රජතෙමේ දරුවන් ඇකයෙහි කොට මේ වචනය කීයේය.
2330
‘‘කච්චි උභො අරොගා තෙ, ජාලි මාතාපිතා තව;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
2330
“ජාලිය කිමෙක්ද? ඔබගේ මව් පිය දෙදෙන නිරෝගද, කිමෙක්ද? පල මුල්වලින් ජීවත්වත්ද, කිමෙක්ද, මුල් ගෙඩි බොහෝද?
2331
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
2331
“කිමෙක්ද ඇටමැස්සෝද මදුරුවෝද සර්පයෝ අඩුද? වල් මෘගයන් ගැවසීගත් වනයෙහි කිමෙක්ද, හිංසාවක් නැද්ද?”
2332
‘‘අථො උභො අරොගා මෙ, දෙව මාතාපිතා මම;
අථො උඤ්ඡෙන යාපෙන්ති, අථො මූලඵලා බහූ.
2332
“දේවයන්වහන්ස, නැවතද කියමි. මගේ මවු පිය දෙදෙන නිරෝගිය. පලවැලින් ජීවත්වෙත්. මුල් ගෙඩි බොහෝය.
2333
‘‘අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා නෙසං න විජ්ජති.
2333
“නැවත ඇටමැස්සෝද මදුරුවෝද සර්පයෝද නැත. වල්මෘගයන්ගෙන් යුත් වනයෙහි ඔවුන්ට හිංසාවක් නැත.
2334
‘‘ඛණන්තාලුකලම්බානි, බිලානි තක්කලානි ච;
කොලං භල්ලාතකං බෙල්ලං, සා නො ආහත්ව පොසති.
2334
“ආලුද, කලම්බද, බිලාලිද, තක්කලද සාරන්නී ඩෙබරද, බදුල්ලද බෙලිද ඕතොමෝ අපට ගෙන දී පොෂ්‍ය කරයි.
2335
‘‘යඤ්චෙව සා ආහරති, වනමූලඵලහාරියා;
තං නො සබ්බෙ සමාගන්ත්වා, රත්තිං භුඤ්ජාම නො දිවා.
2335
“වන මුල් ඵල ගෙන එන්නාවූ ඕ යමක් ගෙනාවේද අපි සැමදෙන එක්වී එය දවල් අනුභව කරමු. රාත්‍රියෙහි නැත.
2336
‘‘අම්මාව නො කිසා පණ්ඩු, ආහරන්තී දුමප්ඵලං;
වාතාතපෙන සුඛුමාලී, පදුමං හත්ථගතාමිව.
2336
“කෙට්ටුවූ පඬුවන්වූ මෑණියෝම අපට ගස්වල ගෙඩි වර්ග ගෙන එති. අව්වෙන් හා වාතයෙන් අතින් ගත් පියුමක් මෙන් සිවුමැළිය.
2337
‘‘අම්මාය පතනූකෙසා, විචරන්ත්‍යා බ්‍රහාවනෙ;
වනෙ වාළමිගාකිණ්ණෙ, ඛග්ගදීපිනිසෙවිතෙ.
2337
“වල්මුවන්ගෙන් ගැවසීගත්තාවූ කඟවේනුන් ගෙන් හා දිවියන්ගෙන් යුත් වල් මෘගයන්ගෙන් ගැවසීගත් මහා වනයෙහි හැසිරෙන්නාවූ මෑණියන්ගේ කේශයෝ තුනීවූහ”
2338
‘‘කෙසෙසු ජටං බන්ධිත්වා, කච්ඡෙ ජල්ලමධාරයි;
චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සති.
2338
“කෙස්වලින් ජටාව බැඳ කිසිලිවල කුණු දැලි දැරුවාය. සමක් ඇඳගෙන බිම සයනය කරයි. ගින්නට නමස්කාර කරයි.
2339
‘‘පුත්තා පියා මනුස්සානං, ලොකස්මිං උදපජ්ජිසුං;
න හි නූනම්හාකං අය්‍යස්ස, පුත්තෙ ස්නෙහො අජායථ’’.
2339
“ලෝකයෙහි මනුෂ්‍යයන්ට ප්‍රියවූ පුත්‍රයෝ උපදිත්. ඒකාන්තයෙන් අපගේ ආර්‍ය්‍යයන්ට පුත්‍රයන් කෙරෙහි ආලයක් නැත.
2340
‘‘දුක්කටඤ්ච හි නො පුත්ත, භූනහච්චං කතං මයා;
යොහං සිවීනං වචනා, පබ්බාජෙසිමදූසකං.
2340
“පුත්‍රය, මම සිවීන්ගේ වචනයෙන් අපරාධ නොකරන වෙස්සන්තර රටින් පිට කෙළෙමි. මා විසින් එය කරණ ලද්දේ වරදකි. දියුණු අවැඩෙකි.”
2341
‘‘යං මෙ කිඤ්චි ඉධ අත්ථි, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති;
එතු වෙස්සන්තරො රාජා, සිවිරට්ඨෙ පසාසතු’’.
2341
“මෙහි මට යම්කිසි ධනයක්ද ධාන්‍යයක්ද ඇත්නම් එය වෙස්සන්තරටය. වෙස්සන්තර තෙමේ පැමිණේවා. සිවිරට අනුශාසනා කරව”
2342
‘‘න දෙව මය්හං වචනා, එහිති සිවිසුත්තමො;
සයමෙව දෙවො ගන්ත්වා, සිඤ්ච භොගෙහි අත්‍රජං’’.
2342
“සිවින්ගේ උතුම් රජතෙමේ දෙවයන් වහන්ස, මගේ වචනයෙන් නොඑන්නේය. රජතෙමේ තෙමේම ගොස් තම පුතා වස්තුවෙන් අභිෂෙක කෙරේවා”
2343
‘‘තතො සෙනාපතිං රාජා, සජ්ජයො අජ්ඣභාසථ;
හත්ථී අස්සා රථා පත්තී, සෙනා සන්නාහයන්තු නං;
නෙගමා ච මං අන්වෙන්තු, බ්‍රාහ්මණා ච පුරොහිතා.
2343
ඉක්බිති සඤ්ජය රජතෙමේ සෙනෙවියාට කථා කළේය. ඔහුට ඇතුන්ද අශ්වයන්ද රියද පාබල සෙනගද යන සේනා සූදානම් කරවයි කීයේය. “නියම්ගම් වැස්සෝද බ්‍රාහ්මණයෝද පුරෝහිතයෝද මා අනුව එත්වා.”
2344
‘‘තතො සට්ඨිසහස්සානි, යොධිනො (යුථිනො (ක.)) චාරුදස්සනා;
ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
2344
ඉක්බිති යහපත් දැකුම් ඇති සැටදාහක් අමාත්‍යයෝ නොයෙක් පාටින් සැරසී යුද්ධ ඇඳුමින් වහා එත්වා.
2345
‘‘නීලවත්ථධරා නෙකෙ (නීලවණ්ණධරානෙකෙ (සී. පී.), නීලවත්ථධරා එකෙ (?)), පීතානෙකෙ නිවාසිතා;
අඤ්ඤෙ ලොහිතඋණ්හීසා, සුද්ධානෙකෙ නිවාසිතා;
ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
2345
“සමහරු නිල්පාටින්ද සමහරු රන්වන් පාටින්ද හැන්දාහු. අන්‍යයෝ රතුපාටින් යුත් නළල්පට ඇත්තෝ සමහරෙක් පිරිසුදු වස්ත්‍ර ඇන්දාහු නොයෙක් වස්ත්‍රයෙන් සැරසුණෝ සන්නාහ සන්නද්ධව වහා එත්වා.
2346
‘‘හිමවා යථා ගන්ධධරො, පබ්බතො ගන්ධමාදනො;
නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො.
2346
“සුවඳ දරා සිටි හිමාලය මෙන් නොයෙක් වෘක්ෂයන් ගෙන් ගැවසීගත් මහා භූත සමූහයාට වාසස්ථානවූ ගන්ධ මාදන පර්වතය
2347
‘‘ඔසධෙහි ච දිබ්බෙහි, දිසා භාති පවාති ච;
ඛිප්පමායන්තු සන්නද්ධා, දිසා භන්තු පවන්තු ච.
2347
“දිව්‍ය ඖෂධවලින්ද දිශාද බබුළුවයි. සුවඳද හමයි. එසේ සැරසී වහා එත්වා. දිශාවන් හොබවත්වා, හමවත්වා.
2348
‘‘තතො නාගසහස්සානි, යොජයන්තු චතුද්දස;
සුවණ්ණකච්ඡා මාතඞ්ගා, හෙමකප්පනවාසසා.
2348
“රන් බඳ පටි ඇති, රන් ඇඳුම් ඇන්දූ ඇතුන් දහහතර දාහක් යොදවව්.
2349
‘‘ආරූළ්හා ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
ඛිප්පමායන්තු සන්නද්ධා, හත්ථික්ඛන්ධෙහි දස්සිතා.
2349
“අඩයටි අකුසු අතේ ඇති ගම් මුදලියන් විසින් ඇතු පිට අලංකාර කොට සැරසී වහා එත්වා.
2350
‘‘තතො අස්සසහස්සානි, යොජයන්තු චතුද්දස;
ආජානීයාව ජාතියා, සින්ධවා සීඝවාහනා.
2350
“තවද උත්පත්තියෙන් ආජානීයවූ වහා ගෙන යන සෛන්ධව කුලයෙහි උපන් දහහතරදාහක් අශ්වයන් යොදත්වා.
2351
‘‘ආරූළ්හා ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
ඛිප්පමායන්තු සන්නද්ධා, අස්සපිට්ඨෙ අලඞ්කතා.
2351
“දුනු ඊ දරන්නාවූ ගම් මුදලියන් අලංකාරව යුද්ධ ඇඳුමින් සැරසී අශ්වයන් පිටින් වහා එත්වා.
2352
‘‘තතො රථසහස්සානි, යොජයන්තු චතුද්දස;
අයොසුකතනෙමියො, සුවණ්ණචිතපක්ඛරෙ.
2352
“රනින් කළ රථ මධ්‍යය ඇති යහපත්ව සැරසූ යකඩ නිම්වලලු ඇති දහහතරදාහක් රථ යොදවාවා.
2353
‘‘ආරොපෙන්තු ධජෙ තත්ථ, චම්මානි කවචානි ච;
විප්පාලෙන්තු (විප්ඵාලෙන්තු (සී. ස්‍යා. පී.)) ච චාපානි, දළ්හධම්මා පහාරිනො;
ඛිප්පමායන්තු සන්නද්ධා, රථෙසු රථජීවිනො’’.
2353
“එහි කොඩි ඔසවාවා. සමින් කළ ආරක්ෂා ඇඳුම්ද යොදත්වා. ශක්තිමත් දුනුද දුනුවායන්ද යොදත්වා. රිය පදවන්නන් රථයන්හි ඇඳුමින් සැරසී වහා එත්වා
2354
‘‘ලාජාඔලොපියා (ලාජා ඔලොකිරා (ක.)) පුප්ඵා, මාලාගන්ධවිලෙපනා;
අග්ඝියානි ච තිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
2354
“විළඳද, ඉසින මල්ද, මල්ගඳ සුවඳ වර්ගද, යම් මාර්ගයකින් වෙස්සන්තර පැමිණේද ඒ ඒ තන්හි මල් කණුද රන් කණුද සිටවාවා.
2355
‘‘ගාමෙ ගාමෙ සතං කුම්භා, මෙරයස්ස සුරාය ච;
මග්ගම්හි පතිතිට්ඨන්තු (පතිතා ඨන්තු (ස්‍යා. ක.)), යෙන මග්ගෙන එහිති.
2355
“යම් මාර්ගයකින් වෙස්සන්තර ඒද රසබීම පිරවූ කල සියය බැගින් ගමක් පාසා මග තබවාවා.
2356
‘‘මංසා පූවා සඞ්කුලියො, කුම්මාසා මච්ඡසංයුතා;
මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
2356
“මස්ද කැවුම්ද මසින් යුක්තවූ පිට්ටුද යම් මාර්ගයකින් එත්ද ඒ මාර්ගයෙහි තබත්වා.
2357
‘‘සප්පි තෙලං දධි ඛීරං, කඞ්ගුබීජා (කඞ්ගුවීහි (සී. පී.), කඞ්ගුපිට්ඨා (ස්‍යා.)) බහූ සුරා;
මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
2357
“ගිතෙල්ද, තලතෙල්ද, මිදුනු කිරිද, තනහාල්ද වීද, බොහෝ සුරාද යම් මගකින් එද්ද මාර්ගයෙහි තබත්වා.
2358
‘‘ආළාරිකා ච සූදා ච, නටනට්ටකගායිනො;
පාණිස්සරා කුම්භථූණියො, මන්දකා සොකජ්ඣායිකා (සොකච්ඡායිකා (ක.)).
2358
“පණිවිඩ ගෙනයන්නෝද කෑම පිසන්නෝද නෘත්‍ය කරුවෝද, ගායනා කරන්නෝද, අත්පොළසන් දෙන්නෝද පුන්කලස්ද, හිස මුඩුකළ ගායකයෝද, සෝක නැති කරන්නෝද සිටිත්වා.
2359
‘‘ආහඤ්ඤන්තු සබ්බවීණා, භෙරියො දින්දිමානි ච;
ඛරමුඛානි ධමෙන්තු (වදන්තු (සී. පී.)), නදන්තු එකපොක්ඛරා.
2359
“සියළු වීණා බෙරද වයත්වා. මුහුදු සක්ද පිඹිත්වා. එකැස් බෙර වයත්වා.
2360
‘‘මුදිඞ්ගා පණවා සඞ්ඛා, ගොධා පරිවදෙන්තිකා;
දින්දිමානි ච හඤ්ඤන්තු, කුතුම්ප (කුටුම්බා (සී. ස්‍යා. පී.)) දින්දිමානි ච’’.
2360
“මිහිඟු බෙරද, පණා බෙරද, දවුල්ද, තම්මැටද ගසත්වා. සක්ද නාද කරණ තළද පිඹිත්වා.”
2361
‘‘සා සෙනා මහතී ආසි, උය්‍යුත්තා සිවිවාහිනී;
ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
2361
සිවි රජු ගෙන ඒමට යන්නාවූ ඒ සේනාව මහත් වූවාය. ජාලිය මාර්ග නායකයා කොට වංක පර්වතයට ගියේය.
2362
‘‘කොඤ්චං නදති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො;
කච්ඡාය බද්ධමානාය, කොඤ්චං නදති වාරණො.
2362
අවුරුදු හැටක් වයස ඇති මාතංග ඇත්තෙම කුඤ්චනාද කරයි. ඇත්තෙම රන් ඇතිරිලි බඳින කල්හි කුඤ්ච නාද කරයි.
2363
‘‘ආජානීයා හසියන්ති (හසිස්සිංසු (සී. පී.)), නෙමිඝොසො අජායථ;
අබ්භං රජො අච්ඡාදෙසි, උය්‍යුත්තා සිවිවාහිනී.
2363
ආජානෙය අශ්වයෝ හෙසාරව කළාහුය. නිම් වළලුවල ශබ්දය පහළවූයේය. සිවිරජු ගෙන ඒමට පිටත්ව යන කල්හි වලාකුල පොදවැස්සෙන් ධූලි වැසුයේය.
2364
‘‘සා සෙනා මහතී ආසි, උය්‍යුත්තා හාරහාරිනී;
ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
2364
බර ඉසිලීමට සමර්ථවූ පිටත්වූ සේනාව මහත්වූහ. ජාලිය කී මග සලකුණුවලින් වංක පර්වතයට ගියේය.
2365
‘‘තෙ පාවිංසු බ්‍රහාරඤ්ඤං, බහුසාඛං මහොදකං (බහුදිජං (පී.));
පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං, ඵලරුක්ඛෙහි චූභයං.
2365
ඔව්හු බොහෝ ශාඛා ඇත්තාවූ මහත් ජලය ඇත්තාවූ මල් ගස් වලින්ද ගෙඩි ඇති වෘක්ෂවලින්ද යුක්තවූ මහ වනයට ප්‍රවිෂ්ට වූවාහුය.
2366
‘‘තත්ථ බින්දුස්සරා වග්ගූ, නානාවණ්ණා බහූ දිජා;
කූජන්තමුපකූජන්ති, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
2366
එහි ඍතුවෙහි පිපුන වෘක්ෂයන්හි ස්වල්ප ශබ්ද ඇත්තාවූ නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු නාද කරන්නන් අනුව නාද කරත්.
2367
‘‘තෙ ගන්ත්වා දීඝමද්ධානං, අහොරත්තානමච්චයෙ;
පදෙසං තං උපාගච්ඡුං, යත්ථ වෙස්සන්තරො අහු’’.
2367
ඔවුන්ද රෑ දවාලක් ඇවෑමෙන් දීර්ඝ මාර්ගය ගෙවා ගොස් යම්තැනෙක වෙස්සන්තර වූයේද ඒ ප්‍රදෙශයට පැමිණියේය.
2368
‘‘තෙසං සුත්වාන නිග්ඝොසං, භීතො වෙස්සන්තරො අහු;
පබ්බතං අභිරුහිත්වා, භීතො සෙනං උදික්ඛති.
2368
ඔවුන්ගේ ශබ්දය අසා වෙස්සන්තර රජතෙම බිය වූයේය. කන්දට නැගී, බියවූයේ සේනාව බලයි.
2369
‘‘ඉඞ්ඝ මද්දි නිසාමෙහි, නිග්ඝොසො යාදිසො වනෙ;
ආජානීයා හසියන්ති, ධජග්ගානි ච දිස්සරෙ.
2369
“මද්‍රී දේවිය, ඇහුම්කන් දෙව. වනයෙහි යම්බඳු ශබ්දයක්වේ. ආජානෙය අශ්වයෝ නාද කරත්. කොඩි මුදුන්ද පෙනේ.
2370
‘‘ඉමෙ නූන අරඤ්ඤස්මිං, මිගසඞ්ඝානි ලුද්දකා;
වාගුරාහි පරික්ඛිප්ප, සොබ්භං පාතෙත්වා තාවදෙ;
වික්කොසමානා තිබ්බාහි, හන්ති නෙසං වරං වරං.
2370
“මේ ඒකාන්තයෙන් වනයෙහි මුව වැද්දෝ දැල් වලින් වටකර එකෙනෙහිම වලක දමා මුවන්ට මුවන් මරණ ආයුධ වලින් වරින්වර අනිත්.
2371
‘‘යථා මයං අදූසකා, අරඤ්ඤෙ අවරුද්ධකා;
අමිත්තහත්ථත්තං ගතා, පස්ස දුබ්බලඝාතකං’’.
2371
“නිරපරාධවූ අපි වනයට පිටුවහල් කරණලද්දාහු විරුද්ධ කරුවන්ගේ අතට පැමිණියෙමු. අවාසනාවන්ත මරණයක හැටි බලන්න.
2372
‘‘අමිත්තා නප්පසාහෙය්‍යුං, අග්ගීව උදකණ්ණවෙ;
තදෙව ත්වං විචින්තෙහි, අපි සොත්ථි ඉතො සියා’’.
2372
“තණ සුලකින් මහා සමුද්‍රයෙහි ජලය හුනු කරන්නට නොහැක්කාසේ අමිත්‍රයෝ අප මැඩ නොපවත්නහුය. එය සලකව. මින් අපට යහපතක් වන්නේය.”
2373
‘‘තතො වෙස්සන්තරො රාජා, ඔරොහිත්වාන පබ්බතා;
නිසීදි පණ්ණසාලායං, දළ්හං කත්වාන මානසං’’.
2373
ඉක්බිති වෙස්සන්තර රජතෙම පර්වතයෙන් බැස සිත සනසාගෙන පන්සල් දොරකඩ සිටියේය.
2374
‘‘නිවත්තයිත්වාන රථං, වුට්ඨපෙත්වාන සෙනියො;
එකං අරඤ්ඤෙ විහරන්තං, පිතා පුත්තං උපාගමි.
2374
රිය නවත්වා සේනාව විධානකොට තනිව පියතෙමේ වනයෙහි වසන පුතා වෙත පැමිණියේය.
2375
‘‘හත්ථික්ඛන්ධතො ඔරුය්හ, එකංසො පඤ්ජලීකතො;
පරිකිණ්ණො (පරික්ඛිත්තො (සී. පී.)) අමච්චෙහි, පුත්තං සිඤ්චිතුමාගමි.
2375
ඇත් කඳින් බැස එකාංශ කොට පෙරවූ, ඇඳිලි බැඳගත් අමාත්‍යයන් විසින් පිරිවරණ ලද්දේ පුතා ඔටුණු පැළඳවීමට පැමිණියේය.
2376
‘‘තත්ථද්දස කුමාරං සො, රම්මරූපං සමාහිතං;
නිසින්නං පණ්ණසාලායං, ඣායන්තං අකුතොභයං.
2376
හෙතෙම යහපත් එකඟ කළ සන්සුන් සිත් ඇතිව සිතමින් කිසි බියක් නැතිව හුන් කුමාරයා දුටුයේය.
2377
‘‘තඤ්ච දිස්වාන ආයන්තං, පිතරං පුත්තගිද්ධිනං;
වෙස්සන්තරො ච මද්දී ච, පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
2377
එන්නාවූ පුතා කෙරෙහි ගිජුවූ පියා දැක වෙස්සන්තර රජුද මද්‍රී දේවිද පෙර ගමන්කොට වැන්දාහ.
2378
‘‘මද්දී ච සිරසා පාදෙ, සසුරස්සාභිවාදයි;
‘මද්දී අහඤ්හි තෙ දෙව, පාදෙ වන්දාමි තෙ සුණ්හා’ (හුසා (සී. ස්‍යා. පී.));
තෙසු තත්ථ පලිසජ්ජ, පාණිනා පරිමජ්ජථ’’.
2378
මද්‍රී දේවියද හිසින් මාමාගේ පා වැන්දාය. මද්‍රි තොමෝ “දේවයන් වහන්ස, මම ඔබගේ ශ්‍රේෂ්ඨ පා දෙක වඳිමි” ඔවුන් අඬද්දී ආශ්‍රමයේ බිම වැටී පපුවට හාන්සි කරවා අතින් පිට අතගායි.
2379
‘‘කච්චි වො කුසලං පුත්ත, කච්චි පුත්ත අනාමයං;
කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
2379
“දරුව නුඹලාට සැප කෙසේද? දරුව, හිරිහැර නැද්ද, කිමෙක්ද, පලවැල නෙලීමෙන් යැපෙව්ද, කිමෙක්ද මුල් ගෙඩි බොහෝද,
2380
‘‘කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා;
වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජති’’.
2380
“කිමෙක්ද, ඩැහැලේ බොන මැස්සෝද දීර්ඝ ජාතීහුද නැද්ද, වල් මෘගයන්ගෙන් ගැවසුන වනයෙහි හිංසාවක් නැද්ද?”
2381
‘‘අත්ථි නො ජීවිකා දෙව, සා ච යාදිසකීදිසා;
කසිරා ජීවිකා හොම (අහොසි (?)), උඤ්ඡාචරියාය ජීවිතං.
2381
“දේවයන් වහන්ස, අපගේ ජීවිකාව යම්තම් ගත විය. පලවැලින් ජීවත්වීම නම් දුක්ඛ ජීවිතයකි.”
2382
‘‘අනිද්ධිනං මහාරාජ, දමෙතස්සංව සාරථි;
ත්‍යම්හා අනිද්ධිකා දන්තා, අසමිද්ධි දමෙති නො.
2382
“මහරජ, දමනය කළයුතු නොදියුණු දමනය කරන්නෙකු වැනි අදහස් සමෘද්ධ නොවූ දිළිඳු පුරුෂයෙක් තෙම නොදියුණු අප පාලනය කරයි.
2383
‘‘අපි නො කිසානි මංසානි, පිතු මාතු අදස්සනා;
අවරුද්ධානං මහාරාජ, අරඤ්ඤෙ ජීවසොකිනං’’.
2383
“එතකුදුවුවත් වනයෙහි සදාකාලික දුකට පත්වූ පිටුවහල් කළ අපගේ පියා හා මව නොදැක්මෙන් ශරීරයේ මස් ක්ෂයවිය.
2384
‘‘යෙපි තෙ සිවිසෙට්ඨස්ස, දායාදාපත්තමානසා;
ජාලී කණ්හාජිනා චුභො, බ්‍රාහ්මණස්ස වසානුගා;
අච්චායිකස්ස ලුද්දස්ස, යො නෙ ගාවොව සුම්භති.
2384
“දීමෙන් නොසෑහුනු සිත් ඇති සිවිරටට ශ්‍රේෂ්ඨවූ යම්බඳුවූ තොප බමුණාගේ වසඟයට යාමෙන් එවැනි යමෙක් ගවයන්ට මෙන් තලද්ද, එවැනි ඉක්මන්කාර වැද්දෙකුට අප දෙදෙන දුන්නේය.
2385
‘‘තෙ රාජපුත්තියා පුත්තෙ, යදි ජානාථ සංසථ;
පරියාපුණාථ නො ඛිප්පං, සප්පදට්ඨංව මාණවං’’.
2385
“රාජපුත්‍රිය විසින් තොපගේ පුත්‍රයන් ගැන ඉදින් දන්නී නම්, සර්පයකු විසින් දෂ්ට කරණලද කුමාරයකු සුව කරන්නාක් මෙන් අපට කියන්නීය.
2386
‘‘උභො කුමාරා නික්කීතා, ජාලී කණ්හාජිනා චුභො;
බ්‍රාහ්මණස්ස ධනං දත්වා, පුත්ත මා භායි අස්සස’’.
2386
“බ්‍රාහ්මණයාට වස්තු දී ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා මිල දී ගෙන, දරුවෙනි, බිය නොවෙවයි” සතුටු වූයේය.
2387
‘‘කච්චි නු තාත කුසලං, කච්චි තාත අනාමයං;
කච්චි නු තාත මෙ මාතු, චක්ඛු න පරිහායති’’.
2387
“පියාණෙනි, සැපසනීප කවරේද, පියාණෙනි, නිරෝගීද, පියාණෙනි කිමෙක්ද මගේ මවගේ ඇස් නොපිරිහුනේද?”
2388
‘‘කුසලඤ්චෙව මෙ පුත්ත, අථො පුත්ත අනාමයං;
අථො ච පුත්ත තෙ මාතු, චක්ඛු න පරිහායති’’.
2388
“දරුව, මට සැපය, පුත්‍රය නැවතද නිරෝගීය. දරුව, තවද තොපගේ මවගේ ඇස් නොපිරිහුනේය.”
2389
‘‘කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං;
කච්චි ඵීතො ජනපදො, කච්චි වුට්ඨි න ඡිජ්ජති’’.
2389
“කිමෙක්ද, වාහන අදනා සතුන් නිරෝගිද? කිමෙක්ද ඔබගේ වාහනය උසුලාද, කිමෙක්ද, රටතොට සමෘද්ධද කිමෙක්ද වැස්ස පවතීද?”
2390
‘‘අථො අරොගං යොග්ගං මෙ, අථො වහති වාහනං;
අථො ඵීතො ජනපදො, අථො වුට්ඨි න ඡිජ්ජති’’.
2390
“තවද වාහනය නිරොගය. තවද මාගේ වාහනය උසුලයි. තවද මගේ දනවු සමෘද්ධය. තවද වර්ෂාවද පවතී”
2391
‘‘ඉච්චෙවං මන්තයන්තානං, මාතා නෙසං අදිස්සථ;
රාජපුත්තී ගිරිද්වාරෙ, පත්තිකා අනුපාහනා.
2391
මෙසේ කථා කරද්දී මවුතොමෝ ඔවුන්ට පෙනී සිටියාය. ගල්ගෙය දොරකඩ වහන් සඟලවත් නැතිව රාජ පුත්‍රිය පයින් පැමිණ සිටියාය.
2392
‘‘තඤ්ච දිස්වාන ආයන්තං, මාතරං පුත්තගිද්ධිනිං;
වෙස්සන්තරො ච මද්දී ච, පච්චුග්ගන්ත්වා අවන්දිසුං.
2392
දරුවන් කෙරෙහි ගිජුවූ එන්නාවූ මවු දැක වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද පෙර ගමන්කොට වැන්දාහ.
2393
‘‘මද්දී ච සිරසා පාදෙ, සස්සුයා අභිවාදයි;
මද්දී අහඤ්හි තෙ අය්‍යෙ, පාදෙ වන්දාමි තෙ සුණ්හා’’.
2393
මද්‍රී දේවියද “මම ආර්‍ය්‍යාවෙනි ඔබගේ පා ගෞරවයෙන් වඳිමියි,” මද්‍රී දේවියද නැන්දම්මාගේ පා වැන්දේය.
2394
‘‘මද්දිඤ්ච පුත්තකා දිස්වා, දූරතො සොත්ථිමාගතා;
කන්දන්තා මභිධාවිංසු, වච්ඡබාලාව මාතරං.
2394
දුරින්ම සුවසේ පැමිණි දරුවෝ මද්‍රී දේවිය දුරින්ම දැක පොඩි වසු පැටවෙක් මවුවෙතට මෙන් අඬමින් දිව්වාහුය.
2395
‘‘මද්දී ච පුත්තකෙ දිස්වා, දූරතො සොත්ථිමාගතෙ;
වාරුණීව පවෙධෙන්තී, ථනධාරාභිසිඤ්චථ’’.
2395
මද්‍රී දේවියද සුවසේ පැමිණි දරුවන් දුරින්ම දැක ආවේශවූවෙකු මෙන් වෙවුලා පයොධර වලින් කිරි ධාරා වැගිරවූයේය.
2396
‘‘සමාගතානං ඤාතීනං, මහාඝොසො අජායථ;
පබ්බතා සමනාදිංසු, මහී පකම්පිතා අහු.
2396
රැස්වූ ඤාතීන්ගේ මහා ශබ්දයක් පහළවිය. පර්වතයෝ එකට නාද කළාහුය. පොළෝ කම්පා විය. එකෙණෙහි වැසි ධාරා වගුරුවමින් වැස්සක් වැස්සේය.
2397
‘‘වුට්ඨිධාරං පවත්තෙන්තො, දෙවො පාවස්සි තාවදෙ;
අථ වෙස්සන්තරො රාජා, ඤාතීහි සමගච්ඡථ.
2397
ඉක්බිති වෙස්සන්තර රජතෙමේ ඤාතීන් හා එක් විය. මුණුබුරෝද, ලේලිද, පුතාද, රජුද දේවියද එකට එක්විය.
2398
‘‘නත්තාරො සුණිසා පුත්තො, රාජා දෙවී ච එකතො;
යදා සමාගතා ආසුං, තදාසි ලොමහංසනං.
2398
යම් වේලාවක එක්වූවාහුද එකල්හි ලොමු දැහැගැනීමක් විය. භයානක වනයෙහි අඬමින් ඇඳිලි බැඳ ඔහුගෙන් රාජ්‍යයට පැමිණෙන ලෙස ඉල්වත්.
2399
‘‘පඤ්ජලිකා තස්ස යාචන්ති, රොදන්තා භෙරවෙ වනෙ;
වෙස්සන්තරඤ්ච මද්දිඤ්ච, සබ්බෙ රට්ඨා සමාගතා;
ත්වං නොසි ඉස්සරො රාජා, රජ්ජං කාරෙථ නො උභො’’.
2399
වෙස්සන්තර රජුද, මද්‍රී දේවියද රැස්වූ සියළු රට වැස්සෝද “නුඹවහන්සේ අපගේ අධිපති රජය, ඔබ දෙදෙන රාජ්‍යය කරවයි” කීවෝය.
2400
‘‘ධම්මෙන රජ්ජං කාරෙන්තං, රට්ඨා පබ්බාජයිත්ථ මං;
ත්වඤ්ච ජානපදා චෙව, නෙගමා ච සමාගතා’’.
2400
“රැස්වූ ඔබද ජනපද වැස්සෝද නියම්ගම් වැස්සෝද ධර්මයෙන් රජ කරණ මා රටින් පිටුවහල් කළෝය.”
2401
‘‘දුක්කටඤ්ච හි නො පුත්ත, භූනහච්චං කතං මයා;
යොහං සිවීනං වචනා, පබ්බාජෙසිමදූසකං’’.
2401
“දරුව යම්බඳුවූ මම නිවරද පුත්‍රයා සිවීන්ගේ වචනයෙන් රටින් පිට කළෙම්ද, මගේ පුත්‍රය, මා විසින් නොකළහැකි දෙයක් ඉක්මන් වීමෙන් කරණලදී.
2402
‘‘යෙන කෙනචි වණ්ණෙන, පිතු දුක්ඛං උදබ්බහෙ;
මාතු භගිනියා චාපි, අපි පාණෙහි අත්තනො’’.
2402
“යම් ක්‍රමයකින් පියාගේද මවගේද නැගණියගේද දුක තමන්ගේ ප්‍රාණය පුදා වුවත් රැක්ක යුතුය.”
2403
‘‘තතො වෙස්සන්තරො රාජා, රජොජල්ලං පවාහයි;
රජොජල්ලං පවාහෙත්වා, සඞ්ඛවණ්ණං (සච්චවණ්ණං (සී. ස්‍යා.)) අධාරයි’’.
2403
ඉක්බිති වෙස්සන්තර රජතෙම අපිරිසිදු බව දුරු කළේය. පිරිසිදුවී රාජ වේශය ගත්තේය.
2404
‘‘සීසං න්හාතො සුචිවත්ථො, සබ්බාභරණභූසිතො;
පච්චයං නාගමාරුය්හ, ඛග්ගං බන්ධි පරන්තපං.
2404
හිස් සෝධා නා පිරිසිදු වස්ත්‍ර ඇඳ සියළු ආභරණයෙන් සැරසුනේ, පච්චය නම් ඇතු පිට නැග සතුරන් තවන කඩුව බැන්දේය.
2405
‘‘තතො සට්ඨිසහස්සානි, යොධිනො චාරුදස්සනා;
සහජාතා පකිරිංසු, නන්දයන්තා රථෙසභං.
2405
ඉක්බිති යහපත් දැකුම් ඇති එක්ව උපන් සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරා ගත්හ.
2406
‘‘තතො මද්දිම්පි න්හාපෙසුං, සිවිකඤ්ඤා සමාගතා;
වෙස්සන්තරො තං පාලෙතු, ජාලී කණ්හාජිනා චුභො;
අථොපි තං මහාරාජා, සඤ්ජයො අභිරක්ඛතු’’.
2406
සිවි රජුගේ රාජස්ත්‍රීන් රැස්ව මද්‍රීදේවිය නෑවුවාහුය. වෙස්සන්තරතෙමේ ඈද ජාලිය කෘෂ්ණජිනා යන දෙදෙනද රක්ෂා කෙරෙත්වා. තවද සඤ්ජය මහරජතෙමේ ඔහු රකිත්වා.
2407
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දියං ආචරිංසු, රමණීයෙ ගිරිබ්බජෙ.
2407
මහණෙනි වෙස්සන්තර රජතෙමේද මද්‍රී දේවියද මේ පිහිට නොහොත් රජකම ලබා පෙර තමාගේ දුක සිහිකොට යහපත් වංකගිරි පව්වෙහි රජුගේ ආඥාවයයි ප්‍රීති වූවාහුය.
2408
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දි විත්තා සුමනා, පුත්තෙ සඞ්ගම්ම ලක්ඛණා.
2408
මේ රජකමේ පිහිටීම ලැබ පෙර තමාගේ වනවාස කිලුට සිහිකොට දරුවන් හා එක්ව ලක්ෂණයෙන් යුත් මද්‍රී දේවි ප්‍රීතිමත් සිත් ඇතිවූවාය.
2409
‘‘ඉදඤ්ච පච්චයං ලද්ධා, පුබ්බෙ සංක්ලෙසමත්තනො;
ආනන්දි විත්තා පතීතා, සහ පුත්තෙහි ලක්ඛණා’’.
2409
මේ රජකමේ පිහිටීම ලැබ පෙරම මාගේ වනවාස කිලුට සිහිකොට පුත්‍රයන් සමග ලක්ෂණයෙන් යුත් දේවී තොමෝ ප්‍රීතිමත් විය.
2410
‘‘එකභත්තා පුරෙ ආසිං, නිච්චං ථණ්ඩිලසායිනී;
ඉති මෙතං වතං ආසි, තුම්හං කාමා හි පුත්තකා.
2410
“දරුවෙනි, නුඹලා නිසා පෙර එක බතින් යැපුනෙමි. නිතර පොළොවේ සයනය කෙළෙමි. මගේ මෙවැනි සිරිතක් විය.
2411
‘‘තං මෙ වතං සමිද්ධජ්ජ, තුම්හෙ සඞ්ගම්ම පුත්තකා;
මාතුජම්පි තං පාලෙතු, පිතුජම්පි ච පුත්තක;
අථොපි තං මහාරාජා, සඤ්ජයො අභිරක්ඛතු.
2411
“දරුවෙනි, තොප හමුවී අද ඒ මගේ අදහස ඉටුවිය. මවටත් පියාටත් අයිති සැපත පාලනය කරව.
2412
‘‘යං කිඤ්චිත්ථි කතං පුඤ්ඤං, මය්හඤ්චෙව පිතුච්ච තෙ;
සබ්බෙන තෙන කුසලෙන, අජරො අමරො භව’’.
2412
“නැවතද සඤ්ජය මහරජතෙමේ තොප රකීවා. මගේත් තොපගේ පියාගේත් කරණලද යම් පිනක් ඇද්ද, ඒ සියළු පිණින් අජරාමර වේවා.”
2413
‘‘කප්පාසිකඤ්ච කොසෙය්‍යං, ඛොමකොටුම්බරානි ච;
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
2413
යම් වස්ත්‍රයකින් මද්‍රී දේවිය බැබලීද, කපුද, කොසෙය්‍යද, පට්ටා පිලීද, ඔදුම්බර රටේ වස්ත්‍රද, නැන්දා ලේලිට යැව්වාය.
2414
‘‘තතො හෙමඤ්ච කායූරං, ගීවෙය්‍යං රතනාමයං;
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
2414
තවද රනින් කළ මාලයක්ද, වලලුද මැණික් ඉඟ පලඳනාවක්ද ලේලිට යැව්වාය. ඉන් මද්‍රී දේවිය බැබලුනි.
2415
‘‘තතො හෙමඤ්ච කායූරං, අඞ්ගදං මණිමෙඛලං;
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
2415
ඉක්බිති ඉඳි ඇට පමණ ඇට ඇති මාලයක්ද රත්රන් මාලයක්ද, නැන්දා ලේලිට යැව්වාය. එයින් මද්‍රී දේවිය බැබලුනි.
2416
‘‘උණ්ණතං මුඛඵුල්ලඤ්ච, නානාරත්තෙ ච මාණිකෙ (මාණියෙ (සී. පී.));
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
2416
පපුව වසන පළඳනාවක්ද තිලක ආභරණයක්ද නොයෙක් වර්ණ මැණික්ද උග්ගත්ථන හිංගම දෙකද ඉඟටිය වසන ආභරණයක්ද පා පළඳනාද යමක් පැළඳ මද්‍රිය බැබලීද, ඒ ආභරණ නැන්දා ලේලිට යැව්වාය.
2417
‘‘උග්ගත්ථනං ගිඞ්ගමකං, මෙඛලං පාටිපාදකං (පටිපාදුකං (සී. ස්‍යා.), පාලිපාදකං (පී.));
සස්සු සුණ්හාය පාහෙසි, යෙහි මද්දී අසොභථ.
2417
2418
‘‘සුත්තඤ්ච සුත්තවජ්ජඤ්ච, උපනිජ්ඣාය සෙය්‍යසි;
අසොභථ රාජපුත්තී, දෙවකඤ්ඤාව නන්දනෙ.
2418
මෙසේ කී නොකී ආභරණවලින් සැරසී සිටි රජ බිසව නදුන් වනයෙහි දිව්‍ය කන්‍යාවක් මෙන් බැබලිනි.
2419
‘‘සීසං න්හාතා සුචිවත්ථා, සබ්බාලඞ්කාරභූසිතා;
අසොභථ රාජපුත්තී, තාවතිංසෙව අච්ඡරා.
2419
හිස වතුර නා පිරිසිදු වස්ත්‍ර ඇතිව සියළු ආභරණයෙන් අලංකාරව තවුතිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් මෙන් බැබලී.
2420
‘‘කදලීව වාතච්ඡුපිතා, ජාතා චිත්තලතාවනෙ;
දන්තාවරණසම්පන්නා, රාජපුත්තී අසොභථ.
2420
වාතය ස්පර්ශ කළ චිත්‍රලතා වනයෙහි පහළවූ කෙසෙල් ගසක් මෙන්ද, දත් වැස්මෙන්ද යුක්තවූ රජ බිසව බැබලුනේය.
2421
‘‘සකුණී මානුසිනීව, ජාතා චිත්තපත්තා පතී;
නිග්‍රොධපක්කබිම්බොට්ඨී, රාජපුත්තී අසොභථ.
2421
මනුෂ්‍ය රූපයෙන් පහළවූ පක්ෂි ධෙනුව යහපත් පක්ෂ ඇතිව ඉගිල්ලෙන කිරිල්ලියක් මෙන් බබලයි. මෙසේ පැසුනු නුග ගෙඩි පාට තොල් ඇතුව බැබලුනීය.
2422
‘‘තස්සා ච නාගමානෙසුං, නාතිබද්ධංව කුඤ්ජරං;
සත්තික්ඛමං සරක්ඛමං, ඊසාදන්තං උරූළ්හවං.
2422
මහළු නොවූ ඊ පහර ආයුධ පහර ඉවසන නගුලීස් පමණ දළ ඇති මහත්වූ ඇතෙකු ගෙනාවාහුය.
2423
‘‘සා මද්දී නාගමාරුහි, නාතිබද්ධංව කුඤ්ජරං;
සත්තික්ඛමං සරක්ඛමං, ඊසාදන්තං උරූළ්හවං’’.
2423
ඒ මද්‍රීතොමෝ අඩයටි සහ ඊපහර ඉවසන නගුලිස් පමණ දළ ඇති මහත්වූ තරුණ ඇතෙකු පිට මද්‍රී දෙවිය නැගුනාය.
2424
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ මිගා අහුං;
වෙස්සන්තරස්ස තෙජෙන, නඤ්ඤමඤ්ඤං විහෙඨයුං.
2424
සියලු වනයෙහි මුවෝ වූවාහුද වෙස්සන්තර රජුගේ ආනුභාවයෙන් ඔවුනොවුන් හිංසා නොකළාහුය.
2425
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
වෙස්සන්තරස්ස තෙජෙන, නඤ්ඤමඤ්ඤං විහෙඨයුං.
2425
සියලු වනයෙහි යම්තාක් පක්ෂීහු වූවාහුද වෙස්සන්තර රජුගේ ආනුභාවයෙන් ඔවුනොවුන් හිංසා නොකළාහුය.
2426
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ මිගා අහුං;
එකජ්ඣං සන්නිපාතිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2426
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගිය කල්හි සියළු ආරණ්‍යයෙහි යම් පමණ මෘගයෝ වූවාහුද ඔව්හු එකට රැස්වූවාහුය.
2427
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
එකජ්ඣං සන්නිපාතිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2427
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගිය කල්හි සියළු ආරණ්‍යයෙහි යම් පමණ පක්ෂීහු වූවාහුද ඔව්හු එකට රැස්වූවාහුය.
2428
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ මිගා අහුං;
නාස්සු මඤ්ජූ නිකූජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2428
සියලු වනයෙහි යම්තාක් මෘගයෝ වෙත්ද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි යහපත් නාද නොකළාහුය.
2429
‘‘සබ්බම්හි තංඅරඤ්ඤම්හි, යාවන්තෙත්ථ දිජා අහුං;
නාස්සු මඤ්ජූ නිකූජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2429
සියලු වනයෙහි යම්තාක් පක්ෂීහු වෙත්ද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි යහපත් නාද නොකළාහුය.
2430
‘‘පටියත්තො රාජමග්ගො, විචිත්තො පුප්ඵසන්ථතො;
වසි වෙස්සන්තරො යත්ථ, යාවතාව ජෙතුත්තරා.
2430
වෙස්සන්තර විසූ ස්ථානයේ සිට ජෙතුත්තර නුවර දක්වා රාජ මාර්ගය පිළියෙළ කෙළේය. විසිතුරු මල් ඉස්සේය.
2431
‘‘තතො සට්ඨිසහස්සානි, යොධිනො චාරුදස්සනා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2431
සිවිරට වඩන වෙස්සන්තර රජ ගිය කල්හි යහපත් දැකුම් ඇත්තාවූ සැටදහසක් යෝධයෝ හාත්පස රැස් වූවාහුය.
2432
‘‘ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ්මණා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2432
සිවිරට වඩන වෙස්සන්තර රජතෙම ගියකල්හි අන්තඃපුරයද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හාත්පස පිරිවැරූහ.
2433
‘‘හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2433
ඇතරුවෝද, සෙනාවෝද, රියැදුරෝද, පයින් යන්නෝද සිවිරට වඩන වෙස්සන්තර රජ ගියකල්හි හාත්පස පිරිවැරූහ.
2434
‘‘සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා;
සමන්තා පරිකිරිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2434
සිවිරට වඩන වෙස්සන්තර රජ ගිය කල්හි දනවු වැස්සෝ රැස්වූහ. නියම්ගම් වැස්සෝද රැස්වූහ.
2435
‘‘කරොටියා චම්මධරා, ඉල්ලීහත්ථා (ඉන්දිහත්ථා (ස්‍යා. ක.), ඛග්ගහත්ථා (සී. පී.)) සුවම්මිනො;
පුරතො පටිපජ්ජිංසු, වෙස්සන්තරෙ පයාතම්හි;
සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2435
හිස්වෙළුම් දාගත්තාවූද, පලිහ ගත්තාවූද, සැට්ට පැළඳ ගත් යෝධයෝද සිවිරට වඩන මහරජ ගිය කල්හි ඉදිරියට ආවාහුය.
2436
‘‘තෙ පාවිසුං පුරං රම්මං, මහාපාකාරතොරණං;
උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං.
2436
බොහෝ ප්‍රාකාර සහ තොරන් ඇති නෘත්‍යගීත දෙකින්ද ආහාර පානයන්ගෙන්ද යුක්තවූ යහපත් නුවරට ඔව්හු පැමිණියා වූවාහුය.
2437
‘‘විත්තා ජානපදා ආසුං, නෙගමා ච සමාගතා;
අනුප්පත්තෙ කුමාරම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2437
සිවිරට වඩන කුමාරතෙම පැමිණි කල්හි දනවු වැස්සෝ සතුටුවූවාහුය. නියම්ගම් වැස්සෝද රැස්වූවාහුය.
2438
‘‘චෙලුක්ඛෙපො අවත්තිත්ථ, ආගතෙ ධනදායකෙ;
නන්දිං පවෙසි (නන්දි-ප්පවෙසි (සී. ස්‍යා. පී.)) නගරෙ, බන්ධනා මොක්ඛො අඝොසථ.
2438
වස්තුදෙන මහරජු පැමිණි කල්හි පිලී හිස සිසෑරීම් පැවැත්තේය. වෙස්සන්තර රජුගේ අණයයි නුවර අණබෙර යැවී. බැම්මෙන් මිදුන මනුෂ්‍යයෝ ශබ්ද පැවැත්වූහ.
2439
‘‘ජාතරූපමයං වස්සං, දෙවො පාවස්සි තාවදෙ;
වෙස්සන්තරෙ පවිට්ඨම්හි, සිවීනං රට්ඨවඩ්ඪනෙ.
2439
සිවිරට වඩන වෙස්සන්තර රජු නුවරට පිවිසි කල්හි රුවන් වර්ෂාවක් වැස්සේය.
2440
‘‘තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජථා’’ති.
2440
ඉක්බිති වෙස්සන්තර රජතෙම දන්දී දිව්‍යලෝකයෙහි උපන්නේය.