16. තිංසනිපාතො | 16. තිංස නිපාතය |
511. කිංඡන්දජාතකං (1) | 511. කිංඡන්ද ජාතකය |
1
කිංඡන්දො
කිං පත්ථයානො කිං එසං, කෙන අත්ථෙන බ්‍රාහ්මණ.
|
1
“බ්‍රාහ්මණය, කවර අදහසක් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් සොයමින් කවර කරුණකින් ග්‍රීෂ්ම ඇත්තාවූ මේ ගංඉවුරෙහි තනිව හුන්නෙහිදැයි දෙව්දුව ඇසීය
|
2
යථා මහා වාරිධරො, කුම්භො සුපරිණාහවා
(සුපරිණාමවා (ක.));
තථූපමං අම්බපක්කං, වණ්ණගන්ධරසුත්තමං.
|
2
“විශාලවූ මහත්වූ කලයක් යම්සේද, එබඳුවූ වර්ණයෙන්ද සුවඳින්ද රසයෙන්ද උතුම්වූ අඹගෙඩියක් විය. නිර්මලවූ මධ්යප්රදෙශ ඇති දෙවතා දුව ගඟ දියෙන් ගසා ගෙණ යන්නාවූ එය දැක මම අත්වලින් ගෙණ එය ගිනිහල් ගෙයට ගෙණ ගියෙමි.
|
3
තං වුය්හමානං සොතෙන, දිස්වානාමලමජ්ඣිමෙ;
පාණීහි නං ගහෙත්වාන, අග්යායතනමාහරිං.
|
3 |
4
තතො කදලිපත්තෙසු, නික්ඛිපිත්වා සයං අහං;
සත්ථෙන නං විකප්පෙත්වා, ඛුප්පිපාසං අහාසි මෙ.
|
4
“ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම පිහියෙන් එය කපා මාගේ සාපිපාස දුරුකර ගතිමි.
|
5
සොහං අපෙතදරථො, බ්යන්තීභූතො
(බ්යන්තිභූතො (සී. පී. ක.)) දුඛක්ඛමො;
අස්සාදං නාධිගච්ඡාමි, ඵලෙස්වඤ්ඤෙසු කෙසුචි
(කෙසුපි (ක. සී.)).
|
5
“ඒ මම පහව ගියාවූ කායචිත්ත පීඩා ඇත්තෙමි. එය අඹ ඵලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන් කිසීම ඵලයෙක්හි ආස්වාදයක් නොලබමි.
|
6
සොසෙත්වා නූන මරණං, තං මමං ආවහිස්සති;
අම්බං යස්ස ඵලං සාදු, මධුරග්ගං මනොරමං;
යමුද්ධරිං වුය්හමානං, උදධිස්මා මහණ්ණවෙ.
|
6
“යම් අඹ ඵලයක් මධුරවූ රසයෙන් අග්‍රවූ සිත් කළුවූවක්වීද මහා ජලයෙහි බැසයන්නාවූ යමක් මම දියෙන් ගොඩ ගතිම්ද, එය මා වියලවා ඒකාන්තයෙන් මට මරණය එළවන්නේය.
|
7
අක්ඛාතං තෙ මයා සබ්බං, යස්මා උපවසාමහං;
රම්මං පති නිසින්නොස්මි, පුථුලොමායුතා පුථු.
|
7
“යම්හෙයකින් මම උපවාසය කෙරෙම්ද, මත්ස්යයන්ගෙන් යුක්තවූ දිගු පුළුල ඇති සිත් කළුවූ ගඟබලා හුන්නෙම්ද, මාවිසින් ඒ සියල්ල ඔබට කියන ලදී.
|
8
ත්වඤ්ච ඛො මෙව
(මෙ (සී.), මම (?)) අක්ඛාහි, අත්තානමපලායිනි;
කා වා ත්වමසි කල්‍යාණි, කිස්ස වා ත්වං සුමජ්ඣිමෙ.
|
8
“අපලායිනිය, හෙවත් පැන නොයන්නිය, ඔබද මට තමා කියව, කළ්‍යාණිය, ඔබ කවරක් හෝ වෙහිද, මනා මධ්යප්රදෙශ ඇත්තිය, කුමකට හෝ ඔබ මෙහි ආයෙහිද
|
9
රුප්පපට්ටපලිමට්ඨීව
යා සන්ති නාරියො දෙවෙසු, දෙවානං පරිචාරිකා.
|
9
“මනාව ඔපමට්ටන් කරණලද රත්රංපටක් බඳුවූද පර්වත හිස්හී උපන් තරුණ ව්යාඝ්රධෙනුවක් බඳුද වූවාය. දෙවියන් අතර දෙවියන්ගේ යම් පරිචාරිකා ස්ත්රිහු වෙද්ද, මනුෂ්‍යලෝකයෙහි රූපයෙන් යුක්තවූ යම් ස්ත්‍රීහු වෙද්ද, දෙවියන් අතරෙහිද ගන්ධර්වලෝකයෙහි හා මනුෂ්යලෝකයෙහිද තිගේ රූපයට සමානවූ රූ ඇත්තියක් නැත්තේය.
|
10
යා ච මනුස්සලොකස්මිං, රූපෙනාන්වාගතිත්ථියො;
රූපෙන තෙ සදිසී නත්ථි, දෙවෙසු ගන්ධබ්බමනුස්සලොකෙ
(දෙවගන්ධබ්බමානුසෙ (ස්‍යා.));
පුට්ඨාසි මෙ චාරුපුබ්බඞ්ගි, බ්රූහි නාමඤ්ච බන්ධවෙ.
|
10 |
11
යං
සාහං භුසාලයා වුත්ථා, වරවාරිවහොඝසා.
|
11
“මනොඥවූ උතුම් ලක්ෂණයෙන් යුත් තැනැත්තිය මාවිසින් විචාරණ ලද්දී වෙහි එය කියව නාමයද නෑයන්ද මට කියවයි, තවුස්තෙම කීයේය.
|
12
නානාදුමගණාකිණ්ණා, බහුකා ගිරිකන්දරා;
මමෙව පමුඛා හොන්ති, අභිසන්දන්ති පාවුසෙ.
|
12
“බ්‍රාහ්මණය, ඔබ යම් කෝසිතී නම් සිත් කළු ගංගාවක් බලා හුන්නෙහිද, උතුම් ජලය බැසයන්නාවූ සැඩ පහරින් යුක්තවූ ඒ ගංගාවෙහි පිහිටි විමානයෙහි අධිගෘහිතවූ දෙවතා දූ නම් මම වෙමි.
|
13
අථො බහූ වනතොදා, නීලවාරිවහින්ධරා;
බහුකා නාගවිත්තොදා, අභිසන්දන්ති වාරිනා.
|
13
“නොයෙක් වෘක්ෂ සමූහයාගෙන් ගැවැසී ගත්තාවූ බොහෝවූ කඳුරැළි මාම ප්රමුඛකොට ඇත්තාහුවෙත්. බොහෝවූ වර්ෂා ජලය මේ ගඟටම ඇතුල් වෙත්.
|
14
තා අම්බජම්බුලබුජා, නීපා තාලා චුදුම්බරා
(තාලමුදුම්බරා (ස්‍යා. ක.));
බහූනි ඵලජාතානි, ආවහන්ති අභිණ්හසො.
|
14
“තවද, බොහෝවූ ඒ ඒ වනයෙන් වැහෙන්නාවූ ජලයෝද ප්‍රවිෂ්ට වෙත්. නීලවර්ණ ජලයෙන් යුත් දිය පහරවල් දරන්නාවූ නාගයන් සතුටු කරණ වන සංඛ්‍යාත ජලයෙන් හෝ යුක්තවූවාහු බොහෝවූ ගංඟාවෝ මේ ගඟට පිවිසෙත්.
|
15
යං කිඤ්චි උභතො තීරෙ, ඵලං පතති අම්බුනි;
අසංසයං තං සොතස්ස, ඵලං හොති වසානුගං.
|
15
“ඒ නදීහු අඹ, දඹ, හා දෙල්ද, බක්මීද, තල්ද, දිඹුල්ද, යන බොහෝ ගෙඩි ජාතීන් නිරන්තරයෙන් මේ ගඟදිය පහරට පමුණුවත්.
|
16
එතදඤ්ඤාය මෙධාවි, පුථුපඤ්ඤ සුණොහි මෙ;
මා රොචය මභිසඞ්ගං, පටිසෙධ ජනාධිප.
|
16
“ඒ ගඟ උභය තීරයෙහි යම්කිසි ඵලයක් දියෙහි වැටේද, එය මේ ගංගා ජලපහර අනුව ගියාවූ ඵලයයි. සැක නැතිවේ.
|
17
න වාහං වඩ්ඪවං
(වද්ධවං (සී. පී.)) මඤ්ඤෙ, යං ත්වං රට්ඨාභිවඩ්ඪන;
ආචෙය්යමානො රාජිසි, මරණං අභිකඞ්ඛසි.
|
17
“මහත්වූ ප්‍රඥා ඇත්ත නුවණැත්තේ මෙය දැන මාගේ වචනය අසව, මහරජ, තෘෂ්ණාවශයෙන් ඇලීම රුචි නොවෙව, එය දුරුකරව,
|
18
තස්ස ජානන්ති පිතරො, ගන්ධබ්බා ච සදෙවකා;
යෙ
අසංසයං තෙපි
(තෙ (සී. පී.)) ජානන්ති, පට්ඨභූතා
(වද්ධභූතා (සී. පී.)) යසස්සිනො.
|
18
“රට වර්ධනය කරන්නාවූ මහරජ, මස් ලේ වලින් වැඩෙමින් තරුණව සිටි ඔබ යම් හෙයකින් නිරාහාරව මරණය කැමැති වෙහිද, එහෙයින් මම මෙය නුඹගේ නුවණින් වෘද්ධ බවකැයි නොහඟිමි.
|
19
එවං විදිත්වා විදූ සබ්බධම්මං, විද්ධංසනං චවනං ජීවිතස්ස;
න චීයතී තස්ස නරස්ස පාපං, සචෙ න චෙතෙති වධාය තස්ස.
|
19
“ඔහුගේ තෘෂ්ණා වසඟවීම බ්‍රහ්මයෝද දෙවියන් සහිතවූ ගන්ධර්වයෝද සංයමවූ සිත් ඇති යශස් ඇත්තාවූ ලෝකයෙහි යම් ඍෂීහු ඇද්ද, නුවණින් වැඩුනාවූ යශස් ඇත්තාවූ ඔව්හු නිසැකයෙන් දැන ගනිත්යයි දෙව්දුව කීය.
|
20
ඉසිපූගසමඤ්ඤාතෙ, එවං ලොක්යා විදිතා සති
(පති (ක. ස්‍යා. ක.));
අනරියපරිසම්භාසෙ, පාපකම්මං ජිගීසසි
(ජිගිංසසි (සී. ස්‍යා. පී.)).
|
20
“නුවණැත්තේ සියලු සුචරිත ධර්මය මෙසේ දැන ජීවිතයාගේ නැසීමද චුතවීමද දැන සිටීද ඉදින් ඒ අනිකාගේ වධය පිණිස නොසිතාද, ඒ මනුෂ්‍යයාට පව්රැස් නොවේ.
|
21
සචෙ අහං මරිස්සාමි, තීරෙ තෙ පුථුසුස්සොණි;
අසංසයං තං අසිලොකො, මයි පෙතෙ ආගමිස්සති.
|
21
“මෙසේ ලොවට හිත ඇත්තාහුයයි ඍෂි සමූහයා විසින් දක්නාලද කල්හි මාකෙරෙහි අයහපත්වූ නින්දා කිරීම කැමැත්තෙන් යුක්තවූ තැනැත්තිය තී පාප කර්මයක් හැරගනු කැමැත්තෙහිය.
|
22
තස්මා
මා තං සබ්බො ජනො පච්ඡා, පකුට්ඨායි
(පකත්ථාසි (සී. පී.), පත්වක්ඛාසි (ස්‍යා.)) මයි මතෙ.
|
22
“පුළුල්වූ මනා කටිප්රදෙශ ඇත්තිය, ඉදින් මම තිගේ ගංඉවුරෙහි මැරෙන්නෙම්ද, මා පරලොව ගිය කල්හි තිට සැක නැතිව අපකීර්තියෙක් පැමිණෙන්නේය.
|
23
අඤ්ඤාතමෙතං අවිසය්හසාහි, අත්තානමම්බඤ්ච දදාමි තෙ තං;
සො දුච්චජෙ කාමගුණෙ පහාය, සන්තිඤ්ච ධම්මඤ්ච අධිට්ඨිතොසි.
|
23
“මනා මධ්‍ය ප්‍රදෙශ ඇත්තිය. එහෙයින් පාප කර්මයෙන් ආරක්ෂාවෙව, මා මළකල්හි තිට සියලු ජනතෙම පසුව නින්දා නොකෙරේවායි.
|
24
යො හිත්වා පුබ්බසඤ්ඤොගං, පච්ඡා සංයොජනෙ ඨිතො;
අධම්මඤ්චෙව චරති, පාපඤ්චස්ස පවඩ්ඪති.
|
24
“නොඉවසිය හැක්ක ඉවසන සුළු මහරජ, මේ කරුණ මාවිසින් දන්නාලදී. යමෙක්තෙම හැරදැමිය නොහැකි කාමගුණයන්හැර සංයම් සීලයෙහිද සුචරිත ධර්මයෙහිද පිහිටියේවීද, ඒ ඔබට තමාද ඒ අඹද දෙමි.
|
25
එහි
උපානයාමි සීතස්මිං, විහරාහි අනුස්සුකො.
|
25
“යමෙක්තෙම පළමු බන්ධය හැර පසුව තෘෂ්ණා බන්ධනයෙක් හි පිහිටියේ වේද, හෙතෙම අධර්මයෙහිද හැසිරේ මොහුගේ පාපයද වැඬේ.
|
26
තං
කොඤ්චා මයූරා දිවියා, කොලට්ඨිමධුසාළිකා;
කූජිතා හංසපූගෙහි, කොකිලෙත්ථ පබොධරෙ.
|
26
‘එව, ඒ අඹ උයනට පමුණු වන්නෙමි. ඒකාන්තයෙන් අඹ ඵල කෙරෙහි මන්දොත්සාහ වෙව, සිහිල්වූ අඹ උයනෙහි නොකලකිරී වාසය කරව.
|
27
අම්බෙත්ථ විප්පසාඛග්ගා
(විප්පසූනග්ගා (සී. ස්‍යා. පී.), විප්පඔනග්ගා (ක.)), පලාලඛලසන්නිභා;
කොසම්බසළලා
(කොසුම්භසලලා (සී. ස්‍යා. පී.)) නීපා, පක්කතාලවිලම්බිනො.
|
27
“මහරජ, මල් රසයෙන් මත්වූ වක්වූ ග්‍රීවා ඇති ලිහිණින් විසින් නාද කරණ ලද ඒ අඹඋයන බලව, කොස්වා ලිහිණිහුද මොණරුද දිව්‍යවූ කෝයට්ඨි නම් පක්ෂිහුද ස්වර්ණශාලීය නම් පක්ෂිහුද එහි වෙසෙත්.
|
28
මාලී තිරිටී කායූරී, අඞ්ගදී චන්දනුස්සදො
(චන්දනස්සදො (සී.));
රත්තිං ත්වං පරිචාරෙසි, දිවා වෙදෙසි වෙදනං.
|
28
“හංස සමූහයා විසින් නාද කරණලද්දාවූ මේ අඹ උයනෙහි කොවුලෝ නාද කරන්නාහු තමන් ප්‍රබොධ කෙරෙත්. මෙහි අඹ වෘක්ෂයෝ පලබරින් නැමුනු අතු අග ඇත්තාහ. සමහර බිම්පෙදෙස් මල් රැසින් හැල් පිදුරු ඇති කලවිටි සමානයහ. වනුක්ද හොරගස්ද බක්මීද ඇත්තාහ. පැසුනු පලබරින් යුත් තල්ගස්ද ඇත්තාහයි කීවාය.
|
29
සොළසිත්ථිසහස්සානි, යා තෙමා පරිචාරිකා;
එවං මහානුභාවොසි, අබ්භුතො ලොමහංසනො.
|
29
“දිවමල් දරන්නාවූ මිනි ඔටුනු දරන්නාවූ දිව අබරණ පැළඳ අංගදාභරණයෙන් යුක්තවූ රත්සඳුන් ගැල්වූ තොපි රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරන්නෙහිය. දාවල් වනාහි දුක්වේදනාව විඳින්නෙහිය.
|
30
කිං කම්මමකරී පුබ්බෙ, පාපං අත්තදුඛාවහං;
යං කරිත්වා මනුස්සෙසු, පිට්ඨිමංසානි ඛාදසි.
|
30
“යම් මේ සොළොස් දහසක් දිව්‍ය ස්ත්රීහුවෙද්ද, ඔව්හු ඔබට පරිචරණය කරන්නාහ. මෙසේ අද්භූතවූ දුටුවන් ලොමු ඩැහැගන්වන්නාවූ මහත් ආනුභාව ඇත්තේ වෙහිය.
|
31
අජ්ඣෙනානි පටිග්ගය්හ, කාමෙසු ගධිතො
(ගථිතො (සී. පී.), ගිද්ධිතො (ස්‍යා. ක.), ගිද්ධිකො (ක. අට්ඨ.)) අහං;
අචරිං දීඝමද්ධානං, පරෙසං අහිතායහං.
|
31
“මනුෂ්‍ය ලෝකයෙහි යම් කර්මයක්කොට දැන් තමාගේ පිටමස් කන්නෙහිද, පෙර තමහට දුක්එලවන්නාවූ කවර නම් පාපකර්මයක් කෙළේදැයි ඇසුවේය.
|
32
යො පිට්ඨිමංසිකො හොති, එවං උක්කච්ච ඛාදති;
යථාහං අජ්ජ ඛාදාමි, පිට්ඨිමංසානි අත්තනොති.
|
32
“පෙර ජාතියෙහි මම වේදයන් හදාරාකාමයන්හි ඇළුනෙක්වීමි. මම බොහෝ කලක් අනුන්ට අවැඩ පිණිස හැසුරුනෙමි. යම් පුද්ගලයෙක් අනුන්ගේ පිට මස් කන්නාවූ කේලාම් කියන්නෙක්වේද, යම්සේ මම අද තමන්ගේ පිට මස් කන්නෙම්ද, මෙසේ හෙතෙම තමාගේ පිටමස් කඩ කඩා කන්නේයයි විමාන ප්‍රේතයා කීයේයයි” වදාළේය.
|
512. කුම්භජාතකං (2) | 512. කුම්භ ජාතකය |
33
කො
ගත්තෙහි
|
33
“බ්‍රාහ්මණය, ඔබ චන්ද්‍රයා මෙන් රාත්‍රිය බබුළුවමින් අහස සිටිනෙහිය. ඔබගේ ශරීරයෙන් සියගණන් රැලි ඇති අහසෙහි විදුළියක් මෙන් රශ්මීහු නික්මෙත්. දෙව් ලොවින් ආයෙහිද, කොයින් ආයෙහිද,
|
34
සො ඡින්නවාතං කමසී අඝම්හි, වෙහායසං ගච්ඡසි තිට්ඨසී ච;
ඉද්ධී නු තෙ වත්ථුකතා සුභාවිතා, අනද්ධගූනං අපි දෙවතානං.
|
34
“ඒ ඔබ සුන්වූ වාතය ඇති අහසෙහි ගමන් කරන්නෙහිය. අහසෙහි යන්නේද සිටින්නේදවෙහි පයින් ගමන් නොයන්නාවූ දෙවතාවන්ගේ යම් ඍර්ධියක් වේද, ඒ ඍර්ධිතොමෝ නුඹ විසින් මනාව වඩනා ලද්දී ප්‍රතිෂ්ඨාවක් මෙන් කරණලද්දීවේ.
|
35
වෙහායසං ගම්මමාගම්ම
(කමමාගම්ම (සී. ස්‍යා.)) තිට්ඨසි, කුම්භං කිණාථාති යමෙතමත්ථං;
කො වා තුවං කිස්ස වා තාය කුම්භො, අක්ඛාහි මෙ බ්‍රාහ්මණ එතමත්ථං.
|
35
“අහසෙහි ගමන් කරමින් මෙහි පැමිණ සිටිනෙහි ඔබ කවරෙක් වෙහිද, කළය මිලදී ගනිව්යයි යම් මේ කාරණයක් කියන්නෙහිද, ඒ නුඹ කවරෙක් හෝ වෙහිද, මේ කළය තෙම කුමකින් යුක්තවූයේ වේදැයි, මේ කාරණය මට කියවයි, සබ්බමිත්ත නම් රජතෙම කීයේය.
|
36
න සප්පිකුම්භො නපි තෙලකුම්භො, න ඵාණිතස්ස න මධුස්ස කුම්භො;
කුම්භස්ස වජ්ජානි අනප්පකානි, දොසෙ බහූ කුම්භගතෙ සුණාථ.
|
36
“මහරජ, මේ කළය තෙම ගිතෙල් පිරූකළයක් නොවේ. තලතෙල් පිරූ කළයකුත් නොවේ. උක්පැනි පිරූ කළයක් නොවේ. මීයෙන් පිරුණු කළයකුත් නොවේ. කළයේ ආදීනවයෝ බොහෝවෙත්. කළයෙහිවූ බොහෝ දෝෂයන් අසව්.
|
37
ගළෙය්ය
බහුම්පි භුඤ්ජෙය්ය අභොජනෙය්යං, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
37
“යමක් පානය කොට ගමන් කරන්නේ පියවරක් පාසා පෙරලෙන්නේද, ප්‍රපාතයට වැටෙන්නේද, වලටද ගුහාවටද අපිරිසිදු මඩවලටද ගම්දොර ගමරවලටද වැටෙන්නේද, බොහෝවූ අනුභව නොකටයුතුදෙය අනුභව කරන්නේද, එයින් පිරුනාවූ මේ කළය මිලදී ගනිමු.
|
38
යං පිත්වා
(යං වෙ පීත්වා (සී.)) චිත්තස්මිමනෙසමානො, ආහිණ්ඩතී ගොරිව භක්ඛසාරී
(භක්ඛසාදී (සී. ස්‍යා. අට්ඨ.));
අනාථමානො
|
38
“ඉදින් යමක් පානය කොට සිතෙහි අධිපතිකම් නැත්තේ සුරා කසට අනුභව කරන්නාවූ ගවයෙකු මෙන් ඇවිදීද, අනාථ වෙමින් ගායනාකරන්නෙකු අනුව ගායනා කෙරේද, නටන්නහු අනුව නටාද, එයින් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
39
යං
සම්මූළ්හචිත්තො අතිවෙලසායී, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
39
“ඉදින් යමක් පානයකොට නිර්වස්ත්‍ර තවුසෙකු මෙන් නග්නව ගමෙහිද වීථි අතරෙහිද හැසිරෙන්නේද, ඉතා මුළාවූ සිත් ඇත්තේ ඉතා බොහෝ කල්සයනය කරන්නේද, ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්.
|
40
යං පිත්වා උට්ඨාය පවෙධමානො, සීසඤ්ච බාහුඤ්ච
(බාහඤ්ච (පී.)) පචාලයන්තො;
සො නච්චතී දාරුකටල්ලකොව, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
40
“ඉදින් යමක් පානයකොට නැගීසිට වෙව්ලමින් හිසද අත්ද සොළවමින් සිටීද, හෙතෙම දැවයෙන් කරණ ලද යන්ත්‍ර රූපයක් මෙන් නටයි. ඒ සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්.
|
41
යං වෙ පිවිත්වා අග්ගිදඩ්ඪා සයන්ති, අථො සිගාලෙහිපි ඛාදිතාසෙ;
බන්ධං වධං භොගජානිඤ්චුපෙන්ති, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
41
“ඉදින් යම් සුරාවක් පානය කොට ගින්නෙන් දැවුනාහු සයනය කෙරෙද්ද, තවද හිවලුන් විසිනුත් කනු ලබද්ද, බන්ධනයටද හිංසාවටද සම්පත් පිරිහීමටත් පැමිණෙද්ද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගණිව්.
|
42
යං පිත්වා භාසෙය්ය ආභාසනෙය්යං, සභායමාසීනො අපෙතවත්ථො;
සම්මක්ඛිතො
(සමක්ඛිතො (සී.)) වන්තගතො බ්යසන්නො, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
42
“ඉදින් යම් සුරාවක් පානයකොට නොකිය යුත්ත කියන්නේද, සභාවෙහි හුන්නේ අපගතවූ වස්ත්‍ර ඇත්තේ වේද, කුනුතැවරීම් සහිතව වමනයෙහි ගැළුනේ ව්‍යසනයට පැමිණියේවේද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
43
යං වෙ පිවිත්වා උක්කට්ඨො ආවිලක්ඛො, මමෙව සබ්බා පථවීති මඤ්ඤෙ
(මඤ්ඤති (සී.));
න
|
43
“ඉදින් යම් සුරාවක් පානයකොට උත්කෘෂ්ටවූයේ කැළඹුනාවූ රතුවූ ඇස් ඇත්තේ සියලු පෘථිවිය මාගේම යයිද මා හා සමවූ සතර දිසාවට අධිපතිවූ රජෙකුත් නැත්තේයයි හඟීද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
44
මානාතිමානා කලහානි පෙසුණී, දුබ්බණ්ණිනී නග්ගයිනී පලායිනී;
චොරාන ධුත්තාන ගතී නිකෙතො, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
44
“යම් සුරාවක් පානය කොට මානය ඇත්තාහු අධික මාන ඇත්තාහු වෙද්ද, කලහ ඇත්තාහු කේලාම් කියන්නාහු වෙද්ද, අයහපත් වර්ණ ඇත්තාහු නග්න භාවය ඇත්තාහු පැන දුවන්නාහුවෙද්ද, සොරුන්ගේද ධූර්තයන්ගේද නිෂ්පත්තියට නිවාසස්ථානවේද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කලය මිලදී ගනිව්.
|
45
ඉද්ධානි ඵීතානි කුලානි අස්සු, අනෙකසාහස්සධනානි ලොකෙ;
උච්ඡින්නදායජ්ජකතානිමාය, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
45
“සමෘද්ධවූද පිරීගියාවූද නොයෙක් දහස් ගණන් ධනය ඇති කුල ලෝකයෙහි වූවාහුද මේ සුරාවෙන් ඒ කුලයෝ සිඳුනාවූ ධනය ඇත්තන් කරණලද්දාහුය. එබඳු සුරාවෙන් පිරුණාවූද මේ කළය මිලදී ගනිව්.
|
46
ධඤ්ඤං
උච්ඡෙදනී විත්තවතං
(උච්ඡෙදනී විත්තගතං (ස්‍යා.), උච්ඡෙදනිවිත්තගතං (ක.)) කුලානං, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
46
“සුරාපානය කළාවූ යම් කුලයෙක්හි ධාන්‍යද ධනයද රිදීද රත්‍රංද කුඹුරුද ගවයන්ද යන මොවුන් විනාශයට පමුණුවද්ද, ඒ සුරාව වස්තු ඇති කුලයන් නසන්නීවේ. එබඳු සුරාවෙන් පිරුණාවූ මේ කළය මිලදී ගනිව්.
|
47
යං වෙ පිත්වා දිත්තරූපොව
(දුට්ඨරූපොව (සී.)) පොසො, අක්කොසති මාතරං පිතරඤ්ච;
සස්සුම්පි ගණ්හෙය්ය අථොපි සුණ්හං, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
47
“ඉදින් යම් සුරාවක් පානය කොට දුෂ්ට ස්වභාව ඇත්තාවූම පුරුෂතෙම පියාටද මවටද ආක්‍රොෂ කෙරේද, නැන්දනියද තවද යෙහෙළියද භාර්‍ය්‍යාවයයි සිතා අතින් අල්වාගන්නේද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
48
යං වෙ පිත්වා දිත්තරූපාව නාරී, අක්කොසති සසුරං සාමිකඤ්ච;
දාසම්පි
|
48
“ඉදින් යමක් පානය කොට දුෂ්ට ස්වභාවය ඇත්තාවූම ස්ත්‍රී තොමෝ මාමාටද ස්වාමියාටද ආක්‍රොෂ කරන්නීවේද, වැඩකාරයාද සමීපයෙහි හැසිරෙන තැනැත්තාද ස්වාමියායයි අතින් අල්වාගන්නීවේද, එබඳු සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්.
|
49
යං වෙ පිවිත්වාන
(යඤ්චෙ පීත්වාන (පී.)) හනෙය්‍ය පොසො, ධම්මෙ ඨිතං සමණං බ්රාහ්මණං වා;
ගච්ඡෙ අපායම්පි තතොනිදානං, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
49
“ඉදින් යම් සුරාවක් පානය කොට පුරුෂතෙම ධර්මයෙහි සිටියාවූ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ හිංසා කරන්නේද, හෙතෙම ඒ හේතුවෙන් අපායටත් යන්නේද, එබඳු සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්,
|
50
යං වෙ පිවිත්වා දුච්චරිතං චරන්ති, කායෙන වාචාය ච චෙතසා ච;
නිරයං වජන්ති දුච්චරිතං චරිත්වා, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
50
“ඉදින් යමක් පානය කොට කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ දුශ්චරිතයෙහි හැසිරෙද්ද, දුශ්චරිතයෙහි හැසිර ඔව්හු නිරයට යද්ද, එබඳු සුරාවෙන් පිරුණාවූ මේ කළය මිලදී ගනිව්.
|
51
යං
සො තං පිවිත්වා අලිකං භණාති, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
51
“පෙර බොහෝවූ රන්ද පරිත්‍යාග කරමින් යාඥා කරන්නාහු යමකු ලවා බොරුකියවීම නොලබද්ද හෙතෙම ඒ සුරාව පානය කොට බොරුව කියාද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
52
යං වෙ පිත්වා පෙසනෙ පෙසියන්තො, අච්චායිකෙ කරණීයම්හි ජාතෙ;
අත්ථම්පි සො නප්පජානාති වුත්තො, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
52
“ඉදින් යමක් පානය කොට ඉක්මන් කටයුත්තක් ඇතිවූ කල්හි පනිවිඩයක් යවන්නේ හෙතෙම කියනලද කරුණත් නොදනීද, එබඳු සුරාවෙන් පිරුණු මේ කළය මිලදී ගනිව්,
|
53
හිරීමනාපි
ධීරාපි
|
53
“ලජ්ජාවෙන් යුත් සිත් ඇත්තාවූද සුරාමදයෙන් මත්වූවාහු ලජ්ජානැතිබව පහළ කරත්ද, ප්රාඥවූවාහුද බොහෝකොට බෙනෙත්ද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගනිව්.
|
54
යං වෙ පිත්වා එකථූපා සයන්ති, අනාසකා ථණ්ඩිලදුක්ඛසෙය්යං;
දුබ්බණ්ණියං ආයසක්යඤ්චුපෙන්ති, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
54
“ඉදින් යම්සුරාවක් පානයකොට එකතැන රැස්වූවාහු අනුභව නොකරන්නාහු හිස් බිම දුක්වූ සයනයෙන් සයනය කරද්ද, දුර්වර්ණ භාවයට හා නින්දාවටත් පමුණුවද්ද, එබඳු සුරාවෙන් පිරුණාවූ මේ කළය මිලදී ගණිව්.
|
55
යං වෙ පිත්වා පත්තඛන්ධා සයන්ති, ගාවො කුටහතාව න හි වාරුණියා;
(යං වෙ පිත්වා පත්තක්ඛන්ධා, සයන්ති ගාවො කූටහතාරිව; න හි වාරුණියා වෙගො, නරෙන සුස්සහොරිව; (සී.)) වෙගො නරෙන සුසහොරිව
(යං වෙ පිත්වා පත්තක්ඛන්ධා, සයන්ති ගාවො කූටහතාරිව; න හි වාරුණියා වෙගො, නරෙන සුස්සහොරිව; (සී.)), තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
55
‘ඉදින් යම්සුරාවක් පානය කොට කුලින් පහරලත් ගවයන් මෙන් පතිතවූ කඳ ඇත්තාහු සයනය කෙරෙද්ද, ඒ සුරාපානයාගේ වේගය මිනිසා විසින් ඉසිලිය නොහැක්කේමවේ.
|
56
යං මනුස්සා විවජ්ජෙන්ති, සප්පං ඝොරවිසං මිව
(විසමිව (ස්‍යා.), විසං ඉව (ක.), විසාමිව (?));
තං ලොකෙ විසසමානං, කො නරො පාතුමරහති.
|
56
‘මනුෂ්‍යයෝ යම් සුරාපානයක් ඝොර විෂ ඇත්තාවූ සර්පයෙකු මෙන් දුරුකෙරෙද්ද, ලෝකයෙහි විෂ හා සමානවූ එය කවර මිනිසෙක් පානය කරන්ට සුදුසුවේද,
|
57
යං වෙ පිත්වා අන්ධකවෙණ්ඩපුත්තා, සමුද්දතීරෙ පරිචාරයන්තා
(අන්ධකවෙණ්හුපුත්තා (සී. පී.), අණ්ඩකවෙණ්ඩපුත්තා (ක.));
උපක්කමුං මුසලෙහඤ්ඤමඤ්ඤං, තස්සා පුණ්ණං කුම්භමිමං කිණාථ.
|
57
“ඉදින් යම් සුරාවක් පානයකොට දශබෑ රජදරුවෝ මුහුදුතෙර හැසිරෙන්නාහු මොහොල්වලින් ඔවුනොවුන්ට පහර දුන්නාහුද, එබඳු සුරාවෙන් පිරුනාවූ මේ කළය මිලදී ගණිව්,
|
58
යං වෙ පිත්වා පුබ්බදෙවා පමත්තා, තිදිවා චුතා සස්සතියා සමාය;
තං
|
58
“ඉදින් යම් සුරාවක් පානයකොට ප්‍රමාදවූ මායා සහිතවූ අසුරයෝ සාස්ථකයයි සම්මතවූ තව්තිසා දෙව් ලොවින් චුතවූවාහුද, මහරජ, එබඳු ඒ මේ නිරර්ථකවූ සුරාව දැනගෙණ ඔබ වැන්නෙක් කෙසේ පානය කරන්නේද,
|
59
නයිමස්මිං කුම්භස්මිං දධි වා මධු වා, එවං අභිඤ්ඤාය කිණාහි රාජ;
එවඤ්හිමං කුම්භගතා මයා තෙ, අක්ඛාතරූපං තව සබ්බමිත්ත.
|
59
“මහරජ, මේ කළයෙහි දී හෝ මී හෝ නොවේයයි මෙසේ දැන මිලදී ගනුව, සබ්බමිත්ත නම් රජ මෙසේ වනාහි මේ කළයෙහිවූ දේ මා විසින් ස්වභාවෙන් තොපට කියන ලද්දේයයි බමුණු වෙසින් ආ ශක්‍ර තෙම කීයේය.
|
60
න
හිතානුකම්පී පරමත්ථකාමො, සොහං කරිස්සං වචනං තවජ්ජ.
|
60
“බ්‍රාහ්මණය, ඔබ යම් බඳු හිතානුකම්පා ඇත්තෙක් උතුම් වැඩ කැමැත්තෙක් වෙහිද, මාගේ පියා හෝ තවද මාගේ මව හෝ එබඳු නොවේ. එහෙයින් ඒ මම දැන් නුඹගේ කීම කරන්නෙමි.
|
61
දදාමි තෙ ගාමවරානි පඤ්ච, දාසීසතං සත්ත ගවං සතානි;
ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ, ආචරියො හොසි මමත්ථකාමො.
|
61
“ඔබට ගම්වර පසක්ද දාසීන් සත්සියයක්ද ගවයන් සියයක්ද ආජානීය අශ්වයන් යෙදූ මේ රථ දශයක්ද දෙමි. ඔබ මට වැඩ කැමතිවූ ගුරුවරයෙක් වෙහියයි රජතෙම කීයේය.
|
62
තවෙව දාසීසතමත්ථු රාජ, ගාමා ච ගාවො ච තවෙව හොන්තු;
ආජඤ්ඤයුත්තා ච රථා තවෙව, සක්කොහමස්මී තිදසානමින්දො.
|
62
“මහරජ, දාසීන් සියය තොපටම වේවා ගම්වරද ගවයෝද තොපටම වෙත්වා ආජානීය අශ්වයන් යෙදූ රථද තොපටම වෙත්වා මම වනාහි දෙව්ලෝ වැස්සන්ට අධිපතිවූ ශක්රයාවෙමි.
|
63
මංසොදනං සප්පිපායාසං
(සප්පිපායඤ්ච (සී.)) භුඤ්ජ, ඛාදස්සු ච ත්වං මධුමාසපූවෙ;
එවං
|
63
“මහරජ, නුඹ මාංශයෙන් යුක්තවූ බතද ගිතෙල් හා කිරිද වළඳව, මීයෙන් යුක්තවූ මෑවලින් කළ කැවුම් අනුභව කරව, මෙසේ ඔබ සුචරිත ධර්මයෙහි ඇලුනේ කිසිවෙකු විසින් නින්දා නොකරණ ලද්දේ දෙව්ලොවට පැමිණේවයි කියා අවවාදකොට ශක්‍රතෙම දෙව්ලොවට ගියේය.”
|
513. ජයද්දිසජාතකං (3) | 513. ජයද්දිස ජාතකය |
64
චිරස්සං
කුතොසි කො වාසි තදිඞ්ඝ බ්රූහි, ආචික්ඛ ජාතිං විදිතො යථාසි.
|
64
“ඒකාන්තයෙන් නිරාහාරව සිටින්නාවූ මට අද සත්වන දවසෙහි ආහාර අනුභව කරණ කාලයෙහි බොහෝ කලකින් මහත්වූ කෑයුත්තෙක් පහළවිය. එබැවින් එය කියව, යම්සේ දන්නාලද්දේ වේද, එසේ ජාතිය කියව. කොයි සිට ආයෙහිද, කවරෙක් හෝ වෙහිදැයි (මිනිස් යකා ඇසීය.)
|
65
පඤ්චාලරාජා මිගවං පවිට්ඨො, ජයද්දිසො නාම යදිස්සුතො තෙ;
චරාමි කච්ඡානි වනානි චාහං, පසදං ඉමං ඛාද මමජ්ජ මුඤ්ච.
|
65
“මුව දඩයමට ප්‍රවිෂ්ටවූ ජයද්දිස නම් ඉදින් තොප විසින් අසන ලද්දේද, ඒ මම පර්වත පාර්ශවයන්හිද වනයන්හිද හැසිරෙමි. මේ පසද මෘගයා අනුභව කරව. අද මා මුදවයි (ජයද්දිස රජතෙම කීයේය.)
|
66
සෙනෙව
තං ඛාදියාන පසදං ජිඝඤ්ඤං
(ජිඝච්ඡං (?)), ඛාදිස්සං පච්ඡා න විලාපකාලො.
|
66
“නුඹ මා සතුවූම දෙයින් කියන්නෙහිය. හිංසා කරණු ලබන්නේ යමක් කියන්නෙහිද මේ පසද මුවා මාගේ ගොදුරවේ. පළමුකොට තා අනුභව කොට අනුභව කරණු කැමති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැළපීමට කාලය නොවේයයි (යක්ෂතෙම කීයේය.)
|
67
න චත්ථි මොක්ඛො මම නික්කයෙන
(වික්කයෙන (සී.)), ගන්ත්වාන පච්චාගමනාය පණ්හෙ;
තං
|
67
“ඉදින් මාගේ ගණු දෙනුවෙන් මිදීමක් නැත්තේද, එහෙයින් ගොස් බ්‍රාහ්මණයාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරලා ඊමට ප්‍රතිඥා ගණුව, සත්‍ය වචනය රක්නේ නැවත මෙහි එන්නෙමියි (රජතෙම කීයේය.)
|
68
කිං කම්මජාතං අනුතප්පතෙ ත්වං
(අනුතප්පතී තං (සී. පී.)), පත්තං සමීපං මරණස්ස රාජ;
ආචික්ඛ මෙ තං අපි සක්කුණෙමු, අනුජානිතුං ආගමනාය පණ්හෙ.
|
68
“මහරජ, මරුවා සමීපයට පැමිණියාවූ තා කිනම් කර්මයක් තවයිද, හෙට උදෑසන ඊමට හැක්කේහි නම් අවසර දෙන්ට හැක්කෙමුයි එය මට කියවයි කීයේය.
|
69
කතා මයා බ්රාහ්මණස්ස ධනාසා, තං සඞ්කරං පටිමුක්කං න මුත්තං;
තං සඞ්කරං බ්රාහ්මණස්සප්පදාය, සච්චානුරක්ඛී පුනරාවජිස්සං.
|
69
“මා විසින් බ්රාහ්මණයෙකුට ධනය දෙමියි එහි ආශාව ඇති කරණ ලදී. ඒ පොරොන්දුවූ ඇපය නුමුදන ලදී. ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාට දී සත්‍ය වචනය රකිමින් මම නැවත මෙහි එන්නෙමියි (රජතෙම කීයේය.)
|
70
යා තෙ කතා බ්රාහ්මණස්ස ධනාසා, තං සඞ්කරං පටිමුක්කං න මුත්තං;
තං සඞ්කරං බ්රාහ්මණස්සප්පදාය, සච්චානුරක්ඛී පුනරාවජස්සු.
|
70
“ඔබ විසින් බ්‍රාහ්මණයාට යම් ධනාශාවක් කරණ ලද්දීද ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේද, ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාට දී සත්‍ය වචනය රකිමින් නැවත මෙහි එවයි යක්ෂතෙම කීයේය.
|
71
මුත්තො ච සො පොරිසාදස්ස
(පුරිසාදස්ස (පී.)) හත්ථා, ගන්ත්වා සකං මන්දිරං කාමකාමී;
තං සඞ්කරං බ්රාහ්මණස්සප්පදාය, ආමන්තයී පුත්තමලීනසත්තං
(සත්තුං (ස්‍යා. පී. ක.)).
|
71
“කාමයන් කැමති වන්නාවූ ඒ රජතෙම පෝරිසාදයා අතින් මිදුනේම ස්වකීය රාජමන්දිරයට ගොස් ඒ පොරොන්දුවූ ධනය බමුණාට දී අලීනසත්ත නම් පුත්‍ර කුමාරයා කැඳවූයේය.
|
72
අජ්ජෙව
අධම්මකාරො
|
72
“පුත්‍රය, අදම රාජ්‍යයෙහි අභිෂෙක වෙව. රටවැස්සන් කෙරෙහිද ජනයන් කෙරෙහිද දැහැමින් රාජ්‍යය කරව, අධර්මයෙන් රාජ්‍යය කිරීමක් නම් තාගේ රටෙහි නොවේවා මම පෝරිසාදයාගේ සමීපයට යමියි (රජතෙම කීයේය.)
|
73
කිං කම්ම කුබ්බං තව දෙව පාව
(දෙවපාදෙ (සී. ස්‍යා. පී.)), නාරාධයී තං තදිච්ඡාමි සොතුං;
යමජ්ජ රජ්ජම්හි උදස්සයෙ තුවං, රජ්ජම්පි නිච්ඡෙය්යං තයා විනාහං.
|
73
“දෙවයන් වහන්ස, ඔබට කිනම් කර්මයක් කරමින් සතුටු නොකෙළෙම්ද, අද ඔබ යම්හෙයකින් මා රාජ්‍යයෙහි අභිෂෙක කරන්නෙහිද, එය අසන්ට කැමැත්තෙමි. ඔබගෙන් වෙන්ව මම රාජ්‍යයද කැමති නොවන්නෙමියි (කුමාර තෙම කීයේය.)
|
74
න කම්මුනා වා වචසා ව තාත, අපරාධිතොහං තුවියං සරාමි;
සන්ධිඤ්ච
(සද්ධිං ච (ක.)) කත්වා පුරිසාදකෙන, සච්චානුරක්ඛී පුනාහං ගමිස්සං.
|
74
“පුත්‍රය, මම නුඹගේ කර්මයකින් හෝ වචනයකින් හෝ කරණ ලද අපරාධයක් සිහි නොකරමි. මම පෝරිසාදයා හා සමග පොරොන්දුවක් වී ආවෙමි. එහෙයින් සත්‍ය වචනය රක්නේ නැවත එහි යන්නෙමියි (රජතෙම කීයේය.)
|
75
අහං ගමිස්සාමි ඉධෙව හොහි, නත්ථි තතො ජීවතො විප්පමොක්ඛො;
සචෙ තුවං ගච්ඡසියෙව රාජ, අහම්පි ගච්ඡාමි උභො න හොම.
|
75
“පිය රජ්ජුරුවෙනි, මම යන්නෙමි. ඔබ මෙහිම වුව මැනව. ඒ පෝරිසාදයා කෙරෙන් ජීවිතය මිදීමෙක් නැත්තේය. ඉදින් ඔබ යන්නෙහිම නම් මමද යමි. එසේ ඇති කල්හි අප දෙදෙනාම නොවන්නෙමුයි කුමාරතෙම කීයේය.
|
76
අද්ධා හි තාත සතානෙස ධම්මො, මරණා ච මෙ දුක්ඛතරං තදස්ස;
කම්මාසපාදො තං යදා පචිත්වා, පසය්හ ඛාදෙ භිදා රුක්ඛසූලෙ.
|
76
“පුත්‍රය, ඒකාන්තයෙන්ම මෙතෙම සත්පුරුෂයන්ගේ ස්වභාවයවේ. එසේ වුවත් යම්කලෙක්හි ඔබ ඒ කැලල්වූ පා ඇති පෝරිසාදතෙම තියුණුවූ ලී හුල් වලින් ඇන බලාත්කාරයෙන් පිස කන්නේද, එකල්හි එය මට මරණයටද වඩා ඉතා දුක්වන්නේයයි රජතෙම කීයේය.
|
77
පාණෙන තෙ පාණමහං නිමිස්සං, මා ත්වං අගා පොරිසාදස්ස ඤත්තෙ;
එතඤ්ච
|
77
“පිය රජ්ජුරුවෙනි, මම ඔබගේ ප්‍රාණයෙන් මාගේ ප්‍රාණය පරිවර්තනය කරන්නෙමි. හෙවත් මාරුකරන්නෙමි. ඔබ පෝරිසාදයාගේ සමීපයට නොයනු මැනව. යම්හෙයකින් ඔබගේ ප්‍රාණය හා මාගේ ප්‍රාණය මාරුකරන්නෙමි. යන මේ යමක් වේද එහෙයින් ජීවත්වීමට වඩා මරණය මම කැමැත්තෙමියි කීයේය.
|
78
තතො
දුඛිනිස්ස මාතා නිපතා
(නිපතී (සී. පී.)) පථබ්‍යා, පිතාස්ස පග්ගය්හ භුජානි කන්දති.
|
78
“ඉන්පසු ඒකාන්තයෙන් ධෛර්‍ය්‍යවත්වූ රාජපුත්‍ර තෙම මවගේද පියාගේද පා වැන්දේය. දුක්වූ මොහුගේ මව් තොමෝ බිම ඇදවැටුනීය. මොහුගේ පියතෙමේ දෙයත් බැඳගෙණ හඬයි.
|
79
තං
සොමො ච රාජා වරුණො ච රාජා, පජාපතී චන්දිමා සූරියො ච;
එතෙහි ගුත්තො පුරිසාදකම්හා, අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි තාත.
|
79
“පළමුකොට පිය රජතෙමේ පිටි පා යන්නාවූ ඔහු දැන ඇඳිළිබැඳගෙණ දෙවියන්ට නමස්කාර කරයි. පුත්‍රය, සෝම නම් දෙව්රජද වරුණ නම් දෙව්රජද මහාබ්රහ්මයාද චන්ද්‍රයාද සූර්ය්ය දිව්‍යරාජයාද යන මේ දෙවියන් විසින් රක්නා ලද නුඹ පෝරිසාදයා කෙරෙන් අවසර ලද්දේ සුවසේ පෙරලා ඒවායි ආශිංසනය කෙළේය. දණ්ඩකාරණ්යවූ නුවරට ගියාවූ රාමනම් තැනැත්තහුට මනාව රක්නාලද ඔහුගේ මව යම් සුවයක් කළාද, ඒ සුවය මම ඔබට කරමි. පුත්‍රය, මේ සත්‍යය කරණකොට ගෙණ දෙවියෝ සිහිකෙරෙත්වා. පෝරිසාදයාගෙන් අවසර ලද්දේ සුවසේ පෙරලා ඒවායි (මම සත්‍යක්‍රියා කළාය.)
|
80
යං දණ්ඩකිරඤ්ඤො ගතස්ස
(යං දණ්ඩකාරඤ්ඤගතස්ස (පී.)) මාතා, රාමස්සකාසි සොත්ථානං සුගුත්තා;
තං තෙ අහං සොත්ථානං කරොමි, එතෙන සච්චෙන සරන්තු දෙවා;
අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි පුත්ත.
|
80 |
81
ආවී රහො වාපී මනොපදොසං, නාහං සරෙ ජාතු මලීනසත්තෙ;
එතෙන සච්චෙන සරන්තු දෙවා, අනුඤ්ඤාතො සොත්ථි පච්චෙහි භාතික
(භාත (සී.), භාතා (ස්‍යා. පී.)).
|
81
“ඒකාන්තයෙන් මම අලීනසත්ත කුමරු කෙරෙහි ඉදිරියෙහිද රහසද කළාවූ චිත්ත ප්රදූෂ්යයක් සිහිනොකරමි. සහෝදරය, මේ සත්‍යය කරණකොට ගෙණ දෙවියෝ සිහි කෙරෙත්වා. පෝරිසාදයාගෙන් අවසරලද්දේ සුවසේ පෙරලා ඒවායි නැගනිය සත්‍යක්‍රියා කළාය.
|
82
යස්මා ච මෙ අනධිමනොසි සාමි, න චාපි මෙ මනසා අප්පියොසි;
එතෙන සච්චෙන සරන්තු දෙවා, අනුඤ්ඤාතො
|
82
“මාගේ ස්වාමිවූ අලීනසත්ත කුමාරයෙනි, යම් හෙයකිනුත් ඔබ මා නොඉක්මවූ සිත් ඇත්තෙහිද මාගේ සිතිනුත් ඔබ අප්‍රියයෙක් නොවෙහිද, ස්වාමිය, මේ සත්‍ය කාරණාකොට දෙවියෝ සිහිකෙරෙත්වා. පෝරිසාදයාගෙන් අවසර ලද්දේ සුවසේ පෙරලා ඒවායි (අගමෙහෙසිය සත්‍ය ක්‍රියා කළාය.)
|
83
බ්රහා උජූ චාරුමුඛො කුතොසි, න මං පජානාසි වනෙ වසන්තං;
ලුද්දං මං ඤත්වා ‘‘පුරිසාදකො’’ති, කො සොත්ථි මාජානමිධා’වජෙය්ය.
|
83
“මහත්වූ ඍජුවූ මනොඥ මුහුණක් ඇති ඔබ කොයි සිට ආයෙහිද, වනයෙහි වසන්නාවූ මා නොදන්නෙහිද, රෞද්රවූද මා පුරුෂයන් කන්නෙකැයි දැන කවරෙක් නම් සුවය පතමින් මෙහි එන්නේදැයි (පෝරිසාදතෙම ඇසීය.)
|
84
ජානාමි ලුද්ද පුරිසාදකො ත්වං, න තං න ජානාමි වනෙ වසන්තං;
අහඤ්ච පුත්තොස්මි ජයද්දිසස්ස, මමජ්ජ ඛාද පිතුනො පමොක්ඛා.
|
84
“රෞද්‍රවූ තැනැත්ත නුඹ පුරුෂයන් අනුභව කරන්නෙකැයි දනිමි. වනයෙහි වසන්නාවූ තා නොදන්නෙම් නොවෙමි. මමද ජයද්දිස රජහුගේ පුත්‍ර වෙමි. පියහුගේ මිදීම හේතුකොටගෙණ අද මා තවයි. (කුමාරතෙම කීයේය)
|
85
ජානාමි
සුදුක්කරඤ්ඤෙව
(සුදුක්කරඤ්චෙව (ස්‍යා. පී. ක.)) කතං තවෙදං, යො මත්තුමිච්ඡෙ පිතුනො පමොක්ඛා.
|
85
“ඔබ ජයද්දිස රජහුගේ පුත්‍රයායයි දනිමි. ඔබ දෙදෙනාගේ මුඛවර්ණය එබඳුමවේ. යමෙක් පියාගේ මිදීම හේතුකොට ගෙණ මරණයට කැමතිවන්නේ නම් නුඹ විසින් කරණ ලද මේ ක්‍රියාව ඉතා දුෂ්කරවූවක්ම වේයයි පෝරිසාද කීයේය.
|
86
න දුක්කරං කිඤ්චි මහෙත්ථ මඤ්ඤෙ, යො මත්තුමිච්ඡෙ පිතුනො පමොක්ඛා;
මාතු ච
(මාතුච්ච (සී.)) හෙතු පරලොක ගන්ත්වා
(ගම්‍යා (සී. ස්‍යා.), ගම්‍ය (පී.)), සුඛෙන
|
86
“යමෙක් පියාගේ මිදීම හේතුකොට ගෙණද මවගේ මිදීම හේතුකොට ගෙණද, මරණයට කැමතිවන්නේ නම් හෙතෙම පරලොව ගොස් ස්වර්ගයෙහිවූ සැපයෙන් යුක්තවේ. එහෙයින් මම මෙහි කිසි දුෂ්කරයක් නොහඟිමියි (කුමාර තෙම කීයේය)
|
87
අහඤ්ච ඛො අත්තනො පාපකිරියං, ආවී රහො වාපි සරෙ න ජාතු;
සඞ්ඛාතජාතීමරණොහමස්මි, යථෙව මෙ ඉධ තථා පරත්ථ.
|
87
“මමද වනාහි ඉදිරියෙහිවූ රහස හෝ තමන්ගේ පාපකර්මය ඒකාන්තයෙන් සිහිනොකරමි. මම නුවණින් පිරිසිඳින ලද ජාති මරණ ඇත්තේ වෙමි. මට මේ ලෝකයෙහි යම්සේම වේද, පරලොවද එසේම වේ.
|
88
ඛාදජ්ජ මං දානි මහානුභාව, කරස්සු කිච්චානි ඉමං සරීරං;
රුක්ඛස්ස වා තෙ පපතාමි අග්ගා, ඡාදයමානො මය්හං ත්වමදෙසි මංසං.
|
88
“මහත් ආනුභාව ඇත්ත අද දැන් මා අනුභව කරව. මේ ශරීරයට කටයුතු දෑ කරව. වෘක්ෂයාගේ අගින් හෝ තා පිණිස මම වැටෙමි. කැමතිවන්නේ තෝ මාගේ මස් අනුභව කරවයි (කුමාරතෙම කීයේය.)
|
89
ඉදඤ්ච තෙ රුච්චති රාජපුත්ත, චජෙසි
(චජාසි (සී. පී.)) පාණං පිතුනො පමොක්ඛා;
තස්මා හි සො
(තස්මාතිහ (සී. ස්‍යා.)) ත්වං තරමානරූපො, සම්භඤ්ජ කට්ඨානි ජලෙහි අග්ගිං.
|
89
“රාජ පුත්‍රය, පියාගේ මිදීම හේතුකොට ගෙණ ප්‍රාණය හරණෙහි යන මෙයද තා විසින් කැමතිවනු ලැබේ. එහෙයින් මෙහි නුඹ ඉක්මන් ස්වභාව ඇත්තේ දර බිඳ රැස්කොට ගිනි දල්වවයි. (පෝරිසාද කීයේය.)
|
90
තතො හවෙ ධිතිමා රාජපුත්තො, දාරුං සමාහත්වා මහන්තමග්ගිං;
සන්දීපයිත්වා පටිවෙදයිත්ථ, ආදීපිතො දානි මහායමග්ගි
(මයා යක්ඛමග්ගි (ක.)).
|
90
“ඉක්බිති ඒකාන්තයෙන් ධෛර්‍ය්‍යවත්වූ රාජපුත්‍ර තෙම දර එක්කොට මහත්වූ ගින්නක් දල්වා දැන් මේ මහා ගින්න මා විසින් දල්වන ලද්දේයයි දැන්වූයේය.
|
91
ඛාදජ්ජ
තථා තථා තුය්හමහං කරොමි, යථා
|
91
“බලහත්කාර කම් කරණ සුළු තැනැත්ත අද දැන් මා අනුභව කරව. ලොමුඩැහැගත්තේ කුමට මා නැවත නැවත බලන්නෙහිද, යම් යම් පරිද්දකින් කැමති වන්නේ මා අනුභව කරන්නෙහිද, ඒ ඒ පරිද්දෙන් තොපගේ වචනය මම කරමියි (කුමාරතෙම කීයේය.)
|
92
කො තාදිසං අරහති ඛාදිතායෙ, ධම්මෙ ඨිතං සච්චවාදිං වදඤ්ඤුං;
මුද්ධාපි තස්ස විඵලෙය්ය සත්තධා, යො තාදිසං සච්චවාදිං අදෙය්ය.
|
92
“ධර්මයෙහි පිහිටියාවූ සත්‍ය වචන ඇත්තාවූ ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නාවූ තොප වැන්නෙකු අනුභව කරන්ට කවරෙක් නම් සුදුසු වේද, යමෙක් තොප වැනි සත්‍ය වචන ඇත්තෙකු අනුභව කරන්නේ නම් ඔහුගේ මුදුනද සත්කඩක්ව පැලෙන්නේයයි (පෝරිසාද කීයේය.)
|
93
ඉදඤ්හි සො බ්රාහ්මණං මඤ්ඤමානො, සසො අවාසෙසි සකෙ සරීරෙ;
තෙනෙව සො චන්දිමා දෙවපුත්තො, සසත්ථුතො
(සසට්ඨකො (ස්‍යා.)) කාමදුහජ්ජ
(කාමරුහජ්ජ (ක.)) යක්ඛ.
|
93
“මේ වනාහි ඒ සස පණ්ඩිතතෙම බ්‍රාහ්මණයෙකැයි හඟිමින් ස්වකීය ශරීර මාංශ දීම පිණිස සාතෙම බමුණා වාසය කරවීද, යක්ෂය එහෙයින්ම ඒ චන්ද්‍ර දිව්‍ය පුත්‍රතෙම ලකුණ ඇත්තේයයි ප්රසිද්ධවූයේ අද ප්‍රේමය වඩන්නේ වේයයි කීයේය.
|
94
චන්දො යථා රාහුමුඛා පමුත්තො, විරොචතෙ පන්නරසෙව භාණුමා
(භානුමා (සී. පී.));
එවං තුවං පොරිසාදා පමුත්තො, විරොච කපිලෙ
(කම්පිල්ල (සී. පී.), කපිල්ලෙ (ස්‍යා.)) මහානුභාව;
ආමොදයං පිතරං මාතරඤ්ච, සබ්බො ච තෙ නන්දතු ඤාතිපක්ඛො.
|
94
“යම්සේ පසළොස්වක්හි රාහු මුඛයෙන් මිදුනාවූ චන්ද්රතෙම බබළාද, සූර්‍ය්‍යතෙම බබළාද මෙපරිද්දෙන් මහත් ආනුභාව ඇති කුමාරය, පෝරිසාදයාගෙන් මිදුනාවූ නුඹ පියාද මවද සතුටු කරමින් කම්පිල්ල දෙශයෙහි බබළව. ඔබගේ සියලු නෑ පිරිවරද සතුටුවේවායි (මහසත්හු පිටත් කෙළේය.)
|
95
තතො හවෙ ධිතිමා රාජපුත්තො, කතඤ්ජලී පරියාය
(පරියගා (සී.), පග්ගය්හ (ස්‍යා. පී.)) පොරිසාදං;
අනුඤ්ඤාතො සොත්ථි සුඛී අරොගො, පච්චාගමා
(පච්චාග (පී.)) කපිලමලීනසත්තා
(කම්පිල්ල’මලීනසත්තො (සී. පී.), කපිල’මලීනසත්තා (ක.)).
|
95
“ඉක්බිති ඒකාන්තයෙන් ධෛර්‍ය්‍යවත්වූ රාජපුත්‍රතෙම පෝරිසාදයාට කරණ ලද ඇඳිලි ඇත්තේ පෙරළා ගියේය. පෝරිසාදයා විසින් අනුදන්නා ලද අලීනසත්ත කුමාරතෙම සැප ඇත්තේ නිරෝගවූයේ කම්පිල්ල දෙශයට පෙරලා ආයේය.
|
96
තං
නමස්සමානා පඤ්ජලිකා උපාගමුං, නමත්ථු තෙ දුක්කරකාරකොසීති.
|
96
“නියම්ගම් වැස්සෝද දනව් වැස්සෝද ඇතැරුවෝද රථසෙනගද පාබල සෙනගද යන සියල්ලෝ බඳැඳිළි ඇත්තාහු නුඹවහන්සේ දුෂ්කර කටයුතු කරන්නෙක්වෙහිය. ඔබට නමස්කාරවේවායි නමස්කාර කරමින් ඒ කුමරුවෙතට එළඹුනාහුයයි” වදාළේය.
|
514. ඡද්දන්තජාතකං (4) | 514. ඡද්දන්ත ජාතකය |
97
කිං
මිලායසි විසාලක්ඛි, මාලාව පරිමද්දිතා.
|
97
“රන්වන් ශරීර ඇත්තිය, කුමකට ශොක කෙළෙහිද, උතුම් ශරීර වර්ණ ඇත්තිය කුමක් හෙයින් පඬුවන්වූයෙහිද, මහත්වූ ඇස් ඇත්තිය අත් වලින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මළානිකවූයෙහි දැයි (රජතෙම ඇසීය.)
|
98
දොහළො මෙ මහාරාජ, සුපිනන්තෙනුපජ්ඣගා
(නු’පච්චගා (සී. ස්‍යා. පී.));
න සො සුලභරූපොව, යාදිසො මම දොහළො.
|
98
“මහරජ, සිහිනයෙන් මට දොළක් පැමිණියේය. මාගේ ඒ දොළ යම්බඳුද, හෙතෙම පහසුවෙන් ලැබෙන ස්වභාව ඇත්තෙක් නොවේම” යයි (බිසව කීවාය.)
|
99
යෙ කෙචි මානුසා කාමා, ඉධ ලොකස්මි නන්දනෙ;
සබ්බෙ තෙ පචුරා මය්හං, අහං තෙ දම්මි දොහළං.
|
99
“එම්බා නන්දනිය, මේ ලෝකයෙහි මිනිසුන් අයත්වූ යම්කිසි කාම සම්පත් කෙනෙක් ඇද්ද, ඒ සියල්ල මට බොහෝ සුලභ වෙත්. මම තිට දොළදෙමියි (රජතෙම කීයේය)
|
100
ලුද්දා දෙව සමායන්තු, යෙ කෙචි විජිතෙ තව;
එතෙසං අහමක්ඛිස්සං, යාදිසො මම දොහළො.
|
100
“දේවයන්වහන්ස, ඔබගේ රාජ්‍යයෙහි යම්කිසි වැදි කෙනෙක් වෙත් නම් ඔව්හු කැඳවත්වා. මාගේ දොළ යම්බඳු වේද, මම එය මේ වැද්දන්ට කියන්නෙමියි බිසව කීවාය.”
|
101
ඉමෙ තෙ ලුද්දකා දෙවි, කතහත්ථා විසාරදා;
වනඤ්ඤූ ච මිගඤ්ඤූ ච, මමත්ථෙ
(මම තෙ (පී.)) චත්තජීවිතා.
|
101
“එම්බා දේවිය, මේ ඒ වැද්දෝ දක්ෂවූවාහු භය නැත්තාහු වෙත්. වනාන්තර දන්නාහුද මෘගයන් හඳුනන්නා හුදවෙත්. මේ සියල්ලෝම මා සඳහා හරණලද දිවි ඇත්තෝද, වෙත්යයි රජතෙම කියේය.”
|
102
ලුද්දපුත්තා නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා;
ඡබ්බිසාණං ගජං සෙතං, අද්දසං සුපිනෙ අහං;
තස්ස දන්තෙහි මෙ අත්ථො, අලාභෙ නත්ථි ජීවිතං.
|
102
“මෙහි යම්තාක් වැදිපුත්‍රයෝ රැස්වූවාහුද, ඒ සියල්ලෝ අසව්. මම ස්වප්නයෙහි ෂට්වර්ණ දළ ඇති ශ්වෙත වර්ණවූ ඇතෙකු දුටුවෙමි. ඔහුගේ දළ වලින් මට ප්‍රයෝජන ඇත්තේය. එය නොලැබූ කල්හි මාගේ ජීවිතය නැතැයි බිසව කීවාය.
|
103
න
යමද්දසා සුපිනෙ රාජපුත්තී, අක්ඛාහි නො යාදිසො හත්ථිනාගො.
|
103
“එම්බා දේවිනි, අපගේ පියවරුන් විසින්ද මුත්තනුවරු විසින්ද එබඳු ෂට්වර්ණ දළ ඇති ඇතෙක් දක්නාලදැයි නොඅසනලදී. රාජපුත්රීතොමෝ ස්වප්නයෙහි යම් ඇතෙකු දිටීද, ඒ ඇත් රජතෙම යම්බඳු නම් එය අපට කියව.
|
104
දිසා චතස්සො විදිසා චතස්සො, උද්ධං අධො දස දිසා ඉමායො;
කතමං දිසං තිට්ඨති නාගරාජා, යමද්දසා සුපිනෙ ඡබ්බිසාණං.
|
104
“ස්වප්නයෙහි යම් ෂට්වර්ණ දළ ඇති ඇතෙකු දිටීද, ඒ ඇත්රජතෙම සතර දිසාවය. සතර අනුදිසාවය, උඩය, යටය යන මේ දස දිසාවන් ගෙන් කවර දිසාවක සිටීදැයි වැද්දා ඇසීය.
|
105
ඉතො උජුං උත්තරියං දිසායං, අතික්කම්ම සො සත්තගිරී බ්රහන්තෙ;
සුවණ්ණපස්සො නාම ගිරී උළාරො, සුපුප්ඵිතො
(සම්පුප්ඵිතො (ස්‍යා.)) කිම්පුරිසානුචිණ්ණො.
|
105
“මෙතැනින් ඍජුව උතුරු දිශාවෙහි මහත්වූ පර්වත සතක් වෙත්. ඉන් සයක් ඉක්මවා මනාව පිපුනාවූ ගස් ඇති කිඳුරන්ගෙන් ගැවසීගත්තාවූ සුවර්ණ පාර්ශව නම් මහත් පර්වතයක් වෙයි.
|
106
ආරුය්හ
අථ දක්ඛසී මෙඝසමානවණ්ණං, නිග්රොධරාජං අථ සහස්සපාදං
(පොරං (ක.)).
|
106
“කිඳුරන්ගේ වාසභවනයවූ ඒ පර්වතයට නැගී පර්වත පාමුල බලව, එකල්හි මේඝයකට සමාන වර්ණ ඇති අටදහසක් උඩින් පහළට ඇදෙන මුල් ඇති මහත් නුගරුකක් දක්නෙහිය.
|
107
තත්ථච්ඡතී කුඤ්ජරො ඡබ්බිසාණො, සබ්බසෙතො දුප්පසහො පරෙභි;
රක්ඛන්ති නං අට්ඨසහස්සනාගා, ඊසාදන්තා වාතජවප්පහාරිනො.
|
107
“එහි ඒ නුග ගස යට ෂට්වර්ණ දළ ඇති සතුරන් විසින් මැඩලිය නොහැකි සියල්ල සුදුවූ ඇත් රජතෙම සිටියි. රථ හිස සමාන දළ ඇති වාතයටබඳු වේගයෙන් ගොස් සතුරන්ට පහරදෙන්නාවූ අටදහසක් හස්තීහු ඔහු රකිත්.
|
108
තිට්ඨන්ති
මනුස්සභූතං පන තත්ථ දිස්වා, භස්මං කරෙය්යුං නාස්ස රජොපි තස්ස.
|
108
“ඒ ඇත්තු බිහිසුනු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. කම්පාවූ වාතයටද කිපෙත්. එහි මනුෂ්‍යවූවෙකු වනාහි දැක හළුකරන්නාහුය. ඔහුගේ ධූලිවත් ඉතිරි නොවන්නේයයි දේවි තොමෝ කීවාය.
|
109
බහූ හිමෙ රාජකුලම්හි සන්ති, පිළන්ධනා ජාතරූපස්ස දෙවී;
මුත්තාමණීවෙළුරියාමයා ච, කිං කාහසි දන්තපිළන්ධනෙන;
මාරෙතුකාමා කුඤ්ජරං ඡබ්බිසාණං, උදාහු ඝාතෙස්සසි ලුද්දපුත්තෙ.
|
109
“එම්බා දේවීනි, මේ රාජ කුලයෙහි රත්තරණින් කරණලද්දාවූ මුතු, මැණික් වලින් කරණලද්දාවූද වෙරළු මිණියෙන් කරණලද්දාවූද, බොහෝවූ ආභරණයෝ ඇත්තාහ. දළකඩ පළඳනායෙන් කුමක් කරන්නෙහිද, ඔබ ෂට්වර්ණ දළ ඇති ඇත් රජ මරවනු කැමැත්තීවෙහිද, නොහොත් වැදි පුත්‍රයන් මරවනු කැමැත්තෙහිදැයි වැද්දා ඇසීය.
|
110
සා ඉස්සිතා දුක්ඛිතා චස්මි ලුද්ද, උද්ධඤ්ච සුස්සාමි අනුස්සරන්තී;
කරොහි මෙ ලුද්දක එතමත්ථං, දස්සාමි තෙ ගාමවරානි පඤ්ච.
|
110
“එම්බා වැදිපුත්‍රය, ඒ මම හටගත් ඊෂ්‍යා ඇත්තී දුකින් පෙළුනීද විමි. එය සිහිකරන්නී මම මත්තෙහිද වියලෙන්නෙමි. වැදිපුත්‍රය, මාගේ මේ කටයුත්ත කරව, තොපට ගම්වර පසක් දෙන්නෙමියි දේවී තොමෝ කීවාය.
|
111
කත්ථච්ඡතී කත්ථමුපෙති ඨානං, වීථිස්ස කා න්හාන
(නහාන (සී. පී.)) ගතස්ස හොති;
කථඤ්හි සො න්හායති
(නහායති (සී. පී.)) නාගරාජා, කථං විජානෙමු ගතිං ගජස්ස.
|
111
“දේවීනි, ඒ හස්ති රාජතෙම කොතනක වෙසේද, කොතැන්හි සිටීමට පැමිණේද, ස්නානයට ගියාවූ මොහුගේ ගමන් වීථිය කවරක්වේද, කෙසේනම් හෙතෙම ස්නානය කෙරේද ඒ ඇතුගේ ගතිය කෙසේ දනිමුදැයි වැද්දා ඇසීය.
|
112
තත්ථෙව
සම්පුප්ඵිතා
|
112
“ඒ වාසස්ථානයෙහිම නුදුරුතන්හි සිත්කළුවූද මනාකොට ඇත්තාවූද මහත්වූ ජලය ඇත්තාවූද බමර සමූහයාගෙන් ගැවසීගත්තාවූද ඒ පුෂ්කරණියක් හෙවත් ඡද්දන්ත නම් විල ඇත්තේය. මේ විලෙහි වනාහි ඒ ඇත්රජ තෙම ස්නානය කරයි.
|
113
සීසං නහාතුප්පල
(නහාතො උප්පල (සී. ස්‍යා. පී.)) මාලභාරී, සබ්බසෙතො පුණ්ඩරීකත්තචඞ්ගී;
ආමොදමානො ගච්ඡති සන්නිකෙතං, පුරක්ඛත්වා මහෙසිං සබ්බභද්දං.
|
113
“හිස සහිතව ස්නානය කළාවූ උපුල් මල් දරන්නාවූ සියල්ල සුදුවූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් සර්ව සුභද්‍රා නම් මෙහෙසිය පෙරටුකොට
ගෙණ ස්වකීය නිවාස ස්ථානයට පැමිණේයයි දේවීතොමෝ කීවාය.
|
114
තත්ථෙව සො උග්ගහෙත්වාන වාක්යං, ආදාය තූණිඤ්ච ධනුඤ්ච ලුද්දො;
විතුරියති
(විතුරිය සො (සී. අට්ඨ.)) සත්තගිරී බ්රහන්තෙ, සුවණ්ණපස්සං නාම ගිරිං උළාරං.
|
114
‘වැදිතෙම එහිදීම දේවියගේ වචනය උගෙණ හියවුරුද මහදුන්නද ගෙණ හෙතෙම මහත්වූ පර්වත හත ඉක්මවා ස්වර්ණපාර්ශව නම් මහා පර්වතය දැනගත්තේය.
|
115
ආරුය්හ සෙලං භවනං කින්නරානං, ඔලොකයී පබ්බතපාදමූලං;
තත්ථද්දසා මෙඝසමානවණ්ණං, නිග්රොධරාජං අට්ඨසහස්සපාදං.
|
115
“කිඳුරන්ගේ වාසභවනයවූ පර්වතයට නැග පර්වත පාමුල බැලීය. එහි මේඝය බඳු වර්ණ ඇති අටදහසක් පාරෝහ ඇති මහත්වූ නුගරුක දුටුයේය.
|
116
තත්ථද්දසා කුඤ්ජරං ඡබ්බිසාණං, සබ්බසෙතං දුප්පසහං පරෙභි;
රක්ඛන්ති නං අට්ඨසහස්සනාගා, ඊසාදන්තා වාතජවප්පහාරිනො.
|
116
“එහි (නුගරුකයට) ෂට්වර්ණ දළ ඇති සියල්ල සුදුවූ සතුරන් විසින් මැඩලිය නොහැකිවූ ඇත්රජු දුටුයේය. රථහිස් සමාන දළ ඇති වාතය බඳු වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නාවූ අටදහසක් හස්තීහු ඔහු රකිත්.
|
117
තත්ථද්දසා
සම්පුප්ඵිතං
|
117
“ඒ ඇත්රජතෙම යම් විලෙක්හි ස්නානය කෙරේද, එහිම නුදුරුතැනෙක්හි සිත්කළුවූද, මනාකොට ඇත්තාවූද මහත් ජලය ඇත්තාවූද, සුපිපි මල් ඇත්තාවූද, බමර සමූහයාගෙන් ගැවැසීගත්තාවූද, ඒ විල දුටුයේය.
|
118
දිස්වාන නාගස්ස ගතිං ඨිතිඤ්ච, වීථිස්ස යා න්හානගතස්ස හොති;
ඔපාතමාගච්ඡි අනරියරූපො, පයොජිතො චිත්තවසානුගාය.
|
118
“ඇත්රජහුගේ ගමන්කරණ තැන්ද, නැවතී සිටින තැනද, ස්නානයට ගියාවූ මොහුගේ යම් ගමන් වීථියක් වේ නම් එයද දැක චිත්ත වසඟයට ගියාවූ දේවිය විසින් මෙහෙයන ලද යහපත් ස්වභාව ඇති වැදිතෙම වලක් සෑරුවේය.
|
119
ඛණිත්වාන
පස්සාගතං පුථුසල්ලෙන නාගං, සමප්පයී දුක්කටකම්මකාරී.
|
119
“ඒ වැද්දා වලක් සාරා තමාද, දුන්නද එහි ඇතුලත් කොට පුවරුවලින් වැසීය. නපුරුකම්කරණසුළුවූ ඒ වැදි තෙම තමන් පාර්ශවයෙහි ආවාවූ ඒ ඇත්රජුට මහත්වූ ඊයකින් විද්දේය.
|
120
විද්ධො ච නාගො කොඤ්චමනාදි ඝොරං, සබ්බෙ ච
(සබ්බෙව (සී. ස්‍යා. පී.)) නාගා නින්නදුං
(නින්නාදු (ස්‍යා.), නින්නාදං (ක.)) ඝොරරූපං;
තිණඤ්ච කට්ඨඤ්ච රණං
(චුණ්ණං (ක. සී. පී.)) කරොන්තා, ධාවිංසු තෙ අට්ඨදිසා සමන්තතො.
|
120
“විදිනලද්දාවූද, ඇත්රජතෙම මහත්ලෙස කුඤ්ච නාද කෙළේය. සියලුම ඇත්තු දරුණු ස්වභාවයෙන් කුඤ්ච නාදකළාහුය. ඒ ඇත්තු තෘණරඬපලාද කාෂ්ටද සුණු කරමින් හාත්පස අටදිසාවට දිව්වාහුය.
|
121
වධිස්සමෙතන්ති
(වධිස්සමෙනන්ති (ස්‍යා.)) පරාමසන්තො, කාසාවමද්දක්ඛි ධජං ඉසීනං;
දුක්ඛෙන ඵුට්ඨස්සුදපාදි සඤ්ඤා, අරහද්ධජො සබ්භි අවජ්ඣරූපො.
|
121
“මොහු නසන්නෙමියි අල්වාගන්නේ ඍෂීන්ගේ ධ්වජයවූ කාෂාය වස්ත්‍රය හෙවත් සිව්ර දුටුයේය. දුකින් පෙළුනාවූ ඇත් රජුට රහතුන්ගේ ධ්වජය මේසිව්ර සත්පුරුෂයන් විසින් නොනැසිය යුතුයයි මේ සංඥාව පහළවූයේය,
|
122
අනික්කසාවො කාසාවං, යො වත්ථං පරිදහිස්සති
(පරිදහෙස්සති (සී. පී.), පරිධස්සති (කත්ථචි));
අපෙතො දමසච්චෙන, න සො කාසාවමරහති.
|
122
යහළු වැදි පුත්‍රය, යම් පුරුෂයෙක් රාගාදී කෙළෙස් කසට වලින් යුක්තවූයේ ඉන්ද්රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් තොරවූයේ කාෂාය වස්ත්‍ර වැළඳ ගන්නේද, හෙතෙම කාෂාය වස්ත්‍රය වැළඳ ගැණීමට සුදුස්සෙක් නොවේ.
|
123
යො
උපෙතො දමසච්චෙන, ස වෙ කාසාවමරහති.
|
123
“යමෙක් වනාහි වමාරණලද කෙළෙස් කසට ඇත්තෙක් සීලයන්හි මනාව පිහිටියෙක් වන්නේද ඉන්ද්රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් යුක්තවූ හෙතෙම ඒකාන්තයෙන් කාෂාය වස්ත්‍රය වැළඳගැණීමට සුදුසු වේයයි කීයේය.
|
124
සමප්පිතො පුථුසල්ලෙන නාගො, අදුට්ඨචිත්තො ලුද්දකමජ්ඣභාසි;
කිමත්ථයං කිස්ස වා සම්ම හෙතු, මමං වධී කස්ස වායං පයොගො.
|
124
“මහත්වූ ඊතලයකින් විදින ලද ඇත් රජතෙම දූෂ්‍ය නොවූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීයේය. යහළු වැදි පුත්‍රය, කුමක් පතමින් කුමක් හේතුකොටගෙණ හෝ මට හිංසා කෙළේද, මේ කවරෙකුගේ ප්‍රයෝගයක් හෝ වේදැයි ඇත් රජතෙම ඇසීය.
|
125
කාසිස්ස රඤ්ඤො මහෙසී භදන්තෙ, සා පූජිතා රාජකුලෙ සුභද්දා;
තං අද්දසා සා ච මමං අසංසි, දන්තෙහි අත්ථොති ච මං
(අත්ථොති මමං (ස්‍යා. ක.)) අවොච.
|
125
“ස්වාමීනි, කසී රජහුගේ මෙහෙසි තොමෝ සුභද්‍රා නම් වීය. ඕතොමෝ රජ කුලයෙහි පුදන ලද්දීවේ ඕතොමෝ ඔබ දුටුවාය. ඒ සුභද්‍රා දේවීතොමෝ මටද කීයේය. දළවලින් ප්‍රයෝජන ඇත්තේයයිද මට කීයේයයි වැද්දා කීයේය.
|
126
බහූ
ජානාති සා කොධනා රාජපුත්තී, වධත්ථිකා වෙරමකාසි බාලා.
|
126
“මාගේ පියවරුන්ගේද මුත්තනුවරුන්ගේද යම් දාඨායුග්ම වෙද්ද, ඒ මේ මහත්වූ දාඨායුග්මයෝ බොහෝ ඇතැයි ඕතොමෝ දනියි. ක්‍රොධ ඇත්තාවූ අඥානවූ මට වධ කරණු කැමතිවූ ඒ රාජ පුත්රීතොමෝ වෛරයක් කෙළේය
|
127
උට්ඨෙහි ත්වං ලුද්ද ඛරං ගහෙත්වා, දන්තෙ ඉමෙ ඡින්ද පුරා මරාමි;
වජ්ජාසි තං කොධනං රාජපුත්තිං, ‘‘නාගො හතො හන්ද ඉමස්ස දන්තා’’.
|
127
“වැදිපුත්‍රය, තෝ කියත ගෙණ නැගී සිටුව, මා මැරෙන්ට පෙර මේ දත්දෙක කපව, ඒ ක්‍රොධ ඇත්තාවූ රාජ පුත්රියට හස්තිරාජතෙම නසන ලදී. එබැවින් මේ ඔහුගේ දළදෙක ගණුවයි කියවයි ඇත් රජතෙම කීයේය.
|
128
උට්ඨාය සො ලුද්දො ඛරං ගහෙත්වා, ඡෙත්වාන
වග්ගූ සුභෙ අප්පටිමෙ පථබ්‍යා, ආදාය පක්කාමි තතො හි ඛිප්පං.
|
128
ඒ වැදිතෙම නැගිට කියත ගෙණ උතුම් ඇත් රජහුගේ දළ කපා පොළොවෙහි අසමානවූ සෝභාවත්වූ ඉතා යහපත්වූ ඒ දළදෙක ගෙණ එතනින් වහා නික්ම ගියේය.
|
129
භයට්ටිතා
(භයද්දිතා (සී. පී.)) නාගවධෙන අට්ටා, යෙ තෙ නාගා අට්ඨ දිසා විධාවුං;
අදිස්වාන
(අදිස්ව (සී. පී.)) පොසං ගජපච්චමිත්තං, පච්චාගමුං යෙන සො නාගරාජා.
|
129
“ඇත්රජුට විදීමෙන් මරණ භයින් තැතිගත්තාවූ දුක්වූ යම් ඒ හස්තීහු අට දිශාවන්ට දිව්වාහුද ඔව්හු ඇතුන්ට පසමිතුරුවූ පුරුෂයා නොදැක ඒ ඇත් රජතෙම යම් තැනෙක්හිද එතනට පෙරලා ආවාහුයයි වදාළේය.
|
130
තෙ තත්ථ කන්දිත්වා රොදිත්වාන
(රොදිත්ව (සී. පී.)) නාගා, සීසෙ සකෙ පංසුකං ඔකිරිත්වා;
අගමංසු තෙ සබ්බෙ සකං නිකෙතං, පුරක්ඛත්වා මහෙසිං සබ්බභද්දං.
|
130
“ඒ හස්තීහු එතැන්හි හඬා වැළප සොහොනෙහි පස් ස්වකීය හිසෙහි විසුරුවා ඒ සියල්ලෝ සර්ව සුභද්‍රා නම් මෙහෙසිය පෙරටුකොට ස්වකීය නිවාස ස්ථානයට ගියාහුයයි වදාළේය.
|
131
ආදාය
සුවණ්ණරාජීහි සමන්තමොදරෙ, සො ලුද්දකො කාසිපුරං උපාගමි;
උපනෙසි සො රාජකඤ්ඤාය දන්තෙ, නාගො හතො හන්ද ඉමස්ස දන්තා.
|
131
“ඒ වැදිතෙම ඇත්රජුගේ මනොඥවූ සුන්දරවූ පෘථිවියෙහි අසමානවූ රන්වන් රැසින් හාත්පස බබුළුවන්නාවූ දළදෙක හැරගෙණ කශී රටට පැමිණියේය. හෙතෙම ඇත් රජ නසනලදී. එබැවින් ඔහුගේ මේ දළදෙකයයි. රාජ කන්‍යාවට දළදෙක දුන්නේය.
|
132
දිස්වාන
තත්ථෙව තස්සා හදයං අඵාලි, තෙනෙව
|
132
“පළමු ජාතියෙහි ප්‍රිය ස්වාමීවූ ඇත්රජහුගේ දළ දෙක දැක ශෝකයට පත්වූ ඇගේ එහිදීම හෘදය පැලුනේය ඒ හේතුවෙන්ම ඒ අඥාන තැනැත්ති කළුරිය කෙළේයයි වදාළේය.
|
133
සම්බොධිපත්තො ස
(ච (සී. ස්‍යා.), ව (පී.)) මහානුභාවො, සිතං අකාසි පරිසාය මජ්ඣෙ;
පුච්ඡිංසු භික්ඛූ සුවිමුත්තචිත්තා, නාකාරණෙ පාතුකරොන්ති බුද්ධා.
|
133
“සම්‍යක්සම්බෝධියට පැමිණියාවූද මහත් ආනුභාව ඇති ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සිනා පහළකළ සේක. කෙළෙසුන් කෙරෙන් මිදුනාවූ සිත්ඇති රහත් භික්ෂුහු බුදුවරයෝ නිකරුනේ සිනහ පහළ නොකරන්නේයයි කරුණ විචාළාහුය.
|
134
යමද්දසාථ දහරිං කුමාරිං, කාසායවත්ථං අනගාරියං චරන්තිං;
සා ඛො තදා රාජකඤ්ඤා අහොසි, අහං තදා නාගරාජා අහොසිං.
|
134
“මහණෙනි, කසටවත් හැන්දාවූ ශාසනයෙහි පැවිදිව වාසය කරන්නාවූ යම් තරුණ කුමරියක් දක්නහුද ඕතොමෝ වනාහි එකල්හි රාජ කන්‍යාව වූවාය. එකල්හි මම ඇත් රජ වීමි.
|
135
ආදාය දන්තානි ගජුත්තමස්ස, වග්ගූ සුභෙ අප්පටිමෙ පථබ්‍යා;
යො ලුද්දකො කාසිපුරං උපාගමි, සො ඛො තදා දෙවදත්තො අහොසි.
|
135
“යම් වැද්දෙක් ඇත් රජහුගේ මනොඥවූ යහපත්වූ පෘථිවියෙහි අසමානවූ දළදෙක කපාගෙණ කශීරටට පැමිණියේද, එකල්හි හෙතෙම වනාහි දැන් දෙවදත්ත වූයේය.
|
136
අනාවසූරං චිරරත්තසංසිතං, උච්චාවචං
(උචං නීචං (සී. ස්‍යා. පී.)) චරිතමිදං පුරාණං;
වීතද්දරො වීතසොකො විසල්ලො, සයං අභිඤ්ඤාය අභාසි බුද්ධො.
|
136
“පහවූ කෙළෙස් දරථ ඇති පහවූ ශොක ඇති පහවූ කෙළෙස් හුල්ඇති බුදුරජතෙම බොහෝ කලකට පෙර සැරි සරණ ලද උස් පහත්වූ මේ පුරාණ චරිතය ප්‍රකාශකොට වදාළේය.
|
137
අහං වො තෙන කාලෙන, අහොසිං තත්ථ භික්ඛවො;
නාගරාජා තදා හොමි
(හොසිං (සී. ස්‍යා. පී.)), එවං ධාරෙථ ජාතකන්ති.
|
137
“මහණෙනි, මම වනාහි එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වුයෙමි. එකල්හි ඇත්රජද වීමි. මෙසේ මේ ජාතකය දරව්ය”යි වදාළේය.
|
515. සම්භවජාතකං (5) | 515. සම්භව ජාතකය |
138
රජ්ජඤ්ච
මහත්තං පත්තුමිච්ඡාමි, විජෙතුං පථවිං ඉමං.
|
138
“එම්බා සුචීරථ බ්‍රාහ්මණය, අපි මේ ඉඳිපත් නුවර රාජ්‍යයටද කුරු රට අධිපති බවටද පැමිණියෙමු. මහත් බවට පැමිණෙන්ට මේ පෘථිවිය දිනන්ට කැමැත්තෙමි.
|
139
ධම්මෙන නො අධම්මෙන, අධම්මො මෙ න රුච්චති;
කිච්චොව ධම්මො චරිතො, රඤ්ඤො හොති සුචීරත.
|
139
“හෙද ධර්මයෙන් වේ. අධර්මයෙන් නොවේ. අධර්මය තෙම මට රුචිනොවේ. ශුචීරථනම් බ්‍රාහ්මණය, රජගේම ධාර්මිකවූ චරිතය කටයුතුවේ.
|
140
ඉධ
යසං දෙවමනුස්සෙසු, යෙන පප්පොමු
(පප්පෙමු (සී. අට්ඨ.)) බ්‍රාහ්මණ.
|
140
“බ්‍රාහ්මණය, යම් හෙයකින් මේ ලෝකයෙහිද නින්දා ලබන ලද්දාහු නොවෙමුද, යමකින් පරලොව නින්දා ලබන ලද්දාහු නොවෙමුද යමකින් දෙවි මිනිසුන් අතර යශසට පැමිණෙමුද, එය කියව,
|
141
යොහං අත්ථඤ්ච ධම්මඤ්ච, කත්තුමිච්ඡාමි බ්‍රාහ්මණ;
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, බ්රාහ්මණක්ඛාහි පුච්ඡිතො.
|
141
‘බ්‍රාහ්මණය, යම්බඳුවූ මම ඵල විපාක නමැති අර්ථයද එයට හේතුවූ ධර්මයද සමාදන්ව පවතින්ට කැමැත්තෙම්ද බ්‍රාහ්මණය ඒ අර්ථයද ධර්මයද විචාරණ ලද්දේ මට කියවයි (රජතෙම) ධර්මයාග නම් ප්‍රශ්නයක් ඇසුවේය.
|
142
නාඤ්ඤත්ර විධුරා රාජ, එතදක්ඛාතුමරහති;
යං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, කත්තුමිච්ඡසි ඛත්තිය.
|
142
“මහරජ, ඔබ අර්ථයද ධර්මයද කරන්ට කැමැත්තෙහිය යන යමක්වේද, මෙය ප්‍රකාශ කරන්ට විධුර පණ්ඩිතයන් හැර අනිකෙක් සුදුසු නොවේයයි (ශුචීරථ බ්‍රාහ්මණතෙම කීයේය.)
|
143
එහි
නික්ඛඤ්චිමං
(නික්ඛං රත්ත (සී.), නික්ඛමිමං (පී.)) සුවණ්ණස්ස, හරං ගච්ඡ සුචීරත;
අභිහාරං ඉමං දජ්ජා, අත්ථධම්මානුසිට්ඨියා.
|
143
“ශුචිරථ බ්‍රාහ්මණය මෙහි එව, මා විසින් මෙහෙයන ලද්දේ විධුර පණ්ඩිතයා වෙත යව, රත්‍රං නිෂ්ක දහසක් හැර ගෙණයව, අර්ථයද ධර්මයද අනුශාසනා කළහුට පූජාවශයෙන් මෙය දෙවයි, රජතෙම කීයේය.
|
144
ස්වාධිප්පාගා භාරද්වාජො, විධුරස්ස උපන්තිකං;
තමද්දස මහාබ්රහ්මා, අසමානං සකෙ ඝරෙ.
|
144
“ඒ භාරද්වාජ ගොත්‍රයෙහිවූ ශුචිරථ බ්‍රාහ්මණතෙම විධුරපණ්ඩිතයාගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණතෙම ස්වකීය ගෘහයෙහි ආහාර අනුභව කරන්නාවූ ඔහු දුටුවේ යයි වදාළේය.
|
145
රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො;
‘‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’’, ඉච්චබ්රවි යුධිට්ඨිලො;
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, විධුරක්ඛාහි පුච්ඡිතො.
|
145
“මම යශ පිරිවර ඇත්තාවූ කොරව්‍ය රජහුගේ එවන ලද දූතයෙක් වෙමි. යුධිට්ඨිල ගොත්‍රයෙහිවූ ධනඤ්ජය රජ තෙම අර්ථයද ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්රශ්නය අසවයි මට කීයේය. විධුර පණ්ඩිතය, අර්ථයද ධර්මයද අසනලද්දාවූ ඔබ එය මට කියවයි ශුචීරථතෙම කීයේය.
|
146
ගඞ්ගං මෙ පිදහිස්සන්ති, න තං සක්කොමි බ්‍රාහ්මණ;
අපිධෙතුං
|
146
“බ්‍රාහ්මණය, මට මහජනයාගේ නොයෙක් සිතිවිලි නමැති ගඟ වසන්නෙමියි කටයුත්තෙක් විය. ඒ මහ සයුර නොවසන්ට නොහැකි වෙමි. එහෙයින් කෙසේනම් එබඳු අවකාශයෙක් වන්නේද, අර්ථයද ධර්මයද විචාරණ ලද්දාවූ මම තොපට කියන්ට නොහැක්කෙමියි, කීයේය.
|
147
න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො;
භද්රකාරො ච මෙ පුත්තො, ඔරසො මම අත්රජො;
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්‍රාහ්මණ.
|
147
“බ්‍රාහ්මණය, තමහට ජාතකවූ මාගේ ඖරස පුත්‍රවූ භද්‍රකාර නම් මාගේ පුත්රයෙක්වේ. ඔබ ඔහුවෙත ගොස් ඒ අර්ථයද ධර්මයද විචාරවයි විධුර පණ්ඩිතතෙම කීයේය.
|
148
ස්වාධිප්පාගා භාරද්වාජො, භද්රකාරස්සුපන්තිකං
(භද්රකාරස්ස සන්තිකං (සී. ස්‍යා.));
තමද්දස මහාබ්රහ්මා, නිසින්නං සම්හි වෙස්මනි.
|
148
“ඒ භාරද්වාජ ගොත්‍රයෙහිවූ බ්‍රාහ්මණතෙම භද්‍රකාර නම් මානවකයා වෙතට ගියේය. මහාබ්රාහ්මණතෙම ස්වකීය ගෘහයෙහි උන්නාවූ ඔහු දුටුවේයයි වදාළේය.
|
149
රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො;
‘‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’’, ඉච්චබ්රවි යුධිට්ඨිලො;
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, භද්‍රකාර පබ්රූහි
(බ්රවීහි (සී. පී.)) මෙ.
|
149
“මම යශ පිරිවර ඇත්තාවූ කොරව්‍ය රජුගේ සමීපයෙන් එවන ලද දූතයෙක්මි. යුධිෂ්ඨිල ගොත්‍රයෙහිවූ ඒ රජ තෙම අර්ථයද ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්රශ්නය විචාරවයි මට කීයේය. භද්‍රකාර නම් මානවකය ඔබ ඒ අර්ථයද ධර්මයද මට කියවයි ශූචිරථ බ්‍රාහ්මණතෙම කීයේය.
|
150
මංසකාජං
(මංසකාචං (පී.)) අවහාය, ගොධං අනුපතාමහං;
න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
|
150
“යම්සේ පුරුෂයෙක් මස් කද බිම තබා ගොයෙකු ලුහුබඳීද, එමෙන් මම ගෙයි බිරිඳ සිටියදී පරදාරාවන් වෙත යමි. එහෙයින් අර්ථයද ධර්මයද විචාරණ ලද්දාවූ මම තොපට කියන්ට නොහැක්කෙමි.
|
151
සඤ්චයො
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්‍රාහ්මණ.
|
151
“ශුචිරථ නම් බ්‍රාහ්මණය, සඤ්ජයනම් මාගේ බාල සහෝදරයෙක් සිටියි. ඔහුවෙත ගොස් ඔබ අර්ථයද ධර්මයද හෙවත් මේ ප්රශ්නය අසවයි භද්රකාරතෙම කීයේය.
|
152
ස්වාධිප්පාගා භාරද්වාජො, සඤ්චයස්ස උපන්තිකං;
තමද්දස මහාබ්රහ්මා, නිසින්නං සම්හි වෙස්මනි
(පරිසති (ස්‍යා.), පරීසති (පී.)).
|
152
“ඒ භාරද්වාජ ගෝත්‍රයෙහිවූ බ්‍රාහ්මණතෙම සඤ්ජය මානවකයා, වෙතට ගියේය. මහා බ්‍රාහ්මණතෙම ස්වකීය ගෘහයෙහි උන්නාවූ ඔහු දුටුවේය.
|
153
රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො;
‘‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’’, ඉච්චබ්රවි යුධිට්ඨිලො;
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, සඤ්චයක්ඛාහි පුච්ඡිතො.
|
153
“මම යශ පිරිවර ඇත්තාවූ කොරව්‍ය රජහුගේ සමීපයෙහි එවනලද දූතයෙක්මි. යූධිෂ්ඨිල ගොත්‍රයෙහිවූ ඒ රජතෙම ධර්මයාග නම් ප්රශ්නය අසවයි මට කීයේය. සඤ්ජය මානවකය, අසන ලද්දාවූ ඔබ ඒ අර්ථයද ධර්මයද මට කියවයි ශුචිරථ බ්‍රාහ්මණතෙම කීයේය.
|
154
සදා මං ගිලතෙ
(ගිලතී (සී.), ගිලති (පී.)) මච්චු, සායං පාතො සුචීරත;
න තෙ සක්කොමි අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
|
154
“එම්බා ශුචීරථ නම් බ්‍රාහ්මණය, හැමකල්හි සවසද උදයද මරුවා මා ගිලියි. එහෙයින් විචාරණ ලද්දාවූ මම අර්ථයද ධර්මයද ඔබට කියන්ට නොහැක්කෙමි.
|
155
සම්භවො
තං ත්වං අත්ථඤ්ච ධම්මඤ්ච, ගන්ත්වා පුච්ඡස්සු බ්‍රාහ්මණ.
|
155
“එම්බා ශුචීරථ නම් බ්‍රාහ්මණය, සම්භාව නම් මාගේ බාල සහෝදරයෙක් සිටියි. ඔබ ඔහුවෙත ගොස් මේ අර්ථයද ධර්මයද විචාරවයි, සඤ්ජය මානවකයා කීයේය.
|
156
අබ්භුතො වත භො ධම්මො, නායං අස්මාක රුච්චති;
තයො ජනා පිතාපුත්තා, තෙසු පඤ්ඤාය නො විදූ.
|
156
“පින්වත, ඒකාන්තයෙන් මේ ධර්මයතෙම අද්භූතය. අපට මෙය රුචිනොවේ. පියාද පුත්‍රයෝ දෙදෙනද යන තුන් දෙනෙක්වූහ. ඔවුන් අතුරෙන් එකෙකුත් ප්‍රඥාවෙන් මේ ධර්මය නොදකිත්.
|
157
න තං සක්කොථ අක්ඛාතුං, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතා;
කථං නු දහරො ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච පුච්ඡිතො.
|
157
“අර්ථයද ධර්මයද විචාරණලද ඔව්හු එය කියන්ට නොහැකිවූහ. අර්ථයද ධර්මයද විචාරණ ලද්දාවූ මේ ලදරු තෙමේ කෙසේ නම් එය දන්නේදැයි (ශුචීරථ බ්‍රාහ්මණයා කීයේය.)
|
158
මා නං දහරොති උඤ්ඤාසි
(මඤ්ඤාසි (ස්‍යා. ක.)), අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
158
“බ්‍රාහ්මණය, සම්භව කුමරු නොවිචාරා ලදරුවායයි ඔහුට අවමන් නොකරව, සම්භව කුමාරයන් විචාරා අර්ථයද ධර්මයද දැනගන්නේය.
|
159
යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා;
සබ්බෙ තාරාගණෙ ලොකෙ, ආභාය අතිරොචති.
|
159
“අහසින් ගමන්කරන්නාවූ නිර්මලවූ චන්ද්රතෙමේ යම්සේ ලෝකයෙහි සියලු තාරකා සමූහයන් ආලෝකයෙන් ඉක්මවා බබළාද,
|
160
එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො;
මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
160
“මෙපරිද්දෙන්ම ලදරු බැවින් යුක්තවූයේද සම්භව කුමාරතෙම ප්‍රඥාව හා යුක්තවීමෙන් සෙස්සන් ඉක්මවා බබළයි. ළදරුයයි සම්භව කුමරු නොවිචාරා ඔහුට අවමන් නොකරව, බ්‍රාහ්මණය, සම්භවකුමරු විචාරා අර්ථයද, ධර්මයද දැනගන්නේය.
|
161
යථාපි රම්මකො මාසො, ගිම්හානං හොති බ්‍රාහ්මණ;
අතෙවඤ්ඤෙහි මාසෙහි, දුමපුප්ඵෙහි සොභති.
|
161
“බ්‍රාහ්මණය, යම්සේ ග්‍රීෂ්ම මාසයන් සම්බන්ධිවූ සිත්කළුවූ බක්මස සෙසු මාසවලට වඩා ගස්වල පිපි මල්වලින් ඉතාම ශොභමානවේද,
|
162
එවම්පි
මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
162
“මෙපරිද්දෙන්ම සම්භව කුමාරතෙම ළදරුබැවින් යුක්තවූයේද ප්‍රඥා යෝගයෙන් ශොභමානවේ. එහෙයින් ළදරුවායයි සම්භව කුමරු නොවිචාරාම ඔහුට අවමන් නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා අර්ථයද, ධර්මයද දැනගණුව.
|
163
යථාපි හිමවා බ්රහ්මෙ, පබ්බතො ගන්ධමාදනො;
නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො;
ඔසධෙහි
|
163
“බ්‍රාහ්මණය, යම්සේ හිමමෙන් යුක්තවූ නොයෙක් වෘක්ෂවලින් ගැවසීගත්තාවූ දේව සමූහයාට වාසස්ථානවූ ගන්ධමාදන පර්වතයතෙම දිව්‍යවූ ඖෂධ වලින් සියලු දිශාවන් බබුළුවාද, සුවඳහමාද,
|
164
එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො;
මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
164
“මෙපරිද්දෙන්ම සම්භව කුමාරතෙම ළදරුබැවින් යුක්තවූයේද ප්‍රඥා යෝගයෙන් ශොභමානවේ. එහෙයින් ළදරුවායයි සම්භව කුමරු නොවිචාරාම ඔහුට අවමන් නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා අර්ථයද, ධර්මයද දැනගණුව.
|
165
යථාපි පාවකො බ්රහ්මෙ, අච්චිමාලී යසස්සිමා;
ජලමානො වනෙ ගච්ඡෙ
(චරං කච්ඡෙ (පී.)), අනලො කණ්හවත්තනී.
|
165
“බ්‍රාහ්මණය, ගිනිසිළු ඇති තේජස් පිරිස ඇත්තාවූ තෘප්තියකට නොපැමිණෙන්නාවූ ගියමග තෘෂ්ණා භාවයට පමුණුවන්නාවූ ගින්නතෙම වනයෙහි දිළිසෙමින් යන්නේද,
|
166
ඝතාසනො ධූමකෙතු, උත්තමාහෙවනන්දහො;
නිසීථෙ
(නිස්සීවෙ (ස්‍යා.), නිසිවෙ (ක.)) පබ්බතග්ගස්මිං, පහූතෙධො
(බහුතෙජො (ස්‍යා. ක.)) විරොචති.
|
166
“ගිතෙල් හා වෙඬරු ලන ලද උතුම් වනලැහැබ දවන්නාවූ බොහෝ දර ඇත්තාවූ පර්වත මුදුනෙහි ගින්න තෙම රාත්‍රියෙහි යම්සේ බබළාද,
|
167
එවම්පි
මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
167
“එපරිද්දෙන්ම ළදරු බැවින් යුක්තවූයේද, සම්භව කුමාරතෙම ප්‍රඥාවෙන් යුක්ත බැවින් බබළයි. සම්භව කුමරු නොවිචාරා ළදරුයයි ඔහුට අවමන් නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා ධර්මයාග නම් ප්රශ්නය දැනගණුව.
|
168
ජවෙන භද්‍රං ජානන්ති, බලිබද්දඤ්ච
(බලිවද්දඤ්ච (සී. පී.)) වාහියෙ;
දොහෙන ධෙනුං ජානන්ති, භාසමානඤ්ච පණ්ඩිතං.
|
168
“ආජානීය අශ්වයා ගමන් වේගයෙන් දැනගනිත්. බර ඉසිලීමෙන් වෘෂභයාද දැනගණිත්. කිරිදෙවීමෙන් ධෙනුව කිරි ඇත්තීයයි දැනගණිත්. වචනයෙන් පණ්ඩිතයා දැනගණිත්.
|
169
එවම්පි දහරූපෙතො, පඤ්ඤායොගෙන සම්භවො;
මා නං දහරොති උඤ්ඤාසි, අපුච්ඡිත්වාන සම්භවං;
පුච්ඡිත්වා සම්භවං ජඤ්ඤා, අත්ථං ධම්මඤ්ච බ්‍රාහ්මණ.
|
169
“මෙපරිද්දෙන්ම ළදරුබැවින් යුක්තවූයේද සම්භව කුමාරතෙමේ ප්‍රඥාව හා යෙදීමෙන් පණ්ඩිතයායයි දැනගණිත්. සම්භව කුමරු නොවිචාරා ළදරුවායයි ඔහුට අවමන් නොකරව, බ්‍රාහ්මණය, සම්භව කුමරු විචාරා අර්ථයද, ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්රශ්නය දැනගන්නේයයි සඤ්ජය මානවක තෙම කීයේය.
|
170
ස්වාධිප්පාගා භාරද්වාජො, සම්භවස්ස උපන්තිකං;
තමද්දස මහාබ්රහ්මා, කීළමානං බහීපුරෙ.
|
170
“ඒ භාරද්වාජ ගොත්‍රයෙහිවූ බ්‍රාහ්මණතෙම සම්භව කුමරුගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණතෙම ගෙයින් පිටත්හි ක්රීඩාකරන්නාවූ ඔහු දුටුයේයයි” වදාළේය.
|
171
රඤ්ඤොහං පහිතො දූතො, කොරබ්යස්ස යසස්සිනො;
‘‘අත්ථං ධම්මඤ්ච පුච්ඡෙසි’’, ඉච්චබ්රවි යුධිට්ඨිලො;
තං
|
171
“මම යශ පිරිවර ඇත්තාවූ කෝරව්‍ය රජහුගේ සමීපයෙන් එවනලද දූතයෙක්මි. යුධිෂ්ඨිල ගෝත්‍රයෙහිවූ රජතෙම අර්ථයද ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්රශ්නය විචාරවයිද මට කීයේය. සම්භව කුමාරයෙනි, විචාරණ ලද්දාවූ ඔබ ඒ අර්ථයද, ධර්මයද මට කියවයි, ශුචීරථ බ්‍රාහ්මණතෙම කීයේය.
|
172
තග්ඝ
රාජා ච ඛො තං ජානාති, යදි කාහති වා න වා.
|
172
“එබැවින් ඉතා දක්ෂයෙක් යම්සේද එසේ මම තොපට කියන්නෙමි. රජතෙමේද වනාහි එය දනීද, ඉදින් කරන්නේ හෝ වේවා නොමරන්නේ හෝ වේවා කර එසේ කියන්නෙමියි සම්භව කුමාරතෙම කීයේය.
|
173
‘‘අජ්ජ සුවෙ’’ති සංසෙය්ය, රඤ්ඤා පුට්ඨො සුචීරත;
මා කත්වා අවසී රාජා, අත්ථෙ ජාතෙ යුධිට්ඨිලො.
|
173
“ශුචිරථ නම් බ්‍රාහ්මණය, අද කටයුත්තක් රජ විසින් විචාරණ ලද්දේ සෙටයයි කියන්නේද, යුධිෂ්ඨිල ගොත්‍රයෙහි වූ රජතෙම එබඳු කටයුත්තක් ඇතිවූකල්හි එය ප්‍රමාද කොට නොවෙසේවා.
|
174
අජ්ඣත්තඤ්ඤෙව සංසෙය්ය, රඤ්ඤා පුට්ඨො සුචීරත;
කුම්මග්ගං න නිවෙසෙය්‍ය, යථා මූළ්හො අචෙතසො
(අචෙතනො (ක.)).
|
174
“ශුචීරථ බ්‍රාහ්මණය, රජහු විසින් විචාරණ ලද්දේ තමන් පිළිබඳවම කියන්නේය. සිත් නැත්තාවූ මුළාවූවෙක් යම්සේද, එමෙන් මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත අසත් මාර්ගයෙහි නො පිහිටු වන්නේය.
|
175
අත්තානං නාතිවත්තෙය්ය, අධම්මං න සමාචරෙ;
අතිත්ථෙ නප්පතාරෙය්ය, අනත්ථෙ න යුතො සියා.
|
175
“තමා ඉක්මවා නොපවත්නේය. අධර්මයෙහි නො හැසිරෙන්නේය. මිථ්‍යාදෘෂ්ටි නම් නොතොටට නොබසින්නේය. අනර්ථයෙහි යුක්තවූවෙක් නොවන්නේය.
|
176
යො ච එතානි ඨානානි, කත්තුං ජානාති ඛත්තියො;
සදා සො වඩ්ඪතෙ රාජා, සුක්කපක්ඛෙව චන්දිමා.
|
176
“යම් රජෙක් තෙමේ මෙකී කරුණු කරන්ට දනීද, ඒ රජතෙම හැමකල්හි පුරපස සඳ මෙන් වැඬේ.
|
177
ඤාතීනඤ්ච පියො හොති, මිත්තෙසු ච විරොචති;
කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතීති.
|
177
“නෑයන්ටද ප්‍රියවේ. මිත්‍රයන් අතරද බබළයි. ශරීරයාගේ බිඳීමෙන් පසු ඒ සප්‍රාඥතෙම ස්වර්ගයෙහි උපදීයයි වදාළේය.”
|
516. මහාකපිජාතකං (6) | 516. මහාකපි ජාතකය |
178
බාරාණස්යං
(බාරාණස්සං (සී. පී.)) අහූ රාජා, කාසීනං රට්ඨවඩ්ඪනො;
මිත්තාමච්චපරිබ්යූළ්හො, අගමාසි මිගාජිනං
(මිගාජිරං (සී.), මිගාචිරං (පී.)).
|
178
“බරණැස් නුවර කශීදනව් වැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජෙක් වූයේය. මිත්‍රයන්ගෙන්ද, ඇමැතියන්ගෙන්ද පිරිවරණලද ඒ රජතෙම මිගාජිර නම් උයනට ගියේය.
|
179
තත්ථ
විද්ධස්තං කොවිළාරංව, කිසං ධමනිසන්ථතං.
|
179
“එහිසේවත කුෂ්ටයෙන් සුදුවූ කබර රෝගයෙන් කැළල්වූ කුෂ්ටරෝග ඇත්තාවූ පිපීගිය කොබෝලීල ගසක් මෙන් විශේෂයෙන් නැසුනාවූ කෘෂවූ ඉල්පී ගිය නහර ඇත්තාවූ බමුණෙකු දුටුවේය.
|
180
පරමකාරුඤ්ඤතං
අවච බ්යම්හිතො රාජා, ‘‘යක්ඛානං කතමො නුසි.
|
180
“ඉතා කරුණා කළයුතුබවට පැමිණියාවූ, දුකට පැමිණියාවූ ඒ මිනිසා දැක විෂ්ම පත්වූ රජතෙම සතුන් අතුරෙන් තෝ කවරෙක්දැයි ඇසීය.
|
181
‘‘හත්ථපාදා ච තෙ සෙතා, තතො සෙතතරං
(සෙතතරො (පී.)) සිරො;
ගත්තං කම්මාසවණ්ණං තෙ, කිලාසබහුලො චසි.
|
181
“තොපගේ අත් පා සුදු වෙත් හිස, එයට වඩා සුදුය. තොපගේ ශරීරය තිත් සහිතය. තෝ කුෂ්ටය බහුලකොට ඇත්තේද වෙහි.
|
182
‘‘වට්ටනාවළි
(වට්ඨනාවලි (පී.)) සඞ්කාසා, පිට්ඨි තෙ නින්නතුන්නතා;
කාළපබ්බාව
(කාළපබ්බා ච (ස්‍යා.), කාළා පබ්බා ච (පී.)) තෙ අඞ්ගා, නාඤ්ඤං පස්සාමි එදිසං.
|
182
“තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත්විය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල් පුරුක් මෙන්වූහ. මෙබඳුවූ අන් පුරුෂයෙකු නොදිටිමි.
|
183
‘‘උග්ඝට්ටපාදො
ඡාතො ආතත්තරූපොසි
(ආදිත්තරූපොසි (ක.), අතිත්තරූපොසි (ස්‍යා. ක. අට්ඨ.)), කුතොසි කත්ථ ගච්ඡසි.
|
183
“රජසින් ගැවසීගත් පා ඇති හටගත් උද්වෙග ඇති කෘෂවූ ඉල්පුනු නහර ඇති සයින් පිඩීතවූ තෝ වියලීගිය ශරීර ඇත්තෙක් වෙහිය. කොයි සිට ආයෙහිද, කොතැන්හි යෙහිද,
|
184
‘‘දුද්දසී අප්පකාරොසි, දුබ්බණ්ණො භීමදස්සනො;
ජනෙත්ති යාපි තෙ මාතා, න තං ඉච්ඡෙය්ය පස්සිතුං.
|
184
“දැකිය නොහැකිවූ ශරීරාකාර රහිතවූ දුර්වරණවූ භයානක දැකුම් ඇත්තෙක් වෙහිය. තොපගේ වැදූ මවවූ යම් තැනැත්තියක්වේද, ඒ මවද තා දකින්ට නොකැමැති වන්නේය.
|
185
‘‘කිං කම්මමකරං
(කම්මමකරා (සී. ස්‍යා. පී.)) පුබ්බෙ, කං අවජ්ඣං අඝාතයි;
කිබ්බිසං යං කරිත්වාන, ඉදං දුක්ඛං උපාගමි’’.
|
185
“පෙර කිනම් කර්මයක් කෙළේද, කවර වධ නොකොට යුත්තෙකු නැසුයේද, යම් ඒ දරුණු කර්මයක්කොට මේ දුකට පැමිණියේදැයි රජතෙම ඇසීය.
|
186
තග්ඝ තෙ අහමක්ඛිස්සං, යථාපි කුසලො තථා;
සච්චවාදිඤ්හි ලොකස්මිං, පසංසන්තීධ පණ්ඩිතා.
|
186
“මේ ලෝකයෙහි වනාහි සත්‍ය වචන ඇත්තහුට පණ්ඩිතයෝ ප්රශංසාකෙරෙත්. එබැවින් මම දක්ෂ පුරුෂයෙක් යම්සේද, එසේ ඔබට කියන්නෙමි.
|
187
එකො චරං ගොගවෙසො, මූළ්හො අච්චසරිං වනෙ;
අරඤ්ඤෙ ඉරීණෙ
(ඊරිණෙ (සී. ස්‍යා. පී.)) විවනෙ, නානාකුඤ්ජරසෙවිතෙ.
|
187
“මම තනිව ගවයන් සොයා ඇවිදිමින් මුළාවූයේ අරාජකවූ හිස්වූ විවේකයෙන් නොයෙක් හස්තීන් විසින් සේවනය කරණ ලද්දාවූ හිමාලයෙහි මනුෂ්යපථය ඉක්මවා හැසුරුණෙමි.
|
188
වාළමිගානුචරිතෙ, විප්පනට්ඨොස්මි කානනෙ;
අචරිං තත්ථ සත්තාහං, ඛුප්පිපාස
(ඛුප්පිපාසා (සී. පී.)) සමප්පිතො.
|
188
“චණ්ඩ මෘගයන් විසින් හැසිරෙනලද වනයෙහි මම මුළාවූයෙමි. එහි සත් දිනක් සා පිපාසා දෙකින් පෙළුනේ හැසුරුනෙමි.
|
189
තත්ථ තින්දුකමද්දක්ඛිං, විසමට්ඨං බුභුක්ඛිතො;
පපාතමභිලම්බන්තං, සම්පන්නඵලධාරිනං.
|
189
“එහි අනුභව කරණු කැමැත්තේ විෂම තැනෙක්හි පිහිටියාවූ ප්‍රපාතයට අභිමුඛව එල්බෙන්නාවූ මිහිරි ඵල දරන්නාවූ තිඹිරි ගසක් දුටුයෙමි.
|
190
වාතස්සිතානි
අතිත්තො රුක්ඛමාරූහිං
(මාරුය්හ (සී. ස්‍යා.)), තත්ථ හෙස්සාමි ආසිතො.
|
190
“සුළඟින් වැටුනාවූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචිවූහ. එයින් තෘප්තියට නොපැමිණියේ ගසට නැග එහි හිඳගෙණ උන්නෙමි.
|
191
එකං මෙ භක්ඛිතං ආසි, දුතියං අභිපත්ථිතං;
තතො සා භඤ්ජථ සාඛා, ඡින්නා ඵරසුනා විය.
|
191
“එක ගෙඩියක් මා විසින් අනුභව කරණ ලද්දේවිය. දෙවන ගෙඩියක් කැමතිවන ලදී. එහෙයින් ඒ අත්ත පොරොවෙන් කැපුවාක් මෙන් බිඳුනේය.
|
192
සොහං සහාව සාඛාහි, උද්ධංපාදො අවංසිරො;
අප්පතිට්ඨෙ අනාලම්බෙ, ගිරිදුග්ගස්මි පාපතං.
|
192
“ඒ මම අතු සමග උඩුකුරුවූ පා ඇත්තේ යටිකුරුවූ හිස ඇත්තේ පිහිටක් නැති එල්බීමක් නැති පර්වත දුර්ගයෙහි වැටුනෙමි.
|
193
යස්මා ච වාරි ගම්භීරං, තස්මා න සමපජ්ජිසං
(සමපජ්ජසිං (සී.), සමභජ්ජිසං (පී.));
තත්ථ සෙසිං නිරානන්දො, අනූනා
(අනාථො (සී.)) දස රත්තියො.
|
193
“යම්හෙයකින් ජලයෙන් ගැඹුරුවීද, එහෙයින් අත් පා බිඳීමට නොපැමිණියෙමි. එහි දුක්වූයේ පිහිටක් නැත්තේ දශ රැයක් සයනය කෙළෙමි.
|
194
අථෙත්ථ
සාඛාහි සාඛං විචරන්තො, ඛාදමානො දුමප්ඵලං.
|
194
“ඉක්බිති පර්වතයෙහි හැසිරෙන්නාවූ ගෝණාංගුල නම් වඳුරෙක් අත්තෙන් අත්තට පනිමින් ගස්වල ගෙඩිකමින් මෙහි ආයේය.
|
195
සො
අම්භො කො නාම සො එත්ථ, එවං දුක්ඛෙන අට්ටිතො.
|
195
“හෙතෙම කාෂවූ පඬුවන්වූ මා දැක මා කෙරෙහි කරුණා ඇති බවක් කෙළේය. පින්වත, මෙහි මෙසේ දුකින් පෙළුනාවූ හෙතෙම කවරෙක් නම් වේද, මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ වෙහිදැයි තමා මට කියව.
|
196
මනුස්සො අමනුස්සො වා, අත්තානං මෙ පවෙදය;
තස්සඤ්ජලිං පණාමෙත්වා, ඉදං වචනමබ්රවිං.
|
196 |
197
මනුස්සොහං බ්යසම්පත්තො
(වසම්පත්තො (ස්‍යා. ක.)), සා මෙ නත්ථි ඉතො ගති;
තං වො වදාමි භද්දං වො, ත්වඤ්ච මෙ සරණං භව.
|
197
“ඔහුට ඇඳිළිකොට මේ වචනය කීමි. මම ව්‍යසනයට පැමිණියාවූ මිනිහෙක්මි. මට මෙයින් ඒ ගොඩට ගමනක් නැත. එය ඔබට කියමි ඔබට යහපතක් වේවා. ඔබද මට පිහිට වෙවයි කීයේය.
|
198
ගරුං
(ගරු (සී. පී.)) සිලං ගහෙත්වාන, විචරී
(විචරි (පී.)) පබ්බතෙ කපි;
සිලාය යොග්ගං කත්වාන, නිසභො එතදබ්රවි.
|
198
“වඳුරු රජතෙම බරවූ ගලක් ගෙණ ගල හා යෙදීමක්කොට පර්වතයෙහි හැසිරෙමින් මෙය කීයේය.
|
199
එහි මෙ පිට්ඨිමාරුය්හ, ගීවං ගණ්හාහි බාහුභි;
අහං තං උද්ධරිස්සාමි, ගිරිදුග්ගත වෙගසා.
|
199
“එව, මාගේ පිටට නැග අත් දෙකින් ග්රීවය අල්වා ගනුව, මම තා වේගයෙන් ගිරි දුර්ගයෙන් ගොඩට ලන්නෙමි.
|
200
තස්ස
පිට්ඨිමාරුය්හ ධීරස්ස, ගීවං බාහාහි අග්ගහිං.
|
200
“ශ්‍රීමත්වූ ඒ වඳුරු රජහුගේ ඒ වචනය අසා ධෛර්ය්ය සම්පන්නවූ ඔහුගේ පිටට නැග අත් දෙකින් බෙල්ල අල්වා ගත්තෙමි.
|
201
සො මං තතො සමුට්ඨාසි, තෙජස්සී
(තෙජසී (ස්‍යා. පී. ක.)) බලවා කපි;
විහඤ්ඤමානො කිච්ඡෙන, ගිරිදුග්ගත වෙගසා.
|
201
“තේජස් ඇත්තාවූ බලවත්වූ ඒ වඳුරුතෙම වෙහෙසෙමින් දුකසේ වේගයෙන් මා ඒ නරකාවාටයෙන් ගොඩ සිටවීය.
|
202
උද්ධරිත්වාන මං සන්තො, නිසභො එතදබ්රවි;
ඉඞ්ඝ මං සම්ම රක්ඛස්සු, පස්සුපිස්සං මුහුත්තකං.
|
202
“මා ගොඩගෙණ වෙහෙසවූ ශ්‍රේෂ්ඨවූ වඳුරුතෙම යහළුව, මම මොහොතක් කල් නිදන්නෙමි. එබැවින් මා ආරක්ෂා කරවයි මේ වචනය කීයේය.
|
203
සීහා බ්යග්ඝා ච දීපී ච, අච්ඡකොකතරච්ඡයො;
තෙ මං පමත්තං හිංසෙය්යුං, තෙ ත්වං දිස්වා නිවාරය
(දිස්වාන වාරය (පී.)).
|
203
“සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද යනාදීවූ මේ වනයෙහි යම් චණ්ඩ මෘගයෝ වෙද්ද, ඔව්හු ප්‍රමාදවූ මට හිංසා කරන්නාහුය. ඔබ ඔවුන් දැක වළක්වව,
|
204
එවං මෙ පරිත්තාතූන
(පරිත්තාතුන (ක.)), පස්සුපි සො මුහුත්තකං;
තදාහං පාපිකං දිට්ඨිං, පටිලච්ඡිං අයොනිසො.
|
204
“මෙසේ මට ආරක්ෂා කරන්ට කියා ඒ වඳුරුතෙම මොහොතක් නිදාගත්තේය. එකල්හි මම නුණුවණින් මෙනෙහිකර ලාමකවූ දෘෂ්ටියක් ලදිමි.
|
205
භක්ඛො අයං මනුස්සානං, යථා චඤ්ඤෙ වනෙ මිගා;
යං නූනිමං වධිත්වාන, ඡාතො ඛාදෙය්ය වානරං.
|
205
“සෙසු වන මෘගයන් මෙන්ම මේතෙමේද මිනිසුන්ගේ ආහාරය වේ. එබැවින් සාදුකින් පෙළුනේ මේ වඳුරා මරා කන්නෙම් නම් යෙහෙක.
|
206
අසිතො
(ආසිකො (පී.)) ච ගමිස්සාමි, මංසමාදාය සම්බලං;
කන්තාරං නිත්ථරිස්සාමි, පාථෙය්‍යං මෙ භවිස්සති.
|
206
“අනුභව කරණ ලද්දේද, මාර්ගොපකරණ වශයෙන් මස් හැරගෙණද යන්නෙමි. එහෙයින් වනකතර එතර කරන්නෙමි. මට මාර්ගොපකරණද වන්නේයයි.
|
207
තතො සිලං ගහෙත්වාන, මත්ථකං සන්නිතාළයිං;
මම ගත්ත
(භත්ත (සී. ස්‍යා.), හත්ථ (පී.)) කිලන්තස්ස, පහාරො දුබ්බලො අහු.
|
207
“ඉක්බිති ගලක්ගෙණ හිසට ගැසුයෙමි. ආහාරයෙන් ක්ලාන්තවූ මාගේ පහර දුර්වලවිය.
|
208
සො
අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, රොදන්තො මං උදික්ඛති.
|
208
“වහා නැගිට්ටාවූ ලෙයින් වැකුණාවූ ඒ වඳුරු තෙමේද කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් මා දෙස බැලීය.
|
209
මාය්යොමං කරි භද්දන්තෙ, ත්වඤ්ච නාමෙදිසං කරි;
ත්වඤ්ච ඛො නාම දීඝාවු
(දීඝායු (පී.)), අඤ්ඤෙ
(අඤ්ඤං (පී.)) වාරෙතුමරහසි.
|
209
“පින්වත් තෙමේ මට යහපතක් නොකෙළේය. මට මෙබඳු දෙයක් කෙළෙහිය. උඹට දීර්ඝායුෂ වෙහිවා. සෙස්සන් වළකන්ට සුදුසු වෙහිය. (එසේවූවක් මට කෙළෙහිය.)
|
210
අහො
එදිසා විසමා දුග්ගා, පපාතා උද්ධතො
(උද්ධටො (පී.)) මයා.
|
210
“එබඳු නපුරු දෙයක් කළාවූ බොල පුරුෂය, මා විසින් මෙබඳු දුර්ගමවූ ප්‍රපාතයෙන් ගොඩනගනලද තෝ මෙබඳු අයුත්තක් කෙළෙහි ඉතා පුදුමය.
|
211
ආනීතො පරලොකාව, දුබ්භෙය්යං මං අමඤ්ඤථ;
තං තෙන පාපධම්මෙන, පාපං පාපෙන චින්තිතං.
|
211
“පරලොවින් ගෙණෙනලද්දෙකු මෙන් නරාවලෙන් ගොඩගත්තාවූ තෝ මට ද්‍රෝහ කරන්නෙමියි සිතුයෙහිය. ලාමක ස්වභාව ඇත්තාවූ පවිටුවූ තා විසින් ඒ පවිටු සිත සිතනලදී.
|
212
මා හෙව ත්වං අධම්මට්ඨ, වෙදනං කටුකං ඵුසි;
මා හෙව පාපකම්මං තං, ඵලං වෙළුංව තං වධි.
|
212
“අධර්මයෙහි පිහිටි තැනැත්ත තෝ මෙබඳු කටුක වේදනාවක් නොවිඳුව, තා විසින් කළ ඒ පාපකර්මයේ ඵලය තෙම හුණ ගස මෙන් තා නොනසාවා.
|
213
තයිමෙ නත්ථි විස්සාසො, පාපධම්ම අසඤ්ඤත
(පාපධම්මං අමඤ්ඤථ (පී.));
එහි මෙ පිට්ඨිතො ගච්ඡ, දිස්සමානොව සන්තිකෙ.
|
213
“ලාමක ස්වභාව ඇති සංයම නැති පුරුෂය, තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මාගේ පිටුපසින් එව සමීපයෙහි මා දකිමින්ම යව,
|
214
මුත්තොසි හත්ථා වාළානං, පත්තොසි මානුසිං පදං;
එස මග්ගො අධම්මට්ඨ, තෙන ගච්ඡ යථාසුඛං.
|
214
“වල් මෘගයන් අතින් මා මුදනලද්දේය. මිනිසුන් වාසය කරණ ප්‍රදෙශයට පමුණුවන ලද්දේ අධර්මිෂ්ටය, මේ මාර්ගය වේ. ඒ මගින් සුවසේ යවයි කීයේය.
|
215
ඉදං වත්වා ගිරිචරො, රහදෙ
(රුහිරං (ස්‍යා. ක.)) පක්ඛල්ය මත්ථකං;
අස්සූනි සම්පමජ්ජිත්වා, තතො පබ්බතමාරුහි.
|
215
“පර්වතවාසීවූ වඳුරුතෙම මෙය කියා හිසෙහිවූ රුධිරය සෝදා කඳුළු පිසදමා එතනින් පර්වතයට නැංගේය.
|
216
සොහං තෙනාභිසත්තොස්මි, පරිළාහෙන අට්ටිතො;
ඩය්හමානෙන ගත්තෙන, වාරිං පාතුං උපාගමිං.
|
216
“ඒ මම ඒ වඳුරු රජ විසින් සාපකරණලද්දේ දැවීමෙන් පෙළුනේ වෙමි. දැවෙනු ලබන්නාවූ ශරීරයෙන් යුක්තව ජලය පානය කරන්ට එක් විලකට ආයෙමි.
|
217
අග්ගිනා විය සන්තත්තො, රහදො රුහිරමක්ඛිතො;
පුබ්බලොහිතසඞ්කාසො, සබ්බො මෙ සමපජ්ජථ.
|
217
“මේ සියලු විල ගින්නෙන් හුණුකරණ ලද්දාක් මෙන්ද ලේ වැකුනාක් මෙන් පූයාලේ සමානව මට වැටහුනේය.
|
218
යාවන්තො උදබින්දූනි, කායස්මිං නිපතිංසු මෙ;
තාවන්තො ගණ්ඩ
(ගණ්ඩූ (සී. පී.), ගණ්ඩු (ස්‍යා.)) ජායෙථ, අද්ධබෙලුවසාදිසා.
|
218
“යම්තාක් දිය බින්දු මාගේ ශරීරයෙහි වැටුනාහුද, ඒතාක් අඹ, බෙලි හා සමානවූ ගණ්ඩයෝ හටගත්තාහුය.
|
219
පභින්නා පග්ඝරිංසු මෙ, කුණපා පුබ්බලොහිතා;
යෙන යෙනෙව ගච්ඡාමි, ගාමෙසු නිගමෙසු ච.
|
219
“මේ ගණ්ඩයෝ කුණුවූවාහු බිඳී පූයා ලේ වැගුරුණාහුය. යම් යම් මගකින්ම ගම්වලද නියම්ගම්වලද මම යෙම්ද,
|
220
දණ්ඩහත්ථා
ඔක්කිතා
(ඔකිණ්ණා (සී.)) පූතිගන්ධෙන, මාස්සු ඔරෙන ආගමා
(මාගමා (සී. පී.)).
|
220
“එහි ස්ත්‍රීහුද පුරුෂයෝද දඩුගත් අත් ඇත්තාහු කුණු ගඳින් ගැවසීගත් හෙයින් මේ දිශාවට නොඑවයි. මා වළකත්.
|
221
එතාදිසං ඉදං දුක්ඛං, සත්ත වස්සානි දානි මෙ;
අනුභොමි සකං කම්මං, පුබ්බෙ දුක්කටමත්තනො.
|
221
“මාගේ මෙබඳුවූ මේ දුකට දැනට සත් අවුරුද්දක් වෙත්. පූර්වයෙහි තමන් කරණලද මිත්‍රද්‍රෝහි කර්මයවූ ස්වකීය කර්මය විපාක විඳිමි.
|
222
තං
මාස්සු මිත්තාන
(මිත්තානං (සී. පී.)) දුබ්භිත්ථො, මිත්තදුබ්භො හි පාපකො.
|
222
“එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් වේවා. යම්තාක් දෙනා මෙහි රැස්වූවාහුද, ඒ සියල්ලෝ යම් හෙයකින් මිත්‍රද්‍රෝහි කර්මය ලාමකවේද, එහෙයින් මිත්‍රයන්ට ද්රෝහකරන්නෝ නොවෙත්වා.
|
223
කුට්ඨී කිලාසී භවති, යො මිත්තානිධ දුබ්භති
(යො මිත්තානං ඉධද්දුභි (සී. අට්ඨ.), යො මිත්තානං ඉධ දුබ්භති (පී.));
කායස්ස භෙදා මිත්තද්දු
(මිත්තදුබ්භී (ස්‍යා. ක.)), නිරයං සොපපජ්ජතීති
(සො උපපජ්ජතීති (සී. ස්‍යා. පී.)).
|
223
“මේ ලෝකයෙහි යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ කෙළේද, හෙතෙම කුෂ්ට රෝගියෙක් කිලාස ඇත්තෙක්වේ. ඒ මිත්‍ර ද්රෝහතෙම මරණින් මතු නරකයෙහි උපදීයයි” වදාළේය.
|
517. දකරක්ඛසජාතකං (7) | 517. දකරක්ඛස ජාතකය |
224
සචෙ වො වුය්හමානානං, සත්තන්නං උදකණ්ණවෙ;
මනුස්සබලිමෙසානො, නාවං ගණ්හෙය්ය රක්ඛසො;
අනුපුබ්බං කථං දත්වා, මුඤ්චෙසි දකරක්ඛසා
(දකරක්ඛතො (පී.)).
|
224
මෙය මහා උම්මග්ගජාතකයෙහි ප්‍රකාශ වන්නේය.
|
225
මාතරං පඨමං දජ්ජං, භරියං දත්වාන භාතරං;
තතො සහායං දත්වාන, පඤ්චමං දජ්ජං
(දජ්ජ (ස්‍යා.)) බ්රාහ්මණං;
ඡට්ඨාහං දජ්ජමත්තානං, නෙව දජ්ජං මහොසධං.
|
225 |
226
පොසෙතා තෙ ජනෙත්තී ච, දීඝරත්තානුකම්පිකා;
ඡබ්භී තයි පදුස්සති
(පදුට්ඨස්මිං (සී. ස්‍යා.)), පණ්ඩිතා අත්ථදස්සිනී;
අඤ්ඤං
|
226 |
227
තං තාදිසිං
(තාදිසං (ක.)) පාණදදිං, ඔරසං ගබ්භධාරිනිං
(ගබ්භධාරිණිං (සී. ස්‍යා.));
මාතරං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො
(දකරක්ඛතො (පී.)).
|
227 |
228
දහරා වියලඞ්කාරං, ධාරෙති අපිළන්ධනං;
දොවාරිකෙ අනීකට්ඨෙ, අතිවෙලං පජග්ඝති
(සඤ්ජග්ඝති (ක.)).
|
228 |
229
අථොපි
මාතරං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො.
|
229 |
230
ඉත්ථිගුම්බස්ස පවරා, අච්චන්තං පියභාණිනී
(අච්චන්තපියවාදිනී (සී. පී.));
අනුග්ගතා
(අනුබ්බතා (ස්‍යා.), අනුපුබ්බතා (ක.)) සීලවතී, ඡායාව අනපායිනී.
|
230 |
231
අක්කොධනා පුඤ්ඤවතී
(පඤ්ඤවතී (සී. පී.)), පණ්ඩිතා අත්ථදස්සිනී;
උබ්බරිං
(උප්පරිං (සී.)) කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො.
|
231 |
232
ඛිඩ්ඩාරතිසමාපන්නං, අනත්ථවසමාගතං;
සා මං සකාන පුත්තානං, අයාචං යාචතෙ ධනං.
|
232 |
233
සොහං
සුදුච්චජං චජිත්වාන, පච්ඡා සොචාමි දුම්මනො;
උබ්බරිං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො.
|
233 |
234
යෙනොචිතා ජනපදා
(ජානපදා (සී. ස්‍යා. පී.)), ආනීතා ච පටිග්ගහං;
ආභතං පරරජ්ජෙභි, අභිට්ඨාය බහුං ධනං.
|
234 |
235
ධනුග්ගහානං පවරං, සූරං තිඛිණමන්තිනං;
භාතරං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො.
|
235 |
236
යෙනොචිතා
ආභතං පරරජ්ජෙභි, අභිට්ඨාය බහුං ධනං.
|
236 |
237
ධනුග්ගහානං පවරො, සූරො තිඛිණමන්ති ච
(තිඛිණමන්තිනො (ක.));
මයායං
(මයා සො (සී. පී.)) සුඛිතො රාජා, අතිමඤ්ඤති දාරකො.
|
237 |
238
උපට්ඨානම්පි මෙ අය්යෙ, න සො එති යථා පුරෙ;
භාතරං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො.
|
238 |
239
එකරත්තෙන උභයො, ත්වඤ්චෙව ධනුසෙඛ ච
(ධනුසෙඛවා (සී. ස්‍යා. පී.));
උභො ජාතෙත්ථ පඤ්චාලා, සහායා සුසමාවයා.
|
239 |
240
චරියා
උස්සුක්කො තෙ දිවාරත්තිං, සබ්බකිච්චෙසු බ්යාවටො;
සහායං කෙන දොසෙන, දජ්ජාසි දකරක්ඛිනො.
|
240 |
241
චරියා මං අයං
(චරියාය අයං (සී. පී.)) අය්යෙ, පජග්ඝිත්ථො
(සඤ්ජග්ඝිත්ථො (ස්‍යා.)) මයා සහ;
අජ්ජාපි තෙන වණ්ණෙන, අතිවෙලං පජග්ඝති.
|
241 |
242
උබ්බරියාපිහං අය්යෙ, මන්තයාමි රහොගතො;
අනාමන්තො
(අනාමන්තා (සී.)) පවිසති, පුබ්බෙ අප්පටිවෙදිතො.
|
242 |
243
ලද්ධද්වාරො
(ලද්ධවාරො (සී. පී.)) කතොකාසො, අහිරිකං අනාදරං;
සහායං තෙන දොසෙන, දජ්ජාහං දකරක්ඛිනො.
|
243 |
244
කුසලො සබ්බනිමිත්තානං, රුතඤ්ඤූ
(රුදඤ්ඤූ (සී. ස්‍යා. පී.)) ආගතාගමො;
උප්පාතෙ සුපිනෙ යුත්තො, නිය්යානෙ ච පවෙසනෙ.
|
244 |
245
පට්ඨො
(පද්ධො (සී. පී.)) භූමන්තලික්ඛස්මිං, නක්ඛත්තපදකොවිදො;
බ්රාහ්මණං
|
245 |
246
පරිසායම්පි මෙ අය්යෙ, උම්මීලිත්වා උදික්ඛති;
තස්මා අච්චභමුං ලුද්දං, දජ්ජාහං දකරක්ඛිනො.
|
246 |
247
සසමුද්දපරියායං
වසුන්ධරං ආවසසි, අමච්චපරිවාරිතො.
|
247 |
248
චාතුරන්තො මහාරට්ඨො, විජිතාවී මහබ්බලො;
පථබ්‍යා එකරාජාසි, යසො තෙ විපුලං ගතො.
|
248 |
249
සොළසිත්ථිසහස්සානි, ආමුත්තමණිකුණ්ඩලා;
නානාජනපදා නාරී, දෙවකඤ්ඤූපමා සුභා.
|
249 |
250
එවං සබ්බඞ්ගසම්පන්නං, සබ්බකාමසමිද්ධිනං;
සුඛිතානං පියං දීඝං, ජීවිතං ආහු ඛත්තිය.
|
250 |
251
අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා;
පණ්ඩිතං අනුරක්ඛන්තො, පාණං චජසි දුච්චජං.
|
251 |
252
යතොපි
නාභිජානාමි ධීරස්ස, අනුමත්තම්පි දුක්කටං.
|
252 |
253
සචෙ ච කිස්මිචි කාලෙ, මරණං මෙ පුරෙ සියා;
සො මෙ පුත්තෙ
(පුත්තෙ ච මෙ (සී. ස්‍යා. පී.) පපුත්තෙ ච, සුඛාපෙය්ය මහොසධො.
|
253 |
254
අනාගතං පච්චුප්පන්නං, සබ්බමත්ථම්පි පස්සති
(සබ්බමත්ථං විපස්සති (සී. ස්‍යා. පී.));
අනාපරාධකම්මන්තං, න දජ්ජං දකරක්ඛිනො.
|
254 |
255
ඉදං සුණාථ පඤ්චාලා, චූළනෙය්යස්ස
(චූළනීයස්ස (සී.)) භාසිතං;
පණ්ඩිතං
|
255 |
256
මාතු භරියාය භාතුච්ච, සඛිනො බ්රාහ්මණස්ස ච;
අත්තනො චාපි පඤ්චාලො, ඡන්නං චජති ජීවිතං.
|
256 |
257
එවං මහත්ථිකා
(ඛහිද්ධියා (ස්‍යා.), මහිද්ධිකා (ක.)) පඤ්ඤා, නිපුණා සාධුචින්තිනී;
දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය චාති.
|
257 |
518. පණ්ඩරනාගරාජජාතකං (8) | 518. පණ්ඩරක ජාතකය |
258
විකිණ්ණවාචං අනිගුය්හ
(අනිගූළ්හ (පී.)) මන්තං, අසඤ්ඤතං අපරිචක්ඛිතාරං
(අපරිරක්ඛිතාරං (ක.));
භයං තමන්වෙති සයං අබොධං, නාගං යථා පණ්ඩරකං සුපණ්ණො
(සුවණ්ණො (ක.)).
|
258
“විසුරණාවූ වචන ඇති නොසඟවනලද මන්ත්‍රණ ඇති සංයම් නැත්තාවූ මේ කිය යුතුය, නොකිය යුතුයයි පරීක්ෂාවක් නැති, නුවණ නැති ඒ පුද්ගලයා තමා විසින් කරණලද්දාවූම භය අනුව යෙයි. කුමක් මෙන්ද යත්, පණ්ඩරක නාග නම්වූ මේ අනුව ගිය සුපර්ණයා මෙනි.
|
259
යො ගුය්හමන්තං පරිරක්ඛනෙය්යං, මොහා නරො සංසති හාසමානො
(භාසමානො (පී.));
තං භින්නමන්තං භයමන්වෙති ඛිප්පං, නාගං යථා පණ්ඩරකං සුපණ්ණො.
|
259
“යම් මිනිසෙක් සැඟවියයුතු රහස් මන්ත්‍රය කථා කරමින් එය රැකිය නොහැක්කහුට මුළාවෙන් කියාද, බිඳුනා වූ මන්ත්‍ර ඇති ඒ පුද්ගලයා වහා භය අනුව යෙයි. කවරෙකු මෙන්ද යත්, පණ්ඩරක නාග නම් වූ මා අනුව ගිය සුපර්ණයා මෙනි.
|
260
නානුමිත්තො
සුමිත්තො ච අසම්බුද්ධං, සම්බුද්ධං වා අනත්ථ වා.
|
260
“අනුව පවත්නාවූ මිත්‍රතෙම ගරුවූ සැඟවියයුතු කරුණ දැනගන්ට සුදුසු නොවේ. සුහද මිත්රතෙමේද ප්‍රඥා නැත්තේ හෝ ඇත්තේ හෝ අනර්ථ ඇත්තේද රහස දැනගන්ට සුදුසු නොවේ.
|
261
විස්සාසමාපජ්ජිමහං
තස්සාහමක්ඛිං විවරිං
(විවරං (සී.)) ගුය්හමත්ථං, අතීතමත්ථො කපණං
(කපණො (පී.)) රුදාමි.
|
261
“මේ අචේලකතෙම ශ්‍රමණයෙක් යයිද, ලෝක සම්මත යයිද, වඩනාලද සිත් ඇත්තේයයිද හඟිමින් මම විශ්වාසයට පැමිණියෙමි. ඔහුට මම සැඟවියයුතු කරුණ ප්‍රකටකොට කීමි. එහෙයින් ඉක්මුණු අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬයි.
|
262
තස්සාහං පරමං
(පුරිමං (සී.)) බ්රහ්මෙ ගුය්හං, වාචඤ්හි මං නාසක්ඛිං
(නාසක්ඛි (පී.)) සංයමෙතුං;
තප්පක්ඛතො හි භයමාගතං මමං, අතීතමත්ථො කපණං රුදාමි.
|
262
“උතුම්වූ සුපර්ණය, පළමුකොට මම ඔහුට කියනලද සැඟවියයුතු මේ වචනය ආරක්ෂාකරන්ට නොහැකිවිමි. මේ භය මට ඔහුගේ පාර්ශවයෙන් ආයේයයි ඉකුත්වූ අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬමි.
|
263
යො වෙ නරො සුහදං මඤ්ඤමානො, ගුය්හමත්ථං සංසති දුක්කුලීනෙ;
දොසා භයා අථවා රාගරත්තා
(රාගරත්තො (සී. ස්‍යා. පී.)), පල්ලත්ථිතො
(පල්ලිත්ථො (පී.), පල්ලත්තිතො (ක.)) බාලො අසංසයං සො.
|
263
“යම් මිනිහෙක් ඒකාන්තයෙන් සුහෘදයයි හඟිමින් පහත් කුල ඇත්තෙකු කෙරෙහි ද්වේෂයෙන් හෝ නොහොත් රාගයෙන් ඇළුනේ හෝ සැඟවියයුතු කරුණ කියාද, ඒ අඥාන තෙම සැක නැතිව පෙරලා පැමිණවූයේ නසන ලද්දේ නම්වේ.
|
264
තිරොක්ඛවාචො අසතං පවිට්ඨො, යො සඞ්ගතීසු මුදීරෙති වාක්යං;
ආසීවිසො දුම්මුඛොත්යාහු තං නරං, ආරා ආරා
(ආරා අරා (පී.)) සංයමෙ තාදිසම්හා.
|
264
“සඟවනලද වචනඇති අසත්පුරුෂයන්ට ඇතුලත්වූ යමෙක් සැඟවියයුතු වචනය පිරිස් මැද කියාද, ඒ මිනිසා ආශීර්විෂයෙකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැයි කියත්. එබඳු පුරුෂයා කෙරෙන් දුරින්ම දුරු වන්නේය.
|
265
අන්නං පානං කාසික
(කාසිකං (පී.)) චන්දනඤ්ච, මනාපිත්ථියො මාලමුච්ඡාදනඤ්ච;
ඔහාය ගච්ඡාමසෙ සබ්බකාමෙ, සුපණ්ණ පාණූපගතාව ත්යම්හා.
|
265
“ආහාරද, පාන වර්ගද, කශීවස්ත්රද මනවඩන ස්ත්‍රීන්ද මල්මාලාද, දිව්‍යවූ සුගන්ධ සඳුන්ද යන සියලු කාම සම්පත් හැරදමා යන්නෙමු. පින්වත් සුපර්ණය ඔබට ප්‍රාණයෙන් යුක්තව පැමිණියෙමුයි හඬමින් කීයේය.
|
266
කො නීධ තිණ්ණං ගරහං උපෙති, අස්මිංධ
සමණො සුපණ්ණො අථ වා ත්වමෙව, කිං කාරණා පණ්ඩරකග්ගහීතො.
|
266
“මේ ලෝකයෙහි ප්රාණියෙකුවූ නාගරාජය, ශ්‍රමණයාද සුපර්ණයාද තවද ඔබද යන මෙහි තුන්දෙනා අතුරෙන් කවරෙක්නම් නින්දාවට පැමිණේද, කවර කරුණකින් සුපර්ණයා විසින් මා ගන්නා ලද්දේදැයි තමාටම නින්දාකෙරෙහිද
|
267
සමණොති
තස්සාහමක්ඛිං විවරිං ගුය්හමත්ථං, අතීතමත්ථො කපණං රුදාමි.
|
267
“ඒ ශ්‍රමණතෙම මා විසින් යහපතැයි සම්මත කරණ ලද්දේ විය. මට ප්‍රියයෙක්ද විය. සිතින් සම්භාවනා කරණ ලද්දෙක්ද විය. එහෙයින් ඔහුට මම සැඟවිය යුතු කරණ ප්‍රකටකොට කිමි. ඒ හේතුකොට ගෙණ දැන් ඉක්මවූ අර්ථ ඇත්තේ බැගෑපත්ව හඬමියි කීයේය.
|
268
න චත්ථි සත්තො අමරො පථබ්‍යා, පඤ්ඤාවිධා නත්ථි න නින්දිතබ්බා;
සච්චෙන ධම්මෙන ධිතියා
(ධියා (සී. පී.)) දමෙන, අලබ්භමබ්යාහරතී නරො ඉධ.
|
268
“නාගරාජය, පෘථිවියෙහි නොමැරෙන ස්වභාව ඇති සත්වයෙක් නම් නැත්තේය. ප්‍රඥාව සමානවූ නින්දා නොකට යුත්තක්ද නැත. සත්‍ය වචනයෙන්ද සුචරිත ධර්මයෙන්ද ප්‍රඥාවෙන්ද, ඉන්ද්රිය දමණයෙන්ද මේ ලෝකයෙහි මනුෂ්‍යතෙම නොලැබියහැක්ක ලබාගනියි.
|
269
මාතාපිතා පරමා බන්ධවානං, නාස්ස තතියො අනුකම්පකත්ථි;
තෙසම්පි ගුය්හං පරමං න සංසෙ, මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
|
269
“මවද, පියාද නෑයන් අතුරෙන් උතුම්වෙත්. මේ පුද්ගලයාට ඔවුන් හැර තුන් වෙනිවූ අනුකම්පා ඇත්තෙක් නම් නැත්තේය. ඔවුන්ටද උතුම්වූ රහස මන්ත්‍රයාගේ බිඳීම සැක කරමින් නොකියන්නේය.
|
270
මාතාපිතා භගිනී භාතරො ච, සහායා වා යස්ස හොන්ති සපක්ඛා;
තෙසම්පි ගුය්හං පරමං න සංසෙ, මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
|
270
“මවද, පියාද, සහෝදරිහුද, සහෝදරයෝද, යහළුවෝද යන යමෙකුගේ ස්ව පක්ෂයෙහිවූවෝ වෙද්ද, ඔවුන්ටද මන්ත්‍රයාගේ බිඳීම සැක කරමින් උතුම්වූ රහස නොකියන්නේය.
|
271
භරියා චෙ පුරිසං වජ්ජා, කොමාරී පියභාණිනී;
පුත්තරූපයසූපෙතා
මන්තස්ස භෙදං පරිසඞ්කමානො.
|
271
“ඉදින් ළදැරිවූ ප්‍රිය වචන කියන්නීවූ පුත්‍රයන්ගෙන්ද රූපයෙන්ද යසසින්ද යුක්තවූ භාර්‍ය්‍යාවද ස්වාමි පුරුෂයාට රහස මට කියවයි කියන්නීද, මන්ත්රණයාගේ බිඳීම සැක කරන්නේ ඈටද උතුම් රහස නොකියන්නේයයි සුපර්ණතෙම කීයේය.
|
272
න ගුය්හමත්ථං
(ගුය්හත්ථං (ක.)) විවරෙය්ය, රක්ඛෙය්ය නං යථා නිධිං;
න හි පාතුකතො සාධු, ගුය්හො අත්ථො පජානතා.
|
272
“සැඟවිය යුතු කරුණ ප්‍රකාශ නොකරන්නේය. නිධානයක් මෙන් එය රකින්නේයයි දන්නහු විසින් සැඟවියයුතු කරුණ ප්‍රකාශ කරණ ලද්දේ යහපත් නොවේ.
|
273
ථියා ගුය්හං න සංසෙය්ය, අමිත්තස්ස ච පණ්ඩිතො;
යො චාමිසෙන සංහීරො, හදයත්ථෙනො ච යො නරො.
|
273
“පණ්ඩිතතෙම රහස ස්ත්‍රියට නොකියන්නේය. පසමිතුරාටද නොකියන්නේය. යමෙක් ආමිෂය හේතුකොට ගෙණ එක්වේද, ඔහුටද යම් මිනිසෙක් සිතෙහි සොරකම ඇත්තේ නම් ඔහුටද නොකියන්නේය.
|
274
ගුය්හමත්ථං
මන්තභෙදභයා තස්ස, දාසභූතො තිතික්ඛති.
|
274
“යම් මිනිසෙක් සැඟවියයුතු කරුණ නොදන්නහුට දක්වාද, හෙතෙම මන්ත්‍ර භේද භයින් ඔහුට දාසවූවෙක්ව ඉවසයි.
|
275
යාවන්තො
තාවන්තො තස්ස උබ්බෙගා, තස්මා ගුය්හං න විස්සජෙ.
|
275
යම් පමණක් මිනිසාගේ මන්ත්‍රණය කොට ඇති සැඟවිය යුතු කරුණ දනිද්ද, එපමණම උද්වෙගයෝ ඔහුට පැමිණෙත්. එහෙයින් සැඟවිය යුත්ත නොහරින්නේය.
|
276
විවිච්ච භාසෙය්ය දිවා රහස්සං, රත්තිං ගිරං නාතිවෙලං පමුඤ්චෙ;
උපස්සුතිකා හි සුණන්ති මන්තං, තස්මා මන්තො ඛිප්පමුපෙති භෙදං.
|
276
“දාවල් රහස් කරුණ විවේකව සිට කියන්නේය. රාත්‍රියෙහි කියන්නේ වේලා නොඉක්මවා හෙවත්, බිත්තියෙන් පිට නොඇසෙනසේ කියන්නේය. යම් හෙයකින් ලඟ අසා සිටියාහු මන්ත්‍රණය අසද්ද, එහෙයින් මන්ත්‍රණය වහා බිඳීමට පැමිණේයයි කීයේය.
|
277
යථාපි අස්ස
(අයො (ස්‍යා.), අය (ක.)) නගරං මහන්තං, අද්වාරකං
(ආළාරකං (පී.)) ආයසං භද්දසාලං;
සමන්තඛාතාපරිඛාඋපෙතං, එවම්පි මෙ තෙ ඉධ ගුය්හමන්තා.
|
277
“දොරටු නැත්තාවූ අයෝමයවූ සොඳුරු ශාලා ඇත්තාවූ හාත්පස කනින ලද දිය අගල ඇත්තාවූ මහත් නුවරක් යම්සේ වන්නේද, මේ ලෝකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝද මෙබඳුයයි මට වැටහෙත්.
|
278
යෙ ගුය්හමන්තා අවිකිණ්ණවාචා, දළ්හා
ආරා අමිත්තා බ්යවජන්ති තෙහි, ආසීවිසා වා රිව සත්තුසඞ්ඝා
(සත්තසඞ්ඝා (සී. ස්‍යා.)).
|
278
“නාගරාජය, රහස් මන්ත්‍රණ ඇත්තාවූ නොවිසුරුණු වචන ඇත්තාවූ ස්වකීය අර්ථයන්හි ස්ථිරවූ යම් මනුෂ්‍යයෙක් වෙද්ද, සර්පයෙකු කෙරෙන් ජීවත් වෙනු කැමති මිනිසුන් මෙන් ඔවුන් කෙරෙන් පස මිතුරෝ දුරින් බැහැර වෙත්.
|
279
හිත්වා ඝරං පබ්බජිතො අචෙලො, නග්ගො මුණ්ඩො චරති ඝාසහෙතු;
තම්හි
(තම්හී (පී.)) නු ඛො විවරිං ගුය්හමත්ථං, අත්ථා ච ධම්මා ච අපග්ගතම්හා
(අපාගතම්හා (සී.), අපගතම්හා (ස්‍යා.), අවාගතම්හා (පී.)).
|
279
“ගිහිගෙය හැර පැවිදිවූ මේ නිගණ්ඨයා නග්නවූයේ හිස මුඬු කරණ ලද්දේ ආහාර හේතුවෙන් හැසිරෙයි. ඔහු කෙරෙහි මම රහස් කරුණ යම්හෙයකින් ප්‍රකාශ කෙළෙම්ද එහෙයින් අර්ථයෙන්ද ධර්මයෙන්ද පිරිහුනෙමු.
|
280
කථංකරො හොති සුපණ්ණරාජ, කිංසීලො කෙන වතෙන වත්තං;
සමණො චරං හිත්වා මමායිතානි, කථංකරො සග්ගමුපෙති ඨානං.
|
280
“එම්බා සුපර්ණ රාජය, මේ ශ්‍රමණයා කෙසේ කරන්නෙක්වේද, කෙබඳු සිල් ඇත්තෙක්වේද, කිනම් ව්‍රතයකින් පවත්නේද, ශ්රමණව හැසිරෙමින් මමත්වය කරණ ලද්දවුන් හැර කෙසේ කරන්නෙක් දෙව්ලොවට පැමිණේදැයි නාරජ ඇසීය.
|
281
හිරියා තිතික්ඛාය දමෙනුපෙතො
(දමෙන ඛන්තියා (සී. ස්‍යා. පී.)), අක්කොධනො පෙසුණියං පහාය;
සමණො චරං හිත්වා මමායිතානි, එවංකරො සග්ගමුපෙති ඨානං.
|
281
“යහළු නාරජ ලජ්ජාවෙන්ද ඉවසීමයයි කියනලද ක්‍ෂාන්තියෙන්ද ඉන්ද්රිය දමනයෙන්ද යුක්තවූ නොකිපෙන ස්වභාව ඇත්තේ කේලාම් කීම හැර මමත්වය කරන ලද්දවුන් හැර හැසිරෙන්නේ ශ්‍රමණයා නම්වේ. මෙසේ කරන්නේ දෙව්ලොවට පැමිණේයයි සුපර්ණතෙම කීයේය.
|
282
මාතාව
එවම්පි මෙ ත්වං පාතුරහු දිජින්ද, මාතාව පුත්තං අනුකම්පමානො.
|
282
“යම්සේ මවු සිරුරෙන් හටගත් ළදරු පුත්‍රයා දැක ඔහු සියලු සිරුරෙහි පතුරුවාද, පක්ෂි රාජය, මෙපරිද්දෙන්ම පුතුට අනුකම්පා කරන්නාවූ මවක් මෙන් ඔබ මට පහළ විය. (හෙවත් මා බලා ජීවිතය දෙවයි නාගයා කීයේය.)
|
283
හන්දජ්ජ
අන්තෙවාසී දින්නකො අත්රජො ච, රජ්ජස්සු
(රජස්සු (සී. ස්‍යා. පී.)) පුත්තඤ්ඤතරො මෙ අහොසි.
|
283
“එම්බා නාගය, එහෙනම් අද තෝ වධයෙන් මිදෙව, සමීපයෙහි වාසය කරන්නාය. අනුන් විසින් දෙනලද තැනැත්තාය. තමහට ජාතකවූ තැනැත්තායයි පුත්‍රයෝ තිදෙනෙක්ම වෙත්. ඉන් අන්‍යවූ පුත්‍රයෙක් නම් නැත්තේය. නුඹ මට ඔවුන්ගෙන් එක්තරා පුත්‍රයෙක් වූයේයයි සිත් ඇළුම් කරවයි, සුපර්ණතෙම කීයේය.
|
284
ඉච්චෙව වාක්යං විසජ්ජී සුපණ්ණො, භුම්යං පතිට්ඨාය දිජො දුජිව්හං;
මුත්තජ්ජ ත්වං සබ්බභයාතිවත්තො, ථලූදකෙ හොහි මයාභිගුත්තො.
|
284
“සුපර්ණතෙම මෙසේ මේ වාක්‍ය කියා නාගයා බිම සිටුවා නුඹ අද මිදුනේ සියලු භය ඉක්මවා සිටියේ ගොඩ හා දියෙහි මා විසින් රක්නා ලද්දෙක් වෙව,
|
285
ආතඞ්කිනං යථා කුසලො භිසක්කො, පිපාසිතානං රහදොව සීතො;
වෙස්මං යථා හිමසීතට්ටිතානං
(හිමසිසිරට්ටිතානං (පී.)), එවම්පි තෙ සරණමහං භවාමි.
|
285
“රෝග ඇත්තවුන්ට දක්ෂවූ වෙදෙකු යම්සේද, පැන් බොනු කැමැත්තවුන්ට සිහිල් දිය ඇති විලක් යම්සේද, හිම කාලයෙහි සීතලෙන් පීඩා ඇත්තවුන්ට ගෙයක් යම්සේද, එමෙන්ම තොපට මම පිහිට වෙමියි සුපර්ණතෙම කීයේය.
|
286
සන්ධිං කත්වා අමිත්තෙන, අණ්ඩජෙන ජලාබුජ;
විවරිය දාඨං සෙසි, කුතො තං භයමාගතං.
|
286
“එම්බා නාගරාජය, පසමිතුරුවූ පක්ෂියෙකු හා මිත්‍ර සන්ථානය කොට දළ විවෘත කොට සයනය කෙරෙහිය. කොයින් තට බියක් ආයේදැයි සුපර්ණයා ඇසීය.
|
287
සඞ්කෙථෙව අමිත්තස්මිං, මිත්තස්මිම්පි න විස්සසෙ;
අභයා භයමුප්පන්නං, අපි මූලානි කන්තති.
|
287
“සතුරා කෙරෙහි සැක කටයුතුමය. මිතුරුවූ කල්හිද විශ්වාස නොකටයුතුය. අභය ස්ථානයවූ මිත්‍රයා කෙරෙන් භය උපන්නේ ජීවිත සංඛ්‍යාතවූ මුල්ම සිඳියි.
|
288
කථං නු විස්සසෙ ත්යම්හි, යෙනාසි කලහො කතො;
නිච්චයත්තෙන ඨාතබ්බං, සො දිසබ්භි
(සො දිසම්හි (පී.)) න රජ්ජති.
|
288
“යමෙකු හා කලක කරණ ලද්දේද, ඔහු කෙරෙහි කෙසේනම් විශ්වාස කරන්නේද, නිතර පිළියෙල වී සිටිය යුතුයි. යමෙක් නිතර පිළිවෙළට සිටීනම් හෙතෙම සතුරන් සමග නොඇළෙයි.
|
289
විස්සාසයෙ
තථා
|
289
“විශ්වාසවූ කල්හිද ඔහු විශ්වාස නොකරන්නේය. සැක නොකරණ ලද්දේද, සැක කරණ ලද්දෙක් වන්නේය. නුවණැත්තේ යම් යම් පරිද්දෙකින් උත්සාහ කරන්නේද, ඒ ඒ පරිද්දෙන් අනික් තැනැත්තේ ඔහුගේ ස්වභාවය නොදන්නේයයි නාරජ කීයේය.
|
290
තෙ
උපාගමුං කරම්පියං
(කාදම්බියං (සී.), කාරම්බියං (පී.)) අචෙලං, මිස්සීභූතා අස්සවාහාව නාගා.
|
290
“දෙවියන්ට බඳු වර්ණ ඇත්තාවූ පිරිසිදු පිංකඳු වැනි වූ ඒ පුරුෂ නාගයෝ දෙදෙන එක්ව රථය උසුලන්නාවූ අශ්වයන් දෙදෙනෙකු මෙන් කදම්බිය නම් නිගණ්ඨයා වෙත පැමිණියාහුය.
|
291
තතො හවෙ පණ්ඩරකො අචෙලං, සයමෙවුපාගම්ම ඉදං අවොච;
මුත්තජ්ජහං සබ්බභයාතිවත්තො, න හි
(හ (පී.)) නූන තුය්හං මනසො පියම්හා.
|
291
“ඉක්බිති ඒකාන්තයෙන් පණ්ඩරක නම් නාරජ තෙම අචේලකයා වෙත තෙමේම පැමිණ මෙය කීයේය. අද සියලු භය ඉක්මවූ මිදුනාවූ මම ඒකාන්තයෙන් ඔබගේ සිතට ප්‍රිය නොවීම්දැයි ඇසීය.
|
292
පියො හි මෙ ආසි සුපණ්ණරාජා, අසංසයං පණ්ඩරකෙන සච්චං;
සො රාගරත්තොව අකාසිමෙතං, පාපකම්මං
(පාපං කම්මං (සී. පී.)) සම්පජානො න මොහා.
|
292
“පණ්ඩරක නම් නාගයාට වඩා සුපර්ණ රාජතෙම නිසැකයෙන්ම මට ප්රියවූයේය, යන මෙය සැබව, රාගයෙන් ඇළුනාවූද ඒ මම දැනගෙණම මේ පාප කර්මය කෙළෙමි. මුළාවෙන් නොදැන නොකෙළෙමියි, අචේලකයා කීයේය.
|
293
න මෙ පියං අප්පියං වාපි හොති, සම්පස්සතො ලොකමිමං පරඤ්ච;
සුසඤ්ඤතානඤ්හි වියඤ්ජනෙන, අසඤ්ඤතො ලොකමිමං චරාසි.
|
293
“එම්බා දුශ්ශීල නිගණ්ඨය, මෙලොවද පරලොවද දක්නාවූ පැවිද්දාට වනාහි මට ප්‍රිය හෝ අප්‍රිය හෝ වේයයි අදහසක් නොවේ. ඔබ වනාහි මනා සංයම ඇත්තවුන්ගේ ආකාරයෙන් සංයම නැතිව මේ ලෝකය මුළා කරමින් හැසිරෙන්නෙහිය.
|
294
අරියාවකාසොසි අනරියොවාසි
(අනරියො චාසි (සී. පී.)), අසඤ්ඤතො සඤ්ඤතසන්නිකාසො;
කණ්හාභිජාතිකොසි
|
294
“ආර්ය්යයෙකුට බඳු ස්වභාව ඇත්තෙහිය. එතකුදු වුවත් අනාර්ය්යයෙක්ද වෙහිය. සංයම නැත්තේ සංයම ඇත්තෙකු බඳුවෙහිය. තෘෂ්ණා ස්වභාව ඇත්තෙහිය. ලජ්ජා නැති ස්වභාව ඇත්තේ ලාමකවූ බොහෝ දුශ්චරිත කෙළේයයි නාරජතෙම නින්දා කෙළේය.
|
295
අදුට්ඨස්ස තුවං දුබ්භි, දුබ්භී
(දූභි, දූභී (පී.)) ච පිසුණො චසි;
එතෙන සච්චවජ්ජෙන, මුද්ධා තෙ ඵලතු සත්තධා.
|
295
“එම්බා නිගණ්ඨය, මිත්රද්රෝහිවූ නුඹ දූෂ්‍ය නොකළාවූ මිත්‍රයාට ද්‍රෝහ කෙළේද වෙහිය. කේලාම් කියන්නෙක්ද වූයෙහිය. මේ සත්‍ය වචනය කරණකොටගෙණ තොපගේ මස්තකය සත් කඩක්ව පැලේවායි නාරජ ශාප කෙළේය.
|
296
තස්මා හි මිත්තානං න දුබ්භිතබ්බං, මිත්තදුබ්භා
(මිත්තදුබ්භා හි (ස්‍යා.)) පාපියො නත්ථි අඤ්ඤො;
ආසිත්තසත්තො නිහතො පථබ්‍යා, ඉන්දස්ස වාක්යෙන හි සංවරො හතොති.
|
296
“මේ ලෝකයෙහි යම්හෙයකින් මිත්‍රද්‍රෝහි කර්මයට වඩා ලාමකවූ අන් කර්මයෙක් නැත්තේද, එහෙයින් මිත්‍රයන්ට ද්‍රෝහ නොකටයුතුයි. ඉසිනලද විෂයෙන් සත්වතෙම නැසුනාක්මෙන් නාරජහුගේ සත්‍ය ක්‍රියාවෙන් සංවරයෙහි සිටි නිගණ්ඨතෙම නැසුනේයයි වදාළේය.”
|
519. සම්බුලාජාතකං (9) | 519. සම්බුලා ජාතකය |
297
කා
පුට්ඨාසි මෙ පාණිපමෙය්යමජ්ඣෙ, අක්ඛාහි මෙ නාමඤ්ච බන්ධවෙ ච.
|
297
“වටවූ ඌරු (කලවා) යුග්මයක් ඇත්තීය, මේ පර්වත කඳු රැළියෙහි සීතලින් වෙව්ලමින් එකළාව සිටින්නෙහිය. තී කවර තැනැත්තියක්ද, මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තීය, මා විසින් විචාරණ ලද්දීවෙහිය. තීගේ නමද නෑයන්ද මට කියව.
|
298
ඔභාසයං වනං රම්මං, සීහබ්යග්ඝනිසෙවිතං;
කා වා ත්වමසි කල්‍යාණි, කස්ස වා ත්වං සුමජ්ඣිමෙ;
අභිවාදෙමි තං භද්දෙ, දානවාහං නමත්ථු තෙ.
|
298
“සුන්දරිය, සිංහ ව්‍යාඝ්‍රයන් විසින් සේවනය කරණ ලද සිත්කළුවූ මේ වනය බබුළුවමින් සිටින්නාවූ තී කවර තැනැත්තියක් හෝ වෙහිද, මනා මැද පෙදෙස් ඇත්තිය, තී කවරෙකුගේ නෑ තැනැත්තියක් හෝ වෙහිද, සොඳුර, තිට වඳිමි මම අසුරයෙක්මි. තිට නමස්කාර වේවායි. අසුරයා කීයේය.
|
299
යො පුත්තො කාසිරාජස්ස, සොත්ථිසෙනොති තං විදූ;
තස්සාහං සම්බුලා භරියා, එවං ජානාහි දානව;
අභිවාදෙමි
|
299
“අසුරය, කශී රජහුගේ යම් පුත්රයෙක්වේද, සොත්ථි සේනයයි ඔහු දනිත්. මම ඔහුගේ භාර්ය්යාවූ සම්බුලා නම් වෙමි. මෙසේ දැනගණුව, වඳිමි. තට යහපතක් වේවා මම සම්බුලා නම් වෙමි. තට නමස්කාර වේවා.
|
300
වෙදෙහපුත්තො
තමහං රොගසම්මත්තං, එකා එකං උපට්ඨහං
(උපට්ඨහිං (සී.)).
|
300
“තට යහපතක්වේවා, වේදෙහි පුත්‍රතෙම රෝගාතුරව වනයෙහි වෙසෙයි. එකළාවූ මම රෝගයෙන් පෙළුනාවූ එකළාව උන් ඔහුට උපස්ථාන කෙළෙමි
|
301
අහඤ්ච වනමුඤ්ඡාය, මධුමංසං මිගාබිලං
(මිගාවිලං (සී.));
යදා හරාමි තං භක්ඛො, තස්ස නූනජ්ජ නාධති
(නාථති (ක.)).
|
301
“මමද වනයෙහි ඇවිද සොයාගෙණ මී හා මෘගයන් කා ඉතිරි කළ මස්ද යම් කලක හැරගෙණයම්ද, එය අනුභව කරන්නේවෙයි. ඔහුට අද ඒකාන්තයෙන් එය නොලැබී තැවේයයි (සම්බුලාව කීය.)
|
302
කිං වනෙ රාජපුත්තෙන, ආතුරෙන කරිස්සසි;
සම්බුලෙ පරිචිණ්ණෙන, අහං භත්තා භවාමි තෙ.
|
302
“සම්බුලාවෙනි, රෝගාතුරවූ දිරීමට පත්වූ ඒ රාජ පුත්‍රයා සමග වනයෙහි කුමක් කරන්නෙහිද, මම තිට ස්වාමි පුරුෂයාවෙමියි (අසුරයා කීයේය.)
|
303
සොකට්ටාය දුරත්තාය, කිං රූපං විජ්ජතෙ මම;
අඤ්ඤං පරියෙස භද්දන්තෙ, අභිරූපතරං මයා.
|
303
“ශෝකයෙන් පීඩිතවූ දුර්ගතවූ ශරීර ඇති මාගේ කවර රූපයක් විද්යමානවේද, අසුරය තට යහපතක්වේවා මට වඩා විශිෂ්ට රූ ඇති අන් අඟනක් සොයාගණුවයි (සම්බුලාව කීය.)
|
304
එහිමං ගිරිමාරුය්හ, භරියා මෙ
(මය්හං (සී. ස්‍යා. පී.)) චතුස්සතා;
තාසං ත්වං පවරා හොහි, සබ්බකාමසමිද්ධිනී.
|
304
“සුන්දරිය, එව මේ පර්වතයට නැගෙව, මාගේ භාර්‍ය්‍යාවෝ සාර සියයක් වෙත්. සියලු කාමසම්පත්තීන් සමෘද්ධවූ තී ඔවුන්ට ප්‍රධාන වෙව,
|
305
නූන
(නනු (සී. ස්‍යා. පී. ක.)) තාරකවණ්ණාභෙ
(හාටකවණ්ණාභෙ (පී.)), යං කිඤ්චි මනසිච්ඡසි;
සබ්බං තං පචුරං මය්හං, රමස්ස්වජ්ජ
(රමසුජ්ජ (සී. ස්‍යා.)) මයා සහ.
|
305
“තාරකාබඳු ආලෝක ඇත්තිය, යම්කිසිවක් සිත කැමැත්තෙහිද, ඒ සියල්ල ඒකාන්තයෙන් මට බොහෝවේ. අද මා සමග අභිරමණය කරව,
|
306
නො චෙ තුවං මහෙසෙය්යං, සම්බුලෙ කාරයිස්සසි;
අලං ත්වං පාතරාසාය, පණ්හෙ
(මඤ්ඤෙ (සී. පී.)) භක්ඛා භවිස්සසි.
|
306
“සම්බුලාව ඉදින් නුඹ මාගේ මෙහෙසි බව නො කරන්නෙහි නම් උදෑසන ආහාරය පිණිස සුදුසුය මාගේ කෑ යුත්ත වන්නෙහියයි හඟිමි.
|
307
තඤ්ච
වනෙ නාථං අපස්සන්තිං, සම්බුලං අග්ගහී භුජෙ.
|
307
“ජටා සතක් ඇති රෞද්‍රවූ පිඟුවන්වූ මිනිසුන් කන්නාවූ රකුසුතෙම වනයෙහි පිහිටක් නොදක්නාවූ ඒ සම්බුලාවද අත අල්වාගත්තේය.
|
308
අධිපන්නා පිසාචෙන, ලුද්දෙනාමිසචක්ඛුනා;
සා ච සත්තුවසම්පත්තා, පතිමෙවානුසොචති.
|
308
“රෞද්‍රවූ ක්ලෙශ වශයෙන් ආමිෂයෙහි ලොල්වූ ඇස් ඇති පිශාචයා විසින් යටත් කරණලද සතුරාගේ වසඟයට පැමිණියාවූ ඒ සම්බුලාවද ස්වාමියා අනුවම ශොක කරයි
|
309
න මෙ ඉදං තථා දුක්ඛං, යං මං ඛාදෙය්ය රක්ඛසො;
යඤ්ච
|
309
“මාගේ ස්වාමි පුත්‍රයාගේ සිත අන්පරිද්දකින් වන්නේයයි යම්බඳු දුකක්වේද, රාක්ෂස තෙම මා කන්නේය යන යම් දුකක් වේනම් මෙය මට එබඳු දුකක් නොවේ.
|
310
න සන්ති දෙවා පවසන්ති නූන, න හි නූන සන්ති ඉධ ලොකපාලා;
සහසා කරොන්තානමසඤ්ඤතානං, න හි නූන සන්ති පටිසෙධිතාරො.
|
310
“මේ ලෝකයෙහි දෙවියෝ නැත්තාහ. ඒකාන්තයෙන් අධිගෘහිතව වාසය නොකරත්. ඒකාන්තයෙන් ලොව රක්නාවූ දෙවියෝ නැත්තාහුය. දරුණුකම් කරන්නාවූ සංයම නැත්තවුන් වළකන්නාහු ඒකාන්තයෙන් නොම ඇත්තාහුයයි (සම්බුලා තොමෝ වැළපුනාය.)
|
311
ඉත්ථීනමෙසා පවරා යසස්සිනී, සන්තා සමා අග්ගිරිවුග්ගතෙජා;
තඤ්චෙ තුවං රක්ඛසාදෙසි කඤ්ඤං, මුද්ධා ච හි සත්තධා තෙ ඵලෙය්ය;
මා ත්වං දහී
(ජහී (පී.)) මුඤ්ච පතිබ්බතාය
(පතිබ්බතා සා (සී.), පතිබ්බතා යා (පී.)).
|
311
“මෝතොමෝ යශස් ඇත්තාවූ ශාන්තවූ විෂමාචාර නැත්තාවූ ගින්නක්මෙන් උග්‍රතේජස් ඇත්තාවූ ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියෙකි. රාක්ෂසය, තෝ ඉදින් ඒ කන්‍යා ස්ත්‍රිය කරන්නෙහි නම් තාගේ මුදුන සත්කඩක්ව පැලෙන්නේය. තෝ මේ පතිව්රතාව නොදවව, මුදාහරුව, ඕතොමෝ පතීව්රතාවකැයි (ශක්‍ර තෙම කීයේය.)
|
312
සා ච අස්සමමාගච්ඡි, පමුත්තා පුරිසාදකා;
නීළං
(නිඩ්ඩං (ස්‍යා. ක.)) පළිනං සකුණීව
(ඵලිනසකුණීව (සී. ස්‍යා. පී.)), ගතසිඞ්ගංව ආලයං.
|
312
“රකුසාකෙරෙන් මිදුනාවූ ඒ සම්බුලාවද ගොදුරු ගෙණ එන්නාවූ පක්ෂිධෙනුවක් කැදැල්ලට එන්නාක් මෙන්ද නික්ම ගියාවූ වස්සා ඇති ගවගාලට එන්නාවූ ධෙනුවක් මෙන්ද අසපුවට ආයේය.
|
313
සා තත්ථ පරිදෙවෙසි, රාජපුත්තී යසස්සිනී;
සම්බුලා උතුමත්තක්ඛා, වනෙ නාථං අපස්සන්තී
(අපස්සතී (සී.)).
|
313
“ශෝකයෙන් හටගත් උණුසුමෙන් මත්වූ ඇස් ඇති යශස් ඇති සම්බුලානම් ඒ රාජ පුත්‍රී තොමෝ ඒ වනයෙහි ස්වාමියා නොදක්නී වැළපුනීය.
|
314
සමණෙ
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි
(තුම්හං හි (පී.)) සරණං ගතා.
|
314
“ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ඍෂිවරයන්ද මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නී මම නුඹ වහන්සේලාගේ සරණ ගියාවෙමි.
|
315
වන්දෙ සීහෙ ච බ්යග්ඝෙ ච, යෙ ච අඤ්ඤෙ වනෙ මිගා;
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි සරණං ගතා.
|
315
“සිංහයන්ද ව්යාඝ්රයන්ද වනයෙහි සෙසු යම් මෘග කෙනෙක් ඇත්නම් ඔවුන්ද වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම තොපගේ සරණ ගියාවෙමි.
|
316
තිණා
(තිණ (පී.)) ලතානි ඔසධ්යො, පබ්බතානි වනානි ච;
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි සරණං ගතා.
|
316
“තෘණ වර්ගද ලතා වර්ගද ඖෂධ ජාතීහුද පර්වතයන්ද වනයන්ද මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම තොපගේ සරණ ගියාවෙමි.
|
317
වන්දෙ
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි සරණං ගතා.
|
317
“නිළුපුල් බඳු වර්ණ ඇති තාරකා මාලාවන් ගෙන් යුක්තවූ රාත්රියද මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම තීද සරණ කොට ගියාවෙමි.
|
318
වන්දෙ භාගීරථිං ගඞ්ගං, සවන්තීනං පටිග්ගහං;
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි සරණං ගතා.
|
318
“සෙසු ගංගා වන්ගේ ජලය පිළිගන්නාවූ භාගීරථි නම් ගංගාව මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම ඔබගේද සරණ ගියාවෙමි.
|
319
වන්දෙ අහං පබ්බතරාජසෙට්ඨං, හිමවන්තං සිලුච්චයං;
රාජපුත්තං අපස්සන්තී, තුම්හංම්හි සරණං ගතා.
|
319
“හිමවත් පර්වත නම්වූ උතුම්වූ පර්වත රාජයා මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම ඔබගේද සරණ ගියා වෙමියි. සම්බුලා තොමෝ වැළපුනාය.
|
320
අතිසායං වතාගච්ඡි, රාජපුත්ති යසස්සිනි;
කෙන නුජ්ජ සමාගච්ඡි
(සමාගච්ඡි (සී. පී.)), කො තෙ පියතරො මයා.
|
320
“යශස් ඇත්තාවූ රාජපුත්‍රිය, ඒකාන්තයෙන් තී අද ඉතා සවස්ව ආයෙහිය. අද කවරෙකු හා එක්වූයෙහිද, තිට මට වඩා ඉතා ප්‍රියවූ කවරෙක් ඇත්තේදැයි (රාජපුත්‍ර තෙම ඇසීය.)
|
321
ඉදං ඛොහං තදාවොචං
(තදවොචං (සී. ස්‍යා.)), ගහිතා තෙන සත්තුනා;
න මෙ ඉදං තථා දුක්ඛං, යං මං ඛාදෙය්ය රක්ඛසො;
යඤ්ච මෙ අය්යපුත්තස්ස, මනො හෙස්සති අඤ්ඤථා.
|
321
“ඒ සතුරුවූ රකුසා විසින් අල්වා ගන්නාලද මම වනාහි ඔහුට මෙය කීවෙමි. මාගේ ආර්‍ය්‍ය පුත්‍රයාගේ සිත අන් පරිද්දෙකින් වන්නේයයි යම් දුකක්වේද, රාක්ෂස තෙම මා කන්නේය යන යමක්වේ නම් මෙය මට එබඳු දුකක් නොවේයයි කීවෙමි
|
322
චොරීනං බහුබුද්ධීනං, යාසු සච්චං සුදුල්ලභං;
ථීනං භාවො දුරාජානො, මච්ඡස්සෙවොදකෙ ගතං.
|
322
“සෙරවූ බොහෝ අදහස් ඇත්තාවූ යම් ස්ත්‍රීහු වෙද්ද, ඔවුන් කෙරෙහි සත්‍ය වචනය ඉතා දුර්ලභවේ. ස්ත්රීන්ගේ අදහස මත්ස්‍යයාගේ දියෙහි ගමන් මාර්ගය මෙන් දැනීමට දුෂ්කරයයි (රාජපුත්‍රතෙම කීයේය.)
|
323
තථා මං සච්චං පාලෙතු, පාලයිස්සති චෙ මමං;
යථාහං නාභිජානාමි, අඤ්ඤං පියතරං තයා;
එතෙන සච්චවජ්ජෙන, බ්යාධි තෙ වූපසම්මතු.
|
323
“යම්සේ මම ඔබට වඩා ඉතා ප්‍රියවූ අන්‍යයෙකු නොදනිමියි කියම්ද, ඉදින් එසේ මාගේ සත්‍යය රක්නේ නම්, සත්‍ය තෙමේ මා රකීවා මේ සත්‍ය වචනය කරණකොට ගෙණ ඔබගේ ව්‍යාධිය සංසිඳේවායි (සම්බුලා තොමෝ සත්‍ය ක්‍රියා කළාය.)
|
324
යෙ කුඤ්ජරා සත්තසතා උළාරා, රක්ඛන්ති රත්තින්දිවමුය්යුතාවුධා;
ධනුග්ගහානඤ්ච සතානි සොළස, කථංවිධෙ පස්සසි භද්දෙ සත්තවො.
|
324
“සොඳුරු සම්බුලාවෙනි, අපගේ යම් සත්සියයක් හස්තීහුද ඔවුන් පිට නැඟී අවි දරන්නාහුද ධනුර්ධරයන් සොළොස් සියයක්ද මෙනුවර රකිත්. එසේ කල්හි තී කෙබඳු සතුරන් දක්නෙහිදැයි, රජතවුස් තෙම ඇසීය.
|
325
අලඞ්කතායො
තාසං සුණිත්වා මිතගීතවාදිතං
(මිතගීතවාදිනං (පී.)), න දානි මෙ තාත තථා යථා පුරෙ.
|
325
“පියුම් ගැබ බඳු සෝභාවත් මතුපිට සිවිය ඇත්තාවූ අලංකාරයෙන් සැරසුනාවූ කෘෂ මධ්‍ය ශරීර ඇත්තාවූ හංස ධෙනුන්ගේ මෙන් මිහිරි ස්වර ඇත්තාවූ ස්ත්‍රීන් බබළයි. ඔබගේ ඒ පුත්‍රතෙම ඔවුන්ගේ මිහිරිවූ ගීත වාදිතය අසා පියාණෙනි, පෙර යම්සේද, දැන්මට එසේ නොපවතියි.
|
326
සුවණ්ණසංකච්චධරා
සෙනොපියා
(සෙනූපියා (පී.)) තාත අනින්දිතඞ්ගියො, ඛත්තියකඤ්ඤා පටිලොභයන්ති
(පටිලාභයන්ති (පී.)) නං.
|
326
“පියාණෙනි, ස්වර්ණයෙන් සකස් කරණලද ආභරණ දරන්නාවූ අලංකාර කරණලද මනා සිරුරු ඇත්තාවූ මිනිස් දෙවඟනන් බඳුවූ සොත්ථිසේන රජහට ප්‍රියවූ නින්දා නො කරණලද ශරීරාවයව ඇත්තාවූ ක්ෂත්රිය කන්‍යාවෝ ඔහු පොළඹවත්.
|
327
සචෙ අහං තාත තථා යථා පුරෙ, පතිං තමුඤ්ඡාය පුනා වනෙ භරෙ;
සම්මානයෙ මං න ච මං විමානයෙ, ඉතොපි මෙ තාත තතො වරං සියා.
|
327
“පියාණෙනි, ඉදින් මම පෙර මෙන් නැවතද වනයෙහි සිඟා හැසිරීමෙන් ඒ ස්වාමියා පෝෂණය කරන්නෙම් නම් මට බුහුමන් කරන්නේය. අවමන් නොකරන්නේය. ඒ කාරණයෙන්ද පියාණෙනි, මට මෙයට වඩා එය අරණ්‍යය උතුම් වන්නේය.
|
328
යමන්නපානෙ
සබ්බඞ්ගුපෙතා
(පඤ්චඞ්ගුපෙතා (සී. ස්‍යා. පී.)) පතිනො ච අප්පියා, අබජ්ඣ
(අවජ්ඣ (ස්‍යා.), ආබජ්ඣ (පී.)) තස්සා මරණං තතො වරං.
|
328
“ආහාර පානය බොහෝකොට පිළියෙලවූ ගෘහයෙහි යම් ස්ත්‍රියක් තොමෝ විශේෂයෙන් සැරසුනාවූ අබරණ ඇත්තී සියලු ගුණාංගයෙන් යුක්තවූවා ස්වාමියාට ප්‍රිය නොවන්නීද, ඈට ගෙළ වැළ බැඳ ගෙණ මැරීම ඒ ගෘහ වාසයට වඩා උතුම්වේ.
|
329
අපි චෙ දලිද්දා කපණා අනාළ්හියා, කටාදුතීයා පතිනො ච සා පියා;
සබ්බඞ්ගුපෙතායපි අප්පියාය, අයමෙව
|
329
“තවද දිළිඳුවූ බැගෑපත්වූ සහල් නැලියක්වත් නැත්තාවූ නිදන කළාල දෙවෙනිකොට ඇත්තාවූ යම් ස්ත්‍රියක් තොමෝ ඉදින් ස්වාමියාට ප්‍රිය වන්නීනම් සියලු ගුණාංගයෙන් යුක්තවූද, ස්වාමියාට අප්‍රියවූ මේ රාජ්යසැපතට වඩා ස්වාමියාට ප්‍රියවූ දිළිඳුවූද මෝතොමෝ උතුම් වන්නීයයි සම්බුලා තොමෝ කීවාය.
|
330
සුදුල්ලභිත්ථී පුරිසස්ස යා හිතා, භත්තිත්ථියා දුල්ලභො යො හිතො ච;
හිතා ච තෙ සීලවතී ච භරියා, ජනින්ද ධම්මං චර සම්බුලාය.
|
330
“පුත්‍රය, යම් ස්ත්‍රියක් තොමෝ පුරුෂයාට හිත ඇත්තීද, එබඳු ස්ත්‍රීහුද දුර්ලභවෙත්. යම් පුරුෂයෙක් තෙම ස්ත්‍රිය කෙරෙහි භක්ති ඇත්තේ හිතවත්වේද, එබඳු පුරුෂයෙක්ද දුර්ලභවේ. මේ සම්බුලානම් භාර්‍ය්‍යා තොමෝ තොපට හිත ඇත්තීද, සිල් ඇත්තීදවේ. මහරජ, එහෙයින් සම්බුලාව සමග දැහැමින් වාසය කරවයි, තාපසවූ පිය රජතෙම අවවාද කෙළේය.
|
331
සචෙ තුවං විපුලෙ ලද්ධභොගෙ, ඉස්සාවතිණ්ණා මරණං උපෙසි;
අහඤ්ච තෙ භද්දෙ ඉමා රාජකඤ්ඤා
(ඉමා ච කඤ්ඤා (පී.)), සබ්බෙ
(සබ්බෙව (සී. ස්‍යා. පී.)) තෙ වචනකරා භවාමාති.
|
331
“සොඳුර සම්බුලාවෙනි, ඉදින් නුඹ මහත්වූ ලබන ලද සම්පත් ඇති කල්හි ඊෂ්‍යාවට බැස ගත්තී මරණයට පැමිණෙන්නෙහිද, මමද මේ රාජ කන්‍යාවෝද යන ඒ සියල්ලෝම තොපගේ වචනය කරන්නාහු වෙමුයි. (රජ තෙම සියලු සම්පත් ඇයට බාර කෙළේය” යි වදාළේය.)
|
520. ගන්ධතින්දුකජාතකං (10) | 520. ගණ්ඩතින්දුක ජාතකය |
332
අප්පමාදො
අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.
|
332
“ප්‍රමාද නොවීම නිවනට කරුණු වේ ප්‍රමාදවීම මරණයට කරුණුවේ. අප්‍රමාද වූවාහු නොමියනු ලබත්. මහරජ, යම් කෙනෙක් ප්‍රමාද වූවාහුද, ඔව්හු මළවුන්වැනි වෙත්.
|
333
මදා පමාදො ජායෙථ, පමාදා ජායතෙ ඛයො;
ඛයා පදොසා
(ඛයා ච දොසා (සී.)) ජායන්ති, මා පමාදො
(මා මදො (සී. ස්‍යා. පී.)) භරතූසභ
(භාරධූසභ (ක.)).
|
333
මහරජ, ත්‍රිවිධ මදයෙන් ප්‍රමාදය හටගනියි, ප්‍රමාද හේතුවෙන් විනාශය හටගණියි. විනාශ හේතුවෙන් ද්වේෂයෝ හටගණියි. එබැවින් මදයට නොපැමිණේවා.
|
334
බහූ හි ඛත්තියා ජීනා, අත්ථං රට්ඨං පමාදිනො;
අථොපි ගාමිනො ගාමා, අනගාරා අගාරිනො.
|
334
ප්‍රමාදවූ බොහෝ රජදරුවෝ ධනයද රටද යන මෙයින් පිරිහුනාය. තවද යම් අධිපතීහු ගමින් පිරිහුනාය. ප්‍රව්‍රජිතයෝ පැවිදි පිළිවෙතින් පිරිහුනාහුය.
|
335
ඛත්තියස්ස පමත්තස්ස, රට්ඨස්මිං රට්ඨවඩ්ඪන;
සබ්බෙ භොගා විනස්සන්ති, රඤ්ඤො තං වුච්චතෙ අඝං.
|
335
රට වර්ධනය කරන්නාවූ මහරජ, ප්‍රමාදවූ රජහුගේ රටෙහි සියලු සම්පත් විනාශවෙත්. රජුට එය දුකයයි කියනු ලැබේ,
|
336
නෙස
ඉද්ධං ඵීතං ජනපදං, චොරා විද්ධංසයන්ති නං.
|
336
මහරජ, සීමාව ඉක්මවා ප්‍රමාද වන්නෙහි නම් මෙතෙම පැරණි රජුන්ගේ ධර්මය නොවේ සමෘද්ධවූද සම්පත්තීන් පිරුණාවූද ඒ ජනපදය සොරු විනාශ කෙරෙත්.
|
337
න තෙ පුත්තා භවිස්සන්ති, න හිරඤ්ඤං න ධානියං
(න හිරඤ්ඤනිධානියා (ක.));
රට්ඨෙ විලුප්පමානම්හි, සබ්බභොගෙහි ජිය්යසි.
|
337
ඒ ප්‍රවේනි රක්නා පුත්‍රයෝ නොවන්නාහ. හිරණ්යාදී ධනය නොවන්නේය. ඇල් හා සෙසු වී ආදී ධාන්‍යය නොවන්නේය. රට පැහැර ගනු ලබන කල්හි සියලු සම්පත් වලින් පිරිහෙන්නේය.
|
338
සබ්බභොගා පරිජිණ්ණං, රාජානං වාපි ඛත්තියං
(ඛත්තිය (ක.));
ඤාතිමිත්තා සුහජ්ජා ච, න තං මඤ්ඤන්ති මානියං
(මන්තියං (ස්‍යා.)).
|
338
“සියලු සම්පතින් පිරිහුනු ක්ෂත්රිය රජවූද ඔහු නෑයෝද මිත්‍රයෝද යහළුවෝද බුහුමන් කටයුතුයයි නොහඟිත්.
|
339
හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා;
තමෙවමුපජීවන්තා, න තං මඤ්ඤන්ති මානියං.
|
339
“ඇතරුවෝද, සේනාවන්හි වූවෝද, රථිකයෝද, පාබලසේනාවෝද යන ඔහු අනුව ජීවත්වන්නාහු ඔහුට බුහුමන් කටයුතුයයි නොහඟිත්.
|
340
අසංවිහිතකම්මන්තං, බාලං දුම්මන්තිමන්තිනං;
සිරී ජහති දුම්මෙධං, ජිණ්ණංව උරගො තචං.
|
340
“මනාව විධාන නොකරණලද කර්මාන්ත ඇති අඥානවූ නපුරු මන්ත්‍රණ ඇති මන්ත්‍රීන්ගෙන් යුක්තවූ නුවණ නැති ඔහු සර්පතෙම දිරාගිය හැව දමන්නාක් මෙන් ලක්ෂ්මී තොමෝ හැර දමයි.
|
341
සුසංවිහිතකම්මන්තං
සබ්බෙ භොගාභිවඩ්ඪන්ති, ගාවො සඋසභාමිව.
|
341
“මනාව විධාන කරණ ලද කර්මාන්ත ඇති සුදුසු කල්හි වීර්‍ය්‍ය කරණ සුළුවූ අනලස්වූ රජුට සියලු සම්පත් වෘෂභයා සහිත ගවයන් මෙන් අභිමුඛ වෙමින් වැඩෙත්.
|
342
උපස්සුතිං මහාරාජ, රට්ඨෙ ජනපදෙ චර;
තත්ථ දිස්වා ච සුත්වා ච, තතො තං
(ත්වං (ක.)) පටිපජ්ජසි.
|
342
“මහරජ, රටෙහිද, දනව්වෙහිද, පැවතුම් ඇසීමෙහි හැසිරෙව, එහි දැකද අසාද, ඉන්පසු එය පිළිපදින්නෙහියයි (රුක් දෙවියා අවවාද කෙළේය.)
|
343
එවං වෙදෙතු පඤ්චාලො, සඞ්ගාමෙ සරමප්පිතො
(සමප්පිතො (සී. පී.));
යථාහමජ්ජ වෙදෙමි, කණ්ටකෙන සමප්පිතො.
|
343
“යම්සේ අද මම කටුවකින් මිදුනා ලද්දේ දුක් විඳිම්ද, මෙසේ පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හීයෙන් විදුනා ලද්දේ දුක් විඳියි (එක්තරා ගම්වැසි මහළු මිනිහෙක් කීයේය.)
|
344
ජිණ්ණො
කිං තත්ථ බ්රහ්මදත්තස්ස, යං තං මග්ගෙය්ය
(මග්ඝෙය්ය (පී.)) කණ්ටකො
(කණ්ඩකො (සී. ස්‍යා. පී.)).
|
344
“එම්බා මහළු පුරුෂය, නුඹ ජරාවට පැමිණියේ දුර්වලවූ ඇස් ඇත්තෙහිය. රූපය මනාකොට නොදක්නෙහිය. කටුවක් හැනුනේය යන ඒ යමක් වේද, එහි බඹදත් රජුගේ කිනම් දෝෂයක්දැයි පුරෝහිත තෙම ඇසීය.
|
345
බහ්වෙත්ථ බ්රහ්මදත්තස්ස, සොහං
(යොහං (සී. ස්‍යා. පී.)) මග්ගස්මි
(මග්ගොස්මි (පී.)) බ්‍රාහ්මණ;
අරක්ඛිතා
|
345
“බ්‍රාහ්මණය, යම්බඳුවූ මම කටු ඇති මාර්ගයෙහි කටු ඇනුනෙම්ද, මෙහි එබඳුවූ බඹදත් රජහුගේ බොහෝවූ දෝෂයෝ වෙත්. නොරක්නාලද ජනපදයෝ වෙත්. අධාර්මික අයබදු ගැණීමෙන් නසන ලද්දාහුය.
|
346
රත්තිඤ්හි
(රත්තිඤ්ච (සී.)) චොරා ඛාදන්ති, දිවා ඛාදන්ති තුණ්ඩියා;
රට්ඨස්මිං කූටරාජස්ස, බහු අධම්මිකො ජනො.
|
346
“රාත්‍රි කාලයෙහිද සොරු පැහැර ගණිත්. දහවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගණිත්. පවිටු රජහුගේ රටෙහි අධාර්මික ජනතෙම බහුලවේ.
|
347
එතාදිසෙ භයෙ ජාතෙ
(තාත (සී. පී.)), භයට්ටා තාත
(තාව (සී. පී.)) මාණවා;
නිල්ලෙනකානි කුබ්බන්ති, වනෙ ආහත්ව කණ්ටකං.
|
347
“පියාණෙනි, මෙබඳු භය ඇතිකල්හි භයින් පීඩිතවූ මිනිස්සු කටුගෙණවුත් දොරටු අවුරා ගෙවල්හැර ගොස් වනයෙහි සැඟවිය යුතු තැන් සාදාගනිත්යයි (මහළු මිනිසා කීයේය.)
|
348
කදාස්සු නාමයං රාජා, බ්රහ්මදත්තො මරිස්සති;
යස්ස රට්ඨම්හි ජිය්යන්ති, අප්පතිකා කුමාරිකා.
|
348
“යම් රජෙකුගේ රටෙහි ස්වාමීයන් නැත්තාවූ තරුණියෝ මහළු බවට යෙද්ද, ඒ මේ බ්‍රහ්මදත්ත රජ තෙම කවර කලෙක්හි නම් මැරෙන්නේදැයි (එක්තරා දිළිඳු ස්ත්‍රියක් නින්දා කරමින් කීවාය.)
|
349
දුබ්භාසිතඤ්හි තෙ ජම්මි, අනත්ථපදකොවිදෙ;
කුහිං රාජා කුමාරීනං, භත්තාරං පරියෙසති.
|
349
“අනර්ථ පද කීමෙහි දක්ෂවූ ජඩතැනැත්තිය, තී විසින් නපුරක්ම කියනලදී. කොතැන්හි රජතෙම දැරියන්ට ස්වාමියෙකු සොයාදැයි (පුරෝහිතයා ඇසීය.)
|
350
න මෙ දුබ්භාසිතං බ්රහ්මෙ, කොවිදත්ථපදා අහං;
අරක්ඛිතා ජානපදා, අධම්මබලිනා හතා.
|
350
“බ්‍රාහ්මණය, මා විසින් නපුරක් නොකියන ලදී. මම අර්ථ පද කීමෙහි දක්ෂවෙමි. මේ රජ විසින් දනව් වැස්සෝ නොරක්නා ලද්දාහුය. අධර්මවූ අයබදු ගැනීමෙන් නසන ලද්දාහුය.
|
351
රත්තිඤ්හි
රට්ඨස්මිං කූටරාජස්ස, බහු අධම්මිකො ජනො;
දුජ්ජීවෙ දුබ්භරෙ දාරෙ, කුතො භත්තා කුමාරියො.
|
351
“රාත්‍රියෙහිද සොරු පැහැර ගනිත්. දාවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගණිත්. පවිටු රජහුගේ රටෙහි අධාර්මික ජනයා බහුලවේ. දුකසේ ජීවිකාව කරන්නාවූ භාර්ය්යාවත් දුකසේ පෝෂණය කරන්නාවූ රටෙහි ළදැරියෝ කොයින් ස්වාමියෙකු ලබන්නාහුදැයි (මහළු ස්ත්‍රී කීවාය.)
|
352
එවං සයතු පඤ්චාලො, සඞ්ගාමෙ සත්තියා හතො;
යථායං කපණො සෙති, හතො ඵාලෙන සාලියො.
|
352
“යම්සේ මේ සාළිය නම් ගවතෙම සීවැලින් හැනුනේ බැගෑපත්ව සයනය කෙරේද, මෙපරිද්දෙන්ම පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හෙල්ලකින් අනින ලද්දේ සයනය කෙරේවායි (ගොවියෙක් ආක්‍රොශ කෙළේය.)
|
353
අධම්මෙන තුවං ජම්ම, බ්රහ්මදත්තස්ස කුජ්ඣසි;
යො ත්වං සපසි රාජානං, අපරජ්ඣිත්වාන අත්තනො
(අත්තනා (පී.)).
|
353
“ජඩවූ කර්ෂකය, යම්බඳුවූ තෝ තුමූම අපරාධය කොට රජුට ශාප කරන්නෙහිද, එබඳුවූ තෝ බ්‍රහ්මදත්ත රජුට නිකරුනේ කිපුනෙහියයි (පුරෝහිතයා කීයේය.)
|
354
ධම්මෙන බ්රහ්මදත්තස්ස, අහං කුජ්ඣාමි බ්‍රාහ්මණ;
අරක්ඛිතා ජානපදා, අධම්මබලිනා හතා.
|
354
“බ්‍රාහ්මණය, මම බඹදත් රජුට කරුණු ඇතිව කිපුනෙමි. රජු විසින් දනව් වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්මය අයබදු ගැණීමෙන් පෙළන ලද්දාහ.
|
355
රත්තිඤ්හි
රට්ඨස්මිං කූටරාජස්ස, බහු අධම්මිකො ජනො.
|
355
“රාත්‍රියෙහිද සොරු පැහැර ගනිත්. දාවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පවිටු රජහුගේ රාජ්‍යයෙහි අධාර්මික ජනයා බහුලවේ.
|
356
සා
භත්තහාරිං අපෙක්ඛන්තො, හතො ඵාලෙන සාලියො.
|
356
“ඒ මාගේ භාර්‍ය්‍යා තොමෝ දෙවනු පියන ලද්දීයයි සිතමි, එහෙයින් විකාලයෙහි බත් ගෙණායේය. බත් ගෙනෙන තැනැත්තිය අපේක්ෂා කරමින් කෙවිටි කෙළෙමි. එහෙයින් සාලිය නම් මේ ගවතෙම සී වැලින් හැනුනේයයි ගොවියා කීයේය,
|
357
එවං හඤ්ඤතු පඤ්චාලො, සඞ්ගාමෙ අසිනා හතො
(දළ්හං (පී.));
යථාහමජ්ජ පහතො, ඛීරඤ්ච මෙ පවට්ටිතං.
|
357
“යම්සේ අද මම දෙන විසින් පහරණ ලද්දෙම් මාගේ කිරි භාජනයත් පෙරලන ලදද මෙසේම පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි කඩුවෙන් ගසන ලද්දේ නැසේවායි (ගොපලුතෙම කීයේය.)
|
358
යං පසු ඛීරං ඡඩ්ඩෙති, පසුපාලං විහිංසති
(පසුපාලඤ්ච හිංසති (සී.), පසු ඵාලඤ්ච හිංසති (පී.));
කිං තත්ථ බ්රහ්මදත්තස්ස, යං නො ගරහතෙ
(ගරහතො (පී.)) භවං.
|
358
“දෙන කිරි භාජනය පෙරලුවේය. ගොපොල්ලාටද හිංසා කෙළේය. යන යමක් ඇද්ද, පින්වතා අපගේ රජුට යම්හෙයකින් නින්දා කෙළේද, එහි බඹදත් රජහුගේ කිනම් දෝෂයෙක්දැයි බමුණු ඇසීය.
|
359
ගාරය්හො බ්රහ්මෙ පඤ්චාලො, බ්රහ්මදත්තස්ස රාජිනො;
අරක්ඛිතා ජානපදා, අධම්මබලිනා හතා.
|
359
“බ්‍රාහ්මණය, පඤ්චාල රජතෙම ගැරහිය යුත්තෙක බඹදත් රජහුගේ දනව් වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්ම අයබදු ගැණීමෙන් පෙළන ලද්දාහ.
|
360
රත්තිඤ්හි
රට්ඨස්මිං කූටරාජස්ස, බහු අධම්මිකො ජනො.
|
360
“රාත්‍රියෙහිද සොරු ධනය පැහැර ගණිත්. දාවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගණිත්. පවිටු රජහුගේ රාජ්‍යයෙහි අධාර්මික ජනයා බහුලවේ.
|
361
චණ්ඩා අටනකා
(අටනක (පී.), අකටනා (ක.)) ගාවී, යං පුරෙ න දුහාමසෙ;
තං දානි අජ්ජ දොහාම, ඛීරකාමෙහුපද්දුතා.
|
361
“චණ්ඩවූ පැනදුවන්නාවූ මේ දෙන පෙර යම්හෙයකින් නොදෙවීමද අද දැන් කිරි කැමැත්තවුන් විසින් උපද්‍රැත හෙයින් ඇය දෙවීමුයි ගොපොල්ලා කීයේය.
|
362
එවං කන්දතු පඤ්චාලො, විපුත්තො විප්පසුක්ඛතු;
යථායං කපණා ගාවී, විපුත්තා පරිධාවති.
|
362
“යම්සේ බැගෑපත්වූ මේ දෙන පුත්‍රයා නැත්තී වැළපෙමින් ඔබිමොබ දුවයිද, එසේම පඤ්චාල රජතෙම පුත්‍රයන් නැත්තේ හඬාවා පුත්‍රයන් නැතිව වියලේවායි (ගම් දරුවෝ කීහ.)
|
363
යං පසු පසුපාලස්ස, සම්භමෙය්ය
(පබ්භමෙය්ය (සී. පී.)) රවෙය්ය වා;
කො නීධ අපරාධත්ථි, බ්රහ්මදත්තස්ස රාජිනො.
|
363
“දරුවෙනි, ගවයා නම් රක්නාවූ ගවපාලයාටම දුවන්නේය. කෝපව තණ නොකෑම හෝ කරනේය යන යමක්වේද, මෙහි බඹදත් රජහුගේ කවරනම් අපරාධයක් ඇත්තේදැයි (පුරෝහිතයා ඇසීය.)
|
364
අපරාධො මහාබ්රහ්මෙ, බ්රහ්මදත්තස්ස රාජිනො;
අරක්ඛිතා ජානපදා, අධම්මබලිනා හතා.
|
364
“මහාබ්රාහ්මණය, බඹදත් රජහුගේ අපරාධයවේ. රජුවිසින් දනව්වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්ම අයබදු ගැණීමෙන් පෙළන ලද්දාහ.
|
365
රත්තිඤ්හි චොරා ඛාදන්ති, දිවා ඛාදන්ති තුණ්ඩියා;
රට්ඨස්මිං කූටරාජස්ස, බහු අධම්මිකො ජනො;
කථං නො අසිකොසත්ථා, ඛීරපා හඤ්ඤතෙ පජා.
|
365
“රාත්‍රියෙහිද සොරු ධනය පැහැර ගනිත් දාවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්, පවිටු රජහුගේ රාජ්‍යයෙහි අධාර්මික ජනයා බහුලවේ. කෙසේ නම් කඩු කොපුව පිණිස කිරිබොන වස්සෝ මරණු ලබත් දැයි (ගම් දරුවෝ කීහ)
|
366
එවං ඛජ්ජතු පඤ්චාලො, හතො යුද්ධෙ සපුත්තකො;
යථාහමජ්ජ ඛජ්ජාමි, ගාමිකෙහි
(ගාමකෙහි (සී. පී.)) අරඤ්ඤජො.
|
366
“යම්සේ අද වනයෙහි උපන් මම ගමෙහි වසන්නාවූ කව්ඩන් විසින් කනු ලබම්ද, මෙසේ පඤ්චාල රජතෙම පුත්‍රයන් සහිතව යුද්ධයෙහි නසන ලද්දේ කනු ලබාවායි මැඩියා කීයේය.
|
367
න
නෙත්තාවතා රාජා අධම්මචාරී, යං තාදිසං ජීවමදෙය්යු ධඞ්කා.
|
367
“එම්බා මණ්ඩුකය මනුෂ්‍යලෝකයෙහි රජවරු සියලු සතුන් කෙරෙහි ආරක්ෂාව නොපිහිටුවත්, තා වැනි ජීවත් වන්නෙකු කපුටෝ කන්නාහුය යන යමක්වේද, මෙතෙකින් රජතෙම අධාර්මික නොවේයයි පුරෝහිත බමුණා කීයේය.
|
368
අධම්මරූපො වත බ්‍රහ්මචාරී, අනුප්පියං භාසසි ඛත්තියස්ස;
විලුප්පමානාය පුථුප්පජාය, පූජෙසි රාජං පරමප්පමාදං
(රාජං පරමප්පවාදං (සී.), රාජා පරමප්පවාදිං (ස්‍යා.)).
|
368
“බ්‍රාහ්මණතෙමේ, ඒකාන්තයෙන් අධර්ම ස්වභාව ඇත්තෙක. රජහුගේ කැමැත්ත අනුව කියන්නෙහිය. බොහෝ සතුන් විනාශ කරණු ලබන කල්හි අතිශයින් දොස් කියයුතු රජ පුදන්නෙහිය.
|
369
සචෙ
භුත්වා බලිං අග්ගපිණ්ඩඤ්ච කාකා, න මාදිසං ජීවමදෙය්යු ධඞ්කාති.
|
369
“බ්‍රාහ්මණය, ඉදින් මේ රට සමෘද්ධවූ සතුටු වන්නාවූ විශේෂයෙන් ප්‍රසන්නවූ ජනයා ඇති යහපත් රාජ්‍යයක් වන්නේ නම් කව්ඩෝ පූජාවවූ අග්‍රපිණ්ඩය අනුභව කොට වාසය කෙරෙත්, මා වැනි ජීවත් වන්නෙකු කව්ඩෝ නො කන්නාහුයයි (රුක්දෙවියාගේ ආනුභාවයෙන් මැඩියා කීයේය.”)
|