8. අට්ඨකනිපාතො | 8. අට්ඨක නිපාතය |
417. කච්චානිජාතකං (1) | 417. කච්චානි ජාතකය |
1
ඔදාතවත්ථා
පිට්ඨා තිලා ධොවසි තණ්ඩුලානි, තිලොදනො හෙහිති කිස්ස හෙතු.
|
1
කාත්‍යායනිය, හැඳි සුදුවත් ඇත්තී පිරිසිදුවූ තෙත්වූ කෙහෙඇත්තී පිසන තලිය මිනිස් හිස් උදුනට නංවා තල පිටියෙන් සහල් කිම දෝනෙහිද තල බත කුමකට වන්නේද?
|
2
න ඛො අයං බ්‍රාහ්මණ භොජනත්ථා
(භොජනත්ථං (ස්‍යා.)), තිලොදනො හෙහිති සාධුපක්කො;
ධම්මො මතො තස්ස පහුත්තමජ්ජ
(පහූනමජ්ජ (ස්‍යා.), පහූතමජ්ජ (සී.), බහූතමජ්ජා (පී.)), අහං කරිස්සාමි සුසානමජ්ඣෙ.
|
2
යහපත් නුවණ ඇති බ්‍රාහ්මණය, මේ තල බත වනාහි බොජුන් පිණිස නොවන්නේය. වැලිකුමටද යත් ධර්මයතෙම මළේය. ඒ ධර්මයට සොහොන් මැද මම මේ මතක බත කරන්නෙමි.
|
3
අනුවිච්ච කච්චානි කරොහි කිච්චං, ධම්මො මතො කො නු තවෙව
(තවෙත (සී. ස්‍යා. පී.)) සංසි;
සහස්සනෙත්තො අතුලානුභාවො, න මිය්යතී ධම්මවරො කදාචි.
|
3
කාත්‍යායනිය විමසා දැන මේ කටයුත්ත කරව. ධර්මය තෙම මළේයයි මෙය තව කවරෙක් නම් කීයේද, අසමවූ ආනුභාව ඇති දහසක් නෙත් ඇති ශක්‍ර තෙමේ උතුම් ධර්මයවේ. කිසිකලෙකත් හේ නොමියේයයි” කීයේය.
|
4
දළ්හප්පමාණං මම එත්ථ බ්රහ්මෙ, ධම්මො මතො නත්ථි මමෙත්ථ කඞ්ඛා;
යෙ යෙව දානි පාපා භවන්ති, තෙ
|
4
බමුණෙනි ධර්මයතෙම මළේයයි මෙහි මාගේ දැඩිවූ ප්‍රමාණයවේ. මට මෙහිලා සැකයක් නැත්තේය. ඊට කරුණු කිමයත්? දැන් යම් යම් කෙනෙක්ම පාපයෝ වෙද්ද ඔව්හු ඔව්හුම දැන් සුවපත්වූවෝ වෙත්.
|
5
සුණිසා හි මය්හං වඤ්ඣා අහොසි, සා මං වධිත්වාන විජායි පුත්තං;
සා දානි සබ්බස්ස කුලස්ස ඉස්සරා, අහං පනම්හි
(වසාමි (ස්‍යා.)) අපවිද්ධා එකිකා.
|
5
මාගේ යෙහෙළිණිය වනාහි වඳවූවාය. ඕතොමෝ මට හිංසාකොට පුතකු වැදුවාය. ඕතොමෝ දැන් කුලයට අධිපතිවූවාය. මම වනාහි බැහැරදමනලද්දී අනාථ වීමි.
|
6
ජීවාමි
යා තං වධිත්වාන විජායි පුත්තං, සහාව පුත්තෙන කරොමි භස්මං.
|
6
මම ජීවත්වෙමි. මම මළේ නොවෙමි. තී සඳහාම මෙහි ආයේ වෙමි. යම් යෙහෙළිණියක් තොමෝ තීට වධ කොට පුතෙකු වැදුවාද, පුතු හා සමගම ඇය හළු කෙරෙමියි කීයේය.
|
7
එවඤ්ච
(එතඤ්ච (සී. පී.)) තෙ රුච්චති දෙවරාජ, මමෙව අත්ථාය ඉධාගතොසි;
අහඤ්ච පුත්තො සුණිසා ච නත්තා, සම්මොදමානා ඝරමාවසෙම.
|
7
දිව්‍ය රාජය, මෙයද ඔබට රුචිවේ. මා සඳහාම මෙහි ආයේ වෙහිය. මමද පුතුද යෙහෙළියද මුණුබුරුද සතුටු වෙමින් ගෙහි වෙසෙමු.
|
8
එවඤ්ච තෙ රුච්චති කාතියානි, හතාපි සන්තා න ජහාසි ධම්මං;
තුවඤ්ච
(ත්වඤ්ච (පී. ක.)) පුත්තො සුණිසා ච නත්තා, සම්මොදමානා ඝරමාවසෙථ.
|
8
කාත්‍යායනිය තීට මෙයද රුචිවේ. තලනු ලැබුවාමවූ තීද පුතුන් කෙරෙහි මෛත්‍රී ධර්මය දුරුනොකෙළෙහිය. තීද පුත්‍රයාද යෙහෙලීද මුණුබුරාද සතුටුවෙමින් ගෙහි වාසය කරව්.
|
9
සා කාතියානී සුණිසාය සද්ධිං, සම්මොදමානා ඝරමාවසිත්ථ;
පුත්තො
|
9
“ඒ කාත්‍යායන ගොත්‍ර ඇත්තී යෙහෙළිණිය හා සමග සතුටුවෙමින් ගෘහයෙහි විසීය. දෙවෙන්ද්රවූ ශක්‍රයා විසින් අධිගෘහිතවූ පුත්‍රයාද මුණුබුරාද ඇයට උපස්ථාන කළාහුයයි” වදාළේය.
|
418. අට්ඨසද්දජාතකං (2) | 418. අට්ඨසද්ද ජාතකය |
10
ඉදං
ආවාසො බකරාජස්ස, පෙත්තිකං භවනං මම;
ත්යජ්ජ භෙකෙන
(භිඞ්ගෙන (ක.)) යාපෙම, ඔකං න වජහාමසෙ
(ඔකන්තං න ජහාමසෙ (ක.)).
|
10
“කොක් රජුට නිවෙස්වූ මාගේ පියා සතු ගෙයවූ මේ මඟුල් පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිවිසි කල්හි බොහෝ මසුන් ඇත්තේයයිද බොහෝ දිය ඇත්තේයයිද කියත්. ඒ අපි අද මැඩියෙකු පමණින් යැපෙමු. එසේ වුවත් වාසස්ථානය නොහරිමු.
|
11
කො දුතියං අසීලිස්ස, බන්ධරස්සක්ඛි භෙච්ඡති
(භෙජ්ජති (සී. ස්‍යා. පී.), භින්දති (ක.));
කො මෙ පුත්තෙ කුලාවකං, මඤ්ච සොත්ථිං කරිස්සති.
|
11
“නොහික්මුනාවූ බන්ධුර නම් ඇත් ගොව්වාගේ දෙවෙනි ඇස කවරෙක් බිඳීද, කවරෙක්තෙමේ මාගේ පුතුන්ද කූඩුවද මාද සුවපත් කරන්නේද,
|
12
සබ්බා පරික්ඛයා ඵෙග්ගු, යාව තස්සා ගතී අහු;
ඛීණභක්ඛො මහාරාජ, සාරෙ න රමතී ඝුණො.
|
12
“යම්තාක් ඒ ඵලය පිළිබඳ ගමනවීද සියලු ඵලය කන ලද්දීය. මහරජ, ක්ෂයවූ කෑයුතු ඵලය ඇති ගුල්ලා හරෙහි නොඇලේ.
|
13
සා
අත්තානං රමයිස්සාමි, දුමසාඛනිකෙතිනී.
|
13
“ඒ මම මෙයින් ගොස් රජ නිවෙසින් මිදුනී රුක් අතු නිවෙස් කොට ඇත්තී තමා කවර දවසක සතුටු කරවන්නෙම්දෝහෝ
|
14
සො නූනාහං ඉතො ගන්ත්වා, රඤ්ඤො මුත්තො නිවෙසනා;
අග්ගොදකානි පිස්සාමි, යූථස්ස පුරතො වජං.
|
14
“ඒ මම මෙයින් ගොස් රජහුගේ නිවෙසින් මිදුනේ මෘග සමූහයාගේ ඉදිරියෙන් ගමන් කරන්නේ උතුම් දිය හෙවත් නොඉඳුල් පැන් කවර දවසක පානය කරන්නෙම් දෝ හෝ
|
15
තං මං කාමෙහි සම්මත්තං, රත්තං කාමෙසු මුච්ඡිතං;
ආනයී භරතො
(වනතො (ක.)) ලුද්දො, බාහිකො භද්දමත්ථු තෙ.
|
15
“පිටත්හි රටවැසි භරත නම් වැදිතෙම පස්කම් සැපයෙන් සම්පූර්ණවූ රාගයෙන් රත්වූ කාමයන්හි මූර්ඡාවූ ඒ මා මෙහි ගෙණායේය. තට යහපතක් වේවා.
|
16
අන්ධකාරතිමිසායං, තුඞ්ගෙ උපරිපබ්බතෙ;
සා
|
16
“බලවත් අන්ධකාරයෙහි උස්වූ පර්වතය මතුයෙහි ඒ මාගේ බිරිඳවූ කිඳුරී තොමෝ ගලෙහි පය නොපැකිලේවායි සිළුටුවූ මෘදු වචනයෙන් මට කීවාය.
|
17
අසංසයං ජාතිඛයන්තදස්සී, න ගබ්භසෙය්යං පුනරාවජිස්සං;
අයමන්තිමා පච්ඡිමා ගබ්භසෙය්යා
(අයං හි මෙ අන්තිමා ගබ්භසෙය්යා (සී. පී.)), ඛීණො මෙ සංසාරො පුනබ්භවායාති.
|
17
“ජාතීන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන්දුටු මම නිසැකව මව් කුස හිඳීමට නැවත නොපැමිණෙන්නෙමි. මෝතොමෝ වනාහි මාගේ කෙළවරවූ කුස පිළිසිඳීම වේ. මාගේ නැවත ඉපදීම ඇති සසර ගෙවුණේය.”
|
419. සුලසාජාතකං (3) | 419. සුළසා ජාතකය |
18
ඉදං සුවණ්ණකායූරං, මුත්තා වෙළුරියා බහූ;
සබ්බං හරස්සු භද්දන්තෙ, මඤ්ච දාසීති සාවය.
|
18
“පින්වත, මේ ගෙල පළඳනා ආභරණයද, බොහෝවූ මුතුද වෛදූර්ය මාණික්‍යද යන සියල්ල හැර ගණුව, මාද දාසියකැයි මහජනයාට අස්වව.
|
19
ඔරොපයස්සු කල්‍යාණි, මා බාළ්හං
(බහුං (සී. ස්‍යා. පී.)) පරිදෙවසි;
න චාහං අභිජානාමි, අහන්ත්වා ධනමාභතං.
|
19
“සොඳුර, මේ පළඳනා මුදා තබව, බොහෝ කොට නොවැළපෙව, තී නොමරා ගෙණෙන ලද ධනය මම නොදනිමි. නොගනිමියි සේයි.
|
20
යතො සරාමි අත්තානං, යතො පත්තාස්මි විඤ්ඤුතං;
න චාහං අභිජානාමි, අඤ්ඤං පියතරං තයා.
|
20
“යම් කලක පටන් තමා සිහි කෙරෙම්ද, යම් කලක පටන් දැනුම් ඇති බවට පැමිණියේ වෙම්ද, මම තට වඩා ඉතා ප්‍රියවූ අනිකෙකු නොම දනිමි.
|
21
එහි තං උපගූහිස්සං
(උපගුය්හිස්සං (ක.)), කරිස්සඤ්ච පදක්ඛිණං;
න හි දානි පුන අත්ථි, මම තුය්හඤ්ච සඞ්ගමො.
|
21
“එව, ඔබ වැළඳගන්නෙමි. ඔබ ප්රදක්ෂිණාද කරන්නෙමි. දැන් නැවත මාගේද ඔබගේද එක්වීමෙක් නොම ඇත්තේය.
|
22
න
ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා.
|
22
“සියලු තන්හි පුරුෂ තෙම පණ්ඩිත නොමවේ. පණ්ඩිතවූ ස්ත්‍රිද ඒ ඒ තන්හි විචක්ෂණා වන්නීවේ.
|
23
න
ඉත්ථීපි
|
23
“සියලු තන්හි පුරුෂතෙමේ පණ්ඩිත නොමවේ. වහා කරුණු සිතන්නීවූ ස්ත්‍රී තොමෝද පණ්ඩිතවේ.
|
24
ලහුඤ්ච වත ඛිප්පඤ්ච, නිකට්ඨෙ සමචෙතයි;
මිගං පුණ්ණායතෙනෙව
(පුණ්ණායතනෙව (ස්‍යා.)), සුලසා සත්තුකං වධි.
|
24
“ඒකාන්තයෙන් යුහුවද ශීඝ්රවද සමීපයෙහි සිටම ඔහු මරණ උපාය සිතී සම්පූර්ණවූ දුන්නෙන් මුවෙකු මෙන් සුලසා තොමෝ සත්තුක නම් සොරහු මැරීය.
|
25
යොධ උප්පතිතං අත්ථං, න ඛිප්පමනුබුජ්ඣති;
සො හඤ්ඤති මන්දමති, චොරොව ගිරිගබ්භරෙ.
|
25
“මේ ලෝකයෙහි යමෙක් තෙමේ පැමිණි කාරණය වහා දැන නොගනීද, මද නුවණැති හෙතෙමේ පර්වත ප්‍රපාතයෙහි සොරාමෙන් නැසේ.
|
26
යො ච උප්පතිතං අත්ථං, ඛිප්පමෙව නිබොධති;
මුච්චතෙ සත්තුසම්බාධා, සුලසා සත්තුකාමිවාති.
|
26
“මේ ලෝකයෙහි යමෙක්තෙමේ තමන් වෙත පැමිණි කාරණය වහාම දැනගණීද, හෙතෙමේ සුලසා තොමෝ සත්තුක නම් සොරාගෙන් මිදුනාක් මෙන් සතුරු උපද්‍රවයෙන් මිදේයයි” කීයේය.
|
420. සුමඞ්ගලජාතකං (4) | 420. සුමංගල ජාතකය |
27
භුසම්හි
(භුසම්පි (ක.), භුසං හි (සී. නිය්‍ය)) කුද්ධොති අවෙක්ඛියාන, න තාව දණ්ඩං පණයෙය්ය ඉස්සරො;
අට්ඨානසො අප්පතිරූපමත්තනො, පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ.
|
27
“අතිශයින්ම මම කිපියෙමියි බලා පෘථිවිශ්වර තෙමේ පළමුකොට දඬුවම් නොපනවන්නේය. කුමක් හෙයින්දයත්, අකාරණයෙන් තමා රජ බවට නුසුදුසු දෙය කරවයි. අන්‍යයන්ට බලවත් දුක් කියන්නේය.
|
28
යතො ච ජානෙය්ය පසාදමත්තනො, අත්ථං නියුඤ්ජෙය්ය පරස්ස දුක්කටං;
තදායමත්ථොති සයං අවෙක්ඛිය, අථස්ස දණ්ඩං සදිසං නිවෙසයෙ.
|
28
“යම් කලෙක තමාගේ ප්‍රසාදය දන්නේද, අන්‍යයාගේ දුෂ්කෘතවූ කාරණය පරීක්ෂා කරන්නේද, එකල්හි මෙයම ඔහුගේ දෝෂයයි තෙමේ බලා ඉක්බිති ඔහුට සුදුසුවූ දඬුවම නිමකරන්නේය.
|
29
න චාපි ඣාපෙති පරං න අත්තනං, අමුච්ඡිතො යො නයතෙ නයානයං;
යො
|
29
“ඡන්දාදීන් මුසපත් නොවූ යමෙක් තෙමේ නීතිය හෝ අනීතිය පමුණුවාද, හෙතෙම අන්‍යයාද නොම දවයි. තමාද නොම දවයි. මේ ලෝකයෙහි යම් පෘථිවිශ්වරයෙක් තෙම වරදට සුදුසු දඬුවම් පණවමින් දණ්ඩධාරීවේද, ගුණයෙන් හා යශසින් රැකුණාවූ ඒ රජතෙමේ රාජ්‍ය ශ්‍රීයෙන් නො පිරිහේ.
|
30
යෙ ඛත්තියා සෙ අනිසම්මකාරිනො, පණෙන්ති දණ්ඩං සහසා පමුච්ඡිතා;
අවණ්ණසංයුතා
(යුත්තාව (ක.)) ජහන්ති ජීවිතං, ඉතො විමුත්තාපි ච යන්ති දුග්ගතිං.
|
30
“නොවිමසා කටයුතු කරන්නාවූ යම් රජ කෙනෙක් මුසපත්වූවාහු වහා දඬුවම් පණවත්ද, අවර්ණයෙන් යුක්තවූ ඔහු ජීවිතය හරිත්. මෙයින් මිදුනාහුද දුර්ගතියට යෙත්.
|
31
ධම්මෙ
තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා, වජන්ති ලොකං දුභයං තථාවිධා.
|
31
“යම් රජ කෙනෙක් ආචාරයෙන් ආර්යවූ ධාර්මික රජුන් විසින් ප්‍රකාශ කරණ ලද දශ රාජ ධර්මයෙහි ඇළුණාහුද, ඒ රජහු වචනයෙන්ද සිතින්ද ක්රියායෙන්ද ශ්‍රේෂ්ඨයහ. ශාන්තියෙහිද සුරතභාවයෙහිද සමාධියෙහිද, පිහිටියාවූ ඒ එබඳු දැහැමි රජහු දෙලොවටම පැමිණෙත්.
|
32
රාජාහමස්මි නරපමදානමිස්සරො, සචෙපි කුජ්ඣාමි ඨපෙමි අත්තනං;
නිසෙධයන්තො ජනතං තථාවිධං, පණෙමි දණ්ඩං අනුකම්ප යොනිසො.
|
32
“මම ස්ත්‍රී පුරුෂයන්ට ස්වාමිවූ රජවෙමි. ඉදින් කිපුණෙම් නමුදු තමා නීතියෙහි පිහිටුවමි. එබඳුවූ ජන සමූහයා නොමග යාමෙන් වළක්වමින් නුවණින් අනුකම්පා කොට දඬුවම් පවත්වමි.
|
33
සිරී ච ලක්ඛී ච තවෙව ඛත්තිය, ජනාධිප මා විජහි කුදාචනං;
අක්කොධනො නිච්චපසන්නචිත්තො, අනීඝො තුවං වස්සසතානි පාලය.
|
33
“ජනාධිපතිවූ රජතුමනි, පරිවාර සම්පත්තියද ප්‍රඥාවද ඔබම කිසිකලෙකත් අත්නොහරීවා. ක්රොධනොවූයේ නිතර පහත්වූ සිත් ඇත්තේ නිදුක්වූයේ ඔබ අවුරුදු සියයක් රට පාලනය කෙරේවා.
|
34
ගුණෙහි එතෙහි උපෙත ඛත්තිය, ඨිතමරියවත්තී
(වත්ති (සී.), වුත්ති (ක.)) සුවචො අකොධනො;
සුඛී
|
34
“මේ ගුණවලින් යුක්තවූ ක්ෂත්රියය, පිහිටි ආර්ය වූ පැවතුම් ඇත්තේ කීකරු වූයේ ක්‍රොධ නොකරන්නේ සුවපත්වූයේ ජනයා නොපෙළෙමින් පොළොව අනුශාසනා කරව, මෙයින් මිදුනේද සුගතියට පැමිණෙව,
|
35
එවං
නිබ්බාපයෙ සඞ්ඛුභිතං මහාජනං, මහාව මෙඝො සලිලෙන මෙදිනින්ති
(මෙදනින්ති (ස්‍යා. ක.)).
|
35
“මෙසේ මනා නීතියෙන්ද යහපත් වචනයෙන්ද, සුචරිත ධර්මයෙන්ද ත්‍යාගයෙන්ද උපාය දක්ෂකමෙන්ද රාජ්‍ය අනුශාසනා කරන්නේ කැළඹුනාවූද මහාජනයා මහවැස්සක් ජලයෙන් පොළොව නිවන්නාක් මෙන් නිවන්නේය.”
|
421. ගඞ්ගමාලජාතකං (5) | 421. ගංගාමාල ජාතකය |
36
අඞ්ගාරජාතා පථවී, කුක්කුළානුගතා මහී;
අථ ගායසි වත්තානි
(වත්ථානි (ක.)), න තං තපති ආතපො.
|
36
“මහී නම්වූ පෘථිවිතොමෝ ගිනි අඟුරු මෙන් උෂ්ණවූවා. උණු අළුබඳු උණුවැලි එක්වූවා එතකුදුවුවත් අයොග වෘත්තයන්ට නගා ගී ගායනා කරන්නෙහි අව්ව තා නොතවයිද,
|
37
උද්ධං තපති ආදිච්චො, අධො තපති වාලුකා;
අථ ගායසි වත්තානි
(වත්ථානි (ක.)), න තං තපති ආතපො.
|
37
“උඩ සූර්යතෙමේ තවයි. යට වැල්ල තවයි. එසේ ඇතිකල්හි අයොග වෘත්තයන් ගායනය කෙරෙතියි අව්ව තා නොතවාද,
|
38
න
අත්ථා හි විවිධා රාජ, තෙ තපන්ති න ආතපො.
|
38
“අව්ව මා නොතවයි. වස්තුකාම ක්ලේශකාමයෝ මා තවයි. මහරජ, මට නොයෙක් කටයුතු ඇත්තාහ. ඔහු මා තවත් අව්ව නොතවයි.
|
39
අද්දසං කාම තෙ මූලං, සඞ්කප්පා කාම ජායසි;
න තං සඞ්කප්පයිස්සාමි, එවං කාම න හෙහිසි.
|
39
“කාමය, තාගේ මුල මම දුටුවෙමි. කාමය, කාම විතර්කය හේතුකොටගෙණ තෝ උපදින්නෙහිය. එහෙයින් තා කල්පනා නොකරන්නෙමි. මෙසේ ඇතිකල්හි කාමය, තෝ ඇතිනොවන්නෙහිය.
|
40
අප්පාපි කාමා න අලං, බහූහිපි න තප්පති;
අහහා බාලලපනා, පරිවජ්ජෙථ
(පටිවිජ්ඣෙථ (පී. සී. අට්ඨ.)) ජග්ගතො.
|
40
“ස්වල්පවූද වස්තුකාම ක්ලේශකාමයෝ සුදුසු නොවෙත්. බොහෝවූද වස්තුකාම ක්ලේශකාමයන් හේතු කොට පෘථග්ජනයා තෘප්තියට නො පැමිණෙයි. අඥාන ව්‍යවහාර ඇති කාමයෝ ඛෙදයහ. විදසුන් වැඩීමෙන් මනාව දකින කුලපුත්‍රතෙම කාමයන් දුරුකරන්නේය.
|
41
අප්පස්ස
සුලද්ධලාභො වත මාණවස්ස, යො පබ්බජී කාමරාගං පහාය.
|
41
“උදය නම්වූ මම මහත් බවට ගියාවූ සම්පතට පැමිණියෙම්ද, මෙය මාගේ ස්වල්පවූ කර්මයාගේ විපාකයවෙයි. යමෙක් තෙමේ කාමාශාව හැරදමා පැවිදිවීද, මාගේ යහළුවූ මානවකයාට එය යහපත් ලාභයෙක් විය.
|
42
තපසා පජහන්ති පාපකම්මං, තපසා න්හාපිතකුම්භකාරභාවං;
තපසා අභිභුය්ය ගඞ්ගමාල, නාමෙනාලපසජ්ජ බ්රහ්මදත්තං.
|
42
“යම් කෙනෙක් තපස කරණකොටගෙණ අකුශල කර්මය යම්සේ දුරුකෙරෙද්ද, එසේ තපසින් කපු කුඹල් බැව් දුරුකෙරෙද්ද, ගංග මාලය, තපොගුණයෙන් මැඩ බ්‍රහ්මදත්ත යයි අද නමින් කථාකෙළෙහිද,
|
43
සන්දිට්ඨිකමෙව ‘‘අම්ම’’ පස්සථ, ඛන්තීසොරච්චස්ස අයං
(යො (ස්‍යා. පී. ක.)) විපාකො;
යො
(සො (ස්‍යා. ක.)) සබ්බජනස්ස වන්දිතොහු, තං වන්දාම සරාජිකා සමච්චා.
|
43
“අධිවාසන ක්ෂාන්තියගේ හා සුරතභාවයාගේ යම් විපාකයක්වේද, සාන්දෘෂ්ටික විපාකයම බලව්. යමෙක් තෙමේ සියලු දෙනා විසින් වඳිනලද්දේ වීද, ඔහු රජුන් සහිතව ඇමතියන් සහිතව වඳිමු.
|
44
මා කිඤ්චි අවචුත්ථ ගඞ්ගමාලං, මුනිනං මොනපථෙසු සික්ඛමානං;
එසො හි අතරි අණ්ණවං, යං තරිත්වා චරන්ති වීතසොකාති.
|
44
“අගාරික මුනි ආදී මුනිවරුන් අතුරෙහි මෞන පථයන්හි (කථා නොකිරීමෙහි) හික්මෙන්නාවූ ගංගමාල නම්වූ පසේබුදුන්ට කිසිවක් නොකියව්. යමක් තරණය කොට පහවූ ශෝක ඇත්තාහු හැසිරෙද්ද, ඒ සංසාර සාගරය මෙතෙම වනාහි එතෙර කෙළේය.”
|
422. චෙතියජාතකං (6) | 422. චෙතිය ජාතකය |
45
ධම්මො
තස්මා හි ධම්මං න හනෙ, මා ත්වං
(තං (ස්‍යා. පී.)) ධම්මො හතො හනි.
|
45
“ඒකාන්තයෙන් සත්‍ය ධර්මය තෙම මුසවා කීමෙන් නසනලද්දේ, වැඩිමහල්ලන් පිදීමේ ධර්මය තෙමේම නැසේ. ධර්මය නොනසනලද්දේ කිසිවක් නොනැසේ. එහෙයින් සත්‍ය ධර්මය නොනසන්නේය. නුඹවහන්සේ ධර්මය නසන ලද්දේ නො නැසෙව.
|
46
අලිකං
පූතිකඤ්ච මුඛං වාති, සකට්ඨානා ච ධංසති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
46
“විචාරණලද යමෙක්තෙම දන්නේ ප්රශ්නය අන් පරිද්දකින් ප්‍රකාශ කරන්නේද, එසේ බොරු කියන්නහුගේ දෙවියෝ පහවයෙත්. මුඛයද දුගඳහමයි. අහස තමා සිටි තැනින්ද ගිළිහේ.
|
47
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භූමියං තිට්ඨ චෙතිය.
|
47
“චේතිය නම් රජ ඉදින් වනාහි සැබව කීයෙහි නම් පෙරමෙන් වෙහිය. ඉදින් බොරුව කීයෙහි නම් මහරජ භූමියෙහි සිටිනු මැනව.
|
48
අකාලෙ වස්සතී තස්ස, කාලෙ තස්ස න වස්සති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
48
“යම් රජෙක්තෙම ප්රශ්නය අසනලද්දේ දන්නේ එය අන් පරිද්දෙකින් ප්‍රකාශ කරන්නේද, ඔහුගේ රාජ්‍යයට නොකල්හි වසියි. ඔහුගේ රාජ්‍යයට සුදුසු කල්හි නොවසියි.
|
49
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භූමිං පවිස චෙතිය.
|
49
“චේතිය නම් රජුනි, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් මහරජ, බිම සිටිනු මැනව.
|
50
ජිව්හා තස්ස ද්විධා හොති, උරගස්සෙව දිසම්පති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
50
“මහරජ, අසනලද යමෙක් තෙම දනිමින් ඒ ප්රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, සර්පයාගේ මෙන් ඔහුගේ දිව විප්රකාරවේ.
|
51
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්යො පවිස චෙතිය.
|
51
“එම්බා චේතිය නම්වූ මහරජ, ඉදින් වනාහි සත්‍ය වචනය කීයෙහි නම් පෙර මෙන් වෙහි. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බැස සිටිනු මැනව.
|
52
ජිව්හා තස්ස න භවති, මච්ඡස්සෙව දිසම්පති;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
52
“එම්බා මහරජ අසනලද යමෙක් තෙම දන්නේ ඒ ප්රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, මත්ස්‍යයාගේ මෙන් ඔහුගේ දිව ඇති නොවේ.
|
53
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්යො පවිස චෙතිය.
|
53
“චේතිය නම්වූ මහරජ ඉදින් වනාහි සත්‍යය කීයෙහි නම් පෙර මෙන් වෙති. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බසිනු මැනව.
|
54
ථියොව
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
54
“විචාරණ ලද යමෙක්තෙම දනිමින් ඒ ප්රශ්නය අන්පරිද්දකින් ප්‍රකාශකරන්නේනම් ඔහුගේ කුලයෙහි ස්ත්‍රීහු උපදිත්. පුරුෂයෝ නූපදිත්.
|
55
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්යො පවිස චෙතිය.
|
55
“චෙතිය නම්වූ මහරජ, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් පෙර මෙන් වෙව, ඉදින් බොරු කීයෙහිනම් භූමියට පිවිසෙව,
|
56
පුත්තා තස්ස න භවන්ති, පක්කමන්ති දිසොදිසං;
යො ජානං පුච්ඡිතො පඤ්හං, අඤ්ඤථා නං වියාකරෙ.
|
56
“අසනලද්දාවූ යමෙක්තෙම දනිමින් ඒ ප්රශ්නය අන් පරිද්දකින් කියන්නේනම් ඔහුගේ පුත්‍රයෝ ඔහුට උපකාර ඇත්තෝ නොවෙත්. දිශානුදිශාවට පලායෙත්.
|
57
සචෙ හි සච්චං භණසි, හොහි රාජ යථා පුරෙ;
මුසා චෙ භාසසෙ රාජ, භිය්යො පවිස චෙතිය.
|
57
“චේතිය නම් රජ, ඉදින් වනාහී ඇත්ත කීයෙහිනම් පෙර මෙන් වෙව, මහරජ, ඉදින් බොරු කීයෙහිනම් භූමියට ප්‍රවිෂ්ට වෙව,
|
58
ස
පාවෙක්ඛි පථවිං චෙච්චො, හීනත්තො පත්ව පරියායං
(අත්තපරියායං (සී. ස්‍යා.), පත්තපරියායං (ක. සී. නිය්‍ය)).
|
58
“ඒ චේතිය රජතෙම පූර්වයෙහි කපිල නම් මහර්ෂීන් කරණකොටගෙණ රජ බවට පැමිණියේ අහස හැසිරෙන්නාවූ මෙතෙම පිරිහුණ ස්වභාව ඇත්තේ කාලානුරූප බවට පැමිණ පොළොවටද ඇතුළුවූයේය.
|
59
තස්මා
අදුට්ඨචිත්තො භාසෙය්ය, ගිරං සච්චූපසංහිතන්ති.
|
59
“එහෙයින් වනාහි ඡන්දයෙන් අගතියට යාම ප්‍රාඥයෝ ප්‍රශංසා නොකෙරෙත්. එහෙයින් දුෂ්ට නොවූ සිත් ඇත්තේ සත්පුරුෂයන් විසින් යහපතැයි කියනලද සත්‍ය වචනය කියන්නේය.”
|
423. ඉන්ද්රියජාතකං (7) | 423. ඉන්ද්රිය ජාතකය |
60
යො ඉන්ද්රියානං කාමෙන, වසං නාරද ගච්ඡති;
සො පරිච්චජ්ජුභො ලොකෙ, ජීවන්තොව විසුස්සති
(ජීවන්තොපිවිසුස්සති (ස්‍යා.), ජීවන්තො වාපි සුස්සති (ක.)).
|
60
“එම්බා නාරදය, යමෙක්තෙම කාමාශාවෙන් ඉන්ද්රියයන්ගේ වසඟයට යේද, හෙතෙම දෙලොව සැප හැරදමා ජීවත්වන්නේ නමුදු කැමැතිදේ නොලත් ශෝකයෙන් වියලේ.
|
61
සුඛස්සානන්තරං දුක්ඛං, දුක්ඛස්සානන්තරං සුඛං;
සොසි
(සොපි (ස්‍යා. පී. ක.)) පත්තො සුඛා
(සුඛ (ස්‍යා.), සුඛං (ක.)) දුක්ඛං, පාටිකඞ්ඛ වරං සුඛං.
|
61
“පස්කම් සැපයට අනතුරුව නිරාදුකට පැමිණෙත්. සිල් රැකීම් වශයෙන් පැමිණෙන දුකට අනතුරුව දෙව් මිනිස් සැපයට පැමිණෙත්. ඒ නාරද ඍෂිතෙමේද නෛෂ්ක්‍රම්‍ය සැපය නසා දුකට පැමිණියේය. උතුම්වූ ඒ ධ්‍යාන සැපය කැමතිවනු මැනව.
|
62
කිච්ඡකාලෙ
ස කිච්ඡන්තං සුඛං ධීරො, යොගං සමධිගච්ඡති.
|
62
“යමෙක් තෙමේ දුක් උපන් කල්හි දුක් ඉවසන්නේද දුක මැඩ විනාශ කෙරේද, ඒ ප්‍රාඥතෙම දුක් කෙළවර ඇති සැපයවූ ධ්‍යානයට මනාව පැමිණේ.
|
63
න හෙව කාමාන කාමා, නානත්ථා නාත්ථකාරණා;
න කතඤ්ච නිරඞ්කත්වා, ධම්මා චවිතුමරහසි.
|
63
“කාමයන්ට නොම කැමතිවිය යුත්තාහ. අර්ථය රහිතවන හෙයින්ද, අර්ථයට උපකාර නොවන හෙයින්ද, වෙත්. උපදවනලද්දාවූද ධ්‍යානය විනාශකොට කුශල ධර්මයෙන් චුතවන්ට සුදුසු නොවේ.
|
64
දක්ඛං ගහපතී
(ගහපතං (සී. ස්‍යා. පී.), ගහවතං (?)) සාධු, සංවිභජ්ජඤ්ච භොජනං;
අහාසො අත්ථලාභෙසු, අත්ථබ්යාපත්ති අබ්යථො.
|
64
“ගෘහපතියෙකුට ඇතිවන දුක මැනව. බෙදාදී වැළඳීමද මැනව. මහත්වූ අර්ථලාභයන්හි උඩඟු නොවීමද මැනව. ධන විනාශයෙහි ක්ලාන්ත නොවීමද මැනව.
|
65
එත්තාවතෙතං පණ්ඩිච්චං, අපි සො
(අසිතො (සී. ස්‍යා. පී.)) දවිලො
(දෙවලො (සී. පී.)) බ්රවි;
න යිතො කිඤ්චි පාපියො, යො ඉන්ද්රියානං වසං වජෙ.
|
65
“ඒ දේවල ඍෂිතෙම යමක් කීයේද, මේ පණ්ඩිත බවද මෙපමණක්මය යමෙක් තෙම ඉන්ද්රියයන්ගේ වසඟයට යන්නේද, මීට වඩා කිසියම් ලාමක බවෙක් නැත්තේය.
|
66
අමිත්තානංව හත්ථත්ථං, සිවි පප්පොති මාමිව;
කම්මං විජ්ජඤ්ච දක්ඛෙය්යං, විවාහං සීලමද්දවං;
එතෙ ච යසෙ හාපෙත්වා, නිබ්බත්තො සෙහි කම්මෙහි.
|
66
“එම්බා සිවි මහරජ, සතුරන්ගේ අතට පත්වූවෙක් වැනි මා මෙන් විනාශයට පැමිණේද, ගොවිතැන්, වෙළඳාම් ආදී කර්මාන්තද හස්තිශිල්ප ආදී විද්‍යාවද ධන රැස්කිරීමෙහි දක්ෂ බවද, විවාහයද, ශීලය හා මෘදුබවද යන
|
67
සොහං සහස්සජීනොව අබන්ධු අපරායණො;
අරියධම්මා අපක්කන්තො, යථා පෙතො තථෙවහං.
|
67
“මෙතෙක් අභිවෘද්ධිදායක කරුණු නසා ස්වකීය අකුශල කර්මයෙන් මනුෂ්යප්රේතව උපන්නාවූ ඒ මම දහසකින් පැරදුණාහු මෙන් නෑයන් රහිතවූයේ පිළිසරණ රහිතවූවෙක් වෙමි.
|
68
සුඛකාමෙ
සො සුඛං නාධිගච්ඡාමි, ඨිතො
(චිතො (පී. සී. අට්ඨ.)) භාණුමතාමිවාති.
|
68
“ආර්ය ධර්මයෙන් පහව ගියාවූ මම ප්‍රෙතයෙක් යම්සේද එමෙනි. සැප කැමැත්තවුන් දුක් පත්කරවා මේ මනුෂ්‍යප්‍රෙත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියෙකු මෙන් සැපයට නොපැමිණෙමි.
|
424. ආදිත්තජාතකං (8) | 424. ආදිත්ත ජාතකය: |
69
ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං;
තං
|
69
“ගෘහය ගිනිගත් කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙරේද, ඒ ගෘහ ස්වාමියාහට වැඩ පිණිස වේ. යමක් එසේ බැහැර නොකරණලදද එය එහි හළුවේ.
|
70
එවාමාදීපිතො
නීහරෙථෙව දානෙන, දින්නං හොති සුනීහතං
(සුනීභතං (සී. ස්‍යා. පී.), සුනිබ්භතං (ක.)).
|
70
“එපරිද්දෙන් ලෝකයතෙම ජරාවෙන්ද මරණයෙන්ද ගිනිගන්නා ලද්දේය. දන්දීමෙන්ම බැහැර කරන්නේය. දෙනලද්ද, මනාකොට බැහැර කරණ ලද්දේ වේ.
|
71
යො ධම්මලද්ධස්ස දදාති දානං, උට්ඨානවීරියාධිගතස්ස ජන්තු;
අතික්කම්ම සො වෙතරණිං
(වෙත්තරණිං (ක.)) යමස්ස, දිබ්බානි ඨානානි උපෙති මච්චො.
|
71
“යම් සත්වයෙක්තෙම උට්ඨාන (නැඟීසිටින) වීර්යයෙන් ලබනලද දැහැමින් ලබනලද දෙයින් දන්දේද, හෙතෙම යමයාගේ වේතරණී නම් නරකය ඉක්මවා දිව්‍ය සම්පත්වලට පැමිණේ.
|
72
දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු, අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති;
අප්පම්පි චෙ සද්දහානො දදාති, තෙනෙව සො හොති සුඛී පරත්ථ.
|
72
“දන් දීමද යුද්ධ කිරීමද සමානයයි කීහු. ස්වල්පවූද හරිනාලද ජීවිතාශා ඇත්තෝ බොහෝ සතුරන් දිනත්. නොහොත් කුශල ධර්මයෝ ස්වල්ප වූවාහුද, බොහෝ වූ අකුශලයන් දිනත්. ඉදින් ස්වල්පයකුදු කම්පල අදහමින් දේද, එහෙයින්ම හෙතෙම පරලොව සුවපත් වේ.
|
73
විචෙය්ය දානං සුගතප්පසත්ථං, යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ;
එතෙසු දින්නානි මහප්ඵලානි, බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ.
|
73
“දක්ෂිණාර්හයන් (දනට සුදුස්සන්) සොයා දන්දීම සර්වඥයන් වහන්සේලා විසින් පසස්නාලදී මේ මනුෂ්‍යලෝකයෙහි යම් දක්ෂිණාර්හ කෙනෙක් වෙද්ද, උන්වහන්සේලා කෙරෙහි දෙනලද දානයන් මනාකෙතෙහි වපුරණලද බීජ මෙන් මහත්ඵල ඇතිවෙත්.
|
74
යො පාණභූතානි අහෙඨයං චරං, පරූපවාදා න කරොති පාපං;
භීරුං පසංසන්ති න තත්ථ සූරං, භයා හි සන්තො න කරොන්ති පාපං.
|
74
“යමෙක් තෙමේ ප්‍රාණ නම් වූ භූතයන් නොපෙළමින් හැසිරෙන්නේ අනුන්ට නින්දා නිමිත්තෙන් පව් නොකෙරේද, පවට භය ඇත්තාහට ප්‍රශංසා කරත්ද, එහි දක්ෂවූවහුට ප්‍රශංසා නොකෙරෙද්ද, සත්පුරුෂයෝ බියෙන් පව් නොකෙරෙත්.
|
75
හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති;
මජ්ඣිමෙන
|
75
“ලාමකවූ බ්‍රහ්ම චර්යාවෙන් රජකුලෙහි උපදී. මධ්‍යමවූ බ්‍රහ්ම චර්යාවෙන් දෙවිබවට පැමිණේ. උතුම්වූ බ්‍රහ්මචර්යාවෙන් පිරිසිදුවේ.
|
76
අද්ධා
පුබ්බෙව හි පුබ්බතරෙව සන්තො
(පුබ්බෙ ච හි පුබ්බතරෙ ච සන්තො (සං. නි. 1.33)), නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤාති.
|
76
“ආමිෂ දානය වනාහී ඒකාන්තයෙන් බොහෝසේ පසස්නාලදී. දානයටද වඩා ධර්ම පදයම උතුමි. පෙරද ඉතා පෙරද සප්‍රාඥවූ ඒ බුද්ධාදී සත්පුරුෂයෝ නිර්වාණයටම පැමිණියාහුය.
|
425. අට්ඨානජාතකං (9) | 425. අට්ඨාන ජාතකය |
77
ගඞ්ගා කුමුදිනී සන්තා, සඞ්ඛවණ්ණා ච කොකිලා;
ජම්බු තාලඵලං දජ්ජා, අථ නූන තදා සියා.
|
77
“යම් කලෙක්හි සියලු ගංගාවෝ කෞමදයෙන් (සුදු නෙළුමින්) සැදුම් ලද්දාහු වෙද්ද, කොවුල් පක්ෂීහු සකසේ සුදුවන් වෙද්ද, දඹගස තල් ගෙඩියක් දේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
78
යදා කච්ඡපලොමානං, පාවාරො තිවිධො සියා;
හෙමන්තිකං පාවුරණං
(පාපුරණං (සී. ස්‍යා. පී.)), අථ නූන තදා සියා.
|
78
“යම් කලෙක්හි ඉබ්බාගේ ලොම්වලින් ත්‍රිවිධවූ උතුරු සළුවක් හේමන්තයෙහිවූ පොරෝණය වන්නේද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
79
යදා මකසපාදානං
(දාඨානං (සී. පී.)), අට්ටාලො සුකතො සියා;
දළ්හො ච අවිකම්පී ච
(අප්පකම්පී ච (සී. පී.)), අථ නූන තදා සියා.
|
79
“යම් කලෙක්හි මදුරු පාවලින් දැඩිවූද නොසැලෙන්නාවූද අටල්ලෙක් මනාව කරණ ලද්දේ වන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
80
යදා සසවිසාණානං, නිස්සෙණී සුකතා සියා;
සග්ගස්සාරොහණත්ථාය, අථ නූන තදා සියා.
|
80
“යම් කලෙක්හි දෙව්ලොවට නැඟීම පිණිස සස විශානයන්ගෙන් (හා අංවලින්) හිණක් මනාකොට කරණ ලද්දී වන්නීද ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
81
යදා නිස්සෙණිමාරුය්හ, චන්දං ඛාදෙය්යු මූසිකා;
රාහුඤ්ච පරිපාතෙය්යුං
(පරිබාහෙය්යුං (ස්‍යා.)), අථ නූන තදා සියා.
|
81
“යම් කලෙක්හි මූෂිකතෙම හිණට නැඟී සඳ කන්නේද? රාහු ග්‍රහයාද පෙරලාද වන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
82
යදා සුරාඝටං පිත්වා, මක්ඛිකා ගණචාරිණී;
අඞ්ගාරෙ
|
82
“යම් කලෙක මැස්සෝ රා කලයක් පානය කොට සමූහ චාරීව ගිනි අඟුරෙහි වාසය කරන්නාහුද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
83
යදා
කුසලො නච්චගීතස්ස, අථ නූන තදා සියා.
|
83
“යම් කලෙක්හි බිඹු පලවැනි තොල් ඇති යහපත් මුහුණු ඇති නෘත්‍ය ගීතයට දක්ෂවූ කොටළුවෙක් වන්නේද? ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
84
යදා කාකා උලූකා ච, මන්තයෙය්යුං රහොගතා;
අඤ්ඤමඤ්ඤං පිහයෙය්යුං, අථ නූන තදා සියා.
|
84
“යම් කලෙක කවුඩෝද බකමූණෝද රහසිගතවූවාහු මන්ත්‍රණය කරන්නාහුද ඔවුනොවුන් ප්‍රිය වන්නාහුද ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
85
යදා මුළාල
(පුලස (සී. පී.), පුලාස (ස්‍යා.)) පත්තානං, ඡත්තං ථිරතරං සියා;
වස්සස්ස පටිඝාතාය, අථ නූන තදා සියා.
|
85
“යම් කලෙක කෑලපත්වලින් කළ ඡත්රය වැසි වැළක්ම පිණිස ස්ථිර සාරවූවක්වන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්නේය.
|
86
යදා
තුණ්ඩෙනාදාය ගච්ඡෙය්ය, අථ නූන තදා සියා.
|
86
“යම් කලෙක උකුසු පක්ෂිතෙම ගන්ධමාදන පර්වතය තුඩින් ගෙණ යන්නේද, ඉක්බිති එකල්හි ඒකාන්තයෙන් සමාගමය වන්ය.
|
87
යදා සාමුද්දිකං නාවං, ස-යන්තං ස-වටාකරං
(සපටාකාරං (ක.));
චෙටො ආදාය ගච්ඡෙය්ය, අථ නූන තදා සියාති.
|
87
“යම් කලෙක යන්ත්රාදී උපකරණ සහිතවූ පටාකාර සහිතවූ සමුද්රයෙහිවූ නැවක් කොලුවෙක් ගෙනියන්නේද, ඉක්බිති එකල්හි එකාන්තයෙන් සමාගමය වන්නේය.”
|
426. දීපිජාතකං (10) | 426. දීපි ජාතකය |
88
ඛමනීයං යාපනීයං, කච්චි මාතුල තෙ සුඛං;
සුඛං තෙ අම්මා අවච, සුඛකාමාව
(සුඛකාමා හි (සී. ස්‍යා. පී.)) තෙ මයං.
|
88
“මයිලණුවෙනි, කිම ඉවසිය හැකිද යැපිය හැකිද, ඔබට සැපද ඔබගේ සුවය මව් තොමෝ අද විචාළීය. අපිද ඔබට සුව කැමැත්තාහුද වෙමු.
|
89
නඞ්ගුට්ඨං මෙ අවක්කම්ම
(අපක්කම්ම (ක.)), හෙඨයිත්වාන
(පොථයිත්වාන (ක.)) එළිකෙ
(එළකි (ස්‍යා.), එළිකි (පී.));
සාජ්ජ මාතුලවාදෙන, මුඤ්චිතබ්බා නු මඤ්ඤසි.
|
89
“එළුදෙන, මාගේ වල්ගා හවරිය පාගා බලාත්කාරකම්කොට අද මයිලනුවෙනි යන වචනයෙන් මිදිය යුත්තීයයි සිතන්නෙහිද?
|
90
පුරත්ථාමුඛො නිසින්නොසි, අහං තෙ මුඛමාගතා;
පච්ඡතො තුය්හං නඞ්ගුට්ඨං, කථං ඛ්වාහං අවක්කමිං
(අපක්කමිං (ක.)).
|
90
“පූර්ව දිශාවට අභිමුඛව හුන්නෙහිය. මම නුඹ වහන්සේගේ ඉදිරියෙන් ආමි. පසුපසින් ඔබගේ නගුටවෙයි කෙසේ නම් පෑගුයෙම්ද?
|
91
යාවතා
තාවතා මය්හං නඞ්ගුට්ඨං, කථං ඛො ත්වං විවජ්ජයි.
|
91
“සමුද්‍ර සහිතවූ පර්වත සහිතවූ සතර දිවයින යම් තාක් වෙද්ද, මාගේ වල්ගා හවරිය ඒතාක්වේ. කෙසේ නම් තී එය නොගන්නීද?
|
92
පුබ්බෙව මෙතමක්ඛිංසු
(මෙතං අක්ඛංසු (සී. පී.)), මාතා පිතා ච භාතරො;
දීඝං දුට්ඨස්ස නඞ්ගුට්ඨං, සාම්හි වෙහායසාගතා.
|
92
“දුෂ්ටයාගේ නගුට දික්ය යන ඒ කරුණ මව්පියෝද සහෝදරයෝද පෙරම මට කීහු. ඒ මම අහසින් ආමි.
|
93
තඤ්ච දිස්වාන ආයන්තිං, අන්තලික්ඛස්මි එළිකෙ;
මිගසඞ්ඝො පලායිත්ථ, භක්ඛො මෙ නාසිතො තයා.
|
93
“එළුදෙන අහසෙහි එන්නාවූද තී දැක මුව සමූහයා පැන ගියේය. තී විසින් මාගේ ගොදුර නසන ලදී.
|
94
ඉච්චෙවං විලපන්තියා, එළකියා රුහග්ඝසො;
ගලකං අන්වාවමද්දි, නත්ථි දුට්ඨෙ සුභාසිතං.
|
94
“මෙසේ කියා එසේ වලප්නාවූ එළුදෙනගේ ගෙල ලෝහිත පානය කරන්නාවූ දිවිතෙමේ ඩැහැගෙණ පෙළීය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත (හිත) වචනයෙක් නැත්තේය.
|
95
නෙව
නික්කමං දුට්ඨෙ යුඤ්ජෙථ, සො ච සබ්භිං න රඤ්ජතීති.
|
95
“දුෂ්ටයා කෙරෙහි නීතියක් නොම ඇත්තේය. ස්වභාව ධර්මයෙක්ද නොම ඇත්තේය. යහපත් වචනයෙක්ද නැත්තේය. දුෂ්ටයා කෙරෙහි පරාක්‍රමය යොදන්නේය. ඒ දුෂ්ට තෙමේද සත්පුරුෂයන් හා නොඇලේයයි කීයේය.”
|