ත්‍රිපිටකය
11. නාරදබුද්ධවංසො 11. නාරද බුදුරදුන්ගේ වංශය
1
පදුමස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො;
නාරදො නාම නාමෙන, අසමො අප්පටිපුග්ගලො.
1
පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නම්න් “නාරද” නම්වූ සම්බුදු රජතෙම වී.
2
සො බුද්ධො චක්කවත්තිස්ස, ජෙට්ඨො දයිතඔරසො;
ආමුක්කමාලාභරණො, උය්‍යානං උපසඞ්කමි.
2
ඒ (නාරද) බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ (ධනඤ්ජය නම්) උයනට එළඹියේය.
3
තත්ථාසි රුක්ඛො යසවිපුලො, අභිරූපො බ්‍රහා සුචි;
තමජ්ඣපත්වා උපනිසීදි, මහාසොණස්ස හෙට්ඨතො.
3
ඒ උයනෙහි ලෝකයෙහි ප්‍රසිද්‍ධවූ, දැකුම්කළු (හොඳින් වැඩුණු) මහත් පිවිතුරු (රත්තොටිල) ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.
4
තත්ථ ඤාණවරුප්පජ්ජි, අනන්තං වජිරූපමං;
තෙන විචිනි සඞ්ඛාරෙ, උක්කුජ්ජමවකුජ්ජකං (කුජ්ජතං (ස්‍යා. කං.)).
4
ඒ තොටිල ගස මුලදී වජ්‍රයකට බඳු (හෙවත් තියුණුවූ) පමණ කළ නොහැකි සර්‍වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් (සියලු) සංස්කාරයන් විමසීම කෙළේය.
5
තත්ථ සබ්බකිලෙසානි, අසෙසමභිවාහයි;
පාපුණී කෙවලං බොධිං, බුද්ධඤාණෙ ච චුද්දස.
5
ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් (තණි) රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.
6
පාපුණිත්වාන සම්බොධිං, ධම්මචක්කං පවත්තයි;
කොටිසතසහස්සානං, පඨමාභිසමයො අහු.
6
(උන්වහන්සේ) බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ සේක. කෝටි ලක්‍ෂයක් දෙනාට පළමුවන ධර්‍මාවබෝධය වී.
7
මහාදොණං නාගරාජං, විනයන්තො මහාමුනි;
පාටිහෙරං තදාකාසි, දස්සයන්තො සදෙවකෙ.
7
ඒ කාලයෙහි (නාරද) මහමුනිසඳු, “මහාදොණ” නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා දක්වමින් (යමාමහ) පෙළහරක් කළ සේක.
8
තදා දෙවමනුස්සානං, තම්හි ධම්මප්පකාසනෙ;
නවුතිකොටිසහස්සානි, තරිංසු සබ්බසංසයං.
8
ඒ කාලයෙහි (කළ) ඒ දම්දෙසුමෙහිදී කෝටි අසූ දහසක් දෙවි මිනිස්සු සියලු සැක දුරු කළහ.
9
යම්හි කාලෙ මහාවීරො, ඔවදී සකමත්‍රජං;
අසීතිකොටිසහස්සානං, තතියාභිසමයො අහු.
9
මහාවීරවූ (නාරද) බුදුරජතෙම යම් කාලයක සිය පුතුට අවවාද කළ සේක්ද, (ඒ කාලයෙහි) කෝටි අසූ දහසක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය වී.
10
සන්නිපාතා තයො ආසුං, නාරදස්ස මහෙසිනො;
කොටිසතසහස්සානං, පඨමො ආසි සමාගමො.
10
මහර්ෂීවු නාරද බුදුරජුන්ට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනාගේ පළමුවන සමාගමය වී.
11
යදා බුද්ධො බුද්ධගුණං, සනිදානං පකාසයි;
නවුතිකොටිසහස්සානි, සමිංසු විමලා තදා.
11
යම් කාලයෙක (නාරද) බුදුරජතෙම බුදුගුණ කරුණු සහිතව ප්‍රකාශ කළ සේක්ද, එදා කෝටි අනූදහසක් රහතුන් වහන්සේලා (දෙවන වර) රැස්වූහ.
12
යදා වෙරොචනො නාගො, දානං දදාති සත්ථුනො;
තදා සමිංසු ජිනපුත්තා, අසීතිසතසහස්සියො.
12
යම් කාලයෙක “වෙරොචන” නම් නාගරාජ තෙම ශාස්තෲන් වහන්සේට දානයක් දුන්නේද, එදා අසූ ලක්‍ෂයක් පමණ ජිනපුත්‍රයෝ (රහත්හු) තුන්වන වර රැස්වූහ.
13
අහං තෙන සමයෙන, ජටිලො උග්ගතාපනො;
අන්තලික්ඛචරො ආසිං, පඤ්චාභිඤ්ඤාසු පාරගූ.
13
මම ඒ කාලයෙහි දැඩිලෙස කෙලෙස් තැවූ, පඤ්චාභිඥාවන්හි පරතෙරට පැමිණි, අහසෙහි ගමන්කරන ජටිලයෙක් (ජටා බැඳි තවුසෙක්) වීමි.
14
තදාපාහං අසමසමං, සසඞ්ඝං සපරිජ්ජනං;
අන්නපානෙන තප්පෙත්වා, චන්දනෙනාභිපූජයිං.
14
“ඒ කාලයෙහිද මම සඞ්ඝයා සහිතවූ පිරිවර ඇති උපාසක ජනයා සහිතවූ අසමසමවූ බුදුරජුන් ආහාරපානයෙන් (වළඳවා) සඳුනෙන් මනාව පිදුවෙමි.
15
සොපි මං තදා බ්‍යාකාසි, නාරදො ලොකනායකො;
‘‘අපරිමෙය්‍යිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
15
ලෝනාහිමිවූ ඒ නාරද බුදුරජතෙමේ (මේ ජටිල) තෙම මෙයින් අපමන කපෙහි බුදුවන්නේයයි මා (ගැණ) ප්‍රකාශයක් කළ සේක.
16
‘‘පධානං පදහිත්වාන...පෙ.... හෙස්සාම සම්මුඛා ඉමං’’.
16
“ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
“මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
“කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
“ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
“චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
“ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
“යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
“එපරිද්දෙන්ම අපි හැමදෙන මේ නාරද බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”
17
තස්සාපි වචනං සුත්වා, භිය්‍යො හාසෙත්ව මානසං;
අධිට්ඨහිං වතං උග්ගං, දසපාරමිපූරියා.
17
ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
18
නගරං ධඤ්ඤවතී නාම, සුදෙවො නාම ඛත්තියො;
අනොමා නාම ජනිකා, නාරදස්ස මහෙසිනො.
18
මහර්ෂීවූ නාරද බුදුරදුන්ගේ (උපන්) නුවර “ධඤ්ඤවතී” නම්. (පියතෙම) “සුදෙව” නම් රජය. වැදූ මව්තොමෝ “අනොමා” නම් වූවාය.
19
නවවස්සසහස්සානි , අගාරං අජ්ඣ සො වසි;
ජිතො විජිතාභිරාමො, තයො පාසාදමුත්තමා.
19
ඒ (නාරද) බුදුරජතෙම (බුදුවීමට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. “ජිත” ය, “විජිත” ය, “අභිරාම” ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.
20
තිචත්තාරීසසහස්සානි, නාරියො සමලඞ්කතා;
විජිතසෙනා නාම නාරී, නන්දුත්තරො නාම අත්‍රජො.
20
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි. බිරින්ද “විජිත සේනා” නම් වූවාය. පුත් තෙම “නන්දුත්තර” නම් වී.
21
නිමිත්තෙ චතුරො දිස්වා, පදසා ගමනෙන නික්ඛමි;
සත්තාහං පධානචාරං, අචරී පුරිසුත්තමො (ලොකනායකො (සී. ක.)).
21
සතර පෙර නිමිති දැක, පා ගමණින් මහබිනික්මන් කෙළේය. (නාරද) ලෝනා හිමිඳ සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
22
බ්‍රහ්මුනා යාචිතො සන්තො, නාරදො ලොකනායකො;
වත්ති චක්කං මහාවීරො, ධනඤ්චුය්‍යානමුත්තමෙ.
22
මහාවීරවූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, “ධනඤ්ජය” නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.
23
භද්දසාලො ජිතමිත්තො, අහෙසුං අග්ගසාවකා;
වාසෙට්ඨො නාමුපට්ඨාකො, නාරදස්ස මහෙසිනො.
23
මහර්ෂීවූ නාරද බුදුරදුන්ට “භද්දසාල” ද, “ජිනම්ත්ත” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ “වාසෙට්ඨ” නම් වී.
24
උත්තරා ඵග්ගුනී චෙව, අහෙසුං අග්ගසාවිකා;
බොධි තස්ස භගවතො, මහාසොණොති වුච්චති.
24
“උත්තරා” ද, “ඵග්ගුණී” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක “තොටිල” ගසයයි කියනු ලැබේ.
25
උග්ගරින්දො වසභො ච, අහෙසුං අග්ගුපට්ඨකා;
ඉන්දාවරී ච වණ්ඩී (උන්දී (සී.), ගණ්ඩී (ස්‍යා. කං.)) ච, අහෙසුං අග්ගුපට්ඨිකා.
25
“උග්ගරින්‍ද” ද, “වසභ” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. “ඉන්‍දවරී” ද, “ඉන්දී” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
26
අට්ඨාසීතිරතනානි , අච්චුග්ගතො මහාමුනි;
කඤ්චනග්ඝියසඞ්කාසො, දසසහස්සී විරොචති.
26
අසූඅට රියනක් උස්වූ, රන් ඇගෑවක් (පහන් කණුවක්) බඳු (නාරද) මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබලවති.
27
තස්ස බ්‍යාමප්පභා කායා, නිද්ධාවති දිසොදිසං;
නිරන්තරං දිවාරත්තිං, යොජනං ඵරතෙ සදා.
27
ඒ (නාරද) බුදුරජුන්ගේ ශරීරයෙන් බඹයක් පමණවූ ආලෝකය හාත්පස නිතර දුවයි. (පැතිරෙයි.) දවල්ද, රෑද නිතර යොදුනක් තැන් පතුරුවයි.
28
න කෙචි තෙන සමයෙන, සමන්තා යොජනෙ ජනා;
උක්කාපදීපෙ උජ්ජාලෙන්ති, බුද්ධරංසීහි ඔත්ථටා.
28
ඒ කාලයෙහි (නාරද) බුදුරජුන්ගේ රශ්මියෙන් පැතුරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම්ද, පහන්ද නොදල්වත්.
29
නවුතිවස්සසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
29
ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. ඒ (නාරද) බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
30
යථා උළූහි ගගනං, විචිත්තං උපසොභති;
තථෙව සාසනං තස්ස, අරහන්තෙහි සොභති.
30
යම්සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරුව හොබීද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොටගෙණ ශෝභාවත් විය.
31
සංසාරසොතං තරණාය, සෙසකෙ පටිපන්නකෙ;
ධම්මසෙතුං දළ්හං කත්වා, නිබ්බුතො සො නරාසභො.
31
ඒ නරදෙටු (නාරද) බුදුරජතෙම (රහතුන් හැර) සෙසු (පිළිවෙත් පිරූ සෙඛාදී) පුද්ගලයන්ට සංසාර නමැති සැඩපහර එතර කිරීම පිණිස මාර්‍ග නැමැති හෙය (ඒදණ්ඩ) දැඩිකොට තබා පිරිනිවි සේක.
32
සොපි බුද්ධො අසමසමො, තෙපි ඛීණාසවා අතුලතෙජා;
සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
32
අසමසමවූ ඒ (නාරද) බුදුරජතෙමේද, අසමාන තෙද ඇති ඒ රහත්හුද යන සියල්ල අතුරුදන්වී. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නොවෙත්ද?
33
නාරදො ජිනවසභො, නිබ්බුතො සුදස්සනෙ පුරෙ;
තත්ථෙවස්ස ථූපවරො, චතුයොජනමුග්ගතොති.
33
(නාරද) ජිනරාජයන් වහන්සේ සුදස්සන නම් නුවරෙහි පිරිනිවි සේක. ඒ නුවරෙහිම ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උසට නැංගේය. (බැන්දේය.)