6. සුමනබුද්ධවංසො | 6. සුමන බුදුරදුන්ගේ වංශය |
1
මඞ්ගලස්ස අපරෙන, සුමනො නාම නායකො;
සබ්බධම්මෙහි අසමො, සබ්බසත්තානමුත්තමො.
|
1
මඞ්ගල බුදුරදුන්ට පසු කාලයෙහි සියලු ධර්මයන් අසමවූ, සියලු සත්ත්‍වයන්ට උතුම්වූ, සුමන නම් ලෝකනායක තෙම වී.
|
2
තදා අමතභෙරිං සො, ආහනී මෙඛලෙ පුරෙ;
ධම්මසඞ්ඛසමායුත්තං, නවඞ්ගං ජිනසාසනං.
|
2
ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහුද “මෙඛල” නම් නුවරදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍ම කථා නම්වූ නවාංඞ්ග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.
|
3
නිජ්ජිනිත්වා කිලෙසෙ සො, පත්වා සම්බොධිමුත්තමං;
මාපෙසි නගරං සත්ථා, සද්ධම්මපුරවරුත්තමං.
|
3
ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම්වූ සම්බොධියට (බුදුබවට) පැමිණ නිවන් නමැති නුවරක් මැවී. ඒ දහම් නමැති පුරයෙහි
|
4
නිරන්තරං අකුටිලං, උජුං විපුලවිත්ථතං;
මාපෙසි සො මහාවීථිං, සතිපට්ඨානවරුත්තමං.
|
4
උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී.
|
5
ඵලෙ
ඡළභිඤ්ඤාට්ඨසමාපත්තී, පසාරෙසි තත්ථ වීථියං.
|
5
ඒ වීථියෙහි (සෝවාන් ආදී) සතර පැවිදි ඵලයන්ද, සිව්පිළිසිඹියාවන්ද, ෂට් අභිඥවෙන්ද, අට සමවත්ද පැතිරවී.
|
6
යෙ අප්පමත්තා අඛිලා, හිරිවීරියෙහුපාගතා;
තෙ තෙ ඉමෙ ගුණවරෙ, ආදියන්ති යථා සුඛං.
|
6
යම් කෙනෙක් නොපමාවූවාහුද, පඤ්චචෙතොබලයෙන් (සිතේ ඇනුණු උල් පසින්) තොරවූවාහුද, ලජ්ජාවෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහුද, ඒ ඒ දෙවි මිනිස්සු මේ උතුම් ගුණයන් පහසුවෙන් ගණිත්.
|
7
එවමෙතෙන යොගෙන, උද්ධරන්තො මහාජනං;
බොධෙසි පඨමං සත්ථා, කොටිසතසහස්සියො.
|
7
මෙසේ (සුමන) ශාස්තෲන් වහන්සේ මේ ආකාරයෙන් මහජනයා (සසර සයුරෙන්) ගොඩලමින් කෝටි ලක්‍ෂයකට පළමුවර සිව්සස් අවබෝධ කරවූ සේක.
|
8
යම්හි කාලෙ මහාවීරො, ඔවදී තිත්ථියෙ ගණෙ;
කොටිසහස්සාභිසමිංසු
(කොටිසතසහස්සානි (ස්‍යා. කං.), කොටිසතසහස්සානං (ක.)), දුතියෙ ධම්මදෙසනෙ.
|
8
මහාවීරතෙම යම් කලෙක තීර්ත්‍ථක සමූහයාට අවවාද කළ සේක්ද, (ඒ) දෙවනවර දම් දෙසුමෙහිදී කෝටි දහසක් දෙනා ධර්මය අවබෝධ කළාහුය.
|
9
යදා දෙවා මනුස්සා ච, සමග්ගා එකමානසා;
නිරොධපඤ්හං පුච්ඡිංසු, සංසයඤ්චාපි මානසං.
|
9
යම් කලෙක දෙවියෝද, මිනිස්සුද සමගිවූවාහු, එක් සිත් ඇත්තාහු නිරෝධය (නිවණ) පිළිබඳ ප්‍රශ්නද, සිතේ හටගත් සැකය විචාළාහුද,
|
10
තදාපි
නවුතිකොටිසහස්සානං, තතියාභිසමයො අහු.
|
10
ඒ කාලයෙහි නිවන් දක්වන දම් දෙසුමෙහිදී කෝටි අනූ දහසක් දෙනාට තුන්වනවර ධර්මය අවබෝධ වී.
|
11
සන්නිපාතා තයො ආසුං, සුමනස්ස මහෙසිනො;
ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
|
11
මහාර්ෂිවූ සුමන බුදුරදුන්ට (හොඳ නරක දෙකෙහි සමව පවත්නා) තාදී තුණ ඇති, රාගාදී කිලුටු නැති මහතුන්ගේ රැස්වීම් තුනක් විය.
|
12
වස්සංවුත්ථස්ස
කොටිසතසහස්සෙහි, පවාරෙසි තථාගතො.
|
12
වස් විසූ භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණය දැන්වූ කල්හි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන් සමග තථාගතයන් වහන්සේ පවාරණය කළ සේක.
|
13
තතොපරං සන්නිපාතෙ, විමලෙ කඤ්චනපබ්බතෙ;
නවුතිකොටිසහස්සානං, දුතියො ආසි සමාගමො.
|
13
ඉන්පසු නිර්මලවූ කසුන් පව්වෙහි රැස්වීමේදී කෝටි අනූ දහසකගේ දෙවන රැස්වීම විය.
|
14
යදා සක්කො දෙවරාජා, බුද්ධදස්සනුපාගමි;
අසීතිකොටිසහස්සානං, තතියො ආසි සමාගමො.
|
14
යම් කලෙක සක්දෙව් රජ බුදුන් දැකීමට එළඹියේද, (එකල්හි) කෝටි අනූ දහසක් දෙනාගේ තුන්වන රැස්වීම වී.
|
15
අහං
අතුලො නාම නාමෙන, උස්සන්නකුසලසඤ්චයො.
|
15
මම ඒ කාලයෙහි මහත් ඎද්‍ධි ඇති, වැඩුනු කුසල් රාශි ඇති, නම්න් “අතුල” නම්වූ නාගරාජයෙක් වීමි.
|
16
තදාහං නාගභාවනා, නික්ඛමිත්වා සඤාතිභි;
නාගානං දිබ්බතුරියෙහි, සසඞ්ඝං ජිනමුපට්ඨහිං.
|
16
ඒ කාලයෙහි මම නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන්ගේ දිව්‍ය තූර්‍ය්‍යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේට උවටැන් කෙළෙමි.
|
17
කොටිසතසහස්සානං, අන්නපානෙන තප්පයිං;
පච්චෙකදුස්සයුගං දත්වා, සරණං තමුපාගමිං.
|
17
කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන්ට ආහාර පානයෙන් සංග්‍රහ කෙළෙමි. එක එක නමට පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියෙමි.
|
18
සොපි මං බුද්ධො බ්‍යාකාසි, සුමනො ලොකනායකො;
‘‘අපරිමෙය්‍යිතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
|
18
ලෝකනායකවූ ඒ සුමන නම් බුදුරජහුද මෙයින් අපමණ කල්පයේදී මෙතෙම බුදුවන්නේයයි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
|
19
‘‘පධානං පදහිත්වාන...පෙ....
|
19
“්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
“ොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
“ෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
“ෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
“ිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
“දින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
“ම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
“පරිද්දෙන්ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”
|
20
තස්සාපි වචනං සුත්වා, භිය්‍යො චිත්තං පසාදයිං;
උත්තරිං වතමධිට්ඨාසිං, දසපාරමිපූරියා.
|
20
ඒ බුදුරදුන්ගේද වචනය අසා බොහෝසේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.
|
21
නගරං මෙඛලං නාම
(මෙඛලං නාම නගරං (සී. ස්‍යා.)), සුදත්තො නාම ඛත්තියො;
සිරිමා නාම ජනිකා, සුමනස්ස මහෙසිනො.
|
21
සුමන බුදුරදුන්ගේ (උපන්) නතරය මෙඛල නම්වී. පියගෙම “සුදත්ත” නම් රජය. වැදූ මව “සිරිමා” නමැති බිසව වූවාය.
|
22
නවවස්සසහස්සානි
චන්දො සුචන්දො වටංසො ච, තයො පාසාදමුත්තමා.
|
22
ඒ සුමන බුදුහු (බෝසත් කල) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. චන්‍ද්‍රය, සුචන්‍ද්‍රය, වටංස යයි උතුම් තුන් පහයක් වූහ.
|
23
තෙසට්ඨිසතසහස්සානි, නාරියො සමලඞ්කතා;
වටංසිකා නාම නාරී, අනූපමො නාම අත්‍රජො.
|
23
මනාව සරසන ලද (පිරිවර) අඟනෝ සැටතුන් දහසකි. බිරින්ද වටංසකී නම් වූවාය. පුත් තෙම අනූපම නම් වී.
|
24
නිමිත්තෙ
අනූනදසමාසානි, පධානං පදහී ජිනො.
|
24
(ඒ) සුමන ජිනරාජතෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුලුල්ලෙහි (බුදුවීම පිණිස) ප්‍රධාන වීර්‍ය්‍යය (මහා උත්සාහය) කෙළේය.
|
25
බ්‍රහ්මුනා
වත්ති චක්කං මහාවීරො, මෙඛලෙ පුරමුත්තමෙ.
|
25
මහාවීරවූ සුමන නම් ලොනාහිමිහු බඹහු විසින් අයදනා ලද්දේ, මෙඛල නම් උතුම් නුවරෙහි දී දම්සක් පැවැත්වූ සේක.
|
26
සරණො භාවිතත්තො ච, අහෙසුං අග්ගසාවකා;
උදෙනො නාමුපට්ඨාකො, සුමනස්ස මහෙසිනො.
|
26
සුමන බුදුරජුන්ට “සරණ” ද, “භාවිතත්ත” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ උදාන නම් වී.
|
27
සොණා ච උපසොණා ච, අහෙසුං අග්ගසාවිකා;
සොපි බුද්ධො අමිතයසො, නාගමූලෙ අබුජ්ඣථ.
|
27
“ොනා” ද, “උපසොනා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. අපමණ පිරවර ඇති ඒ සුමන බුදුරජහුද “නා ගස” මුලදී සිව්සස් අවබෝධ කළ සේක.
|
28
වරුණො චෙව සරණො ච, අහෙසුං අග්ගුපට්ඨකා;
චාලා ච උපචාලා ච, අහෙසුං අග්ගුපට්ඨිකා.
|
28
“රුණ” ද, “සරණ” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. “මාලා” ද, “උපමාලා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.
|
29
උච්චත්තනෙන
(උච්චතරෙන (ක.)) සො බුද්ධො, නවුතිහත්ථමුග්ගතො;
කඤ්චනග්ඝියසඞ්කාසො, දසසහස්සී විරොචති.
|
29
ඒ සුමන බුදුරජහු උසින් අසූ රියනක් උස්වූයේ, රන් පහන් කනුවක් සේ දස දහසක් සක්වළ බැබලවී.
|
30
නවුතිවස්සසහස්සානි, ආයු විජ්ජති තාවදෙ;
තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
|
30
ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය පවතී. ඒ සුමන බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (සසර කතරින්) එතර කළ සේක.
|
31
තාරණීයෙ
පරිනිබ්බායි සම්බුද්ධො, උළුරාජාව අත්ථමි.
|
31
සම්බුදුරජතෙම එතර කළ යුතු සත්ත්‍වයින් ‘සසරින්) එතර කරවා අවබෝධ කළ යුතු සත්ත්‍වයන්ට සිව්සස් අවබෝධ කරවී. (නැවත) අස්තයට ගිය තරු රජ (සඳ) මෙන් පිරිනිවි සේක්.
|
32
තෙ
අතුලප්පභං දස්සයිත්වා, නිබ්බුතා යෙ මහායසා.
|
32
ඒ ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂූහුද, අසදෘශ (සම කෙනෙක් නැති) ඒ සුමන බුදුරජහුද යන මහ පිරිවර ඇති උන්වහන්සේලා අසමවූ ශෝභාව දක්වා පිරිනිවි සේක.
|
33
තඤ්ච ඤාණං අතුලියං, තානි ච අතුලානි රතනානි;
සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
|
33
සමාන නොකළ හැකි ඒ (බුදු) නුවණද, තුලනය (සම) නොකළ හැකි ඒ බුද්‍ධාදී තෙරුවන්ද යන සියල්ල අතුරුදන්විය. (නොපෙනී ගියේය.) සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?
|
34
සුමනො යසධරො බුද්ධො, අඞ්ගාරාමම්හි නිබ්බුතො;
තත්ථෙව තස්ස ජිනථූපො, චතුයොජනමුග්ගතොති.
|
34
කීර්තිය දැරූ සුමන බුදුරජහුද “අඞ්ගාරාම” යෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජින සෑය (දාගැබ) සිව් යොදුනක්ව උස්ව නැංගේය. (බඳින ලද්දෝය.)
|