ත්‍රිපිටකය
2. එකූපොසථිකවග්ගො 2. එකු පොසථිකා වග්ග
1. එකූපොසථිකාථෙරීඅපදානං 1. එකු පොසථිකාපදානය
2. සළලපුප්ඵිකාථෙරීඅපදානං 2. සලල පුප්ඵිකාපදානය
3. මොදකදායිකාථෙරීඅපදානං 3. මොදකදායිකාථෙරීඅපදානං
4. එකාසනදායිකාථෙරීඅපදානං 4. එකාසන දායිකාපදානය
5. පඤ්චදීපදායිකාථෙරීඅපදානං 5. පඤ්චදීපදායිකාපදානය
6. නළමාලිකාථෙරීඅපදානං 6. නළමාලිකාපදානය
7. මහාපජාපතිගොතමීථෙරීඅපදානං 7. මහා ප්‍රජාපතී ගොතමී පදානය
97
‘‘එකදා ලොකපජ්ජොතො, වෙසාලියං මහාවනෙ;
කූටාගාරෙ සුසාලායං, වසතෙ නරසාරථි.
97
“එක් කලෙක ලොව බබුළුවන්නාවූ, නරදම්සැරිවූ බුදුරජාණන් වහන්සේ විශාලා නගරයෙහි මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
98
‘‘තදා ජිනස්ස මාතුච්ඡා, මහාගොතමි භික්ඛුනී;
තහිං කතෙ (තහිංයෙව (ස්‍යා.)) පුරෙ රම්මෙ, වසී භික්ඛුනුපස්සයෙ.
98
“එකල්හි බුදුරජුන්ගේ සුළුමවවූ මහා ප්‍රජාපතී භික්‍ෂුණීතොමෝ එම විශාලා නගරයෙහි කරණ ලද රම්‍යවූ භික්‍ෂුණී අසපුවක විසුවාය.
99
‘‘භික්ඛුනීහි විමුත්තාහි, සතෙහි සහ පඤ්චහි;
රහොගතාය තස්සෙවං, චිතස්සාසි (චිත්තස්සාපි (ස්‍යා.)) විතක්කිතං.
99
“රහත්වූ පන් සියයක් භික්‍ෂුණීන් සමග හුදකලාව (විවේකයෙන්) විසූ එම ප්‍රජාපතී ගොතමියගේ සිතට මෙබඳු අදහසක් ඇතිවිය.
100
‘‘බුද්ධස්ස පරිනිබ්බානං, සාවකග්ගයුගස්ස වා;
රාහුලානන්දනන්දානං, නාහං ලච්ඡාමි පස්සිතුං.
100
“මම බුදුරජුන්ගේ හෝ, අගසව් දෙනමගේ හෝ, රාහුල-ආනන්‍ද- නන්‍ද යන සව්වන්ගේ හෝ පිරිනිවන දකින්නට නොලබන්නෙමි.
101
‘‘බුද්ධස්ස පරිනිබ්බානා, සාවකග්ගයුගස්ස වා;
මහාකස්සපනන්දානං, ආනන්දරාහුලාන ච.
101
“බුදුරජුන්ගේද, අගසව් දෙනමගේද, මහා කාශ්‍යප, නන්‍ද-ආනන්‍ද, රාහුල යන මේ සව්වන්ගේද පරිනිර්‍වාණයෙන්,
102
‘‘පටිකච්චායුසඞ්ඛාරං (පටිගච්චායුසඞ්ඛාරෙ (සී.)) , ඔසජ්ජිත්වාන නිබ්බුතිං;
ගච්ඡෙය්‍යං ලොකනාථෙන, අනුඤ්ඤාතා මහෙසිනා.
102
“පෙරාතුවම බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ මම ආයුසංස්කාරය හැර නිවනට යන්නෙමි” ය (කියායි.)
103
‘‘තථා පඤ්චසතානම්පි, භික්ඛුනීනං විතක්කිතං;
ආසි ඛෙමාදිකානම්පි, එතදෙව විතක්කිතං.
103
“පන්සියයක් භික්‍ෂුණීන්ගේ අදහසද මෙබඳුම විය. ඛෙම ආදී භික්‍ෂුණීන්ගේ අදහසද මෙයම විය.
104
‘‘භූමිචාලො තදා ආසි, නාදිතා දෙවදුන්දුභී;
උපස්සයාධිවත්ථායො, දෙවතා සොකපීළිතා.
104
“එකල්හි භූමිකම්පාවක් විය. දිව බෙර නාද කළහ. භික්‍ෂුණී අසපුවෙහි අධිගෘහිතවූ, ශෝකයෙන් පෙළුනාවූ දෙවිවරු දුක් සහිතවම හඬන්නාහු එහි කඳුළු හෙලූහ.
105
‘‘විලපන්තා සුකරුණං (සකරුණං (සී. ස්‍යා. පී.)), තත්ථස්සූනි පවත්තයුං;
මිත්තා (සබ්බා (ස්‍යා. පී.)) භික්ඛුනියො තාහි, උපගන්ත්වාන ගොතමිං.
105
“ඒ මිත්‍රවූ භික්‍ෂුණීහු ගෝතමිය වෙත එළඹ හිසින් පාමුල වැටී මෙම වචනය කීහ.
106
‘‘නිපච්ච සිරසා පාදෙ, ඉදං වචනමබ්‍රවුං;
‘තත්ථ තොයලවාසිත්තා, මයමය්‍යෙ රහොගතා.
106
“ආර්‍ය්‍යාවෙනි, දියබිඳු ඉසින ලද්දාක් වැනිවූ හෙවත් සිසිල් බැවින් කායික අස්වැසිලි ලැබූ අපි එම අසපුවෙහි විවේකයෙහි යෙදුනේ වෙමු. (එකල්හි) නිශ්චලවූ පෘථිවිතොමෝ චලනය වූවාය. දිව්‍ය භෙරීහු වාදනය කරන ලදහ. හැඬීම්ද ඇසෙත්. ගෝතමීන් වහන්ස, ඒකාන්තයෙන් මෙය කුමක් සඳහා වූවක්ද?
107
‘‘‘සා චලා චලිතා භූමි, නාදිතා දෙවදුන්දුභී;
පරිදෙවා ච සුය්‍යන්තෙ, කිමත්ථං නූන ගොතමී’.
107
108
‘‘තදා අවොච සා සබ්බං, යථාපරිවිතක්කිතං;
තායොපි සබ්බා ආහංසු, යථාපරිවිතක්කිතං.
108
“එකල්හි ඒ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ සිතන ලද පරිදි සියල්ලක් කීවාය. ඒ සියළු භික්‍ෂුණීහුද තම තමන් සිතන ලද පරිදි කීවාහුය.
109
‘‘‘යදි තෙ රුචිතං අය්‍යෙ, නිබ්බානං පරමං සිවං;
නිබ්බායිස්සාම සබ්බාපි, බුද්ධානුඤ්ඤාය සුබ්බතෙ.
109
“මනා ව්‍රත ඇති ආර්‍ය්‍යයන් වහන්ස, ඉදින් ශාන්තියවූ උතුම් නිවන (ලැබීම) ඔබ වහන්සේගේ රුචිය නම් බුදුරජාණන් වහන්සේගේ අනුමතිය පරිදි (අපි) සියල්ලෝම පිරිනිවන් පාන්නෙමු.
110
‘‘‘මයං සහාව නික්ඛන්තා, ඝරාපි ච භවාපි ච;
සහායෙව ගමිස්සාම, නිබ්බානං පදමුත්තමං’.
110
“අපි ගිහිගෙහිනුදු, භවයෙනුදු, එක්වම නික්මුනෝ වෙමු. උතුම්වූ නිවන් පුරයටද එක්වම යන්නෙමු” ය (කියායි.)
111
‘‘‘නිබ්බානාය වජන්තීනං, කිං වක්ඛාමී’ති සා වදං;
සහ සබ්බාහි නිග්ගඤ්ඡි, භික්ඛුනීනිලයා තදා.
111
“ඒ ප්‍රජාපතී ගෝතමී තොමෝ, “නිවනට යන්නියන්හට කුමක් කියන්නෙම්දැ” යි තෙපලමින් එකල්හි (ඒ) සියළු භික්‍ෂුණීන් සමග අසපුවෙන් නික්මුණාය.
112
‘‘උපස්සයෙ යාධිවත්ථා, දෙවතා තා ඛමන්තු මෙ;
භික්ඛුනීනිලයස්සෙදං, පච්ඡිමං දස්සනං මම.
112
“භික්‍ෂුණී අසපුවෙහි අධිගෘහිත යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔවුහු මට කමත්වා! භික්‍ෂුණී අසපුවෙහි මාගේ මේ අන්තිම දැකුමයි.
113
‘‘න ජරා මච්චු වා යත්ථ, අප්පියෙහි සමාගමො;
පියෙහි න වියොගොත්ථි, තං වජිස්සං (තං වජ්ජියං (ස්‍යා.)) අසඞ්ඛතං.
113
“යම් තැනෙක්හි ජරාවක් නැද්ද, මරණයක් නරද්ද, අප්‍රියයන් හා එක්වීමක් නැද්ද, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැද්ද, ඒ අසංඛත ධාතුවවූ නිවනට යන්නෙමි.
114
‘‘අවීතරාගා තං සුත්වා, වචනං සුගතොරසා;
සොකට්ටා පරිදෙවිංසු, අහො නො අප්පපුඤ්ඤතා.
114
“(රහත්බවට නොපැමිණි බැවින්) අවීතරාගීවූ බුද්ධපුත්‍රයෝ එම වචනය අසා සොවින් පෙළුනාහු, “අහෝ අපගේ පින් මඳ බවකැ” යි කියමින් හැඬූහ.
115
‘‘භික්ඛුනීනිලයො සුඤ්ඤො, භූතො තාහි විනා අයං;
පභාතෙ විය තාරායො, න දිස්සන්ති ජිනොරසා.
115
“එම භික්‍ෂුණීන්ගෙන් තොරවූ, මෙම භික්‍ෂුණී අසපුව හිස් විය. බුද්ධපුත්‍රයෝ අළුයම්හි තාරකාවන් මෙන් (බැබලීම් සහිතව) නොපෙනෙත්.
116
‘‘නිබ්බානං ගොතමී යාති, සතෙහි සහ පඤ්චහි;
නදීසතෙහිව සහ, ගඞ්ගා පඤ්චහි සාගරං.
116
“ගඞ්ගාතොමෝ පන්සියයක් නදීන් සමග සයුරට යන්නාක් මෙන් ගෝතමී තොමෝ පන්සියයක් භික්‍ෂුණීන් සමග නිවනට යන්නිය” යි රහත් නොවූවහු හැඬූහ.
117
‘‘රථියාය වජන්තියො (වජන්තිං තං (සී.), වජන්ති තං (ස්‍යා.), වජන්තානං (පී.)), දිස්වා සද්ධා උපාසිකා;
ඝරා නික්ඛම්ම පාදෙසු, නිපච්ච ඉදමබ්‍රවුං.
117
“වීථියෙහි වඩින්නාවූ ගෝතමිය දැක සැදැහැවත් උවැසියෝ ගෙවලින් නික්ම (අවුත්) පාමුල්හි වැටී මෙම වචනය කීහ.
118
‘‘‘පසීදස්සු මහාභොගෙ, අනාථායො විහාය නො;
තයා න යුත්තා (යුත්තං (සී. ස්‍යා. පී.)) නිබ්බාතුං, ඉච්ඡට්ටා විලපිංසු තා’.
118
“සප්තාර්‍ය්‍යධන නම්වූ මහත් භෝග ඇති උත්තමාවෙනි, (තව කලක් වැඩ සිටීමට) සතුටුවනු මැනව. අතහැර දමා (යාමෙන්) අපි අනාථවූ ස්ත්‍රීහු වෙමු. තී පැරිනිවන් පෑමට නුසුදුසුය.” (දුකින්) පෙළෙමින් ඒ උවැසියෝ විලාප කීවාහුය.
119
‘‘තාසං සොකපහානත්ථං, අවොච මධුරං ගිරං;
‘රුදිතෙන අලං පුත්තා, හාසකාලොයමජ්ජ වො.
119
“එම උවැසියන්ගේ ශෝකය දුරුකරණු සඳහා (ගෝතමී තොමෝ) මිහිරි වචනයෙන් මෙසේ කීවාය. “දරුවෙනි, හැඬීමෙන් කම් නැත. මේ අද තොපගේ සතුටු විය යුතු කාලයයි.
120
‘‘‘පරිඤ්ඤාතං මයා දුක්ඛං, දුක්ඛහෙතු විවජ්ජිතො;
නිරොධො මෙ සච්ඡිකතො, මග්ගො චාපි සුභාවිතො.
120
“මා විසින් දුක පිරිසිඳ දැනගන්නා ලදී. දුකට හේතුව දුරුකරන ලදී. නිවන අවබෝධ කරණ ලදී. මාර්‍ගයද මැනවින් වඩන ලදී.
121
‘‘‘පරිචිණ්ණො මයා සත්ථා, කතං බුද්ධස්ස සාසනං;
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.
121
“මා විසින් ශාස්තෘතෙම ඇසුරු කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ (සසර) බර බහා තබන ලදී. භව තෘෂ්ණාව විනාශ කරණ ලදී.
122
‘‘‘යස්සත්ථාය පබ්බජිතා, අගාරස්මානගාරියං;
සො මෙ අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො.
122
“යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වුවද, මා විසින් පැමිණෙන ලද එම අර්ත්‍ථය ඇත්තේය. (මම) සියලු සංයෝජනයන් ක්‍ෂයකෙළේද වෙමි.
123
‘‘‘බුද්ධො තස්ස ච සද්ධම්මො, අනූනො යාව තිට්ඨති;
නිබ්බාතුං තාව කාලො මෙ, මා මං සොචථ පුත්තිකා.
123
“බුදුරජතෙමේද උන්වහන්සේගේ සද්ධර්‍මයද යම්තාක් සම්පූර්‍ණව පවතී නම්, ඒතාක් කල් මාගේ පිරිනිවීමට කාලයයි. දැරියෙනි, මා ගැන ශෝක නොකරව්.
124
‘‘‘කොණ්ඩඤ්ඤානන්දනන්දාදී , තිට්ඨන්ති රාහුලො ජිනො;
සුඛිතො සහිතො සඞ්ඝො, හතදබ්බා ච තිත්ථියා.
124
“ඔසවා තබනලද ඔක්කාක වංශයාගේ කීර්තිය ඇති, මාර බලය මඩින්නාවූ සුඛිත සංඝයා සහිතවූ බුදුරජතෙමේද, රාහුල තෙමේද, තීර්ත්‍ථකයින්ගේ එඩි මඩින්නාවූ කොණ්ඩඤ්ඤ, ආනන්‍ද, නන්‍ද ආදීහුද වැඩ සිටිත්. දැරියෙනි, දැන් මාගේ පරිනිර්‍වාණය පිණිස කාලය නොවේද?
125
‘‘‘ඔක්කාකවංසස්ස යසො, උස්සිතො මාරමද්දනො;
නනු සම්පති කාලො මෙ, නිබ්බානත්ථාය පුත්තිකා.
125
126
‘‘‘චිරප්පභුති යං මය්හං, පත්ථිතං අජ්ජ සිජ්ඣතෙ;
ආනන්දභෙරිකාලොයං, කිං වො අස්සූහි පුත්තිකා.
126
“බොහෝ කලක පටන් මා විසින් යමක් පතන ලද නම් අද (එය) සමෘද්‍ධවේ. මෙය සන්තෝෂ භෙරිය (ගසන) කාලයයි. දැරියෙනි, තොපගේ කඳුළු හෙලීමෙන් කවර ප්‍රයෝජනද?
127
‘‘‘සචෙ මයි දයා අත්ථි, යදි චත්ථි කතඤ්ඤුතා;
සද්ධම්මට්ඨිතියා සබ්බා, කරොථ වීරියං දළ්හං.
127
“ඉදින් මා කෙරෙහි දයාවක් ඇත්නම්, ඉදින් කෙළෙහිගුණ සැලකීමක් ඇත්නම් සසුනෙහි පැවැත්ම පිණිස සියල්ලෝ දැඩිසේ වීර්‍ය්‍ය කරව්.
128
‘‘‘ථීනං අදාසි පබ්බජ්ජං, සම්බුද්ධො යාචිතො මයා;
තස්මා යථාහං නන්දිස්සං, තථා තමනුතිට්ඨථ’.
128
“මා විසින් (ස්ත්‍රීන්හට පැවිද්ද දීම සඳහා) සම්බුදුරජතෙම අයදින ලදී. (එසේම එම තථාගත තෙම) ස්ත්‍රීන්හට පැවිද්ද දුන් සේක. එහෙයින් යම්සේ මම සතුටුවන්නෙම්ද, එසේම එම ධර්‍මයට අනුව සිටිව්.”
129
‘‘තා එවමනුසාසිත්වා, භික්ඛුනීහි පුරක්ඛතා;
උපෙච්ච බුද්ධං වන්දිත්වා, ඉදං වචනමබ්‍රවි.
129
“භික්‍ෂුණීන් විසින් පිරිවරන ලද ඒ ගෞතම තොමෝ මෙසේ අනුශාසනා කොට බුදුරජුන් වෙත එළඹ මෙම වචනය කීවාය.
130
‘‘‘අහං සුගත තෙ මාතා, ත්වඤ්ච වීර පිතා මම;
සද්ධම්මසුඛද (සද්ධම්මසුඛදො (සී. ස්‍යා. පී.)) නාථ, තයා ජාතාම්හි ගොතම.
130
“සුගතයන් වහන්ස, මම ඔබ වහන්සේගේ මව් තොමෝය. (තවද) වීරයන් වහන්ස, ඔබ මාගේ (අර්හත් මාර්‍ග ඥානය ඉපදවීමෙහි) පිය තෙමේය. නාථයන් වහන්ස, (ඔබ) සදහම් නමැති සුවය දෙන්නේ(වෙහිය.) ගෞතම ගෝත්‍ර ඇත්තාවූ සුගතයන් වහන්ස, ඔබ උපන් කල්හි මා විසින් ඔබගේ මේ රූපාකාරය වඩන ලදී. ඔබ වහන්සේ විසින් මාගේ ප්‍රශංසාවට සුදුසු ධර්‍ම ශරීරය වඩන ලදී.
131
‘‘‘සංවද්ධිතොයං සුගත, රූපකායො මයා තව;
අනින්දිතො (ආනන්දියො (ස්‍යා.), අනින්දියො (පී.)) ධම්මකායො (ධම්මතනු (සී. පී. ක.)), මම සංවද්ධිතො තයා.
131
132
‘‘‘මුහුත්තං තණ්හාසමණං, ඛීරං ත්වං පායිතො මයා;
තයාහං සන්තමච්චන්තං, ධම්මඛීරඤ්හි (ධම්මඛීරම්පි (ස්‍යා., ක.)) පායිතා.
132
“මා විසින් මොහොතක් (ක්‍ෂුධා) තෘෂ්ණාව සන්සිඳුවන්නාවූ කිරි ඔබවහන්සේට පොවන ලදී. ඔබවහන්සේ විසින් මම අතිශයින් ශාන්තවූ දහම් නමැති කිරි පොවන ලද්දී වෙමි.
133
‘‘‘බන්ධනාරක්ඛනෙ මය්හං, අණණො (අනණො (සී. ස්‍යා. පී.)) ත්වං මහාමුනෙ;
පුත්තකාමා ථියො යාචං, ලභන්ති තාදිසං සුතං.
133
“මහා මුනීන් වහන්ස, ඔබ වැඩීමෙහි හා රැකීමෙහි මට ණය නැත්තේවෙහිය. පුතුන් කැමැත්තාවූ යම් ඒ ස්ත්‍රීහු වෙත් නම් (ඔබ යම්සේද) එබඳුවූ පුතෙකු ලබත්වා!
134
‘‘‘මන්ධාතාදිනරින්දානං, යා මාතා සා භවණ්ණවෙ;
නිමුග්ගාහං තයා පුත්ත, තාරිතා භවසාගරා.
134
“මන්ධාතු ආදී රජවරුන්ගේ යම් මවක් වූවා නම් ඕතොමෝ භව සාගරයෙහි ගැලුනීය. පුතණුවන් වහන්ස, ඔබ විසින් මම භව සයුරින් එතරකරණ ලද්දී වෙමි.
135
‘‘‘රඤ්ඤො මාතා මහෙසීති, සුලභං නාමමිත්ථිනං;
බුද්ධමාතාති යං නාමං, එතං පරමදුල්ලභං.
135
“ස්ත්‍රීන්හට රාමාතාවය, මෙහෙසිය යන නම් පහසුවෙන් ලැබිය හැකිය. බුද්ධමාතාවය යන මේ නමක් වේ නම් මෙය ලැබීම අතිශයින් අපහසුය.
136
‘‘‘තඤ්ච ලද්ධං මහාවීර, පණිධානං මමං තයා;
අණුකං වා මහන්තං වා, තං සබ්බං පූරිතං මයා.
136
“වීරයන් වහන්ස, මා විසින් එයද ලබන ලදී. ඔබ කරණකොටගෙන මාගේ කුඩාවූද, මහත්වූද ඒ සියළු පැතුම් මා විසින් සම්පූර්‍ණ කරණ ලදී.
137
‘‘‘පරිනිබ්බාතුමිච්ඡාමි , විහායෙමං කළෙවරං;
අනුජානාහි මෙ වීර, දුක්ඛන්තකර නායක.
137
“මේ සිරුර හැර නිවණට කැමැති වෙමි. දුක් කෙළවර කරන්නවුන් වහන්ස, ලෝක නායකයන් වහන්ස, වීරයන් වහන්ස, මට පිරිනිවණට අනුදැන වදාළ මැනව.
138
‘‘‘චක්කඞ්කුසධජාකිණ්ණෙ, පාදෙ කමලකොමලෙ;
පසාරෙහි පණාමං තෙ, කරිස්සං පුත්තඋත්තමෙ (පුත්තපෙමසා (සී. පී.), පුත්තපෙමහං (ස්‍යා.)).
138
“චක්‍ර, අංකුස, ධජ යන මේ ලකුණුවලින් ගැවසීගත් පියුමක් මෙන් මොලොක්වූ (දෙ)පා දිගු කළ මැනව. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව ඔබට ප්‍රණාමය කරන්නෙමි.
139
‘‘‘සුවණ්ණරාසිසඞ්කාසං, සරීරං කුරු පාකටං;
කත්වා දෙහං සුදිට්ඨං තෙ, සන්තිං ගච්ඡාමි නායක’.
139
“රන් රැසක් මෙන් බබලන සිරුර ප්‍රකට කළ මැනව. (ලෝක) නායකයන් වහන්ස, ඔබ වහන්සේගේ සිරුර මැනවින් දක්නා ලද්දක් කොට නිවණට යන්නෙමි”
140
‘‘ද්වත්තිංසලක්ඛණූපෙතං, සුප්පභාලඞ්කතං තනුං;
සඤ්ඣාඝනාව බාලක්කං, මාතුච්ඡං දස්සයී ජිනො.
140
“බුදුරජතෙම දෙතිස් ලකුණින් යුතු, මනා පැහැයෙන් අලංකාඑවූ සිරුර, සැඳෑ වලාවකින් නික්මුණු තරුණ සූර්‍ය්‍යයා මෙන් සුළු මවට දැක්වීය.
141
‘‘ඵුල්ලාරවින්දසංකාසෙ, තරුණාදිච්චසප්පභෙ;
චක්කඞ්කිතෙ පාදතලෙ, තතො සා සිරසා පති.
141
“ඉක්බිති පිපුණු පියුමක් මෙන් බබලන තරුණ සූර්‍ය්‍යයා මෙන් ප්‍රභාවත්වූ, සක් ලකුණින් යුතු පාද තලයෙහි ඕ තොමෝ හිසින් වැටුනාය.
142
‘‘‘පණමාමි නරාදිච්ච, ආදිච්චකුලකෙතුකං;
පච්ඡිමෙ මරණෙ මය්හං (සරණං මය්හං (ස්‍යා.)), න තං ඉක්ඛාමහං පුනො.
142
“සූර්‍ය්‍ය වංශයට ධජයක් වැනිවූ, හිරු මෙන් (තෙදවත්) නරශ්‍රේෂ්ඨයන් වඳිමි. මාගේ (මේ) අන්තිම මරණයෙහි මම නැවත එබඳු මරණයක් ගැන නොසලකමි.
143
‘‘‘ඉත්ථියො නාම ලොකග්ග, සබ්බදොසාකරා මතා;
යදි කො චත්ථි දොසො මෙ, ඛමස්සු කරුණාකර.
143
“ලෝක නායකයන් වහන්ස, සත්‍රීහු නම් සියළු දොස් (ඇති) කරන්නාහුයයි දක්නා ලදහ. කරුණාවට ආකරයක් බඳු බුදුරජාණන් වහන්ස, ඉදින් මාගේ කිසියම් දොසක් ඇත්නම් ක්‍ෂමා කරණ සේක්වා!
144
‘‘‘ඉත්ථිකානඤ්ච පබ්බජ්ජං, හං තං යාචිං පුනප්පුනං;
තත්ථ චෙ අත්ථි දොසො මෙ, තං ඛමස්සු නරාසභ.
144
“නරශ්‍රේෂ්ටයන් වහන්ස, මම ස්ත්‍රීන්හට යම් පැවිද්දක් නැවත නැවත අයැදියෙම්ද, ඉදින් එහි මාගේ කිසියම් දොසක් ඇත්නම් එයට ක්‍ෂමා කරණ සේක්වා!
145
‘‘‘මයා භික්ඛුනියො වීර, තවානුඤ්ඤාය සාසිතා;
තත්‍ර චෙ අත්ථි දුන්නීතං, තං ඛමස්සු ඛමාධිප (ඛමාධිති (ස්‍යා.), ඛමාපිතො (ක.)).
145
“වීරයන් වහන්ස, මා විසින් ඔබ වහන්සේගේ අනුදැනුමින් අනුසස්නා ලද භික්‍ෂුණීහු වෙති. ඉදින් ඒ භික්‍ෂුණීන් කෙරෙහි යම් අවිනීත බවක් ඇත්නම් ක්‍ෂමාවට අධිපතිවූ බුදුරජාණන් වහන්ස, එයට ක්‍ෂමා කරණ සේක්වා” යි කීවාය.
146
‘‘‘අක්ඛන්තෙ නාම ඛන්තබ්බං, කිං භවෙ ගුණභූසනෙ;
කිමුත්තරං තෙ වක්ඛාමි, නිබ්බානාය වජන්තියා.
146
“නොඉවසියයුතු වරදක් ඇති කල්හි නම් ක්‍ෂමා කළ යුතුය. ගුණ අබරණකොට ඇති මාතාවෙනි, තී කෙරෙහි එබඳු වරදක් කෙසේ වේද. අළුයම් කල්හි තාරකාවන්ගේ (බැසයාමෙන් වන) ව්‍යසනය දැක, චන්ද්‍රරේඛා තොමෝද බැස යන්නීය. එසේම ශුද්ධවූ, සම්පූර්‍ණවූ මාගේ භික්‍ෂු සංඝයා මෙම ලෝකයෙන් නික්මයාමට හෙවත් පරිනිර්‍වාණයට කැමති වන කල්හි පිරිනිවනට යන්නාවූ තීගේ එම අදහසට වැඩි කුමක් නියන්නෙම්දැ” යි (වදාළ සේක.)
147
‘‘‘සුද්ධෙ අනූනෙ මම භික්ඛුසඞ්ඝෙ, ලොකා ඉතො නිස්සරිතුං ඛමන්තෙ;
පභාතකාලෙ බ්‍යසනඞ්ගතානං, දිස්වාන නිය්‍යාතිව චන්දලෙඛා’.
147
148
‘‘‘තදෙතරා භික්ඛුනියො ජිනග්ගං, තාරාව චන්දානුගතා සුමෙරුං;
පදක්ඛිණං කච්ච නිපච්ච පාදෙ, ඨිතා මුඛන්තං සමුදික්ඛමානා.
148
“චන්ද්‍රයා අනුව ගිය තාරකාවක් මෙන් ඒ භික්‍ෂුණීහු, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමැති මේරු පර්‍වතය පැදකුණු කොට, (සිරි) පා මුල වැටී, (බුදුරජුන්ගේ) මුහුණ දෙස බලමින් සිටියාහුය.
149
‘‘‘න තිත්තිපුබ්බං තව දස්සනෙන, චක්ඛුං න සොතං තව භාසිතෙන;
චිත්තං මමං කෙවලමෙකමෙව, පප්පුය්‍ය තං ධම්මරසෙන තිත්ති.
149
“ඔබ වහන්සේගේ දර්‍ශනයෙන් ඇස තෘප්ත නොවේ. (එසේම) ඔබ වහන්සේගේ වචන ඇසීමෙන් කණද තෘප්ති නොවේ. හුදෙක් මාගේ ඒ එකම සිත (ඔබ වහන්සේගේ) දහම් රසය කරණකොට ගෙන තෘප්තියට පැමිණෙන්නේය.
150
‘‘‘නදතො පරිසායං තෙ, වාදිතබ්බපහාරිනො;
යෙ තෙ දක්ඛන්ති වදනං, ධඤ්ඤා තෙ නරපුඞ්ගව.
150
“විරුද්ධවාදීන්ගේ එඩිය බැහැර කරන්නාවූ, පිරිස් මැද සිට අභීත නාද කරන්නාවූ, ඔබ වහන්සේගේ මුඛය යමෙක් දකින්නාහු නම්, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔවුහු භාග්‍ය ඇත්තෝය.
151
‘‘‘දීඝඞ්ගුලී තම්බනඛෙ, සුභෙ ආයතපණ්හිකෙ;
යෙ පාදෙ පණමිස්සන්ති (පණමායන්ති (ස්‍යා.)), තෙපි ධඤ්ඤා ගුණන්ධර.
151
“දික් ඇඟිලි ඇත්තාවූ, තඹවන් නිය ඇත්තාවූ, ශුභවූ දික් විළුම් ඇත්තාවූ ඔබ වහන්සේගේ සිරිපා යමෙක් වඳින්නාහු නම්, ගුණධාරීන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
152
‘‘‘මධුරානි පහට්ඨානි, දොසග්ඝානි හිතානි ච;
යෙ තෙ වාක්‍යානි සුය්‍යන්ති, තෙපි ධඤ්ඤා නරුත්තම.
152
“ඔබ වහන්සේගේ මිහිරිවූ, පහටුවූ, දොස් නසන්නාවූ, හිතවූ වචනයන් යමෙක් තුමූ අසන්නාහුද, නරොත්තමයන් වහන්ස, ඔවුහුද භාග්‍ය ඇත්තෝය.
153
‘‘‘ධඤ්ඤාහං තෙ මහාවීර, පාදපූජනතප්පරා (මානපූජනතප්පරා (ක.));
තිණ්ණසංසාරකන්තාරා, සුවාක්‍යෙන සිරීමතො’.
153
“මහා වීරයන් වහන්ස, ශ්‍රීමත්වූ ඔබ වහන්සේගේ සිරිපා පිදීමෙහි යෙදුනාවූ යහපත්වූ වචනය කරණකොටගෙන තරණය කරණ ලද සසර කතර ඇත්තාවූ මම (ද) භාග්‍ය ඇත්තියක් වෙමි” (යි කීවාය.)
154
‘‘තතො සා අනුසාවෙත්වා (අනුමානෙ ත්වා (ක.)), භික්ඛුසඞ්ඝම්පි සුබ්බතා;
රාහුලානන්දනන්දෙ ච, වන්දිත්වා ඉදමබ්‍රවි.
154
“ඉක්බිති මනා ව්‍රත ඇති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ, භික්‍ෂු සංඝයාටද දැනුම් දී, රාහුල, ආනන්‍ද, නන්‍ද යන ශ්‍රාවකයනටද වැඳ මෙය කීවාය.
155
‘‘‘ආසීවිසාලයසමෙ, රොගාවාසෙ කළෙවරෙ;
නිබ්බින්දා දුක්ඛසඞ්ඝාටෙ, ජරාමරණගොචරෙ.
155
“සර්පයින් වසන තැනක් බඳුවූ, රෝගයනට වාසස්ථානවූ, ජරාමරණයනට ගොදුරුවූ, දුක් රැස්වීම් ඇත්තාවූ, කිලිටි කුණුවලින් ගැවසී ගත්තාවූ, අනුන් අයත්වූ හෙවත් තමාගේ විෂයෙහි නොපවත්නාවූ, උත්සාහ විරහිත සිරුරෙහි කලකිරුනී වෙමි. එහෙයින්(ම) පිරිනිවනට කැමැත්තෙමි. (මාගේ) කුඩා දරුවෙනි, (එයට) අනුදනිමි” (යයි කීවාය.)
156
‘‘‘නානාකලිමලාකිණ්ණෙ (නානාකුණපමලාකිණ්ණෙ (ස්‍යා.), නානාකාළමලාකිණ්ණෙ (ක.)), පරායත්තෙ නිරීහකෙ;
තෙන නිබ්බාතුමිච්ඡාමි, අනුමඤ්ඤථ පුත්තකා’.
156
157
‘‘නන්දො රාහුලභද්දො ච, වීතසොකා නිරාසවා;
ඨිතාචලට්ඨිති ථිරා, ධම්මතමනුචින්තයුං.
157
“නන්‍ද තෙමේද, රාහුල භද්‍ර තෙමේද, (යන මේ දෙදෙන) පහවූ ශෝක ඇත්තාවූ, ආශ්‍රව රහිත වූවාහු, (අටලෝ දහම්හි) නිසලව සිටීමෙහි තිරවූවාහු, (සංස්කාර ධර්‍මයන්ගේ) ස්වභාවය අනුව සිතුවාහුය. (කෙසේද යත්?)
158
‘‘‘ධිරත්ථු සඞ්ඛතං ලොලං, අසාරං කදලූපමං;
මායාමරීචිසදිසං, ඉතරං අනවට්ඨිතං.
158
“ලොල්වූ, අසාරවූ, කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තාවූ, මායාවක්, මිරිඟුවක් සමානවූ, ස්වල්පවූ, ස්ථිරව නොපවත්නාවූ, සංස්කාර ධර්‍මයනට නින්දා වේවා.
159
‘‘‘යත්ථ නාම ජිනස්සායං, මාතුච්ඡා බුද්ධපොසිකා;
ගොතමී නිධනං යාති, අනිච්චං සබ්බසඞ්ඛතං’.
159
“යම් තැනෙක්හි නම් බුදුරජුන්ගේ සුළු මවවූ, බුදුරජුන් පෝෂණය කළාවූ, මේ ගෞතමී තොමෝ මරණයට පැමිණේද, (එහෙයින්) සියළු සංස්කාර ධර්‍ම අනිසය” (කියායි.)
160
‘‘ආනන්දො ච තදා සෙඛො, සොකට්ටො (කනිට්ඨො (ස්‍යා.)) ජිනවච්ඡලො;
තත්ථස්සූනි කරොන්තො සො, කරුණං පරිදෙවති.
160
“එකල්හි බුදුරජුහට සෙනෙහ ඇති, ශෝකයෙන් ආතුරවූ, ශෛක්‍ෂයවූ ඒ ආනන්‍ද තෙමේද, එහි කඳුළු හෙලමින් දුකින් හඬයි. (කෙසේද යත්?)
161
‘‘හා සන්තිං (භාසන්තී (ස්‍යා.)) ගොතමී යාති, නූන බුද්ධොපි නිබ්බුතිං;
ගච්ඡති න චිරෙනෙව, අග්ගිරිව නිරින්ධනො.
161
“අහෝ ගෞතමී තොමෝ පිරිනිවනට යයි. ඒකාන්තයෙන් නොබෝ කලකින්ම බුදුරජතෙමේද දර නැති ගින්නක් මෙන් පිරිනිවනට යති.
162
‘‘එවං විලාපමානං තං, ආනන්දං ආහ ගොතමී;
සුතසාගරගම්භීර , බුද්ධොපට්ඨානතප්පර.
162
“මෙසේ හඬන්නාවූ අනද තෙරුන්හට ගෞතමී තොමෝ මෙසේ කීවාය. (බුදුරජුන් විසින් දෙසූතාක්ද, දෙසන තාක්ද දහම් සියල්ලක් තමා අසා දැනගන්නා බැවින්), “ගැඹුරුවූ ශ්‍රුති සාගරයාණන් වහන්ස, බුදුරජුන්හට උවටැන් කිරීමෙහි නිරතවූවන් වහන්ස, පුතණුවන් වහන්ස, සතුටුවියයුතු කාලය පැමිණි කල්හි ශොක කිරිමට නුසුදුසුය. පුතණුවෙනි, මා පැමිණියාවූ නිවන් පිණිස ඔබ මට පිළිසරණ (වූයෙහිය.)
163
‘‘‘න යුත්තං සොචිතුං පුත්ත, හාසකාලෙ උපට්ඨිතෙ;
තයා මෙ සරණං පුත්ත, නිබ්බානං තමුපාගතං.
163
164
‘‘‘තයා තාත සමජ්ඣිට්ඨො, පබ්බජ්ජං අනුජානි නො;
මා පුත්ත විමනො හොහි, සඵලො තෙ පරිස්සමො.
164
“පුතණුවන් වහන්ස, ඔබ විසින් ආරාධනා කරණ ලදුයේ (බුදුරජතෙම) අපට පැවිද්ද අනු දැන වදාළ සේක. දරුව දුක් නොවන්න. ඔබගේ උත්සාහය සඵලය.
165
‘‘‘යං න දිට්ඨං පුරාණෙහි, තිත්ථිකාචරියෙහිපි;
තං පදං සුකුමාරීහි, සත්තවස්සාහි වෙදිතං.
165
“පෙරවූ තීර්ත්‍ථකාචාර්‍ය්‍යයන් විසිනුදු නොදක්නා ලද යමක් වේ නම් ඒ (ශාන්ත)පදය සිව්මැලිවූ සත් හැවිරිදි ලදැරියක් විසින් දැනගන්නා ලදී.
166
‘‘‘බුද්ධසාසනපාලෙත, පච්ඡිමං දස්සනං තව;
තත්ථ ගච්ඡාමහං පුත්ත, ගතො යත්ථ න දිස්සතෙ.
166
“බුද්ධ ශාසන පාලකයාණන් වහන්ස, ඔබ වහන්සේගේ (මේ) අන්තිම දර්‍ශනයයි. යම් තැනෙක්හි ගිය කල්හි නොපෙනේද, පුතනුවන් වහන්ස, මම එහි යෙමි.
167
‘‘‘කදාචි ධම්මං දෙසෙන්තො, ඛිපී ලොකග්ගනායකො;
තදාහං ආසීසවාචං, අවොචං අනුකම්පිකා.
167
“කිසියම් දිනක දහම් දෙසන්නාවූ තථාගතතෙම කිවිසීසේක. එකල්හි අනුකම්පා ඇත්තාවූ මම ආශීර්‍වාද වචනයක් කීමි. (කෙසේදයත්?)
168
‘‘‘චිරං ජීව මහාවීර, කප්පං තිට්ඨ මහාමුනෙ;
සබ්බලොකස්ස අත්ථාය, භවස්සු අජරාමරො.
168
“මහා වීරයන් වහන්ස, බොහෝ කලක් ජීවත්වෙනු මැනව. මහාමුනීන් වහන්ස, කාලයක් වැඩ සිටිනු මැනව. සියළු ලෝකයට වැඩ පිණිස අජරාමර හෙවත් ජරා මරණ නැති කෙනෙක් වෙනු මැනව” (කියායි.)
169
‘‘‘තං තථාවාදිනිං බුද්ධො, මමං සො එතදබ්‍රවි;
‘න හෙවං වන්දියා බුද්ධා, යථා වන්දසි ගොතමී.
169
“ඒ බුදුරජතෙමේ එසේ කියන්නාවූ මට මෙසේ වදාළ සේක. “ගෞතමිය වඳින්නාක් මෙන් බුදුවරයෝ වැඳිය යුත්තාහු නොවෙති” යි (කියායි.)
170
‘‘‘කථං චරහි සබ්බඤ්ඤූ, වන්දිතබ්බා තථාගතා;
කථං අවන්දියා බුද්ධා, තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
170
“එසේ නම් සර්‍වඥ තථාගතවරයෝ කෙසේ වැඳිය යුත්තාහුද, (එම) බුදුවරයෝ කෙසේ නොවැඳිය යුත්තාහුද, විචාරණ ලද්දාවූ මට කියනු මැනව” (කියායි.)
171
‘‘‘ආරද්ධවීරියෙ පහිතත්තෙ, නිච්චං දළ්හපරක්කමෙ;
සමග්ගෙ සාවකෙ පස්ස, එතං බුද්ධානවන්දනං.
171
“පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති, (කාය-ජීවිත නිරපෙක්‍ෂකව සසුනෙහි) මෙහෙයූ සිත් ඇති, නිරන්තරයෙන් දෘඪ පරාක්‍රම ඇති සමගි ශ්‍රාවකයන් දක්නේය. මෝතොමෝ බුද්‍ධ වන්දනාව නම් වන්නීය” යි (වදාළ සේක.)
172
‘‘‘තතො උපස්සයං ගන්ත්වා, එකිකාහං විචින්තයිං;
සමග්ගපරිසං නාථො, රොධෙසි තිභවන්තගො.
172
“ඉක්බිති මම භික්‍ෂුණී අසපුවට ගොස් හුදකලාව මෙසේ සිතීමි. “භවත්‍රයෙහි අන්තයට ගිය බුදුරජ තෙම සමගිවූ පිරිසක් රුචි කෙරෙයි.
173
‘‘‘හන්දාහං පරිනිබ්බිස්සං, මා විපත්තිතමද්දසං;
එවාහං චින්තයිත්වාන, දිස්වාන ඉසිසත්තමං.
173
“ඒකාන්තයෙන් මම පිරිනිවන් පාන්නෙමි. ඒ විපත නොදකීවා” යි මම මෙසේ සිතා බුදුරජුන් දැක,
174
‘‘‘පරිනිබ්බානකාලං මෙ, ආරොචෙසිං (ආරොචෙමි (ස්‍යා.)) විනායකං;
තතො සො සමනුඤ්ඤාසි, කාලං ජානාහි ගොතමී.
174
“මාගේ පිරිනිවනට පැමිණීමේ කාලය විනායකවූ තථාගතයන්හට දැන්වීමි. ඉක්බිති ඒ බුදුරජතෙමේ, “ගෞතමිය, කල් දනුව” යි අනුදැන වදාළ සේක.
175
‘‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවා.
175
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
176
‘‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
176
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
177
‘‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
177
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
178
‘‘‘ථීනං ධම්මාභිසමයෙ, යෙ බාලා විමතිං ගතා;
තෙසං දිට්ඨිප්පහානත්ථං, ඉද්ධිං දස්සෙහි ගොතමී’.
178
“ස්ත්‍රීන් ධර්‍මාවබෝධයෙහි යමි. ඒ ඇතැම් අඥානයෝ සැකයට පත්වූහ. ගෞතමිය, ඔවුන්ගේ වැරදි අදහස දුරුකිරීම පිණිස ඎද්‍ධි දක්වනු මැනවැ” යි (වදාළ සේක)
179
‘‘තදා නිපච්ච සම්බුද්ධං, උප්පතිත්වාන අම්බරං;
ඉද්ධී අනෙකා දස්සෙසි, බුද්ධානුඤ්ඤාය ගොතමී.
179
“එකල්හි ගෞතමී තොමෝ සම්බුදුරජුන් (පාමුළ) වැටී, අහසට නැගී, තථාගතයන්ගේ අනුදැනුම පරිදි බොහෝ ඎද්‍ධීන් දැක්වූවාය.
180
‘‘එකිකා බහුධා ආසි, බහුකා චෙතිකා තථා;
ආවිභාවං තිරොභාවං, තිරොකුට්ටං (තිරොකුඩ්ඩං (ස්‍යා.)) තිරොනගං.
180
“එක් තැනැත්තියක්(ව) බොහෝ දෙනා වූවාය. එසේම, බොහෝදෙනා(ව) එක් තැනැත්තියක් වූවාය. (ආවරණයව තුබු දැය) ප්‍රකට කළාය. (ප්‍රකටව තුබූ දැය) ආවරණය කළාය. භික්තියෙන් ඔබ්බටද, පර්‍වතයෙන් ඔබ්බටද නොගැටි ගියාය. පොළොවෙහිද කිමිදුනාය. නොබෙදෙන දියෙහිද පොළොවෙහි මෙන් ගමන් කළාය.
181
‘‘අසජ්ජමානා අගමා, භූමියම්පි නිමුජ්ජථ;
අභිජ්ජමානෙ උදකෙ, අගඤ්ඡි මහියා යථා.
181
182
‘‘සකුණීව තථාකාසෙ, පල්ලඞ්කෙන කමී තදා;
වසං වත්තෙසි කායෙන, යාව බ්‍රහ්මනිවෙසනං.
182
“එකල්හි ලිහිණියක මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කළාය. කයින් බඹලොව දක්වා තමා වසඟයෙහි පැවැත්වූවාය. හෙවත් දෘශ්‍යමානවූ කයින් සියල්ලන්ට පෙනෙමින් බඹලොවට ගියාය.
183
‘‘සිනෙරුං දණ්ඩං කත්වාන, ඡත්තං කත්වා මහාමහිං;
සමූලං පරිවත්තෙත්වා, ධාරයං චඞ්කමී නභෙ.
183
“සිනෙරු පර්‍වතය (කුඩයෙහි) දණ්ඩ (මිට)ට ගෙන මහා පෘථිවිය ඡත්‍රයට ගෙන, සහමුලින්ම පොළොව පෙරළා (කුඩයක් ලෙස) දරන්නී, අහසෙහි සක්මන් කළාය.
184
‘‘ඡස්සූරොදයකාලෙව, ලොකඤ්චාකාසි ධූමිකං;
යුගන්තෙ විය ලොකං සා, ජාලාමාලාකුලං අකා.
184
“ඕතොමෝ සූර්‍ය්‍යයන් සදෙනෙකු උදාවන කල්හි මෙන් ලොව දුම් සහිත කළාය. කල්පාන්තයෙහිදී මෙන් ලෝකය අග්නිජ්වාලාවන්ගෙන් ආකූල කළාය.
185
‘‘මුචලින්දං මහාසෙලං, මෙරුමූලනදන්තරෙ (මෙරුමන්දාරදද්දරෙ (සී. පී.), මෙරුං මන්දාරදන්තරෙ (ස්‍යා.));
සාසපාරිව සබ්බානි, එකෙනග්ගහි මුට්ඨිනා.
185
“මුචලින්‍ද නම් මහා පර්‍වතයද, මේරු-මන්දාර පර්‍වතයන්ද යන මේ සියල්ල අබ ඇට මෙන් එක මිටින් ගත්තාය.
186
‘‘අඞ්ගුලග්ගෙන ඡාදෙසි, භාකරං සනිසාකරං;
චන්දසූරසහස්සානි, ආවෙළමිව ධාරයි.
186
“හිරු, සඳු ඇඟිලි අගින් වැසුවාය. දහස් ගණන සඳ-හිරු මුදුන් මල්කඩ ලෙස දැරුවාය.
187
‘‘චතුසාගරතොයානි, ධාරයී එකපාණිනා;
යුගන්තජලදාකාරං, මහාවස්සං පවස්සථ.
187
“සිව් සයුරෙහි ජලය එක අතින් දැරුවාය. යුගාන්තයෙහිවූ මහා මේඝයක් මෙන් මහ වැසි වැස්වූහ.
188
‘‘චක්කවත්තිං සපරිසං, මාපයී සා නභත්තලෙ;
ගරුළං ද්විරදං සීහං, විනදන්තං පදස්සයි.
188
“ඕතොමෝ පිරිස් සහිතවූ සක්විති රජ අහස් තලයෙහි මැව්වාය. නාද කරන්නාවූ ගුරුළාද, හස්තියාද, සිංහයාද දැක්වූවාය.
189
‘‘එකිකා අභිනිම්මිත්වා, අප්පමෙය්‍යං භික්ඛුනීගණං;
පුන අන්තරධාපෙත්වා, එකිකා මුනිමබ්‍රවි.
189
“හුදකලාවූවා (යලි) අපමණවූ භික්‍ෂුණී සමූහයා මවා, (නැවත ඔවුන්) අතුරුදන්කොට හුදකලාවූවා බුදුරජුන්හට මෙසේ කීවාය.
190
‘‘‘මාතුච්ඡා තෙ මහාවීර, තව සාසනකාරිකා;
අනුප්පත්තා සකං අත්ථං, පාදෙ වන්දාමි චක්ඛුම’.
190
“මහා වීරයන් වහන්ස! ඔබ වහන්සේගේ සසුන කරන්නාවූ (එසේම) ඔබ වහන්සේගේ සුළුමව්මූ (ගෞතමී තොමෝ) ස්වීය අභිමතාර්ත්‍ථයට හෙවත් නිවණට පැමිණියාය. පසැස් ඇතියාණන් වහන්ස! (ඕතොමෝ ඔබ වහන්සේගේ) සිරිපා වඳී” යයි කියමින්
191
‘‘දස්සෙත්වා විවිධා ඉද්ධී, ඔරොහිත්වා නභත්තලා;
වන්දිත්වා ලොකපජ්ජොතං, එකමන්තං නිසීදි සා.
191
“ඕතොමෝ විවිධවූ ඎද්‍ධීන් දක්වා අහස් තලයෙහි බැස, බුදුරජුන් වැඳ, එකත් පසෙක සිටියාය.
192
‘‘සා වීසවස්සසතිකා, ජාතියාහං මහාමුනෙ;
අලමෙත්තාවතා වීර, නිබ්බායිස්සාමි නායක.
192
“මහා මුනීන් වහන්ස, ඒ (ගෞතමීවූ) මම උත්පත්තියෙන් එක්විසි වයස් ඇත්තීය. වීරයන් වහන්ස, මෙතෙක් (ජීවත්වීම) පමණි. ලෝක නායකයන් වහන්ස, පිරිනිවන් පාන්නෙමැ” යි (කීවාය.)
193
‘‘තදාතිවිම්හිතා සබ්බා, පරිසා සා කතඤ්ජලී;
අවොචය්‍යෙ කථං ආසි, අතුලිද්ධිපරක්කමා.
193
“එකල්හි මහත් විෂ්මයට පත්වූ ඒ පිරිස් තොමෝ බඳැදිලි ඇත්තී, “ආර්‍ය්‍යාවෙනි, අනූපමවූ (මෙබඳු) ඎද්‍ධි පරාක්‍රමයක් කෙසේ වීදැ” යි (ඇසුවාහ.)
194
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මෙසු චක්ඛුමා;
ඉතො සතසහස්සම්හි, කප්පෙ උප්පජ්ජි නායකො.
194
“සියළු ධර්‍මයන් විෂයෙහි (මනාවූ) දැකුම් ඇති, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
195
‘‘තදාහං හංසවතියං, ජාතාමච්චකුලෙ අහුං;
සබ්බොපකාරසම්පන්නෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
195
“එකල්හි මම හංසවතී නගරයෙහි සියළු උපකාරයන්ගෙන් යුක්තවූ, සමෘද්‍ධවූ, ආඪ්‍යවූ, මහත් ධන ඇති අමාත්‍ය කුලයෙක්හි උපන්නී වීමි.
196
‘‘කදාචි පිතුනා සද්ධිං, දාසිගණපුරක්ඛතා;
මහතා පරිවාරෙන, තං උපෙච්ච නරාසභං.
196
“කිසියම් කලෙක්හි දාසී සමූහයා විසින් පිරිවරන ලදුව, පියා සමග ඒ බුදුරජුන් වෙත එළඹ,
197
‘‘වාසවං විය වස්සන්තං, ධම්මමෙඝං අනාසවං (පවස්සයං (ක.));
සරදාදිච්චසදිසං, රංසිජාලසමුජ්ජලං (රංසිමාලාකුලං ජිනං (සී. ස්‍යා.), රංසිජාලාකුලං ජිනං (පී.)).
197
“ශක්‍රයා වැනිවූ, දහම් වැසි වස්වන්නාවූ, ආශ්‍රව රහිතවූ, රැස් සමූහයෙන් ගැවසීගත් සරාහිරු වැනිවූ, සුළුමව්වූ භික්‍ෂුණිය අග්‍රස්ථානයෙහි තබන්නාවූ නරනායකවූ, පස්මරුන් ජය ගත්තාවූ බුදුරජුන් දැක, උන්වහන්සේගේ සුභාෂිත වචනයද අසා, සඞ්ඝයා සහිතවූ, නරශ්‍රේෂ්ඨවූ, ඒ තාදී ගුණ බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි මහ දන් දී බොහෝ ප්‍රත්‍යයන්ද දී,
198
‘‘දිස්වා චිත්තං පසාදෙත්වා, සුත්වා චස්ස සුභාසිතං;
මාතුච්ඡං භික්ඛුනිං අග්ගෙ, ඨපෙන්තං නරනායකං.
198
199
‘‘සුත්වා දත්වා මහාදානං, සත්තාහං තස්ස තාදිනො;
සසඞ්ඝස්ස නරග්ගස්ස, පච්චයානි බහූනි ච.
199
200
‘‘නිපච්ච පාදමූලම්හි, තං ඨානමභිපත්ථයිං;
තතො මහාපරිසතිං, අවොච ඉසිසත්තමො.
200
“පාමුල වැටී, එම (සුළුමව්වූ භික්‍ෂුණිය ලැබූ) තනතුර පැතීමි. ඉක්බිති බුදුරජතෙම, මහපිරිසට මෙසේ වදාළ සේක.
201
‘‘‘යා සසඞ්ඝං අභොජෙසි, සත්තාහං ලොකනායකං;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
201
“යම් තැනැත්තියක් තොමෝ සංඝයා සහිතවූ බුදුරජුන් සතියක් මුළුල්ලෙහි වැළඳවූවාද, මම ඇය කෙබඳු තැනැත්තියක්දැයි පවසන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසව්.
202
‘‘‘සතසහස්සිතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
202
“මින්මතු සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
203
‘‘‘තස්ස ධම්මෙසු දායාදා, ඔරසා ධම්මනිම්මිතා;
ගොතමී නාම නාමෙන, හෙස්සති සත්ථු සාවිකා.
203
“උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, ධර්‍මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නීය.
204
‘‘‘තස්ස බුද්ධස්ස මාතුච්ඡා, ජීවිතාපාදිකා (ජීවිතපාලිකා (ස්‍යා.)) අයං;
රත්තඤ්ඤූනඤ්ච අග්ගත්තං, භික්ඛුනීනං ලභිස්සති’.
204
“එම බුදුරජුන්ගේ සුළුමවවූ මෝ තොමෝ, උන්වහන්සේගේ ජීවිතය පෝෂණය කරන්නීය. චිරරාත්‍රඥවූ භික්‍ෂුණීන් අතුරෙන් අගබවද ලබන්නීය.” (යනුයි.)
205
‘‘තං සුත්වාන පමොදිත්වා (තං සුත්වාහං පමුදිතා (සී. ස්‍යා. පී.)), යාවජීවං තදා ජිනං;
පච්චයෙහි උපට්ඨිත්වා, තතො කාලඞ්කතා අහං.
205
“එය අසා ප්‍රමුදිතවූ මම එකල්හි බුදුරජුන්හට දිවි ඇතිතෙක් සිව්පසයෙන් උවටැන් කොට මම එම ආත්මභාවයෙන් චුතවූයේ,
206
‘‘තාවතිංසෙසු දෙවෙසු, සබ්බකාමසමිද්ධිසු;
නිබ්බත්තා දසහඞ්ගෙහි, අඤ්ඤෙ අභිභවිං අහං.
206
“සියළු කම්සුවයන්ගෙන් පිරුණාවූ තව්තිසා දෙවියන් අතුරෙහි උපන්නීවූ මම කරුණු දශයකින් සෙසු දෙවියන් යටපත් කෙළෙමි. (කෙබඳු කරුණු දශයකින්ද යත්?)
207
‘‘රූපසද්දෙහි ගන්ධෙහි, රසෙහි ඵුසනෙහි ච;
ආයුනාපි ච වණ්ණෙන, සුඛෙන යසසාපි ච.
207
“රූපයෙන් හා ශබ්දයෙන්ද, ගන්‍ධයෙන්ද, රසයෙන්ද, ස්පර්‍ශයෙන්ද, ආයුෂින්ද, වර්‍ණයෙන්ද, සැපයෙන්ද, යසසින්ද, එසේම ආධිපත්‍යයෙන්ද මම (සෙසු දෙවියන්) ඉක්මවා බැබලුනෙමි. එහි ශක්‍රයාගේ මෙහෙසියවූ (දෙව්) අඟනද වීමි.
208
‘‘තථෙවාධිපතෙය්‍යෙන, අධිගය්හ විරොචහං;
අහොසිං අමරින්දස්ස, මහෙසී දයිතා තහිං.
208
209
‘‘සංසාරෙ සංසරන්තීහං, කම්මවායුසමෙරිතා;
කාසිස්ස රඤ්ඤො විසයෙ, අජායිං දාසගාමකෙ.
209
“කර්‍මය නමැති වායු වේගයෙන් මෙහෙයන ලද සසරෙහි සැරිසරන්නාවූ මම කාසි රජුන්ගේ විජිතයෙහි දාසයන්ගේ ගමක උපනිමි.
210
‘‘පඤ්චදාසසතානූනා, නිවසන්ති තහිං තදා;
සබ්බෙසං තත්ථ යො ජෙට්ඨො, තස්ස ජායා අහොසහං.
210
“එකල්හි එම ගමෙහි නොඅඩු පන්සියයත් දාසයෝ වෙසෙති. එහි එම සියලු දාසයිනට යමෙක් ජ්‍යෙෂ්ඨවේද, මම ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
211
‘‘සයම්භුනො පඤ්චසතා, ගාමං පිණ්ඩාය පාවිසුං;
තෙ දිස්වාන අහං තුට්ඨා, සහ සබ්බාහි ඉත්ථිභි (ඤාතිභි (සී. ස්‍යා. පී.)).
211
“පන්සියයක් පසේබුදුවරු (එම) ගමට පිඬු පිණිස පිවිසියාහුය. උන්වහන්සේලා දැක, සියළු ඥාතීන් සමග තුටුවූ මම,
212
‘‘පූගා හුත්වාව සබ්බායො (කත්වා පඤ්චසතකුටී (සී. ස්‍යා.)), චතුමාසෙ උපට්ඨහුං (උපට්ඨිය (සී. ස්‍යා. පී.));
තිචීවරානි දත්වාන, සංසරිම්හ (පසන්නාම්හ (ස්‍යා.)) සසාමිකා.
212
“පන්සියයක් කුටි සාදා (දී) (වස්) සිව් මස උවටැන්කොට, තුන් සිව්රුද දී, සැමියා සහිතව සැරිසැරීමි.
213
‘‘තතො චුතා සබ්බාපි තා, තාවතිංසගතා මයං;
පච්ඡිමෙ ච භවෙ දානි, ජාතා දෙවදහෙ පුරෙ.
213
“ඉන් සැව, ස්වාමියා සහිතවූ අපි දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෝ වෙමු. දැන් මේ අන්තිම භවයෙහි දෙව්දහ නගරයෙහි උපන්නී,
214
‘‘පිතා අඤ්ජනසක්කො මෙ, මාතා මම සුලක්ඛණා;
තතො කපිලවත්ථුස්මිං, සුද්ධොදනඝරං ගතා.
214
“මාගේ පිය තෙමේ අඤජන ශාක්‍ය රජ තෙමේයි. මාගේ මව් තොමෝ සුලක්ඛණා තොමෝයි. ඉක්බිති කපිලවස්තු නගරයෙහි සුදේ‍ධා්දන රජුගේ ගෘහයට (මෙහෙසි බවට) ගියා,
215
‘‘සෙසා (සබ්බා (ස්‍යා.)) සක්‍යකුලෙ ජාතා, සක්‍යානං ඝරමාගමුං;
අහං විසිට්ඨා සබ්බාසං, ජිනස්සාපාදිකා අහුං.
215
“සෙසු තැනැත්තියෝ ශාක්‍ය කුලයෙහි උපන්නියෝ, ශාක්‍යයන්ගේ කුලවලටම ගියාහුය. මම සියළු ස්ත්‍රීන් අතුරෙන් විශිෂ්ඨවූවා, බුදුරජුන් පොෂණය කළ තැනැත්තිය වීමි.
216
‘‘මම පුත්තොභිනික්ඛම්ම (ස මෙ පුත්තො... (ස්‍යා.)), බුද්ධො ආසි විනායකො;
පච්ඡාහං පබ්බජිත්වාන, සතෙහි සහ පඤ්චහි.
216
“මාගේ පුත්‍ර තෙමේ ගෘශාභිනිෂ්ක්‍රමණයකොට විශිෂ්ඨ නායකවූ බුදුරජ තෙමේ විය. පසුව මම ප්‍රාඥවූ පන්සියයක් ශාක්‍ය කාන්තාවන් සමග පැවිදිව ශාන්ති සුඛයවූ නිවණ ස්පර්‍ශ කෙළෙමි. හෙවත් අවබෝධ කෙළෙමි. එකල්හි යමෙක් තුමූ පෙර ජාතියෙහි අපගේ ස්වාමීහු වූවාහුද,
217
‘‘සාකියානීහි ධීරාහි, සහ සන්තිසුඛං ඵුසිං;
යෙ තදා පුබ්බජාතියං, අම්හාකං ආසු සාමිනො.
217
218
‘‘සහපුඤ්ඤස්ස කත්තාරො, මහාසමයකාරකා;
ඵුසිංසු අරහත්තං තෙ, සුගතෙනානුකම්පිතා.
218
“ඔවුහු සමගිව පින් කරන්නාහූ, දැඩිසේ ආගම ධර්‍මයෙහි යෙදෙන්නාහු, බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද්දාහු රහත්බව ස්පර්‍ශ කළාහුය. හෙවත් රහත්වූහ.
219
‘‘තදෙතරා භික්ඛුනියො, ආරුහිංසු නභත්තලං;
සංගතා (ඛගතා (සී.)) විය තාරායො, විරොචිංසු මහිද්ධිකා.
219
“ඒ සෙසු භික්‍ෂුණීහු අහස්තලයට නැංගාහුය. අහසෙහිවූ තාරකාවන් මෙන් මහර්ධි ඇති (එම භික්‍ෂුණීහු) බැබලුණාහුය.
220
‘‘ඉද්ධී අනෙකා දස්සෙසුං, පිළන්ධවිකතිං යථා;
කම්මාරො කනකස්සෙව, කම්මඤ්ඤස්ස සුසික්ඛිතො (පුණ්ණකම්මෙසු සික්ඛිතා (ස්‍යා.)).
220
“මනාසේ රන්කම් උගත් ස්වර්‍ණකාරයෙකු කර්‍මයොග්‍යවූ ස්වර්‍ණයෙන් ආභරණ විශේෂයක් සාදන්නේ යම්සේද, (එසේම) බොහෝ ඎද්‍ධීන් දැක්වූහ.
221
‘‘දස්සෙත්වා පාටිහීරානි, විචිත්තානි (විවිධානි (ස්‍යා.)) බහූනි ච;
තොසෙත්වා වාදිපවරං, මුනිං සපරිසං තදා.
221
“විසිතුරුවූ, බොහෝවූ ප්‍රාතිහාර්‍ය්‍යයන් දක්වා එකල්හි වාදීන් අතුරෙන් උතුම්වූ පිරිස් සහිතවූ බුදුරජුන් තුටුකොට,
222
‘‘ඔරොහිත්වාන ගගනා, වන්දිත්වා ඉසිසත්තමං;
අනුඤ්ඤාතා නරග්ගෙන, යථාඨානෙ නිසීදිසුං.
222
“අහසින් බැස, තථාගතයන් වැඳ, එම නරශ්‍රේෂ්ඨවූ බුදුරජුන් විසින් අනුදන්නා ලද්දීවූ (භික්‍ෂුණීහු) සුදුසු තන්හි උන්නාහුය.
223
‘‘‘අහොනුකම්පිකා අම්හං, සබ්බාසං චිර ගොතමී;
වාසිතා තව පුඤ්ඤෙහි, පත්තා නො ආසවක්ඛයං.
223
“වීරයන් වහන්ස, ගෞතමී තොමෝ අප සියළු දෙනාට (කරණ ලද) අනුකම්පා ඇත්තීය. (එය) ආශ්චර්‍ය්‍යයකි. ඔබවහන්සේගේ පින් කරණ කොට ගෙන සුවඳ කවන ලද (භාවිතවූ) අපි ආශ්‍රවක්‍ෂය නම්වූ නිවණට පැමිණියේ වෙමු.
224
‘‘‘කිලෙසා ඣාපිතා අම්හං, භවා සබ්බෙ සමූහතා;
නාගීව බන්ධනං ඡෙත්වා, විහරාම අනාසවා.
224
“අපගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතිණියන් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමු.
225
‘‘‘ස්වාගතං වත නො ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
225
“ඒකාන්තයෙන් බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයෙහි අපගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
226
‘‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං.
226
“සිව් පිලිසිඹියාවෝද, අෂ්ඨවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද, සාක්‍ෂාත් කරණ ලදද බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
227
‘‘‘ඉද්ධීසු ච වසී හොම, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී හොම මහාමුනෙ.
227
“ඎද්‍ධීන්හි වශීවූවෝ වෙමු. මහා මුනීන් වහන්ස, දිව්‍ය ශ්‍රොතාඥානයෙහිද, චෙතො පරියඥානයෙහිද වශීවූවෝ වෙමු.
228
‘‘‘පුබ්බෙනිවාසං ජානාම, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
228
“පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරණ ලදී. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
229
‘‘‘අත්ථෙ ධම්මෙ ච නෙරුත්තෙ, පටිභානෙ (පටිභාණෙ (සී. ස්‍යා.)) ච විජ්ජති;
ඤාණං අම්හං මහාවීර, උප්පන්නං තව සන්තිකෙ.
229
“මහා වීරයන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහිදී උපන් අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව් පිළිසිඹියාවන්හිවූ ඥානයද අපට ඇත.
230
‘‘‘අස්මාභි පරිචිණ්ණොසි, මෙත්තචිත්තාහි නායක;
අනුජානාහි සබ්බාසං (සබ්බායො (ස්‍යා. පී.)), නිබ්බානාය මහාමුනෙ’.
230
“ලෝක නායකයන් වහන්ස, අප විසින් මෙත් සිත පුරුදු කරණ ලදුයේමය. මහාමුණීන් වහන්ස, සියලු දෙනාහට පිරිනිවණට අනු දැන වදාළ මැනව.
231
‘‘නිබ්බායිස්සාම ඉච්චෙවං, කිං වක්ඛාමි වදන්තියො;
යස්ස දානි ච වො කාලං, මඤ්ඤථාති ජිනොබ්‍රවි.
231
“පිරිනිවන් පාන්නෙමැයි මෙසේ පවසන්නාවූ පින්වන්තියනට කුමක් කියන්නෙම්ද? යම් හෙයකින් දැන් තොපගේ (පිරිනිවණට) කාලය (නම් එය) සිතව්” යයි තථාගත තෙම වදාළ සේක.
232
‘‘ගොතමීආදිකා තායො, තදා භික්ඛුනියො ජිනං;
වන්දිත්වා ආසනා තම්හා, වුට්ඨාය අගමිංසු තා.
232
“එකල්හි ගෞතමිය ආදීවූ එම භික්‍ෂුණීහු එම අසුනින් නැගිට ගියාහුය. ඒ වීරවූ, ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජතෙමේ මහත්වූ ජන සමූහයා සමග (ආරාමයෙහි) දොරකොටුව (දොරටුව) දක්වා සුලු මව අනුව ගිය සේක.
233
‘‘මහතා ජනකායෙන, සහ ලොකග්ගනායකො;
අනුසංයායී සො (අනුසංසාවයී (ස්‍යා. ක.)) වීරො, මාතුච්ඡං යාවකොට්ඨකං.
233
234
‘‘තදා නිපති පාදෙසු, ගොතමී ලොකබන්ධුනො;
සහෙව තාහි සබ්බාහි, පච්ඡිමං පාදවන්දනං.
234
“එකල්හි ගෞතමී තොමෝ සෙසු සියලු භික්‍ෂුණීන්ද සමග ලෝකබන්ධුවූ බුදුරජුන්ගේ පාමුල වැටුනාය. (මෙසේද කීවාය.) “අන්තිම සිරිපා වැඳුමයි.”
235
‘‘‘ඉදං පච්ඡිමකං මය්හං, ලොකනාථස්ස දස්සනං;
න පුනො අමතාකාරං, පස්සිස්සාමි මුඛං තව.
235
“මේ මාගේ බුදුරජුන්ගේ අන්තිම දර්‍ශණයයි. නැවත අමෘතයක් වැනිවූ ඔබ වහන්සේගේ මුහුණ නොදකින්නෙමි.
236
‘‘‘න ච මෙ වන්දනං (වදනං (ක.)) වීර, තව පාදෙ සුකොමලෙ;
සම්ඵුසිස්සති ලොකග්ග, අජ්ජ ගච්ඡාමි නිබ්බුතිං’.
236
“වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ සියුමැලි සිරිපා වැඳුමක් (මින්මතු) නොවන්නේය. ලෝකනායකයන් වහන්ස, (සිරිපා හිසින්) ස්පර්‍ශ කරමි. අද පිරිනිවණට යමි.
237
‘‘රූපෙන කිං තවානෙන, දිට්ඨෙ ධම්මෙ යථාතථෙ;
සබ්බං සඞ්ඛතමෙවෙතං, අනස්සාසිකමිත්තරං.
237
“මෙලෙව්හිදීම සත්‍යවූ (වෙන්වීමෙන් යුක්ත) ඔබ වහන්සේගේ මේ රූපයෙන් කිම. මේ සියලු සංස්කාර ධර්‍මම අස්වැසිලි රහිතය. ස්වල්පය.”
238
‘‘සා සහ තාහි ගන්ත්වාන, භික්ඛුනුපස්සයං සකං;
අඩ්ඪපල්ලඞ්කමාභුජ්ජ, නිසීදි පරමාසනෙ.
238
“ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම භික්‍ෂුණීන් සමග ස්වකීය භික්‍ෂුණී අසපුවට ගොස් අර්ධපර්‍ය්‍යඞ්කය බැඳගන උතුම්වූ අසුනෙහි වැඩහුන්නාය.
239
‘‘තදා උපාසිකා තත්ථ, බුද්ධසාසනවච්ඡලා;
තස්සා පවත්තිං සුත්වාන, උපෙසුං පාදවන්දිකා.
239
“එකල්හි එහි බුදුසසුනෙහි ඇලුම් ඇති උවැසියෝ එම ප්‍රජාපතී ගෞතමියගේ පුවත අසා (එතුමියගේ) පා වඳිනු කැමැත්තියෝ එළඹියාහුය.
240
‘‘කරෙහි උරං පහන්තා, ඡින්නමූලා යථා ලතා;
රොදන්තා කරුණං රවං, සොකට්ටා භූමිපාතිතා.
240
“අත්වලින් ලෙහි පැහැර සිඳින ලද මුල් ඇති ලතාවන් මෙන්, බැගෑ හඬින් හඬමින් ශෝකයෙන් ආතුරවූවාහු බිම ඇද වැටුනාහුය.
241
‘‘මා නො සරණදෙ නාථෙ, විහාය ගමි නිබ්බුතිං;
නිපතිත්වාන යාචාම, සබ්බායො සිරසා මයං.
241
“අපගේ සරණ දායිකාවෙනි, (අනාථවූ අපට පිහිටවන) නාථාවෙනි. අප හැර දමා පිරිනිවණට නොයනු මැනව. අපි සියල්ලෝ හිසින් (දෙපාමුල) වැටී (එසේ නොයන ලෙස) යදිමු” යයි (කීහ.)
242
‘‘යා පධානතමා තාසං, සද්ධා පඤ්ඤා උපාසිකා;
තස්සා සීසං පමජ්ජන්තී, ඉදං වචනමබ්‍රවි.
242
“ඔවුනතුරෙන් ඉතා ප්‍රධානවූ, යම් සැදැහැවත්, පැණවත් උවැසියක් තොමෝ වූවාද, ඇයගේ හිස පිරිමදින්නී (ගෞතමී තොමෝ) මෙම වචනය කීවාය.
243
‘‘‘අලං පුත්තා විසාදෙන, මාරපාසානුවත්තිනා;
අනිච්චං සඞ්ඛතං සබ්බං, වියොගන්තං චලාචලං’.
243
“දැරියෙනි, මාරයාගේ මළ පුඩුව අනුව ගියාවූ දුකින් කම් නැත. සියලු සංස්කාරයන් අනිත්‍යය. වෙන්වීමෙන් කෙළවර වන්නේය. අතිශයින් චංචලය” කියායි.)
244
‘‘තතො සා තා විසජ්ජිත්වා, පඨමං ඣානමුත්තමං;
දුතියඤ්ච තතියඤ්ච, සමාපජ්ජි චතුත්ථකං.
244
“ඉක්බිති ඒ ප්‍රජාපතී ගෞතමී තොමෝ එම උවසියන් අතහැර දමා උතුම්වූ ප්‍රථමධ්‍යානයටද, වීතීයධ්‍යානයටද, තෘතීයධ්‍යානයටද, චතුර්ත්‍ථධ්‍යානයටද සම වැදුනාය.
245
‘‘ආකාසායතනඤ්චෙව, විඤ්ඤාණායතනං තථා;
ආකිඤ්චං නෙවසඤ්ඤඤ්ච, සමාපජ්ජි යථාක්කමං.
245
“ආකාසානඤ්චායතනයටද, එසේම විඤ්ඤාණඤ්චායතනයටද, ආකිඤ්චඤ්ඤායතනයටද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයටද පිළිවෙලින් සමවැදුනාය.
246
‘‘පටිලොමෙන ඣානානි, සමාපජ්ජිත්ථ ගොතමී;
යාවතා පඨමං ඣානං, තතො යාවචතුත්ථකං.
246
“ගෞතමී තොමෝ ප්‍රථමධ්‍යානය දක්වා ප්‍රතිලෝම වශයෙන්ද, ඉක්බිති චතුර්ත්‍ථධ්‍යානය දක්වා (අනුලොම් වශයෙන්ද) ධ්‍යානයට සමවැදුනාය.
247
‘‘තතො වුට්ඨාය නිබ්බායි, දීපච්චීව නිරාසවා (නිරාසනා (සී. පී.));
භූමිචාලො මහා ආසි, නභසා විජ්ජුතා පති.
247
“ඉන් නැගිට තෙල් රහිතවූ පහන් දැල්ලක් මෙන් පිරිනිවන් පෑවාය. මහත්වූ භූමිකම්පාවක්ද විය. අහසින් විදුලිද වැටුනේය.
248
‘‘පනාදිතා දුන්දුභියො, පරිදෙවිංසු දෙවතා;
පුප්ඵවුට්ඨී ච ගගනා, අභිවස්සථ මෙදනිං.
248
“භෙරීහු නාද කළාහුය. දෙවිවරු හැඬූහ. අහසින් මල්වැසි ඇතිවිය.
249
‘‘කම්පිතො මෙරුරාජාපි, රඞ්ගමජ්ඣෙ යථා නටො;
සොකෙන චාතිදීනොව විරවො ආසි සාගරො.
249
“මේරූ පර්‍වත රාජයාද රඟමඬලෙහි මැද (නටන) නළුවෙකු මෙන් කම්පා විය. සොවින් ඉතා බැගෑවූවාක් මෙන් සයුරද පවත්වන කද ශබ්ද ඇත්තේ විය.
250
‘‘දෙවා නාගාසුරා බ්‍රහ්මා, සංවිග්ගාහිංසු තඞ්ඛණෙ;
‘අනිච්චා වත සඞ්ඛාරා, යථායං විලයං ගතා’.
250
“දෙවියෝද, නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද, එකෙණෙහි සංවේගයට පත්වුහ. (කෙසේද යත්) යම්සේ මෝ තෙමෝ මරණයට පත්වූවාද (එසේම) ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ.
251
‘‘යා චෙ මං පරිවාරිංසු, සත්ථු සාසනකාරිකා;
තායොපි අනුපාදානා, දීපච්චි විය (දීපසිඛා විය (ස්‍යා.)) නිබ්බුතා.
251
“ඉදින් බුදුසසුන කරන්නාවූ යම් භික්‍ෂුණී කෙණෙක් මෙම ගෞතමිය පිරිවරා සිටියාහුද, එම භික්‍ෂුණීහුද පහන් සිළු මෙන් නිවී ගියහ.
252
‘‘හා යොගා විප්පයොගන්තා, හානිච්චං සබ්බසඞ්ඛතං;
හා ජීවිතං විනාසන්තං, ඉච්චාසි පරිදෙවනා.
252
“අහෝ සංයෝගයෝ වියෝගය කෙළවරකොට ඇත්තාහ. අනේ! සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. අහෝ, ජීවිතය මරණයෙන් කෙළවර වන්නකැ” යි මෙසේ මහත්වූ හැඬීමක් විය.
253
‘‘තතො දෙවා ච බ්‍රහ්මා ච, ලොකධම්මානුවත්තනං;
කාලානුරූපං කුබ්බන්ති, උපෙත්වා ඉසිසත්තමං.
253
“ඉක්බිති දෙවියෝද, බ්‍රහ්මයෝද රජුන් වෙත එළඹ (අෂ්ට) ලෝක ධර්‍මයට අනුව පැවැත්ම කලට සුදුසු පරිදි කෙරෙත්” යයි කීහ.
254
‘‘තදා ආමන්තයී සත්ථා, ආනන්දං සුතසාගරං (සුතිසාගරං (සී. ස්‍යා. පී.));
‘ගච්ඡානන්ද නිවෙදෙහි, භික්ඛූනං මාතු නිබ්බුතිං’.
254
“එකල්හි ශාස්තෘතෙමේ ශ්‍රුති සාගරයක්වූ හෙවත් බුදුරජුන් වෙතින්ම ඇසීමෙන් දැනගන්නාලද, සයුර මෙන් අපමණවූ ධර්‍මය ඇති අනඳ තෙරුන් ඇමතූහ. (අමතා) “ආනන්‍දය, යනු මැනව. භික්‍ෂූන්හට මවගේ පිරිනිවීම දන්වව” යි වදාළ සේක.
255
‘‘තදානන්දො නිරානන්දො, අස්සුනා පුණ්ණලොචනො;
ගග්ගරෙන සරෙනාහ, ‘සමාගච්ඡන්තු භික්ඛවො.
255
“එකල්හි පහව ගිය ප්‍රීතිය ඇති ආනන්ද තෙමේ කඳුලු පිරුණු ඇස් ඇත්තේ, ගොත ගසන හඬින්, “පෙර, දකුණු, පැසුලූ, උතුරු දිශාවන්හි යම් (භික්‍ෂු කෙණෙක්) වසත් නම් (එම භික්‍ෂූහු) රැස් වෙත්වා. බුද්‍ධ පුත්‍රවූ භික්‍ෂූහු මගේ වචනය අසත්වා.
256
‘‘‘පුබ්බදක්ඛිණපච්ඡාසු, උත්තරාය ච සන්තිකෙ;
සුණන්තු භාසිතං මය්හං, භික්ඛවො සුගතොරසා.
256
257
‘‘‘යා වඩ්ඪයි පයත්තෙන, සරීරං පච්ඡිමං මුනෙ;
සා ගොතමී ගතා සන්තිං, තාරාව සූරියොදයෙ.
257
“යම් මවක් තොමෝ බුදුරජුන්ගේ අන්තිම ශරීරය උත්සාහයෙන් වර්ධනය කළාද, ඒ (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ හිරු උදාවන කල්හි නිෂ්ප්‍රභාවන තාරකාවන් මෙන් පිරිනිවනට පැමිණියාය.
258
‘‘‘බුද්ධමාතාති පඤ්ඤත්තිං (සඤ්ඤත්තිං (ස්‍යා.)), ඨපයිත්වා ගතාසමං;
න යත්ථ පඤ්චනෙත්තොපි, ගතිං (ගතං (සී. පී.), තත්ථ (ස්‍යා.)) දක්ඛති නායකො.
258
“බුද්‍ධ මාතාව” යන නම (පමණක්) තබා ගියාය. (පිරිනිවීමෙන් පසු) යම් තැනෙක්හි ගියා නම් (ඇය එහි) පසැස් ඇති බුදුරජතෙමේ නමුදු නොදකින්නේය.
259
‘‘‘යස්සත්ථි සුගතෙ සද්ධා, යො ච පියො මහාමුනෙ;
බුද්ධමාතුස්ස (බුද්ධමාතරි (සී.), බුද්ධස්ස මාතු (ස්‍යා.)) සක්කාරං, කරොතු සුගතොරසො’.
259
“බුදුරජුන් කෙරෙහි යමෙකුගේ ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, යමෙක් මහාමුනිවූ තථාගතයන්ගේ බුද්‍ධමාතාව කෙරෙහි සත්කාර කෙරේවා” යි (කියායි.)
260
‘‘සුදූරට්ඨාපි තං සුත්වා, සීඝමාගච්ඡු භික්ඛවො;
කෙචි බුද්ධානුභාවෙන, කෙචි ඉද්ධීසු කොවිදා.
260
“එය අසා බොහෝ දුර සිටියාවූද කිසියම් භික්‍ෂු කෙණෙක් බුද්‍ධානුභාවයෙන් (එතැනට) පැමිණියාහුය. ඎද්‍ධීන්හි දක්‍ෂවූ ඇතැම් කෙණෙක් ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද (එම) සයනය නංවා තැබූහ.
261
‘‘කූටාගාරවරෙ රම්මෙ, සබ්බසොණ්ණමයෙ සුභෙ;
මඤ්චකං සමාරොපෙසුං, යත්ථ සුත්තාසි ගොතමී.
261
“ගෞතමී තොමෝ පිරිනිවන සඳහා යම් (සයනයක) සැතපුනාද, (එම) සයනය ශුභවූ සියල්ල රුවන්මුවාවූ රම්‍යවූ උතුම් කුලුගෙයක (රන්සිවිගෙයක) නංවා තැබූහ.
262
‘‘චත්තාරො ලොකපාලා තෙ, අංසෙහි සමධාරයුං;
සෙසා සක්කාදිකා දෙවා, කූටාගාරෙ සමග්ගහුං.
262
“ඒ ලෝකපාලකවූ සිව්වරම් රජවරු (එම රන්සිවිගෙය) කරින් ඉසුලූහ. සෙසු ශක්‍රාදී දෙවිවරුද රන්සිවිගෙවල් ගත්තාහුය.
263
‘‘කූටාගාරානි සබ්බානි, ආසුං පඤ්චසතානිපි;
සරදාදිච්චවණ්ණානි, විස්සකම්මකතානි හි.
263
“විශ්වකර්‍මයා විසින් කරණ ලද්දාවූ, සරා හිරුවන්වූ සියල්ල පන්සියයක් කූටාගාරයෝ (රන්සිවිගෙවල්) වූහ.
264
‘‘සබ්බා තාපි භික්ඛුනියො, ආසුං මඤ්චෙසු සායිතා;
දෙවානං ඛන්ධමාරුළ්හා, නිය්‍යන්ති අනුපුබ්බසො.
264
“එම සියලු භික්‍ෂුණීහු (පිරිනිවන් පා) සයනයෙහි සැතපී සිටින්නියෝ වූහ. (එම සයනයන් රන්සිවි ගෙවල තබා, එකී රන්සිවිගෙවල් පිටින්) දෙවියන්ගේ කරට නැඟුනාහු, පිළිවෙලින් නික්ම යෙත්.
265
‘‘සබ්බසො ඡාදිතං ආසි, විතානෙන නභත්තලං;
සතාරා චන්දසූරා ච, ලඤ්ඡිතා කනකාමයා.
265
“අහස්තලය සර්‍වාකාරයෙන්ම වියනින් වසන ලද්දේ විය. රුවන්මුවාවූ තරු සහිත සඳ හිරු සටහන් කළ
266
‘‘පටාකා උස්සිතානෙකා, විතතා පුප්ඵකඤ්චුකා;
ඔගතාකාසපදුමා (ඔගතාකාසධූමාව (පී.)), මහියා පුප්ඵමුග්ගතං.
266
“ඔසවන ලද බොහෝ පතාකයෝ (වූහ.) පතළාවූ මල් සැට්ටද, බැසගත්තාවූ ආකාශ පද්මයෝද (වූහ.) (එසේම) පොළොවෙන් මල් උඩට නැංගේය.
267
‘‘දස්සන්ති චන්දසූරියා, පජ්ජලන්ති ච තාරකා;
මජ්ඣං ගතොපි චාදිච්චො, න තාපෙසි සසී යථා.
267
“චන්‍ද්‍ර-සූර්‍ය්‍යයෝ පෙනෙත්. තාරකාවෝ දිලිසෙත්. හිරු මධ්‍යගතවූයේ නමුදු සඳු මෙන් නොතවයි.
268
‘‘දෙවා දිබ්බෙහි ගන්ධෙහි, මාලෙහි සුරභීහි ච;
වාදිතෙහි ච නච්චෙහි, සඞ්ගීතීහි ච පූජයුං.
268
“දෙවියෝ දිව්‍යමයවූ සුවඳ මලින්ද, මල්වලින්ද, නෘත්‍යයන්ගෙන්ද, සංගීතයන්ගෙන්ද පිදුවාහුය.
269
‘‘නාගාසුරා ච බ්‍රහ්මානො, යථාසත්ති යථාබලං;
පූජයිංසු ච නිය්‍යන්තිං, නිබ්බුතං බුද්ධමාතරං.
269
“නාග-අසුර යන මොවුහුද, බ්‍රහ්මයෝද, (තම-තමන්ගේ) ශක්තිය පරිදි, බලය පරිදි, පිරිනිවියාවූ (වැඩමවා) ගෙන යන්නාවූ බුද්‍ධමාතාවට පිදුවාහුය.
270
‘‘සබ්බායො පුරතො නීතා, නිබ්බුතා සුගතොරසා;
ගොතමී නිය්‍යතෙ පච්ඡා, සක්කතා බුද්ධපොසිකා.
270
“බුද්‍ධපුත්‍රීවූ, පිරිනිවනට පත් සියළු භික්‍ෂුණීහු ඉදිරියෙහි ගෙනයන ලදහ. බුදුරජාණන් වහන්සේ පොෂණය කරණ ලද (තථාගතයන් වහන්සේ විසිනුදු) සත්කාර කරණ ලද (මහා ප්‍රජාපතී) ගෞතමී තොමෝ ඉක්බිතිව ගෙනයන ලදහ.
271
‘‘පුරතො දෙවමනුජා, සනාගාසුරබ්‍රහ්මකා;
පච්ඡා සසාවකො බුද්ධො, පූජත්ථං යාති මාතුයා.
271
“නා-සුර-බඹුන් සහිතවූ දෙවි මිනිස්සු ඉදිරියෙහි (යෙත්.) පසුව ශ්‍රාවකයන් සහිතවූ බුදුරජතෙම මවට පුද පිණිස යති.
272
‘‘බුද්ධස්ස පරිනිබ්බානං, නෙදිසං ආසි යාදිසං;
ගොතමීපරිනිබ්බානං, අතෙවච්ඡරියං (අතීවච්ඡරියං (සබ්බත්ථ) මොගල්ලානබ්‍යාකරණං ඔලොකෙතබ්බං) අහු.
272
“ගෞතමියගේ පරිනිර්‍වාණය සම්බුදු නම් බුදුරජුන්ගේ පරිනිර්‍වාණයද මෙබඳු නොවීය. ඉතා ආශ්චර්‍ය්‍ය දැය සිදුවිය.
273
‘‘බුද්ධො බුද්ධස්ස නිබ්බානෙ (න බුද්ධො බුද්ධනිබ්බානෙ (ස්‍යා. පී.)), නොපටියාදි (නොපදිස්සති (සී. පී.), සාරිපුත්තාදි (ස්‍යා.)) භික්ඛවො;
බුද්ධො ගොතමිනිබ්බානෙ, සාරිපුත්තාදිකා තථා (යථා (ස්‍යා.)).
273
“බුදුරජුන්ගේ පරිනිර්‍වාණයෙහි බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්‍ෂූහුද නොවූහ. ගෞතමියගේ පරිනිර්‍වාණයෙහි එසේ නොවීය. බුදුරජතෙමේද, ශාරීපුත්‍ර ආදී භික්‍ෂූහුද වූහ.
274
‘‘චිතකානි කරිත්වාන, සබ්බගන්ධමයානි තෙ;
ගන්ධචුණ්ණපකිණ්ණානි, ඣාපයිංසු ච තා තහිං.
274
“(එම දිව්‍ය-බ්‍රහ්ම-නර-නාගාදී) ඔවුහු සියල්ල සුවඳ දරින් කරණ ලද්දාවූ, සුවඳ සුණු ඉසින ලද්දාවූ චිතකයන් කොට, එහි එම භික්‍ෂුණීන් දැවූහ.
275
‘‘සෙසභාගානි ඩය්හිංසු, අට්ඨී සෙසානි සබ්බසො;
ආනන්දො ච තදාවොච, සංවෙගජනකං වචො.
275
“සෙසු කොටස් දැවුනාහ. සෑම අයුරින්ම ඇට ඉතිරිවිය. එකල්හි ආනන්‍ද තෙමේද සංවේගය දන්වන්නාවූ වචන කීය. (කෙසේද යත්?)
276
‘‘‘ගොතමී නිධනං යාතා, ඩය්හඤ්චස්සා සරීරකං;
සඞ්කෙතං බුද්ධනිබ්බානං, න චිරෙන භවිස්සති’.
276
“ගෞතමී තොමෝ පරිනිර්‍වාණයට පැමිණියාය. ඒ ගෞතමියගේ සිරුරද ආදාහනය කරණ ලදී. බුදුරජුන්ගේ පරිනිර්‍වාණයද නොබෝ කලකින්ම වන්නේයයි මට සැක ඇත්තේ වෙමි” යි (කියායි.)
277
‘‘තතො ගොතමිධාතූනි, තස්සා පත්තගතානි සො;
උපනාමෙසි නාථස්ස, ආනන්දො බුද්ධචොදිතො.
277
“ඉක්බිති බුදුරජුන් විසින් මෙහෙයන ලද ඒ ආනන්‍ද තෙමේ ඇයගේම පාත්‍රයෙහිවූ ගෞතමියගේ ධාතූන් ලෝකනාථයන් වහන්සේට පිරිනැමීය.
278
‘‘පාණිනා තානි පග්ගය්හ, අවොච ඉසිසත්තමො;
‘මහතො සාරවන්තස්ස, යථා රුක්ඛස්ස තිට්ඨතො.
278
“තථාගත තෙමේ එම ධාතූන් ශ්‍රී හස්තයෙන් ගෙන (මෙසේ) වදාළ සේක. “යම්සේ මහත්වූ අරටු සහිතව පවත්නාවූ වෘක්‍ෂයක ඒ මේ අතිවිශාල කඳ (පවා) පළුදු වන්නේය. (මේ) අනිත්‍යතාවයි. එසේම භික්‍ෂුණී සංඝයාගේ (නායිකාවවූ) ගෞතමී තොමෝ පිරිනිවණට පත්වූවාය.
279
‘‘‘යො සො මහත්තරො ඛන්ධො, පලුජ්ජෙය්‍ය අනිච්චතා;
තථා භික්ඛුනිසඞ්ඝස්ස, ගොතමී පරිනිබ්බුතා.
279
280
‘‘‘අහො අච්ඡරියං මය්හං (ආනන්ද පස්ස බුද්ධස්ස (ස්‍යා.)), නිබ්බුතායපි මාතුයා;
සරීරමත්තසෙසාය, නත්ථි සොකපරිද්දවො (න සොකපරිදෙවනා (ස්‍යා.)).
280
“ආනන්‍දය, බලනු මැනව. ශරීර (ධාතු) මාත්‍රය පමණක් ඉතිරිවූ පිරිනිවණට පත් මව පිළිබඳව බුදුරජුන් ශෝකයක් හෝ පරිදේවයක් හෝ නැත.
281
‘‘‘න සොචියා පරෙසං සා, තිණ්ණසංසාරසාගරා;
පරිවජ්ජිතසන්තාපා, සීතිභූතා සුනිබ්බුතා.
281
“ඕතොමෝ අනුන්ගේ ශෝකයට නුසුදුසුය. තරණය කරණ ලද සසර සයුරු ඇත්තීය. දුරුකරණ ලද තැවුල් ඇත්තීය. සිසිල් වූවාය. මැනවින් නිවීගියාය.
282
‘‘‘පණ්ඩිතාසි මහාපඤ්ඤා, පුථුපඤ්ඤා තථෙව ච;
රත්තඤ්ඤූ භික්ඛුනීනං සා, එවං ධාරෙථ භික්ඛවො.
282
“ඕතොමෝ පණ්ඩිත වූවාය. එසේම මහාප්‍රාඥද, පුථුප්‍රාඥද, භික්‍ෂුණීන් අතුරෙන් චිරරාත්‍රඥද වූවාය. මහණෙනි, මෙසේ (ඇය මෙබඳු ගුණ ඇත්තීයයි සිත්හි ලා) දරව්.
283
‘‘‘ඉද්ධීසු ච වසී ආසි, දිබ්බාය සොතධාතුයා;
චෙතොපරියඤාණස්ස, වසී ආසි ච ගොතමී.
283
“ගෞතමී තොමෝ ඎද්‍ධියෙහිද, දිව්‍ය ශ්‍රොත ධාතුයෙහිද වශීවූවාය. චෙතොපරිය ඤාණයෙහිද වශීවූවාය.
284
‘‘‘පුබ්බෙනිවාසමඤ්ඤාසි, දිබ්බචක්ඛු විසොධිතං;
සබ්බාසවපරික්ඛීණා, නත්ථි තස්සා පුනබ්භවො.
284
“පෙර විසූ කඳ පිළිවෙළද දැනගත්තාය. දිවැසද පිරිසිදු කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. ඇයගේ නැවත ඉපදීමක් නැත.
285
‘‘‘අත්ථධම්මනිරුත්තීසු, පටිභානෙ තථෙව ච;
පරිසුද්ධං අහු ඤාණං, තස්මා සොචනියා න සා.
285
“අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, ප්‍රතිභාණයෙහිද නුවණ පිරිසිදු විය. එහෙයින් ඇය ශෝකයට සුදුසු නොවන්නීය.
286
‘‘‘අයොඝනහතස්සෙව, ජලතො ජාතවෙදස්ස;
අනුපුබ්බූපසන්තස්ස, යථා න ඤායතෙ ගති.
286
“ඝන යමුගුරකින් ගසන ලද දැල්වෙන ගින්නක් මෙන් අනුපූර්‍ව ශාන්තියට පැමිණියහුගේ ගතිය නොපෙනේ.
287
‘‘‘එවං සම්මා විමුත්තානං, කාමබන්ධොඝතාරිනං;
පඤ්ඤාපෙතුං ගති නත්ථි, පත්තානං අචලං සුඛං.
287
“මෙසේ මැනවින් මිදුනාවූ, කාමබන්‍ධනය නමැති සැඩපහර තරණය කරණ ලද නිවන් සුවයට පැමිණියවුන්ගේ පණවන්නට ගතියක් නැත.
288
‘‘‘අත්තදීපා තතො හොථ, සතිපට්ඨානගොචරා;
භාවෙත්වා සත්තබොජ්ඣඞ්ගෙ, දුක්ඛස්සන්තං කරිස්සථ’’’.
ඉත්ථං සුදං මහාපජාපතිගොතමී ඉමා ගාථායො අභාසිත්ථාති.
288
“එහෙයින් තමාම පිළිසරණකොට ඇත්තෝ වව්. සතිපට්ඨානය අරමුණුකොට ඇත්තාහු, සප්තබොධ්‍යඞ්ගයන් වඩා දුක් කෙළවර කරව්” ය කියායි.
මෙහි මෙම අයුරින් මහා ප්‍රජාපතී භික්‍ෂුණීන් වහන්සේ (ගැන) මෙම ගාථාවන් වදාළ සේක.
8. ඛෙමාථෙරීඅපදානං 8. ඛෙමාපදානය
9. උප්පලවණ්ණාථෙරීඅපදානං 9. උප්පලවණ්ණාපදානය
10. පටාචාරාථෙරීඅපදානං 10. පටාචාරාපදානය