ත්‍රිපිටකය
8. පාටලිගාමියවග්ගො 8. පාටලීගාම වර්ගය
1. පඨමනිබ්බානපටිසංයුත්තසුත්තං 1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
2. දුතියනිබ්බානපටිසංයුත්තසුත්තං 2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
3. තතියනිබ්බානපටිසංයුත්තසුත්තං 3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
4. චතුත්ථනිබ්බානපටිසංයුත්තසුත්තං 4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පාටලිගාමියසුත්තං 6. පාටලිගාමිය සූත්‍රය
76
එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාටලිගාමො තදවසරි. අස්සොසුං ඛො පාටලිගාමියා (පාටලිගාමිකා (දී. නි. 2.148)) උපාසකා - ‘‘භගවා කිර මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පාටලිගාමං අනුප්පත්තො’’ති. අථ ඛො පාටලිගාමියා උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං - ‘‘අධිවාසෙතු නො, භන්තෙ, භගවා ආවසථාගාර’’න්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනාවසථාගාරං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං - ‘‘සබ්බසන්ථරිසන්ථතං (සබ්බසන්ථරිං සන්ථතං (සී. ස්‍යා. පී.)), භන්තෙ, ආවසථාගාරං; ආසනානි පඤ්ඤත්තානි; උදකමණිකො පතිට්ඨාපිතො (උදකමණිකං පතිට්ඨාපිතං (ස්‍යා.)) තෙලප්පදීපො ආරොපිතො. යස්සදානි, භන්තෙ, භගවා කාලං මඤ්ඤතී’’ති.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තංයෙව පුරක්ඛත්වා. පාටලිගාමියාපි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තංයෙව පුරක්ඛත්වා. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ ආමන්තෙසි -
‘‘පඤ්චිමෙ, ගහපතයො, ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච? ඉධ, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති. අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පුන චපරං, ගහපතයො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පුන චපරං, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති - යදි ඛත්තියපරිසං, යදි බ්‍රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං - අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො. අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පුන චපරං, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පුන චපරං, ගහපතයො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. ඉමෙ ඛො, ගහපතයො, පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පඤ්චිමෙ, ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච? ඉධ, ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති - යදි ඛත්තියපරිසං , යදි බ්‍රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං - විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලඞ්කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. ඉමෙ ඛො, ගහපතයො, පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදායා’’ති.
අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුතෙජෙත්වා සම්පහංසෙත්වා උය්‍යොජෙසි - ‘‘අභික්කන්තා ඛො, ගහපතයො, රත්ති; යස්සදානි තුම්හෙ කාලං මඤ්ඤථා’’ති. (‘‘එවං භන්තෙ‘‘ති ඛොපාටලිගාමියා උපාසකා භගවතො පටිස්සුත්වා (මහාව. 285; දී. නි. 2.151)) අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා (‘‘එවං භන්තෙ‘‘ති ඛොපාටලිගාමියා උපාසකා භගවතො පටිස්සුත්වා (මහාව. 285; දී. නි. 2.151)) උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාටලිගාමියෙසු උපාසකෙසු සුඤ්ඤාගාරං පාවිසි.
තෙන ඛො පන සමයෙන සුනිධවස්සකාරා (සුනීධවස්සකාරා (සී. ස්‍යා. පී.)) මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තෙන ඛො පන සමයෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව (සහස්සෙව (ස්‍යා. ක.), සහස්සස්සෙව (පී.)) පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්ති. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං.
අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. අථ ඛො භගවා තස්සා රත්තියා පච්චූසසමයෙ පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි -
‘‘කෙ නු ඛො (කො නු ඛො (සබ්බත්ථ)) ආනන්ද පාටලිගාමෙ නගරං මාපෙන්තී’’ති (මාපෙතීති (සබ්බත්ථ)). ‘‘සුනිධවස්සකාරා, භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා’’ති. ‘‘සෙය්‍යථාපි, ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා; එවමෙව ඛො, ආනන්ද, සුනිධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං, ආනන්ද, අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යාවතා, ආනන්ද, අරියං ආයතනං යාවතා වණිප්පථො ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං. පාටලිපුත්තස්ස ඛො, ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති - අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’’ති.
අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණියං (සාරාණීයං (සී. ස්‍යා. කං. පී.)) වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං - ‘‘අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා යෙන සකො ආවසථො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචෙසුං - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සුනිධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං.
අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනිධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි -
‘‘යස්මිං පදෙසෙ කප්පෙති, වාසං පණ්ඩිතජාතියො;
සීලවන්තෙත්ථ භොජෙත්වා, සඤ්ඤතෙ බ්‍රහ්මචාරයො (බ්‍රහ්මචාරිනො (ස්‍යා.), බ්‍රහ්මචරියෙ (පී. ක.)).
‘‘යා තත්ථ දෙවතා ආසුං, තාසං දක්ඛිණමාදිසෙ;
තා පූජිතා පූජයන්ති, මානිතා මානයන්ති නං.
‘‘තතො නං අනුකම්පන්ති, මාතා පුත්තංව ඔරසං;
දෙවතානුකම්පිතො පොසො, සදා භද්‍රානි පස්සතී’’ති.
අථ ඛො භගවා සුනිධවස්සකාරානං මගධමහාමත්තානං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
තෙන ඛො පන සමයෙන සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති - ‘‘යෙනජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති තං ‘ගොතමද්වාරං’ නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං තරිස්සති තං ‘ගොතමතිත්ථං’ නාම භවිස්සතී’’ති.
අථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි තං ‘ගොතමද්වාරං’ නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගා නදී පූරා හොති සමතිත්තිකා කාකපෙය්‍යා. අප්පෙකච්චෙ මනුස්සා නාවං පරියෙසන්ති, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්ති, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්ති අපාරා පාරං ගන්තුකාමා. අථ ඛො භගවා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙව - ගඞ්ගාය නදියා ඔරිමතීරෙ (ඔරිමතීරා (බහූසු) මහාව. 286; දී. නි. 2.154 පස්සිතබ්බං)) අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන .
අද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අප්පෙකච්චෙ නාවං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්තෙ අපාරා පාරං ගන්තුකාමෙ.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යෙ තරන්ති අණ්ණවං සරං,
සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි;
කුල්ලඤ්හි ජනො පබන්ධති (බන්ධති (ස්‍යා. පී.)),
තිණ්ණා (නිතිණ්ණා (ක.)) මෙධාවිනො ජනා’’ති. ඡට්ඨං;
76
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධරට සැරිසරන සේක් පළොල්ගම යම්තැනෙක්හිද, එගමට වැඩිසේක. පළොල්ගම්වැසි උපාසකයෝ “භාග්‍යවතුන් වහන්සේ පළොල් ගමට වැඩිසේක්ය”යි ඇසුවාහුමය. ඉක්බිති පළොල් ගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය, පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූම පළොල්ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවසථාගාරය (අමුත්තන්ගේ වාසය පිණිස කළ ගෙය) ඉවසා වදාරණ සේක්වායි, භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති පළොල් ගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැක හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ආවසථාගාරය යම්තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ ආවසථාගාරයෙහි ඇතිරිය යුතු සියළු තැන් අතුරා අසුන් පණවා කදාමිණියෙන් කළ මහ දිය සැල් තබ්බවා පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක සිටියාහුය. එක්පැත්තක සිටියාවූම පළොල්ගැමි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ.
“ස්වාමීනි, ආවසථාගාරය ඇතිරියයුතු හැමතැන (කළාල) අතුරා අසුන් පණවන ලද්දාහුය, දියසැළවල් තබන ලද්දාහ, තෙල් පහන් දල්වන ලද්දේය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමකට කල්දන්නාසේක්ද දැන් එයට කල්වන්නේ යයි” කීහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳපොරවා පාත්‍ර සිවුරු රැගෙන භික්ෂුසංඝයා සමග ආවසථාගාරය යම් තැනෙකද එහි වැඩිසේක. වැඩ පා සෝදා ආවසථාගාරයට ඇතුල්වී පෙරදිගට මුහුණලා වැඩහුන්සේක. භික්ෂු සංඝ තෙමේද පා දෝවා ආවසථාගාරයට වැද පෙරදිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම පිරිවරා වැඩහුන්නේය. පළොල් ගම් වැසි උපාසකයෝද පා සෝදා ආවසථාගාරයට වැද නැගෙනහිර බිත්තිය නිසා භාග්‍යවතුන් වහන්සේම පිරිවරා බස්නාහිර බලා හුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල් ගම් වැසි උපාසකයන් ඇමතූසේක.
“ගෘහපතියෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ පස්දොෂයෝ වෙත්: කවර පසක්දයත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි බිඳුණු සංවර ඇති දුශ්ශීලතෙම ප්‍රමාද කාරණයෙන් මහත් සම්පත්හුගේ පිරිහීමට පැමිණෙයි, දුශ්ශීලයාගේ ශීලවිපත්තිය හේතුකොට (වන්නාවූ) මේ පළමුවන දෝෂයවේ. තවද ගෘහපතියෙනි, ශීලය විනාශවූ දුසිල් පුගුලාගේ ලාමක කීර්ති ශබ්දය පැනනගී, සිල් නැත්තහුගේ ශීල විනාශය හේතුකොට (වන්නාවූ) මේ දෙවන ආදීනවය වේ. තවද ගෘහපතියනි, ශීල සංවරය නැත්තාවූ දුශ්ශීලතෙම රජ පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ මහණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද, භය ඇත්තෙක්වම පැමිණෙයි. දුශ්ශීලයාගේ ශීල විපත්තිය හේතුකොට (වන්නාවූ) මේ තුන්වන දොෂය වෙයි, තවද ගෘහපතියෙනි, ශීලය වැනසුණු දුශ්ශීලතෙම අතිශයින් මුළාවූයේ කලුරිය කෙරෙයි, බුන් සිල් ඇති දුශ්ශීලයාගේ ශීල විනාශ හේතුවෙන් මේ සතරවන දොෂය වේ. තවද ගෘහපතියෙනි, සිල් බිඳුණු දුශ්ශීලතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි පිනෙන් හෝ සැපයෙන් තොරවූ දුකට පිළිසරණවූ දුෂ්ටවූ කර්මයෙන් උපදින ගතියවූ වැටෙන්නාවූ හෝ වැනසෙන්නාවූ සැනසීමෙක් නැත්තාවූ නරකයෙහි උපදනේය. ශීලය විනාශවූ දුශ්ශීලයාගේ ශීල විපත්තිය හේතුකොට මේ පස්වන දොෂය වෙයි. ගෘහපතියෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තිය හේතුකොට මේ පස් ආදීනවයෝ වෙත්.
“ගෘහපතියෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පස් අනුසස් කෙනෙක් වෙති. ඒ කවර පසෙක්ද යත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි පිරිසිදුවූද, සම්පූර්ණවූද සිහියෙන් යුත් සිල් ඇති පුද්ගලතෙම අප්‍රමාදය (එළඹ සිටි සිහිය) හේතුකොට මහත් භොගරාශියට පැමිණෙයි, සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පළමුවන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වතාගේ යහපත් කීර්ති ඝොෂය පැනනගී. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ දෙවන අනුසස වන්නේය, තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත්තෙම ක්ෂත්‍රියයන්ගේ පිරිසකට වේවයි බමුණන්ගේ පිරිසකට වේවයි, ගෘහපතියන්ගේ පිරිසකට වේවයි, ශ්‍රමණයන්ගේ පිරිසකට වේවයි, යම් යම් පිරිසක් කරා පැමිණේද, නිර්භයව පැමිණේ. සිල්වතාගේ ශීලසම්පත්තිය හේතුකොට මේ තුන්වන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වත්තෙම සිහිමුළානොවූයේ කලුරිය කෙරෙයි. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ සිව්වන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත් තෙම කයබිඳී මරණින් මත්තෙහි සොඳුරු ගති ඇත්තාවූ අග්‍රවූ දිව්‍යලෝකයට පැමිණෙයි, සිල්වතාගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පස්වන අනුසස වන්නේය. ගෘහපතියෙනි, සිල් ඇත්තහුගේ ශීලසම්පත්තිය හේතුකොට (වන්නාවූ) මේ පස් අනුසස් වෙත් යයි” (වදාළසේක.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පාටළිග්‍රාමවාසී උපාසකයනට රෑ බොහෝ වේලාවක් දැහැමි කතාවෙන් මනාව සිතට ගන්වා උත්සාහ උපදවමින් සිත්සතන් පිරිසිදු කරවා සියලු අයුරෙන් සිත් සතුටුකරවා යැවූසේක “ගෘහපතියෙනි, රාත්‍රිතොමෝ ඉක්ම ගියාය. යම්ගමනකට තෙපි කල් දන්නහුනම් දැන් ඊට කල්වන්නේයයි” (වදාළසේක.) “එසේය ස්වාමීනි” කියා පළොල් ගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වන්සේගේ වචනය ගිවිස හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල් ගම්වැසි උපාසකයන් බැහැරගිය නොබෝ කලෙක්හි ශුන්‍යාගාරයට (ජනයන්ගෙන් හිස්වූ ගෙට) වැඩිසේක.
එකල්හි වනාහි (ඓශ්චර්ය මදයෙන්) මත්වූ මගධරට හෝ මගධ රජහුගේ මහඇමතිවූ සුනිධය වස්සකාරය යන නම් ඇත්තාවූ දෙබමුණු මහ ඇමැත්තෝ වජ්ජීන් වළක්වනු පිණිස පළොල්ගමෙහි නුවරක් මවත්.
එකල්හි වනාහි බොහෝ දෙවතාවෝ පාටළිග්‍රාමයෙහි (එක එක ගෙය වශයෙන්) දහසක් දහසක්කොට ගෘහ වස්තූන් පිරිවරා ගනිති. යම් පෙදෙසෙක්හි මහෙශාක්‍ය දෙවතාවෝ ගෘහවස්තූන් පිරිවරා ගණිත්ද, ඒ ප්‍රදෙශයෙහි රජුන්ටද, රජමහ ඇමැත්තන්ටද ගෙවල් තනන්නට (වාස්තු විද්‍යා පාඨකයන්ගේ) සිත් නැමෙති, යම් ප්‍රදෙශයෙක්හි මධ්‍යම දෙවතාවෝ ගෘහවස්තූන් (ගෙබිම්) පිරිවරා ගණිද්ද, ඒ පෙදෙසෙහි මධ්‍යම රජුටද, රජමහ ඇමතියන්ටද ගෙවල් තනන්නට (වස්තුවිද්‍යාඥයන්ගේ) සිත් නැමෙත්, යම් ප්‍රදෙශයෙක්හි නීච දෙවතාවෝ ගෙබිම් පරීක්ෂාකොට ගණිද්ද, ඒ පෙදෙසෙහි හීනවූ රජුන්ටද රජමහ ඇමතියන්ටද ගෙවල් තනන්නට (භූමිශාස්ත්‍රඥයන්ගේ) සිත් නැමෙත්.
භාග්‍යවතුන් වහන්සේ “යම් ප්‍රදේශයෙක මහානුභාව සම්පන්න දෙවතාවෝ ගෙබිම් පිරිවරා ගණිත්ද, ඒ පෙදෙසෙහි මහෙශාක්‍ය රජුන්ටද, රජමහ ඇමතියන්ටද ගෘහයන් නිර්මාණය කරන්නට සිත් නැමෙත්ය. යම් ප්‍රදෙශයෙක්හි මධ්‍යම දෙවතාවෝ ගෙබිම් පිරිවරා ගණිත්ද, ඒ ප්‍රදෙශයෙහි මධ්‍යම රජුන්ටද රජ මහ ඇමැත්තන්ටද ගෙවල් තනන්නට (වාස්තුවිද්‍යා පාඨකයන් ගේ) සිත් නැමෙත්ය. යම් පෙදෙසෙක හීනදේවතාවෝ ගෙබිම් පිරිවරා ගණිද්ද, ඒ පෙදෙසෙහි හීනවූ රජුන්ටද, රජමහ ඇමැත්තන්ටද ගෙවල් තනන්නට (වාස්තුවිද්‍යාඥයන්ගේ) සිත් නැමෙත්යයි පළොල්ගමෙහි දහස දහස ගෘහවස්තූන් පිරිවරා ගන්නාවූ දෙවතාවන් මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු දිවැසින් දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැයේ අලුයම් වේලෙහි නැගීසිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ආමන්ත්‍රණය කළසේක.
“ආනන්දය, කවර කෙනෙක් පළොල්ගමෙහි නුවරක් ඉදිකෙරෙද්ද?” - “ස්වාමීනි, මගධ මහාමාත්‍යවූ සුනීධය වස්සකාරය යන නම් ඇත්තාවූ දෙබමුණෝ ලිච්ඡවි රජුන් මැඩලීම පිණිස පළොල්ගමෙහි නුවරක් ඉදිකෙරෙති”යි (කීයේය.)
“ආනන්දය, යම්සේ වනාහි තව්තිසා වැසි දෙවියන් සමග මන්ත්‍රණයකොට (ඉදිකෙරෙද්ද) එපරිද්දෙන්ම ආනන්දය, සුනීධය, වස්සකාරයයි ප්‍රසිද්ධවූ මගධ මහාමාත්‍යයෝ පළොල්ගමෙහි ලිච්ඡවි රජුන්ගේ නුවර ඉදිකෙරෙති.
“ආනන්දය, මෙහි මම මිනිස් ඇස ඉක්ම පැවැති පිරිසිදු දිවැසින් යම් ප්‍රදෙශයෙක්හි මහෙශාක්‍ය දෙවතාවෝ ගෙබිම් පිරිවරාගණිත්ද ඒ පෙදෙසෙහි මහෙශාක්‍ය රජුන්ටද, රජමහ ඇමැත්තන්ටද ගෙවල් ඉදිකරන්නට සිත් නැමෙත්ය. යම් පෙදෙසෙක මධයම දෙවතාවෝ ගෘහවස්තූන් පිරිවරා ගණිත්ද, ඒ පෙදෙසෙහි මධයම රජුන්ටද රජමහ ඇමැත්තන්ටද ගෙවල් ඉදිකරන්නට සිත් නැමෙත්ය. යම් පෙදෙසෙක්හි හීන දෙවතාවෝ ගෙබිම් පිරිවරාගණිත්ද, ඒ පෙදෙසෙහි හීනවූ රජුන්ටද රජමහ ඇමැත්තන්ටද ගෙවල් ඉදිකරන්නට සිත් නැමෙත්යයි පළොල් ගමෙහි (එක එක වර්ගයෙහි) දහස දහස ගෘහවස්තූන් පිරිවරා ගත්තාවූ බොහෝ දේවතාවන් දිටිමි.
“ආනන්දය, යම් පමණ ආර්ය මනුෂ්‍යයන්ගේ රැස්වන තැනෙක් නම් ඇද්ද, යම් පමණ වෙළෙඳුන් ගෙන එන ලද බඩු රාසි වශයෙන් මිළයට ගන්නාවූද මිළදී ගන්නා වූද, තැනෙක් නම් වේද, (නොහොත්) වෙළඳුන්ගේ වාසස්ථානයෙක් වේද, මෙය බඩු පොදි ලිහන ස්ථානය වූ පාටලීපුත්‍ර නම් අගනුවර වන්නේය. ආනන්ද මේ පැළලුප් නුවරට වනාහි ගින්නෙන්ද, වතුරෙන්ද ඔවුනොවුන් බිඳීමෙන්දැයි ත්‍රිවිධ අන්තරායෝ වන්නාහුයයි” (වදාළසේක.)
ඉක්බිති සුනීධය, වස්සකාරය යන නම් ඇත්තාවූ මගධ මහ ඇමැත්තෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක සිටියාහුය. එක්පැත්තක සිටියාවූම මගධ මහා අමාත්‍ය වූ සුනීධය, වස්සකාරය යන දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“භවත් ගෞතමයන් වහන්සේ අද දවස පිණිස අපගේ බත භික්ෂු සංඝයා සමග ඉවසන සේක්වායි’ භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති සුනීධය වස්සකාරයයි ප්‍රසිද්ධවූ මගධ මහ ඇමැත්තෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ස්වකීය වාසස්ථානය යම් තැනෙකද, එහි පැමිණියාහුය. පැමිණ ස්වකීය වාසස්ථානයෙහි ප්‍රණීතවූ කෑ යුතු දේද, අනුභව කටයුතු දේද, පිළියෙළකරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, බත නිමියේය, (දැන්) කල් වන්නේ” යයි කල් දන්වා යැවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි අඳනය හැඳ කාබාණ බැඳ පාත්‍ර සිවුරු රැගෙන භික්ෂුසංඝයා සමග මගධ මහාමාත්‍යවූ සුනීධ වස්සකාරයන්ගේ ගෘහය යම් තැනෙකද එහි වැඩිසේක. වැඩ පණවනලද බුද්ධාසනයෙහි වැඩහුන්සේක. එකල්හි වනාහි මගධ මහ ඇමතිවූ සුනීධ වස්සකාර දෙබමුණෝ බුදුපාමොක් බික්සඟන ප්‍රණීතවූ කැවිල්ලෙන්ද, බොජුනෙන්ද සිය අතින් සතප්වා මනාව පැවරවූහ. එකල්හි වනාහි මගධ මහ ඇමතිවූ සුනීධ වස්සකාර යන දෙබමුණෝ දන්වැළඳූ පාත්‍රයෙන් ඉවත්කරන ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත එක් මිටි ආසනයක් ගෙන එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ මගධ මහ ඇමතිවූ සුනීධ වස්සකාර නම් දෙ බමුණන්ට මේ ගාථාවලින් අනුමෙවෙනි දහම් වදාළසේක.
“යම් ප්‍රදෙශයෙක්හි පණ්ඩිත ජාති ඇත්තෝ වාසය කෙරේද, ඒ තමාගේ වාසස්ථානයෙහි සංවරවූ බඹසර හැසිරෙන්නාවූ සිල්වතුන් වළඳවා
“එහි යම් දෙවතාකෙනෙක් වූවාහුද, ඒ ගෘහාධිගෘහිත දෙවතාවන්හට පින් දෙන්නේය. පුදන ලද්දාවූ ඒ දෙවතාවෝ පුදත් බුහුමන් කරන ලද්දාවූ ඒ දෙවතාවෝ ඔහු (උපන් උවදුරු දුරලීමෙන්) පාලනය කෙරෙත්.
“එහෙයින් ඒ (පණ්ඩිත ස්වභාව ඇති) පුරුෂයාට ලෙහි වඩා පොෂණය කරන ලද පුත්‍රයාට මවක සේ අනුකම්පා කරත්. දෙවියන් විසින් අනුකම්පා කරණ ලද, පුරුෂතෙමේ සදහටම හොඳ කරුණු දකීයයි” (වදාළසේක.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මගධ මහ ඇමතිවූ සුනීධ වස්සකාර නම් වූ දෙබමුණන්ට මේ ගාථාවලින් අනුමෙවෙනි බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩිසේක.
එසමයෙහි වනාහි සුනීධය වස්සකාරය යන නම් ඇත්තාවූ මගධ මහ ඇමතියෝ පිටිපසින් පිටිපසින් භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දාහු වෙත්. “අද මහණ ගෞතමයන් වහන්සේ යම් දොරකින් නික්මෙනසේක්ද, ඒ ගෞතමද්වාර නම් වන්නේය. යම් තොටකින් ගංගා නදිය තරණය කරණ සේක්ද, ඒ ගොයුම්තොට නම් වන්නේය” යන (අදහසින්ය.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නික්මුණුසේක්ද, ඒ ගෞතමද්වාර නම් වීය. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ගංගා නදීතොමෝ යම් දිශාවෙක්හිද, එහි පැමිණිසේක. එකල්හි වනාහි ගංගානදී තොමෝ පිරුණිවෙයි. (ඉවුර) සමව දියෙන් ගැවසීගත්තීවෙයි. ඉවුරෙහි සිටි කවුඩන් විසින් පිවහැකි ජලය ඇත්තීවෙයි. සමහර මිනිස්සු නැව් සොයති. සමහරු පසුරු සොයති සමහරු ඔබමොබ යනු කැමැත්තාහු කරනලදී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ශක්තිමත් පුරුෂයෙක් වකුටුකළ අතක් දිගුකරන්නේ යම්සේද, දික්කළ අතක් හෝ හකුලන්නේ යම්සේද, එපරිද්දෙන්ම ගංගා නදියගේ මෙතෙරදී නොපෙණී වැඩිසේක් එතෙර භික්ෂුසංඝයා සමග නැගීසිටිසේක. භාග්‍යවතුන් වහන්සේ ඔබමොබ යනු කැමති ඒ මිනිසුන් සමහරුන් නැව් සොයන්නවුන්ද සමහරුන් පසුරු සොයන්නවුන්ද දුටු සේක්මය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි ඒ අරුත් පැවසෙන මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක.
ස්වල්පමාත්‍ර ජලය තරණය කරනු කැමති ඒ ජනයා පසුරු බඳී. යම් කෙනෙක් (ගැඹුරු පළලවූ සසර නමැති) මහ නදිය හා (තෘෂ්ණා නමැති) මහ නදියද තරණය කරද්ද, ඔහු (ආර්යමාර්ග) නමැති හෙයකොට දිය පිරුණු වළ තැන් (මඩ) නොතැවරී දුරුකොට තරණය කරත්. ආර්යමාර්ගඥානයෙන් යුත් පණ්ඩිත බුදුවරයෝද බුද්ධශ්‍රාවකයෝද තරණය කළාහුය.”
7. ද්විධාපථසුත්තං 7. විධාපථ (නාගසමාල) සූත්‍රය
8. විසාඛාසුත්තං 8. විශාඛා සූත්‍රය
9. පඨමදබ්බසුත්තං 9. (ප්‍රථම) දබ්බ සූත්‍රය
10. දුතියදබ්බසුත්තං 10. (ද්විතීය) දබ්බ සූත්‍රය