ත්‍රිපිටකය
2. මහාවග්ගො 2. මහාවර්‍ගය
1. වෙරඤ්ජසුත්තං 1. වේරඤ්ජ සූත්‍රය
2. සීහසුත්තං 2. සීහසේනාපති සූත්‍රය
3. අස්සාජානීයසුත්තං 3. ආජඤ්ඤ සූත්‍රය
4. අස්සඛළුඞ්කසුත්තං 4. ඛලුඞ්ක සූත්‍රය
5. මලසුත්තං 5. මල සූත්‍රය
15
‘‘අට්ඨිමානි , භික්ඛවෙ, මලානි. කතමානි අට්ඨ? අසජ්ඣායමලා, භික්ඛවෙ, මන්තා; අනුට්ඨානමලා, භික්ඛවෙ, ඝරා; මලං, භික්ඛවෙ, වණ්ණස්ස කොසජ්ජං; පමාදො, භික්ඛවෙ, රක්ඛතො මලං; මලං, භික්ඛවෙ, ඉත්ථියා දුච්චරිතං; මච්ඡෙරං, භික්ඛවෙ, දදතො මලං; මලා, භික්ඛවෙ, පාපකා අකුසලා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච; තතො (තතො ච (ස්‍යා. පී.)), භික්ඛවෙ, මලා මලතරං අවිජ්ජා පරමං මලං. ඉමානි ඛො, භික්ඛවෙ, අට්ඨ මලානී’’ති.
‘‘අසජ්ඣායමලා මන්තා, අනුට්ඨානමලා ඝරා;
මලං වණ්ණස්ස කොසජ්ජං, පමාදො රක්ඛතො මලං.
‘‘මලිත්ථියා දුච්චරිතං, මච්ඡෙරං දදතො මලං;
මලා වෙ පාපකා ධම්මා, අස්මිං ලොකෙ පරම්හි ච;
තතො මලා මලතරං, අවිජ්ජා පරමං මල’’න්ති. පඤ්චමං;
15
“මහණෙනි, මේ මල හෙවත් කිලුටු අටක් වෙත්.
“කවර අටක්ද යත්? මහණෙනි, මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් (පාඩම් නොකීමෙන් හෝ භාවනා නොකිරීමෙන්) මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, (ගෙවල් හෝ ගෘහ වාසීහු) උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවූවාහු මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, කුසීත බව ශරීර වර්ධනයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ප්‍රමාදය ධන සංරක්‍ෂණයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ස්ත්‍රියට දුෂ්චරිතය කිලුට වේ. මහණෙනි, දෙන්නාහට මසුරුකම කිලුට වේ. මහණෙනි, මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වේ. මහණෙනි, ඊටත් වඩා අතිශයින්ම කිලුට වූයේ, තදබල කිලුට වුයේ අවිද්‍යාවයි. මහණෙනි, මේ වනාහි අෂ්ටවිධ මලයෝ වෙත්.
“මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ගෘහවාසීහු උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ශරීර වර්ණයට කුසීත බව (බාධකවු) කිලුට වේ. ප්‍රමාදය ධන සංරක්‍ෂණයට) බාධකවූ කිලුට වේ. අනාචාරය ස්ත්‍රියට කිලුට වේ. දායකයාහට මසුරුකම කිලුට වේ. මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වෙත්. ඊටත් වඩා අතිශයින්ම තදබල කිලුට වන්නේ අවිද්‍යාවයි.”
6. දූතෙය්‍යසුත්තං 6. දූතෙය්‍ය සූත්‍රය
7. පඨමබන්ධනසුත්තං 7. පුරුෂ බන්‍ධන සූත්‍රය
8. දුතියබන්ධනසුත්තං 8. ස්ත්‍රී බන්‍ධන සූත්‍රය
9. පහාරාදසුත්තං 9. පහාරාද සූත්‍රය
10. උපොසථසුත්තං 10. උපොසථ සූත්‍රය