ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
අට්ඨකනිපාතපාළි අඨක නිපාතය
1. මෙත්තාවග්ගො 1. මෙත්තා වර්‍ගය
1. මෙත්තාසුත්තං 1. අඨමෙත්තානිසංස සූත්‍රය
2. පඤ්ඤාසුත්තං 2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
3. පඨමඅප්පියසුත්තං 3. අප්පිය පසංසී සූත්‍රය
4. දුතියඅප්පියසුත්තං 4. ලාභකාම සූත්‍රය
5. පඨමලොකධම්මසුත්තං 5. සංඛිත්තලොකධම්ම සූත්‍රය
6. දුතියලොකධම්මසුත්තං 6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය
7. දෙවදත්තවිපත්තිසුත්තං 7. පරියාදින්න දේවදත්ත සූත්‍රය
8. උත්තරවිපත්තිසුත්තං 8. මහිස වත්‍ථු (උත්තර) සූත්‍රය
9. නන්දසුත්තං 9. නන්‍ද බ්‍රහ්ම චරිය සූත්‍රය
9
‘‘‘කුලපුත්තො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්‍ය. ‘බලවා’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්‍ය. ‘පාසාදිකො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්‍ය. ‘තිබ්බරාගො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්‍ය. කිමඤ්ඤත්‍ර, භික්ඛවෙ, නන්දො ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, යෙහි (යෙන (ක.)) නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතුං! තත්‍රිදං, භික්ඛවෙ, නන්දස්ස ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතාය හොති. සචෙ , භික්ඛවෙ, නන්දස්ස පුරත්ථිමා දිසා ආලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො පුරත්ථිමං දිසං ආලොකෙති - ‘එවං මෙ පුරත්ථිමං දිසං ආලොකයතො නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
‘‘සචෙ , භික්ඛවෙ, නන්දස්ස පච්ඡිමා දිසා ආලොකෙතබ්බා හොති...පෙ.... උත්තරා දිසා ආලොකෙතබ්බා හොති... දක්ඛිණා දිසා ආලොකෙතබ්බා හොති... උද්ධං උල්ලොකෙතබ්බා හොති... අධො ඔලොකෙතබ්බා හොති... අනුදිසා අනුවිලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො අනුදිසං අනුවිලොකෙති - ‘එවං මෙ අනුදිසං අනුවිලොකයතො නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතාය හොති.
‘‘තත්‍රිදං, භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති. ඉධ, භික්ඛවෙ, නන්දො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති - ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති.
‘‘තත්‍රිදං, භික්ඛවෙ, නන්දස්ස ජාගරියානුයොගස්මිං හොති. ඉධ , භික්ඛවෙ, නන්දො දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති; රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති ; රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා; රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස ජාගරියානුයොගස්මිං හොති.
‘‘තත්‍රිදං, භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති. ඉධ, භික්ඛවෙ, නන්දස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා සඤ්ඤා...පෙ.... විදිතා විතක්කා...පෙ.... අබ්භත්ථං ගච්ඡන්ති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති.
‘‘කිමඤ්ඤත්‍ර, භික්ඛවෙ, නන්දො ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො , සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, යෙහි නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතු’’න්ති! නවමං.
9
“මහණෙනි, නන්‍දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) ඡාතිකුල පුත්‍රයෙක් යයි ප්‍රකාශ කරන්නේය. නන්‍දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) කාය බලය ඇත්තෙක් යයි ප්‍රකාශ කරන්නේය. යහපත්ව ප්‍රකාශ කරන්නෙක් රූප සම්පත්තියෙන් ප්‍රසාද උපදවන්නෙක්යයි ප්‍රකාශ කරන්නේය, යහපත්ව ප්‍රකාශ කරන්නෙක් බලවත් රාග ඇත්තේයයි ප්‍රකාශ කරන්නේය,
“මහණෙනි, ඒ කූමකැයි හඟිවූ ද? නන්‍දයා චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් පිළිබඳව වසන ලද දොර ඇත්තේ වෙයි. හෙවත් ඉන්‍ද්‍රිය සංවරශීලයෙන් යුක්ත වෙයි. භෝඡනයෙහි පමණ දන්නේය. නිදි වර්ඡනය කිරීමෙහි යෙදුනේය, සියලු ඉරියව්වෙහි සිහියෙන් යුක්තව ක්‍රියා කරන්නේය, යම්බදු මේ ගුණ දහම් කරණකොටගෙන, සම්පූර්‍ණවූ පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නන්‍දයා සමර්ත්‍ථවෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණදහම් අතුරෙන් මෙය නන්‍දයාගේ ඉන්‍ද්‍රිය සංවරය වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයාට පූර්‍ව දිශාව බැලියයුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා පූර්‍ව දිශාව බලයි-(කෙසේද?) ‘පූර්‍ව දිශාව බලන්නාවූ මට මෙපරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
“මහණෙනි ඉදින් නන්‍දයාට බටහිරදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා බටහිර දිග බලයි. ‘බටහිරදිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’ උතුරුදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා උතුරුදිග බලයි. උතුරු දිශාව බලන්නා වූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’
“දකුණු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා දකුණු දිග බලයි. “දකුණු දිග බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ උඩ දිශාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා උඩ දිසාව බලයි. “උඩ දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ යට දිසාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා යට දිසාව බලයි. “යට දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
“අනු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්‍දයා අනු දිග බලයි. “මෙසේ අනු දිග බලන්නාවූ මට විෂම ලෝභ, දොම්නස් ආදී පාප ධර්‍මයෝ සිතට වැද නොගන්නාහුය’ යි බලයි. මෙපරිද්දෙන් එහි සම්‍යක් ප්‍රඥාවෙන් යෙදුනේ වෙයි. “මහණෙනි, මෙය නන්‍දයාගේ ඉන්‍ද්‍රිය සංවරය පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයා නුවණින් සලකා ආහාරය වළඳයි. (කෙසේද?) ‘මම මේ ආහාරය ක්‍රීඩා පිණිස නොවළඳමි. මද වැඩීම පිණිස නොවළඳමි. අලඞ්කාරය පිණිස නොවළඳමි. සැරැසීම පිණිස නොවළඳමි. යම්තාක් මේ ශරීරයාගේ චිරස්ථිතිය වේද, ඒ පිණිස වළඳමි. අවිහිංසාවෙහි ඇලීම සඳහා වළඳමි. ශාසන බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිස වළඳමි. මෙසේ මේ වැළඳීමෙන් පුරාණ බඩගිනි වේදනාව නසන්නෙමි. (පමණට වඩා වැළඳීමෙන්) අමුතු වේදනාවක්ද නූපදවන්නෙමි. මේ වැළදීම මාගේ ජීවිතය ගෙන යාම සඳහා යාත්‍රාවක්ද වන්නේය. නිවැරදිද වන්නේය. පාසු විහරණය පිණිසද වන්නේය,’ යනුය. මහණෙනි, මෙය නන්‍දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ නිදි වර්ජිත කිරීම පිළිබඳව වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයා දහවල් කාලය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මැදුම් යම (ශරීරයෙහි) දකුණු පාර්‍ශවය යට කොට, ඎජුවූ දකුණු පාදය මතුයෙහි වම් පාදය ස්වල්පයක් උඩට ඇද තබා, සිහියෙන් යුක්තව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, ‘අළුයම නැගී සිටිමි’ යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් සිංහසෙය්‍යාවෙන් සයනය කෙරෙයි. රාත්‍රියෙහි පැසුළුයම - (අළුයම) නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරන ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙය නන්‍දයාගේ නිදිවර්ජිත කිරීම පිළිබඳ වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්‍මයන් අතුරෙන් මෙය නන්‍දයාගේ සම්‍යක් සිහිය පිළිබඳ වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්‍දයාට තත්ත්‍වය අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ උපදිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ එළඹ සිටිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ නිරුද්‍ධ වෙත්. මහණෙනි, මෙය නන්‍දයාගේ සම්‍යක් සිහිය පිළබඳ වෙයි.
“මහණෙනි, නන්‍දයා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තය. භෝජනයෙහි පමණ දන්නේය. නිදි දුරු කිරීමෙහි යෙදුනේය. සම්‍යක් සිහියෙන් යුක්තයයි, මෙයට වඩා කුමක්ද? යම් හෙයකින් නන්‍දයා සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නට (සිතන්නේද?) එය හැකිවෙයි.”
10. කාරණ්ඩවසුත්තං 10. කාරණ්ඩවනිධමන සූත්‍රය