ත්‍රිපිටකය
(9) 4. සමණවග්ගො (9) 4. සමණ වර්‍ගය
1. සමණසුත්තං 1. සමණ කරණීය සූත්‍රය
2. ගද්‍රභසුත්තං 2. ගද්‍රභසුත්තං
3. ඛෙත්තසුත්තං 3. පුබ්බකරණීය සූත්‍රය
4. වජ්ජිපුත්තසුත්තං 4. වජ්ජිපුත්තක සූත්‍රය
5. සෙක්ඛසුත්තං 5. සෙඛපඤ්හ සූත්‍රය
6. පඨමසික්ඛාසුත්තං 6. සික්ඛාත්තය සූත්‍රය
7. දුතියසික්ඛාසුත්තං 7. දුතිය සික්ඛාත්තය සූත්‍රය
8. තතියසික්ඛාසුත්තං 8. තෘතීය සික්ඛාත්තය සූත්‍රය
89
‘‘සාධිකමිදං , භික්ඛවෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති යත්ථ අත්තකාමා කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා, භික්ඛවෙ, සික්ඛා යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති. කතමා තිස්සො? අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො සික්ඛා යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති.
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති සමාධිස්මිං පරිපූරකාරී පඤ්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ, භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්‍රහ්මචරියකානි බ්‍රහ්මචරියසාරුප්පානි තත්ථ ධුවසීලො ච හොති ඨිතසීලො ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා සසඞ්ඛාරපරිනිබ්බායී හොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සංයොජනානං පරික්ඛයා, රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සංයොජනානං පරික්ඛයා එකබීජී හොති, එකංයෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සංයොජනානං පරික්ඛයා කොලංකොලො හොති, ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සංයොජනානං පරික්ඛයා සත්තක්ඛත්තුපරමො හොති, සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
‘‘ඉති ඛො, භික්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති පදෙසං පදෙසකාරී. අවඤ්ඣානිත්වෙවාහං , භික්ඛවෙ, සික්ඛාපදානි වදාමී’’ති. අට්ඨමං.
89
“මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්‍රයෝ යම් ශික්‍ෂාවෙක්හි හික්මෙද්ද, එබඳුවූ එක්සිය පනසක් ශික්‍ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්‍ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්‍ෂා තුනෙහි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුලත්වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, ප්‍රඥාව සම්පූර්‍ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් ඒ කුඩා අනුකුඩා ශික්‍ෂාපද කෙනෙක් වෙත්ද, ඒ ශික්‍ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද?
“මහණෙනි, එහි මාර්‍ග ඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ශික්‍ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්‍ය සිල් ඇත්තේද වෙයි, පිහිටි සිල් ඇත්තේද වෙයි, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි, හෙතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේම විශේෂ නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් සසංස්කාර පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් උද්ධං සොත අකනිට්ඨාගාමී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග දෝස බාගයක් තුනීවූ හෙයින් සකදාගාමී නම් වෙයි. වරක් මේ කාම ලෝකයට පැමිණ දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී නම් සෝවාන් පුද්ගලයා වෙයි. මිනිසත් බවක්ම ලබා දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් කෝලංකෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරයි.
“ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තු පරම නම් සෝතාපන්නයා වෙයි. සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරයි.
“මහණෙනි, මෙසේ වනාහි සම්පූර්‍ණ කරන්නේ, සම්පූර්‍ණයෙන් ලබයි. කොටසක් පුරන්නේ කොටසක් ලබයි. මහණෙනි, මෙසේ වනාහි ශික්‍ෂාපද නොවඳයයි කියමි.”
9. පඨමසික්ඛත්තයසුත්තං 9. චතුත්‍ථ සික්ඛත්තය සූත්‍රය
10. දුතියසික්ඛත්තයසුත්තං 10. පඤ්චම සික්ඛත්තය සූත්‍රය
11. සඞ්කවාසුත්තං 11. පඞ්කධා සූත්‍රය