ත්‍රිපිටකය
(8) 3. ආනන්දවග්ගො (8) 3. ආනන්‍ද වර්‍ගය
1. ඡන්නසුත්තං 1. ඡන්නපරිබ්බාජක සූත්‍රය
2. ආජීවකසුත්තං 2. ආජීවක සාවක සූත්‍රය
3. මහානාමසක්කසුත්තං 3. මහානාම (සමාධිඤාණ) සූත්‍රය
4. නිගණ්ඨසුත්තං 4. අභය (ලිච්ඡවි) සූත්‍රය
5. නිවෙසකසුත්තං 5. සමාදපෙත්තබ්බ සූත්‍රය
6. පඨමභවසුත්තං 6. භව පඤ්හ සූත්‍රය
7. දුතියභවසුත්තං 7. දුතිය භව පඤ්හ සූත්‍රය
8. සීලබ්බතසුත්තං 8. සීලබ්බතවිභජන සූත්‍රය
9. ගන්ධජාතසුත්තං 9. ගන්‍ධජාත සූත්‍රය
10. චූළනිකාසුත්තං 10. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය
81
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි . එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සම්මුඛාමෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘භගවතො, ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්‍රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං (සහස්සීලොකධාතුං (පී.) සං. නි. 1.185 විත්ථාරො) සරෙන විඤ්ඤාපෙසී’ති. භගවා පන, භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතු’’න්ති? ‘‘සාවකො සො, ආනන්ද, අප්පමෙය්‍යා තථාගතා’’ති.
දුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘භගවතො, ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්‍රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී’ති. භගවා පන, භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතු’’න්ති? ‘‘සාවකො සො, ආනන්ද, අප්පමෙය්‍යා තථාගතා’’ති.
තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සම්මුඛාමෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘භගවතො, ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්‍රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී’ති. භගවා පන, භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතු’’න්ති? ‘‘සුතා තෙ, ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූ’’ති? ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො! යං භගවා භාසෙය්‍ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙනහානන්ද, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘යාවතා, ආනන්ද, චන්දිමසූරියා (චන්දිමසුරියා (සී. ස්‍යා. කං. පී.)) පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං (තස්මිං සහස්සං (ස්‍යා. කං. පී.)) චන්දානං, සහස්සං සූරියානං, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං, සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුමහාරාජිකානං, සහස්සං තාවතිංසානං , සහස්සං යාමානං , සහස්සං තුසිතානං, සහස්සං නිම්මානරතීනං, සහස්සං පරනිම්මිතවසවත්තීනං, සහස්සං බ්‍රහ්මලොකානං - අයං වුච්චතානන්ද, සහස්සී චූළනිකා ලොකධාතු.
‘‘යාවතානන්ද , සහස්සී චූළනිකා ලොකධාතු තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු.
‘‘යාවතානන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද, තිසහස්සී මහාසහස්සී ලොකධාතු.
‘‘ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං (තිසහස්සි මහාසහස්සිං ලොකධාතුං (ස්‍යා. කං.), තිසහස්සීමහාසහස්සීලොකධාතුං (පී.)) සරෙන විඤ්ඤාපෙය්‍ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති.
‘‘යථා කථං පන, භන්තෙ, භගවා තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්‍ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති? ‘‘ඉධානන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං ඔභාසෙන ඵරෙය්‍ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්‍යුං, අථ තථාගතො ඝොසං කරෙය්‍ය සද්දමනුස්සාවෙය්‍ය. එවං ඛො, ආනන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්‍ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො (ආයස්මන්තං උදායිං) ((භගවන්තං) (සී.), ( ) නත්ථි ස්‍යා. කං. පොත්ථකෙසු. අට්ඨකථාය සමෙති) එතදවොච - ‘‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති. එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘කිං තුය්හෙත්ථ, ආවුසො ආනන්ද, යදි තෙ සත්ථා එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති? එවං වුත්තෙ භගවා ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘මා හෙවං, උදායි, මා හෙවං, උදායි. සචෙ, උදායි, ආනන්දො අවීතරාගො කාලං කරෙය්‍ය, තෙන චිත්තප්පසාදෙන සත්තක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කාරෙය්‍ය, සත්තක්ඛත්තුං ඉමස්මිංයෙව ජම්බුදීපෙ මහාරජ්ජං කාරෙය්‍ය. අපි ච, උදායි, ආනන්දො දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සතී’’ති. දසමං.
81
එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, ‘ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ‘ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
“තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ‘ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”
“ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” - “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.
“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.
“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.
“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. ඉන් පිටත් ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”
“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.
“මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.