9. පමාදාදිවග්ගො | 9. ප්‍රමාද වර්ගය |
81
‘‘අප්පමත්තිකා
|
81
යසොවුද්ධි සූත්‍රය
“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද මේ අග්‍රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.”
|
82
‘‘නාහං
|
82
පමාද සූත්‍රය
“මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.”
|
83
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අප්පමාදො. අප්පමාදො, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතී’’ති. තතියං.
|
83
අප්පමාද සූත්‍රය
“මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
84
‘‘නාහං
|
84
කොසජ්ජ සූත්‍රය
“මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.”
|
85
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, වීරියාරම්භො. වීරියාරම්භො, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතී’’ති. පඤ්චමං.
|
85
විරීයාරම්භ සූත්‍රය
“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
86
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, මහිච්ඡතා. මහිච්ඡතා, භික්ඛවෙ, මහතො අනත්ථාය සංවත්තතී’’ති. ඡට්ඨං.
|
86
මහිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම්සේ මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”
|
87
‘‘නාහං
|
87
අප්පිච්ඡ සූත්‍රය
“මහණෙනි, යම්සේ අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
88
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා, භික්ඛවෙ, මහතො අනත්ථාය සංවත්තතී’’ති. අට්ඨමං.
|
88
අසන්තුට්ඨි සූත්‍රය
“මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”
|
89
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතී’’ති. නවමං.
|
89
සන්තුට්ඨි සූත්‍රය
“මහණෙනි, යම්සේ ලදදෙයන් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
90
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අයොනිසො මනසිකාරො. අයොනිසොමනසිකාරො
|
90
අයොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහිකිරීම මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොමදකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහිකිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී.”
|
91
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, යොනිසො මනසිකාරො. යොනිසොමනසිකාරො, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතී’’ති. එකාදසමං.
|
91
යොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
92
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං, භික්ඛවෙ, මහතො අනත්ථාය සංවත්තතී’’ති. ද්වාදසමං.
|
92
අසම්පජඤ්ඤ සූත්‍රය
“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, සම්‍යක්ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”
|
93
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතී’’ති. තෙරසමං.
|
93
සම්පජඤ්ඤ සූත්‍රය
“මහණෙනි, යම්සේ සම්‍යක්ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක්ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතී.”
|
94
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති
|
94
පාපමිත්ත සූත්‍රය
“මහණෙනි, යම්සේ පාප මිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාපමිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතී.”
|
95
‘‘නාහං
|
95
කල්‍යාණමිත්ත සූත්‍රය
“මහණෙනි, යම්සේ යහපත් මිතුරන් ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අර්ථය පිණිස පවතී.”
|
96
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අනත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගො, භික්ඛවෙ, අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං මහතො අනත්ථාය සංවත්තතී’’ති. සොළසමං.
|
96
අකුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම්සේ අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනු යොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”
|
97
‘‘නාහං
|
97
කුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”
|