ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
176
සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්‍රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘නත්ථි සො සමණො වා බ්‍රාහ්මණො වා යො ඉධ ආගච්ඡෙය්‍යා’’ති. අථ ඛො භගවා තස්ස බ්‍රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්‍යථාපි නාම බලවා පුරිසො...පෙ.... තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො භගවා තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා.
අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරතී’’ති? අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො (මහාමොග්ගලානො (ක.)) භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුරත්ථිමං දිසං නිස්සාය (උපනිස්සාය (සී.)) තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරතී’’ති? අද්දසා ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං දිබ්බෙන චක්ඛුනා...පෙ.... දිස්වාන - සෙය්‍යථාපි නාම බලවා පුරිසො...පෙ.... එවමෙව - ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකස්සපො දක්ඛිණං දිසං නිස්සාය තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
අථ ඛො ආයස්මතො මහාකප්පිනස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරතී’’ති? අද්දසා ඛො ආයස්මා මහාකප්පිනො භගවන්තං දිබ්බෙන චක්ඛුනා...පෙ.... තෙජොධාතුං සමාපන්නං. දිස්වාන - සෙය්‍යථාපි නාම බලවා පුරිසො...පෙ.... එවමෙව - ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකප්පිනො පච්ඡිමං දිසං නිස්සාය තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරතී’’ති? අද්දසා ඛො ආයස්මා අනුරුද්ධො...පෙ.... තෙජොධාතුං සමාපන්නං. දිස්වාන - සෙය්‍යථාපි නාම බලවා පුරිසො...පෙ.... තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා අනුරුද්ධො උත්තරං දිසං නිස්සාය තස්ස බ්‍රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්‍රහ්මානං ගාථාය අජ්ඣභාසි -
‘‘අජ්ජාපි තෙ ආවුසො සා දිට්ඨි, යා තෙ දිට්ඨි පුරෙ අහු;
පස්සසි වීතිවත්තන්තං, බ්‍රහ්මලොකෙ පභස්සර’’න්ති.
‘‘න මෙ මාරිස සා දිට්ඨි, යා මෙ දිට්ඨි පුරෙ අහු;
පස්සාමි වීතිවත්තන්තං, බ්‍රහ්මලොකෙ පභස්සරං;
ස්වාහං අජ්ජ කථං වජ්ජං, අහං නිච්චොම්හි සස්සතො’’ති.
අථ ඛො භගවා තං බ්‍රහ්මානං සංවෙජෙත්වා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - තස්මිං බ්‍රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි. අථ ඛො සො බ්‍රහ්මා අඤ්ඤතරං බ්‍රහ්මපාරිසජ්ජං ආමන්තෙසි - ‘‘එහි ත්වං, මාරිස, යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එවං වදෙහි - ‘අත්ථි නු ඛො, මාරිස මොග්ගල්ලාන, අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවංමහිද්ධිකා එවංමහානුභාවා ; සෙය්‍යථාපි භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධො’’’ති? ‘‘එවං, මාරිසා’’ති ඛො සො බ්‍රහ්මපාරිසජ්ජො තස්ස බ්‍රහ්මුනො පටිස්සුත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච - ‘‘අත්ථි නු ඛො, මාරිස මොග්ගල්ලාන, අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවංමහිද්ධිකා එවංමහානුභාවා; සෙය්‍යථාපි භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධො’’ති? අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්‍රහ්මපාරිසජ්ජං ගාථාය අජ්ඣභාසි -
‘‘තෙවිජ්ජා ඉද්ධිපත්තා ච, චෙතොපරියායකොවිදා;
ඛීණාසවා අරහන්තො, බහූ බුද්ධස්ස සාවකා’’ති.
අථ ඛො සො බ්‍රහ්මපාරිසජ්ජො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා යෙන සො බ්‍රහ්මා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං බ්‍රහ්මානං එතදවොච - ‘‘ආයස්මා මාරිස, මහාමොග්ගල්ලානො එවමාහ -
‘‘තෙවිජ්ජා ඉද්ධිපත්තා ච, චෙතොපරියායකොවිදා;
ඛීණාසවා අරහන්තො, බහූ බුද්ධස්ස සාවකා’’ති.
ඉදමවොච සො බ්‍රහ්මපාරිසජ්ජො. අත්තමනො ච සො බ්‍රහ්මා තස්ස බ්‍රහ්මපාරිසජ්ජස්ස භාසිතං අභිනන්දීති.
176
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා බ්‍රහ්මයෙකුට ‘මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ’ යි මෙසේවූ ලාමක දෘෂ්ටියෙක් පහළ වූයේ වේ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව දැන, ශක්තිමත් පුරුෂයෙකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්‍ෂණයෙන් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝකසිණ සමාපත්තියට සමවැද ඒ බඹහට උඩින් අහසෙහි පළක් බැඳ හුන් සේක.
එකල්හි ආයුෂ්මත් මහමුගලන්තෙරහට, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්දෝ’ යි මේ සිත විය.
මහමුගලන්තෙර තෙම මිනිසුන්ගේ විෂය ඉක්මවා දැක්ක හැකි, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහසෙහි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙර තේජෝකසිණ සමාපත්තියට සමවැද පෙර දිශායෙහි ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි පළක් බැඳ හුන්නේය.
එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරහට, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද?’ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම දකුණු දෙස ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරහටද, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද?’ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම බටහිරදිග ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
එකල්හි ආයුෂ්මත් අනුරුද්‍ධ තෙරහට මේ සිතවිය, ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද?’ ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේවූ විගසෙකින් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙම උතුරුදිග නිසා ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
ඉත්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු බඹුහට මෙසේ ගාථාවෙන් කීහ:
‘ඇවැත්නි, පෙර තොපගේ යම් දෘෂ්ටියෙක් වීනම් අද දක්වාත් ඒ දෘෂ්ටිය ඇත්තේද? මේ බඹලෙව්හි (අන්‍ය රශ්මීන්) මැඩපවත්වමින් රැස් විහිදුවමින් බබළන (බුදුරදුන්) දකිහිද? “
(බඹතෙම මෙසේ කීය.) “නිදුකාණනි, පෙර මට යම් දෘෂ්ටියෙක් වී නම්, එය දැන් නැත. බඹලෙව්හි (අන්‍ය රශ්මීන්) ඉක්මවමින් බබළන (බුදුරදුන්) දකිමි. ඒ මම ‘නිත්‍ය සදාකාලික වෙමි’ යි අද මම කෙසේ නම් කියම්ද?”
ඉක්බිති බුදුහු ඒ බ්‍රහ්මයා සංවේගකොට ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ඒ බඹලොවින් අතුරුදන්ව ජේතවනාරාමයෙහි පහළවූසේක.
ඉක්බිති ඒ බ්‍රහ්මතෙම එක්තරා අතවැසි බ්‍රහ්මයෙකුට කථාකළේය. “එව, නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඉන්නා යම් තැනෙක් වේද එතැනට යව. ගොස් ආයුෂ්මත් මහමුගලන් තෙරහුට මෙසේ කියව: ‘මුගලන් නම්වූ නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභාව ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්‍ධවහන්සේ වැනි අන්‍යවූත් ශ්‍රාවකයන් වහන්සේලා ඇත්ද?”
“එසේයි, නිදුකාණනි,” යි ඒ අතවැසි බ්‍රහ්මයා බඹහුට උත්තර දී මහමුගලන්තෙරුන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මහමුගලන් තෙරුන්ට මෙය කීයේය. “මුගලන් නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභා ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්‍ධ වහන්සේ යම්සේද එසේවූ අන්‍යවූ ශ්‍රාවකයෝ ඇත්තාහුද?”
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු ඒ අතවැසි බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ කීහ:
“ත්‍රිවිද්‍යාවෙන් සමන්විත, ඎද්‍ධිවිධ ඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්‍ෂ, ආශ්‍රවයන් ක්‍ෂයකළ අර්හත්වූ බුද්‍ධශ්‍රාවකයෝ බොහෝයි.”
ඉක්බිති ඒ අතවැසි බ්‍රහ්මයා ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙන අනුමෝදන්ව ඒ බ්‍රහ්මයා යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ බ්‍රහ්මයාට මෙය කීය: “නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙර මෙසේ කීය.
‘ත්‍රිවිද්‍යා සම්පන්න ඎද්‍ධිවිධඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්‍ෂ, ආශ්‍රවයන් ක්‍ෂය කළ අර්හත්වූ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝය.”
ඒ අතවැසි බ්‍රහ්මයා මෙය කීය. සතුටු සිත් ඇති බ්‍රහ්මතෙම ඒ අතවැසි බ්‍රහ්මයාගේ වචනය සතුටින් පිළිගත්තේය.
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය