ත්‍රිපිටකය
6. බ්‍රහ්මසංයුත්තං 6. බ්‍රහ්ම සංයුත්තය
1. පඨමවග්ගො 1. ප්‍රථම (කොකලික) වර්‍ගය
1. බ්‍රහ්මායාචනසුත්තං 1. ආයාචන සූත්‍රය
2. ගාරවසුත්තං 2. ගාරව සූත්‍රය
3. බ්‍රහ්මදෙවසුත්තං 3. බ්‍රහ්මදේව සූත්‍රය
4. බකබ්‍රහ්මසුත්තං 4. බකබ්‍රහ්ම සූත්‍රය
175
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන බකස්ස බ්‍රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘ඉදං නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං, ඉදඤ්හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, ඉතො ච පනඤ්ඤං උත්තරිං (උත්තරිං (සී. ස්‍යා. කං. පී.)) නිස්සරණං නත්ථී’’ති.
අථ ඛො භගවා බකස්ස බ්‍රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය එවමෙව - ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො බකො බ්‍රහ්මා භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච - ‘‘එහි ඛො මාරිස, ස්වාගතං තෙ, මාරිස! චිරස්සං ඛො මාරිස! ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදඤ්හි, මාරිස, නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං, ඉදඤ්හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරි නිස්සරණං නත්ථී’’ති.
එවං වුත්තෙ, භගවා බකං බ්‍රහ්මානං එතදවොච - ‘‘අවිජ්ජාගතො වත, භො, බකො බ්‍රහ්මා; අවිජ්ජාගතො වත, භො, බකො බ්‍රහ්මා. යත්‍ර හි නාම අනිච්චංයෙව සමානං නිච්චන්ති වක්ඛති, අධුවංයෙව සමානං ධුවන්ති වක්ඛති, අසස්සතංයෙව සමානං සස්සතන්ති වක්ඛති, අකෙවලංයෙව සමානං කෙවලන්ති වක්ඛති, චවනධම්මංයෙව සමානං අචවනධම්මන්ති වක්ඛති. යත්ථ ච පන ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච, තඤ්ච තථා වක්ඛති - ‘ඉදඤ්හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති’. සන්තඤ්ච පනඤ්ඤං උත්තරි නිස්සරණං, ‘නත්ථඤ්ඤං උත්තරි නිස්සරණ’න්ති වක්ඛතී’’ති.
‘‘ද්වාසත්තති ගොතම පුඤ්ඤකම්මා,
වසවත්තිනො ජාතිජරං අතීතා;
අයමන්තිමා වෙදගූ බ්‍රහ්මුපපත්ති,
අස්මාභිජප්පන්ති ජනා අනෙකා’’ති.
‘‘අප්පඤ්හි එතං න හි දීඝමායු,
යං ත්වං බක මඤ්ඤසි දීඝමායුං;
සතං සහස්සානං (සහස්සාන (ස්‍යා. කං.)) නිරබ්බුදානං,
ආයුං පජානාමි තවාහං බ්‍රහ්මෙ’’ති.
‘‘අනන්තදස්සී භගවාහමස්මි,
ජාතිජරං සොකමුපාතිවත්තො;
කිං මෙ පුරාණං වතසීලවත්තං,
ආචික්ඛ මෙ තං යමහං විජඤ්ඤා’’ති.
‘‘යං ත්වං අපායෙසි බහූ මනුස්සෙ,
පිපාසිතෙ ඝම්මනි සම්පරෙතෙ;
තං තෙ පුරාණං වතසීලවත්තං,
සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
‘‘යං එණිකූලස්මිං ජනං ගහීතං,
අමොචයී ගය්හකං නීයමානං;
තං තෙ පුරාණං වතසීලවත්තං,
සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
‘‘ගඞ්ගාය සොතස්මිං ගහීතනාවං,
ලුද්දෙන නාගෙන මනුස්සකම්‍යා;
පමොචයිත්ථ බලසා පසය්හ,
තං තෙ පුරාණං වතසීලවත්තං,
සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
‘‘කප්පො ච තෙ බද්ධචරො අහොසිං,
සම්බුද්ධිමන්තං (සම්බුද්ධිවන්තං (බහූසු)) වතිනං අමඤ්ඤි;
තං තෙ පුරාණං වතසීලවත්තං,
සුත්තප්පබුද්ධොව අනුස්සරාමී’’ති.
‘‘අද්ධා පජානාසි මමෙතමායුං,
අඤ්ඤෙපි (අඤ්ඤම්පි (සී. පී.)) ජානාසි තථා හි බුද්ධො;
තථා හි ත්‍යායං ජලිතානුභාවො,
ඔභාසයං තිට්ඨති බ්‍රහ්මලොක’’න්ති.
175
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි බකබ්‍රහ්මයාට ‘මේ බ්‍රහ්මාත්මභාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය වනාහි නොහටගනී, නොදිරයි, නොමියෙයි, චුත නොවෙයි, (මින්) චුතව අන් තැනෙක නොඋපදියි, මෙයින් මත්තෙහි සසරින් ගැලවී යායුතු අන් තැනෙක් නැතැ” යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපදින්නේ වෙයි.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ බකබ්‍රහ්මයාගේ අදහස තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙක් නැවූ අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් නවන්නේ හෝ යම්සේද, එසේම (විගසින්) ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවූසේක.
බකබ්‍රහ්ම තෙම එහි වඩින භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේට (මෙහි වඩින්න, නිදුකාණනි, බොහෝ කලකට පසු ඔබ මෙහි වැඩියේ යහපත, නිදුකාණනි, මේ බ්‍රහ්මාත්මභාවය වනාහි නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය නොහටගනී, නොදිරයි, මියෙන්නෙක් නැත, චුතවීමෙක් නැත, මෙයින් චුතව අන් තැනෙක උපදනෙක් නැත. මෙයට වැඩි සසරින් ගැලවෙන අනෙක් තැනෙක් නැතැ” යි කීය.
මෙසේ කීකල භාග්‍යවතුන් වහන්සේ බකබ්‍රහ්මයාට, ‘අනිත්‍යම වන දේ නිත්‍යයයි කියානම්, අස්ථිරම වන දේ ස්ථිරයයි කියානම්, සදාකාලිකම නොවන දේ සදාකාලිකයයි කියානම්, අඩුවක් ඇති දේ අඩුවක් නැති සියල්ලය කියානම්, චුතවන ස්වභාව ඇති දෙයක් චුතවන ස්වභාව නැති දෙයක් යයි කියා නම්, යම් තැනෙක වනාහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් වේනම්, ඒ පිළිබඳව එහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් නැතැයි කියානම්, එයට වැඩි, සසරින් ගැලවෙන අනෙක් තැනක් ඇතිකල එයට වැඩි (ගැලවීමෙක්නැතැයි) කියා නම් එසේවූ මේ බකබ්‍රහ්මතෙම ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධව ගියේ වේයයි’ වදාළසේක.
(එවිට බකබ්‍රහ්මතෙම මෙසේ කීය:) “ගෞතමයෙනි, (අපි) හැත්තෑදෙනෙක් (කරනලද) පින්කම් ඇත්තෝ ජාතිය හා ජරාව ඉක්මගියෝ වමු. අනුන් තමන් වසඟකොට පවත්වන්නෝ වමු. වේදගූ නම් වෙමු. මේ වනාහි කෙළවරවූ බඹලොව උපතයි, අන්‍ය බොහෝ ජනයෝ අප ප්‍රාත්ර්‍‍ථනා කෙරෙති.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) බකබ්‍රහ්මය, තෝ යම් ආයුෂයක් දීර්‍ඝායුෂයයි හඟින්නෙහිද, එය දීර්‍ඝායුෂයක් නොවේ. නිරබ්බුද නම් ගණනින් ලක්‍ෂයක් ආයුෂ යයි මම දනිමි.”
(බකබ්‍රහ්මතෙම මෙසේ කීය:) “භාග්‍යවතුනි, ‘මම අනන්තදර්ශී වෙමි’ යිද, ‘ජාතිය හා ජරාව හා ශෝකය ඉක්ම සිටියෙම් වෙමි’ යිද කියන්නෙහිය. මාගේ පුරාතනවූ කුමන නම් ව්‍රත සමාදානයෙක් වීද? කුමන ශීලයෙක් වීද? යමක් මම දනිම්ද එය මට කියව.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) “ග්‍රීෂ්ම කාලයෙහි පීඩිතවූ පිපාසිතවූ බොහෝ මිනිසුන්ට තෝ පැන් පෙවූයෙහිද, තාගේ ඒ පුරාතනවූ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් මම සිහිකරමි.
“ඒණිනම් ගංතෙර සොරුන් විසින් අල්ලාගන්නාලද අතපය බැඳගෙන යනු ලබන්නාවූ මිනිසුන් යම්හෙයකින් මිදීද, තාගේ ඒ පුරාතන ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
“මිනිසුන් විනාශකරනු කැමැත්තෙන් රෞද්‍රවූ නයා විසින් ගඞගානම් ගඟ දියෙහි ගන්නාලද නැව බලපා මැඩ මිදුනෙහිය. ඒ තාගේ පුරාතනවූ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
“තට මම කප්ප නම් අතවැස්සෙක් වූයෙමි. (ඒ නුඹ) මනා නුවනැත්තෙකු ලෙසද, ව්‍රත සම්පන්නයකු ලෙසද සිතූයෙමි. එසේවූ තාගේ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.”
(බකබ්‍රහ්මතෙම මෙසේ කීය:) “මාගේ මේ ආයුෂ ඒකාන්තයෙන් දන්නෙහිය. සෙසු සියල්ලද දන්නෙහිය. ඒසේ හෙයින්ම ඔබ බුද්ධ වෙහිය. එහෙයිම ඔබගේ මේ දිලිසෙන ආනුභාවය බඹලෙජව මුළුල්ල බබුළුවමින් සිටී.”
5. අඤ්ඤතරබ්‍රහ්මසුත්තං 5. අපරාදිට්ඨි සූත්‍රය
6. බ්‍රහ්මලොකසුත්තං 6. පමාද සූත්‍රය
7. කොකාලිකසුත්තං 7. කෝකාලික (හෙවත් කෝකාලිය) සූත්‍රය
8. කතමොදකතිස්සසුත්තං 8. තිස්සක සූත්‍රය
9. තුරූබ්‍රහ්මසුත්තං 9. තුදු බ්‍රහ්මා සූත්‍රය
10. කොකාලිකසුත්තං 10. දෙවෙනි කෝකාලික සූත්‍රය
2. දුතියවග්ගො 2. පරිනිර්‍වාණ වර්‍ගය
1. සනඞ්කුමාරසුත්තං 1. සනංකුමාර (හෙවත්) බ්‍රහ්මාසනා සූත්‍රය
2. දෙවදත්තසුත්තං 2. දේවදත්ත සූත්‍රය
3. අන්ධකවින්දසුත්තං 3. අන්‍ධකවින්‍ද සූත්‍රය
4. අරුණවතීසුත්තං 4. අරුණවතී සූත්‍රය
5. පරිනිබ්බානසුත්තං 5. පරිනිබ්බාන සූත්‍රය