ත්‍රිපිටකය
2. අනුපදවග්ගො 2. අනුපද වර්ගය
1. අනුපදසුත්තං 1. අනුපද සූත්‍රය
2. ඡබ්බිසොධනසුත්තං 2. ඡබ්බ සොධන සූත්‍රය
3. සප්පුරිසසුත්තං 3. සප්පුරිස සූත්‍රය
4. සෙවිතබ්බාසෙවිතබ්බසුත්තං 4. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
5. බහුධාතුකසුත්තං 5. බහුධාතුක සූත්‍රය
6. ඉසිගිලිසුත්තං 6. ඉසිගිලි සූත්‍රය
7. මහාචත්තාරීසකසුත්තං 7. මහා චත්තාරීසක සූත්‍රය
136
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘අරියං වො, භික්ඛවෙ, සම්මාසමාධිං දෙසෙස්සාමි සඋපනිසං සපරික්ඛාරං. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමො ච, භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො සපරික්ඛාරො? සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති; යා ඛො, භික්ඛවෙ, ඉමෙහි සත්තහඞ්ගෙහි චිත්තස්ස එකග්ගතා පරික්ඛතා - අයං වුච්චති, භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො ඉතිපි, සපරික්ඛාරො ඉතිපි. තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාදිට්ඨිං ‘මිච්ඡාදිට්ඨී’ති පජානාති, සම්මාදිට්ඨිං ‘සම්මාදිට්ඨී’ති පජානාති - සාස්ස හොති සම්මාදිට්ඨි.
‘‘කතමා ච, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි? ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති - අයං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? සම්මාදිට්ඨිංපහං (සම්මාදිට්ඨිමහං (ක.) එවං සම්මාසඞ්කප්පංපහංක්‍යාදීසුපි), භික්ඛවෙ, ද්වායං (ද්වයං (සී. ස්‍යා. කං. පී.) ටීකා ඔලොකෙතබ්බා) වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා; අත්ථි, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා ? ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති - අයං, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං (මග්ගඞ්ගා (සී. පී.)) - අයං වුච්චති, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. සො මිච්ඡාදිට්ඨියා පහානාය වායමති, සම්මාදිට්ඨියා, උපසම්පදාය, ස්වාස්ස (ස්වායං (ක.)) හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාදිට්ඨිං පජහති, සතො සම්මාදිට්ඨිං උපසම්පජ්ජ විහරති, සාස්ස (සායං (ක.)) හොති සම්මාසති. ඉතියිමෙ (ඉතිමෙ (සී.), ඉතිස්සිමෙ (ස්‍යා. කං. පී.)) තයො ධම්මා සම්මාදිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
136
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තොපට නිදොස්වූ ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධිය (මාර්ගසමාධිය) දේශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, නිදොස්වූ ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධිය කුමක්ද? එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය යන මොහු වෙති.
“මහණෙනි, මේ අංග සතෙන් පිරිවරනලද චිත්තයාගේ යම් එකඟ බවක් වේද, මහණෙනි, මෙය ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධියයි කියනු ලැබේ.
“මහණෙනි, ඒ අංග සත අතරෙන් සම්‍යක්දෘෂ්ටිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය පෙරටුව යන්නේ කෙසේද? ‘මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යයි දැනගනීද, සම්‍යක්දෘෂ්ටිය සම්‍යක්දෘෂ්ටියයයි දැනගනීද, ඒ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය නම් කවරීද? ‘දුන් දැයෙහි විපාක නැත මහාදානයෙහි විපාක නැත. පූජා පැවැත්වීමෙහි විපාක නැත. කුශලා කුශලයන්ගේ විපාක නැත. මෙලෝ නැත. පරලෝ නැත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ කටයුතුවල විපාක නැත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ කටයුතුවල විපාක නැත. චුතව උපදින සත්වයෝ නැත. මෙලොවද පරලොවද තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරත්ද, මනාව පිළිපන් යහපත් තැනට පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) නැත.’ මහණෙනි, මේ වනාහි මිථ්‍යාදෘෂ්ටියයි.
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය කුමක්ද? මහණෙනි, මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාකදෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටියක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලොකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘දුන් දැයෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටිය කවරීද? මහණෙනි, ආර්‍ය්‍යවූ චිත්තයෙන් ආශ්‍රවරහිත චිත්තයෙන් ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මහණෙනි, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.
“යමෙක් මිථ්‍යාදෘෂ්ටිය පහකිරීමටත් සම්‍යක්දෘෂ්ටිය වැඩීමටත් වෑයම් කෙරේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යාදෘෂ්ටිය දුරුකරයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් දෘෂ්ටියට පැමිණ වාසය කෙරෙයිද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය (යහපත් සිහිය) වේ. මෙසේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක්දෘෂ්ටිය අනුව ගමන්කරත්, අනුව පවතිත්.
“එනම්:- සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, හා සම්‍යක් ස්මෘතියයි.
137
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාසඞ්කප්පං ‘මිච්ඡාසඞ්කප්පො’ති පජානාති, සම්මාසඞ්කප්පං ‘සම්මාසඞ්කප්පො’ති පජානාති, සාස්ස හොති සම්මාදිට්ඨි .
‘‘කතමො ච, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො? කාමසඞ්කප්පො, බ්‍යාපාදසඞ්කප්පො, විහිංසාසඞ්කප්පො - අයං, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො? සම්මාසඞ්කප්පංපහං, භික්ඛවෙ, ද්වායං වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො; අත්ථි, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො? නෙක්ඛම්මසඞ්කප්පො, අබ්‍යාපාදසඞ්කප්පො, අවිහිංසාසඞ්කප්පො - ‘අයං, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො’’’.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යො ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා බ්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචීසඞ්ඛාරො - අයං, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාසඞ්කප්පස්ස පහානාය වායමති, සම්මාසඞ්කප්පස්ස උපසම්පදාය, ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාසඞ්කප්පං පජහති, සතො සම්මාසඞ්කප්පං උපසම්පජ්ජ විහරති; සාස්ස හොති සම්මාසති. ඉතියිමෙ තයො ධම්මා සම්මාසඞ්කප්පං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
137
මහණෙනි, එහි සම්‍යක් දෘෂ්ටිය පෙරටුව යන්නේ වේ. කවර සම්‍යක් දෘෂ්ටියක් පෙරටුව යන්නේවේද? මිථ්‍යා සංකල්පනය මිථ්‍යාසංකල්පනයයි දැනගනීද, සම්‍යක් සංකල්පනය සම්‍යක් සංකල්පනයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ.
“මහණෙනි, මිථ්‍යා සංකල්පනය කුමක්ද? කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය යන මෙය මහණෙනි, මිථ්‍යා සංකල්පය නම් වේ.
“මහණෙනි, සම්‍යක් සංකල්පය නම් කුමක්ද? මහණෙනි, මම සම්‍යක් සංකල්පයද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන්නාවූ සම්‍යක් සංකල්පයක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පයක් ඇත.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් සංකල්පය කුමක්ද? නෛෂ්ක්‍රම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මෙය මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් සංකල්පයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පය කවරේද? මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් කල්පනාවක් වේද, විතර්කයක් වේද, සංකල්පයක් වේද, (එකඟව අරමුණට නැගීම) අර්පනාවක් වේද, (විශේෂයෙන් අරමුණට නැගීම) ව්‍යර්පණාවක් වේද, චිත්තයාගේ අරමුණට නැංවීමක් වේද, වාක් සංස්කාරයක් වේද මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පයයි.
“හෙතෙම මිථ්‍යා සංකල්පය පහකිරීමටද, සම්‍යක් සංකල්පයට පැමිණීමටද වෑයම් කෙරේද, ඔහුගේ මේ සම්‍යක් ව්‍යායාමයවේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා සංකල්පය දුරුකෙරෙයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් සංකල්පයට පැමිණ වෙසෙයි. ඔහුගේ මේ සම්‍යක් සතිය වන්නීය. මෙසේ ඔහුගේ මේ ත්‍රිවිධ ධර්මයෝ (ලොකොත්තර) සම්‍යක් සංකල්පයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්, සම්මාදිට්ඨිය, සම්මාවායාමය, සම්මාසතිය යන තුනයි.
138
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාවාචං ‘මිච්ඡාවාචා’ති පජානාති, සම්මාවාචං ‘සම්මාවාචා’ති පජානාති; සාස්ස හොති සම්මාදිට්ඨි. කතමා ච, භික්ඛවෙ, මිච්ඡාවාචා? මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො - අයං, භික්ඛවෙ, මිච්ඡාවාචා. කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා? සම්මාවාචංපහං, භික්ඛවෙ, ද්වායං වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා; අත්ථි, භික්ඛවෙ , සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා. කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. සො මිච්ඡාවාචාය පහානාය වායමති, සම්මාවාචාය උපසම්පදාය; ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාවාචං පජහති, සතො සම්මාවාචං උපසම්පජ්ජ විහරති; සාස්ස හොති සම්මාසති. ඉතියිමෙ තයො ධම්මා සම්මාවාචං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
138
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටුව යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටුව යන්නේවේද? මිථ්‍යාවචනය මිථ්‍යාවචනයයි දැනගනීද, සම්‍යක් වචනය සම්‍යක් වචනයයි දැනගනීද, ඔහුගේ ඕතොමෝ සම්‍යක් දෘෂ්ටිය වන්නීය.
“මහණෙනි, මිථ්‍යා වචනය නම් කවරේද? මුසාවාදය (බොරු කීම) පිසුණු වචනයය (කේලාම් කීම) පරුෂ වචනයය (රළුවචන කීම) සම්ඵප්‍රලාපයය (හිස්වචන කීම) යන මේ මහණෙනි, මිථ්‍යාවචනයයි. මහණෙනි, සම්‍යක් වචනය කවරේද? මහණෙනි, මම සම්‍යක් වචනයද දෙපරිදිකොට කියමි.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලපක්ෂයට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනයක්ද ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනයක්ද ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනය කුමක්ද? මුසාවාදයෙන් (බොරු කීමෙන්) වෙන්වීමය, පිසුණු (කේලාම්) වචනයෙන් වෙන්වීමය, පරුෂවචනයෙන් වෙන් වීමය, සම්පඵප්‍රළාප (හිස්වචන) යෙන් වෙන්වීම යන මෙය මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනය කුමක්ද? මහණෙනි, නිදොස්වූ සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍යමාර්ගය වඩන්නහුගේ චතුර්විධ වාග් දුශ්චරිතයන්ගෙන් වෙන්වීමක් වේද, වැඩියක් වෙන්වීමක් වේද, ප්‍රතිපක්ෂලෙසම වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වීමක් වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනයයි. හෙතෙම මිථ්‍යාවචනය ප්‍රහාණය කිරීමට හා සම්‍යක් වචනය ඇතිකර ගැනීමට වෑයම් කෙරේ. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තව මිථ්‍යාවචනය දුරුකෙරේ. සිහියෙන් යුක්තව සම්‍යක් වචනයට පැමිණ වාසය කෙරේ. එය ඔහුගේ සම්‍යක් සිහියවෙයි. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් වචනයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්: සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතියද යන තුණයි.
139
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාකම්මන්තං ‘මිච්ඡාකම්මන්තො’ති පජානාති, සම්මාකම්මන්තං ‘සම්මාකම්මන්තො’ති පජානාති ; සාස්ස හොති සම්මාදිට්ඨි. කතමො ච, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො? පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරො - අයං, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො. කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො? සම්මාකම්මන්තංපහං, භික්ඛවෙ , ද්වායං වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො; අත්ථි, භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො. කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තීහි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාකම්මන්තස්ස පහානාය වායමති, සම්මාකම්මන්තස්ස උපසම්පදාය; ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාකම්මන්තං පජහති, සතො සම්මාකම්මන්තං උපසම්පජ්ජ විහරති; සාස්ස හොති සම්මාසති. ඉතියිමෙ තයො ධම්මා සම්මාකම්මන්තං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
139
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටු කොට යන්නේ වේද? මිථ්‍යා කර්මාන්තය මිථ්‍යාකර්මාන්තයයි දැනගනීද, සම්‍යක් කර්මාන්තය සම්‍යක් කර්මාන්තයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ.
“මහණෙනි, මිථ්‍යා කර්මාන්තය නම් කුමක්ද? ප්‍රාණ ඝාතය (සතුන් මැරීම) අදත්තාදානය (නොදුන් දෙය සොර සිතින් ගැනීම) කාම මිථ්‍යාචාරය (කාමයෙහි වරදවා හැසිරීම) යන මෙය මහණෙනි, මිථ්‍යා කර්මාන්තයයි.
“මහණෙනි, සම්‍යක් කර්මාන්තය කවරේද? මහණෙනි, මම සම්‍යක් කර්මාන්තයද දෙපරිදිකොට කියමි මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තයක්ද ඇත. නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තයක්ද ඇත.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලපක්ෂයට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තය කුමක්ද? මහණෙනි, ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් ඇද්ද, අදත්තාදානයෙන් වෙන්වීමක් ඇද්ද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීමක් ඇද්ද, මහණෙනි, මෙය ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තය කුමක්ද? මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍යමාර්ගය වඩන්නහුගේ, ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වෙන්වීමක් වේද, වැඩියක් වෙන් වීමක් වේද, ප්‍රතිපක්ෂලෙසම වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තයයි. හෙතෙම මිථ්‍යා කර්මාන්තයාගේ ප්‍රහාණය පිණිසද, සම්‍යක් කර්මාන්තයට පැමිණීමටද උත්සාහ කෙරේ. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා කර්මාන්තය දුරු කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් කර්මාන්තයට පැමිණ වාසය කෙරෙයි. එය ඔහුගේ සම්‍යක් සතියවේ. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් කර්මාන්තයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යන තුනයි.
140
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාආජීවං ‘මිච්ඡාආජීවො’ති පජානාති, සම්මාආජීවං ‘සම්මාආජීවො’ති පජානාති; සාස්ස හොති සම්මාදිට්ඨි. කතමො ච, භික්ඛවෙ, මිච්ඡාආජීවො? කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගීසනතා (නිජිගිං සනතා (සී. ස්‍යා. කං. පී.)) - අයං, භික්ඛවෙ, මිච්ඡාආජීවො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? සම්මාආජීවංපහං, භික්ඛවෙ , ද්වායං වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො; අත්ථි, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති - අයං, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාආජීවස්ස පහානාය වායමති, සම්මාආජීවස්ස උපසම්පදාය ; ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාආජීවං පජහති, සතො සම්මාආජීවං උපසම්පජ්ජ විහරති; සාස්ස හොති සම්මාසති. ඉතියිමෙ තයො ධම්මා සම්මාආජීවං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
140
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේවේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටු කොට යන්නේ වේද? මිථ්‍යා ආජීවය, මිථ්‍යා ආජීවයයි දැන ගනීද, සම්‍යක් ආජීවය සම්‍යක් ආජීවයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ. මහණෙනි, මිථ්‍යා ආජීවය කුමක්ද? ලාභ සත්කාරාදිය සඳහා ලෝකයා මවිත කරවීම (ලාභාදිය කැමැත්තෙන්) ගරු නම්බු දී කථා කිරීමට (ලාභ සත්කාර කැමැත්තෙන්) ඒවා දෙන ලෙස ඍජුව නොකියා අඟවා කීමය. (ලාභාදිය කැමැත්තෙන්) අනුන් ගුණ මැකීමය. (වඩා ලාභ ලබනු රිසියෙන් මෙතැනින් ලද දෙය එතනටද එතනින්ලද දෙය මෙතැනටද දීම් වශයෙන්) ලාභයෙන් ලාභය හැරගැනීමය යන මෙය මහණෙනි, මිථ්‍යා ආජීවයයි.
“මහණෙනි සම්‍යක් ආජීවය කුමක්ද? මහණෙනි, මම සම්‍යක් ආජීවයද දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය (ජීවත්වීම සඳහා කරණ අධාර්මික කටයුතු) හැර සම්‍යක් ආජීවයෙන් දිවිපවත්වාද, මහණෙනි, මෙය ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවය කවරේද?
“මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමක් වේද, වැඩියක්ම වෙන්වීමක් වේද, ප්‍රතිපක්ෂලෙස වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයයි.
“හෙතෙම මිථ්‍යා ආජීවය පහකිරීමටද සම්‍යක් ආජීවයට පැමිණ විසීමටද, උත්සාහ කෙරෙයි. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා ආජීවය දුරුකරයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් ආජීවයට පැමිණ වෙසේ. එය ඔහුගේ සම්‍යක් සතිය වෙයි. මෙසේ ඔහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් ආජීවය පිරිවරා ගනිත්. අනුව පවතිත්. එනම්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යන තුණයි.
141
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? සම්මාදිට්ඨිස්ස , භික්ඛවෙ, සම්මාසඞ්කප්පො පහොති, සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති, සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති, සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති, සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති, සම්මාවායාමස්ස සම්මාසති පහොති, සම්මාසතිස්ස සම්මාසමාධි පහොති, සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති, සම්මාඤාණස්ස සම්මාවිමුත්ති පහොති. ඉති ඛො, භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො සෙක්ඛො (අට්ඨඞ්ගසමන්නාගතා සෙඛා පටිපදා (සී.), අට්ඨඞ්ගසමන්නාගතො සෙඛො පාටිපදො (පී. ක.) ( ) නත්ථි සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු), දසඞ්ගසමන්නාගතො අරහා හොති. (තත්‍රපි සම්මාඤාණෙන අනෙකෙ පාපකා අකුසලා ධම්මා විගතා භාවනාපාරිපූරිං ගච්ඡන්ති).
141
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටුකොට යන්නේද?
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය ඇත්තහුට සම්‍යක්සංකල්පය ඇත්තේ වෙයි. සම්‍යක් සංකල්පය ඇත්තහුට සම්‍යක් වචනය ඇත්තේ වෙයි. සම්‍යක් වචනය ඇත්තහුට සම්‍යක් කර්මාන්තය ඇත්තේ වෙයි. සම්‍යක් කර්මාන්තය ඇත්තහුට සම්‍යක් ආජීවය ඇත්තේ වෙයි. සම්‍යක් ආජීවය ඇත්තහුට සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වෙයි. සම්‍යක් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් සිහිය ඇත්තේ වෙයි. සම්‍යක් සිහිය ඇත්තහුට සම්‍යක් සමාධිය ඇත්තේ වෙයි. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යක් ඤාණය ඇත්තේ වෙයි. සම්‍යක් ඤාණය ඇත්තහුට සම්‍යක් විමුක්තිය ඇත්තේ වෙයි.
“මහණෙනි, මෙසේ අංග අටකින් යුක්තවූ ශෛක්‍ය ප්‍රතිපදාවත් අංගදශයකින් සමන්විතවූ රහත් පුද්ගලයාත්වේ.
142
‘‘තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? සම්මාදිට්ඨිස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති...පෙ.... සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති... සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති... සම්මාආජීවස්ස, භික්ඛවෙ, මිච්ඡාආජීවො නිජ්ජිණ්ණො හොති... සම්මාවායාමස්ස , භික්ඛවෙ , මිච්ඡාවායාමො නිජ්ජිණ්ණො හොති... සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති... සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති... සම්මාඤාණස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං නිජ්ජිණ්ණං හොති... සම්මාවිමුත්තස්ස, භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
‘‘ඉති ඛො, භික්ඛවෙ, වීසති කුසලපක්ඛා, වීසති අකුසලපක්ඛා - මහාචත්තාරීසකො ධම්මපරියායො පවත්තිතො අප්පටිවත්තියො සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
142
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක්දෘෂ්ටිය පෙරටුකොට යන්නේ වේ. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය පෙරටුකොට යන්නේ කෙසේද?
‘මහණෙනි, සම්‍යක් දෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය දිරාගියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටිය හේතුකොට ගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශලයෝද දිරාගියාහුවෙත්. සම්‍යක් දෘෂ්ටිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සංකල්පනා ඇත්තහුගේ මිථ්‍යා සංකල්පය දිරාගියේ වෙයි. මිථ්‍යා සංකල්පය හේතුකොට ගෙණ යම් නොයෙක් අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් කල්පනාව හේතුකොටගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් වචන ඇත්තහුගේ මිථ්‍යා වචන දිරාගියේ වෙයි. මිථ්‍යා වචන හේතුකොටගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශල ධර්මයෝ
ද දිරාගියාහු වෙත්. සම්‍යක් වචනය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් කර්මාන්ත ඇත්තහුගේ මිථ්‍යා කර්මාන්තය දිරාගියේ වෙයි. මිථ්‍යා කර්මාන්තය හේතුකොටගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් කර්මාන්තය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ආජීවය ඇත්තහුගේ මිථ්‍යා ආජීවය දිරාගියේ වෙයි. මිථ්‍යා ආජීවය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම් ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් ආජිවය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ව්‍යායාම ඇත්තහුගේ මිථ්‍යා ව්‍යායාමය දිරාගියේ වෙයි. මිථ්‍යා ව්‍යායාමය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම් ඔහුගේ ඒ අකුශල ධර්මයෝද නැතිවෙත්. සම්‍යක් ව්‍යායාමය හේතුකොටගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සතිය ඇත්තහුගේ මිථ්‍යා ආජීවය දිරාගියේ වෙයි. මිථ්‍යා සතිය හේතුකොටගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් සතිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සමාධිය ඇත්තහුගේ මිථ්‍යා සමාධිය දිරාගියේ වෙයි. මිථ්‍යා සමාධිය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් සමාධිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ඥාන ඇත්තහුගේ මිථ්‍යා ඥානය දිරුයේවෙයි. මිථ්‍යාඥානය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරුවාහු වෙත්. සම්‍යක් ඥානය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් විමුක්තියෙන් යුත් සිත් ඇත්තහුගේ මිථ්‍යා විමුක්තිය දිරුයේ වෙයි. මිථ්‍යා විමුක්තිය හේතුකොට
ගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරුවාහු වෙත්. සම්‍යක් විමුක්තිය හේතුකොට ගෙන නොයෙක් කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, මෙසේ වනාහි ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් බඹෙකු විසින් හෝ අන්කිසිවෙකු විසින් හෝ, නොපැවැත්විය හැකි කුශල පක්ෂයෙහි ධර්ම විස්සෙක්ද, අකුශල පක්ෂයෙහි ධර්ම විස්සෙක් දැයි (සතළිස් දහම් ක්‍රම ඇතුළත්) මහා චත්තාරීසක ධම්මපරියායය පවත්වන ලදී.
143
‘‘යො හි කොචි, භික්ඛවෙ, සමණො වා බ්‍රාහ්මණො වා ඉමං මහාචත්තාරීසකං ධම්මපරියායං ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්‍ය තස්ස දිට්ඨෙව ධම්මෙ දසසහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති - සම්මාදිට්ඨිං චෙ භවං ගරහති, යෙ ච මිච්ඡාදිට්ඨී සමණබ්‍රාහ්මණා තෙ භොතො පුජ්ජා, තෙ භොතො පාසංසා; සම්මාසඞ්කප්පං චෙ භවං ගරහති , යෙ ච මිච්ඡාසඞ්කප්පා සමණබ්‍රාහ්මණා තෙ භොතො පුජ්ජා, තෙ භොතො පාසංසා; සම්මාවාචං චෙ භවං ගරහති...පෙ.... සම්මාකම්මන්තං චෙ භවං ගරහති... සම්මාආජීවං චෙ භවං ගරහති... සම්මාවායාමං චෙ භවං ගරහති... සම්මාසතිං චෙ භවං ගරහති... සම්මාසමාධිං චෙ භවං ගරහති... සම්මාඤාණං චෙ භවං ගරහති ... සම්මාවිමුත්තිං චෙ භවං ගරහති, යෙ ච මිච්ඡාවිමුත්තී සමණබ්‍රාහ්මණා තෙ භොතො පුජ්ජා, තෙ භොතො පාසංසා. යො කොචි, භික්ඛවෙ, සමණො වා බ්‍රාහ්මණො වා ඉමං මහාචත්තාරීසකං ධම්මපරියායං ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්‍ය තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ දසසහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති. යෙපි තෙ, භික්ඛවෙ, අහෙසුං ඔක්කලා වස්සභඤ්ඤා (වයභිඤ්ඤා (ක.) සං. නි. 3.62; අ. නි. 4.30 පස්සිතබ්බං) අහෙතුවාදා අකිරියවාදා නත්ථිකවාදා තෙපි මහාචත්තාරීසකං ධම්මපරියායං න ගරහිතබ්බං නපටික්කොසිතබ්බං අමඤ්ඤිංසු (මඤ්ඤෙය්‍යුං (ක.)). තං කිස්ස හෙතු? නින්දාබ්‍යාරොසඋපාරම්භභයා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
143
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ මහා චත්තාරීසක ධම්මපරියායය ගැරහිය යුත්තක ආක්‍රොශ කළ යුත්තකැයි හඟින්නේ නම්, මෙලෙව්හිදීම ඔහුගේ කරුණු දශයකින් කරුණු සහිතවූ ඒ වාදානුවාදයෝ ගැරහිය යුතු බවට පැමිණෙත්. ඉදින් පින්වත් තෙමේ සම්‍යක් දෘෂ්ටියට ගරහයි නම් යම් ඒ මිථ්‍යා දෘෂ්ටි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටයුත්තෝය.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සංකල්පයට ගරහයි නම්, යම් මිථ්‍යා සංකල්පනා ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔව්හු පින්වත්හුගේ ප්‍රශංසාකට යුත්තෝය.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් වචනයට ගරහයි නම්, යම් ඒ මිථ්‍යා වචන ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙති. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කට යුත්තෝ වෙති.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් කර්මාන්තයට ගරහයි නම්, යම් මිථ්‍යා කර්මාන්ත ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු භවතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු භවතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ආජීවයට ගරහයි නම්, මිථ්‍යා ආජීව ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහූ පින්වත්හුගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු භවතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙති.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ව්‍යායාමයට ගරහයි නම්, මිථ්‍යා ව්‍යායාමය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔව්හු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සතියට ගරහයි නම්, මිථ්‍යා සතිය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සමධියට ගරහයි නම්, මිථ්‍යා සමාධිය ඇති යම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ඥානයට ගරහයි නම්, මිථ්‍යා ඥානය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් විමුක්තියට ගරහයි නම්, මිථ්‍යා විමුක්තිය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔව්හු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ මහා චත්තාරීසක ධම්මාපරියායය ගැරහිය යුත්තක, ආක්‍රොෂ කළ යුත්තෙකැයි හඟින්නේ නම්, මෙලෙව්හිදීම ඔහුගේ ඒ වාදානුවාදයෝ දස කරුණකින් කරුණු සහිතව ගැරහිය යුතු තැනට පැමිණෙත්.
“මහණෙනි, සත්වයන්ගේ සුද්ධියට හේතුවක් නැත යන අහේතු දෘෂ්ටිය ඇත්තාවූද, පවු කළත් පාපයක් නැත යන අකිරිය දෘෂ්ටිය ඇත්තාවූද, දීමෙහි විපාක නැත යනාදි නාස්තික දෘෂ්ටිය ඇත්තාවූද, යම් ඒ උක්කලා දනව් වැසි වස්සය, භඤ්ඤය, යන දෙදෙනද, මහා චත්තාරීසක ධම්ම පරියායය නොගැරහිය යුත්තක් කොට ආක්‍රොශ නොකළ යුත්තක් කොට සැළකුවාහුය. ඊට හේතු කවරේද? තමහට පැමිණෙන නින්දාව ඝට්ටනය උපවාදය යන මේවාට බියෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
8. ආනාපානස්සතිසුත්තං 8. ආනාපාන සති සූත්‍රය
9. කායගතාසතිසුත්තං 9. කායගතා සති සූත්‍රය
10. සඞ්ඛාරුපපත්තිසුත්තං 10. සංඛාරුප්පත්ති සූත්‍රය