24-3 සිවුරු හළ කෙනෙකු පිළිබඳ කථා පුවත

යො නිබ්බනථො වනාධිමුත්තො වනමුත්තො වනමෙව ධාවති

තං පුග්ගලමෙථ පස්සථ මුත්තො බන්‍ධනමෙව ධාවති.

යමෙක් තෘෂ්ණා රහිත වූයේ, තපෝවනයෙහි (දිව්‍යවිහාරයෙහි) ඇලුනේ, තෘෂ්ණාවනයෙන් (ගිහිබැම්මෙන්) මිදුනේ, නැවැත ගිහිබැම්මට ම දිවේ ද, එවු, ඒ පුද්ගලයා මෙසේ ව්‍යසනයට පැමිණියහු බලවු.

"යො නිබ්බණථොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී සිවුරු හළ කෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.

මහා කාශ්‍යප තෙරුන්ගේ එක් සද්ධි විහාරික භික්ෂුවක් වී ධ්‍යාන සතර උපදවා, තමන්ගේ මාමා වූ රන්කරුවෙකුගේ නිවසේ විෂභාග රූපයක් දැක එහි බැඳුන සිත් ඇත්තේ උපැවිදි වුයේය. අනතුරුව මිනිස්සු අලස බැවින් කටයුතු කිරීමට නොකමැතිව ගෙයින් බැහැර කළහ. ඔහු පවිටු මිත්‍ර ඇසුරින් සොරකමින් දිවි ගෙවමින් හැසුරුනි. අනතුරුව ඔහු එක් දිනක් අල්ලාගෙන අත් පසුපසට තබා දැඩිසේ බැඳ කස පහරින් තලමින් ඝාතනය කරන තැනට ගෙන ගියහ. තෙරුන් පිණ්ඩපාතයේ යාමට පිවිසෙන්නේ ඔහු දකුණු දොරටුවෙන් ගෙනයනු බලා බන්ධනය ලිහිල්කර පෙර ඔබ විසින් පුරුදු කළ කර්මස්ථානය යළි සිහි කරන්නැයි පැවසුවේය. ඔහු එම අවවාදයෙන් සිහිය ලබා නැවත චතුර්ථ ධ්‍යානය ඉපිදවීය. අනතුරුව ඝාතනය කරන තැනට ගෙනගොස් ඝාතනය කරමුයි උල (හෙල්ල) එසවුහ ඔහු බියෙන් ත්‍රස්ත නොවීය. අනතුරුව ඔහුගේ සතර පැත්තෙන්ම සිටි මිනිස්සු කඩු. කිණිසි තෝමර ආදී ආයුධ උස්සා සිටියද ඔහු බියට පත් නොවීය. ඉක්බිතිව එහි රැස්ව සිටි මිනිස්සු මොහු බලන්න නොයෙක් සිය ගණන් ආයුධගත් අන්තූති පුරුෂයන් මැද ඇති නොගනී. නො සැලේ කම්පා නොවේ. ආශ්චර්යකි. අද්භූත දෙයකි මෙසේ මහා ශබ්ද කර කෑගසා රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු මේ කරුණ අසා ඔහු මුදවා හරින්නැයි පැවසුවේ. බුදුන් හමුවටද ගොස් එම කරුණ දැනුම් දුන්නේය. බුදුහු ආලෝකයක් පතුරුවා ඔහුට ධර්ම දේශනා කරන්නට මේ ගාථාව පැවසුහ.

ගිහි සැපත් අතැර දා යමෙක් ඉන් මිදීලා

තවුස් දම් රැකියමුත් වනයෙහිම ඇලීලා

ඔහු එයින් වෙනස් වී කම් සුවෙහි ගිලීලා

යළිත් ගිහිගෙට යයිද ආසාවෙ බැදීලා

එහි අර්ථය :-

යො යම් පුද්ගලයෙක් ගිහි බවෙහි ආලය සංඛ්‍යාත වු වනය අත්හැර පැවිදී වී, නිබ්බාණථො දිවා විහාර සංඛ්‍යාත තපසෙහි ඇලුණේ, අධිමුතෙතා - ගෘහවාසය සම්බන්ධ වූ තණ්හාවෙන් මුතෙතා මිදී නැවත ඔහු ගෘහවාස බන්ධනයටම ගිහිගෙය නමැති වනයටම ගියේද එථනං පුග්ගලං පස්සථ පැමිණෙව් මේ පුද්ගලයා බලව්.

හෙතෙම මේ ධර්ම දේශනාව අසා ඒ රාජ පුරුෂයන් විසින් ඔහුව උල හිටවුවද ඒ උල අග සිටගෙනම උදයව්‍යය භාවනාවෙහි පිහිටා තිලකුණු මෙනෙහි කොට සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ සෝවාන් පෙලෙහි පිහිටා සමවත් සුව අනුභව කරමින් අහසට නැගී අහසින්ම ශාස්තෲන් සමීපයට ගොස් බුදුන් වැඳ රජුන් සහිත පිරිස් මැද රහත් බවට පැමිණියහ.

.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.