24-2 සූකර පෝතිකාවගේ කතා පුවත

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ

ඡින්නො’පි රුක්ඛො පුනරෙව රූහති

එවම්පි තණ්හානුසයෙ අනූහතෙ

නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං.

යම්සේ වෘක්‍ෂයක්හුගේ මූලය උපද්‍රවයකට නොපැමිණ ස්ථිරත්‍වයට පත් කලැ ඒ වෘක්‍ෂය සිඳින ලද්දේ නමුදු යලිත් වැඩේ ද, එසේ මැ තෘෂ්ණාවගේ අනුශය සිඳ නොපියන ලද කල මේ දුඃඛජාතය නැවත නැවතත් උපදී.

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවනා භූසා

වාහා වහන්ති දුද්දිට්ඨිං සඞ්කප්පා රාගනිස්සිතා.

යම් කිසිවකුහට සතිස් වැදෑරුම් තෘෂ්ණාශ්‍රෝතසින් සමන්‍විත වූ මනාප වූ රූපාදි අරමුණෙහි ස්‍රවණය වන්නාවූ තෘෂ්ණා තොමෝ බලවත් වැ උපදී ද, අඥ වූ ඒ පුද්ගලයා රාගය ඇසුරු කළාවූ විතර්‍කයෝ බලවත් වූවාහු අපායට පමුණුවතී.

සවන්ති සබ්බධි සොතා ලතා උප්පජ්ජ තිට්ඨති

තඤ්ච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය ඡින්‍දථ.

තෘෂ්ණාප්‍රවාහයෝ හැම තන්හි පවත්නාහු වෙති. ලතා නම් වූ තෘෂ්ණා තොමෝ සදොරෙහි ඉපද රූපාදි අරමුණෙහි පවතී. වනයෙහි ජාත වූ ඒ තෘෂ්ණාලතාව දැක මාර්‍ගප්‍රඥාවෙන් මුලින් මැ සිඳ ලවු.

සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො

තෙ සාතසිතා සුඛෙසිනො තෙ වෙ ජාතිජරූපගා නරා.

රූපාදි අරමුණෙහි විසිර ගියාවූ තෘෂ්ණාස්නේහයෙන් ගැල්වුන සොම්නස්හු තෘෂ්ණාවශික සත්ත්‍වයාහට වෙති. ඒ පුද්ගලයෝ පස්කම් සුව ඇසුරු කළාහු සැප සොයන සුල්ලෝ වෙති. එබඳු සත්ත්‍වයෝ ජාතිජරාව්‍යාධිමරණයනට ඒකාන්තයෙන් පැමිණෙත් මැ යැ.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො

සංයොජනසඞ්ගසත්තා දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය.

තෘෂ්ණාව විසින් පිරිවරන ලද්දාවූ සත්ත්‍වයෝ බඳනා ලද සාවකු මෙන් බිය වෙති. සංයෝජනසඞ්ගයෙන් බැඳුනාහු බොහෝ කල් නැවත නැවතත් දුකට පැමිණෙති.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො

තස්මා තසිණං විනොදයෙ භික්ඛු ආකඞ්ඛී විරාගමත්තනො.

තෘෂ්ණාව විසින් පිරිවරණ ලද (හෙවත් වළඳනාලද) මේ සත්හු (වැද්දා විසින්) බඳනා ලද සාවකු මෙන් බිය පත් වන්නාහ. එහෙයින් රාගවිගමනය (නිවන) කැමති වන මහණ තෙම තෘෂ්ණාව රහත්මඟ නැණින් ප්‍රහීණ කරන්නේ ය.

"යථාපිමුලෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී එක් අපවිත්‍ර ඌරු පැටියෙකු නිමිති කරගෙන දේශනා කළහ.

එක් දිනක් බුදුහු රජගහ නුවරට පිඩුපිණිස වැඩමවන විට එක් ඊරි පැටවෙක් දැක සිනා පහළ කළහ. උන්වහන්සේ සිනා පහළකරන විට ඇරුණ මුවින් නික්මුන දන්ත රශ්මිය දැක ආනන්ද තෙරුණුවෝ ස්වාමීනි සිනාවන්නේ කුමක් නිසාදැයි විමසුහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ ඊරි පැටවා දෙස බලන්න. ආනන්ද මේ ඊරි පැටවා කකුසඳ බුද්ධකාලයේදී එක් ආසන ශාලාවක කිකිළියක වුවාය. ඇය එක් යෝගාවචර විපස්සනා කර්මස්ථාන සජ්‍ඣායනා කරන භික්ෂුවකගේ ඒ ධර්ම ඝෝෂාව අසා ඉන් චුතවුවා රජ කුලයක ඉපිද උබ්බරි නම් රාජ දුවණියක් වුවාය. ඇය පසු කලෙක වැසිකිළියක පණු රැළක් දැක එහි පණුවන් පිළිබඳ සංඥා උපදවා ප්‍රථම ධ්‍යාන ලැබුවාය. ඇය එහි දිවි ඇතිතාක් සිට එයින් චුතව බඹලොව ඉපදුනි. ඉන් චුතවී භවගති වශයෙන්, කම්පාකරමින් දැන් ඌරුයෝනියේ ඉපදුන මේ කරුණු දැක මම සිනා පහළකලෙමි. එය අසා ආනන්ද තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් මහත් සංවේගයට පත්වූවාහුය. බුදුහු ඔවුගේ සංවේගය උපදවා භවතෘෂ්ණාවේ ආදීනව ප්‍රකාශ කරමින් අතුරු වීථියේ සිටියදීම මේ ගාථාව ප්‍රකාශ කළහ.

හොඳහැටි වැඩී ඇත්නම් යම් ගසෙක මුල

කැපුවත් යමෙක් යළි දළු ලා නැගෙති පල

නැසුවේ නොමැතිනම් තන්හා ගසේ මුල

යළි යළි ඉපිද දුක් ගෙන දෙයි සසර තුල

ගසක මුදුනින් හා අතුවලින් සිඳ දැම්මත් මුල නිරුපද්‍රිතව තිබේනම් යළි වැඩෙන්නා සේ තෘණ අනුසය නොනැසු කල යළි වැඩේ.

2. ශ්‍රෝතස් සතියක් ඇති මන වඩන රූපාදියෙහි හටගන්නා වූ තෘෂ්ණාව බලවත් වේද, නුවණ නැති ඔහුගේ රාග නිඃශ්‍රිත සංකල්පයෝ, විතර්කයෝ බලවත්ව අපායට පමුණුවයි.

3. තෘණ නමැති සැඩ වතුර හැම තැනම ගලයි. තෘණ නමැති ලතාව සදොරින් මතු වී සිටී. එසේ හටගන්නා වූ තෘණ ලතාව දැක එහි මුල සිඳිය යුතුයි.

4. රූපාදී අරමුණුවල ගලාගිය ආශාවෙන් තෙත් වු, සොම්නස් වේදනා වෙත්. ඔහු සැප සොයන්නෝ වෙති. එබඳු සත්වයෝ ජාතියට හා ජරාවට පැමිණෙන්නෝ වෙති.

5. තණ්හාවෙන් පිරිවරන ලද සත්ත්වයෝ බඳිනා ලද සාවෙකු මෙන් බිය වෙති. රාගාදී සත් සංයෝගයන්ගෙන් ද, දස සංයෝජනයන්ගෙන්ද බැඳුනු සත්ත්වයෝ නැවත නැවත දුකට පත්වෙති.

6. එහෙයින් නිවන කැමති වන භික්ෂුව තණ්හාව දුරු කළ යුතුය.

එහි මුලෙ යම්කිසි ගසක සතර දිසාවෙහි සතරක්ද. ඍජුව යටට ගිය මුලක් දැයි පවත්නා පස්වර්ගයේ මුල් කැපීම කෙටීම, ගිනි තැබීම, උදුරා දැමීම, ආදී යම්කිසි උපද්‍රවයකින්, අනුපද්දවෙ, උවදුරක් නොවූ විට, දළෙහ "සොරුකෙබා" - ඒ රුක නැවත දැඩිවශයෙන්, අතු ඉති රිකිලි වශයෙන් පුනදෙව රූහති නැවත වැඩේ. මෙසේ සදොරෙහි උපදින්නා වු තෘෂ්ණාව අනුසයෙ - අර්හත් මාර්ග ඤාණයෙන් අනුහතෙ - මුලින් උදුරා නො දැමුවිට ඒ ඒ භවයන්හි උත්පත්ති ආදියට ගොදුරුවේ. ඉදං දුක්ඛං පුනප්පනං නිබ්බන්ති - මේ ජරා මරණාදී දුක් නැවත නැවත උපදී යන අර්ථයි. "යස්සා” යම් පුද්ගලයකුගේ අධ්‍යාත්මයෙහි උපදින්නා වූ අටළොස් තෘෂ්ණ සිතිවිලිවලින් ද සතියක් වූ තණ්හා හැසිරවීම්වලින් සමන්විත වේ. සිත් ඇදගන්නා වූ රූපාදීයෙහි පවතීයි. ගලා බසියි මනාපස්සවණා යනුවේ. තණ්හාව භුසා බලවත් වේ. ඒ පුද්ගලයාගේ විපරීත වු ඤාණය දුද්දිටඨං යනුවේ. නැවත නැවත ඉපදීම් වසයෙන් මහත්බැවින්, වහා ධ්‍යාන හෝ විදර්ශනා හෝ ඇසුරු නොකරමින් රාගනිසසිතා සඞකප්පා වහනතී. රාග නිශ්‍රිත වූ සංකල්පයන් උසුලමින් ජීවත් වේ යන අර්ථයි. සවන්ති සබ්බධී සොතානි. මේ තණ්හා නමැති දිය පහර චක්ද්වාරය ආදී වසයෙන් සියලු රූපාදී ආරම්මණයන්හි යෙදී රූප තණ්හා - පෙ - භවතණ්හා ආදියෙන් සියලු භවයන්හි දුක්විඳින්නේය. ලතා - යනු වෙළෙන අර්ථයෙන්ද එකට එකතු කිරිමේ අර්ථයෙන් ද ලතා (මාළුවා) වැල මෙනි. උහිජ්ජ තිටඨතීති - සදොරින් උපන් රූපාදී අරමුණු කෙරෙහි පවතී. තච දිස්වා - යනු ඒ තෘෂ්ණ නමැති ලතාව "එත්ථසා තණහා උප්පජ්ජමානා උප්පජ්ජතී " ආදී වසයෙන් උපත් ස්ථාන වසයෙන් දැන. පඤ්ඤායා කැලයෙහි උපන්නා වූ වැලක් ආයුධයකින් සිදදමන්නාක් මෙන් මාර්ග ප්‍රඥාවෙන් තෘෂ්ණා මුල ජින්දථ - සිඳිය යුතුය යන අර්ථයි. සරිතානි යනු විසුරුවා යවන ලද සිනෙහිතානි. සිවුරු පිරිකර ආදිය පිළිබඳව පවත්නා ස්නේහය, තෘෂ්ණා ඉවත දැමිය යුතුය යන අර්ථයි. සොමනස්සානි - තෘෂ්ණාවෙන් දුරුවු සත්ත්වයන්ට මෙවැනි වූ සොම්නසක් ඇති වේ. තෙ සාතසිතානි - ඒ තෘෂ්ණා වශී වූ පුද්ගලයෝ සැප කැමති වී සුව සොයන්නෝ වෙති. තෙවෙ යනු යම් මෙබඳු වූ මිනිස්සු ජාති ජරා ව්‍යාධි මරණ ආදියට පැමිණෙත්. ජාති ජරූපගා නම් වේ. පජා යනු මේ සත්ත්වයෝ ඌර්ණ සංඛ්‍යාවට ගියාහු තෘෂ්ණාවෙන්, පුරක්ඛතො, අභිමුඛ පිරිවර වී, බාධිතො යනු වැද්දෙකු විසින් වනයේ බඳින ලද සසො විය සාවෙකු මෙන්, පරිසප්පනති - බිය වෙත සංයෝජන සඟසත්තා යනු දසවිධ සංයෝජනයන් ගෙන්ද, සප්තවිධ රාගාදී බැඳුම් වලින් ද, සත්ත්වයන් බැඳී එහි ලැගුම් ගෙන, චිරායාති දීර්ඝ කාලයක් නැවත නැවත ජාති ආදී දුක්ඛයන්ට පැමිණෙත් යන අර්ථයි. තමා එහෙයින් තෘෂ්ණාව පෙරදැරි කරගෙන එයින් පෙළෙන සත්ත්වයෝ අත්තනො විරාගං රාගාදියෙන් විතැන් වූ නිවන ප්‍රාර්ථනා කරන්නා වූ නිවන කැමැත්ත වූ භික්ඛු භික්ෂුහු අරහත්මගින් එහි පැමිණීමට කසිණං විනොදයෙ - තෘෂ්ණාව බැහැර කළ යුතුය. ඉවත දැමිය යුතුය. යන අර්ථයි. දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ආදී ඵලවල පිහිටියාහුය.

එම ඊරි පැටියා එම අත්බැවින් චුත වී ස්වර්ණ භූමියේ රාජකුලයෙහි ඉපදී, එයින් චුතවැ, බරණැස් නුවර ඉපිද, එයින් චුත වී සුප්පාරක පටුනෙහි අස් වෙළෙඳකුගේ ගෙදර ඉපදුනේය. එයින් චුතවී ව කාවීර පටුනෙහි ගම්පතියකුගේ ගෙදර දුවක්ව ඉන් චුතව අනුරාධපුරයේ ධනවත් නිවසකද උපනි. ඉන් චුතවී දක්‍ෂිණ දේශයේ ලක්දිව "භොක්කන්ත" නම් ගම සුමන නම් කෙළඹියාගේ සුමනා නමින් දියණියක්ව ඉපදුනි. අනතුරුව ඇගේ පියා එම ගමින් පිටකළ විට දිසාවාපි ප්‍රදේශයට ගොස් මහාමුනි නම් ගමේ වාසය කළාය. එහිදී දුටුගැමුණු මහරජුගේ ඇමති ලකුණ්ටක අකිම්බරු කිසියම් කාර්යක් සඳහා එහි ගියේ ඇය දැක මහත් මංගල උත්සව කර ඇය කැඳවා මහා පුණ්ණ ගමට ගියේ එහිදී කෝටි පබ්බත මහා විහාරවාසී මහා අනුරුද්ධ තෙරුන් එහි පිඬු පිණිස හැසිරෙමින් ඇගේ ගෙදොර සිටිනු ඇය දැක භික්ෂූන් සමග මෙසේ පැවසුහ. ඇවැත්නි හීරිපැටියා ගෝඨයිම්බර ඇමතිගේ බිරිඳ වී පැමිණ සිටී අහෝ ආශ්චර්යයකි. ඕ තොමෝ මේ කථාව අසා ඒ අතීත භවය ජාති ස්වරණ ඥාණය ලැබුවාය. ඒ අවස්ථාවේ ඇති වූ සංවේගයෙන් ස්වාමියාට කියා මහත් ඉසුරින් පංචබලිත තෙරණියන් වෙත පැවිදිව තිස්ස මහා විහාරයේ මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාව අසා සෝවාන් ඵලයට පත්වූවාය. පසුව දෙමළ මර්දනය කළ පසු මවු පියන්ගේ වසන ගොත්තන්ත ගමට ගොස් එහි වාසය කරන්නී කලලක විහාරයෙ මහා විශෝපම සුත්‍රය අසා අර්හත් බවට පත් වුවාය. ඇය පිරිනිවන් පෑ දින භික්ෂු භික්ෂුනීන් විසින් විමසන ලදුව භික්ෂුණින් වෙත සියළු ප්‍රවෘත්තිය නිතර කියා රැස්වු භික්ෂු සංඝයා මැද මණ්ඩලරාමවාසී ධම්ම පද භාණක මහානිකාය තෙරුන් සමග සංසන්දනය කර මම මුලදී මිනිස් අත්බැවින් චුතව කිකිළියක් වී උකුස්සෙක් සීසරෙජදන කර රජගහ නුවර ඉපිද පරිබ්බ්‍රාජිකාවන් අතර පැවිදිවී පඨමජ්‍ඣාන ඇතිකරගෙන ඉන් චුතව සිටුකුලයේද අනතුරුව ඌර පෝතිකාවත් ඉන් අනතුරුව ස්වර්ණ භූමියේද ඉන්පසු බරණැසද ඉන් අනතුරුව සුප්පාරක පටුනේ ද පසුව කාවීර පටුනේද අනතුරුව අනුරාධ පුරයේද ඉන්පසු ගොකන්නක ගමේද මෙලෙස සම විෂම ආත්මභාව දහතුනක් ඉපදී කලකිරිනු බවත් සියල්ලෝ අප්‍රමාදීව කටයුතු කළ යුතු බව කියා සිව් පිරිස සංවේගයට පත්කර පරිනිවන් පෑවාය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.