මිද්ධී යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සම්පරිවත්තසායී.
මහාවරාහො’ව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්‍දො.
පුරුෂ තෙම යම් කලෙක මිද්ධබහුල (ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ) වේ ද, ( පමණ නොදැන බොහෝ කොට කන්නේ වේ ද, (කුඩු දඹුකඩ නියුඩු කැඳ ආදි) සූකරභක්තයෙන් පුස්නා ලද (ස්ථූල ශරීර ඇති) මහ ගම්හූරකු මෙන් (හුන් සිටි තැන) නිදන්නේ ම පෙරැළි පෙරැළි හෝනේ වේ ද, තිලකුණු මෙනෙහි කැරුමක් නැති ඒ අඥාන තෙම නැවැත නැවැත මවු කුසට එළැඹෙන්නේ ය (ගර්‍භවාසයෙන් නො මිදෙන්නේ ය).
"මිදඨියදා-ති " මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පසේනදි කොසොල් රජ නිමිතිකරගෙන දේශනා කළහ.
එක් සමයෙක රජු සහල් දෝණයක බත් ද, එයට අනුරූප සුප ව්‍යාඝජනද අනුභව කරයි. ඔහු එක් දිනක් ගන්නාලද උදේ ආහාර ඇත්තේ බත් මතය දුර නොකරම බුදුන් වෙත ගොස් ක්ලාන්ත වුයේ ඔබමොබ පෙරළෙයි. (නිද්දෙන්) නිදිමතින් පෙළුනේ කෙලින් සිටගැනීමට අපහසුවුයේ එකත් පසෙක හොත්ය. ඉක්බිතිවැ ශාස්තෲන් වහන්සේ මෙසේ ඇසීය. ඇයි මහරජ විවේක නොගෙනම ආවේද? එසේය ස්වාමීනි බත් කැ වේලේ පටන් මට මහා දුකක් ඇතිවේ. එහිදී ශාස්තෲන් වහන්සේ මහරජ බොහෝ කොට ආහාර ගැනීමේ දී මේ දුක ඇති වේ කියා මේ ගාථාව වදාළහ.
උගුර ළඟටම අහර වළඳා
කුසීතව ඇති කුසල වළකා
නිදන ඌරෙකු වගේ තැවෙනා
මෝඩයා නිවනට නොයේ
යමෙක් මැලි ගතියෙන් යුක්ත වුයේද, බොහෝ කොට කයි ද, ඒ මේ අත පෙරලෙමින් නිදයි ද, ඌරු අහරින් තරවු ඌරෙකු වැනි , ඒ මෝඩයා සසරින් එතෙර වන්නේ නැත.
එහි විද්ඨි ථීන මිද්ධයෙන් පෙළුනේ - මහග්ඝසො මහා භොජනො - ආහාර හත්ථක - නැගිට සිටින්නටත් බැරි වනසේ කෑම කන පුද්ගලයා අලංසාටක - ඉන්නේ වස්ත්‍රය තබා ගැනීමට වත් බැරිවන සේ කෑම කන පුද්ගලයා තත්‍රවට්ටක - සිරුර දරාගත නොහැකිවන තරමට කෑම ගෙන පෙරලී පෙරලී සිටින තැනැත්තා. කාක මාසක - කපුටන්ට හොට දමාගත හැකි සේ උගුර ළඟටම කෑම කන තැනැත්තා භූත්තවමිතක - කෑම කෑ තැනම වැමෑරීමට තරම් කෑම කන අය යන මෙයින් එකකුසේ නිවාත පුට්ඨාති - කුණ්ඩකාදි සූකර බතින් ස්පර්ශ වුයේ, ගෙවල ඌරෝ ළපටි කාලයේ සිට පෝෂණය කළවිට මහත් වූ විට ගෙයින් පිටතට යා නොහැකි වන්නේ ඇදන් යට පෙරලී පෙරළී ආශ්වාස ප්‍රශ්වාස කරමින් නිදයි. මේ කියන ලද පරිද්දෙන්ම පුරුෂයාද බත් මතයෙන් මත් වී අලස වී මහ ඌරෙකුසේ අනෙක් ඉරියවලින් සිටීමට නොහැකේ , නිදන සුළු ම වේ. සමපරිවත්ත සායී එබඳු තැනැත්තාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්‍ෂණ සිහිකරන්නට නොහැකිවන්නේ ය. ඔවුන්ට යහපත් සිහිය නැත්තේ මෝඩයෙක්ම වෙති. පුනප්පුනං ගබ්හං උපෙති නැවත නැවතත් මව්කූසයක්හිම උපදිත් (සසර කෙළවර නොවේ) දේශනාවසානයේ ශාස්තෲන් වහන්සේ රජුට උපකාර වසයෙන්
"මනුජස සදා සතීමතො මත්තං
ජානතො පද්ධ භොජනෙ
තනුතස්ස භවනති වේදනා
සනිකං ජීරති ආයු පාලයනති”
මේ ගාථාව වදාරා, එය උත්තර මානවකයාට උගන්වා, මේ ගාථාව රජුන් ආහාර ගන්නා වේලාවේ. කියැයි වදාළහ. මේ උපායෙන් ආහාර අඩු කිරීමේ ක්‍රමය උපායානු කූලව වදාළහ. හෙතෙමේ ද එසේ කළේය. රජු එයින් මතු දිනයෙක නැළියක පමණ බත දක්වා ආහාර වේල අඩුකොට සැහැල්ලු සිරුරින් යුතුව, සුවයට පැමිණ, ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපන් විශ්වාසයෙන් යුතුවැ ශාස්තෲන් වෙත අසදෘස දානය පැවැත්වීය. අනුමෝදනාව ඇසීමට පැමිණි මහාජනයා මහත් විශේෂතාවයන්ට පැමිණියාහුය.