න හි එතෙහි යානෙහි ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති.
මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුනු, (අපර භාගයෙහි අරීමඟ වැඩීමෙන්) මනා වැ දැමුනු සිතින් දාන්ත වූයේ, සිහිනෙනුදු නොගිය විරූ (දාන්තභූමි වූ) නිවන දෙසට යම්සේ යේ ද, එසේ මේ (ඇත් අස් ආදි) යානවලින් යෑ හැකි නො වන්නේ ය.
"නහි එතෙහිති" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී පැවිදිවීමට පෙර දක්ෂ ඇත් ගොවිවෙක් වූ එක් භික්‍ෂවක් නිමිති කරගෙන දේශනා කළහ.
ඒ භික්ෂුව එක් දිනක් අචිරවතී නදීතෙර ඇතුන් මෙල්ල කරන්නෙක්, එක් ඇතෙකු දමනය කරන්නෙමියි තමන් කැමති කාරණය ඉගැන්වීමට නොහැකිවනු දැක ලඟ සිටි භික්ෂුවක් අමතා මෙසේ කීවේය. ඇවැත්නි. ඉදින් මේ ඇතුන් දමනය කරන්නා මේ ඇතාගේ අසවල් නිලය බලා අසවල් තැනට ඇන්නේ නම් මේ ඇතා දමනය වන්නේ යයි කීය. ඇත් හික්මන්නාද, ඒ භික්ෂුව කී කථාව අසා ඒ කියූ අයුරින්ම නිල බලා ඇන ඇතා මැනවින් දමනය කළේය. එම භික්ෂුහු එම පුවත තථාගතයන්ට දැනුම් දුන්හ. බුදුහු එම භික්ෂුව කැඳවා ඔබ මෙය කෙළේදැයි විමසා ස්වාමීති ඇත්තයයි පැවසුවිට ගරහාකොට ඇයි හිස් පුරුෂය, ඇත් යානයක හෝ අනෙක් යානයක් නොව තමන්ම දමනය කරගැනීමෙන් මෙතෙක් නොගිය විරූ තැන කට යාම සුදුසුය. මේ නිසා තමන්ටම දමනය කර ගන්න. වෙනත් අය කුමකට දමනය කරනේන්ද? මෙසේ පවසා මේ ගාථාව පැවසුහ.
අරියමග අනුව ගිය
මහරහතන් වහන්සේ
යානාවෙන් නොයන
නිවන් මගට පිවිසියේවේ.
දැමුණා වු තැනැත්තා ආර්යයන් වහන්සේ මනාව දැමුණා වු සිත නිසා නිවන දෙසට යම් සේ යයිද, මේ ඇත් අස් ආදී යානාවලින් එහි යා නොහැකිය.
මෙබඳු වු ඇත් යානාදියෙන් න-එතෙහි යානෙහි කිසියම් පුද්ගලයෙකුට සිහිනෙන්ද එහි නොයා හැකිය. අගතං දිසං නො ගිය දිසාව වු නිවණ දිසාවට තථා එසේ යා යුතුය. පූර්වභාගයෙහි පළමුව ඉන්ද්‍රිය දමනයෙන්ද, දන්තෙතන අපරභාගයෙහි (දෙවනුව) ආර්ය මාර්ග භාවනාවෙන්ද, සුදන්තෙන අත්තනා මැනවින් දැමුණු නිවන් සෙවුනාවු, ප්‍රඥාවන්ත පුද්ගලයා, ඒ නොගිය දිසාව වූ නිවණට ගචඡනති පැමිණෙතී. එහෙයින් ආත්ම දමනය සදහාම හැසිරෙත් යන අර්ථයි. දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලට පැමිණියාහුය.