අලජ්ජිතායෙ ලජ්ජන්ති ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
ලජ්ජා නො කටයුතු තන්හි යම් කෙනෙක් ලජ්ජා කෙරෙත් ද, ලජ්ජා කටයුතු තන්හි ලජ්ජා නො කෙරෙද් ද, (ලජ්ජා නො කළ මනා තැන ලජ්ජා කිරීම ය, ලජ්ජා කටයුතු තැන ලජ්ජා නො කිරීම ය යන මේ) තුච්ඡ වූ විපරීත වූ දෘෂ්ටිය ගෙණ වසන අඥාන සත්ත්‍වයෝ (සතර) අපායට යන්නාහ.
අභයෙ භයදස්සිනො භයෙ චාභයදස්සිනො
මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
බිය නො දැක්ක මනා තන්හි බිය දක්නා සුලු වූ, බිය දැක්ක මනා තන්හි නොබිය දක්නා සුලු වූ, (මෙසේ) විපරීත දෘෂ්ටි ගෙණ වසන අඥාන සත්ත්‍වයෝ නරකාදි දුගතියට යන්නාහ.
"අලජ්ජිතායෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී නිගණ්ඨයන් අරමුණු කරගෙන දේශනා කළහ. එක් දිනක් භික්ෂූන් වහන්සේලා නිගණ්ඨයන් දැක ඒ පිළිබඳ කථාවක් ඇතිකළහ. ඇවැත්ති හැම අතින්ම නොවැසු අචේලකයන් අතර මේ නිගණ්ඨයෝ වඩාත් උතුම් වේ. අනෙක් අයට වඩා උතුම් වන්නේ ඔවුන් ඉදිරිපස වසාගන්නා හෙයිනි. එනිසාම ඔවුහු ලජ්‍ජා සහිතවෙති සිතමි. මෙය අසා නිගන්ඨයෝ අපි එම කාරණය නිසා නොවසමු. අපි එලෙසට වසන්නේ පස් දුවිලි ආදිය පුද්ගලයන් ජීවිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවේ. අපගේ භීක්ෂා භාජනයට දුවිලි හා පස් නොවැටේවායි වසාගෙන සිටිමුයි කියා ඔවුන් වාද ප්‍රතිවාද වශයෙන් බොහෝ කථා භික්ෂූන් වහන්සේලා බුදුන් වෙත එළඹ සිටියදී මේ ප්‍රවෘත්තිය දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ! ලජ්‍ජා නොවිය යුතු තැන ලජ්ජා වී ලජ්ජාවිය යුතු තැන ලජ්ජා නොවීම නම් දුගති ගමනට හේතුවේයි පවසා ධර්මදේශනා කරමින් මේ ගාථා පැවසුහ. ලජජා නොවිය යුතු තැන ලජ්ජා වන ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවන මිත්‍යදෘෂ්ටි ගත් අය දුගතියට යති.
බිය නොවිය යුතු තැන බිය දකින බිය විය යුතු තැන බිය නොදක්වන මිථ්‍යා දෘෂ්ටි ගත් පුද්ගලයෝ දුගතියට යති.
ලජ්ජා වන්න නිසි තැන කදිම පව්කමට
බිය විය යුතු තැනදි බිය නොවුවොත් පවට
මිසදිටු ගති ගතොත් ඔබෙ සන්සුන් සිතට
යනවා නියතමයි අටමහ දුගතියට
එහි අලජ්ජිතායෙති - ලජ්ජාවියයුතු බැවින් භික්‍ෂ භාජනය ලජ්ජා නොවිය යුතු දෙයකි. ඔවුන් එය වසාගෙන හැසිරෙන්නේ ඉන් ලජ්ජා නම් වෙති. ලජ්‍ජිතායෙති. නොවැසු ලජ්ජා සහිත අග පසඟයෙන් ලජ්ජා විය යුතුය. එබඳු ස්ථාන නොවසා ගෙන යති. එහි ඔවුන්ට ලජ්ජාවක් නැත. මේ නිසා ඔවුන්ට එය ලජ්ජා නොවිය යුතු තැන ලජ්ජා නම් වේ. ලජ්ජා විය යුතු තැන ලජ්ජා නොවීම හිස් දේ ගැනීමක් මෙන්ම අනෙකක් ගන්නා බැවින් මිථ්‍යා දෘෂ්ටි නම් වේ. එබඳු දෙය සමාදන් වී හැසි වීම මිච්ඡා දිට්ඨි සමාදාන පුද්ගලයා නිරය ආදී - දුගතිවලට යති. යන අදහසයි. අහයෙති - භික්‍ෂා භාජනය නිසා රාග දොස මෝහ යන දෘෂටි ක්ලේශ දුසිරිත් භය ඇතිනොවන හෙයින් භික්ෂූ භාජනය අභය නම් බියෙන් එය වැසීම නම් අභය භයදස්සී නම් වේ. ලජ්ජා ඇතිවන අග නිසා රාගාදිය උපදින නිසා එය බිය නම් එම අංග නොවැසීම නිසා භයෙව අභය දස්සිනෝ - ඒ අයථා ලෙස සමාදන් වීම නිසා මිථ්‍යා දෘෂ්ටි සහිත පුද්ගලයෝ දුගතියට යතියන අර්ථයි.
නිගණ්ඨයෝ දේශනය අවසානයේදි බොහෝ දෙනෙක් කළකිරුණ සිත් ඇත්තෝව පැවිදිවුහ. එතැනට පැමිණි අයටද දේශනය සාර්ථක විය.