අකතං දුක්කතං සෙය්‍යො පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යො යං කත්‍වා නානුතප්පති.
දුෂ්කෘතය (අකුශලය) නො කරණ ලද්දේ ම උතුමි. අකුශල කර්‍මය තෙම පසු ව සිහි කළ විටක් පාසා මෙ ලොවැ විපිළිසර තැවිල්ලෙන් ද පර ලො වැ අපායතාපයෙන් ද තවන්නේ ය. එ හෙයින් යමක් කොට පසු වැ නො තැවේ ද, එසේ වූ කුශල කර්‍මය තෙම කරණ ලද්දේ උතුමි.
"අකන්ති” යනාදි මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයේ වැඩසිටියදී එක්තරා ඊර්ෂ්‍යා පරවශ ස්ත්‍රියක් නිමිති කරගෙන දේශනා කළහ.
ඇගේ සැමියා එක් ගෘහස්විකාවක් සමග අසද්ධර්මයෙහි යෙදුනේය. ගෘහණිය ඊර්ෂ්‍යාපරවශවෙමින් එම දාසිය අත් පාවලින් බැඳ ඇගේ කන් නාසා කපා දමා එක් රහස් කාමරයක තබා දොරවසා එම කර්මය තමන් කළ බව සැඟවීම සඳහා ස්වාමීන් සමග විහාරයට ගොස් ධර්මය අසමුයි සැමියාද රැගෙන විහාරයට ගොස් බණ අසන්නට වාඩිවුවාය. අනතුරුව ඇගේ ආගන්තුක ඥාතින් ගෙට අවුත් දොර ඇර එම විප්‍රකාරය දැක දාසිය මුදාහළහ. ඇය විහාරයට ගොස් සිව්පිරිස මැදදී මේ කරුණ බුදුන්ට දැනුම් දුන්නාය. බුදුහු ඇගේ වචනය අසා දුශ්චරිතය නම් අනෙක් අය නොදත්යයි බිඳක් පමණකුදු කල්පනා නොකළ යුතුය. අය නොදන්නේද එලෙස යහපත් දේම කළ යුතුය. සගවා කරන ලද වුවද දුශ්චරිතය නම් පසුව පසුතැවිල්ල ඇතිකරයි. සුචරිතය නම් සතුට ඇතිකරයි. යනුවෙන් පවසා මේ ගාථාව පැවසුහ.
දුසිරිතෙහි නො ඇලෙනු
එය කොට නැවත නොතැවෙනු
සුසිරිතෙහි නියැලෙනු
එයින් හැමදා සතුට වළඳනු
අකුශලය නොකරන ලද්දේම උතුම් මේ දුසිරිත් පසුව සිත තවයි. යමක් කොට නොතැවේද එබඳු කුශලයම කරන ලද්දේ ද ශ්‍රේෂඨ වේ.
එහි දුක්කතං. - වැරදි සහිතය, අපායෙහි පිළිසිඳිනාවු කම අකතමෙව සෙය්‍යා නොකිරීම ශ්‍රෙෂ්ඨවේ. උතුම්ය. පච්ඡා තපතීනි යමක් සිදු කොට එය සිහි පත් වන සෑම විටකම තැවේමයි. සුගතං නිවැරදියෙහිම සුවදායක සුගති ඉපදීමට හේතුවන කර්මයයි කතං සෙය්‍යං යං කත්වා යමක් කර පසුව සිහිකරන කල සතුටුවේ ද නානුතප්පති නො තැවේද? සොම්නස් ඇති වීටම උතුම්ය යන අර්ථය දේශනය අවසනයේ උපාසකයාද ඒ ස්ත්‍රියක සෝවාන් ඵලයෙහි පිහිටියේය. එම දාසිය එහිම දාසබවින් මුදා ධම්ම චාරි කෙනෙක් කළහ.