21-7 චිත්ත ගෘහපති පිළිබඳ කථා පුවත

සද්ධො සීලෙන සම්පන්නො යසොභොගසමප්පිතො

යං යං පදෙසං භජති තත්‍ථ තත්‍ථෙව පූජිතො.

(තෙරුවන් ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද කම්පල ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද) ලොවී ලොවුතුරු සැදැහැ ඇති, ගිහි ශීලයෙන් යුත් (පිරිවර ද ධනධාන්‍ය ද සත් ආර්‍ය ධන ද යන) විවිධ යසසින් හා භෝගසම්පතින් යුක්ත වූ කුලපුත්‍ර තෙම යම් යම් පෙදෙසක් භජනය කෙරේ ද (යම් යම් පෙදෙසකට එළැඹේ ද) ඒ ඒ සියලු තන්හි දී (දෙව්මිනිසුන් විසින්) මහත් ලාභසත්කාරයෙන් පුදනු ලදුයේ වන්නේ ය.

"සද්ධොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී විත්ත ගෘහපති නිමිති කරගෙන දේශනා කළහ.

කථා වස්තුව බාලවර්ගයේ "අසතං භාවන මිච්ඡෙය්‍ය” යන ගාථා වර්ණනය විස්තර කරන ලදි ගාථාවද එසේම කියන ලදී. ස්වාමීනි කුමක්ද ඔබ වහන්සේ වෙතට පැමිණි නිසා මොහුට ලාභ සත්කාර ලැබුනේද නැත හොත් අන්තැනක ගියද උපදීද? ආනන්ද මාලඟට ආවාවු අයටද අන්තැනක ගිය තැනැත්තන්ටද ලාභ උපදී. මේ උපාසක තෙමේ ශ්‍රද්ධාවය ප්‍රසන්නය. සීල සම්පන්නය. මෙබඳු අය යම් යම් දිසාවක් සේවනය කරයිද ඒ ඒ තැන ලාභසත්කාර උපදවයි. කියා මේ ගාථාව පැවසුහ.

සීලය සැදැහැ ගුණ

දන්දීම - දන සම්පත

තියෙන කෙනෙකුට

නිතැතින් ලැබේ බුහුමන්.

ශ්‍රද්ධාවෙන් සීලයෙන් යුත් කීර්තිමත් ධනධාන්‍ය දී ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධා ශිලදී ආර්ය ධනයෙන් යුත්තවු යමෙක් යම් යම් ප්‍රදේශයක් භජනය කරයිද ඒ ඒ තැනගේ පුදන ලද්දේවෙයි.

එහි සද්ධො - යනු ලෞකික ලෝකෝත්තර වු ශ්‍රද්ධාවෙන් යුතු වුයේ සීලෙනා යනු අනගාරික සීලය - අනගාරික සීලය දෙයාකාර සිල් වලින් මෙහි අගාරික සීලය අදහස් කරන ලදී. ඉන් යුතු වුයේ යන අර්ථයි - යසො භොග සමප්පිනො යම් ඒ අනේ පිඬු සිටුවරයා ආදී පන්සියයක් උපාසකවරු පිරිවැරුවේ. ගිහි සැප කීරතිය හා සප්තවිධ ආර්ය ධන සංඛ්‍යාත දුවිධ භෝගයන්ගෙන් සමන්නාගත වුයේ යන අර්තයි. යංයං පදෙසංති නැගෙන හිර ආදී දිසාවන් මෙබඳු කුල පුත්‍රයෙක් සේවය කරයිද ඒ ඒ තැන්වල මෙබඳු ලාභ සත්කාරයෙන් පුදන ලද්දේ වෙයි යන අර්ථයි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.