21-6 එක්තරා භික්ෂුවකගේ කතා පුවත

දුප්පබ්බජ්ජං දුරභිරමං දුරාවාසා ඝරා දුඛා

දුක්ඛො’සමානසංවාසො දුක්ඛානුපතිතද්ධගූ

තස්මා න චද්ධගු සියා දුක්ඛානුපතිතො සියා.

(භෝගසම්පතුත් බන්‍ධුජනයාත් හැර දමා) මෙ සස්නැ මහණ වීම දුෂ්කර ය. (උගහට ය.) පැවිදි වූවහු විසින් ද (පිඬු සිඟා දිවි පැවැත්වීම් ද සිල් රැක්මෙන් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය පිරීම් ද වශයෙන්) සස්නෙහි සිත ඇලැවීම දුෂ්කර ය (උගහට ය). ගෘහයෝ හෙවත් ගෘහවාසයෝ (ගිහිගෙහි වසන්නවුන් විසින් තමහට ඉසුරු ව සිටින්නවුනට කළ මනා කාර්‍ය ද පරිජනයාටත් මහණබමුණනට ත් කටයුතු සංග්‍රහ ද ඇති බැවින්) දුක් හ. (උගහටයහ.) අසමාන අදහස් ඇත්තවුන් හා එක් වැ විසීම ද දුක් ය (උගහට ය). සසර නැමැති අදන් මඟට පැමිණියේ දුක විසින් ලුහුබඳනා ලදහ. එ බැවින් සසර අදන් මඟට පැමිණියෙක් නො වන්නේ ය, සසර දුක විසින් ලුහුබඳනා ලද්දෙක් ද නො වන්නේ ය.

"දුප්පබ්බජ්ජං " යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ වැඩ සිටියදී එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ. එක්තරා වජ්‍ජි පුත්‍රක භික්ෂුවක් විශාලා නුවර එක්තරා වන ලැහැබක වාසය. කරයි. එසමයෙහි විසාලා නුවර මුළු රාත්‍රියේම උත්සවයක් පැවතුනි. එම උත්සව අවස්ථාවේ විසාලාවේ කරන ලද තුර්ය වාදන ගායන ශබ්දයන් අසා අඩමින් එම අවස්ථාවේදී මේ ගාථාව පැවසුහ.

කැලයේ ඉවත විසිකරන ලද දරලීයක් සේ හුදකලාවම මම ආරණ්‍යයේ වාසය කරමි. මෙබඳු පව්කාරයන්ට දිලිසෙන රාත්‍රියක් කොයින්ද?

ඔහු වනාහි වජ්‍ජි රටේ රාජ පුත්‍රයෙකි. වාරයට පැමිණි රාජ්‍ය තනතුර අත්හැර දමා පැවිදි වුයේය. විසාලා මහනුවර චාතුර්මහාරාජික දෙව්ලොව සමග ඒකාබද්ධකලාක් මෙන් මුළු නුවර ධජ පතාකාදියෙන් සරසා ඉල්මස පුරපසළොස්වක් පොහෝදින මුළු රාත්‍රි උත්සව පවතිනවිට බෙර ආදී තූර්ය වාදනය වනවිට වීණා ආදී වාදක ශබ්දය අසා යම් විශාලාවේ හත්දහස් සත්සියයක් රජවරු එම රටේ යුවරාජ සේනාපති ආදීන් අලංකාර කළ සිරුරු ඇතිව නැකැත් කෙළි සඳහා වීථියට බැසගත් විට. සැටරියනක් මහා සක්මනේ සක්මන් කරමින් සිටිද්දී අහස මැද සිටි පුන් සඳ දැක සක්මන් මළුවේ කෙළවර ඵලකය නිසා එහි ආධාරයෙන් සිටියේ අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් විරහිතව, වනයේ විසිකරන ලද දර කැබැල්ලක් සේ තම ආත්මභාවය බලා අතීතය මතක් වී, මට වඩා ළාමක කෙනෙක් තවත් ඇත්දැයි සිතන්නේ, ප්‍රකෘති වසයෙන්, ආරක්‍ෂක ගුණ ඇති භික්ෂුව තුළ ඇතිවු අකමැත්ත උකටලී බව දුටු එම වන රොදේ අධිගෘහිත දෙවියා මේ භික්‍ෂුව සංවේගයට පත්කරමියි යන අදහසින් එකකො ත්වං අරඤ්ඤො විහරයි.

වනයේ අත්හත්හැර දමන ලද දරකඩක් ලෙස ඔබ හුදෙකලාව වනයේ වාසය කරයි. ස්වර්ගගාමී වු නිදොස් වු ඔබවහන්සේ කෙරෙහි. බොහෝදෙනෙක් විසින් ප්‍රියකරණු ලැබේ. නිරයේ ඉපැත්ම අත්හැර වර්ගගාමී වන්නේය.

මේ කියන ලද ගාථාව අසා දෙවැනි දිනයේ දි බුදුන් වෙත එළඹ වැඳ වාඩි වූහ. ශාස්තෲන් වහන්සේ එම පුවත දැන ගිහිගෙයි විසීමේ දුක්ඛිතබව ප්‍රකාශ කිරීමට ෂඩ්විධ දුක් කැටිකොට මේ ගාථාව පවසා වදාළහ.

මහණකම අමාරුයි - ඇලීමත් එහි අසීරුයි.

අමාරුයි තව ටිකක් නො ගැලපෙන්නන් හා විසීමත්

මේ හැමට වඩාමත් අමාරුයි වාසෙ ගිහිගේ

කළයුතු එකම දේ රහත් වීමෙන් නිවීමයි.

පැවිද්ද අපහසුය. සිත් ඇලවීම දුකසේ කළයුතුය විසිම අපහසුය ගිහිගේ එයට වඩා දුක් සහිතය අසමාන අදහස් ඇත්තවුන් හා විසීම අපහසුය. දික් වු සසර මගට පිළිපන්නෝ දුක විසින් ලුහු බඳිනු ලබතී. එනිසා දික් වු සසර ගමන් කරන්නෙක් හෝ, පසුපස එළවා ගෙන එන දුක් ඇතෙක් නොවිය යුතුය.

එහි දුප්පඛ්ඛජ්ජන්ති - අල්පවූහෝ මහත්වු භෝගයන් ද ඥාති සමුහයා ද අත්හැර මේ සසුනේ උරදි පැවිදිවීම නම් දුකකි. දුරභිරමං” යනු මෙසේ පැවිදි වුවහු විසින් භික්ෂාවෙන් ජීවිතය ගෙවීම ගැටෙමින් උත්සාහ කරමින් අපමණ සීලක්ඛන්ධය රැකීම ධම්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණයෙහි ඇලීම දුකකි. දුරාවාසා යම් හෙයකින් ගිහි ගෙයක වාසය කරන්නේ රජවරුන්ට රාජ කෘත්‍යය ඉසුරුමත් අයට ඊශ්වර කෘත්‍ය දැරිය යුතුය පරිජනයන්ට මෙන්ම ධාර්මික බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කළයුතුය. මෙසේ ඇතිවිට ගෘහ වාසයද සිදුරු කළයක් සේ මහා සමුද්‍රයක් සේ පිරවිය නොහැකිය. මේ නිසා ගිහිගෙයි විසීම දුරාවාසය විසීම දුකකි. මේ කරුණින්ම දුකයි යන අරථයි. දුක්ඛා සමාන සංවාසො ජාති ගෝත්‍ර කුලභෝගාදියෙන්ද පැවිද්දෝ සීලාචාර, බහුශ්‍රැත ආදී සමානයෝ ඔබ කවුද මම කවුද ආදිය කියා අධිකරන විභාග කෙරේ ඔවුන් අසමාන නම් වේ. එවැනි අසමාන අය හා එකට විසීම දුකක් වේ යනු අර්ථයි. දුක්ඛානුපති තද්ධගු” යමෙක් වට්ට සංඛ්‍යාත දුරගමනට පිළිසන්නහු (දුරගමන) සසර ගමන දුකට වැටීමකි. එනිසා නචඞගු - යනු යම් හෙයකින් දුකට අනුපතිත බවම දුකකි. සසර නැමති දිගු ගමන යාම සඳහා නොවන්නේ කියන ලද ආකාරයට දුකෙන් අනුපතිත වුවද නොවේ යන අර්ථයි.

දෙසුම අවසන එම භික්ෂුව පඤ්ච ස්ථානයන්හි දක්වන ලද දුකෙහි කළකිරුනේ පඤ්ච ඕරම්භාගිය ආදී සංයෝජන පළවා අර්හත්වයෙහි පිහිටියේය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.