20-7 පොඨිල තෙරුන් පිළිබඳ කථා පුවත.

යොගා වෙ ජායතී (ජායතෙ (කත්ථචි)) භූරි, අයොගා භූරිසඞ්ඛයො;

එතං ද්වෙධාපථං ඤත්වා, භවාය විභවාය ච;

තථාත්තානං නිවෙසෙය්‍ය, යථා භූරි පවඩ්ඪති.

(අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) භාවනය (සිත වැඩීම) හේතුකොටගෙණ ඒකාන්තයෙන් (ලොකොත්තර) ප්‍රඥාතොම උපදනීය. භාවනා (මනස්කාර) යෙහි නොයෙදීම හේතුකොටගෙණ ප්‍රඥාවගේ විනාශය වෙයි. වැඩ පිණිසද අවැඩ පිණිසද පවත්නාවූ මේ දෙමග දැන යම්සේ ප්‍රඥාව වැඬේද, එසේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටු වන්නේය.

"යොගා වෙති" - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනා රාමයේ වැඩ සිටියදී පොඨිල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

උන්වහන්සේ බුදුවරු සත් නමගේ සසුනේ ත්‍රිපිටකධාරව පන්සියයක් භික්ෂූන්ට ධර්මය උගන්වති. බුදුහු මෙසේ සිතූහ. මේ භික්ෂුවගේ තමන්ගේ දුකින් මිදෙමියි සිතක් හෝ නැත. සංවේගයක් ද නැත. ඔහු තුළ සසර බිය දැක්මක් ඇති කරමියි. සිතා එතැන් සිට එම තෙරුන් තමන් වහන්සේ උවටැනට පැමිණිවිට මෙහි එන්න හිස් පොඨිල. හිස් පොඨිල වඳින්න. හිස් පොඨිල වාඩිවන්න හිස් පොඨිල ගන්න. මේ ආදී වශයෙන් පිටත්ව ගිය විට ද හිස් පොඨිල ගියේය යනුවෙන් පවසයි. ඔහු මෙලෙස සිතුවේය. මම අටුවා සහිත ත්‍රිපිටකය දනිමි. කරමි. පන්සියයක් භික්ෂූන්ට දහඅට ගණයක් සදහා ධර්මය උගන්වමි. නමුත් බුදුහු නිතරම මට "කුච්ඡපොඨිල” යනුවෙන් අමතයි. ඒකාන්තයෙන් ධ්‍යාන ආදිය නොමැති නිසා මෙලෙස අමතනු ඇතැයි උපන් සංවේග ඇත්තේ දැන් වනයට පිවිස ධර්ම පුරමියි තෙමේම පා සිවුරු ගෙන උදැසන සියල්ලන්ට ධර්මය උගැන්වීමෙන් පසුව පිටවීයන භික්ෂූන් සමග නික්ම ගියේය. පිරිවෙනේ වාඩිවී පාඩම් කරන අය අපේ ආචාර්යන් වහන්සේ යයි නොසැලකූහ.

ඔහු යොදුන් සියයක් දුරගොස් එක් ආරණ්‍ය ආයතනයක භික්ෂූන් තිහක් වසති. ඔවුන් වෙත එළඹ සංස තෙරුන්ට වැඳ ස්වාමීනි මට පිහිට වන්නැයි පැවසුවේය. ඇවැත්නි ඔබ වහන්සේ ධර්මකථිකයෙකි. අප විසින් ඒගැන කිසිවක් දතයුතුය. කුමක් නිසා මෙසේ කියයිද? ස්වාමීනි එසේ නොපවසන්න මට පිහිට වන්න. ඒ සියළු දෙන රහත්හුය. ඉක්බිති අපේ මහතෙරුන් මේ ඉගෙනීම නිසා මානයක් ඇතැයි අනුතෙරුන් ළඟට යැවීය. උන්වහන්සේ ද එසේ පැවසුහ. මේ ආකාරයෙන් සියල්ලෝ ඔහු යවන්නේ දවල් කළ වාඩි වී පිරිසිදු කර්මකරන සියළු නවකයන්ට සත්වසක් වු සාමණේර නමක් ළඟට ගොස් මේ ආකාරයෙන් මානය දුරුකළාහුය. ඔහු නිහතමානීව සාමණේර නම අසල ඇඳිලි බැඳගෙන මට පිහිට වේවා. සත් පුරුෂයන් වහන්ස මට පිහිට වේවායි පැවසුවේය. අහෝ ආචාර්යන් වහන්ස කුමක් නම් කියමුද? තෙපි මහළු අයයි. බහුශ්‍රැත කෙනෙකි. ඔබ වහන්සේ වෙතින් ම විසින් යමක් දැනගතයුතුවේ.

එලෙස නොකරන්න. සත් පුරුෂය එසේ නොකරන්න. මට ඔබේ පිහිට අවශ්‍යමය. එසේ නම් ස්වාමීනි ඔබ වහන්සේ අවවාද එය අවශ්‍යමය - හොඳයි මම එසේ වෙමි. මම ගින්නට පිවිසිමට කියන්නේ නම් එසේ කරමි. අනතුරුව සාමණේරනම නොදුරේ විලක් පෙන්වා සිවුරු හැඳ පෙරවාම මේ විලට පිවිසෙනැයි කීවේය. උන්වහන්සේ මහත් අනර්ඝවු දුපට චීවර ඇද පෙරවා ඇති බව දැන දැනම මොහු අවවාද පිළිගන්නේයන්න විමසනු සඳහා මෙසේ පැවසුවේය. තෙරුන් ද එකම වචනයෙන් ජලයට බැස්සේය. අනතුරුව සිවුරු කොට තෙමුන කළ මෙහි එන්න ස්වාමීනියි පවසා සිටිවිට එක වචනයෙන්ම පැමිණ සිටිය විට මෙසේ කීවේය. ස්වාමීනි මේ තුඹසේ සිදුරු හයෙකි. එහි එක් සිදුරකින් තළගොයෙක් ඇතුළට පිවිසිවිට ඌ අල්ලා ගනු කැමැත්තා ඉතිරි සිදුරු පස වසාදමා සයවැනි සිදුර තබා පිවිසි සිදුරෙන්ම ගනි. එසේ ඔබද ජද්වාරික අරමුණු අතර ඉති සිදුරු පස වසා පස් දොරටු වසා මනෝ වාරයේ ක්‍රියා තබනු මැනව. බහුශ්‍රැතවු භික්ෂුවට මෙපමණකින්ම පහන් දැල්වීමක් බඳුවිය. මෙපමණක්ම. වේවායි. මේ කුණප කයේ ඤාණය පිහිටුවා ධර්ම පටන්ගත්තේත්ය. බුදුහු යොදුන් එකසිය විස්සක් දුර වැඩසිටම එම භික්ෂුව දෙස බලා යම්සේ මේ භික්ෂුව මහා ප්‍රඥා ඇතෙකි. එලෙසම ආත්මය පිහිටුවීම වටී. සිතා ඔහුටම කියන්නේ ඔහු හා කථාකරන්නේ යම්සේද එලෙසට ආලෝකයක් පැතිරවීය. එසේ පතුරුවා මේ ගාථාව දෙසුහ.

බවුන් වැඩුමෙන් නුවණ වැඩිවේ

පිරුලු දෙඩුමෙන් නුවණ මුඩුවේ

නැණ වඩන මග බුදුන් දෙසුවේ

එමග යාමම ඔබට යුතුවේ.

භාවනාවේ යෙදෙමින් ඒකාන්තයෙන් ප්‍රඥාව උපදියි. භාවනාවේ නොයෙදීමෙන් ප්‍රඥාව වැනසේ වැඩපිණිසද අවැඩ පිණිස ද මේ දෙපරිදි මාර්ගය දෙමග දැන යම්සේ ප්‍රඥාව වඩාද කථා එලෙස තමා යෝනිසෝමනසිකාරය පිහිටුවන්නේය එහි යොගා යනු. අරමුණු තිස් අට පිළිබඳ යෝනිසෝ මනසිකාර භූරී යනු බෙහෙවින් පොළව නුවණින් සමවු හා සඞබයො යනු විනාශයයි එතංදෙවෙධාපන්ති මේ දෙපරිදි මාර්ගය මේ යෝගය ද අයෝගයද යන දෙපරිදිමග හවාය විභාවය යනු වර්ධනයද අවර්ධනයද තථාති - යම් පරිද්දෙකින් මහාප්‍රඥාව වැඩේද මෙසේ තමන් වාසය කරන්නැයි යන අරුතයි.

දෙසුම කෙළවර දෙසුවේ පොඨිල තෙරුන් රහත්බවින් පිහිටියේය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.