ථම්භ යනු කණුවට නමකි. කණුව වනාහි තද වූ නො නැමිය හැකි දෙයකි. එය නමන්නට උත්සාහ කළහොත් බිදෙනු මිස නො නැමේ. සිත්හි හටගන්නා වූ තද ගතියක් ද වේ. එය හටගත් කල්හි කණුවක් සේ ම සිත ද නො නැමෙන ස්වභාවයට පැමිණෙන බැවින් සිත්හි හටගන්නා ඒ තද ගතියට ද ථම්භ ය යි කියනු ලැබේ. එය හටගත් කල්හි සිත දරකඩක් මෙන් වෙයි. නො බබලයි. අඳුරු වෙයි එබැවින් එය චිත්තෝපක්ලේශයකි.
ථම්භ නම් වූ උපක්ලේශයෙන් සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා කොතරම් අනර්ථ දායක වුවත් තමාට රුචි දෙයක් ම කරනු මිස ගරු කළ යුතු වූ නැමිය යුතු වූ මව්පිය ගුරුවරාදීන්ගේ වචනයට නො නැමෙයි. ඔවුන්ගේ වචන නො පිළිගනී. රාජ නීතියට හෝ ලෝක නීතියට යුක්තියට ධර්මයට නො නැමේ. යමකු ඔහු නමන්නට උත්සාහ කළහොත් හෙතෙමේ කෝප වෙයි. අවවාදයට කිපී පන්සල ද ගිනි ලා පලා ගිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයා මෙන් අවවාද දායකයාට විරුද්ධව ක්‍රියා කරයි.
අනු මාතෘකා
keyboard_arrow_rightපන්සල ගිනි තැබූ ගෝලයා.star_outlineshare