අමිශ්‍ර ව වාසය කරන ස්වභාවයාගේ ආකාරයෙන් සංග්‍රහ නොකරන ස්වභාවය වඤ්චා කෙරේ.
තමන් වෙත පැමිණෙන ගිහියන් හා රාජ කථාදි තිරශ්චීන කථා කීම කෙළිකවටකම් කිරීම යන ආදියෙන් මිත්‍ර ඔවුන් හා මිශ්‍රව වාසය නො කරන බව අසංසග්ග විහාරිතා නමි. එය ශ්‍රමණ ගුණයකි. “ගිහියන් හා අමිශ්‍රව වාසය කරමි” යි තමන් වෙත පැමිණෙන ගිහියන් හා පිළිසඳර කථා මාත්‍රයකුදු නො කොට, ඔවුනට ධර්මයෙන් අනුශාසනා නො කොට, වාසය කරන ස්වභාවය වූ අසංග්‍රහශීලතාව ද භික්ෂුවකට නුසුදුසු ය. තමන් වෙත පැමිණෙන ගිහියනට භික්ෂුව විසින් ප්‍රිය වචනයෙන් ද ධර්මයෙන් ද සංග්‍රහ කළ යුතුය. ආත්මාර්ථය පමණක් බලන තැනැත්තා ගේ ස්වභාවයක් වූ ඒ අසංග්‍රහ ශීලතාව සමහර භික්ෂුවක ගේ සිතට අසංසර්ග ශීලතාවේ ආකාරයෙන් එළඹ සිටිය හැකි ය. බොහෝ සෙයින් මෙය සිදුවන්නේ ගිහියන් හා මිත්‍රවීමට මං සොයමින් වෙසෙන ලාභකාමී භික්ෂූන්ට නොව, සැදැහැයෙන් මහණදම් පුරන භික්ෂූන්ට ය. මෙබඳු දේ සිදු නොවීමට නුවණින් යුක්ත විය යුතුය.