ඒ යෝගීහු විසින් එය පාත්‍ර වඩන නියායෙන් හෝ පූ වඩන නියායෙන් හෝ බත් වඩන නියායෙන් හෝ ලිය වඩන නියායෙන් හෝ පිළිවඩන නියායෙන් හෝ නොවඩා සීසානා ගොවි සෑ යුතු භූමිය නගුලින් පිරිසිඳැ ඒ පරිචේඡදාභ්‍යන්තරයෙහි සානා සේ ද, සීමා බඳුන භික්‍ෂූන් පළමු නිමිති සලකා ඒ නිමිති ඇතුළ සීමා බඳනා සේ ද ලද පරිදි ඒ නිමිත්ත පිළිවෙළින් අඟුල් - දැඟුල් - තෙ අඟුල් - සිව් අඟුල් සා තැන් සිතින් පිරිසිඳැ - පිරිසිඳ ඒ පරිච්ඡේදය තාක් වැඩිය යුතු යි. පරිචේඡද නො කොටැ නො වැඩිය යුතු. ඉක්බිති වියත් - රියන් - පමුඛ - පිරිවෙන් - විහාර ඉම් දක්වා ද ඉක්බිති ගම් - නියම්ගම් - දනවු - රාජ්‍ය - සමුද්‍ර සීමා දක්වා ද වඩමින් ගොස් සක්වළගල දක්වා හෝ ඉනුදු ඔබ්බෙහි හෝ පිරිසිඳැ වැඩිය යුතු හංස පැටව් පියා නැඟී තැන් පටන් මඳ මඳ තැන් පැනැ පැනැ පුරුදු කොටැ පිළිවෙලින් සඳහිරු කරා යති. එ මෙන් යෝගී භික්‍ෂු යට කී නියායෙන් නිමිත්ත පිරිසිඳැ වඩන්නේ සක්වළගල තාක් ද, ඉන් ඔබ්බෙහි ද වඩන්නේ ය. නිමිත්ත වැඩු වැඩු තැන පොළොව ගොඩ - වළ - ගංගා - පර්‍වත - විසම තන්හි සඞ්කු සතයෙන් හයා පහරන ලද වෘෂභ චර්‍මයක් මෙන් සම වන්නේ ය.
ඒ නිමිත්තයෙහි ප්‍රථම ධ්‍යානය ලත් ආදි කර්‍මමිකයා විසින් එහි සම වැදීම බහුල කළ යුතු. ප්‍රත්‍යවේක්‍ෂණය බහුල නො කළ යුතු. ප්‍රත්‍යවේක්‍ෂණය බහුල කරන්නහුට ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් විභූත වන බැවින් ධ්‍යානාඞ්ග ඖදාරික වැ ද ප්‍රගුණ බලවත් භාවයට නො පැමිණෙන බැවින් දුබල වැ ද වැටහෙන්නේ ය. එසේ වැටහොත් ම එය මතු ද්විතීය ධ්‍යානය උපදවන්නට උත්සාහවත් වීම සඳහා ප්‍රත්‍යය වන්නේ ය. හේ අප්‍රගුණ වූ ධ්‍යානයෙහි උත්සාහවත් වන්නේ ප්‍රථම ධ්‍යානයෙන් ද පිරිහෙයි. ද්විතීය ධ්‍යානයට පැමිණෙන්නට ද අසමර්‍ථ වෙයි. වදාළෝම ය බුදුහු.
“සෙය්‍යථාපි භික්ඛවෙ ගාවී පබ්බතෙය්‍යා බාලා අඛ්‍යත්තා අබෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං. තස්සා - එවමස්ස “යන්නූනාහං අගතපුබ්බංචෙව දිසං ගච්ඡෙය්‍යං අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්‍ය. අපීතබ්බානි පානීයානි පිවෙය්‍යං”ති. සා පුරිමං පාදං න සුප්පතිට්ඨිතං පිතට්ඨාපෙත්‍වා පච්ඡිමං පාදං උද්ධරෙය්‍ය. සාන චෙව අගතපුබ්බං දියං ගච්ඡෙය්‍ය. න ච අඛාදිතපුබ්බානි තිණානි ඛාදෙය්‍ය. නච අපීත පුබ්බාති පානියානි පිවෙය්‍ය. යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස යන්නූනාහං අගතපුබ්බං චෙව -පෙ-පිවෙය්‍යං ති. තං ච පදෙසං න සොත්‍ථිනා පච්චාගච්ඡෙය්‍ය තං කිස්ස හෙතු? තථාහි සා භික්ඛවෙ ගාවී පබ්බතෙය්‍යා බාලා අව්‍යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතං.
එව මෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු බාලො අබ්‍යත්තො අඛෙත්තඤ්ඤූ අකුසලො විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. සො තං නිමිත්තං නාසෙවති. න භාවෙති. න බහුලීකරොති. න ස්වාධිටඨිතං අධිට්ඨාති. තස්ස එවං හොති “යන්නූනාහං වීතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරිතුං, තස්ස එවං හොති “යන්නූනාහං විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍යා”ති සො න සක්කොති විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො. සෙය්‍යථාපි භික්ඛවෙ සා ගාවී පබ්බතෙය්‍යා බාලා අව්‍යත්තා අඛෙත්තඤ්ඤු අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං”[1] යි.
මෙහි සංක්‍ෂිප්ත අර්‍ථය මෙසේ ය.
‘මහණෙනි! පර්‍වත වැසි - විසම පර්‍වතයෙහි හැසිරෙන්නට නො දත් - ගොදුරු බිම නොදන්නා බාල නො වියත් ගව දෙනක් නො ගිය විරූ දිගකට යන්නට හෝ, නො කෑ විරූ තණ කන්නට හෝ, නු පූ විරූ පැන් බොන්නට හෝ සිතා ඉදිරි පයින් මනා වැ නො සිටැ පසු පා නඟන්නී ය. ඕ එයින් නො ගිය විරූ දිගට ද නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නුපූ විරූ පැන් ද නො බොයි. එ මතුද ආදියෙහි උන් තැනට ද යන්නට අසමර්‍ථ වෙයි. කුමක් හෙයින් ද ඇය එතෙක් අඥාන හෙයිනි.
එ මෙන් ම මහණෙනි! මේ ශාසනයෙහි ප්‍රථම ධ්‍යානය ලැබ ගෙන වාසය කරන්නට අදක්‍ෂ - අක්‍ෂේත්‍රඥ - බාල - නො වියත් භික්‍ෂු සමාධි නිමිත්ත සේවනය නො කරයි. නො වඩයි. බහුල නො කරයි. මනා වැ පිහිටුවා නො ගනියි. එසේ වුව ද හේ ද්විතීය ධ්‍යානය ලැබැ ගෙනැ වාසය කරන්නට සිත යි. මහණෙනි1 හේ ද්විතීය ධ්‍යානය ලැබැ ගන්නට අසමර්‍ථ වෙයි. එ මතු ද මහණෙනි හේ ප්‍රථම ධ්‍යානය ද ලැබැගෙනැ වාසය කරන්නට අසමර්‍ථ වෙයි. මහණෙනි! අර ගව දෙන මෙන් මේ භික්‍ෂු දෙ පසින් ම බටුයේ ය. දෙපසින්ම පිරිහුණේ යයි කිය යුතු යි.
එසේ හෙයින් ඒ යෝගී විසින් පළමු කොටැ ඒ ප්‍රථම ධ්‍යානයෙහි මැ පස් ආකාරයෙින් චීර්‍ණවශී විය යුතු.
-
අ: නි: අඪකනි: 867 ↑