සමන්තාගත අඞ්ග

විතර්‍කය සිත අරමුණට නඟන්නේ ය. විචාරය සිත අරමුණෙහි බඳින්නේ ය. මේ විතර්‍ක විචාර යෝගයෙන් සිතෙහි අවික්‍ෂේප භාවය - තැන්පත් බව සිද්ධ වේ. අවික්‍ෂේප සම්පත් ලැබීමෙන් ප්‍රීතිය සිත පීණනය කෙරේ. සුඛය සිත සුවපත් කෙරේ. මෙසේ මේ විතර්‍ක-විචාර-ප්‍රීති සුඛයන්ගෙන් අනුග්‍ර‍හය ලත් එකග්ගතාව ඵස්සාදි සෙසු චෛතසික සහිත සිත ඒකග්ගතා රම්මණයෙහි සම වැ මනා කොටැ පිහිටුවන්නේ ය. එ බැවින් මේ විතර්‍ක - විචාර - ප්‍රීති - සුඛ - ඒකග්ගතා යන පඤ්ච ධර්‍ම උපදීම් වශයෙන් පඤ්චාඞ්ග සමන්වාගතත්‍වය දත යුතු. මේ පස උපන් කල්හි ධ්‍යානය උපන්නේ නම් වේ. එහෙයින් මේ පස සමන්නාගත අඞ්ගයයි කියනු ලැබේ. මේ පසින් යුක්ත වූ ධ්‍යාන නම් අනෙකෙක් ඇතැයි නො සිතිය යුතු. චතුරඞ්ගිනී සේනා, පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය, ‘අෂ්ටාඞ්ගික මාර්‍ගය, යි කී කල්හි අඞ්ගයෙන් විනිර්මුක්ත සේනාවෙක් හෝ තූර්‍ය්‍යයෙක් හෝ මාර්‍ගයෙක් හෝ නැත්තේ ය. අඞ්ග මාත්‍ර‍ වශයෙන් ම එසේ කියන්නේ ය. මේ ද එබඳුය යි දත යුතු.

මේ පඤ්චාඞ්ගයෝ උපචාර ක්‍ෂණයෙහි දු වෙති. එසේ වුව ද ඔව්හු එහි දී (උපචාරයෙහි දී) ප්‍ර‍කෘති කාමාවචර චිත්තයෙහිදීට වඩා අතිශයයෙන් බලවත් ය. මෙහි දී වනාහි උපචාරයෙහිදීටත් වඩා අතිශයයෙන් බලවත් වැ රූපාවචර ලක්‍ෂණයට පැමිණෙති.

ඒ එසේ මැ යි - මෙහි විතර්‍කය අතිවිශද වශයෙන් ම සිත අරමුණට නඟිමින් උපදින්නේ ය. විචාරය අතිශයයෙන් ම අරමුණ පිරිමදිමින් උපදින්නේ ය. ප්‍රීති හා සුඛ මුළු ශරීරය පතුරමින් උපදින්නේ ය. “නාසය කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීති සුඛෙන අප්ඵුටං හොති”[1] යි එ හෙයින් වදාළ සේක. “ඔහුගේ ශරීරයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් නො පහරන ලද කිසි තැනෙක් නැත” යනු එහි අර්‍ථ යි. එකග්ගතාව ද කරඬුවෙක උඩු පියන් පත යට පතෙහි මෙන් අරමුණෙහි සුඵස්සිත වැ උපදින්නේ ය. මේ කීයේ මෙහි විතර්‍කාදිය පිළිබඳ අන්‍යස්ථානයන්ට වඩා ඇති විශේෂය යි.

“සචිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමං ඣානං”[2] යන පාඨයෙහි එකග්ගතාව ස්වරූප වශයෙන් අඞ්ගයක් කොටැ නො වදාරන ලදුවත් “ඣානං ති විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතා”[3] යි විභඞ්ගයෙහි වදාළ බැවින් අඞ්ගයෙක් ම ය. යම් අදහසකින් බුදුරජාණන් වහන්සේ උද්දේස කරන ලද්දේ ද ඒ අදහස ම විභඞ්ගයෙහි ප්‍ර‍කාශ කරන ලද්දේ ය. (සවිතක්කං සවිචාරං යනාදි උද්දෙසයෙහි අභිප්‍රාය මැ “විත්තකා විචාරො” යනාදියෙන් ප්‍ර‍කාශ කරන ලදී. එසේ බැවින් උද්දේසයෙහි නැතැ යි නො සැලකිය යුතු ය. විතක්ක විචාර ඇත්තේ පීති-සුඛ ඇත්තේ යනුයෙහි මැ අභිප්‍රාය විසින් සමාධිය මැ කි වෙති” යි සැලකිය යුතු ය යනු සන්න යි.)

“ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් සමන්විත වූ” යන මෙහි ආදි-මධ්‍ය-අවසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යාණය ද, ඒ ආදි-මධ්‍ය අවසානයන්ගේ ම ලක්‍ෂණ වශයෙන් දශ ලක්‍ෂණ ද දතයුතු.

ඒ පිළිබඳ දේශනා පාළිය මෙසේ ය.

“පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං.”

පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්‍ධි ආදි ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි. යො තස්ස පරිපන්‍ථො තතො විත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථ නිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්‍ථ චිත්තං ජක්ඛන්‍දති. යඤ්ච පරිපත්‍ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣි මං සමථ නිමිත්තං පටිපජ්ජති, යඤ්චපටිපන්නත්තා තත්‍ථ චිත්තං පක්ඛන්‍දති, පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්‍ධි ආදි ආදිස්ස ඉමානී තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං ආදිකල්‍යාණ ඤ්චෙව හොති තිලක්ඛණ සම්පන්නං ච.

පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තිණි ලක්ඛණානි-විසුද්‍ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථ පටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තු පට්ඨාන අජ්ඣුපෙක්ඛති, යං ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යං ච සමථ පටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති, පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස ඉමානි තිණි ලක්ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං මජ්ඣෙකල්‍යාණං චෙව හොති තිලක්ඛණ සම්පන්නං ච.

පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි. තත්‍ථ ජාතානං ධම්මානං අනතිවත්තකට්ඨෙන සම්පහංසනා, ඉන්‍ද්‍රියානං එකරස්ඨෙන සම්පහංසනා, තදුපගවිරිය වාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා, පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානා, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං පරියොසාන කල්‍යාණඤ්චෙව හොති චතු - ලක්ඛණසම්පන්තං චාති.”

මෙහි සංක්‍ෂිප්ත අදහස මෙසේ ය.

  1. දි.නි: සීලක්ඛන්‍ධවග්ග 57

  2. වි: ප: ඣාන වි: 185

  3. වි: ප: ඣාන වි: 194