රාගචරිතයා සුළු වූ හේ සිත්කලු රූපයක් දුටු විට මවිත වූවකු මෙන් බොහෝ වේලා සිටින්නේය. ස්වල්ප ගුණයෙහි ද ඇලේනනේ ඇති දෝෂ ගණනට නො ගන්නේ ය. යම් තැනෙක වැසැ යනවිට වියෝග නො කැමැති වැ අපේක්‍ෂා සහිත වැ ම යන්නේ යි. ද්වේෂචරිතයා ස්වල්ප වූ ද අමනාප රූපයක් දුටු කල ක්ලාන්ත වූවකු මෙන් මඳ වේලාවක් ම බලා සිටින්නේ ය. ස්වල්ප දොෂයෙහි ද ගැටෙන්නේ ය. ඇති ගුණ පවා ගණනට නො ගන්නේ ය. වුසූ තැනින් යන කල මිදී යන රිස්සෙන් අපේක්‍ෂා රහිත වැ ම යන්නේ ය. මෝහ චරිතයා යම්කිසි රූපයක් දුටු කල එහි ගුණ දෝෂ විවේචනය පර ප්‍රත්‍යයෙන් කරන්නේ ය. අන්‍යයෝ නින්‍දා කෙරෙත් නම් තෙමේත් නින්‍දා කරන්නේ ය. අන්‍යයෝ ප්‍රශංසා කෙරෙත් නම් තෙමේත් ප්‍රශංසා කරන්නේ ය. හේ වනාහි අඥාන උපේක්‍ෂායෙන් යුක්ත ය. ශබ්ද ශ්‍රවණාදියෙහි ද මේ නියා මැ යි. ශ්‍රද්‍ධාචරිතාදිහ ද මේ අනුසාරයෙන් දත යුතු. ඔවුන් මොවුන් හා සභාග බැවිනි.