සියලු ධුතඞ්ග වනාහි සමාදාන වශයෙන් පැවැති චේතනාව ලක්‍ෂණ කොට ඇත්තේ ය. කියන ලද මැ යි. අටුවායෙහි “යො සමාදියති සො පුග්ගලො. යෙන සමාදියති චිත්ත චෙතසිකා එතෙ ධම්මා. යා සමාදාන චෙතනා තා ධුතඞ්ගං යං පටික්ඛීපති තං වත්‍ථු”යි. යමෙක් සමාදන් වැ ගන්නේ ද හෙතෙම පුද්ගලයා ය. යමක් කරණකොට ගෙන සමාදන් වේ ද ඔව්හු චිත්ත චෛතසික ධර්‍මයෝ ය. යම් සමාදාන චේතනාවක් වේද එය ධුතඞ්ගය යි. යම් ගෘහපති චීවරාදියක් ප්‍රතික්‍ෂෙප කරයි ද එය වස්තුයි යනු එහි භාව යි. (ලක්‍ෂණ නම් ස්වභාවය යි දත යුතු.)
සියලු ධුතාඞ්ග ලොලුප්ප විද්ධංසනය රස කොට ඇත්තේ ය. (ලොලුප්ප විද්ධංසනය නම් තෘෂ්ණාචාර නැති කිරීම ය. රස නම් කෘත්‍ය හා සම්පත් ය. එසේ ම සියලු ධුතඞ්ග නිලේලාලුප්පභාවය පච්චුපට්ඨාන කොට ඇත්තේ ය. නිල්ලොලුප්පභාවය නම් තෘෂ්ණාචාර සඞ්ඛ්‍යාත ලොලුප්ප භාවයක් නැති බව යි. පච්චුපඨාන නම් වැටහෙන ආකාරය යි.)
එසේ ම සියලු ධුතාඞ්ග අලේපේච්ඡතාදි ආර්‍ය්‍ය ධර්‍ම පදස්ථාන කොටැ ඇත්තේ ය. පදස්ථාන නම් ආසන්න කාරණය යි.
ධුතාඞ්ගයන්ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන විනිශ්වයයි.