තවද ශීලසම්පත්තියෙහි ආනිසංස මෙසේ ද දත යුතුයි.
(ගාථාවන්ගේ භාවය)
යමෙකුගේ ශීලය නිර්‍මල වන්නේ ද, හුගේ පා සිවුරු ධැරීම ප්‍රසාදජනක වෙන්නේ ය. ඔහුගේ ප්‍රව්‍රජ්‍යාව ද ඵලවත් ය.
‘හිරු කරා අන්‍ධකාරය මෙන් ශුද්ධ ශීල භික්‍ෂූහුගේ හෘදය කරා අත්තානුවාදාදි භය නො එළඹෙන්නේ ය.”
“ගුවනෙහි චන්‍ද්‍රයා ප්‍රභා සම්පත්තියෙන් මෙන් තපෝ වෙනෙහි ශීලවත් භික්‍ෂු ශීලසම්පත්තියෙන් බබළන්නේ ය.”
“ශීලවත් භික්‍ෂුහුගේ කායගන්‍ධය ද දෙවියන්ට ප්‍රියංකර වන්නේ ය. ශීලගන්‍ධය ගැන කියනු කිම?”
“නගර මල්ලිකාදි සියලු ගන්‍ධ ජාතීන්ගේ සුගන්‍ධය අභිභවනය කොටැ ශීල සුගන්‍ධය සියලු දික්හි අප්‍රතිහත වැ හමන්නේ ය.
“ශීලවත්හු කෙරෙහි කළ ස්වල්ප ක්‍රියා ද මහත් ඵල වන්නේ ය. එහෙයින් සීලවන්තයා පූජාසත්කාරයන්ට භාජනයි.”
“මේ ආත්ම භාවයෙහි වන වධබන්‍ධනාදි උපද්‍රවයෝ සීලවන්තයා නොපෙළති. ඒ සීලවන්තයා පරලොව දුඃඛයන්ගේ මූල ද කණන්නේ ය.”
“මනුෂ්‍යයන් අතර ඇති තාක් සැප ද, දෙවියන් අතර ඇතිතාක් සැප ද කැමැතිවත් හොත් සීලවන්තයාට දුර්‍ලභ නො වේ.”
“අත්‍යන්ත ශාන්ත වූ යම් නිර්‍වාණ සම්පත්තියෙක් වේ ද, සීලවන්තයා ගේ සිත ඒ නිවන් සැප කරා මැ දිවන්නේ ය.”
“නුවණැත්තේ සියල් සැපතට මුල් වූ ශීලයෙහි මෙසේ අනේකාකාර විස්තර වූ ආනිසංස ප්‍රකාශ කරන්නේ ය.”
“මෙසේ සලකන්නහුගේ සිත ශීලවිපත්තියෙන් උද්විග්න වැ ශීලසම්පත්තියට නැමෙයි. එහෙයින් යථෝක්ත ශීල විපත්තියෙහි ආදීනව ද ශීල සම්පත්තියෙහි ආනිසංස ද දැකැ සර්‍ව ප්‍රේමයෙන් ශීලවොදානය කර ගත යුතුයි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි ශීල, සමාධි, ප්‍රඥා මුඛයෙන් වදාළ විශුද්‍ධිමාර්‍ගයෙහි ශීලය මෙතෙකින් විස්තර කරන ලද්දේ ය.
සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්‍ධිමාර්‍ගයෙහග
ශීලනිර්‍දෙශ නම් ප්‍රථම පරිච්ඡේද යි.