මේ දෙවෙනි මාර්ගඥානයට අනතුරුව යට කී සේ ඵල සිත් දත යුතු යි. මෙතෙකිනුදු මේ තෙමේ ශකෘදාගාමි නම් සිවුවැනි ආර්‍ය්‍ය පුද්ගලයා වේ එක් වඑක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කිරීමට සමර්‍ථ වූයේ වෙයි.
ශකෘදාගාමී ආර්‍ය්‍යයෝ පස් දෙනෙකි.
(1) මේ ලොව ශකෘදාගාමී ඵලයට පැමිණ මෙහිදීම රහත්වැ පිරිනිවෙන්නා යැ.
(2) මෙලොවැ ශකෘදාගාමීවැ දෙව් ලොවදී පිරිනිවෙන්නා යැ.
(3) දෙව්ලොවදී ශකෘදාගාමිවැ දෙව් ලොව ම පිරිනිවෙන්නා යැ.
(4) දෙව් ලොවදී ශකෘදාගාමීවැ මෙලොව පැමිණ පිරිනිවෙන්නා යැ.
(5) මෙහිදී ශකෘදාගාමීවැ දෙව්ලෝ ඉපිද ආයු ඇතිතාක් සිට නැවැතැ මේ මිනිස් ලොවැ ඉපිද පිරිනිවෙන්නා යැ කියා යි. මේ පස් වැනි ආර්‍ය්‍යයා, මෙහි එක් වරක් මේ ලොවට එන්නා යන්නෙන් ගැනේ.
ඒ ඵල සිතට අනතුරුවැ මග - පල - පැහුණු කෙලේස - සෙසු කෙලෙස් - නිවන් ප්‍රත්‍යවේක්‍ෂණ කරන සිත් උපදී.
ඒ ශකෘදාගාමී ඵලස්ථ ආර්‍ය්‍යතෙමේ ඒ ආසනයේ ම හිඳ හෝ, එයට පසුවැ හෝ, කාමරාග - ව්‍යාපාදයන් නිරවශේෂ ප්‍රහාණයෙන් තෘතීය භූමිය වූ අනාගාමි මාර්‍ගයට පැමිණීම පිණිස (විදර්‍ශනා) යෝග කර යි.
ඒ ආර්‍ය්‍ය තෙමේ ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣඞ්ගයන් ඒකාග්‍රතායෙන් එක්රැස් කොට ඒ සංස්කාර ජාතය, අනිත්‍යයැ, දුඃඛ යැ, අනාත්ම යැ යි විදර්‍ශනා ඥානයෙන් පිරිමදී. පරිවර්‍තනය කෙරේ විදර්‍ශනා වීථියට බසී.
මෙසේ පිළිපන් ඒ යෝගීහට යට කී සේ ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණයා ගේ අවසන්හි එක් මනොද්වාරාර්‍වන සිතකින් අනුලෝම - ගෝත්‍රභූ (වොද්‍රන) සිත් උපන් කල්හි වොදානාන්තර වැ අනාගාමි මාර්‍ගය උපදී. මේ මාර්‍ග සම්ප්‍රයුක්ත ඥානය, අනාගාමිමග්ග ඤාණය යි කියනු ලැබේ.
තෘතීය මාර්‍ගඥානය නිමි.