20. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නිර්දේශය

star_outline

ඕභාසාදි දශ උපක්ශෙයන් ගෙන් මිදුණු මේ විදර්‍ශනා ප්‍ර‍ඥාව ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වභාග වූ මාර්‍ගය යි ද, මේ ඕභාසාදි උපක්ලෙශ ආර්‍ය්‍ය මාර්‍ගය නො වේ ය යි ද, මෙසේ මාර්‍ගය ද, අමාර්‍ගය ද පිරිසිඳ දැන සිටි නුවණ මාර්‍ගා‘මාගූඥානදර්‍ශන විශුද්‍ධි නම.

ආරබ්ධ විදර්‍ශකයා හට අවභාෂදිය ඇති කල්හි මාර්‍ග-අමාර්‍ග දැනගන්නා නුවණ සම්භව වන හෙයින් එය සම්පාදනය කරනු කැමැති යෝගාවචරයා විසින් අතීතාදි භෙදභින්න සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත නය විදර්‍ශනාව පිණිස පළමු කොට ක්‍ර‍මයෙන් යොග කටයුතු යි ආරබ්ධ විදර්‍ශකයාහට ඕභාසාදිය සම්භව වූ කල්හි මාර්‍ගාමාර්‍ග ඥානය වේ. විදර්‍ශනාවට ද චක්ඛුදසකාදි කලාප සන්මර්‍ශනය මුල් වේ. එහෙයින් මෙය කඞ්ඛාවිතරණ විසුද්‍ධියට අනතුරු කොට උදෙසන ලදී.

තවද ක්‍ර‍මයෙකි:- තීරණපරිඥාව පවත්නා කලැ මග්ගා මග්ගඤාණය උපදී. තීරණ පරිඥාව ද ඥාත පරිඥාවට අනතුරුවැ උපදී. එහෙයිනුදු ඒ මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන විශුද්‍ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් කලාප සන්මර්‍ශනයෙහි පිළිවෙළින් යොග වැඩිය යුතු යි. මේ ඒ පිළිබඳ විනිශ්චය යි.

අනු මාතෘකා
keyboard_arrow_rightත්‍රිවිධ පරිඥාstar_outline
keyboard_arrow_rightරූප සප්තකයstar_outline
keyboard_arrow_rightඅරූප සප්තකයstar_outline
keyboard_arrow_rightවිදර්‍ශනොපකේලශයෝstar_outline