ශුද්ධ විදර්‍ශනායානිකයා හෝ මේ සමථයානිකයා පෙර චතු ධාතු වවත්‍ථානයේ කී ‘සතබ්ධ ලක්‍ෂණය පෘථිවි ධාතු යැ’ යනාදීන් ඒ ඒ ධාතු පරිග්‍රහ මුඛයන් අතුරින් එක්තරා මුඛයකින් සංක්‍ෂේපයෙන් හෝ විස්තරයෙන් හෝ පෘථිවි ආදි සතර ධාතුන් පරිග්‍රහ කෙරේ.
අනතුරුවැ ඒ යෝගියා හට ඇති සේ (තමා) කෘත්‍ය හා ලක්‍ෂණ වශයෙන් ධාතූන් ප්‍රකට වූ කල්හි පළමු කොට කර්‍මයෙන් හටගත් කේශයෙහි පඨවි ආදි ධාතු සතර ද, වර්‍ණය, ගන්‍ධය, රසය, ඔජාවය, ජීවිතය, කායයප්‍රසාදය යි මෙසේ කාය දශක වශයෙන් රූප දශයක් ද, කර්‍ම සමුත්‍ථාන රූපයෙහි භාව රූපය ඇති හෙයින් ඒ කෙශයෙහි ම භාව දසක වශයෙන් දශකයෙක් ද, ඒ කෙශයෙහි ම ආහාර සමුත්‍ථාන ශුද්ධාෂ්ටකය, සෘතු සමුත්‍ථාන ශුද්ධාෂ්ටකය, චිත්ත සමුත්‍ථාන ශුද්ධාෂ්ටකයදැ යි අන්‍ය වූ සූවිසි (24) රූපයක්දැ යි මෙසේ කර්‍ම-චිත්ත-සෘතු-ආහාර වශයෙන් හටගත් කේශාදි සූවිසි (24) කොටස්හි එකක් පාසා කර්‍මජ රූප විස්ස ය. චිත්ත-සෘතු ආහාරජ සූවිස්සදැ යි රූප සුසාලිස (44) බැගින් (වේය යි මෙසේ දෙතිස් කොටස් අතුරින්) මේ සූවිසි කොටසෙහි එක් දහස් සපනසක් (1056) රූපවේය යි ද දකී.
දෙතිස් කොටසින් ඉතිරි අට කොටස් අතුරින් සෙද-අස්සු-ඛෙල-සිද්‍ධඝාණිකා යන සතරෙහි උතු-චිත්ත සමුඨාන ඕජට්ඨමක රූප දෙක - දෙකදැයි කොටස් සොළස (16) බැගින් රූප සූසැට (64) ක්ද, උදරිය-කරීස-පුබ්බ-මුත්ත යන සතර කොටසෙහි උතුසමුඨාන ශුද්‍ධාෂ්ටකය බැගින් කොටස් දෙතිස (32) ක් දැයි රූප (64+32 = 96) සයානුවෙක් වේ.
මේ පළමු කොට ද්‍වතතිංසාකාරයෙහි කොටස් ක්‍රමය යි. මෙසේ දෙතිස් කොටසෙහි රූප (1056+96=1152ක්) එක් දහස් එකසිය දෙපනසෙක් වේ. මේ දෙතිස් කොටස ප්‍රකට වූ කල්හි අනෙකුදු තෙජො කොටස් සතර ද, වායු කොටස් සයදැ යි දසය ප්‍රකට වේ.
ඒ තේජෝ කොටස් සතර අතුරින් අසිත-පීත-ඛායිත-සායිත ආහාර පැසවන කර්‍මජ තේජෝධාතු කොටසෙහි පිහිටි ඔජට්ඨමක රූපය ද, ජීවිතින්‍ද්‍රියදැ යි නව රූප කෙනෙක් වෙති. එසේම චිත්තජ ආශ්වාස-ප්‍රශ්වාස කොටසෙහි ද, ඔජඨමක රූපය ද, ශබ්දයදැ යි රූප නවයෙක් පහළ වේ. සෙසු තෙජො කොටස් තුනෙහි ද, වායෙ කොටස් පසෙහි දැයි යන අට කොටසෙහි ජීවිත නවක කලාපය හා චිත්ත-සෘතු-ආහාර තුනින් හටගත් ඔජඨමක රූප කලාප තුන - තුනදැ යි තෙතිස් (33) රූපයක් ප්‍රකට වේ.
විස්තර:- තවන - දිරවන - දවන තෙජො කොටස් තුන ද, උද්ධද්‍ධගම වාතය, අධොගම වාතය, කුච්ඡිසය වාතය, කොට්ඨසය වාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, යන මේ වාත කොටස් පසදැ යි (3+5=8) අට තෙජො - වායො ධාතු කොටස් අතරින් එකක් පාසා නව කලාපයක් හා ඔජඨමක තුන-තුන බැගින් ගෙන සූවිස්සෙකැයි (9+24=33) තෙතිස් - තෙතිස් රූප ප්‍රකට වේ. මෙසේ ඒ දස කොටස්හි (18=264=282) දෙසිය අසූ දෙකක් රූපයෝ වෙති.
මෙසේ ඒ යෝගීහට විස්තර වශයෙන් පඨවි කොටස් දෙවිස්ස යැ. ආපො කොටස් දස යැ. තේජෝ කොටස් සතර යැ. වායෝ කොටස් සය දැයි දෙසාලිස් (42) ආකාරයෙන් මේ භූත රූප සතර ද උපාදාය රූප සූවිස්ස ද ප්‍රකට වූ කලැ චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කාය - හදයවත්ථු යන මේ ෂඩ් වස්තු හා චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කායද්‍වාර යන ද්‍වාර පසදැ යි මොවුන් ගේ වශයෙන් චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කාය දසක පස ද හදයවත්ථු දසකයදැ යි අන්‍ය වූ සැට (60) රූප කෙනෙක් ප්‍රකට වෙති.
(මෙහි අවිනර්‍භොග අට යැ, ජීවිතින්‍ද්‍රිය යැ, චක්ඛුප්පසාදයදැ යි මේ චක්ඛු දසකය යි. සෝත දසකාදියෙහි ද, සොතප්පසාදාදිය හා වත්ථුදසකයෙහි හදයවත්ථුව ද විශේෂයි.)
ඒ යෝගී තෙමේ යට කී සියලු රූප රුප්පන ලක්ෂණයෙන් එක්කොට මේ රූපය යි නුවණින් බලයි.
මෙසේ නුවණින් ගන්නා ලද ඒ රූප ඇති ඒ යෝගීහට ද්‍වාර වශයෙන් අරූප ධර්‍ම ප්‍රකට වේ.
ඒ මෙසේ යි:- (1) දෙපස් විඤ්ඤාණ යැ. (සම්පටිච්ඡන ද්‍වයය පඤ්චද්‍වාරාවර්‍ජනය යන) මනොධාතු ත්‍රය යැ. සෙසු අට සැටක් (68) මනොවිඤ්ඤාණ ධාතුදැ යි එක් අසූවක් (81) ලෞකික සිත් වේ.
ඒ එක් අසූ සිත්හි අවිශේෂයෙන් සහජාත ඵස්ස යැ, වේදනා යැ, සඤ්ඤා යැ, චේතනා යැ, ජීවිතින්‍ද්‍රිය යැ, එකග්ගතා යැ, මනසිකාර යැ යන මේ චෛතසික සත ප්‍රකට වේ.
විශේෂ:- ලෝකෝත්තර මාර්‍ග - ඵලසිත් අට ඒ ශුද්ධ විදර්‍ශනායානික වූ හෝ සමථයානික වූ හෝ යොගියාහට පරිග්‍රහ නොවේ. අවබොධ කිරීම් වශයෙන් නො පැමිණි හෙයිනි. ඒ යෝගී තෙමේ ඒ සියලු අරූපි ධර්‍ම නැමෙන ලක්ෂණයෙන් එක් කොට මේ නාමය යි දකී.
මෙසේ එක් යෝගාවචරයෙක් චතුර්‍ධාතු ව්‍යවස්ථාන කිරීම් වශයෙන් විස්තර සේ නාම-රූප දෙක විනිශ්චය කෙරේ.