(1) අවිද්‍යාව - ආලම්බන ස්වභාවය හෝ ධර්‍ම ස්වභාවය නො දැනීම ය, නො දැකීම ය, එහි මුළාවීම ය යනාදි ස්වභාවය වශයෙන් ඒකවිධ යැ.
දුඃඛාදිය නො දැනීම් වශයෙන් හෝ දෘෂ්ටි විප්‍රයුක්ත වශයෙන් හෝ අප්‍රතිපත්තිය අශුභාදියෙහි ශුභාදි වශයෙන් හෝ දෘෂ්ටි සම්ප්‍රයුක්ත වශයෙන් හෝ මිථ්‍යාප්‍රතිපත්තිය යන මොවුන් ගේ වශයෙන් විවිධ යැ.
(සන්නයෙහි- අනුශායාවස්ත මෝහ වශයෙන් අප්‍රතිපත්තිය, පර්‍ය්‍යුස්ථාන - දුශ්චරිතාවස්ථ මෝහ වශයෙන් මිථ්‍යා ප්‍රතිපත්තියයි කීහු.) එසේම සසඞ්ඛාර-අසඞ්ඛාර චිත්තසම්ප්‍රයුක්ත වශයෙන් ද්විධයැ.
සෝමනස්ස-දෝමනස්ස-උපේක්ඛා වේදනා යෝගයෙන් ත්‍රිවිධ යැ.
චතුස්සත්‍යයන් ගේ අප්‍රතිවේධයෙන් චතුර්විධ යැ.
ගතිපඤ්චකයෙහි ආදීනව මුවහ කිරීම් වශයෙන් පඤ්චවිධ යැ.
ෂඩ්ද්‍වාරයෙහි හා ෂඩාලම්බනයෙහි පැවතීම් වශයෙන් ෂඩ්විධයි.
විශේෂ මේ ෂඩ්විධත්වය ප්‍රතීත්‍ය සමුත්පාදයේ කියන ලද සියලු අරූප ධර්‍මයන්හි ලා දතයුතු.
(2) සඞ්ඛාර - සාසව - විපාකධම්මධම්මාදී බැවින් සංස්කාර ඒකවිධ යැ.
(ආදි ශබ්දයෙන් නෙවසෙඛනාසෙඛ-සංයොජනියාදි භාවයෙන් ද සංග්‍රහ වේ.)
කුසල - අකුසල වශයෙන් ද්විධ යැ. එසේම පරිත්ත-මග්ගගත; හීන-මධ්‍යම; මිච්ඡත්ත-සම්මත්ත; නියත-අනියත වශයෙන් ද ද්විවිධ වේ. පුණ්‍යාභිසංස්කාර - අපුණභාභිසංස්කාර - ආනෙඤ්ජාභි සංස්කාර වශයෙන් ත්‍රිවිධ යැ.
චතුර්යෝනියෙහි ඇතුළත් සත්ත්‍වයන් උපදවන බැවින් චතුර්විධ යැ.
පඤ්චගතියට පමුණුවන හෙයින් පඤ්චවිධයි.
(3) විඤ්ඤාණ -ලෞකික විපාකාදි භාවයෙන් ඒකවිධ යැ. (ආදී ශබ්දයෙන් අව්‍යාකෘත, සප්‍රත්‍යය සංස්කෘතාදි භාවය ද ගැනේ.)
සහේතුක-අහේතුකාදි භාවයෙන් ද්‍විවිධයැ. (ආදි ශබ්දයෙන් සංස්කාර අසංස්කාරාදි භේදය ගැනේ.)
භවත්‍රයෙහි ඇතුළත් වීම් වශයෙන් ද, ත්‍රිවිධ වෙදනා සම්ප්‍රයෝගයෙන් ද, අහේතුක-ද්විහේතුක ත්‍රිහේතුක වශයෙන් ද ත්‍රිවිධ වේ.
චතුර්‍යොනියෙහි පැවතීම් වශයෙන් චතුර්විධ යැ.
පඤ්චගතියෙහි පැවතීම් වශයෙන් පඤ්චවිධයි.
(4) නාම-රූප, විඥානයට නිශ්‍රය බැවින් ද, කර්‍ම ප්‍රත්‍යය වන බැවින් ද ඒකවිධ යැ.
අරමුණු ගැනීම් නො ගැනීම් වශයෙන් ද්‍විවිධ යැ.
අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වශයෙන් ත්‍රිවිධ යැ.
චතුර්‍යොනි වශයෙන් චතුර්විධ යැ.
පඤ්චගති වශයෙන් පඤ්චවිධයි.
(5) ෂඩායතන - විඥානයා ගේ හා විඥානසම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ උත්පත්තිය හා ප්‍රවෘත්තිය ස්ථාන වශයෙන් එකවිධ යැ.
සතර මහා භූත ප්‍රසන්න භාවය, විඥානාදිභාවය වශයෙන් ද්‍විවිධ යැ.
(මෙහි ආදි ශබ්දයෙන් බාහාරායතන ද සංග්‍රහ වේ)
සම්ප්‍රාප්ත අසම්ප්‍රාප්ත උභය විමුක්ත වශයෙන් ත්‍රිවිධ යැ.
යෝනි වශයෙන් චතුර්විධ යැ.
ගති වශයෙන් පඤ්චවිධයි.
ඵස්සාදීන්ගේ ද මේ නයින් ම ඒකවිධාදි භාවයෙන් විනිශ්චය දතයුතු.
(6) ඵස්සය-ඵූසන භාවයෙන් හා ලෞකික සාසවාදි භාවයෙන් ඒකවිධ යැ.
පටිඝ සම්ඵස්ස - අධිවචන සම්ඵස්ස භේදයෙන් ද, සහෙතුකාදි භේදයෙන් ද ද්‍විවිධ යැ.
භවත්‍රය පර්‍ය්‍යාපන්න හෙයින් ද, වේදනාත්‍රය සම්ප්‍රයෝග හෙයින් ද,
වේදනාත්‍රය ප්‍රත්‍ය හෙයින් ද, අහේතුක ද්විහේතුක-ත්‍රිහේතුක- හෙයින් ද ත්‍රිවිධ යැ.
යෝනි වශයෙන් චතුර්විධ යැ.
ගති වශයෙන් පඤ්චවිධයි.
(7) වේදනාව - අනුභවන ලක්‍ෂණයෙන් ද, ලෞකික හෙයින් ද, සාසවාදී බැවින් ද ඒකවිධ යැ.
පඤ්චද්වාරික-මනොද්වාරික භෙදයෙන් ද්‍විවිධ යැ.
සුඛාදී හේතුවෙන් ත්‍රිවිධ යැ.
චතුර්විධ-පඤ්චවිධ භේද පෙරසේ මැයි.
ෂඩාලම්බන භේදයෙන් ෂඩ්විධයි.
(8) තෘෂ්ණාව - ලෝක සමුදය භාවයෙන් ඒකවිධ යැ.
දිට්ඨි සම්ප්‍රයුත්ත - විප්පයුත්ත භෙදයෙන් ද්‍විවිධයැ.
කාම - භව - විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධ යැ.
චතුමාර්‍ග ප්‍රභේද හෙයින් චතුර්විධ යැ.
රූපාභිනන්‍දනාදි භාවයෙන් පඤ්චවිධ යැ.
ෂඩ් තෘෂ්ණා කායයන් ගේ වශයෙන් ෂඩ්විධයි.
(9) උපාදාන- දෘඨග්‍රාහ වශයෙන් ඒකවිධ යැ.
තෘෂ්ණා දෘෂ්ටි භේදයෙන් ද්විවිධ යැ.
භවත්‍රයට උපනිශ්‍රය භාවයෙන් ත්‍රිවිධ යැ.
කාමූපාදානාදි භේදයෙන් චතුර්විධ යැ.
පඤ්චගති සංවර්‍තනයෙන් පඤ්චවිධ වේ.
(10) භවය-ලෞකික සාශ්‍රවාදි භාවයෙන් ඒකවිධ යැ.
කර්‍මභව - උත්පත්තිභව භේදයෙන් ද්විවිධ යැ.
කාම-රූප අරූප භව භේදයෙන් ත්‍රිවිධ යැ.
සතර උපාදානයනට ප්‍රත්‍යය භෙදයෙන් චතුර්විධ යැ.
පඤ්චගති සංවර්‍තන භේදයෙන් පඤ්චවිධ යැ.
කාම- කර්‍මභවාදි භේදයෙන් ෂඩ්විධ යැ.
සප්ත විඥනස්ථිති සංග්‍රහයෙන් සප්තවිධ යැ.
චතුරුපාදානකර්‍ම ප්‍රත්‍යය කර්‍ම භවාදී භේදයෙන් අෂ්ටවිධ යැ.
කාම භවාදි භේදයෙන් නවවිධ යි.
(11) ජාතිය ඒ ඒ භවයෙහි ප්‍රථමාභිනිවෘත්ති බැවින් ඒකවිධයැ.
රූප සංඛාරක්ඛන්‍ධ සංග්‍රහයෙන් ද්විවිධ යැ.
භවත්‍රය පර්‍ය්‍යාපන්න හෙයින් ත්‍රිවිධ යැ.
යෝනි වශයෙන් චතුර්විධ යැ.
ගති වශයෙන් පඤ්චවිධයි.
(12) මේ නයින්ම ජරාමරණාදීන්ගේ ද ඒකවිධාභාවය දතයුතුය.