අවිද්‍යාව- නො දැනීම ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. සම්ප්‍රයුක්ත ධර්‍ම හෝ තත්සම්ප්‍රයුක්ත පුද්ගලයා මුළා කිරීම එහි කෘත්‍යය යැ. ආලම්බන ස්වභාව මුවා කිරීම වැටහෙන ආකාරය කොට ඇත්තේ යැ. ආශ්‍රව ආසන්න කාරණ යි. ‘ආසව සමුදයා අවිජ්ජා සමුදයො’[1] යි වදාළ හෙයිනි.
සඞ්ඛාර - සකස් කිරීම ලක්‍ෂණ කොට ඇත්තෝ සඞ්ඛාරයෝ යැ. රැස්කිරීම එහි කෘත්‍යය යැ. චේතනාව වැටහෙන ආකාරය යැ. අවිද්‍යාව ආසන්න කාරණ යි.
විඤ්ඤාණ - අරමුණු දැනීම විඤ්ඤාණයේ ලක්‍ෂණය යැ. නාම රූපයනට පුරෝගාමී වීම එහි කෘත්‍යය යැ. පූර්‍ව භවය හා ගැළපීම වැටහෙන ආකාර යැ. සඞ්ඛා ආසන්න කාරණය යැ. වස්තු ආලම්බන හෝ ආසන්න කාරණයි.
නාම- අරමුණටට නැමෙන ලක්‍ෂණ ඇත්තේ නාමය යැ. සිත හා සමග ද, ඔවුනොවුන් හා සමග ද, සම්ප්‍රයෝග කෘත්‍යය ඇත්තේ යැ. වෙන් වැ නො පැවැත්ම වැටහෙන ආකාරය යැ. විඤ්ඤාණය ආසන්න කාරණයි.
රූප- කුප්පනය (කිපීම) ලක්‍ෂණ කොට ඇත්තේ රූපය යැ. ඒ විසිරීම කෘත්‍යය කොට ඇත්තේ යැ. අව්‍යාකෘත භාවය වැටහෙන ආකාරය යැ. විඤ්ඤාණය ආසන්න කාරණ යි.
සළායතන - ගැළපීම හෝ පැතිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. (ෂඩායතනයට) දර්‍ශනාදීන්ට කරුණු වීම එහි කෘත්‍යය යැ. යථායෝගයෙන් පවිචඤ්ඤාණධාතූන්ට වස්තු- ද්‍වාරභාවයෙන් වැටහෙන්නේ ය. නාම-රූප ආසන්න කාරණයි.
ඵස්ස- අරමුණු ස්පර්‍ශ කිරීම ඵස්සයේ ලක්‍ෂණය යැ ආලම්බන හා ගැටීම කෘත්‍යය යැ. වස්තු-ආලම්බන-විඤ්ඤාණ සංගමය වැටහෙන ආකාරය යැ. ෂඩායතන ආසන්න කාරණ යි.
වේදනා- ආලම්බන රසානුභවන ලක්‍ෂණය ඇත්තී වේදනාව යැ. රූපාදී විෂය රස අනුභවය කෘත්‍යය යැ. සුව-දුක් වැටහෙන ආකාරය යැ. ස්පර්‍ශය ආසන්නකාරණ යි.
තණ්හා- භව දුක්ඛ හේතු භාවය ලක්‍ෂණ කොට ඇත්තී තෘෂ්ණාව යැ. ඒ ඒ ආලම්බන - භූමි - භවාදින්හි ඇලීම කෘත්‍යය යැ. තෘප්තියකට නො පැමිණීම වැටහෙන ආකාරය යැ. වේදනාව ආසන්න කාරණ යි.
උපාදාන- අරමුණ දැඩිව ගන්නා ලක්‍ෂණය ඇත්තේ උපාදානය යැ. තෘෂ්ණා-දෘෂ්ටි-අභිනිවේශ වශයෙන් නොහැරීම එහි කෘත්‍යය යැ. කාමූපදානය තෘෂ්ණා-දෘඪභාවයෙන් හා සෙසු උපාදාන දෘෂ්ටි දෘඪභාවයෙන් වැටහෙන ආකාරය ඇත්තේ ය. තෘෂ්ණාව ආසන්නකාරණ කොට ඇත්තේ ය.
භව- කර්‍ම කර්‍මඵල ලක්‍ෂණය කොට ඇත්තේ භවය යැ. හට ගැන්වීම හා හටගැනීම එහි කෘත්‍යය යැ. කුශල-අකුශල-අව්‍යාකෘත වැටහෙන ආකාරය යැ. උපාදානය ආසන්න කාරණයි.
(ජාති ආදීන්ගේ ලක්‍ෂණාදිය යට සත්‍ය නිර්‍දෙශයේ කී සෙයින් දත යුතුයි.)
-
ම:නි: මූලපණ්ණාසක 57 ↑