6. ‘ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ’ යන්නෙහි
සක් පහස් දුන[1] ඈ - වෙයින් සයෙකි දොර හෙයින්
ඒ සිත් සැපි යුතු බෙයින් - එකුන් අනූවෙකැ යි (89) දතු.
මෙහි “චක්ඛුසම්ඵස්සජා වේදනා සෝත - පෙ - ඝාණ - ජිව්හා - කාය - මනො සම්ඵස්සජාවේදනා”[2] යී ‘චක්ඛු සම්ඵස්සජ - වේදනා ය, සොත - ඝාණ - ජිව්හා - කාය - මනොසම්ඵස්සජා වේදනා යැ’ යි මෙ සේ ද්වාර වශයෙන් වෙදනා සයක් ම කියන ලදී. ඒ වෙදනා සදෙන ප්‍රභෙද වශයෙන් එකුන් අනූවක් (89) චිත්තයන් හා සම්ප්‍රයුක්ත හෙයින් එකුන් අනූ වැදෑරුම්ය යි දන්නා ලදී.
“එ වෙයින් අතුරිනුදු - විවා සිත් හා සැපි යුතු,
දෙතිසක් වෙයින් පෑ - මුනිඳුසඳ මෙහි සිරි වී”
“එහි පස් දොරැ පසට - පස වේ අට අයුරෙකින්,
සෙසුවනට වේ එක් විදි - මුනි දොරැ පළමු කී සේ”
විස්තර:- පඤ්චද්වාරයෙහි චක්‍ෂුඃප්‍රසාදාදීන් වස්තු කොට ඇති පස් වෙදනාවනට චක්ඛුසම්ඵස්සාදි ස්පර්‍ශය - සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - සම්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් අයුරෙකින් ප්‍රත්‍යය වේ.
(“මෙහි සම්ප්‍රත්‍යෙෂණ සම්ප්‍රයුක්ත වේදනාවට චක්‍ෂුස්පර්‍ශාදී වූ පස් දෙන අනන්තරාදි ප්‍රත්‍යය වෙත් නමුදු අනන්තරාදීන් උපනිශ්‍රයෙහි අන්තර්‍ගත වන බැවින් සන්තීරණ තදාලම්බනයට ද සාධාරණ වූ උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් “එකදා පච්චයො හොති” යී කියන ලදැයි දතයුතු” යනු සත්‍යයි.)
මනොද්වාරයෙහි තදාලම්බන වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවනට සහජාත මනෝසම්ඵස්සය පෙර සේම සහජාතාදි අට අයුරින් ප්‍රත්‍යය වේ. පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පැවැති ඒ කාම - රූප - අරූප - ත්‍රෛභූමික විපාක වෙදනාවනට සහජාත මනො සම්ඵස්ස සඞ්ඛ්‍යාත ඒ ඵස්සය ඒ සේ ම අට ආකාරයකින් ප්‍රත්‍යය වේ.
මනොද්‍වාරයෙහි තදාරම්මණ වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවට මනෝද්‍වාරාවර්‍ජන සිතෙහි පැවැති මනො සම්ඵස්සය උපනිශ්‍රය වශයෙන් එක් ආකාරයකින් ම ප්‍රත්‍යය වේ.
මේ ඵස්ස පච්චයා වේදනා යන්නෙහි විස්තර කථාවයි.