අස්ති ප්‍රත්‍යය වන ධර්‍මයෝ ම අවිගත භාවයෙන් උපකාර වන හෙයින් අවිගත ප්‍රත්‍යය නම් වෙති.
විශේෂ:- වෛනෙයාධ්‍යාශය වශයෙන් හා දේශනා විලාශ වශයෙන් මෙසේ වදාළ බව මුත් අස්ති-අවිගත දෙක්හි වෙනසෙක් නැති. අහේතුක දුකය වදාරා හේතු විප්පයුත්ත දුකය වදාළාක් මෙනි. අස්තිත්‍ව සඞ්ඛ්‍යාත ස්වභාවයෙන් උපකාරකත්‍වය අස්ති ප්‍රත්‍යයේ ස්වභාවය යි. පහ නොවීම් සඞ්ඛ්‍යාත නිරෝධයට නො පැමිණීමෙන් උපකාරත්‍වය අවිගත ප්‍රත්‍යයයේ ස්වභාවයයි යනු (ටීකා මතයයි.)
අස්ති -නාස්ති ප්‍රත්‍යය දෙක වදාරා එපමණකින් තෙරුම් ගත නොහැක්කවුනට තේරුම් ගැනීමේ පහසුව සඳහා අවිගත -විගත ප්‍රත්‍යයැ යි අන් අයුරකින් වදාළහ (යනු අටුවා නය යි.)