22. නාස්ති ප්‍ර‍ත්‍යය

තමහට අනතුරුවැ උපදනා අරූපි ධර්‍මයන් ගේ පැවැත්මට අවකාශ දීමෙන් උපකාර වන්නා වූ අනතුරු වැ නිරුද්‍ධ වූ චිත්ත-චෛතසික ධර්‍ම නාස්ති ප්‍ර‍ත්‍යය.

එයින් වදාළහ. “සමනන්තර නිරුද්ධා චිත්ත චෙතසිකා ධම්මා පච්චුප්පන්නානං නං චිත්ත චෙතසිකානං ධම්මානං නත්‍ථි පච්චයෙන පච්චයො”[1] ‘සමනන්තර නිරුද්ධා වූ චිත්ත-චෛතසික ධර්‍ම ප්‍ර‍ත්‍යුත්පන්න වූ චිත්ත-චෛතසිකා ධර්‍මයනට නාස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’ (මෙහි විභාගය හා ප්‍ර‍ත්‍යය ක්‍ර‍ම ද අනන්තර ප්‍ර‍ත්‍යය සේයි.)

  1. ප:ප: පච්චය නිද්දෙස 7