පෙර කී ඒකවස්තුකාදී බවට නො පැමිණීමෙන් රූපී ධර්‍මයනට උපකාර නොවන අරූපී ධර්‍ම ද, අරූපීනට උපකාර නොවන රූපී ධර්‍ම ද විප්‍රයුක්ත ප්‍රත්‍යයෝ යි. මේ වෙන් වෙන් වැ පැවැත්ම යැ.
ඒ විප්‍රයුක්ත ප්‍රත්‍යය ය. (1) සහජාත (2) පච්ඡාජාත (3) පුරෙජාත වශයෙන් ත්‍රිවිධ ය.
(1) “සහජාතා කුසලා ඛන්‍ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො”[1] එකවට උපදනා කුශලස්කන්‍ධ චිත්තසමුත්‍ථාන රූපයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය වේ.
(2) “පච්ඡාජාතා කුසලා ඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො”2 පසුවැ උපන් කුසල ස්කන්‍ධ පළමු උපන් මේ කයට විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
විස්තර:- කුසල් සිත් එක්විස්ස (21) ද, අකුසල සිත් දොළොස (12) ද, ඔවුන් හා සම්ප්‍රයුක්ත චෛතසික ද ඒ හා උපදනා රූපයනට සහජාත විප්‍රයුක්ත වේ.
පසුවැ උපදනා වේදනාදී කුසල ස්කන්‍ධ පඤ්චවොකාර භවයෙහි කර්‍මාදි ප්‍රත්‍යයෙන් උපදනා මේ රූප කායයට පශ්චාජ්ජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
විශේෂ:- නිර්‍වාණය අරූප ධර්‍මයනයට ප්‍රත්‍යය නොවන්නා සේම රූප ධර්‍මයනට ද විප්‍රයුක්ති ප්‍රත්‍යය නො වේ.
තවද සහජාත විප්‍රයුක්ත විභාගයෙහි “පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ඛන්‍ධා කටත්තා රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො” ‘ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත ස්කන්‍ධ කර්‍මජ රූපයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය වේ.’ ස්කන්‍ධ වස්තුවට ද, වස්තු ස්කන්‍ධයනට ද, විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ ය යි වදාරන ලදී.
(3) පුරෙජාන විප්‍රයුක්ත ප්‍රත්‍යය චක්‍ෂුරින්‍ද්‍රියාදි වස්තු වශයෙන් ම දත යුතුයි.
ඒ මෙසේ යි:- “පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස -පෙ- කායායතනං කායවිඤ්ඤාණස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො. වත්‍ථු විපාකාබ්‍යාකතානං ක්‍රියාබ්‍යාකතානං ඛන්‍ධානං -පෙ- වත්‍ථු කුසලානං ඛන්‍ධානං වත්‍ථු අකුසලානං ඛන්‍ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො”[2] පළමු උපන් චක්ඛායතනය චක්‍ෂුවිඥානයට ද -පෙ- කායායතනය කායවිඥානයට ද, පුරෙජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. හෘදය වස්තුව විපාක අව්‍යාකෘත ස්කන්‍ධයනට ද, හෘදය වස්තුව කුශල ස්කන්‍ධයනට ද, හෘදය වස්තුව අකුශල ස්කන්‍ධයනට ද විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මේ පුරෙජාත විප්‍රයුක්ත ය.