11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය

පළමු උපන් රූප ධර්‍මයනට උපස්තම්භක වීමෙන් උපකාර වන්නා වූ අරූප ධර්‍මයෝ පශ්චාජ්ජාතප්‍ර‍ත්‍යයෝ යි. ගිජුළිහිණි පැටවුන් ගේ ශරීරවලට පසු වැ ඇතිවන ආහාර ආසා චේතනාව මෙනි. “මින් මනොසඤ්චේතනාභාර වශයෙන් පවත්නා අරූප ධර්‍මයන්ගෙන් රූප කායයට උපස්තම්භක බව දැක්වී” (මේ ටීකා වචන යි.)

පච්ඡාජාතා චිත්ත චෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉසම්ම කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො[1] පසුවැ උපන් චිත්ත චෛතසික ධර්‍ම පළමු උපන් මේ රූප කායයට පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. (රූප ධර්‍ම හා ආරුප්ප විපාක සතර ද හැර සෙසු චිත්ත චෛතසික ධර්‍මයෝ පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය යි.)

  1. ප:ප: පච්චය නිද්දෙස 5