හේතුව හා සම්බන්‍ධ පැවැතුම් හෙයින් තමා (හේතුව) ඵලය විසින් ආශ්‍රිත වූයේ (ප්‍රතික්‍ෂේප නොකරන ලද්දේ) නිශ්‍රය නමි. බලසම්පන්න වූ නිශ්‍රය උපනිශ්‍රය යැ. බලවත් ආයාසය උපායාසය මෙනි. එහෙයින් බලවත් කාරණ භාවෙන් උපාකාරක ධර්‍මය උපනිශ්‍රය ප්‍රත්‍යය යැ.
එය
(1) ආලම්බනොපනිශ්‍රය යැ.
(2) අනන්තරොපනිශ්‍රය යැ.
(3) ප්‍රකෘතොපනිශ්‍රය යැ ත්‍රිවිධ වේ.
(1) “දානං දත්‍වා සීලං සමාදියිත්‍වා - තං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”[1] දන් දී, සිල් සමාදන් වැ ඒ ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ.
“පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 ‘පෙර තමා පුරුදු කළ යහපත් ධර්‍ම ගරු කොට අරමුණු කෙරේ.’
“ඣානා වුට්ඨාය ඣානං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 ‘ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ.
“සෙක්ඛා ගොත්‍රභූං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 සෝතාපන්නයෝ (ඒ මාර්‍ගයට) ගෝත්‍රභූ සිත ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙති.’
“වොදානං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 සකදාගාමි අනාගාමීහු වොදානය ගරු කොට මෙනෙහි කෙරෙති.’
“සෙක්ඛාග්ග වුට්ඨහිත්‍වා මග්ගං ගරුං කවො පච්චවෙක්ඛති” ‘සෝතාපන්නාදීහු මාර්‍ගයෙන් නැගී ඒ මාර්‍ගය ගුරු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරත්’ මේ ආදී ක්‍රමයෙන් ආලම්බනෝපනිශ්‍රය ආලම්බනාධිපතිය හා නො වෙනස් වැ බෙදන ලදී.
යම් අරමුණක් ගරු කොට චිත්ත-චෛතසික ධර්‍ම උපදී නම් ඒ ආලම්බනය (නියමෙන්) ඒ චිත්ත - චෛතසික ධර්‍මයනට ආලම්බනන් අතුරින් බලවත් ආම්බනය වේ. මෙසේ ගරු කොට ගැනීමෙන් එය ආලම්බනාධිපති ප්‍රත්‍යය ද වේ.
බලවත් වූ හේතුභාවයෙන් ආලම්බනොපනිශ්‍රය වේ. මේ විශේෂයෙ යි.
(2) බලවත් සේ අනන්තර වීම අනන්තරරොපනිශ්‍රය යැ. භෙද අනන්තර ප්‍රත්‍යය මෙනි.
“පුරිමා පුරිමා කුසලා ඛන්‍ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්‍ධානං උපනිස්සයපච්චයෙන පච්චයො”[2] ‘පූර්‍ව-පූර්‍ව කුශල ස්කන්‍ධ පසු වැ පසු වැ උපදනා කුශල ස්කන්‍ධයනට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ’ යනාදි ක්‍රමයෙන් අනන්තර ප්‍රත්‍යය හා අවිශේෂයෙන් බෙදන ලදී.
විශේෂ:- මාතිකා නිකේඛපයෙහි “චක්ඛු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකා නං ච ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො”[3] ‘චක්ඛුවිඤ්ඤාණ ධාතුව තත් සම්ප්‍රයුක්ත ධර්‍ම ද, මනො ධාතුවට හා තත් සම්ප්‍රයුක්ත ධර්‍මයනට ද අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ.’ යනාදී ක්‍රමයෙන් අනන්තර ප්‍රත්‍යයට ද.
“පුරිමා - පෙ- උපනිස්සයපච්චයෙන පච්චයො” යි (අර්‍ථ පෙර කී සේ යි.) යනාදීන් උපනිශ්‍රය ප්‍රත්‍යයට ද ආ හෙයින් නික්‍ෂපයෙහි විශේෂ ඇති පූර්‍ව නය අව්‍යාකෘත ධර්‍ම වශයෙන් ද, දෙවන නය කුශලාදී වශයෙන් ද, ප්‍රවෘත්ත හෙයින් ද නික්‍ෂේපයෙහි විශේෂය ඇති. ඒ නික්‍ෂේප විශේෂය ද අර්‍ථ වශයෙන් ඒකී භාවයට යේ. එසේ ඇති කල්හුදි තම තමාට අනතුරුවැ සුදුසු චිතේතාත්පාදයක් ඉපදීමෙහි සමර්‍ථ බැවින් අනන්තර ප්‍රත්‍යය බව ද, පූර්‍ව චිතේතාත්පාදනය පශ්චිම - පශ්චිම චිතේතාත්පාදයට බලවත් වන හෙයින්ද අනන්තරොපනිශ්‍රය බව ද දතයුතු.
විශේෂ:- හේතු ප්‍රත්‍යාදිය අතුරින් යම් යම් ප්‍රත්‍යය නැතිවැ ද සිත් උපදී.
එහෙත් අනතුරු සිතක් නැති වැ සිත් නූපදනා හෙයින් ඒ බලවත් ප්‍රත්‍යය යැ. මෙසේ ඒ ඒ සිතට අනතුරුවැ සුදුසු සිත් ඉපදීම් වශයෙන් අනන්තර ප්‍රත්‍ය ද, බලවත් උපකාර වශයෙන් අනන්තරරොපනිශ්‍රයය ද දත යුතු.
(3) ප්‍රකෘතොපනිශ්‍රය, (ප්‍රකෘත උපනිශ්‍රය = ප්‍රකෘතොපනිශ්‍රය) මෙහි ප්‍රකෘත නම් - තමා සතන්හි නිපදවන ලද ශ්‍රධා ශීලාදිය හෝ උපභෝග කරන ලද භෝජන - සෘතු ආදිය යි.
ප්‍රකෘතියෙන් (ප්‍රත්‍යායාන්තර රහිත බැවින්) හෝ බලවත් උපනිශ්‍රයම ප්‍රකෘතොපනිශ්‍රය යි. ආරම්මණ - අනන්තරයන් හා මිශ්‍ර නො වූ යේ ප්‍රකෘතොපනිශ්‍රය යැ යන අර්‍ථය යි “ශ්‍රද්ධාව (මෙලොව පරලොව සැප ලැබේ. යන ඇදහීම) නිසා ශ්‍රද්ධාව උපනිශ්‍රය කොට දන්දේ; සිල් රකී; සමාපත්ති උපදවයි. සීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍රඥා නිසා දන්දේ; පෙහෙවස් රකී; ධ්‍යාන - විදර්‍ශනා -මාර්‍ග අභිඥා-සමාපත්ති උපදව යි. ශ්‍රද්‍ධා- ශීල ශ්‍රැත- ත්‍යාග-ප්‍රඥාවෝ, ශ්‍රද්‍ධා- ශීල-ශ්‍රැත-ත්‍යාග ප්‍රඥාවනට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.”[4] යයි යනාදි ක්‍රමයෙන් අනේක ප්‍රකාරයන් ප්‍රභේද දත යුතු මෙසේ මේ ශ්‍රද්ධාදිය ප්‍රකෘතොපනිශ්‍රය නමි.