3 අධිපති ප්‍ර‍ත්‍යය

තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ඊශ්වරත්‍වයෙන් උපකාරක ධර්‍ම අධිපති ප්‍ර‍ත්‍යය යැ (තමා රිසි සේ යෙදවීම යැ මෙහි අධිපති ප්‍ර‍ත්‍යය නම්) ඒ (1) සහජාතිධිපති (2) ආලම්බනාධිපති වශයෙන් ද්විවිධ යැ.

(1) ජන්‍දාධිපති ඡන්‍දසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයෙන පච්චයො”[1] ඔවුනතුරින් ඡන්දාධිපති තෙමේ ඡන්දය හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට හා තත් සමුට්ඨාන රූපයන්ට ද අධිපති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

ඡන්‍දවතො කිං නාම න සිජ්ඣති” ‘ඡන්‍දය ඇත්තාහට කිමෙක් නම් සිද්‍ධ නො වේ දැ’ යි පූර්‍ව අහිසංස්කාරයන් ගේ උපනිශ්‍ර‍ය ලැබ උපදනා විතේතාත්පාදයෙහි ඡන්‍දාදීහු පුරෝගාමි වැ ජ්‍යෙෂ්ඨ සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් තමන් වශයෙහි පවත්වති. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ ද ඒ ඡන්‍දාදීන් ගේ වශයෙහි පවත්නාහු හීනාදි භාවයෙන් ඒවාට අනුවර්‍තක වෙමින් පවතිත්.

මෙසේ ඡන්‍ද - චිත්ත - විරිය - විමංසා යන ධර්‍ම සතර ප්‍ර‍ත්‍යය යි දතයුතු.

විශේෂ:- එවකට බොහෝ දෙන අධිපති නො වන බැවින් සතර එක් වැ අධිපති ප්‍ර‍ත්‍යය නො වේ.

(හේතු දෙක තුනක් එකවිට හේතු ප්‍ර‍ත්‍යය වනහෙයින් “හෙතු හෙතු සම්පයුත්තකානං යි කීවා සේ අධිපති අධිපති සම්පයුත්තකානං” යි නො කියා “ඡන්‍දාධිපති ඡන්‍දසම්පයුත්ත කානං” යි කීයේ එක් වරෙකැ එකක් ම අධිපති වන හෙයිනි.

යම් කලෙක ඡන්‍දය ධූර කොට ඒ ඡන්‍දය ජ්‍යෙෂ්ඨ කොට චිත්තය පවතී නම් එකල ඡන්‍දය ම අධිපති වෙයි සෙස්සෝ අධිපති නොවෙති. සෙසු චිත්තාදීන් විෂයෙහි ද මෙසේ මැ යි.

(2) ආරම්මණාධිපති - යම් ධර්‍මයක් ගරුකොට අරූප ධර්‍මයෝ පවතිත් නම් ඒ ගරු කළ ධර්‍මය ඔවුන්ට ආලම්බනාධිපති ප්‍ර‍ත්‍යය වේ.

එයින් වදාළහ. “යං යං ධම්මං ගරුං කත්‍වා යෙ - යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා. තෙ -තෙ ධම්මා තෙසං- තෙසං ධම්මානං අධිපති පච්චයෙන පච්චයො”1 යම් යම් ආලම්බන ධර්‍මයක් ගරුකොට චිත්ත චෛතසික යම් යම් ධර්‍ම කෙනෙක් උපදිත් නම් ඒ ඒ ගරු කොට ගන්නා ලද ධර්‍ම ඒ ඒ ගරු කරන ධර්‍මයනට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.

  1. ප:ප: පච්චය නිද්දෙස 2