අව්‍යාකෘත අතුරින් විපාක අව්‍යාකෘත පළමුවැවේ. අහේතුක - සහේතුක - භේදයෙන් ඒ දෙ පරිදි වේ. ඔවුනතුරින් අහේතුක විපාකවිඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූයේ අහේතුක සංස්කාර යැ. ඔවුනතුරිනිදු කුසල-අකුසල-විපාක චක්ඛු විඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත වූවෝ පළමුවැ කියනු ලැබෙති.
එහි ඵස්ස-චේතනා-ජීවිත-චිත්තට්ඨිති යැයි ස්වරූපයෙන් ආ සතර යැ යේවාපනක වශයෙන් ආ මනසිකාර යැයි මෙසේ පසෙ (5) කි. සොත-ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණයෙන් හා සම්ප්‍රයුක්ත වූවෝ ද මොහුමැයි. විපාක මනෝධාතු (සම්පටිච්ඡන) සිත් දෙකෙහි මොවුන් හා, විතක්ක-විචාර-අධිමොක්ඛ තුනදැයි අටෙක් (8) වෙයි. ත්‍රිවිධ අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු - (සන්තීරණ)න්හි ද එසේමැයි. ඉන් සෝමනස්ස සහගත මනෝවිඤ්ඤාණ ධාතුවෙහි ඔවුන් හා ප්‍රීතිය අධිකයැයි දතයුතු.
සහේතුක විපාක විඤ්ඤාණ හා සම්ප්‍රයුක්ත වූවෝ සහේතුක යෝයි. ඔවුනතුරින් සහේතුක විපාක විඤ්ඤාණ අට හා සම්ප්‍රයුක්ත වූවෝ වනාහි කාමාවචර කුසල් අට හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරයන් හා සමාන මැයි.
වෙනස :- අනියතයන් අතුරින් කරුණා-මුදිතා දෙක සත්ත්‍වාලම්බන හෙයින් විපාකයන් හා නො යෙදේ.
කාමාවචර විපාකයෝ වනාහි හුදෙක් පරිත්තාලම්බනයෝයි. කරුණා-මුදිතා පමණක් නොව, විරතීහුද විපාකයන්හි නැති. (පඤ්ච ශික්‍ෂාපද කුසල් ම යැයි වදාළේ එහෙයිනි.)
රූපාවචර - අරූපාවචර ලෝකෝත්තර - විපාක විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූවෝ, ඔවුන් ගේ කුසලවිඤ්ඤාණ සම්ප්‍රයුක්ත සංස්කාර හා සමානයෝ මැයි.
ක්‍රියා අව්‍යාකෘතද, අහේතුක-සහේතුක භේදයෙන් ද්විවිධ යැ. ඉන් අහේතුක ක්‍රියා විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූවෝ අහේතුකයෝයි. ඔහුද, කුසල විපාක මනෙව්ධාතු, (සම්පටිච්ඡන) අහේතුකමනෝවිඤ්ඤාණ ධාතු (සන්තීරණ) ද්වය හා යුක්තවූවන් හා සමාන යැ. ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතු (මනොද්වාරාවජ්ජන හසිතුප්පාද) දෙකෙහි වීර්‍ය්‍යය අධික යැ. වීර්‍ය්‍යය යුක්ත හෙයින් බලවත් බවට පැමිණියේ සමාධිය වේ. මේයැ මෙහි වෙනස.
සහේතුක ක්‍රියා විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූ සංස්කාරයෝ සහේතුකයෝ යි. ඔවුනතුරින් අට වැදෑරුම් ක්‍රිය විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූවෝ, විරති තුන හැර අට කාමාවචර කුශල සම්ප්‍රයුක්ත වූ කුශල සංස්කාරයන් හා සමානයෝයි.
රූපාවචර - අරූපාවචර ක්‍රියා සම්ප්‍රයුක්ත වූවෝ වනාහි, සර්‍වප්‍රකාරයෙන් ඔවුන්ගේ කුශල විඥාන සම්ප්‍රයුක්ත වූවන් හා සමානය හ, යි මෙසේ අව්‍යාකෘත සංස්කාරය ද දතයුතු.
මේ සංස්කාරස්කන්‍ධයෙහි විස්තර කථාවයි.
මේ අභිධර්‍මභාජනියෙහි ආසේ ය.
භාග්‍යවතුන් වහන්සේ, “යංකිඤ්චිරූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තංවා, බහිද්ධාවා, ඔළාරිකංවා, සුඛුමංවා, හීනංවා, පණිතංවා, යංදූරෙ, සන්තිකෙවා, තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්‍වා අභිසඞ්ඛිපිත්‍වා අයංවුච්චති රූපක්ඛන්‍ධො.[1] යාකාචි වෙදනා[2] යාකාචි සඤ්ඤා[3] යංකිඤ්චි විඤ්ඤාණං, අතීතානාගත පච්චුප්පන්නං -පෙ- අභිසඞ්ඛිපිත්‍වා අයංවුච්චති විඤ්ඤාණක්ඛන්‍ධො”[4] යි.
‘අනාදිමත් අතීත භවයෙහි පැවැත්තාවූ ද, අනාගතයෙහි ඇතිවන්නා වූ ද, දැන් පවත්නා ආත්ම භවයෙහිවූ ද, තමා අභ්‍යන්තරයෙහි වූ ද, ඉන් පිටත් පරසන්තානයෙහි පවත්නාවූ ද, ඕලාරිකවූ ද, සූක්‍ෂ්මවූ ද, ලාමක වූ ද, ප්‍රණීත වූ ද, දුර පිහිටියා වූ ද, ළඟ පිහිටියා වූ ද, යම් රූපයෙක් වේ නම් ඒ සියලුම එකොළොස් වැදෑරුම් රූපය එක්රැස් කොට (එක් සංක්‍ෂෙපයක් කොට) මේ රූපස්කන්ධය යි කියනු ලැබේ. මේ ක්‍රමයෙන් ‘අතීතාදි යම්කිසි වේදනාවෙක් වේ ද, යම්කිසි සංඥාවෙක් - යම්කිසි සංස්කාරයෙක් යම්කිසි විඥානයෙක් වේද, අතීතවූ ද, අනාගත වූ ද, ප්‍රත්‍යුත්පන්න වූ ද, ඒ සියල්ල එක්කොට -පෙ- විඥානස්කන්ධය යි කියනු ලැබේ යයි’ මෙසේ විස්තර කළ සේක.
ඒ විභඞ්ග පාඨයෙහි,
‘යංකිඤ්චි’ යනු නිරවශේෂ වශයෙන් ගැනීම සඳහා යි. රූපං යනු රූපය හැර අන්‍ය අර්‍ථයක පැමිණීම වැළැක්වීම සඳහා යි.
මේ පද දෙකින් අටවිසි (28) රූපයාගේම අවිශේෂයෙන් ගැන්ම වේ. නැවත ඒ රූපයා ගේ විභාගය ආරම්භ කෙරෙති.
එහි ඇතැම් රූප කෙනෙක් අතීතය හ. ඇතැම් රූප කෙනෙක් අනාගතාදි භේදයහයි කියායි. වේදනාදියෙහි ද මේ ක්‍රමය මැයි.
එහි රූපය අධ්ව අතීතය, සන්තති අතීතය, සමය අතීතය, ක්‍ෂණ අතීතය යි මොවුන් ගේ වශයෙන් සිව්වැදෑරුම් වේ.
අනාගත - පච්චුප්පන්න රූප ද එසේම සතර - සතර ආකාරයි.
එහි අධ්ව වශයෙන් නම් එක් එක් සත්ත්‍වයකු ගේ එක් භවයෙක්හි ප්‍රතිසන්ධියෙන් පූර්‍වභාගයෙහි අතීත යි. චුතියෙන් මත්තෙහි අනාගතයි. ඒ දෙක අතරැ පච්චුප්පන්නයි.
සන්තති වශයෙන් (පූර්‍ව-පශ්චිම පරම්පරා වශයෙන් ශීත වශයෙන් හෝ, උෂ්ණ වශයෙන් සභාග වූයේ සභාග සෘතුවයි.) ඒ සභාග (එක මැ) සෘතුවෙක්හි හටගත් රූපය ද, එකමැ අහාරයෙන් සමුට්ඨාන රූපය ද, පූර්‍වාපරිය වශයෙන් පවත්නේ ද, පච්චුප්පන්නයි. ඉන් පෙර විසභාග සෘතු ආහාර සමුට්ඨාන වූයේ අතීතයි. ඉන්පසුව වූයේ අනාගත යි.
චිත්තජය ද, එකමැ වීථියෙහි හෝ, එකමැ ජවනයෙහි හෝ, එක මැ සමාපත්තියෙහි හෝ හටගත්තේ පච්චුප්පන්නයි. ඉන් පෙර හටගත්තේ අතීතයි. ඉන්පසුවැ හටගන්නේ අනාගතයි.
කම්මසමුට්ඨාන රූපයා ගේ වෙනම පරම්පරා වශයෙන් අතීතාදි භේදයෙක් නැත්තේ ය.
ඒ සෘතු-ආහාර-සමුට්ඨානයන්ගේ ද, චිත්ත සමුට්ඨාන රූපයන්ගේ ද උපස්ථම්භක වශයෙන් කම්මසමුට්ඨාන රූපයා ගේ අතීතාදි භාවය දතයුතු යැ.
සමය වශයෙන් වනාහි එකම මොහොතය, පූර්‍වාහ්නය, අපරාග්නිය, රාත්‍රියය, දවාලය යනාදි කාලය්නහි පරම්පරා වශයෙන් පවත්නා ඒ එ සමයය පච්චුප්පන්න නම් වේ.
ඉන් පෙර අතීතයැ පසුව අනාගතයි.
ක්‍ෂණ වශයෙන් උත්පාදාදි ක්‍ෂණ ත්‍රයයට ඇතුළත් වූයේ ඛණපච්චුප්පන්න නම. ඉන් පෙරැ අතීතයැ. පසුව අනාගතයි.
තවද අතික්‍රාන්ත හේතු කෘත්‍යය හා ප්‍රත්‍යය කෘත්‍යය ඇත්තේ අතීත යැ. නිම වූ හේතු කෘත්‍යය හා, නො නිමි ප්‍රත්‍යය කෘත්‍යය ඇත්තේ පච්චුප්පන්න යැ. හේතු ප්‍රත්‍යය කෘත්‍යය දෙකම නො පැමිණියේ අනාගතයි. නොහොත් ස්වකීය කෘතක්‍ෂණයෙහි වූයේ පච්චුප්පන්න යැ. ඉන් පූර්‍වයෙහි අතීත යැ. පසුව වූයේ අනාගතයි. මේ අතීතක්‍රිකයෙහි ක්‍ෂණ කථාව නිෂ්පර්‍ය්‍යාය යැ. (ප්‍රධාන යැ.) මොවුන් කෙරෙන් අන්‍ය වූ අද්ධාසන්තති ආදි කථාව පර්‍ය්‍යාය යැ. (අප්‍රධාන යැ)
අධ්‍යාත්ම - බාහිර භේදය යට කී ක්‍රමය මැයි. මෙහි වූ කලී ස්වසන්තානය ම අධ්‍යාත්මය, පරසන්තානය, බහිද්ධාය යි දතයුතු.
ඕළාරික - සුඛුම භේදය කී ක්‍රමය මැයි.
හීන-ප්‍රණීත භේදය, පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් විවිධ යැ. එහි අකනිට්ඨකයන් ගේ රූපයට වඩා සුදස්සීන් ගේ රූපය, හීනය. ඒ සුදුස්සන් ගේ රූපයට වඩා ප්‍රණීත යැ. මෙසේ යම්තාක් තිරිසනුන් ගේ රූපය තෙක් පර්‍ය්‍යාය වශයෙන් හීනප්‍රණීත බව දතයුතු.
නිෂ්පර්‍ය්‍යාය වශයෙන් වනාහි යම් තැනෙක අකුශල විපාකය උපදී නම් එය හින යැ. යම් තැනෙක කුශල විපාකය උපදී නම් එය ප්‍රණීත යි. දුරෙ-සන්තිකෙ, යනු ද කී පරිදිම ය.
එතෙකුත් වුත් අවකාශ වශයෙන් ඒ ඒ කාරණයෙන් ගෙන මෙහි දුර-සන්තික භාවය දත යුතුය. ශ්‍රවණූපචාරය වූ දොළොස් (12) රියනක් ඇතුළත වූවහු ගේ රූපය සන්තිකෙ රූපය ඉන් බැහැර වූයේ දූරෙ රූපය යනාදි විසිනි.
තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්‍වා අභිසඞ්ඛිපිත්‍වා - ඒ අතීතාදි භේදයෙන් වෙන වෙනම දැක්වූ රූපය රූප්පන ලක්ඛණ සඞ්ඛ්‍යාත ඒකවිධ භාවයෙන් ප්‍රඥාවෙන් රැස්කොට සංක්‍ෂේපකොට ද රූපස්කන්ධය යි කියනු ලැබේ, යනු අර්‍ථයි. මින් සියලු රූපය රුප්පන ලක්‍ෂණයෙහි පිඩුවීමට පැමිණීමෙන් රූපස්කන්ධය යි දක්වන ලදි. ‘රූපයෙන් බැහැර රූපස්කන්ධයක් නැතැ යි’ මින් දැක්වූයේ වෙයි. රූපයමෙන් වේදනාදියද, වේදයිත ලක්‍ෂණාදීන්හි රාසිභාවයට යෑමෙන් වේදනාස්කන්‍ධාදීහු වෙති. වේදනාදියෙන් බැහැර, වේදනාස්කන්‍ධාදියෙක් කැලම නැති.
අතීතාදි විභාගයෙහි ලා (මෙහි ද) සන්තති ඛණාදීන් ගේ වශයෙන් වේදනාවන්ගේ ද, අතීතානාගත පච්චුප්පන්න භාවය දතයුතු යි.
එහි සන්තති වශයෙන් එක මැ වීථියෙහි ද, එකම ජවනයෙහි ද, එකමැ සමාපත්තියෙහි ද, ඇතුළත් වූයේ ද, එකම විෂයයෙහි යෙදීමෙන් පැවැත්තේ පච්චුප්පන්න යැ. ඉන් පෙර වූයේ අතීතය, පසුව වූයේ අනාගතයි.
අධ්‍යාත්ම බාහිර භේදය නියකජ්ඣත්ත වශයෙන් දතයුතු ය.
ඔළාරික - සුඛුම භේදය :- ‘අකුශල වේදනාව ඖදාරික යැ. කුශල-අව්‍යාකෘත වේදනාව සුඛුම යැ.’[5] යනාදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි කීසේ, ජාති-ස්වභාව-පුද්ගල - ලෞකික - ලෝකෝත්තර වශයෙන් දත යුතු ය.
ජාති වශයෙන් :- අකුශල වේදනාව ප්‍රාණඝාතාදි සාවද්‍ය ක්‍රියාවනට හේතුවන බැවින් හා, ක්ලේශ වශයෙන් ද වන හෙයින් නොසන්සුන් පැවැතුම් ඇත්නුයි කුශල වේදනාවට වඩා ඖදාරික යැ. කායකර්‍මාදි ව්‍යාපාර සහිත බැවින් ද, උත්සාහ සහිත බැවින් ද, විපාක සහිත බැවින් ද, ක්ලේශ සන්ත්‍රාස ඇති බැවින් ද, වරද සහිත බැවින් ද, විපාක අව්‍යාකෘතයනට වඩා අකුශල වේදනාව ඖදාරිකයැ. විපාක සහිත බැවින් ද, ක්ලේශ සන්තාපයෙන් තැවෙන හෙයින් ද, දුක් සහිත බැවින් ද, සාවද්‍ය බැවින් ද, ක්‍රියා අව්‍යාකෘථයනට වඩා ඖදාරික යි.
කුශල වේදනා හා අව්‍යාකෘත වේදනාවෝ, කියන ලද ක්‍රමයට විපරීත වශයෙන් අකුශල වේදනාවට වඩා සියුම් වෙති. කුශල-අකුශල වේදනා දෙකම ව්‍යාපාර සහිත බැවින් ද, උත්සාහ සහිත බැවින් ද, විපාක සහිත බැවින්දැයි යෙදෙන යෙදෙන පරිද්දෙන් විපාක-ක්‍රියා වශයෙන් ද්විප්‍රකාර වූ අව්‍යාකෘත වේදනාවට වඩා ඖදාරික යැ.
කියන ලද ක්‍රමයට විපරීත වශයෙන් දෙවැදෑරුම් වූ ද, අව්‍යාකෘත වේදනාව කුශලාකුශල වේදනාවට වඩා සියුම් යැ.
මෙසේ පළමුව ජාති වශයෙන් ඖදාරික - සූක්‍ෂ්ම භාවය දත යුතු ය.
තවද, ස්වභාව ලක්‍ෂණ වශයෙන් දුක්ඛවේදනාව, ආස්වාද කටයුතු ස්වභාවයක් නැති හෙයින් ද, ආස්වාදනය කටයුතු සැපත ප්‍රහාණය කිරීම් වශයෙන් චඤ්චල වීම් සහිත බැවින් ද, කළඹන හෙයින් ද, කලකිරීම් සහිත බැවින් ද, මැඩ පවත්වන හෙයින් ද, සුඛ-උපෙක්ඛා වේදනාවනට වඩා ඖදාරික යැ. ඒ දුඃඛ වේදනාවෙන් අන්‍ය වූ සුඛ-උපෙක්ඛා වේදනාවනට වඩා ඖදාරික යැ. ඒ දුඃඛ වේදනාවෙන් අන්‍ය වූ සුඛ-උපෙක්ඛා වේදනාවෝ මිහිරි බැවින් ද, සන්හුන් බැවින් ද, ප්‍රණීත බැවින් ද මන වඩන හෙයින් ද, මධ්‍යස්ථ බැවින් ද, සුදුසු පරිද්දෙන් දුක් වේදනාවට වඩා සූක්ෂම වන්නාහ.
සුඛ-දුඃඛ වේදනා දෙක වනාහි පැතිරීම් සහිත බැවින් ද, කැළඹීම් කරන හෙයින් ද, ප්‍රකට බැවින් ද, උපේක්‍ෂා වේදනාවට වඩා ඖදාරික යැ. ඒ අදුඃඛමසුඛ් වේදනාව කියන ලද ක්‍රමයට විපරීත වශයෙන් ඒ සුඛ-දුඃඛ වේදනාවන්ට වඩා සූක්ෂම යැ. මෙසේ ස්වභාව වශයෙන් ඖදාරික බව හා සූක්‍ෂ්ම බව දතයුතු යැ.
පුද්ගලයන් ගේ වශයෙන් :- සමාපත්තිය නො සමවන්නහු ගේ වේදනාව සමවන්නහු ගේ වේදනාවට වඩා ඖදාරික යැ. (නොයෙක් අරමුණෙහි වික්‍ෂිප්තව පවත්නා හෙයිනි.) එයට විපරීත හෙයින් නො සමවන්නහු ගේ වේදනාවට වඩා සමවන්නහුගේ වේදනාව සූක්‍ෂ්ම යැ. මෙසේ පුද්ගල වශයෙන් ඖදාරික සූක්‍ෂ්ම භාවය දත යුතු යැ. මෙයින් මැ භූමි වශයෙන් ද ඖදාරික සූක්‍ෂ්ම භාවය ගැනේ. සමවන්-නොසමවන්හු ගේ ගැනීමෙනි.
ලෞකික - ලෝකෝත්තර වශයෙන් වනාහි, ආශ්‍රවයනට අරමුණු වන්නාවූ වේදනාව ලෞකික යි. එය ආශ්‍රව ඉපදීමට හේතු බැවින් ද, ඕඝයනට අරමුණු වන බැවින් ද, යෝගයනට අරමුණු වන බැවින් ද, ග්‍රන්‍ථයනට ආලම්බන වන හෙයින් ද, නීවරණයනට ආලම්බන වන හෙයින් ද, උපාදානයනට ආලම්බන වන හෙයින් ද, ක්ලේශධර්‍මයන් ගේ උත්පත්තියට සුදුසු වන හෙයින් ද, පෘථග්ජනයනට සාධාරණ හෙයින් ද, අනාසව වේදනාවට වඩා ඖදාරික යි. (අනාසව නම් ලෝකෝත්තර යැ.) ඒ අනාශ්‍රව වේදනාව ඊට විපර්‍ය්‍යාශ හෙයින් සූක්‍ෂ්ම වේ. මෙහි ජාති ආදීන් ගේ වශයෙන් මිශ්‍ර බව දුරුකළ යුතු යැ.
කවරහෙයින්ද යත් :- අකුසල විපාක කායවිඤ්ඤාණය හා සම්ප්‍රයුක්ත වේදනාව අව්‍යාකෘත වන බැවින් ජාති වශයෙන් සූක්‍ෂ්ම වුව ද, ස්වභාවාදි වශයෙන් ඖදාරික වන හෙයිනි.
එයින් වදාළහ. “අඛ්‍යාකතා වෙදනා සුඛුමා, දුක්ඛ වෙදනා ඔළාරිකා, - අසමාපන්තස්ස වෙදනා ඔළාරිකා සමාපත්තස්ස වෙදනා සුඛුමා, අනාසවා වෙදනා සුඛුමා, සාසවා වෙදනා ඔළාරිකා”[6] යි.
‘අව්‍යාකෘත වේදනාව සූක්‍ෂ්ම යැ. දුක්ඛ වේදනාව ඖදාරික යැ. අසමාපන්නහු ගේ වේදනාව ඖදාරික යැ. ධ්‍යානයට සමවන්නහු ගේ වේදනාව සූක්‍ෂ්ම යැ. අනාශ්‍රව වේදනාව සූක්‍ෂ්ම යැ. ආශ්‍රව සහිත වේදනාව ඖදාරික යි’ මෙසේමැ (දුඃඛ වේදනාව මෙන්) සුඛ වේදනාදියද ජාති වශයෙන් ඖදාරික යි. ස්වභාවාදීන් ගේ වශයෙන් සූක්‍ෂ්ම යි. එහෙයින් යම් යම් ආකාරයෙකින් ජාති ආදි වශයෙන් වේදනාව මිශ්‍ර නොවේ නම් ඒ ඒ ආකාරයෙන් වේදනා ඖදාරික සූක්‍ෂ්ම භේදය දතයුතුයි.
ඒ මෙසේයි:- කුශලත්‍රිකයෙහි ස්වභාවාදිය අපේක්ෂා නො කොට ජාති වශයෙන් ද, වේදනා ත්‍රිකයෙහි ජාත්‍යාදිය අපේක්‍ෂා නො කොට ස්වභාව වශයෙන් ද යනාදි ක්‍රමයෙන් ඖදාරික සූක්‍ෂ්ම බව කී කල සංකර නො වන බව මෙයින් කීයේ වෙයි.
‘අව්‍යාකෘත වේදනාව ජාති වශයෙන් කුශල-අකුශල වේදනාවට වඩා සියුම් වේ, යනාදි මේ පෙර කී පාඨයෙහි, අව්‍යාකෘත වේදනා කිම? දුඃඛ වේදනා කි? සුඛ වේදනා කිම? නො සමවන්නහු ගේ වේදනා කිම? සමවන්නහුගේ වේදනා කිම? ආශ්‍රව සහිත වේදනා කිම? අනාශ්‍රව වේදනා කිමැ යි මෙසේ ජාතිවශයෙන් සූක්‍ෂ්ම වූ අව්‍යාකෘත වේදනාව පුද්ගල ලෞකික වශයෙන් පරාමර්‍ෂනය නො කට යුතුය. මින් ජාති - පුද්ගල-ස්වභාව ලෞකික වශයෙන් පැවැති සිව් කොටස ඔවුනොවුන් අමිශ්‍රව ගත යුතු යි. මේ ක්‍රමයෙන් මිශ්‍රවීම දුරු වන්නේ ය. අන් පරිද්දකින් නොවේ. සියලු තන්හි මේ ක්‍රමය යැ. අව්‍යාකෘත මුඛයෙන් දැක්වූවක් මෙන්, කුශලා‘කුශල මුඛයෙන් ද, ජාති මුඛයෙන් දැක්වූ සේ ස්වභාවාදි මුඛයෙන් ද, දැක්විය යුතු බව් මේ කී නියායි.)
තවද, “තංතංවාපන වෙදනං උපාදායුපාදාය වෙදනා ඔළාරික සුඛුමා දට්ඨබ්බා”[7] ඒ ඒ වේදනා හේතුවෙන් වේදනාව ඖදාරික - සූක්‍ෂ්ම බව දත යුත්තීය’යි වදාළ හෙයින් අකුශලාදියෙහිද, ලෝභ සහගත වේදනාවට වඩා, දෝස සහගත වේදනාව ඖදාරික - සූක්‍ෂ්ම බව දත යුත්තීය’යි වදාළ හෙයින් අකුශලාදියෙහිද, ලෝභ සහගත වේදනාවට වඩා, දෝස සහගත වේදනාව ඖදාරික යැ. (ගින්න තමා ආශ්‍රය වූ දාරුස්කන්ධාදිය ද දවන්නා සේ ද්වේෂය තමා නිශ්‍රය වූ හෘදය වස්තුව දවන හෙයිනි.) දෝස සහගත වේදනාවට වඩා, ලෝභ සහගත වේදනාව සුඛුමයි. දෝස සහගතයන් අතුරිනුදු ආනන්තරිය භාවයට පැමිණි නියත වේදනාව ඖදාරික යැ. අනියතය සුඛුම යි. නියතයන් අතුරිනුදු කල්පස්ථායි වූවා ඖදාරික යැ. සෙසු වේදනාව සුඛුම යි. කල්පස්ථායි වූවන් අතුරිනුදු අසඞ්ඛාරික වේදනාව ඕළාරික යැ. සසඞ්ඛාරිකය සුඛුම යි.
ලෝභ සහගත වේදනාවන් අතුරිනුදු දෘෂ්ටි සම්ප්‍රයුක්ත වේදනාව ඖදාරික යැ. දෘෂ්ටි විප්‍රයුක්තවූවා සුඛුම යි. ඒ දෘෂ්ටි සම්ප්‍රයුක්ත වේදනා අතුරිනුදු ආනන්තරිය වූවා ඖදාරික යැ. ඉනුදු කල්පස්ථායි වූවා ඖදාරික යැ. ඉනුදු අසඞ්ඛාරික වූවා ඖදාරික යැ. සෙසු ආනන්තරිය නොවූ, කල්පස්ථායි නොවූ, සසඞ්ඛාරිකය සුඛුම යි.
සාමාන්‍යයෙන් බොහෝ විපාක ඇති අකුශලය මහා සාවද්‍ය බැවින් ඖදාරික යැ. ස්වල්ප විපාක ඇත්තේ අල්පසාවද්‍ය බැවින් සුඛුම යි. අල්ප විපාක කුශලය ඖදාරික යැ. බහු විපාක කුශලය සුඛුම යි.
තවද කාමාවචර කුශලය ඖදාරික යැ. රූපාවචර කුශලය සුඛුම යැ. ඉනුදු අරූපාවචර කුශලය සුඛුම යැ. ඉනුදු ලෝකෝත්තර කුශලය සුඛුම යි. කාමාවචරයන් අතුරිනුදු දානමය කුශලය ඖදාරික යැ. ශීලමය කුශලය සුඛුම යැ. භාවනාමය කුශලය ද සුඛුම යි. ඉනුදු දුහේතුකය ඖදාරික යැ. ත්‍රිහේතුකය සුඛුම යි. ත්‍රිහේතුකයෙනුදු සසඞ්ඛාරිකය ඖදාරික යැ. අසඞ්ඛාරිකය සුඛුම යි. රූපාවචරයන් ගෙනුදු ප්‍රථම ධ්‍යානිකය ඖදාරික යැ. -පෙ- පඤ්චමධ්‍යානික වේදනාව සුඛුම යි. අරූපාවචර යෙනුදු ආකාසානඤ්චායතනික වේදනාව ඖදාරික යැ. - පෙ - නෙවසඤ්ඤානාසඤ්ඤායතන සම්ප්‍රයුක්ත වේදනාව සුඛුම යි.
ලෝකෝත්තර වූ, සෝතාපත්ති මග්ග සම්පයුත්ත වේදනාව ඖදාරික යැ. -පෙ- අර්‍හත් මාර්‍ග සම්ප්‍රයුක්ත වූවා සුඛුම යි. ඒ ඒ භූමියෙහි වූ විපාක ක්‍රියා වේදනාවන් ගේ ද, සුඛ-දුඃඛාදි වේදනාවන්ගේ ද, අසමාපන්නාදි වේදනාවන්ගේ ද, සාශ්‍රවාදි වූ වේදනාවන්ගේ ද, වශයෙන් කියන ලද වේදනාවන්ගේ ද, මේ ක්‍රමයමැයි.
අවකාශ වශයෙන් නරකයෙහි වේදනාව ඖදාරික යැ. තිරිසන් අපායෙහි සුඛුම යැ. -පෙ- පරනිර්මිත වශවර්තියෙහි එයට වඩා සුඛුම යි. මෙසේ දුඃඛ වේදනාව මෙන් සුඛ වේදනාව ද එසේ ම සියලු භූමියෙහි සුදුසු පරිදි යෙදිය යුතුයි. චක්‍ෂුරාදි වස්තු වශයෙන් ද, හීන ප්‍රණීත බව දත යුතු ය. ලාමක වස්තුවක් අරමුණුකොට පවත්නා වේදනාව ඖදරික යැ. ප්‍රණිත වස්තුව වේදනාව සුඛුම යි. හීන-ප්‍රණීත භේදයෙහි වනාහි යම් වේදනාවක් ඖදාරික ද, ඒ හීනයැ. යමක් සූක්‍ෂ්ම ද, ඒ ප්‍රණීතය යි දත යුතුයි.
දුර පදයෙහි වනාහි අකුශල වේදනාව, කුශල අව්‍යාකෘත වේදනාවට දුරෙහි යැ. සන්තික පදයෙහි අකුශල වේදනාව, අකුශල වේදනාව හා සමීපවේය යි, යනාදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි[8] බෙදන ලදී.
එහෙයින් අකුශල වේදනාව විසභාග වශයෙන් ද, අසම්මිශ්‍ර බැවින් ද, අසදෘශ බැවින් ද, කුශල-අව්‍යාකෘතයන් කෙරෙන් දුර වේ. එසේ මැ කුශල අව්‍යාකෘතයෝ, අකුශලයන් කෙරෙන් දුරවෙති. සියලු ද්වාරයන්හි ද මේ ක්‍රමය මැයි. අකුශල වේදනාව සභාග වශයෙන් ද, සදෘශ වශයෙන් ද, අකුශල වේදනාවට සමීපවේය යි දතයුතු.
මේ වේදනාස්කන්ධයෙහි අතීතාදි විභාගයෙහි විස්තර කථාවයි.
ඒ ඒ වේදනාදිය හා සම්ප්‍රයුක්ත වූ සංඥාදීන්ගේ ද විභාගය මෙසේම දත යුතුයි. එසේ දැන නැවත ඒ පඤ්චස්කන්ධයෙහි මැ මනාව දැනීම පිණිස (1) ක්‍රම වශයෙන් ද, (2) භේද වශයෙන් ද, (3) අනූනඅනධික වශයෙන් ද, (4) උපමා වශයෙන් ද, (5) දෙපරිද්දෙකින් බැලිය යුතු බැවින් ද, (6) බලන්නහුට අභිමතාර්‍ථ සද්ධි වශයෙන් ද, විනිශ්චය ක්‍රමය දතයුතුයි.
(1) ක්‍රම වශයෙන් :- මෙහි ක්‍රමය වනාහි උත්පත්තික්‍රමය, ප්‍රහාණ ක්‍රමය, ප්‍රතිපත්ති ක්‍රමය, භූමි ක්‍රමය, දේශනාක්‍රම යැයි බොහෝ ආකාරයි. “පඨමංකලලංහොති”[9] ‘ප්‍රථම කොට කලල රූපය වේ.’ යනාදීන් උත්පත්ති ක්‍රමය වේ. ‘දර්‍ශනයෙන් ප්‍රභාතව්‍ය ධර්‍මය, භාවනාවෙන් ප්‍රභාතව්‍ය ධර්‍මය, යනාදීන් ප්‍රහාණ ක්‍රමය ද, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදීන් ප්‍රතිපත්ති ක්‍රමය ද, කාමාවචරය, රූපාවචරය යනාදීන් භූමි ක්‍රමය ද, සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය යනාදීන් හෝ, දාන කථා, ශීල කථා යනාදීන් හෝ, දේශනා ක්‍රමය ද වේ.
විශේෂ :- මොවුනතුරින් මෙහිලා උත්පත්තික්‍රමය නොයෙදේ. කලලාදීන් ගේ මෙන් ස්කන්ධාදීන් ගේ, පෙර පසුවීම වශයෙන් විභාගයක් නො වන හෙයිනි.
ප්‍රහාණ ක්‍රමය ද නො යෙදේ. කුශල-අ්‍යාකෘතයන් ප්‍රභාතව්‍ය නො වන හෙයිනි.
ප්‍රතිපත්ති ක්‍රමය ද නො යෙදේ. අකුශලයන් පිළිපැදිය යුතු නො වන හෙයිනි.
භූමි ක්‍රමය ද, නො යෙදේ. වේදනාදිය සිවු භූමියෙහි මැ යෙදෙන හෙයිනි.
මෙහිලා දේශන ක්‍රමය යෙදේ.
රූපාදීන් විභාග නො කොට රූපාදි පඤ්චස්කන්ධයෙහි ආත්ම දෘෂ්ටි වශයෙන් වරදවා ගත් වෛනෙයජනයා, රූප-නාම-සමූහයෙහි ඒක ඝනවූ ධර්‍ම සමූහය බෙදා දැක්වීමෙන් ආත්ම වශයෙන් ගැනීමෙන් මුදනු කැමති භාග්‍යවතුන් වහන්සේ හිත කැමති වැ, ඒ ඒ ජනයන්ට වටහා ගැනීමේ පහසුව පිණිස, චක්‍ෂුරාදියට ද විෂය වූ ඖදාරික රූපස්කන්ධය පළමු වදාළ සේක.
අනතුරුවැ ඉෂ්ට-අනිෂ්ට රූපාලම්බන රසය අනුභව කරන වේදනාව වදාළ සේක.
විඳින්නා වූ ඒ වේදනා ආකාරය ගැනීමෙන් හැඳිනගත්තාක් වැනි වූ සංඥාව වදාළ සේක.
අනතුරුවැ සංඥා වශයෙන් සකස් කරන්නා වූ සංස්කාර වදාළ සේක.
ඒ වේදනාදීන් ගේ නිශ්‍රය වූ, වේදනාදියට අධිපති වූ විඥානය එයට අනතුරුවැ වදාළ සේක.
මේ ක්‍රම වශයෙන් විනිශ්චය යි.
(2) භේද වශයෙන් :- ස්කන්ධයන්ගේ ද, උපාදාන ස්කන්ධයන්ගේ ද භෙදයෙකි.
ඒ දෙකෙහි වෙනස කිම? පළමුකොට පඤ්චස්කන්ධය අවිශෙෂයෙන් (සාමාන්‍යයෙන්) වදාරන ලදී. උපාදානස්කන්ධයෝ චතුරාශ්‍රවයන් හා, චතුරුපාදානයන්ට අරමුණු වශයෙන් වෙසෙසා වදාරන ලදහ.
“පඤ්චෙව වො භික්ඛවෙ ඛන්‍ධෙ දෙසිස්සාමි. පඤ්චචූ-පාදානකඛන්‍ධෙ, තංසුණාථ -පෙ- කතමෙව භික්ඛවෙ පඤ්චක්ඛන්‍ධා, යංකිඤචි භික්ඛවෙ රූපං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- සන්තිකෙවා, අයංවුච්චති භික්ඛවෙ රූපක්ඛන්‍ධො. යාකාචි වෙදනා -පෙ- යංකිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙවා, අයංවුච්චති භික්ඛවෙ විඤ්ඤාණක්ඛන්‍ධො, ඉමෙවුච්චනති භික්ඛවෙ පඤ්චක්ඛන්‍ධා.”
කතමෙව භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධා, යංකිඤ්චිභික්ඛවෙ රූපං -පෙ- සන්තිකෙවා, සාසවං, උපාදානීය, අයංවුච්චති භික්ඛවෙ රූපුපාදානක්ඛන්‍ධො. යාකාචිවෙදනා -පෙ- යංකිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙවා, සාසවං උපාදානියං අයංවුච්චති භික්ඛවෙ විඤ්ඤාණුපාදානක්ඛන්‍ධො, ඉමෙවුච්චන්ති භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධා’යි[10]
‘මහණෙනි! ස්කන්‍ධ පසක් හා, උපාදානස්කන්‍ධ පසක් දේශනා කරමි. එය මනාව අසවු මහණෙනි! ඒ පඤ්චස්කන්ධ කවරේ ද? අතීත-අනාගත-වර්‍තමාන වූ; ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ; අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ, දුර හෝ ළඟ වූ; යම් රූප කෙනේක වෙද්ද, ඒ එකොළොස් ආකාර වූ සියල්ල විකාර වීම හා විනාශවීම ලක්‍ෂණ කොට ඇති බැවින්, රූපස්කන්ධ යයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඥානයක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධ යයි කියනු ලැබේ. මහණෙනි! මේ පඤ්චස්කන්ධය යි කියනු ලැබේ.
මහණෙනි! පඤ්චාපාදානස්කන්ධය කවරේද? මහණෙනි! (යට කීසේ) එකොළොස් අවස්ථාහි වූ යම් රූපයක් වේ නම්, කාම-භව-දිට්ඨි-අවිජ්ජා යන සතර ආශ්‍රවයන්ට හා, කාම දිට්ඨි සීලබ්බත-අත්තවාද යන සතර උපාදානයන්ට ද අරමුණු වන්නා වූ ඒ රූපය රූපූපාදානක්ඛන්‍ධ නම. යම්කිසි වේදනාවක් යම්කිසි සංඥාවක්-යම්කිසි සංස්කාරයෙක්-යම්කිසි විඥානයෙක් වේ නම්, ආශ්‍රවයනට හා, උපාදානයනට අරමුණු වූ ඒ විඥානය විඥානෝපාදානස්කන්‍ධය යි කියනු ලැබේ. මහණෙනි! මේයැ පඤ්චාපාදානස්කන්ධය.
මේ පෙළෙහි අනාශ්‍රවවූ ම වේදනාදිය ස්කන්‍ධයන්හි ද, සාශ්‍රවවූවාහු ම උපාදානස්කන්‍ධයන්හි ද වදාළහ. රූපය එසේ නො වේ. ඒ වූකලි රාශ්‍යර්‍ථයෙන් ස්කන්‍ධ බව යෙදෙයි. එහෙයින් ස්කන්‍ධයන්හි වදාළහ. යම්හෙයකින් රාශ්‍යර්‍ථයෙන් ද, සාශ්‍රවාර්‍ථයෙන් ද, උපාදානස්කන්‍ධ භාවය යෙදේ ද, එහෙයින් උපාදානස්කන්ධ විෂයයෙහි වදාළහ. අනාශ්‍රව වූ වේදනාදිය ස්කන්ධයන්හි වදාළහ. සාශ්‍රවයන් උපාදානස්කන්‍ධයන්හි වදාළහ. තවද මෙහි උපාදානයන්ට ගෝචර වූ ස්කන්ධ, උපාදාන ස්කන්‍ධයැ යි මෙසේ මේ අර්‍ථ දතයුතු.
මේ විශුද්ධමාර්‍ගයෙහි මේ සියලු ස්කන්‍ධ - උපාදානස්කන්‍ධ එක්කොට ස්කන්ධය යි කියන ලදි. (පඤ්චුපාදානස්කන්‍ධය යි මෙහි වෙනම නොදැක්වේ.)
(3) අඩුවැඩි නොවීම් වශයෙන්, බුදුහු අඩු වැඩි නොව ස්කන්ධ පසක් ම වදාළේ කවර හෙයින් ද? සියලු සඞ්ඛත ධර්‍මයන් (කර්‍මාදි ප්‍රත්‍යයෙන් සකස්වන ධර්‍ම) සදෘශ වශයෙන් එක එක කොටසෙහි සංග්‍රහ කිරීම් වශයෙනි. ආත්ම වශයෙන් හා ආත්මීය (ආත්මය පිළිබඳ) වශයෙන් ගන්නා ලද වස්තූන් මෙතෙක් වන හෙයිනි. අන්‍ය වූ ද ශීලස්කන්‍ධාදිය ද මෙයට ම ඇතුළත් වේ.
විස්තර :- නොයෙක් ප්‍රභේදවත් වූ සඞ්ඛත ධර්‍මයන් සභාග වශයෙන් සංග්‍රහ කරන ලද විකාරවීම, සියලු රූපයන් ගේ එකම (සාමාන්‍ය) ලක්‍ෂණය වශයෙන් ගෙන රූපය එකවට සංග්‍රහ කිරීම් වශයෙන් ඒකස්කන්ධයෙක් (එක් ගොඩෙක්) වේ.
අරමුණු රස විඳීම් වශයෙන් සාධාරණ ලක්‍ෂණය ගෙන වේදනාව ද, සභාග සංග්‍රහ වශයෙන් එකස්කන්ධයෙක් වේ. සංඥාදියේ ද, ස්කන්ධභාවය මෙසේ මැයි. එහෙයින් ලක්‍ෂණ වශයෙන් සදෘශ හෙයින් සියලු සඞ්ඛත ධර්‍මයන් සභාග ධර්‍ම වශයෙන් සංග්‍රහ කොට පඤ්චස්කන්‍ධයක් ම කියන ලදී. ආත්ම-ආත්මීය වශයෙන් ගන්නා වස්තූහු, රූපාදි මේ පඤ්චස්කන්‍ධයට ඇතුළත් වෙත්. මින් පිටත් කිසිවක් නැති.
විශේෂ :- මෙහිලා කුශලාකුශල ධර්‍මයන් සංස්කාරණය කිරීම හා උත්සාහවත් කිරීම කෘත්‍යය කොට ඇති හෙයින් චේතනාව ම සංස්කාරස්කන්ධය’යි මුඛ්‍යත්‍වයෙන් අභිප්‍රේත යැ. ඵස්සාදිය ද ඵුසනාදි ලක්‍ෂණයෙන්, කුශලාකුශල ධර්‍මයන් සකස් කිරීමට උපකාර වන හෙයින් එයට (සංස්කාරස්කන්‍ධයට) ම ඇතුළත් වේ.
ප්‍රශ්නයෙකි :- එසේ වන්නා කුමක් හෙයින් වේදනා සංඥා දෙක වෙන මැ ස්කන්ධ දෙකක් සේ වදාරන ලද්දේ ද?
(වේදනාදි ස්වභාවයෙන් සංස්කාර ලක්‍ෂණයන් ගෙන සංස්කාර ස්කන්‍ධයෙහි ම කවර හෙයින් ඇතුළත් නො කෙළේ ද)
පිළිතුර :- වේදනා - සංඥා චෛතසිකයෝ සංස්කාර වූවාහු ද, ආත්ම-දෘෂ්ටි ආදීන් ගැනීමට වස්තුන් වන හෙයිනි.
එයින් වදාළහ :- “රූපෙ ඛොපන භික්ඛවෙ සති රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උපපජ්ජති. එතං මම එසොහමස්මි එසා මෙ අත්තාති. වෙදනාය-සඤ්ඤාය-සංඛාරෙසු විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති. එතං මම එසොහමස්මි එසො මෙ අත්තාති”[11]
“මහණෙනි! රූපය ඇතිකල, රූපය නිසා, රූපය වරදවා ගැනීමෙන් ‘මේ රූපය මාගේ යැ’ ‘මේ රූපය මම වෙමි’ මේ රූපය මාගේ ආත්මය වේ’ (රූපයෙහි ආත්මය වේ) යයි විපරිත දෘෂ්ටි උපදී. වේදනා-සංඥා, සංස්කාර-විඥාන යන මොවුන් ඇති කල්හි මොවුන් නිසා, මොවුන් වරදවා ගැනීමෙන් මේ වේදනා සංඥා- සංස්කාර විඥාන ‘මා සතු යැ - මම වෙමි - මාගේ ආත්මය වේය’යි වේදනාදියෙහි ආත්මය යන විපරීත දෘෂ්ටිය උපදී.”