‘මනෝමය’ කායයක් මවනු කැමැත්තේ පෙර කී සේ පාදකධ්‍යානයෙන් නැගී පළමුව තමා කාය ආවර්‍ජනා කොට යට කී සේ ‘සිදුරක් වේවා’ යි ඉටිය යුතු. එකල සිදුරක් වේ. නැවත සිදුර ඇතුළත අනෙක් කයක් ආවර්‍ජනා කොට පෙර කී සේ මැ ඒ සිදුර ඇතුළෙහි එබඳු ‘කයක් වේවා’ යි ඉටයි. ඒ යෝගී තෙමේ මුදු තණ ගසින් ඇද ගන්නා ගොබයක් මෙන් ද, කොපුවකින් ඇද ගන්නා කඩුවක් මෙන් ද, සැවයකින් පිටත නික්මෙන නයෙකු මෙන් ද, ඒ අනෙක් කය ඇද ගනී. එහෙයින් කියන ලදී.
“ඉධභික්ඛු ඉම්හාකායා අඤ්ඤංකායං අබිනිම්මිණාති රූපිංමනොමයං සබ්බඞ්ග පච්චඞ්ඟිං අහිනින්‍ද්‍රියං. සෙය්‍යථාපි පුරිසො මුඤ්ජමහා ඊසිකංපවාහෙය්‍ය, තස්සඑවමස්ස, අයංමුඤ්ජො අයංඊසිකා අඤ්ඤොමුඤ්ජො අඤ්ඤාඊසිකා මුඤ්ජමහාඑව ඊසිකා පවාළ්හාති.”[1]
‘මේ ශාසනයෙහි ඒ ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ කයින් සියලු අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇති, පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති, රූපවත් වූ සිතින් නිර්මාණය කරන ලද අනෙක් කයක් මවා දක්වයි. යම්කිසිවකු මුඤ්ජතෘණයෙන් ගොබයක් ඇදගන්නා මෙනි. ඕහට ‘මේ මුඤ්ජතෘණයැ, මේ ගොබ යැ මුඤ්ජතෘණය අනෙකෙක, ගොබය අනෙකක. ‘මුඤ්ජතෘණයෙන් මැ ගොබය ඇදගන්නා ලද්දේ ය’යි මෙබඳු අදහසක් වේ” මේද එසේ මැයි.
මෙසේ මනෝමය රූපය, සෘද්ධිමත් හු හා සදෘශ මැ වේය යි, දක්වනු සඳහා මේ උපමා කියන ලදී.
මේයැ මනොමය සෘද්ධි නම්.
මෙතෙකින් හුදීජන ප්‍රමෝදය සඳහා කළ
විශුද්ධි මාර්‍ගයෙහි ඉද්‍ධිවිධ නිර්‍දෙශ නම්
දොළොස්වන පරිච්ඡේද යි. සමාප්තයි.
-
පටි:ම: ඉද්ධිකථා 389 බුරුම ↑